
මං පොඩි කාලෙ පහේ පන්තියෙ ඉන්න කොට මට ලොතරුයි දිනුමක් ඇදුනොත් කියන මාතෘකාවෙන් රචනාවක් ලිව්ව හැටි ගැන මීට කලින් ලියපු කතන්දරේ බැළුව නේද?
සල්ලි වලින් කරන වැඩ ගැන ලියනව ට වැඩිය හිත හිත හීන බලන එක එදත් අදත් ජොලි වැඩේ.
ජැක්සන් ඇන්තනි ගෙ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න හිතාගෙන ඒ දවස්වල ගත්තු ලොතරැයි ඇදුනෙ නැති හින්ද කාලයක් නොගෙන හිටියත්, තාමත් මං විටින් විට ලොතරැයි ගන්නව. හැබැයි ඒ ජැක්පොට් එක මිලියන් පහක් හෝ ඊට වැඩි වුණහම විතරයි. එතකොට තමයි ලොතරැයිය ලාවට හරි සාධාරණ තරගයක් (a fair game) වෙන්නෙ.
ඒ සාධාරණ තරගය කියන එක ගණිතමය සංකල්පයක්.
ඒ කියන්නෙ ඕනැම ලොතරැයියක් ඇදෙන්න හැකි සම්භාවිතාවයක් තියෙනවනෙ. උදාහරණයක් විදියට අංක හතලිස් පහක් තියෙන ලොතරැයික අපි ලකුණු කරන අංක පහට අයිති පිං-පොං බෝල ටික ගිරා කූඩුවෙන් එලියට එන්න තියෙන සම්භාවිතාවය 5x4x3x2/(45x44x43x42x41). ජැක්පොට් තෑග්ග රුපියල් කෝටියක් නම්, ඒක මගේ ටිකට් එකට ඇදීමේ අපේක්‍ෂාව වෙන්නේ දිනුම x සම්භාවිතාව:
10,000,000 x 5x4x3x2/(45x44x43x42x41)
(වැඩේ සරල වෙන්න ඊලඟ ගිරා කූඩුවයි අනිත් පොඩි පොඩි තෑගි ටිකයි අමතක කලා).
ඒ කියන්නේ දැන් අපි රුපියල් විස්සක් දීල කෝටියක් තෑග්ග තියෙන ලොතරැයි ටිකට් එකක් ගත්තහම ඒකේ අපේක්‍ෂාව රුපියල් අටකුත් ශත ගාණක් විතරයි. ජැක් පොට් එක ලොකු වෙන තරමට තරගය සාධාරණ වෙනව.
මේක සසඳලා බලන්න දෙන්නෙක් එකතු වෙලා බූරුව ගහනව හරි, කාසියක් උඩ දානව හරි කියල රුපියක් විස්ස, විස්ස දෙන්න දාල ඔට්ටුවට. දිනීමේ සම්භාවිතාවය 0.5 යි. දිනුම රුපියල් 40 යි. අපේක්‍ෂාව රුපියල් 20 යි. මේක සාධාරණ තරගයක්.
අමතක වෙන්න කලින් මේකත් කියන්න ඕනැ. මං ගිය සුමානෙත් ගත්ත ලොතරැයියක්. ඒ මොකටද දන්නවද? අර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කරන්න ගිහිල්ල පුදන කොටම කාපි යකා වගේ මුහුරත් උළෙලෙන් පස්සෙ නතර වෙලා තියෙන දුටුගැමුණු චිත්‍රපටියෙ අළුත් නිෂ්පාදකය වෙන්න.
මොකද මාත් ඉතිං දුටුගැමුණු ට කැමති, දුටුගැමුණු ගැන කතන්දර ලියන පොරක් නේ!
තවත එකක්. මං ලොතරැයියක් ගත්තත් ගනනේ එක ම එක ටිකට් එකක් විතරයි. වාසනාව තියෙනව නම් ඇදෙන එක ඇදෙනවමයි. ටිකට් ගොඩක් ගන්නෙ ඇයි?
ලොතරැයි සිහිනය දිගටම.....
කතන්දරකාරයා
(මෙහි වූ ගණිත දෝශයක් facebook එකේ දී පෙන්වා දීම ගැන වසන්ත ට මගේ ස්තුතිය.)
ෂික් විතරක් කතන්දර
ReplyDeleteමේ වගේ ලිපි ලියන්න ගත්තම කියවන අය මොනව හරි ඉගෙන ගන්නවනේ?
ඒකෙන් පාඩුවක් වෙන්නෙ නැද්ද?
@ Hakawathi
ReplyDeleteකෝ මේ චුල්ල ගණිතයා ත් කොහෙ ගියා ද නෑ නේ? අපි වගෙ කණයොත් දැං පංඩිතයෝ!
කකා
නියම ගණිතමය විශ්ලේෂණයක් !!!
ReplyDeleteහැබැයි මමත් කැමති කතන්දර වලට !
අනේ කතාන්දර මාමේ.....!! අපිත් ඔයාගේ කතා කියනවානේ.. වැරදිලාවත් ඔය එකක් ඇදුනොත් අපිටත් සීයයට එකක් වත් බෙදා දෙන්න හොදේ......!
ReplyDeleteලොතරැයි ඇදෙන එක වාසනවක්ම කියල කියන්නත් බැහැ නේද...නැති නාස්ති වෙලාම යන්නත් පුලුවන් මම හිතන්නෙ.
ReplyDeleteසතුටුයි සන්තොශයි. ඔහොම යන්
ReplyDelete