Friday 21 October 2011

කහ ඇඹරීම - එනම් - ජොක්කු නොඇඳ බයිසිකල් පැදීම හොඳද? නරකද? (බැඳපු කාන්තාවන් මේ කතන්දරේ කියවූවාට කමක් නෑ) : Riding bikes without undies?


මං ටවුමේ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වුණු සංසිද්ධිය ගැන ලියපු කතන්දරේ මාතෘකාවේ ම දැම්මා ඒ කතන්දරේ කාන්තා පක්‍ෂය බලන්න එපා කියලා.

එහෙම කලේ මගේ සයිස් එක ගෑණු දැනගන්න එක වලක්වන්න නං නෙමේ.

මගේ කමිස, ටී ෂර්ට්, කලිසං සයිස් ඒකේ දාලා තිබුනේ ලඟදී එන මගේ උපන් දිනේට තෑගි තෝරන්න ලේසි වෙන්නයි. නමුත් අර කියපු කන්සියුමර් වෝනින් එක දැම්මේ අවංකවම කාන්තා සුභ සිද්ධිය වෙනුවෙනුයි.

එදා එහෙම කළාට, මේ පෙරේදා ලියපු වවුල් ජොක්කු සහ ගොනා කානුවේ කතන්දරේ දී නම් කෙල්ලන්ට බලන්න එපා කියල පාරිභෝගික අවවාදයක් දාන්න බැරිවුණා. ඉතිං, ඒක කියවන්න ආපු අපේ කාන්තා පක්‍ෂයේ අය, චීයා, නෝ කමෙන්ට්ස්, no comments ආදී ප්‍රතිචාර දක්වලා තිබුණා.

(මේ කතන්දරේ කියවා මතකය අවුස්සා ගත් චමින්ද කෙනෙක් ඉංගිරිසියෙන් ලියූ සටහනක සිංහල පරිවර්තනය කියවා බලන්න).

ජොක්කු ගැන කතා කිරීම ලැජ්ජාවට කරුණක් නෙමේ. බ්ලොග් තියෙන්නේ ඒවට තමයි. මොකද, ඉරිදා පත්තරවල තීරු ලිපිවලින් පුළුවනි යෑ මේවා ලියන්න.

යට ඇඳුමක් ඇඳන් "පරම්පරා කුට්ටම" රැකගන්න එක පිරිමි අපි කාගෙ-කාගේත් යුතුකමක්. ඉන්ෂුවරන්ස් ගත්තත් වැඩක් තියේවියැ, ඇසට්ස් ඩැමේජ් වුනොත්?

ඉස්සර අපේ මුතුන් මිත්තෝ සම්පත් සුරකින්නත්, විළි වසා ගන්නත් ඇන්දේ හොඳ දේශීය අමුඩ. අමුඩ ලේන්සු තාමත් භාවිතයේ තියෙනවා.

නමුත්, මහ වෙදන ලා තියා ජීවක ලා කිව්වත්, දැන් ඉතිං අපි අමුඩ ගහන්න යන්නේ නෑ. ඉස්කෝලේ යන කාලේ අඳින්න පටන් ගත්තු ජොක්කුම ගහනවා මිසක් දිගටම.

ඒත් මට පේන්නේ පිරිමි හුඟ දෙනෙක් ජොකා ගහලා ඉන්නවාට වඩා, නොගහා ඉන්න කැමතියි වගේ!

මෙන්න ඒ ගැන මට මතක් වෙන කතාවක්.

අපේ අංකල් කෙනෙක් ඉන්නවා පොර හැමදාම ෆැක්ටරිවල තමයි වැඩ කරන්නේ. කාලයක් පදිංචිව හිටියේත් වැඩකරපු ෆැක්ටරියට කිලෝ මීටර් දෙක තුනක් දුරින් ඇනෙක්සියකයි. වැඩට ගියේ බයිසිකලයක් පැදගෙනයි.

මං සති අන්තයේ දවසක පොර ගේ ගෙදර ගිහින් ඉන්න කොට පොරට හදිසියේම ෆැක්ටරියට එන්න කියලා පණිවිඩයක් ආවා.

පොර හොඳට කූල් එකේ සරම ගහගෙන පොතක් බලමිණුයි හිටියේ. එක පාරටම හෝදලා තිබුණු කලිසමක් ගත්තා, සරම යටින් දාලා ඇඳ ගත්තා, සයිකලේට නැග්ගා, තත්පර ගානක් ඇතුලත පොර ෆැක්ටරියට යන්න පිටත් වුණා.

මට තේරුණා පොර ඒ ගියේ අනිවා ඩෙෆා ජොකෙක් නැතුවය කියලා. මොකද මේ මං ජොක්කු අඳින ලොකු කාලේ වෙච්ච සිද්ධියක් නේ!

පස්සේ දවසක වෙන කතාවක පැටලිලා ඉන්න ගමන් පොර කිව්වා, ඒ වගේ වෙලාවලට ජොක්කු ගහන්න කරදර වෙන්නේ නෑ කියලා.

මං හිතන්නේ නිකං ගෙදර ඉන්න කොට සරමට යටින් ජොකෙක් නොගහා හිටියට, අහල පහල කඩේට යනකොට ජොක්කු නොගැහැව්වාට (මතකනේ මේ ගැන හොයන්න පත් කරන්න ගිය කාලෝ ෆොන්සේකා බලකාය?) ඔය සයිකල් පදින වැඩේ දී නං ජොකෙක් නොඇඳ ඉන්න එක හොඳ වැඩක් නෙමේ.

ඔය විදියට ජොක්කු නැතුව සයිකල් පදිනවාට "කහ අඹරණවා"ය කියලා කියන්නේ නිකමටයැ?

ජොක්කු නෙගහා ඉඳීම පිරිමි අතර කොච්චර ප්‍රියතම දෙයක්ද කියන එක තේරෙන්නේ මේ සඳහා පාවිච්චි කෙරෙන වචන ප්‍රමාණය බැලුවහමයි.

1. ගොනා කානුවේ යෑම (කතන්දර)
2. සිවිල් පිට යෑම (කතන්දර, බුද්ධි)
3. අමුවෙන් යෑම (හිස් අහස)
4. කොමාන්ඩෝ ඉඳීම (සපතේරු උන්නැහේ)
5. ඇතා උඩ යෑම (ඕනයා, රාජ්)
6. ෆ්‍රී වීල් එකේ යෑම (දුමී)
7. ෆී ඇන්ඩ් ඊසි (මංතුමා ගේ යෝජනාවක්. කාන්තා පක්‍ෂයට ටැපලෙන්නටත් ඉඩ ඇත!)
8. ටූ වීල් එකේ යෑම (තවත් මංතුමාගේම යෝජනාවක්)

තවත් මේ වගේ තත්කාලීන ජනශ්‍රැතියේ පවතින වචන තියෙනවා නම් ලියලා යන්නකො, ඒවා අපේ කෝෂ්ඨාගාරවලට දාගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
තවත් ජොක්කු කතන්දරයක් ලබන සඳුදා බලාපොරොත්තු වන්න.

ප/ප/ලි:
කෝෂ්ඨාගාරය = වදන් කොසුව = vocabulary

(image: http://symptomaticthoughtpattern.wordpress.com/2008/06/08/naked-cyclists/)

45 comments:

  1. මම නම් ඕන තරම් බයිසිකල් පැදල තියෙනවා ජොකා නැතුව, කුට්ටම බේරගෙන ප්‍රවේශමෙන් පදින්න ඕන.
    අපි රැග් එකටත් ජොකා අඳින්නෙ නැතිව දවස් ගානක් අතේ අරගෙන ගියා මතකයි ලයිසන් එක කෝ කියල ඇහුවම සාක්කුවෙන් අරගෙන පෙන්නන්න ඕනි.

    ReplyDelete
  2. අපි නම් කියන්නේ "free style " කියල

    ReplyDelete
  3. රැග් සීසන් එක පුරාවටම අපිටත් අනිවාර්‍ය්ය කලා ලැයිසොන් එක කලිසම් සාක්කුවෙම තියා ගන්න.

    ReplyDelete
  4. හික් "ජොකා නැතුව යෑම"

    ReplyDelete
  5. මම කියන්නෙ මචන් මේකට "සෙට් එක A/C කරන් ඉඳීම" කියලා. මොකද ජොකා නෑතිකොට වල්ලට හුලන් වදිනවනෙ. මාත් වෑඩිපුරම කෑමති සෙට් එක A/c එකේ තියාගන්න තමයි.

    ReplyDelete
  6. කොල්ලො කවුරුත් කැමති දේනේ,

    අපි කියන්නෙ "කැකුළෙන්" කියලා

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. "මල්ලී හෙළුවෙන්" - (පේටන්ට් බලපත - මාතලන්)

    "ගොනා කාණුවේ" - කතන්දරට ලියල දුන්නේ කව්ද...

    ReplyDelete
  9. බයිසිකලෙන් යන්න පුළුවන්.ගැටළුවක් වෙන්නෙ නෑ.අත්දුටුවයි!සත්තයි!

    ReplyDelete
  10. මේ මොක වුවත් සිවිල් පිට යාම ( මගේ ප්‍රියතම වචනේ) නිසා පරම්පරාව නහගන්නේ නැතුව වැඩ ටික කරගන්න පුළුවන් කියන එක හරි. හැබැයි සිවිල් පිට බයිසිකල් පැදීම නම් අනුමත කරන්න බැහැ. පරම්පරාව එතනින් නවතින්න ඉඩ තියනවා. අනික් දේ තමයි බයිසිකල් පදිද්දී සීට් එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. අර පොල්මුඩ්ඩ කියන හීනි සීටි එක පරම්පරාව ගෙනියන්න බාධා ඇති කරනවා. පලල් සීට් එකනම් ගාඩ් දාගෙන යනකොට ප්‍රශ්නයක් නැහැ. ඒත් සිවිල් පිට නම් ටිකක් භ්‍යානකයි. තව දෙයක් ඔය කපු රෙදි හැර වෙනත් කෘතිම ජොක්කුත් පරම්පරාවට හිතකර නැහැ. පටි ජොක්කුත් එහෙමයි.

    ReplyDelete
  11. අපෝ බයිසිකලේ යනකොටනං පුතෝ ජොකා හරි මොකාහරි ඇඳගන්ට ඔන ඔය ඉඳගෙන පැදිල්ල කොහොම වෙතත් හිටගෙන පදින්ට ගොහින් ....අර පල්ලේහා කැරකෙන චෙන් කැල්ල පැන්නොත් සොරිම තමා.."තුන්කට්ටුව" ගොහින් බයිසකල් පොල්ලේ වැදුනම කොහොමද සැප....

    ReplyDelete
  12. දැන් නං මේ සිරීස් එක ඇති වගේද මන්දා ...
    ඕන එකක් ...

    ReplyDelete
  13. ඔය විදියට ජොක්කු නැතුව සයිකල් පදිනවාට "කහ අඹරණවා"ය කියලා කියන්නේ නිකමටයැ?

    //ඇයි එහෙම කියන්නෙ?

    ReplyDelete
  14. ශබ්ධ කෝෂයට කියන්නෙත් කෝෂ්ඨාගාරය කියලද?
    මාර්ටින් විකමසිංහයන්ගේ මඟුල් ගෙදර කෙටි කතා පොතේ එක තැනක "රාජ කෝෂ්ඨාගාරය" කියලා යොදාගෙන තියෙන්නේ භාණ්ඩාගාරයට.
    එතකොට යම යම් දේ එක්රැස් කරලා තියෙන තැන් වලට 'කෝෂ්ඨාගාරය' කියලා යොදන්න පුළුවන්ද?

    ReplyDelete
  15. ලයිෂන් නැතිව යාම කියලත් කියනවෝ....

    ReplyDelete
  16. දම්රුවන්21 October 2011 at 10:37

    අපේ පැත්තෙනම් ජොකා නැතුව ඉන්නවට කියන්නේ “කැකුලෙන් ඉන්නවා“ කියලා....

    ReplyDelete
  17. "සුළඟ එනු පිණිස" - විමුක්ති ජයසුන්දර

    dick-son

    ReplyDelete
  18. ජොකා එලියෙ තියෙනකොට "එකා ජොලියෙ"

    ReplyDelete
  19. හප්පට සිරි ගජ "ෆැමිලි ජුවෙල්ස්" ගැන කතා ගිය දුර

    ReplyDelete
  20. ජොකා නැතුව බර දේවල් උස්සන්න හොද නෑ නේද?නොදන්න නිසා ඇහුවේ.මරු කතන්දරේ අප්පා....

    ReplyDelete
  21. සයිකලේ සීට් එකට උස නැති කාලෙ හිටං පාගන්න ගිහිල්ල පැඩල් එකෙං කකුල ලිස්සල, චේන්පැනල හෙම ඇක්සිඩන්ට් වෙච්චි වෙලාවල ආච්චිඅම්ම බල්ලට වගේ බැන බැන කුට්ටමේ තෙල් ගෑව මතකයි . . . .

    ReplyDelete
  22. දැනට මට හොඳ ‍ෆ්‍රී විලි.....

    ReplyDelete
  23. මාත් හරිම කැමතියි .. ඔය කියන විදිහට ප්‍රී එකේ ඉන්න.
    [හරිම නිදහස් ගතියක් දැනෙනවනේ එතකොට]
    එකම ප්‍රශ්නෙ තමයි ... ඒ වගෙ වෙලාවලදි ඔය ලස්සන .. නෑ.. නෑ .. ලස්සනමත් නෙවෙයි .. කැත වුනත් කාමුක වගේ පෙනුමක් තියෙන ගෑණු ළමයි.. එතකොට ..ස්තිරියාවො එහෙම දැක්කම ..අපේ අර මෙව්ව එක පොඩ්ඩක් විතර විකෘති වෙන්න බලනව [විසල් විදිහට ඉදිමෙන්න වගේ එනවනෙ]
    ඒ ප්‍රශ්නෙ නැතිනම් ඔය නිදහසේ ඉන්න එක කදිම දෙයක්.
    ඒ නිසා ඔය ජොක්කු අත්‍යාවශ්‍යයි.

    ReplyDelete
  24. හික් හික් මගෙත් වචනේ සිවිල් පිට යෑම...

    ReplyDelete
  25. "එයාර් කන්ඩිෂන්" කියලත් කියනවා සමහර අය.

    රජතුන්කට්ටුවේ ආරක්ෂාව ගැන 'පබා' සීරිස් එකක් යනවා වගේ. කකා ට කාන්තා රසිකයෝ ටික ගෙන්න ගන්න මොකක් හරි උප්පරවැට්ටියක් දාන්න වෙයි මේ යන විධියට.

    ReplyDelete
  26. සරම ඇඳන් ඔහොම යනවට සමහරු කියනව "ඝන්ඨාර මාක්" සරම් ඇඳීම කියල...

    ReplyDelete
  27. මට නම් තියෙන්නේ එකම එක ප්‍රශ්නයක් විතරයි. ඇයි මේක "බැඳපු" කාන්තාවන්ට විතරක් රෙකමන්ඩ් කලේ? විශේෂ දෙයක් නැතිවෙයිද අනික් එකියෝ බැලුවොත්? අනික "බැඳපු" කිව්වේ කොහොම බැඳපු අයද?

    ReplyDelete
  28. හොඳම එහෙම නැස්තන් සුදුසුම යෙදුම හැටියට මම යෝජනා කොරනව "ඇතා පිටේ යාම", එකක් මං දන්නා කාලේ ඉඳං භාවිතා කොරපු යෙදුම, අනෙත් එක ඒ යෙදුමෙන් අගේට ක්‍රියාව විග්‍රහ වෙනව කියලත්, ඒ වගේම නොදන්න අයට ලේසියෙන් චිත්ත රූපයක් මවා ගන්න පුළුවන් වෙනව කියලත් මං තරයේ විශ් වාස කොරනව . මේකට හරි නං චන්දයක් විමසන්න ඕනෙ නියම ප්‍රජාත්‍රන්තවාදී විදියට, "කොම්පියුටර් ජිල්මාට්" එහෙම නැතුව.

    ReplyDelete
  29. Observer: Etha nemeyi, miya pita yama neda?

    ReplyDelete
  30. ඇයි වචන සෙට් එකට තව වචනයක් !!

    කැකුලෙන් යාම.

    භාවිතා වෙන්නේ මෙහෙමයි "උබ කැකුලෙන්ද බන් ආවේ" හික්ස් :)

    ReplyDelete
  31. මේ වගේ පින්තුර දානකොට title එකේ පොඩි warning එකක් දාන්න. මොකද අපි වගේ ඔෆිස් එකේ බ්ලොග් බලන අයත් ඉන්නවා.

    ReplyDelete
  32. මෙන්න අළුතින් එකතු වී ඇති යෙදුම්.

    9. සෙට් එක A/C කරන් යෑම (නවීන්ද්‍ර අල්පොන්සෝ)
    10. කැකුලෙන් යෑම (අමිලආර්ට්)
    11. මල්ලි හෙළුවෙන් (මාතලන්)
    12. ලයිෂන් නැතුව යෑම (නෝටීස් ඉම්ප්‍රෙෂන්)
    13. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර (Ano)
    14. එකා ජොලියෙ (විසිතුරු)
    15. ෆ්‍රී විලී (සුපුන්)
    16. එයා කන්ඩිෂන් (කැන්ඩියන්)

    බුදු අම්මෝ තියෙන යෙදුම් ගොඩ!

    සාමාන්‍යයෙන් එකම තේරුම දෙන වචන ගොඩක් හැදෙන්නේ භාවිතය වැඩි වූ විටයි. ජොකා නැතුව යෑම කෙතරම් ජනප්‍රියදැයි මේ වචන සෙට් එක අනුව පේනවා!

    10

    ReplyDelete
  33. මෙන්න අළුතින් එකතු වී ඇති යෙදුම්.

    9. සෙට් එක A/C කරන් යෑම (නවීන්ද්‍ර අල්පොන්සෝ)
    10. කැකුලෙන් යෑම (අමිලආර්ට්, මධුරංග)
    11. මල්ලි හෙළුවෙන් (මාතලන්)
    12. ලයිෂන් නැතුව යෑම (නෝටීස් ඉම්ප්‍රෙෂන්)
    13. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර (Ano)
    14. එකා ජොලියෙ (විසිතුරු)
    15. ෆ්‍රී විලී (සුපුන්)
    16. එයා කන්ඩිෂන් (කැන්ඩියන්)

    බුදු අම්මෝ තියෙන යෙදුම් ගොඩ!

    සාමාන්‍යයෙන් එකම තේරුම දෙන වචන ගොඩක් හැදෙන්නේ භාවිතය වැඩි වූ විටයි. ජොකා නැතුව යෑම කෙතරම් ජනප්‍රියදැයි මේ වචන සෙට් එක අනුව පේනවා!

    ReplyDelete
  34. @ All
    මෙන්න තව එකක්.

    17. නියුට්‍රල් එකේ යෑම (රත්නායක මහත්තයා)

    ReplyDelete
  35. අපිනම් නියන්නේ නිවුට්‍රල් යනවා කියලයි! ම්ම්ම් තව තව බොම්බයි මොටයි සීනුව ගහන කතාවකුත් මට ඇහිලා තියනවා! තව ඝාන්ටාරේ! තව මතක් උනොත් දාන්නම්!

    ReplyDelete
  36. හැබැයි "ජොක්ලස්" කියන සිංහල වචනය තරම් ඔය එකයෙදුමක්වත් පොදු ජනයාට සමීප නෑ නේද?
    (මේ වචනෙ කලින් කියවුනේ නෑ මං හිතන්නෙ! )

    - සනාත

    ReplyDelete
  37. අපි නම් ඒ කාලේ කියන්නෙ ජොක්ලස් යනව කියල. බාලදක්ශ ජම්බෝරිවලට එහෙම ගියාම ජොක්ලස් තමයි හුගක් දවසට.

    ReplyDelete
  38. "ජොක්ලස්" කියලා තමයි කියන්නේ අපිනං.....

    ReplyDelete
  39. හැක් හැක්... හුලන් වදින එක විත්‍රක් යෑ මෙව්වා එකේ වාසි. ඇයි සරළ බව.. :D :D මහත්මා ගාන්ඩිත් නිතරම සිවිල් පිට නොවැ ඉදලා තියෙන්නේ....

    ReplyDelete
  40. නම් ගොඩක් ගැන කිව්වම මතක් වුණේ... :P
    www.icallmine.co.uk

    ReplyDelete
  41. මගේ යාලුවෙක් හිටියා මිනිහා කිව්වෙ ජිංගල් බෙල්ස් කියල

    ReplyDelete
  42. ගිනි නිවන්න යනවා කියන එකත් නරකම නැතිවෙයි... ඒකෙත් සීනුව හොල්ල හොල්ල යන නිසා

    ReplyDelete
  43. AI JOKA PALIYE YAMA.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.