ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 19 October 2011
ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව "ගොනා කානුවේ"! - Batman Jocks
ඇනෝනිමස් ආතල් බ්ලොගය සංවිධානය කළ 2011 සිංහල බ්ලොග් අවකාශයේ මහා කක්කා සම්මාන උළෙලේ ජොකා සම්මානය හා රුපියල් 25,000ක මුදල් ත්‍යාගය දිනාගත් කතන්දරය. (16/12/2011)
http://anonymousaya.blogspot.com/2011/12/2011.html
බොරු කියන්නේ මොකටද, මං පොඩි කාලේ පාසල් යන කොට ජොක්කු නං ඇන්දේ නෑ, කෙලින්ම සිවිල් පිට තමයි ගියේ!
මේක නිවරදිව කියනවා නං මගේ අම්මා මට ජොක්කු ඇන්දුවේ නෑ. අන්දන්න මට ජොක්කු තිබුනෙත් නෑ.
මං ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ඒ දවස්වල පාසල් නිල ඇඳුමක් තිබුනේ නැති නිසා, ඉස්කෝලේ ගිය මුල් අවුරුදු දෙක ම ඇන්දේ පොප්ලින් වලින් මහපු ඉලාස්ටික් කලිසම් විතරයි යටට. ඒවා අම්මා මහපුවා. උඩට ඇන්ද කමිසත් ගෙදර අම්මා මහපුවා.
මේ සමහර කමිස වල අත් නැහැ, ඒ මදිවට සමනල්ලු ඇප්ලික් කරලා තිබුණා. දෙකේ පන්තියේ දී මට මතකයි කොල්ලෙක් මට විහිළු කරනවා බ්ලවුස් අඳිනවා කියලා!
ඇත්තටම කියනවා නං බ්ලවුස් පතරොම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි අම්මා අපිට කමිස මැහැව්වේ.
හැබැයි මං කවදාකවත්, කොල්ලෝ කිචේ දානවා, මට මේවා අඳින්න බෑ කියලා ගෙදර වලි දාලා දෙමව්පියන්ට කරදර කෙරුවේ නං නෑ. කට්ට කාගෙන තියෙන දෙයක් ඇඳගෙන පාසල් ගියා.
ඒ හින්දා තමයි මට දැන් වුනත් පුළුවන්, ඇනෝවා මට නාසිසිසම් කියා කිච කරද්දීත් කූල් එකේ ඉන්න.
පළමුවන වසරේ ඉඳිද්දී අපේ පන්තියේ කෙල්ලෙක් ගවුමට යටින් යට ඇඳුමක් අඳින්නේ නැතුව ඇවිල්ලා දවසක් වෙච්ච දේ මං මීට කලින් කියලා තියෙනවා නේ, මතකද මන්දා?
ගවුම් අඳින කෙල්ලන්ට එහෙම නීති තිබුණා වුණාට, මං තුනේ පන්තියේ වගේ ඉඳලා පොප්ලින්-ඉලාස්ටික් කලිසම් වෙනුවට ඩ්‍රිල් රෙදිවලින් ටේලර් ෂොප් එකෙන් මහපු කලිසම් ඇන්දත් ජොක්කු ගැහැව්වේ නං නෑ.
මේ කාලේ වෙන කොට මං ඇන්දේ අත් කොට සාමාන්‍ය කමිස. ඒවාත් ගෙදර මහපුවා. හැබැයි ඒ තාත්තා ගේ වැඩ. ඒ නිසා බ්ලවුස් කතාව ආවේ නෑ.
හැබැයි ඒත් කලිසමයි, කමිසෙයි විතරයි. නෝ ජොක්කු.
ඔන්න පහේ පන්තියේ තරග විභාගෙන් පාස් වෙලා, හයේ පන්තියට සෙන්ට්‍රල් එකට යන්න පටන් ගත්තා.
දැන් අපේ පන්තියේ කොල්ලෝ බහුතරය ජොක්කු අඳිනවා.
මේ සේරම වවුල් ජොක්කු, එහෙම නැත්තං ලන්කට්!
ජොක්කු ගහන, නොගහන කොල්ලන් කවුද කියලා තේරෙන්නේ වූ කරන්න ටොයිලට් ගියාමයි. ජොක්කු නැත්තෝ කලිසමේ බොත්තම් (මේ කාලේ සිප් තිබුනේ නෑ, මට මතක විදියට) විතරක් ගලෝලා වූ කරනවා.
වවුල් ජොක්කු අර සමහර බිකිනි වගේ එක පැත්තකින් ගැට දෙකක් ගහන්න ඕනෑ ඒවා නිසාත්, අද කාලේ ජොක්කුන් වගේ මේවායේ ඉලාස්ටික් නොතිබුණු නිසාත්, ජොක්කු ගහන කොල්ලන්ට චූ කරන්න කලින් මුලින්ම කලිසම උඩින්ම ගලවන්න වෙනවා ගැට ලෙහන්න. ඊටත් පස්සෙයි වූ කරන්න පුළුවන් වෙන්නේ.
මේ හේතුව නිසා ජොක්කු අඳින නොඅඳින අය ටක් ගාලා කැපී පේනවා.
මේකේ නරකම වැඩේ මේකයි.
ජොක්කු අඳින්නේ නැති උන්ට අඳින උන් කිච කරන්නේ "ඔන්න ගොනා කානුවේ!" කියලයි.
මාත් ඉතිං "ගොනා කානුවේ" දා ගෙන තවත් අවුරුද්දක් විතරම ඉස්කෝලේ ගියා. ඊටත් පස්සේ තමයි තාත්තා මට ජොකෙක් මහලා දුන්නේ.
ඒකත් අර "වවුල්" වර්ගයේ ලන්කට් එකක්.
ඒකේ පිහිටෙන් මං ගොනා කානුවෙන් ගොඩට අරං හරි පාරට දා ගත්තා!
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතාව පලකරන්නේ මෙය කියවන වැඩිහිටි පිරිමින් ටික දෙනෙකුට හෝ අතීතකාමයේ ගිලෙමින් සතුටක් ලබන්නට හැකි වේ යැයි සිතාය.
උපන් දිනයේ සිට ජොක්කු ඇඳි අය සොරි.කොම් බලන්න.
මෙන්න තවත් ජොක්කු ගැන කතන්දර.
1. සරොම් අස්සේ ජොකා බලකාය
2. ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
3. ජොලි සීයගෙ කතන්දරේ
(image: http://www.switched.com/2008/07/10/buzzing-cell-phone-turns-out-to-be-live-bat-in-bra/)
Labels:
ජොකා,
ජොක්කු,
ජොක්කු කතන්දර,
ශිෂ්‍යයෝ
Subscribe to:
Post Comments (Atom)
no comment....:D:D:D
ReplyDeleteමම තාමත් අදින්නේ නෑ නේ !!!! හික් හික් හික් ......
ReplyDeleteදැන් අඳිනවානේ? ඒ මදෑ එහෙනම්!
ReplyDeleteදැන් නම් නැතුව ඉන්න තමයි වඩාත් කැමති. ඒ උනාට පොඩ්ඩ එහෙ මෙහෙ වෙන කොට ගොනා කුලප්පු වෙනවනේ.
ReplyDeleteනියම හෙඩින් එක.. මේක නම්බර් වන් වෙනවා.. අනිවා...
ReplyDeleteNo Comment.
ReplyDeleteමමත් තුන වසරේ ඉඳන්.... :)
ReplyDeleteI'm glad you are not not ashamed of your humble beginning and you are extremely proud of your current standard of living. However, you seems to have some inferiority complex hiding and you are trying to over compensate it.
ReplyDeleteඊ..ඊ..ඊ...ඊයා මටනම් බෑ උදේ පාන්දර මේවා බලන්න . ඔන්න අපි ගියා ...
ReplyDeleteමේ එතකොට ඉස්සර අමුඩ අඳින කාලේ ලමයි අමුඩෙ අඳින්න ගත්තෙ කොයි වයසෙදිද දන්නෙ නෑ නේ ..........
ReplyDeleteහික්ස් :)
ReplyDeleteපට්ට සීන් එක. ගොනා කානුවේ !!! හොද වෙලාවට ගොනා කුලප්පු වෙන්නේ නැති කාලෙක මේවා උනේ. හික්ස් :)
ගොනා සනීපෙන්ද?
ReplyDeleteමම නං පටන්ගත්තෙ 8 හෝ 9 වසරෙ විතර ඉදලා. කවුරු කොහොම කොයිවිදියේ ජොක්කු ඇන්දත් ජොකා නැතුව ඉන්නඑකේ තමයි නියම ආතල්එක තියෙන්නෙ.මට මතකයි අපේ ජූනියර් බැච් එකේ මල්ලිල සෙට්එකක් හිටියා හොස්ටල් එකේ රූම් එකක.උන් සෙට්එක කොච්චර කිට මරල හිටියත් ජොකා අදින්නෙ නෑ.
ReplyDeleteමාත් ඕක පටන්ගත්තෙ 8, 9 වගේ තමයි.
ReplyDeleteනියම පෝස්ට් එක.
මමත් සෑහෙන කාලයක් සිවිල් පිට තමා ඉස්කෝලෙ ගියේ. අපිත් ගියේ ගමේ ඉස්කෝලවලට හින්දා.
ReplyDeleteඔය වවුල්ලු අදින්න ගත්තෙ හාහා පුරා කියලා යකඩ කන්න වයස අවුරුදු 15 වේදි විතර ජිම් එකකට ගිය වෙලාවේ. වවුලනං මහ ඇනේ.
කාලයක් තිබ්බා බීච් ට්‍රේනිං ගිය. එහෙදිත් තියෙන්නෙ දුවගෙන ඇවිල්ලා යකඩ කෑලි විසිකරන්න. එතකොටත් වවුල් සරණ තමා. අත්තිමේ ඔක්කොම ඉවර වෙලා නාද්දි වතුර යටදිම මැජික් කාරයනෙක් වගේ අරක ගලෝල දානවා. "සමහර දවස් වලට ගැලල්මයි බලනවා මෙයාට ලොකු මාලුවෙක් අහුවෙලාද වතුර යට අත්දෙක දාගෙන ඔට්ටුවෙන්නෙ කියලා" ඒ ගොල්ල දන්නැතුව ඇති ඕවා.
හැබැයි නව නිර්මාණ කාරයන්ට පින්සිද්ද වෙන්න දැං සං සපෝටර්ස් තියෙනවා. ඒකෙ පස්ස නැති උනත් ගති.
හැබැයි ඔය මොනවා තිබුනත් ගෙදරදි නං ඕවා දිහා මං හැරිලවත් බලන්නැ....
හය වසරට යනකල්ම මමත් ගියේ අමුවෙන් .අපිනම් කීවේ ඔහොම යනකොට අමුවෙන් යනවා කියලා . ඔන්න හය වසර කාලේදී කොල්ලෝ අතර භීතිකාවක් පැතිරුනා ලංකට් එක නැතුව ඉන්න ඈයොන්ගේ අර අහවල් අවයවය පහලට එල්ලා වැටෙනවා කියලා .. ටිකක් දුරට ඇත්තත් තමයි ඕක.ඔය කතාවට බය වෙච්ච පාර අපේ පොඩි පන්තිවල කොල්ලෝ පවා ජොකාට බැස්සා . සමහරු රෑ නිදාගත්තෙත් ඒවා ඇඳගෙනලු ..
ReplyDeleteමේ කතාව පිහිටෙන් මටත් කතාවක් මතක් වුණා
මටනම් කතාව මුල හරිය හිටිය පුංචි කතන්දරව මැවිලා පෙනුන අනෙක් ය බ්ලවුස් අඳිනවා කියද්දී නිහතමානිව හිනාවෙලා ඉන්නවා.අද කලේ දෙමව්පියන්ගෙන් නොයෙක් දේවල් ඉල්ලලා කරදර කරන ළමයි මේක කියෙව්වොත් පාඩමක් ඉගෙන ගනීවි.
ReplyDelete*වසිලිස්සා*
අයියො මෙවා අපට කියවන්න පුලුවන්ද
ReplyDeleteමට මතකයි හතරෙ පංතියෙ හරි පහෙ පංතියෙදි මත තිබුනෙ පටි ජොකෙකෙ. අපෙ උන්ට (උන්ට විතරක් නෙමෙයි මටත් එක්ක ) මැජික් වගෙ කොට කලිසමට යටින් පටි දෙක අදිනකොට. පටි දෙක එකපාරට පල්ලෙහාට ඇදලා අතඇරියම පටාස් ගාලා සද්දයක් එනවා. ඔය සද්දෙට ටීචර් මගෙ ළඟට ඇවිල්ලා මගෙ කනට පටාස් කියලා දුන්නා. තාමත් මගෙ කනා කීන්ං ගානව...
ReplyDelete…
අනේ අම්මපා කතන්දර..
ReplyDeleteමම අහන්න ගියේ කොහොමද ජොකා අදින එකයි නොඅදින එකයි අදුරගත්තේ කියලා. හොද වෙලාවට පස්සේ එක කියල තියෙනවා.
මම නම් එක වසරේ ඉදන්ම ගියේ ජොකා ඇදන්, ඔය දෙපැත්තේ ගැටගහන්න ඕනේ ජෝක්කු නම් දැකලා නෑ, හැබැයි ඒ වගේ බිකිනි නම් දැකලා තියෙනවා..කතන්දරට සුවර්ද බිකිනියක කැල්ලක් නෙවෙයි ඇදන් ගියේ කියලා?
මම නම් ඔය ලණු ගැට ගහන ලංකට් ඇඳල නෑ... සාඩම්බර දේශීය වෙලෝනා නිෂ්පාදනයක් වෙච්ච "වෙයාවෙල්" දුප්පතාගේ ජොකා තමා අඳින්න පටන් ගත්තෙ...
ReplyDeleteඅපේ කාලෙ නම් වවුල කිව්වෙ සපෝටර්ස් වලට...
දැන් නම් ඉතින් කොමාන්ඩෝ ඉන්න තමා කැමැති... බොක්සර් එකක් ගහල ශේප් වෙනව හැම කැෂුවල් ගමනක්ම...
@Grey
ReplyDeleteබ්ලවුසුත් ඇඳපු එකේ බිකිනි බොටම් එකක්ද දන්නෙත් නෑ... :D
හික් හික් . . . මම නං දන්න කාලෙක හිටං "ඇතා උඩ" තමයි ගමන
ReplyDeleteකාගෙවත් "සිප් එකට අහුවෙලා" නැද්ද?
ReplyDeleteමම හිතන්නෙ කොල්ලො බහුතරයක් සම්බන්ධයෙන් ඔය තත්වය වෙනසක් නැහැ. මම ජොකා අඳින්න පටන් ගත්තෙත් හතේ පන්තියට විතර ගියාට පස්සෙ වගේ මතක. මටත් ඔය ගොනා කානුවෙ කතාව අහන්න වෙච්චි අවස්ථා තිබුන.
ReplyDeleteවැඩේ කියන්නෙ කොල්ලො පොඩි කාලෙ නිකං ඉඳල ලොකු වෙනකොට ජොකා අඳිනව.
කාන්තා පක්ෂයේ සමහර අය ඒකෙ අනික් පැත්ත.
Traffic Ano
මම ජොකා ගහන්න පටන් ගත්තේ 8 පංතියේදී. ගොනා කානුවේ කියලා කොල්ලෝ කිච කරන්න ගත්තට පස්සේ දවසක් කිචෙන් බේරෙන්න බැරි හින්දා අයියගේ පටි ජොකෙක් හොරෙන් ඇඳගෙන ගිහින් මාට්ටු උනා. ඊට පස්සේ තමයි මටත් අම්මා පටි ජොකෙක් ගන්න කියලා සල්ලි දුන්නේ. නුවර මාර්කට් එකේ උඩ තට්ටුවේ කෙළවරේම කඩෙන් තමයි ගත්තේ.
ReplyDeleteඔය ගොනා කානුවේ ගියාම ගොඩ දාලාම මගේ කොට කලිසමේ ඒ ස්පොට් එක හම ගිහින් තිබුනා තාම මතකයි.
@ඕනයා
ReplyDeleteඅන්න වචනෙ! මම ඕක මතක් කරපු තරමක් මතක් උනේම නෑනෙ. ඇතාපිට ගමන තමයි සැප.
"අන්ඩ ට්වෙල්ව්" ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියාම බැට් කරන්නය්, විකට් කීප් කරන්නය් දුන්නෙ නැහැ අපේ ක්‍රිකට් කෝච්, යටට ඇඳල නැති වුන්ට. හේතුව දැන් කාලේ නං "බොක්ස්" එක කියන, ඒ කාලෙ "ඇබ්ඩොමිනල් ගාර්ඩ්" එක කිව්ව (කොල්ලො නං කිව්වෙ "බෝල් ගාර්ඩ්" එක කියල) භාන්ඩෙ අපි ගාව පුද්ගලිකව තිබ්බෙ නැහැ, ඉස්කෝලෙ පොදු ඒව පාවිච්චි කලේ. ඒ නිසා තමා ඉස්සෙල්ලම වවුලෙක් අරන් දුන්නෙ තාත්ත මට. ඒ කාලෙ සත හැත්තෑ පහද කොහෙද. DSI පටි ජොකෙක් (Jock Strap) රු.2.25 ක් නැත්තන් 3.25 ක් වගේ බර ගණනක්. පටි ජෝක්කු තිබුන "Wear Well" කියල බ්‍රෑන්ඩ් එකකුත්. පස්සේ තමා "Miniman" කියල චූ කරන්න ජුන්ඩව එලියට ගන්න පුළුවන් Y ශේප් මැහුමකින් හිලක් තියෙන බ්‍රෑන්ඩ් එක ආවෙ.
ReplyDelete@observer
ReplyDeleteY ශේප් මැහුමකින් හිලක් තියෙන බ්‍රෑන්ඩ් එක.....
අර "හිංගියෙ ජලක් කායෝ මීලා" චිත්‍රපටිය ආවෙ ඒ කාලෙ වෙන්නැති නේද?
TA
කස්සා,
ReplyDeleteමගේ මීයා නං සිප් එකට අහු උනා.
http://cyberyaya.blogspot.com/2010/11/blog-post.html
මේ සිද්දි ටිකම තියෙන ලිපියක් සගරාවක දැක්ක.. පහනේ නැත්තම් සන්නසේ... ලියුම් කරු ගෙ නම මතක නෑ... රසික සූරියාරච්චි ද මන්දා... :)
ReplyDelete@කස්සා:
ReplyDeleteමෙතෙන්ට ගිහිල්ල බලන්න . . . . ගොඩාක් කට්ටිය ඉන්නව . . .
මමනං ජොකා ඇන්දෙ අටෙදි. ඒත් තාත්ත එකයි අරන් දුන්නෙ. ඉතින් ඕක ඇන්දෙ ඉරිදටයි, අඟහරුවාදටයි විතරයි. ඉරිද සරම ගහං දහම් පාසල් ගිහින් දැඟලුවම කෙල්ලො මැද්දෙ වාඩි කොරෝනව. අඟරුවාදට PT .අනික් දවස් වලට වෙලිලනං අඳිනව නැත්තං නෑ තමයි.
ReplyDeleteඅපේ යාලුවෙක් ඉන්නව අයි ජී කියල. මිනිහ දිග කලිසම නොගලව ජොකා (වවුල නෙමේ ) ගලෝනව සාක්කුවෙ හිල් වලට අත දාල ( මොකට අඳිනවද මන්ද ඔහොම එල්ලෙන ඇදෙන එකක් )
මම නම් ඔය වවුලා ඇරෙන්න අනික් ඔක්කොම ඇඳලා තියෙනවා. ඉස්කෝලේ යන කලේ 7-8 පන්ති වලදී තමයි මුලින් ම අඳින්න ගත්තේ. ඒ වුනාට මගේ පුතාට අවුරුදු 6 ඉඳල ඒ කියන්නේ එක වසරේ ඉඳල ජොක්කු අන්දනවා අපේ මායියා. වැඩේ කියන්නේ දැන් පොඩි එවුන්ට readymade ජොක්කු තියෙනවා නේ ඕනේ තරම්. ඔය NOLIMIT එකේ තියෙන්නේ හෙන අඩු ගණන් වලට.
ReplyDeleteඔය කොහොම උනත් ගෙදර ඉන්නකොට නම් අමුවෙන් ඉන්නවා වගේ සැපක් තියෙනවා ද?
correction..අමුවෙන් කියන්නේ මුකුත් නැතුව නෙවෙයි. ජොකා නැතුව.
ReplyDeleteපරිසරවේදියෙක් ලෙස මට පේන්නෙ දුර ඈත අතීතයේ එකදාස් නවසිය බර ගනන් වල (කකා මාමා කුඩා කාලෙ)හිටපු මේ වවුල් විශේෂයේ පිරිමි වවුලන් වඳව ගොස් ද්විඛණ්ඩනය හෝ වෙනත් ක්‍රමයකට ගැහැනු වවුලන් පමණක් ඉතිරිව ඇති බවය.
ReplyDeleteඇත්තටම මම කිසිම පොතකවත් කියවල නෑ මෙහෙම වවුලො ගැන.
ඒ අනුව පෙනී යන්නේ කකාශූරීන්ගේ සම්භවය මා සිතුවාටත් වඩා ඈත බවය.
ස්තූතියි.
BTW කසු.. මොකෝ මේ බ්ලොග් අවකාශයේ ඉන්න ගෑනු ළමයි ටික ඊයා කිය කිය දුවන්නේ ? මොකද ජොකා හරි ලන්කට් එක හරි වවුලා කියන්නේ කුණුහරපයක් ද නැත්නම් ඒ උදවිය ජීවිතේටම ජොකෙක් (අහ් සොරි සොරි පෑන්ටියක්) ඇඳලා නැද්ද ??
ReplyDeleteඅනේ සිලෝ මූ තාම වඳවෙලා නැතෝ. අපේ තාත්ත තාම අඳින්නෙ උන්දැම මහන මේ වවුලොම තමයි. මොකද කඩේ එව්ව ඇන්දම කහනවලු ( කඩේ එව්ව වෙන්නැති බැන්දපු කිට්ටුව අඳින්නැත්තෙ කියල අපි තාම විහිළු කරනව තාත්තට. මොකද පඩිපෙලේ හතරක්නෙ!)
ReplyDeleteමමත් ජොකා ගහන්න පටන් ගත්තෙ 7 - 8 වසර වලදී තමයි. වෙනදට නිදාගෙන ඉන්න සතා හිටපු ගමන් නැගිටලා කූඩාරම් ගහන්න පටන් ගත්ත කාලේ ඕක නැතිව බැරි උනා. ඉතින් ගෙදර ගිහින් බිම පෙරලිලා අඬලා ඔයින් දෙක තුනක් ගෙන්න ගත්තා....!
ReplyDeleteහැබැයි දැන් උනත් මම ඔය ලඟ පාතකට කාගෝ ශෝට් එකක් එහෙම ගහලා යනකොට යන්නෙ ෆ්‍රී වීල් තමයි....!
නිදහස් සිතිවිලි වලට වැට බැන්ද ජොකා...
ReplyDeleteගලවල දානකන් ඉවසිල්ලක් නැති ජොකා...
දැනෙනවා සනීපයක් නැතුවම මේ ජොකා...
කවුද පුරුදු කරේ මේ .................... ජොකා......................
Lanket (Luncut) triggers a lot of meomories in the Chamindas of a certain vintage. I guess the word 'bodiya' would trigger memories in the minda of Malkanthis.
ReplyDeleteThe etymology of the word lunket remains still remains a mystery, needing to be solved by an enterprising Phd student in linguisitcs.
Lanket is a very colourful item of dress. Lankets were made from left over pieces of fabric. The leftovers pices after sewing shirts, sarnogs and every other garment were used by the tailor to make a lanket. Hence they came in technicolor. Sometimes the lankets were sewn from a mosaic or patchwork of left over fabric. The colours of the lanket reminds one of the small flags hung in Buddhist temple premises.
The lankets hanging on a clothesline is a dazzling sight too.
The ritual of putting it on and taking it off is as colour ful as its fabric. For instance you untie the sarong, grasp the edge of the sarong by your teeth, insert the leg into the lanket (lanket has only on leg, of course), then tie the two strings.
Often the strings are caught in versy stubborn knots. The lanket wearers spend long frustrating minutes trying to unravel the knotted strings. Sometimes the strings break off and these are temporarily fastened with safety pins (katu).
Before the DIS and BFI jockstarps came into the market, Velona company marketed a lanket made of banin fabric. This lanket is not of the classic lanket design. Fir it did not have strings and open leg. It is more like todays Jockey brief .
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
මේ කතාව බලන්න එපා කියා කාන්තාවන්ට වෝනිං එකක් දාන්න අමතක වෙලා මං අර ටවුමේ කඩෙන් ජොකෙක් ගත්තු කතාවේදී කළා වගේ.
සොරි හොඳේ?
තවත් කතන්දර දෙකහමාරක් ලියලයි තියෙන්නේ. ඒවායේ දී දාන්නම්!
මම තුන වසරේ ඉදන් අඛන්ඩව මේ වෙනකල් අදිනවා!
ReplyDeleteගොනා කානුවෙ වෑටීමෙ අනික් පෑත්තෙ අබෑද්දිය තමයි අල්මාරියට අහුවීම. සරම ඈන්දගෙනඉන්දලා නෑගිට්ටහම නිතර මෙම ගෑටලුව මතු වෙනවා. ඇල්මාරියට අහුවීම ගවුම් සාය අන්දින බවලත් පක්ශයෙ අයටත් බල පානවා. මෙක සර්වලොක ගෑටලුවක්. Wedgie කියන ස්ලෑන්ග් වචනයෙන් එක පෑහදිලි වෙනව
ReplyDeleteකොලඹ වර්ල්ඩ් මාර්කට් එකෙ වෙලෙන්දො "ත්‍රී ඉන් වන්" සහ "ටූ ඉන් වන්" කියල කෑ ගහ ගහ වවුලො සහ බොඩි වික්ක බව තවම මතකයි.
මේ කතාව මටම කිව්වා වගේ. මමත් 5 ශිෂ්‍යත්වෙ පාස් වෙලා තෝලංගමුව සෙන්ට්‍රල් එකේ හොස්ටල් දානකන් ජොක්කු මොකුන්ද කියල දැනගෙන හිටියෙ නෑ. මුල්ම දවස්වල ලෑස්ති වෙන කොට කොල්ලො සරම කටින් අල්ලගෙන සරම අස්සෙ අතදාගෙන මොකක්ද කරනවා. සේරම පේලියට ඇඳ උඩ නැගලයි මේක කරන්නේ. මමත් ඒක බලා ඉඳල උන් වගේ ඒ වෙලාවට සරම දත්වලින් අල්ලගෙන සරම අස්සට අත දාගෙන ඉන්නවා. මේ මොකක්ද කියල තේරුම් ගන්න මාසයක් විතර ගියා.මොකක්ද මේක කියල දැනගත්ත ගමන් මට ලන්කට් දෙකක් එවන්න කියල අම්මට ලියුමක් දැම්මාග ඊ ලඟ සැරේ මා බලන්න තාත්ත ආවෙ වවුල්ලු දෙන්නෙක්ම අරගෙන.
ReplyDelete