Saturday 29 October 2011

දැන්වීමයි-දිග ඒවා කෙටිකර දෙනු ලැබේ : Too long? Let me shorten it for you


ඉස්සර කාන්තා සඟරාවක් තිබුණා "ශ්‍රී" සඟරාව කියලා. දැන් නං දෙවෙනි ආත්මෙනුත් යන්න ගිහිල්ලා මයෙ හිතේ. අපේ අම්මා ඒ කාලේ ශ්‍රී සඟරාව එකතු කරලා තියෙනවා පොත් පෙට්ටියක්ම පුරෝලා.

මට මතක හැටියට, මේ සඟරාවේ තිබුණු එක විශේෂාංගයක් තමයි "මහ දිග කතාව".

ඕක "මහ දිග කතාව" කිව්වට මොකද සාමාන්‍ය කෙටිකතාවක්. සඟරාවේ තිබුණු අනිත් ලිපි එක්ක බැලුවාම, පිටු ගානක් දිගට යන හින්දයි මේ මහදිග කතාව කියලා නම වැටිලා තිබුනේ!

ඕනෑම මහදිග කතාවක් කෙටියෙන් කියන්න පුළුවන්.

ඒකට හොඳම ක්‍රමය තමයි කවි. විශේෂයෙන්ම අර -හයිකු- වගේ කෙටි කවි.

මෙන්න ඒ වගේ මහදිග කතා කෙටියෙන් කියවෙන කවි දෙකක්.

රිවර්ස් ඉංජිනියරිං දන්න අයට ඕන්නං මේ කෙටි කවි අනුකලනය කරලා අදාල මහදිග කතා ලියා ගන්නත් පුළුවන් වේවි. මෙන්න පලමුවෙනි කවිය.

1. ඒක දිග කතාවක්

ලෝකය කුරිරුය
කටුකය රුදුරුය

නිදහස අහිමිව
සිව් අවුරුදු සිර දඬුවමක් නියමව

හැම අතම අසහනය

... ...

අල්විස් පොකුණේ වතුර සීතලය
මල් පෙති සිනිඳුය
ලෝකය සොඳුරුය෴



මෙන්න දෙවෙනි එක.

2. සසර

පැතුම් සුන්විය
සිතුම් බොඳවිය
පියුම් පරවිය
සුසුම් හිමිවිය෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න කෙටි දේවල් දිග් කරගන්න ඕනෑ අයට මගෙන් උදව්වක්.

කෙටි කතන්දර දිග කරන හැටි මෙතනින් බලන්න.
නොදන්න දෙමලේ - නැවත කියවීම

(image: http://www.today-i-want.com/2011/06/mini-midi-maxi.html)

36 comments:

  1. මේකෙ හෙඩිම දැකපු ගමන් මං හිතුවෙ වෙන දෙයක්.. තත්පරයක්වත් මිස් කරන්නැතුව පැනගෙන ආවා... බැලින්නම් වෙන වැදගත් කතාවක්නෙ...

    අර කවි දෙකේම තියෙන දිග කතා දෙකම හදවතට දැනෙන විදියටම ලියල තියෙනවා... ඒවට නම් දිග කතා නොලිව්වත්, ඔය තියෙන විදියටම හරි සුන්දරයි... එක එක්කෙනාට ඕන විදියට කතාව හිතෙන් ලියාගන්න පුලුවන්නෙ...

    ReplyDelete
  2. බොලේ මං එක නේද කතන්දර පිටුවෙ.... නානන නා නා...නානන නා නා...

    ReplyDelete
  3. මියුරු පාන්දරම නානව වගේ

    ReplyDelete
  4. ඔය 'මහ දිග කතාව' මමත් ඒ කාලෙ (ඒ කිවුවෙ පොඩිඑකා කාලෙ) බොහොම ආසාවෙන් කියවන කෑල්ලක් තමා.. :))

    ReplyDelete
  5. මරු කෙටි කවි දෙක.

    ReplyDelete
  6. ඔය කියන ශ්‍රී සඟරා ගොන්නක් අපේ ගෙදරත් තිබ්බා. චිත්‍ර පොත වගේ දිගට පෙරලන පොතක්. කාලයක් ඒ සඟරාව නැතිව පොත වගේ් පෙරලන සඟරාවක් පල වුනා. නමුත් මිලෙන් වැඩි නිසාදෝ කොහෙ ද දැන් ඒකත් නැහැ...

    ගෙවල් මාරු කරන කොට සඟරා ටික අහිමි වීම ගැන තාමත් දුකයි...

    ReplyDelete
  7. අඩේ පින්තූරෙ දැක්කම මං හිතුවෙ සායවල් ගැන කියන්නෙ කියලා..

    ReplyDelete
  8. කතන්දරයා අපිව ‍රැවැට්‍ටුවා.
    අපි නොමග ගියා උදේ පාන්දර.
    සමහරු නාගත්තා.
    සමහරු නෑම ගැන කොමෙන්ට් දාලා
    යන්න ගියා තරහෙන් පුපුර පුපුර.
    කවුද කියන්නෙ
    මට නිසඳැස් බෑ කියලා.
    henryblogwalker the Dude

    ReplyDelete
  9. දිග බ්ලොග් පෝස්ට් වලටත් මේක අදාලයි නේද ? :)

    ReplyDelete
  10. නියම කවි දෙක.
    ඕක රිවස් ඉන්ජිනියරින් වලින් දිග කතාවක් කළත් කවි දෙකේ තියන රසය නම් ගන්න අමාරු වෙයි.
    මොනව වුනත් කතන්දරේට මාතෘකාවක් ‍තෝරපු හැටි නම් මරු..............

    ReplyDelete
  11. දෙවනි කවිය ගැන නම් මට කියන්න තියන්නේ මගේ ආසම ස්ටයිල් එක හරිම ලස්සනයි.

    ReplyDelete
  12. ඔයා කාන්තා සගරාත් කියවනවද?
    කවි ටික නම් මරු.

    ReplyDelete
  13. කතන්දරත් පොන්ඩ් වෙලා එහෙනම් !

    ReplyDelete
  14. වසිලිස්සා29 October 2011 at 09:24

    දෙවන කවිය වඩා ලස්සනය.

    ReplyDelete
  15. සායක් පෙන්නලා අප හැම රවටාලා...
    කකා අය්ය ගේ මුල්ලක සැඟවීලා...

    ReplyDelete
  16. onaama shrithayak avakalanaya karanna puluwa unaata, hama shrithayakma anukalanaya karanna be...

    e vageama onaama dhiga kaThaavak keti karanna puluwan unaata, onaama keti dheyak dhiga karanna be...

    pinthure thiyena vidihata dhiga saayak kota karann puluwa...eth kota karpu saayak dhik karanna be.....

    :)))

    ReplyDelete
  17. ශ්‍රී අපේ ගෙදරත් තිබුනා ....
    ඕකේ අලුත් වර්ෂන් එකකුත් ආවා, බැලුවද දන්නෑ ශ්‍රී දේවි කියලා ..

    ReplyDelete
  18. සොරි ශ්‍රී දේවි නෙමේ “සීදේවි“ ......

    ReplyDelete
  19. කවි කෙටි උනත් හොඳ යතාර්තයක් මචො....

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. ඒ කාලෙ ශ්‍රී සඟරාව මගෙත් ප්‍රියතම එකක් ! ඒකෙ තියෙන හොල්මන් කතාව මමයි අක්කයි ඇට් කරලා ලොකු අක්කව බය කරනවා... කොහොම සුන්දර අතීතයකටද මේ එක අකුර මාව අරන් ගියේ..
    මොනවා හරි කොට ඒවා දිග කරනවා කිව්ව නම් තව ගොඩාක් කට්ටිය එයි වගේ කශු හොයා ගෙන !

    ReplyDelete
  22. එදා අල්විස් පොකුනේ වතුර සීතලට දැනෙන්ටත්, මල් පෙති සිනිඳුවට දැනෙන්ටත්, ලෝකය සොඳුරුවට දැනෙන්ටත් හේතුව මොකක්ද?...:D

    ReplyDelete
  23. කතන්දර කලොත් ඔහොම වැඩක්මයි . . . . නංගි පෙන්නල අක්කව දෙනව . . .

    ReplyDelete
  24. ජපන් හයිකු. කවි.... මගේ දනුමෙ හැටියට.. කෙටි කරපු හැඟීම් කප්පරක්....සංයුක්ත කවි කියන්නෙත් ඒකටද මංදා....ඒකෙ විරිතෙනුත් අදහස් ගම්ය වෙනව කියල අහල තියේ....මගේ දැනුමනං බ්ංදුවයි...

    For a cool evening
    I hired the
    Old temple porch...
    Penny in the dish
    (ශිකි)

    ඒක නෙමෙයි ... එතකොට දැන් ඔය ගෑනු ලමයි අඳින්නෙ හයිකු සාවයල්ද......එල කිරි.... කතන්දර හාමිනේට හයිකු සායක් එහෙම අරන්දුන්නැද්ද...? නැත්තං හරි වැරදියි... මොකද දැං ඔක්කොම ගෑනුලමයි අඳිනවනෙ.....නෙහ්....

    X-Porter

    ReplyDelete
  25. මාත් කැමති හැම දේම කෙටි වෙන තරමට.
    එතකොට මතකයේ රැදෙනවා වැඩියි ..නේ.

    ReplyDelete
  26. සමාවෙන්න...සෙන් දහමෙන් උද්දීපනය උනු ජපන් හයිකු ගැන තව ටිකක් මතක් උනා.... මට මතක හැටියට සාම්ප්‍රදායික (මම හරිනං 17 සියවසේ ) හයිකු හෙවත් සංයුක්ත කවිවල මාත්‍රා 17 යි. පලවෙනි පේලිය මාත්‍රා 5 යි දෙවෙනි පේලිය මාත්‍රා 7 යි තුන් වන පේලියට නැවත මාත්‍රා 5යි (මේ ජපං වලින් හරිය..) ඒ කියන්නෙ සාම්ප්‍රදායික හයිකු වල පද පේලි තුනයි. මේවා සොබාදහම හා සබැඳි කවි (poery of nature)නමුත් ඊට වඩා සොබා දහම සමග අන්තර් සම්බන්ධතාවයෙන් හා සහජීවනයෙන් යුක්තවූ කවි කිව්වොත් හරි මං හිතන්නෙ... අයිස්සා (Masaoka Issa) ගෙ ලස්සන හයිකුවක් අපිට ඉහන්නුව මතකයි මෙන්න මේවගේ...

    The tree will be cut
    Not knowing the bird
    Makes a nest

    හයිකු වල මූලාරම්භකයන් නොහොත් එය ඔසවා තැබූ ප්‍රධාන ස්ථම්භයන් හතර ලෙස නම් කෙරෙන්නේ..

    1. මට්සුඕ බශෝ (1644 - 9-1694)
    2.තනෙගුචි බුසොන් (1715 - 1783)
    3. කොබෙයිශි අයිස්සා (1963 - 1827)
    4. මසඕකා ශිකි (1866 - 1902)

    මම වැරදිනම් සමාවී මා දැනුවත් කරනු මැනවි.....

    X-Porter

    ReplyDelete
  27. ගෑණුන්ගෙ කොන්ඩෙත් දිගයි මොලෙත් දිගයි (හැඳි මිට වගේ ), පිරිමින්ගෙ මොලෙත් කොටයි කොණ්ඩෙත් කොටයි, ඒ නිසා දකින දකින එකට කොටයි" කිව්වලු.

    ReplyDelete
  28. කොබෙයිශි අයිස්සා (1763 - 1827 ) ලෙස නිවැරදි විය යුතුය

    X-Porter

    ReplyDelete
  29. හයියෝ මට බෑ ඔක්කොම වරදිනවනෙ.... මසඕකා අයිස්සා නෙමයි බං කොබෙයිශි අයිස්සා (Kobayshi Issa).

    X-Porter

    ReplyDelete
  30. පැතුම් සුන්කොට
    සිතුම් බොඳ කොට
    සුසුම් ලන්නේ
    එකෙකු නොලැබද?

    ReplyDelete
  31. එසේ වී නම්
    හඬනු නොම අද
    ලොවට ඉන්නේ
    එකෙකු විතරද?

    ReplyDelete
  32. මට ඉතින් වැඩිය කවි ගැන දැනීමක් නෑ කොට ජාතියක් ගැන තියන නිසා බලලා යන්නයි ආවේ .

    මෙතන තියන කවි දෙක අතරින් දෙවනි කවියට මගේ හිත ගියා

    ReplyDelete
  33. ඔය ශ්‍රී සඟරාව කාන්තාවන්ටම අයිතියි කියල කියන්න බෑ. ඒ කාලෙ පිරිමි පාර්ශවෙ උදවියත් හොඳට කියවපු එකක්.
    ඕකෙ තිබුණ මහ දිග කතාව වගෙම හොඳ චිත්‍ර කතාවකුත් ගියා ... අපි ආසාවෙන් කියවපු.
    කවි ගැන කියන්න නම් මට එතරම් දැනුමක් නෑ. ඒ වුනත් කවි හුඟක්ම කොට උනාමත් ටිකක් කැතයි වගේ ....නැද්ද ...?

    ReplyDelete
  34. (ට්‍රැෆික්)
    මේ මගේ නිර්මාණයක් නෙවෙයි. ඒත් නිර්මාණකරු කවුද කියල අමතකයි. (ඩී. බී. ධනපාල ?)
    "සාහිත්‍ය නිර්මාණයක් සාය වගේ විය යුතුය.
    එයින් වැසෙන්නට අවශ්‍ය දේ වැසෙන තරම් ඒය දිග විය යුතුය. එහෙත් කුතුහලය දනවන තරම් කෙටි විය යුතුය."
    දැන් තේරෙනවද පොටෝ එකේ සම්බන්ධය?

    ReplyDelete
  35. ඔය ශ්‍රී සඟරාවෙ ගිය මහ දිග කතාවක් නිසා තමයි මම සුනේත්‍රා රාජකරුණානායකගෙ කතා කියවන්න ඇබ්බැහි උනේ..

    ReplyDelete
  36. මෙන්න මන් බොහොම ඉස්සර කොහේදෝ කවදාදෝ කියවපු හයිකු කවියක්... එදා ඉදලම ට්‍රයි කරනවා ඒ වගෙ කවියක් ලියාගන්න... තවම බැරි වුනානෙ

    මදුරුවන් තැලීමද
    සිතට සැනසිල්ලකි
    තනිව හිදිනා කල

    කවුරු හරි කියල දෙනවද "මධුර" සින්හල ෆොන්ට් වල සංඥක අකුරු ගන්නෙ කොහොමද කියල

    සරෝජා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.