Tuesday 25 October 2011

බූට් කාලා තියෙනවාද? - Never give up hopes!


චොකලට් කන්න කවුද අකමැති? කන නොකන එක තම තමන්ගේ කැමැත්ත අනුවයි.

ඒත් බූට් කෑම නං එපා වෙන දෙයක්. අනික බූට් කන්න ලැබෙන්නේ තමන් ගේ කැමැත්තම මත නොවෙයි. අනුන් ගේ නොකැමැත්තම මතයි!

හැබැයි, බූට් කෑවා කියලා, බලාපොරොත්තු අතහරින්න නම් නරකයි. කීප් ඔන් මාචින් සෝල්ජර්!

මෙන්න මං පේරාදෙනියේ දෙවෙනි අවුරුද්දේ දී ලියපු තවත් කවියක්.

තනිකමේ ගීතය

කුරිරු නියඟය රුදුරු විලසින්
තෙතමනය ලොව සිඳින්නට පෙර
පුරා වසරක් එපිට දිනයක
සිහින් සිරිපොද වැටුණ මතකයි

නැවුම් දිය බිඳු ගත ගැටෙන සඳ
සියුම් හැඟුමින් සිත පිරීලා
සුළං පහරක පුළුං විලසින්
සිහින ලොවකට ගියා මතකයි

එදා පොද වැසි වැටුණු දින සිට
මෙදා ගිනිගෙන දැවෙන දින තෙක්
නිදාගෙන ඇත වැසි කුමාරිය
පුරා වසරක් එක ලෙසින්

නිවා සියොළඟ දැවෙන දාහය
පොවා ජීවන නිමල පානය
සදා දිවියට මිහිර වෙන දෙන
අමා වැසි නුදුරෙම වසින්෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
චොකලට් කන්න අකමැති අයත් ඉන්නවා, දැනුයි මතක් වුනේ. ඒ තමයි රත්නායක මහත්තයා සහ රමණී මැඩම් දෙපොල.

(image: http://www.chocolate.com/products/chocolate-boot/)

26 comments:

  1. කතන්දර අයියා නොසඟවා ඇත්තම කියලා තියෙනවා.. :)

    නැවුම් දිය බිඳු ගත ගැටෙන සඳ
    සියුම් හැඟුමින් සිත පිරීලා
    සුලං පහරක පුළුං විලසින්
    සිහින ලොවකට ගියා මතකයි


    .......................

    නිවා සියොලඟ දැවෙන දාහය
    පොවා ජීවන නිමල පානය
    සදා දිවියට මිහිර වෙන දෙන
    අමා වැසි නුදුරෙම වසින්


    මේකෙ හැටියට මේ වන කොට කකා අයියා මුහුදු පතුලේ ඉන්න ඕනි. ඇයි දෙයියනේ අවුරුදූ කීයක් අමා වැසි වැහැලාද?පහත බිම විතරක් නෙවෙයි උස් බිම් පවා යට වෙලා ඇති. :)

    ReplyDelete
  2. තව මේ වගේ බූට් කවි / කතා කීයක් එන්න තියනවද?

    අනෙක තමන් ගේ කැමැත්තම මතම කන බූටුත් තියෙන්න පුළුවන්, නැද්ද මං අහන්නේ. අපෝ ඇති යන්තං... වගේ ඒවා????

    ReplyDelete
  3. අය්යෝ, ජොක්කු කතා සීරීස් එක ඉවරද?

    ReplyDelete
  4. බූට් කීයක් විතර කාලා තියනවද කියලා ඇහුවට කමක් නැද්ද? ඒ බූට් කෑවේ මන්දැයි කියා දැනගන්ටත් ලැබේනම් යහපති...:D

    (උදා. එක ගෑනු ලමයෙකුට වෙනත් ගෑනු ලමයකුගේ නමින් කතා කිරීම වැනි දේවල් )

    ReplyDelete
  5. කවුද චොකෝ කන්න අකමැති වෙන්නෙ හලේ...

    ReplyDelete
  6. බූට් එක කනකොට තිත්ත උනත්, පහු පහු වෙනකොට ඒක ගැන මතකය නම් රසවත් !

    ReplyDelete
  7. milk chocolate walata vagema dark chocolate walatath kemethi kattiya innawa..e wagema aadare karanna wagema boot kannath kemethi aya innawa :))
    wirahawath ekathra rasayak thamai,,,

    eka nemei..kawi walinma post goda dagannawa neda...ko kathandara???? dan itin my car my petrol nam kiyaan epa...

    ReplyDelete
  8. නැතුව නැතුව.
    henryblogwalker the Dude

    ReplyDelete
  9. ජොක්කු සීරීස් එක ඉවරකලාට මාගේ බලවත් විරෝධය!

    ReplyDelete
  10. ඔයාගෙ කවිය කියවනකොට මොන අහේතුවකටද මන්දා මට මතක් උනේ අබේවර්ධන බාලසූරිය මහත්මයගෙ 'ගංගා... එන්නකෝ ගංගා....' කියන සිංදුව....

    කවිය ලස්සනයි සහෝ...ඒත් අනේ බූට් උනත් අර චොක්ලට් එක දැක්කම නම් කන්න හිතෙනවා....

    ReplyDelete
  11. හොඳ කතන්දර .. අර කතා ඉවර කරල.

    බූට් එකත් චොකලට් එක වගේ රසයි....

    “ආලෙ බිඳුන දා කුමකට කඳුළු හෙලනු සකී“
    “ ආල වඩන යන තේරුම බෝසත් කම ..“ හරියට පද මතක නැහැ. ඔය කවුරු කොහොම කීවත්, තුවාලය තියෙන මනුස්සය නෙව වේදනාව දන්නේ ....

    අර කොහොම වුනත් ලෝකේ ගොඩක් ප්‍රචලිත වෙච්චි , ගොඩක් සින්දු , නව කතා , අරන් බැලුවම විරහව පාදක වුන දේවල් බව නොකියාම බැහැ. ඒ කියන්නේ විරහ වේදනාවට මිනිසුන් කැමැති....

    නොලැබෙන දේටම ආදරයෙන් බැදෙන එක මිනිස් ගති ස්වභාවයක් ලු නෙ ...

    ReplyDelete
  12. අම්මෝ චොකෝ එකක් නම් බූට් එකක් වුනත් මොකෝ..........

    ReplyDelete
  13. //පුරා වසරක් එපිට දිනයක
    සිහින් සිරිපොද වැටුණ මතකයි//

    මේ කියන්නෙත් කතන්දර හාමිනේ ගැනමද?

    ReplyDelete
  14. යකො බූට් වගේද චොකලට් .....මචො ඔය බූට් එක එකපාරක් වත් කැවේ නැත්තං වැඩක් නැ බං. ඇයි ඒ වගේද බූට් තැබිම...හි..හි..

    ReplyDelete
  15. එක බූට් එකක් කාලා තියෙනවා.. චොකලට් වගේද ඒකේ රහ...

    ReplyDelete
  16. Trafic Ano
    නිර්මාණයට ලකුණු 100
    ඉදිරිපත් කිරීමට 99 (ටයිපින් මිස්ටේක් එකක්)
    මං හිතන්නෙ හොඳම එක

    ReplyDelete
  17. දාර බූට් එකක් කාල......හො‍ටුපෙරාගෙන අඬල..... අරක්කු ගෝනියකුයි සූස්ති පීප්පෙකුයි ගහල..නොනා..දත් නොමැද ...කොන්ඩ ‍රැවුල් නොකපා.........හද්ද පද්දෙක් වෙගේ ඉඳල......වින්දදුක...... දැන් මතක් වෙනකොට පුල් ආතල්..... බූට් ආතල් එක වෙනමම ආතල් එකක්...ඒක ගත්තෙ නැති එකා..කොස් කොටන්නයැ....යකො... බලං ගියාම අපි බූට් කාලත් අරං තියෙන්නෙ ආතල් එකක්නෙ..පිස්සු බම්ප් වෙනව ඕයි.. ශෝකයත් රසයක් තමයි බලං ගියහම... සරත්චන්ද්‍රගෙ කටෙ දාන්නඕනෙ රත්තරං වතුර ටිකක්

    X-Porter

    ReplyDelete
  18. බූට් කෑම... එකත් අමුතුම රසයක් තියෙන කෑමක්. එච්චරම සුන්දර අද්දැකීමක් නෙවෙයි. නමුත් විඳලා බලන්නම ඕනේ.
    එතක් මෙතෙක් කියවුන හොඳම සිංහල බූට් සින්දුව. ගුණදාස කපුගේ ශුරින් ගේ "තරු මල් යායම......" ඇහුවම කෂ්ටියට හිතාගන්න පුළුවන් නේ බූට්‌ එකක් කෑවම කොහොමද දැනෙන්නේ කියල.

    ReplyDelete
  19. ලස්සනම ලස්සන කවියක් කාකා ,හද පත්ලෙන්ම දැනුනු හැගීමක් අකුරට හරවල තියනවා කියල මුළු කවිය පුරාම දැනෙනවා .
    බූට් එකක් කෑවොත්ම තමා එකේ රස දැනෙන්නේ. ඒ වෙලාවට හොටු පෙර පෙර ඇඩුවට එකෙන් ඉගෙන ගන්න පාඩම මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වෙනවා.
    *වසිලිස්සා*

    ReplyDelete
  20. බූටාහාර වලත් පොඩි රහක් තියනව!
    මමත් කෑවනෙ! මමවම් එ්ව virtual බූට් විදියටයි සලකන්නෙ! real නෙවෙයි! පස්සෙ එ් ගැන කතා කරෑකි!
    කාලයක් විඳෝ විඳෝ හිටිය, දැං නං ටිකක් හොඳයි! හැබැයි පොඩි පොඩි side effects නැත්තෙ නෑ!
    අැත්තටම, හැම ලවකම කෙලවර සපත්තුවක් බව අතිශයෝක්තියක් නෙවෙයි!

    ReplyDelete
  21. මුලින්ම ජොක්කු සිරීස් එක ඉවර කලාට මාගේ ප්‍රණාමය ....

    ReplyDelete
  22. මම නම් මාරම ආස්යි චොක්ලට් කන්න. කොටින්ම අර කැඩ්බරි ටොබ්ලෙරෝන් කියන ජාති.

    ReplyDelete
  23. මමනම් ආසා අර කෘෂූනුට් කියන වර්ගයට තමා ..ඒවට ගහන්න චොකෝ එකක් මිහිපිට නෑ

    කතන්දර ලියාපු කවි අතරින් මම ආසම කවියක් තමයි මෙන්න මේක

    ReplyDelete
  24. කාපු බූට් ගනන නං අනන්තයි අප්‍රමානයි . . . ඒත් වැඩි අවුලක් නෑ . . . ඒවායිං වැඩි කරිය 50% ලවු ස්ටෝරි නිසා . . .

    @මධුරංග:
    කැඩ්බෙරි . . . . රහද ????

    ReplyDelete
  25. @ All
    සියළු දෙනාටම ස්තුතියි.
    මාත් දෙපාරක් ම චෙකලට් කාලා තියෙනවා.
    එහෙම එකක්වත් නැත්තං ජීවිතවල ඇති වැඩේ මොකක්ද?
    අනික කොහොමද මේ වගේ කවි ලියන්නේ?

    ReplyDelete
  26. චොක්ලට් ව්‍යුත්පන්න වලින් රසම ජාතිය මොකද්ද දන්නවද? චොක්ලට් කවර්ඩ් ස්ට්‍රොබෙරි!!!!!!
    කියල වඩක් නෑ...කාල බලන්න
    කතන්දරගෙ කවි වලින් මන් කියවපු ලස්සනම කවිය මේක...

    හඳ මතුපිට සිටිනා තෙක් හඳ හාවා
    කතන්දරට ජය, තව කවි ලියවේවා!!!

    සරෝජා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.