ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 16 June 2010
ගෙදර පොඩි අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා
අපේ ගෙදර වැඩ පිළිවෙල මෙන්න මෙහෙමයි.
ඔන්න මං උදේ හතට විතර දනිපනි ගාල අවදිවෙලා, බාත්රූම් එකේ සින්දු දෙකක් විතර කියල, ඇඳ පැලඳ ගෙන, කතන්දර හාමිනේ හදල දෙන තේකත් බීල කෑම එකත් අරගෙන වැඩට යනව.
හාමිනේත් ඉතිං ඇඳ පැළඳ ගෙන, පුතංඩියවත් ඉස්කෝලෙ දාල තමන්ගේ සේවා ස්ථානයට යනව.
මං තුමා ගෙදර එන්නේ රෑ බෝවෙලා. ඒ වෙන කොට කතන්දරහාමිනේ ගෙදර ඇවිත්. ආපු ගමං මං හාමිනේ දෙන තේක බීල පොඩ්ඩක් ඇඟපත හෝදගෙන, සින්දුවක් දෙකක් කියල, ජාලෙ පැත්තෙ සැරිසරනව රෑට කොටා බාන්න මොනව හරි සෙට් වෙන තුරු.
ඊයෙ, කවදාකවත් නැති විදියට කලින්ම ඔෆිස් එකෙන් පැනගන්න පුළුවන් වුනා.
මං ගෙදර එනකොට වෙනද වගේ කළුවර වැටිලත් නෑ. හාමිනේ ගෙදර ඇවිල්ලත් නෑ.
ඉතිං ඇඟ පත හෝදගෙන, ඔව්, ඔව්, සින්දුවක් දෙකක් කියල, පුටුවකට වෙලා පරණ පත්තරයක් බලන්න පටන් ගත්ත.
ඔන්න පැය තුන්කාලකට විතර පස්සෙ මෙන්න එනවා කතන්දරහාමිනේ පොඩි එකාත් එක්ක ගෙදර.
එයාව දැක්ක ගමන් මට හරි ජොලියක් ගියා.
"ඇති යාන්තං ඔයා ආවද? මං නං ඇවිල්ල දැං පැයක් විතර වුනා. මං මේ මග බලාගෙන උන්නේ ඔයා එනකං තේකක් බොන්න!"
ඇයි අනේ හාමිනේ ගේ කට ඇදවෙලා ගියේ? සාමාන්‍යයෙන් නං එයා තේ බොන්න කැමතියි. මට තේක හදල දුන්නු ගමංම එයත් එකක් හදාගෙන බොනවා.
අනේ මන්දා? තව සින්දුවක්වත් ලියන්න වෙයිද?
කතන්දරකාරයා
ප/ලි:
මේ දවස්වල ටිකක් බිසි. බෝල බෝල මැටි එක එක ගෙනෙනව.
Subscribe to:
Post Comments (Atom)
මූණ කට එහෙම තාමත් ඒ විදිහටම තියෙනවද?
ReplyDeleteහැබැයි කතන්දර අයියෙ මේක ශේප් කරන්න නම් සින්දුවක් ලියල විතරක් මදි. ඒක ගායනා කරල බෙදාහරින්නත් වෙයි වගේ.
ගායනය ගැන ඉගෙනගන්න ඕන නම් මාරයියගෙන් අහන්නකො. එයා කියල දේවි බ්ලොග් එකේ සින්දු කියන හැටි
Moral of the story:
ReplyDeleteඔෆිස් කට් කිරීමෙන් පවුල් අවුල් ඇති විය හැකියි
හෆොයි ඒ මක්කැයි ඒ වෙලා තියෙන්නේ........... කසූ ඔන්න ඔහේ ලියමු අනේ සෝන්ග්ස් එකක් කතන්දල හාමිනේට.
ReplyDeleteදුර තියාම ආපු පොටත් හරියන්නෙම නෑ.........
ෂේප් ටෝකක් දාල බැලුව හරියන පාටක් නෑ.....
හාමිනෙ ගෙදර ආවත් අද හවස තේනම් නෑ......
සින්දු කෑල්ලක් ලියල කියෙව්වොත් හරියයිද දන්නෑ.......
මෙන්න කසූ හිතෙන් කියපු රැප් කෑල්ල..........
කසූ සිංදුව ලිව්වම ඒකට මේක දාල බලමු හික් සහ ලොල් :P
හොඳයි ඔයාට ඕන හාමිනේගේ ඉහේ මල් පිපුන වගේ සිනාවක් දකින්න නේද.... හරි එහෙනම් මෙහෙම කරල බලන්න... ආයෙත් දවසක හාමිනේටත් නොකිය ටිකක් වේලපහ ගෙදර එන්න.හරිද..ඊට පස්සේ නාල කියල.. ඔවු ඔවු සින්දු 2ක් බැරිනම් තුන හතරක්ම කියල... කුස්සිය පොඩ්ඩක් අස කරල... වතුර එකක් එහෙම උණුකර ගන්න. ඊට පස්සෙ.. ගේත් පොඩ්ඩක් අස් කරන්න....
ReplyDeleteහරි හරි හැමදාම නෙමෙයි නෙ...
ඔන්න ඔන්න හාමිනේ එනව... එනකොටම ඉස්සරහට ගිහින් කියන්න. ආහ් ඔයා දැන්ද අනේ එන්නේ .. මම නම් අද ඇවිත් පැය දෙකක් විතර ඇති... දැන් වතුර උණු වෙනවත් ඇති. ඉන්න මම අපි දෙන්නට බොන්න තේකක් /දෙකක් හදන්න කියල කියන්නකො බලන්න....
ආව් ආව් හාමිනේගේ මූණ හැටි බලහන්...ආව් ආව්....
හිහ්..... බලහන්කො කතන්දරගෙ මූණෙ හැටි විතරක්..ඇයි තේ බොන්න ආස නැතෙයි....
හෙට ඉඳන් සතියක් කන්න හොඳ කඩයක් හොයපන් . . .
ReplyDeleteගෙදර වැඩ බෙදා හදාගෙන සහයෝගයෙන් කරන්න ඕනෙ නේ. හාමිනේටම කුස්සි දෙපාර්තමේන්තුව භාර දෙන්නේ නැතිව පුලු පුලුවන් විදිහට සප් එක දෙන්න එපැයි.
ReplyDeleteවත් අක්කාගේ කතාවට මාත් එකඟයි
ඔෆිස් එකෙන් කලින් පැන්නත් , කලින් ගෙදර එන්න එප කියලයි මේකෙන් කියවෙන්නේ!!! :))
ReplyDeleteඈත්තට කතන්දර ඈයි එහෙම වෙන්නෙ! මටත් කොච්චර හරි වෙලාවක් නොකා නොබී හිටියැකි තේ එතක් හදලා දෙනකං! හදල දෙන එකක් වගේ නෙමේ, හදාගෙන බිව්වම බිව්වත් නිකං බිව්වෙ නැ වගේ නේ!
ReplyDeleteඅඩ් ඩඩ් ඩා ..කලින් ඇවිත් ඉදලත් බැරි වුනාද තේ එක හදාගන්න.කාන්තා පාර්ශවයට වැඩ වැඩි.අපි කාන්තාවන් වෙනුවෙන් නැගීසිටින්න ඕන.
ReplyDeleteකාන්තාපක්ෂයට බලන්න එපා කිව්වට ඉතින් ඕක නොබල ඉන්න පුලුවනැයි.ඔන්න ඔහේ කියෙව්වා.නොබල හිටියනම් හොදයි,නිකන් ලේ රත් වෙනවා..හි හී
දැන් ඉතින් "මගේ සුදු මැණික මම ඔයාට ආදරෙයි" කියල පොඩි චිට් එකක් වත් යවන්න.
may be you should've made tea for both without waiting for her to arrive home... would've been a pleasant surprise for your wife.
ReplyDeleteඅලේ මංදා කතන්දරත් කරගන්න දේවල් :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකාන්තා පාර්ශ්වයත් එක්ක වැඩ කරන්න ටිකක් අමරුයි කසූ... ඉදල හිටල හරි අපි එයාලගෙ වැඩකට පොඩ්ඩක් උදවු කරනවනම් තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න බැරි වෙන එකක් නෑ. මගේ තියරිය ඒක.. අත්දුටුවයි සත්තයි
ReplyDeleteඇති ඔයින් ගියා. සිංහ ජෝඩුවේ කතාවේ අලුත් වරිෂන් එක බලන්න තියෙන්න ඇති. වැඩේ ෂේප් කරගන්න අලුත ගේ හැදුවම ගෙට නම දානකොට හාමිනේගේ නමවත් දාල බලන්න. එතකොට සමහර විට ආපසු තේ ලැබෙයි.
ReplyDeleteඑල වැඩෙ......
ReplyDeleteමමත් ඔහොම තමයි... අව්රුදු 6ක් ම තේ 1ක් වත් හැදුවෙ නැ...
ඉටපස්සෙ වයිෆ් තමයි හැම දෙම කලේ (last 1 1/2 year)....... එත් දැන්.........
වයිෆ්ටතෙක්ක මම තමයි හැම දේම කරන්නෙ......
එ කියන්නෙ යාලුවනෙ මම තත්තකෙනෙක් වෙන්න යන්නේ.....
EEEEEEEEEEE .........
ක.ශු. හෙ නව නිවසට සුබපැතුම්........
ඇස්වහ කටවහ දුරුවෙවා................!!!
මේ කතාවට ඌණ පූර්ණයක් ලිව්වා. තව ටිකකින් පබ්ලිෂ් කරමි.
ReplyDeleteමගේ කතාවේ උත්ප්‍රාසය සමහර අයට තේරිලා නෑ වගේ.
ReplyDeleteමොනවා වුනත් දැක්වූ ප්‍රතිචාරවලට මගේ හද පත්ලෙන්ම ස්තුතිය පුදකරමි.
අනේ දෙය්යනේ තේ එකද උන්දැද ලොකු. තේ නැතත් මොකැයි උන්දැ ගෙදර ඉන්නකොට නෙවද අප්පා..!
ReplyDeleteමාරයි ඈ......
ReplyDeleteකතන්දරකාරයා ඉතිං වයිෆ්ට කතන්දරයක් කාරිය කිව්වෙ නැතෙයි.. ^_^