Followers

Wednesday, July 28, 2010

ඉන්න ටිකේ ඉඳිමු සුදෝ


මරණය තණ අග පිණි බිදු වැන්නේ කියල කියන එකේ අර්ථය හොඳට ඇඟට කාවදින්නේ කවුරු හරි ටිකක්වත් දන්න කෙනෙකු ගේ මරණය ඇහුණු වෙලාවටයි.

උපදේශණාත්මක බ්ලොග් එකක් කරපු කුමුදු මිය ගිහින්.

මේ ආරංචිය දැකපු මොහොතේම මං අද පල කරන්න ගිය කතන්දරය පොඩ්ඩක් පැත්තකට දාල වෙන දෙයක් කරන්න හිතුව.

මාත් වතාවක් මැරෙන්න ගිය මිනිහෙක්. දිව්‍යලෝකෙ ලඟටම ගිහින් තමයි ආපහු හැරිල ආවේ.

ඒ කතන්දරේ මෙහෙම කියන්න බෑ. හැබැයි මං පොඩ්ඩක් ඉඟි කළා කලින් දවසක මේ ගැන.

ඒ සේරටම හරියන්න මෙන්න ඒ ගැන ලියපු කවි පන්තියක්.

කවි ටික තේරෙන්නේ නැති නං මට කියන්න. පස්සෙ දවසක ගද්‍යයෙන් ලියන්නම්.

දවස තාමත් තරුණයි
=============
කපා දැමූ රඹ කඳ මෙන් වැටුනි ඇද
දපා එලෙස සිටියෙමි තණ පිටිය මැද
සැපා කියා දිය කෙළි විඳි කටක රද
තොපා දුන් ඔවා මට මිත අකැප විද

බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
හඬවා සයිරනය ඉගිළුනි ගිලන් රතේ
කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

නහර තුල බැඳුණු කාරම් බලය දිදී
නතර කළා හදවත ගත සිසිල සැදී
වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

සිව් සාලිස් වසක ගතවෙන දිවි මගෙහී
ලිව් කවි මිසක කළ පොතකුදු නැති සඳෙහී
පව්! පුතු සිතෙන් යයි පිය මතකය ගිලිහී
එව් සිතුවිලි රැසින් ඇතිවිය දිරි සිතෙහී

එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
සන් කර මරු යවා ආපසු එලොව වෙත
සන් සුන් ගත තුලට යලි වැද ගතිමි මිත

වැතිර ඇඳක දැඩි සැලකුම් ඒකකයේ
වයර ලා අතේ නාසයෙ ගෙලේ ලයේ
නිතර සිහින මැද ඔසු බල දරා කයේ
සසර කළ පවද ඒ ලෙස ගෙවී ගියේ


කුමුදු පින්තු ට දුකින් තොර සදාකාලික සැනසුම ලැබේවායි පතමු.

-කතන්දරකාරයා

18 අදහස්:

  1. කලයුතු වැඩ නම් කිසිදා අවසාන නොවනු ඇත...රොබට් ෆ්‍රොස්ට්ගෙ කවියක තියෙන්නෙ "රකින්නට ඇති පොරොන්දු නම් රැසකි, නින්දට පෙර යායුතු දුර බොහෝය"......ඒත් යායුතු මොහොත ගැන තීරණය කා අතේද?..

    ReplyDelete
  2. අපෙ අප්පේ.. මොකො උනේ..?

    ReplyDelete
  3. පෙර වූ හදිය යළි යළි සිත සිහිකරලා
    හිදුනු මැනවි නිරෝගි පේවත් කරලා
    හරවා යැවූ මාරකුමරු කැරකීලා
    යළි පහු දිනක එනු ඇත නුඹ මා සොයලා

    ෴ තෙරුවන් සරණින් පරිස්සමින් ඉන්න ෴

    ReplyDelete
  4. මැක්සා කවි පෙල... මුල මැද අග එලිසමයත් එක්ක.... ශා... නියමමමයි....

    කතන්දරට හාට් ඇටෑක් එකක්ද ආවේ? ගෙස් එක වැරදි නම් සමාවෙන්න

    ReplyDelete
  5. මනෝකාය ගැනත් පොඩි අත්දැකීමක් තියෙනවා වගේ කසූට

    ReplyDelete
  6. Taboo SubjectsJul 27, 2010 08:49 PM

    මරණය ගැනත් කිවහැකි කතන්දර බොහෝමැයි. කාලයක් ඡායාරූප ශිල්පී මිතුරකුත් මමත් උත්සාහයක් කළා Funerals in Sri Lanka කියලා සංචාරකයින්, විදේශිකයින් ඉලක්ක කරගත් පින්තූර පොතක් කරන්න. බලන්න, ලංකාවේ වනදිවිය, පන්සල්, දර්ශනීය ස්ථාන ආදිය දැක්වෙන පින්තූර පොත් ඕනෑතරම්. ඒත් අපේ රටේ ඉතාම කලාත්මක ඡායාරූප ලබා ගත හැකි අවමංගල්‍යොත්සව ගැන කවුරුත් පොතක් කරලා නැහැනෙ. පින්තූර ගන්නත් ලේසියි. මඟුලකදි වගේ කවුරුත් එපා කියන්නේ නැහැ මළ ගෙයකදි පින්තූර ගන්න. ඒත් මේ වැඩේ නම් කෙරුණෙ නැහැ. කවුරුහරි ඡායාරූප ශිල්පියකු කැමති නම් කියන්න. මේ වැඩේට මුදල් ටිකක් යොදවන්න තාමත් මගේ හිතේ තියෙනවා.

    - Taboo

    ReplyDelete
  7. මොනවා කියන්නද මන්දා, මනෝකායෙ අත්දැකීමකුත් ලැබුවලු එහෙනම් නේ? මනුස්ස ආත්මයක් ලැබෙන්නෙ කලාතුරකින් කියනවානේ,,, වෙලාව එනකම් පිං කරගන්නයි තියෙන්නෙ,
    තෙරුවණ් බලෙන් ඔබට දීර්ඝායුශ ලැබේවා !!!!!

    ReplyDelete
  8. ඔය උඩ ඉඳන් බලන් හිටියා නේද? කොච්චර විතර උඩ ගියාද හැබෑට... දිවිය ලෝකේ ලඟටම ගියාද?

    ReplyDelete
  9. මන්ද ඔතන හැංගී උඹ කරන්නෙ
    අන්දකාර සලු පොරවා වැනෙන්නෙ
    නින්ද නැතුව මම පැදුරෙ දපන්නෙ
    නින්ද සදා කාලික කොට දියන්නෙ

    මරණය , මහගම සෙකර කේ ජයතිලක සමග, ව්‍යංගා.

    මහගම සේකර මරණය දැක්කෙ එහෙමයි. කතන්දරකාරයාගෙ කවිපන්තියෙ එතනින් ගත්තු ආභාෂයක් තියනවා. මම එහෙම උත්සහයක් කරා එතනදි මට එක කරන්න බැරි වුණා. ඔබට ජය. මෙය කියවන විටදි ඔබගෙ සාර්ථක බව දැනෙනවා.

    ReplyDelete
  10. කපා දැමූ රඹ කඳ මෙන් වැටුනු දිනේ
    වෙලාවටයි බේරුනෙ අපෙ කතන්දරේ
    නැත්නම් සක්දෙවිදු තවුතිසා ලොවේ
    එන්නට වනු ඇත අතහැර දමා එහේ

    කතන්දරට එහෙම වෙන්නෙ නෑ .... මොකද මෙයා හැමදාම සමහන් බොනවනේ ...... ; )

    ReplyDelete
  11. කතන්දර අයියේ,,,,,,,,,,,,,,, මෙන්න මකරා මූණු පොතෙන් මඩ ගහනෝ,,,,,,,,,,,,,

    ReplyDelete
  12. නිදුක් නිරෝගී සුව පතමි. ඇත්තට අසනීපයක්ද? අනතුරක්ද? කමක් නෑ දැන් හොඳයිනේ

    ReplyDelete
  13. ඇති බව කියා තව කරනට වැඩ රාසී..
    පැන්නා කතන්දර මරු තුරුළෙන් ඛෙරී..

    හැමදාම හරියන්නේ නැහැ රජෝ ආයෙමත් මම වෙලාවක එනවා...

    ReplyDelete
  14. පණ නම් තණ අග පිණි බිදු වැන්නේ

    ReplyDelete
  15. සියළු දෙනාටම ස්තුතියි.
    මල් වඩම් අනවශ්‍යයි.
    මගේ මල ගෙදර ෆෝටෝ ඇල්ලීමට ටැබූ ට බාර දෙමි.

    ReplyDelete
  16. Dear Kathandara,
    But this is the best I have seen from you. Obviously you have written about the most crticial experience you have had in your life. Once in a while I read your kathandara. Keep it up.
    Ranjith

    ReplyDelete
  17. මට තාම මතකයි......

    යහගුන සපිරි ඔබ වැනි මිතුතන් සොඳවා
    තිස් තුන් කෝටියක් දෙවිඳුන් රැක දෙනවා

    rupika

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).