Wednesday 12 October 2011

දුකට පුං! Am I a pessimist?


සමහර නවකතා, කෙටිකතා හෙම බැලුවාම ඒක නිකං හින්දි චිත්‍රපටියක් වගේ ය කියලා කියවෙනවා නේද?

ඒකට හේතුව තමයි, හින්දි විත්‍රපටි කියන්නේ කෙල්ලටයි, කොල්ලටයි මොන බාධක, හිරිහැර, කරදර, දුක්, කම්කටොලු ආවත් අන්තිමේදී දුෂ්ඨයාව පරදලා, තාත්තා ගේ කැමැත්ත එක්ක බඳින්න හම්බවෙන නිසයි.

හරියටම ඔය මොහොතේ අර නැතිවෙච්ච නිවුන් සහෝදරයාත් ඔතනට එනවා.

මඩොල්දූව, අඹ යහළුවෝ වගේ අපිට කියවන්න ලියපු ළමා කතා පවා ඉවරවුනේ ජොලි මූඩ් එකෙන්.

මං නං සාමාන්‍යයෙන් කැමති දුක්බර කතන්දරවලටයි, විරහ ගීතවලටයි, කඳුළු චිත්‍රපටිවලටයි.

ඒ හින්දමද මන්දා මං කවියක් වුනත් ලියන කොට ටිකක් දුක වැඩියෙන් හිතට අරගෙන තමයි ලියන්නේ.

මං පේරාදෙනියේ ෆස්ට් ඉයර් එකේ ඉන්න කාලේ ලියපු ඒ වගේ දුක්බර කවි රාශියක් පහුගිය දවස්වල මේ කතන්දර බ්ලොග් එකේ දැම්මා. පේරාදෙනි යන්න නොලැබුණ නිසා පොඩ්ඩක් හරි දුකක් හිතේ තියන් හිටපු සමහරු ඒ කවි කියවලා, ඒ ආකාරයෙන්ම හිතට අරං, තමන් ගේ හිත සතුටු කරගත්තා. මටත් සතුටුයි!

මගේ දුකට බර ගතිය අද මට වුනත් පෙනෙන හොඳම උදාහරණය තමයි මේ පහලින් තියෙන දුක කියන කවිය.

මේ කවිය ලියවුනේ අපේ ෆර්ස්ට් ඉයර් විභාග ප්‍රතිපල ආපු කාලේ. අපේ බැච් එකේ හිටිය 250 දෙනාගෙන් විෂයයන් සේරම පාස් වුනු 89 දෙනාගෙන් එකෙක් මංතුමා.

ඒ ජොලිය මගේ හිතේ තිබිලා මගේ ආකෘතියේ කවියක් විදියට එළියට ආවේ මෙන්න මෙහෙමයි. බලන්න එකෛත් හැටි නේද?

දුක

ආණ්ඩුවෙ විභාගය
සමත්වුණු වරදට
දඬුවම
කම්මලක හිරගෙයට
බරපතල වැඩ ඇතුව

මුල් වසරෙ විභාගය
සමත් වුණු වරදට
දඬුවම දිගු විය
තවත් තුන්වසරකට


-කතන්දරකාරයා

ප/ලි:
ෆේල් වුණා නම් මොනවා ලියවෙන්න තිබුණාද මන්දා?

(image: http://www.defensivepessimism.com/)

21 comments:

  1. ෆේල් වුනා නං තමා දුකට පුං

    ReplyDelete
  2. ෆේල් උනානනං වෙනදේ ඔය නියමෙට කියලා තියෙන්නෙ ඔබා අයියන්ඩි.

    ඒක නෙමේ මේ මොකෝ කතන්දර හවස් ජාමේ කතන්දර දාන්ඩ අරං තියෙන්නෙ?

    අර එදා අපිට කියලා දුන්නු පරිප්පු එක මම හැදුවා ඊයේ පෝය දවසෙ.... සික් කියලා වැඩන්නැ කමෙන්ට්ස්....

    ReplyDelete
  3. ඔබා මාමටත් යමක් කමක් තේරෙනව එහෙනං,,

    ReplyDelete
  4. ඇත්ත ..........

    මාත් හැමවෙලේම ලියන්නේ නෙගටිව් කවි, කතා කියල ගොඩාක් දෙනා කියනවා.“මොකද සොඳුරු දුකින්“ ගොඩාක් අය අහනවා...ඒ වුනාට මං ඉන්නේ ඒ තරම්ම දුකින් ද කියල මටත් හිතාගන්න බැහැ.

    දුකත් රසයක්...මාත් කැමැති ඒකට...

    කතන්දර නම් ඉතින් දුක් කවි ලීවට ජොලියෙන් ඉන්න පොරක් නෙව. කමෙන්ටුවක් දැම්මත් හාස්‍යෙයන්.... අනේ මන්දා....

    “දුකම සතුටක් වෙලා “ කියල තමා කියන්න වෙන්නේ...ඒක නෙමෙයි මොකද මේ කෑමට පෙර එකයි....කෑමට පසු එකයි වගේ ..

    කමක් නැහැ..ඒකත් හොඳා..කතන්දර ටික ලියල ඉවර කරන්න බැරිතරම් නෙව..

    ReplyDelete
  5. ෆේල් උනානම් ලියවෙන්නේ 'මුල් වසරෙ විභාගය සමත්වුණු වරදට' කියන තැනට 'ෆේල්වුණු වරදට' කියලනේ
    මොකෝ ෆේල් උනා කියලා එලියට දාන එකක්යැ, රිපීට් කරනවා මිසක්!:-)

    ReplyDelete
  6. පුං ගහපු එක හොඳයි එක අතකට බලද්දි පං ගහන්නෙ නැතුව

    ReplyDelete
  7. දැන් දවසට පෝස්ට් දෙකක් දානවද?...:D

    ReplyDelete
  8. මමත් ඔය දුක්ඛ රසයට වැඩි මනාපයක් නෑ. අර උඩ පින්තුරෙට දාල තියෙන පොත හොඳද?

    ReplyDelete
  9. විඳිනව නම් ඔය නවනළු රසයම විඳින්න පුරුදු වෙන්න ඕන

    ReplyDelete
  10. මේක මල මඟුලක්නේ... විභාගෙ පාස් වුනත් දුක්ඛ රසය, ෆේල් වුනත් දුක්ඛ රසය! මොකදෑ මේ???

    ReplyDelete
  11. අනේඅපි මේ හිරේ යන්න බැරුව දඟලනව! :( :( ඔය හිරේ එපා කට්ටිය එලියට අැවිල්ල අපට හිරේ යන්න දෙන්නෑනෙ! :(

    ReplyDelete
  12. //ඒකට හේතුව තමයි, හින්දි විත්‍රපටි කියන්නේ කෙල්ලටයි, කොල්ලටයි මොන බාධක, හිරිහැර, කරදර, දුක්, කම්කටොලු ආවත් අන්තිමේදී දුෂ්ඨයාව පරදලා, තාත්තා ගේ කැමැත්ත එක්ක බඳින්න හම්බවෙන නිසයි. //

    අවසන් වතාවට හින්දි චිත්‍රපටයක් නැරඹුවේ කවදාද ??

    ReplyDelete
  13. මාත් එකපාරින් ගොඩ ගිය නිසා දුකට පුං !!!!
    කයි කතන්දරෙත් ලස්සනයි.

    ReplyDelete
  14. අනේද කියන්නේ කැම්පස් නොගිය අපිනේ දුක් වෙන්න ඕන ? කැම්පස් ගිය ඇත්තොන්ට සදා සතුට .

    ඇත්තටම කීවොත් ඒකාකාරි හින්දි ෆිල්ම් තිබුනේ ඉස්සර දැන් එවාගේ නියම විවිධත්වයක් තියනවා ! දැන් කාලේ අවසානේ මොනාවෙයිද කියලා හිතාගන්නවත් බෑ ..

    ReplyDelete
  15. විභාගය සමත් වෙලත් දුකක්...

    ReplyDelete
  16. ෆස්ට් ඉයර් විභාගයෙ නියම සතුට ලැබෙන්නෙ රිපීටි ඒග්සෑම් වගෙ සිරා ඒකකට සිලෙක්ට් වුනානං තමයි.
    ට්‍රැෆික්

    ReplyDelete
  17. “The pessimist complains about the wind; the optimist expects it to change; the realist adjusts the sails.”

    මයියා හිත්න්නේ කකා ට ඒ දවස් වල ඩිප වැදිලා තියෙන්නේ...

    ReplyDelete
  18. කසු ලගේ batch ඒක හොඳයි එහෙනම් අපට වඩා. අපේ 334 හිටපු batch එකෙන් පළමු වසරේ subjects 7 ම ගොඩ දාගත්තේ 104 ද කොහෙද. ඒ කියන්නේ 1/3 ටත් වඩා අඩුයි. (අපි වගේ අපතයෝ නේ වැඩිපුර හිටියෙ LOL)
    Repeat exam එකට තිබ්බ මාස තුනේ අපිත් අපේ බැචාලා එක්ක හරි හරියට boading වල වාත වුණා. උන්ට කුප්පි දාන්න, අපේ notes හොයල දෙන්න. (ඒ කියන්නේ notes ලිව්වට ඊට පස්සේ ඒවා කොහේ දැම්මද කියල අපිම දන්නේ නැහැ)
    සමහර අපේ බැචාලා/බචිල උපන්තේකට exam එකක් ෆිල් වෙලා තිබුනේ ඔය First yr exam තමයි. ඉතින් උන්ගේ හිත හදල repeat එකට සෙට් කරන එකත් මාර ගේමක් උනා.
    First year ඉවර වෙනකොට තිබ්බ යාළුකම් උපරිම අවදියේ හින්ද ඔය කාරණා අපිත් දරාගත්තේ හරි හිත් වේදනාවකින්. ඒ හින්ද මට නම් කසු ගේ කවිය දුක් කවියක් වෙච්ච ඒක තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
  19. @ට්‍රැෆික් ඇනෝ,
    හික් හික්... දවසේ කියමන... අපෙත් හිටිය ඔය වගේ talks දීපු එවුන් repeat එකට පාඩම් කරන කාලේ. අපි ඉතින් මොකුත් කිව්වේ නැහැ පවු කියල.. LOL ....

    ReplyDelete
  20. දුක හිතෙන කවි සින්දු ,ඕනෑම කෙනෙකුගේ හදවතට වැඩි බලපෑමක් එල්ල කරනවා. කවියෝ හුඟ දෙනෙක් ජනප්‍රිය වෙලා තියෙන්නේ දුක්බර කවි නිසාම තමය්.
    *වසිලිස්සා*

    ReplyDelete
  21. ආයිත් යන්න ඇත්නම්
    ඒ හිරගෙදරට
    බරපතල වැඩ ඇතුවත්
    මං නම් යනවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.