
ඊයේ මං කියපු "ගෙදර පොඩි අවුලක්" කතන්දරේ ටිකක් අසම්පුර්ණයි.
මං ලියපු හරිය හරි. ඔන්න මං කලින් ගෙදර ආපු දවසේ හාමිනේ ගෙදරට ගොඩ වදින කොටම මං කිව්වා, "ඔයා එනකං මං හිටියේ තේ එකක් හදල බොන්න" කියලා.
"ඇයි අනේ මං නං ඔයා එන කොට තේ හදලා දෙනවානේ" කියලයි පිළිතුර ආවේ.
හාමිනේ දැනගෙන නොහිටි කාරණය තමයි මං ඒ වෙන කොට කේතලේ ප්ලග් කරලයි හිටියේ කියන එක. විනාඩි තුනකින් තේ එක හාමිනේට දීලා මූණ පුරෝලා උම්ම එකක් ගත්තා!
"මං තුමා" කුස්සියේ ඬැඩට එච්චර හපනෙක් නෙමේ. ඒත් අවස්ථාවක් ආවොත් අත අරින පුතයෙක් නෙමේ. මං උයන්න කැමතිම දේවල් තමයි, පරිප්සු සහ මස් මාංශ.
ගෙදරට කවුරු හරි පිරිසක් එන දවසට ඔය කියන දේවල් මගේ අතින් තමයි නිම වෙන්නේ. සලාද හදන එකත් මං කැමත්තෙන් කරන දෙයක්.
හැබැයි පුතෝ, වට්ටක්කා, බණ්ඩක්කා, බෝංචි වගේ අනං මනං වැඩ වලට නං මං ඇඟිල්ල ගහන්න යන්නේ නෑ. වරිගෙ නහ ගන්නෙ මක්කටැයි?
අපේ හාමිනේ හරිම එඩිතරයි. අර බෝල බෝල මැටි කේස් එකෙත් මුල් තැන අරං ඉන්නෙ එයා. මට තියෙන්නේ එතුමිය කියන කියන හැම දේටම "හා, ඩාලිං" කියන්න විතරයි.
අන්තිමට කියන්න ඕනැ, මං ඊයේ කතන්දරේ කොලේ වහලා ලිව්වෙ ඇයි කියලා.
මිනිස්සු කොච්චර හොඳ වුණත් නිවසේ ගෘහණියට ඇති වැඩ කොටස නං අඩු වෙන්නේ නෑ. සමහරුන්ට මගේ කතාවේ තිබුණු උත්ප්‍රාසය නොතේරුණා වගේ පෙනුනත්, මගේ අර්ධපූර්ණ කතන්දරේට උත්තර බැඳපු හැමෝම වගේ මට දීල තිබුණ උපදෙස් ඉතා හොඳයි.
ඇත්තම ඇත්ත කතන්දරයකින් ආයේ හමුවෙමු.
කතන්දරකාරයා
ප/ලි
මේ ඌණ පූර්ණය ලිවීම සඳහා අපේ ගෙදර කිසිවෙකුගෙන් මට කිසිදු බලපෑමක් නොවුණු බව මෙයින් සහතික කරමි.
අපිට පුලුපුලුවන් විඩිහට උඩවු කරන් එක තමා හොදම වැඩේ....
ReplyDeleteඅන්න හොඳා.. එහෙම තමා යහපත් ස්වාමිපුරුෂයො ඉන්න ඕනෙ..
ReplyDeleteදෙන්නට දෙන්න සහයෝගයෙන් ඉන්නවනම් කිසි ගැටළුවක් ඇති වෙන්නේ නෑ
ReplyDeleteකසූ අලුතෙන් ගෙයක් හදනව වගේ... සුභ පැතුම්
ReplyDelete"විනාඩි තුනකින් තේ එක හාමිනේට දීලා මූණ පුරෝලා උම්ම එකක් ගත්තා!"
ReplyDeleteගෙදර අවුලක් මෙන්න ඇත්ත,
ගෙදර ඇවිත් පැය ගානක් වෙලත් හාමෙන්ට තෙකක්වත් හදාගන්න බැරි උනාට මූණ පුරෝල එකක් හම්බ උනා...
කොහොමද ඒක...
නව නිවසේ වැඩකටයුතු සාර්ථකව නිමවේවායි පතමි.
ReplyDeleteසහයෝගයෙන් ඉන්න එක තමයි වටින්නෙ. කතන්දරත් බලාගෙන ගියාම නියම වැඩකරු නෙව.
ReplyDelete:D
@ All
ReplyDeleteඅපි දෙන්නා නිකං ලුනු දෙහි වගේ තමයි.
ඔබ සැමටත් එසේම වේවා!
කතන්දර කියන එක ඇත්ත. ගෙදර උයන එක කාන්තාවන්ටම අයති වැඩක් කියලා අපි හිතනවනම් ඒක හුඟක් වැරදි අදහසක්. උයන්ට බැරිනම් අඩුම තරමේ උදව්වක් වත් කරන්න බැරිද. අනෙක ලෝකේ නම් දරාපු Chef ලා ඔක්කොම වගේ පිරිමි අය නේද. ඉතින් ඇයි අපට තේ එකක් වත් හදාගන්න බැරි. උයන දවසක කියන්න අපිත් රස බලන්න එන්නම්.
ReplyDelete@කතන්දරකාරයා,
ReplyDeleteනියම ස්වාමිපුරුෂයෙක් නේ.
ප.ලි
මම දාපු බ්ලොග් post එක ගැන කිව්වට ස්තූතියි.මම ඒක ඉවත් කලා.නොදැනුවත්ව උන වැරදීමට සමාව ඉල්ලනවා.
අම්මප කතන්දර, නෝන ගෙදර එනකන් කේතලේ ප්ල්ග් කරගෙන ඉඳලා ඒක ලියලා මේ පොඩි කොල්ලන් අතර මාර ආදර්ශමත් ස්වාමි පුරුෂයෙකුත් වෙලා නේද?
ReplyDeleteඉරිසියත් හිතෙනවා ඉතින්....!