ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 20 May 2011
මැරෙන එකත් පණ යන වැඩක්! කතන්දරකාරයා ගේ සෑබෑ අත්දැකීමක් ඇසුරෙනි - Near death experience of Kathandarakaraya
කලින් දෙපාරක්ම, මුලින් ඉඟියෙන්, පස්සෙ කවියෙන් ලියල පලකළත් මං මෙච්චරක් කල් ගෙඩි පිටින් විස්තර එක්ක කෙලින්ම නොලියපු කතාවක් අද ලියල දාන්න හිතුණා. එහෙම මට හිතුනේ දිලුම් හෙවත් ඉලංදාරියා ගේ මරණය ගැන අභීත ගේ බ්ලොග් එකෙන් කියෝපු වෙලාවෙයි.
නිරෝගීකම කියන එක නිකං පිරිසිදු වාතය වගේ දෙයක්. අපිරිසිදු වාතය නහයට දැනෙන කොට තමයි තේරෙන්නේ පිරිසිදු වාතයේ වැදගත්කම. ඒ වගේම, අසනීප වෙනකං අපිට තේරෙන්නේ නෑ නිරෝගීකමේ තිබුණු වැදගත්කම!
මාත් හිතං හිටියේ මං හොඳ සනීපෙන් ඉන්නව කියලයි. නමුත් අන්තිමේදී කපල දැම්ම වගේ ඇදගෙන වැටෙන තුරුම දන්නේ නෑ.
එදා මං පුතාව ඉස්කෝලෙ දාන්න ගියේ උදේටත් නොකා බඩගින්නේ. කාර් එක නැවැත්තුවට බහින්න හිතුනේ නෑ. බැස්සට ඇවිදින්න හිතුනේ නෑ. ඇවිද්දට, ඒ ඇවිද්දේත් මහා අමාරුවෙන්.
බැරිම තැන ඉස්කෝලේ මිදුලේ තිබුණු පොඩි බංකුවක වාඩි වුණා. එතකොටම බෙල් එක ගහනවා ඇහුණා. මේ පුතා ඉස්කෝලේ යන දෙවෙනි සතිය. කොල්ල බෙල් එක ඇහිල බය වුණා, "යං, යං!" කියල මගේ අතින් ඇද්දා.
මට නැගිටලා ඇවිදගෙන පුළුවන් වුනේ අඩි දෙක තුනයි. මං දැක්කා මගේ කකුල් යටින් තියෙන තණකොල පදාසය නිකං මොසැයික් කොටු කොටු වේගෙන යනවා. කපල දැම්ම වගේ වැටුනේ ඊලඟටයි.
හැබැයි මාව ඉස්පිරිතාලේට අරං ගිය ගමන මං ගියේ හොඳ සිහියෙන්. යන ගමන් හාමිනේට කෝල් කළා මගේ මොබයිල් එකෙන්.
හාමිනේ මාව බලන්න දුවගෙන එනවා මට මතකයි. වැටිච්ච වෙලේ නහයෙන් ලේ ආපු නිසා, ස්කෑන් එකක් කරන්න ෆෝම් අත්සන් කරනවාත් මට මතකයි.
ඊ ලඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.
"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්සේෂනල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.
නර්ස් නෝනට ඒක ඇහුනේ නැද්ද, ගනං ගත්තේ නැද්ද අනේ මන්දා.
හැමෝම බලං ඉන්නේ ඇඳ උඩින් පැත්තක හයි කරල තියෙන ඊ.සී.ජී. මොනිටර් එක දිහා. මාත් ඒක දිහා තමයි බලං ඉන්නේ.
පොඩ්ඩක් ඉන්න. මං කොහොමද ඒ මොනිටර් එක දිහා මේ විදියට බලං ඉන්නේ. එතකොට අර ඇඳේ දිගාවෙලා ඉන්නේ මං නේද? ඒ මං නං, එතකොට කොහෙමද මට මාව ම පේන්නේ?
හාට් එක නැවතෙනවා කියන්නේ මගේ කාලේ හරිද? මට යන්න වෙලාද?
නෑහ්, දැන්ම යන්න බෑ!
දැන්ම ගිහිල්ලා කොහොමද? පොඩි කාලේ ඉඳලා කවි ලිව්වට, තාම බැරිවුණා පොතක් අච්චු ගහන්න. දැම්ම ගිහින් කොහොමද ඒක කරන්නේ?
ඊටත් වඩා, මං දැම්ම යන්න ගියොත් තාම අවුරුදු පහක්වත් නැති පුතා ලොකු වෙනකොට ඌට තාත්ත කෙනෙක් නෑ නේද? මාව කොල්ලගේ මතකයේවත් තියෙන එකක් නෑ.
නෑහ්, දැන්ම යන්න බෑ!
ඔන්න මං යනවා හෙලිකොප්ටරයක. මාව වෙන ඉස්පිරිතාලෙකටවත් අරං යනවද මන්දා?
හෙලිකොප්ටරේ දොර ඇරුණා. දොරෙන් එහා පැත්ත පුදුමාකාර එළියයි. ඉර දෙකක්, තුනක් පායලා වගේ.
"යන්න, පුතා යන්න". හෙලිකොප්ටරේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් මට කියනවා. මට පොරව දැකල පුරුදුයි වගේ. මේ අර මාව ඉස්කෝලේ ලඟ ඉඳලා ඉස්පිරිතාලෙට ගෙනාව මනුස්සයා නේද? එකම වෙනස මෙයා ගේ උඩුරුවුලයි, එළු රුවුලයි දෙකම සුදුම සුදුයි!
මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස්සරහට. කිසිම දෙයක් පේන්නේ නැති තරමට ආලෝකය හැම තැනම.
මං දොරක් ඇරගෙන ඇතුලත ගියා. නර්ස් කෙනෙක් වාඩිවෙලා ඉන්නව. මොනවද කෙරෙන්න ඕනෑ? එයා මගෙන් අහනව.
"ඉස්සෙල්ලාම මට ඉඳගන්න පුටුවක් දෙන්න!"
-කතන්දරකාරයා
ප/ලි:
දිලුම් යන්න ගියා තමයි. ඒත් ඒ ගියේ ලෝකේ ගැන ඇති කරගත්තු හොඳ සිතුවිලි එක්ක. ආයෙ දිලුම්ට මේ වගේ නරකක් නපුරක් වෙන්නේ නෑ.
ප/ප/ලි
මතකනේ කුමුදු පින්තු යන්න ගියා. ඒ ආරංචිය දැකල තමයි මං "ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා!" කියන පෝස්ට් එක දැම්මේ.
අපි කාටත් යන්න වෙනවා දවස ආපුහාම. ඒක අමතක කරන්න එපා. කෝකටත් එක්ක මං මාසෙකට හරියන්න කතන්දර ලියල ඔටෝ පබ්ලිෂ් වෙන්න සෙට් කරලයි තියෙන්නෙ දැන් සතියක විතර ඉඳලා.
ඒත් බයවෙන්න එපා. දැම්ම යන්න නං මගේ අදහසක් නෑ. මොකද දැන් වෙන්ට කතන්දර 100 ලයිස්තුව එකසිය පනහත් පන්නලා.
යන්න චාන්ස් එකක් ආවත් හිතෙයි, "නෑහ්, යන්න බෑ! ගියොත් කොහොමද අර ප්ලෑන් කරපු කතන්දර එකසිය පනහ ලියල පලකරන්නේ?" කියලා.
Subscribe to:
Post Comments (Atom)
මේ ගැන මේ දක්වා දැක්ක හොඳම ලිපිය
ReplyDeleteඔයාගේ ඔය කතාවේ විදියට දිලුම් එහෙම නම් අර ආලෝකෙන් පිරුනු තැනට ගිහින් ඇති.
ReplyDeleteඅපොයි තව දහස් ගනනක් කතා කියන්ට අපිත් එක්ක ඉන්ට කතන්දර.....
ඒක ඇත්ත.
ReplyDeleteනියමයිනේ අයියේ... ඔයාට තියෙන්නේ මාර අත්දැකීම්නේ.
ReplyDeleteහොද අත්දැකීමත් ඔබ වැනි අයට මෙවැනි අත්දැකීම ලැබීමෙන් අපිට මේ විෂය ගැන ඇත්ත තොරතුරු ලබාගත හැකියි. කොහොම වෙතත් ඔබ මේ ගැන අපිට කියපු එක ඉතා වටිනවා.
ReplyDeleteස්තුතියි.
දිලුම්ට නිවන් පතනවා ඔබත් සමඟම.
පිස්සුද දැම්ම යන්න හිතන්නවත් එපා..
ReplyDeleteවිවාහ වෙලා ළමයි ඉන්නකොට නිදහසේ පාර පනින්නත් බයයි. මේ වගේ අකල් මරණ තවත් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා මිසක් වෙන මොනවා කරන්නද . හදවත කියන පුංචි මැෂිම නතර වුන මොහොතට සේරම ඉවරයි.
ReplyDeleteඉන්න ටිකේ ඉඳිමු ක.කා. ජොලිය දමාලා!"
ReplyDeleteAdios, Amigo! ඔබට සුභ රාත්‍රියක්!
Deleteඅපිට යන්න දවස ආවම යන්නම වෙනවා. ඒ දවසේ හිත හදන් යන්න පුළුවන් වෙන්නේ කරන කියන දේ අනුව තමා. ඔව් දිලුම් ඒ ආලෝකමත් තැනට යන්න ඇති.
ReplyDeleteකතන්දරට මම එදා කීවා වගේම අදත් කියන්නේ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැජඹෙන්න ලැබේවා කියායි..
අපේ තාත්තා හිතන්නෙ මේවා ඔය වගේ කතා අහල අහල මැවෙන දේවල් කියල
ReplyDeleteඔහෙත් මාර බඩුවක්නේ.. නවතින්නෙ නැතුව ආපු එකනම් ඉතා හොඳා, අපිවගේ එකෙක් ගියානම් නවතිනවමයි, මොකද අර සුරංගනාවියො බලන්න. අර නර්ස් මම හිතන්නේ එයින් කෙනෙක්. ඔහේ එයාට රැවටුනේ නැති උනාට අපිනම් ෂුවර් නවතිනව..
ReplyDeleteඉලංදාරියගෙ නික්ම යාම ගැන එළම ලිපියයි මේ..... මම හිතන්නෙ මාරය මේ කාරනයෙදි.. මාර පරාජය ලැබූ වගයි.. මෙන්න මම මාරයට දාපු කොමෙන්ට් එක..
උඹ නරුමයෙක් නෙමේ. සමාජයට ඕන ක්‍රමයට නොව උඹට ඕන ක්‍රමයට ජීවත් වෙයන්. ලබන ආත්මයක් ගැන මම නම් විශ්වාස කොරන්නෙ නැති ඔවැනි සිද්දි වලදි පොඩි ගැස්මක් ඇති උනත් දරාගන්න බැරි දුකක් ඇතිවන්නේ නෑ. තව තවත් ජීවිතේ අවබෝධ කර ගනින්, එතකොට නොසැලෙන මනසින් ඉන්න පුලුවන්. මම ඕමාර් කයියාම් ගේ දර්ශනය 100 ගානට ඇදහුවත්. මමත් සංවේදී පුදිගලයෙක්. අන්තිම හරියෙදි මට තේරෙන්නෙ දුකට වැඩියෙ, අනුන් උඹ ගැන මොකක් හිතයිද කියන බය.. ඒකට බේත තමා. තන් හිසට තම අතමය සෙවනැල්ල.. හෙහ් හෙහ් සැර වැඩිද මංදා. දෙහි ටිකක් දාලා ගනින් කොලුවො....
ඉන්න ටිකේ ඉඳිමු ක.කා. ජොලිය දමාලා!
ReplyDeleteඅමාරුවෙන් හරි ඉගෙන ගන්න ඔනා දෙයක් ....
පොඩි උන්ටත් උගන්වන්න ඔනා....
එලොව ගිහින් මෙලොව ඇවිත්..
ReplyDeleteහැබෑට ඔයාට හැදුන ලෙඩේ මොකක්ද..එකපාරට..
අර පෝසත් අයට හැදෙන ලෙඩ වලින් එකක්ද??
pressure, sugar, cholesterol???
කසු, මම ඉතාමත් ලඟින් ඇසුරු කරපු අයියා කෙනෙකුත් ඔය විදිහටම මරණාසන්න අත්දැකීමක් ලැබුවා. ඒක ගොඩක් දිග කතන්දරයක් සහ පෙර කරනා ලද කර්මයන් ඇස් පනාපිටම ක්‍රියාත්මක වෙච්ච සිද්ධියක්. ඒ කතාව මම මගේ බ්ලොග් එකේ දාන්නෙ නෑ කියලා හිතාගෙන හිටියත් ඒ කතාවත් කට්ටියට කියලා දැම්මොතින් හොඳයි කියලා මට හිතෙනවා.
ReplyDeleteමම හරි දුකා හරි ඒ කතාව අපි දෙන්නාගේ බ්ලොග් දෙකෙන් එකක දමාවි. මට හිතෙන්නෙ ඒ කතාව වඩාත් ගැලපෙන්නෙ දුකාගේ බ්ලොග් එකට කියලයි.....!
'මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස්සරහට. කිසිම දෙයක් පේන්නේ නැති තරමට ආලෝකය හැම තැනම.
ReplyDeleteමං දොරක් ඇරගෙන ඇතුලත ගියා. නර්ස් කෙනෙක් වාඩිවෙලා ඉන්නව. මොනවද කෙරෙන්න ඕනෑ? එයා මගෙන් අහනව.'
ඉතින් ඒ කියාගෙන ආපු කතාව ඔයා ඉවර කරල නෑනෙ.
චිරාත් කලයක් ඉන්න වාසනාව, නිරෝගි කම ලැබේවා!
ReplyDeleteලියල මදිවට , තව පින්තුරත් දාලා. මම නම් මේ පෝස්ට් එකට කැමති නැහැ.
ReplyDeleteමිනිස්සු උඵදිනව , මැරෙනවා , ඒක ඇත්ත තමයි. ඒත් අකාලයේ මියැදීම තරම් ශෝකජනක දෙයක් නැහැ.
මම නම් ප්‍රාර්ථනා කරන්නේ, මම මේ දැන් මැරුණත් , මම ආදරය කරන අය මට පේන්න අකාලයේ මියැදෙන්න එපා කියලයි....
ඉලන්දාරියා මැරිලා නැහැ.... අන්තරාජාලයේ හැම තැනම ඉලංදාරිය තාමත් ඉන්නව....
දිලුම් දිසානායක මහත්මයා සමග මා කෙලින්ම සාකච්ඡා කොට නැත. නමුත් කුමුදු ලාල් සින්තු මහත්මයා සමග මම බ්ලොග් එකේ ලියන දේට වඩා අදහස් හුවමාරු කොට ඇත්තෙමි. කුමුදු මහත්මයාට මරණය පිලිබඳ හෝඩුවාවක් මට හිතෙන අන්දමට දැනුනා විය හැක (කියවන්න http://sgunatunga.blogspot.com/2010/07/blog-post_29.html)මගේ අදහසේ හැටියට මරණය යනු මහ විශාල දෙයක් නොවේ. කොටස් වශයෙන්, ඒ අතර සුලු විරාමයක් සහිතව, ධාරාවක් මෙන් පෙනෙන විඤ්ඤානය කොටස් පහකින් නැවතී ඉතිරි කොටස් දෙක සහ ඉන් පසුව එන කොටස් වෙන තැනක ලැගුම් ගැනීමයි. බෞද්ධ නිගනමයේ හැටියට නිවන් දකින තෙක් මෙය අඛන්ඩව සිදු වෙයි. සියල්ල් සිදු වන්නේ තම්න්ගේ කුසල් අකුසල් වල හැටියටයි.
ReplyDeleteකවදා හරි දවසක මේ සේරම දාලා යන්න වෙන බව හිතේ තියාගෙන දුක් වෙන්නේ බය වෙන්නේ නැතුව අර කීවත් වගේ ජොලියෙන් හිටියනම් හරි ..
ReplyDeleteමම නම් මලොත් මැරෙන්නේ අලියෙක් ගහලා ! අද නූලෙන් බේරුනා
මටත් මේ වගේ ආසන්න මරණාසන්න අත්දැකීඑමක් තියෙනවා. හැබැයි ඒ අත්දැකීමෙ සම්පූර්ණ විස්තරේ දැනට අතිශයින්ම පෞද්ගලිකයි.
ReplyDeleteඅහ් අන්තිමටික දාල නැත්තේ එතකොට සිහිය එන්න ඇති............... පට්ට සිද්දිය නොවෑ.................. පරිස්සමින් ඉන්න හොදේ අපිට තව කටා ගොඩාක් අහන්න ඕනේ....... දිර්ගායුෂ........!!!
ReplyDeleteහිතන තරම් ලේසියෙන් මැරැණට පස්සෙ හොද තැන්වල යන්න බෑ...මැරෙන හුගක් අය පෙරේතයො වෙනවා..මල යක්කු වෙනවා....කව්රැ හරි කෙනෙක් සිල් පද කඩනවායම් එයා එලි මැදින් යන්නෙ අදුරට තමයි....
ReplyDeleteවෙලාවට කතන්දර අයියාව ආපහු එවලා තියෙන්නේ.නැත්නම් අපි කතන්දර කියවලත් හමාරයි.ඒ වගේම දිලුම් සොහොයුරාට මතු ආත්ම බවයේදිවත් මෙවන් අකල් මරනයකට පත්නොවේවායි ප්‍රාර්ථනා කරමි.
ReplyDeleteඒක නං අැත්ත. මරෙන්න වෙලාව ආවම අපි යන්න ඕන..........
ReplyDeleteසංසාරේ මහත්තයෝ මේක කොයි කාලෙදෑ වුනේ..???
ReplyDeleteමරණය ගැන සිතා ජීවත් වීම නම් හොඳය...
ඒත් මේ වාගේ කරන්ට බැරි වුණු දේ මතක් කර කර දාන්ට එපා අප්පා... විසේසයෙන් අර පුතා ගැන ලියාපු එව්වා වාගේ...
@ All
ReplyDeleteසියළු දෙනාටම
මේ පොස්ට් එකේ ටයිටල් එකේ තියෙනවා වගේ මේ මගේ අත් දැකීමක් ඇසුරෙන් ලියූ කතන්දරයක්.
ආපහු සිහිය එනකොට මං හිතන් හිටියේ මං ඉන්නේ වෙන හොස්පිටල් එකක කියලායි. මේ දේවල් මගේ හිතේ ඇතුලේ මැවුණු දේවල් තමයි. ඇත්තටම මාව හෙලිකොප්ටර් එකක ගෙනිච්චේ නෑ කවුරුවත්.
මේ සිද්දිය වෙලා ඇන් අවුරුදු පහක් වෙනවා.
මං අන්තිමට කියල තියෙනව වගේ ලියන්නට කතන්දර 150+ තියෙද්දී දැන්ම යන්න අදහසක් නෑ.
හෙට සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රා.
ලොල්ය.. මිනිස්සු ඉපදෙනකොටම අරන් එන්නෙ ඔක තමා.. ඔයා මැරෙන්ඩ.. මංනෙ කියන්නෙ.. හැබැයි අර රත්ත මැරුන වගේ.. :P
ReplyDeleteමලාට පස්සෙත් නර්ස්ල මුනගැහෙනවද. මට නං බෑ මැරෙන්න. ඇයි වදේ ගෙදර ඉන්න එක මදිවටද?
ReplyDelete+++
Deleteහැබෑට අගෙයි.. මැරෙන මොහොතේ හැම හිතක්ම එක විදියට යනවා රහතුන්ගේ ඇර..
ReplyDelete