Friday 23 September 2011

ඉස්කෝලේ නම හංගන්නේ ඇයි? I have nothing to hide!


තමන්ගේ ජීවිතයේ විවිධ අත්දැකීම් ඇසුරෙන් ලියන බ්ලොග්කාරයෝ හුඟ දෙනෙක් තමන් ඉස්කොලේ කාලෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබපු ටෙක් එක, ඉන්ස්ට්ටිටියුට් එක, යුනිවසිටිය ගැන එලිපිට නම සඳහන් කරමින් ලිව්වාට, බොහෝවිට ඊට වඩා කාලයක් තමන් ගත කළ ඉස්කෝලේ ගැන ලියන කොට නම ලියන්නේ නෑ.

මේ ලඟදී මං බ්ලොග් එකක කියෙව්වා පාසල් ගුරුවරයෙක් ළමයෙකුට කළ පහර දීමක් ගැන කතාවක්. ඒක දරුණු චෝදනාවක්. නීතියෙන් දඬුවම් දිය හැකි වරදක්. නමුත් මේ කතාවේ ඉස්කෝලේ මොකක්ද කියලා කෙලින්ම සඳහනක් නෑ. (පස්සෙ දැනගත් විදියට මේක "ලූ!" කතාවක්! ගීතක ගේ පාසල ගැන ගීතක ගේ අත්දැකීමක් නෙමේ).

මාත් ඇතුළු අපේ හුඟ දෙනෙක් යුනිවසිටිය ගැන නමින් ම ලියන්නයි, ඉස්කෝලේ ගැන කොලේ වහලා ලියන්නයි හේතුවක් තියෙනවා.

මට හිතෙන හැටියට ඒකට හේතුව තමයි ඉස්කෝලවලට, විශේෂයෙන්ම ඔය කොළඹ, නුවර, වගේ තැන්වල තියෙන ලොකුයි කියන ඉස්කෝලවලට, සුවිශේෂී අයිතිකාරයෝ ඉන්නවා.

අපි මොකක් හරි දෙයක් ලිව්වොත් උන් ට තද වෙනවා.

යුනිවසිටි ගැන තත්වය එහෙම නෙමේ. යුනිවසිටියට ගිය හැමෝටම යුනිවසිටිය එක සමානව අයිතියි.

මේ ගැන මගේ අත්දැකීමක් "වහෙන් ඔරෝ" කියන්නම්.

ඔන්න මං එක්තරා ලිපියක් ලිව්වා, සඟරාවකට.

මේකේ තියෙන්නේ මං ඒ ලෙවල්ස් කරපු ඉස්කොලේ ගුරුවරියක් ළමයෙකුට බණින එකක් ගැන.

උදාහරණක් ලෙස හිතන්න මේ ළමයා හම් සපත්තු වෙනුවට කැන්වස් සපත්තු දෙකක් දාගෙන ඉස්කොලේ ආවා කියලා. අන්න ඒ වගේ කේස් එකක්. මං ලියපු ලිපියෙන් කියවෙන්නේ දුප්පත්කම නිසා කැන්වස් සපත්තු (උදාහරණයක් පමණි) දාගෙන ආ එක ගැන ගුරුවරිය බැන්න එක වැරදියි කියලායි.

මේ ලිපිය කියවපු මං ගිය මේ කියන ඉස්කෝලෙටම ගිය, හැබැයි මට වඩා ඉස්කෝලේ ගැන අයිතියක් තියෙන, බූවෙකුට තදවෙලා!

පොර කියන්නේ මෙහෙමයි.

"කතන්දර, ඔයා මේ වගේ කතා ඉස්කෝලේ නම දාලා ලියන එක වැරදියි. ඒක ඉස්කෝලේ හොඳ නමට කැළලක්.

ඔයාට තියෙන්නේ මේ විදියට ලිපි ලියන එක නෙමේ, ඉස්කෝළෙට ගිහිල්ලා, කැන්වස් සපත්තු දාන ළමයි ඉන්නවද හොයලා බලලා, ඒ අයට හම් සපත්තු අරං දෙන ව්‍යාපෘතියක් පටන්ගන්න එකයි."

මොකද හිතෙන්නේ පොර ගේ කතාව ගැන? මම ද මෝඩයා? මේ බූවා ද මෝඩයා? නැත්තං දෙන්නාම ද?

-කතන්දරකාරයා

ප/ලි:
බූවා ගේ ඒ කතාව එතනින් නතර වුනේ නෑ. පොර මෙහෙමත් කිව්වා.

"කතන්දර, මං මේ ලිපිය ගැන කීප දෙනෙකුට කිව්වා, ඒ අයත් මා එක්ක එකඟ වුණා. ඔයා දිගටම මේ වගේ ලිපි ලිව්වොත් අපිට ඒ ගැන තීරණයක් ගන්න වෙනවා!"

මං වලියට බර පොරක් නොවෙන නිසා හොඳයි, නැත්තං කියන්නේ "අනේ පලයං මෙයා යන්න නිකං විහිළු නොකර!" කියලයි.

ප/ප/ලි:
මේ කතන්දරේ මුලින් කියද්දී මං කැන්වස් සපත්තු කියා දැම්මේ උදාහරණයක් ලෙසිනි.

පසුව මේ ඔරිජිනල් ලිපියම පල කළා.

මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2011/09/self-appointed-owners-out-there-need.html

ස්තුතියි!

(image: http://anandaraox.blogspot.com/)

43 comments:

  1. ස්කෝලෙට අයිති කාරයෝ ඉන්නවා කියන එකට නම් මං එකඟයි.
    අපි උසස් පෙළ කරන කාලෙ මැත්ස් කොල්ලෝ එකතු වෙලා ටි ෂර්ට් එකක් ගැහුවා ස්කෝලේ ක්‍රෙස්ට් එක දාලා.
    ඒකට සැහෙන්න බැනුම් ඇහුවා, හේතුව වර්ණ ලාභීන්ට විතරලු ක්‍රෙස්ට් එක පපුවෙ ගහන් යන්න පුළුවන්, අපිට ආපු ප්‍රස්නේ අපි ස්කොලේ ළමයි නෙමෙයිද කියන එක.
    කලර්ස් හම්බවෙන්නේ ස්පෝර්ට්ස් කරපු අයට විතරනේ, එතකොට වෙන වෙන අංශ වලින් ගොඩක් කැපවෙලා ස්කෝලෙට කීර්තිය අරන් දෙන අපිට මුකුත් නැත.

    ReplyDelete
  2. ඔය වගේ සැර බුවාලා ඉන්නවා. මං හිතන්නේ අයියේ මෑන්ගේ පොඩි එවුන් කීපදෙනෙක් ඇති ස්කෝලෙට දාගන්න... ඒකයි ඔය ගොටුට අල්ලං ඉන්නේ....

    ReplyDelete
  3. @Asanka ge kathawata nam math ekangaii.
    samahara aya hithan inne api e skole kiyandath bee kiyala.
    oya shishya nayakainta hema oya una hondata thiyanwa.

    ReplyDelete
  4. iskole gana welawakata nokiyanne heena maane nisaa,
    mokada iskole podi ekak wenna puluwan,
    eth Umi Of pera kiyaddi eka nae

    ReplyDelete
  5. කවුද ඩෝ කොළඹ ලොකු ලොකු ඉස්කෝලවලට පාට් දාන්නේ..
    බ්ලොග් කුඩු කරනව ඩෝ අනං මනං ටෝක්ස් දැම්මොත්..
    හරිය...

    ReplyDelete
  6. කවුද අයියා ඒ බුවා.
    නියම ගොට්ටක් අල්ලන් ඉන්න එකෙක්.

    ReplyDelete
  7. මමත් ඒකාලේ ඉස්කෝලෙ නම කියන්න කැමති නෑ. ඒ මීට හාත්පසින් වෙනස් හේතුවක් හින්දා.

    ඒ කාලේ ක්‍රීඩා තරගෙකට‍ ගියත්, චිත්‍ර තරගෙකට ගියත්, ඒ තරග වලින් දිනුවත් මුලින්ම අහන්නෙ ඉස්කෝලේ මොකද්ද කියලා .

    ඒ කාලේ ඒක මහ වදයක්.

    මම පොඩි කාලෙ ඉගෙන ගත්තෙ අපේ ගමේ ඉස්කෝලෙ. ඒක හදලා දීලා තිබුනේ ගමේ සල්ලි කාරයෙක්. ඒ හින්දා ඉස්කෝලෙ රජයට පවරගද්දි දැම්මෙ ගමේ නම. ගමේ නම පිටිසරබද නමක්. ඉතිං රජගොල්ලන්ගෙ, ඇමතිලාගේ, ලංකාවේ වීරයන්ගෙ නම් තියෙන ඉස්කෝල වලින් ආපු ළමයි මහ හයියෙන් උන්ගෙ ඉස්කෝල අහවල් එකයි කියලා කියනවා. ඒ අස්සෙ මම අපේ ගමේ නම තියෙන ඉස්කෝලෙ කිව්වම උන් මන් දිහා බලන්නෙ කැලෙන් අල්ලං ආපු සතෙක් දිහා බලනවා වගේ.

    මම තරග වලට ගියාම මුලින්ම මානසිකව වැටෙන්නෙ ඔන් ඔතනදි. ඊට පස්සෙ මට එන්නෙ උන් එක්ක තරහක්, මුන්ට දෙන්නංකො මං කියලා තරගෙට යන්නෙ.

    ඉස්කෝලෙ නම මට බලපෑවෙ අන්න ඒ විදිහට.

    මීට වඩා මම කියන්න යන්නැ. කතන්දර මට අලුත් පෝස්ට් එකකට පාර පෙන්නුවා. ස්තුතියි.

    ReplyDelete
  8. මත් ස්කෝලෙ නමෙන් කියල නෑ.. හැබැයි දන්න කෙනෙක්ට දැනගන්න ලියල තියෙනවා.. ඒ මොකද... අනේ මම දනෙ නෑ :D හැබැයි ඔය අයිතිකාර චන්ඩින්ට බයේ නම් නෙවෙයි.....

    කතන්දර වලියට බර නැති උනාට මම වලියට බර පොරක්මි.....

    ReplyDelete
  9. තාත්තා අයියව හොරණ තක්ෂිලා කනිෂ්ටෙට දාන්න මේ ලඟදි ඉන්ටෙව් ගියා. චක්‍රලේඛනේ නැති පත් ඉරුවක් ඉන්ටෙව් බොර්ඩ් එකෙන් ඉල්ලලා අයියගෙ නම කැපුවාම තාත්තා නැගිට්ටා, නැගිටල
    "අඩොව් අපියි තක්ෂිලා කනිෂ්ටෙට දැන් තියෙන ට්‍රෙන්ඩ් එක හැදුවෙ.. බලපියව් මගෙ කොල්ලාව හොරණ රොයල් එකට දාලා දවසක එකට ට්‍රෙන්ඩ් එක හදන හැටි.. තියාගනිව් තොපෙ ඉස්කොලෙ ..." කියල කිව්වා (ගෙදර ඇවිල්ලා අම්මා එක්ක )

    ReplyDelete
  10. ඔහොම ඉස්කෝලෙ තමන්ට අයිතියි කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා නේන්නම්.මොනවා කරන්නද ඉතිං ඒවට කට පියාගෙන ඉන්නවා මිසක්.

    ReplyDelete
  11. දැන් එතකොට කතන්දර අයිය ගියේ ආනන්දෙට ද?

    ReplyDelete
  12. තේ බිලත් හය දෙනෙක් එක්ක හරියට නූලට බෙදාගෙන ගෙවන උඹ කාටවත් හම් සපත්තු අරන් දෙන ප්‍රොජෙක්ට් එකක් පටන් ගනීද?

    යාලුවා නං මීහරකෙක්!

    ReplyDelete
  13. ඒ බුවා නම් නියමෙට ගොට්ට අල්ලන එකෙක් වෙන්න ඕන

    ReplyDelete
  14. ඔය වාගෙ එවුන් රටේ මහ තැනේ ඉඳන් මොන්ටිසෝරිය දක්වා තැන් වල ඉන්නවා. ඕකුන් හරි ආත්මාර්තකාමීන්, තමන්ගෙ වැඩේ කරගන්න තමයි ඔය බොරුවට කැටයම් දාන්නෙ. ඕකුන්ගෙ ඇතුල හිස්. එවුන්ට කරන්න තියෙන හොඳම වැඩේ තමයි කට්ටිය ඉස්සරහ කිච කරල දාන එක.
    ඉස්කෝල වල විතරක් නෙමෙයි, ඇත්තම කියනවනම් එක්සත් ජාතීන්ගේ සංගමයෙ ඉඳන් ගමේ මරනාධාර සමිතිය දක්වාම ඔයවගේ අයිතිකරයො ඉන්නවා. පු$ දෙ# එවුන් කියලත් හඳුන්වන්න පුලුවන්.

    ReplyDelete
  15. @ බුද්ධි,
    උඹේ ගම කොහෙද බං?

    ReplyDelete
  16. මට නම් ඔය ගැන තියෙන්නෙ වෙන අදහසක්. ඇත්තම කියනවානම් ඕනම ආයතනයකට තමන්ටම හිමි වෙච්ච යම් කිසි කිර්ති නාමයක් තියනවා. අපි එකෙක් දෙකෙක් කරන වැඩවලින් ඒ මුලු ආයතනය දිහාම වැරදි විදියට බලන එක අපේ ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි. අන්න ඒකයි මම නම් ඉස්කෝලෙ නම දාන්නෙ නැත්තෙ. නැතුව ඔය එක එකාට බයේ නම් නෙවේ. මම හිතන්නෙ ගොඩක් අය නම නොදාන්න හෙතුව එකයි කියල.
    මම නිකමට පොඩි උදහරනයක් කියන්නම්, 1 කොමෙන්ට් එකටත් මේක අදාලයි,
    ඉස්කෝලෙක ක්‍රෙස්ට් එක කියන්නෙ, නීත්‍යනුකූලව ඒ පාසල නියොජනය කරන දෙයක්, කිසිම වගකීමක් නැතුව ඕන ඔනේ කස්ටිය ඒක ටී-ශර්ට් වල ගහන් ගියොත් මොකක්ද ඒකට තියන වටිනාකම. හරි එහෙම ගිහින් කරන හොඳ කෙසේ වෙතත් නරක වැටෙන්නෙ ඉස්කෝලෙ එකවුන්ට් එකට නේද. දැන් අහන්න එපා කරන්න හොඳනම් කියන්න නරකද කියල. නෑ මේක එහෙම නෑ, එකෙක් දෙකෙක් හින්දා මුලු ආයතනයක් නොන්ඩි වෙන එක. නමුත් ඒ ක්‍රෙස්ට් එක ක්‍රීඩා හෝ යම් කිසි පාසල නියෝජනය කරන ටීම් එකකට යූස් කරන එක වෙනම දෙයක්, මොකද එතන වගකීමක්/බැදීමක් තියනව. අපිත් මැත්ස් තමයි මචන්, ඒත් ඒක නිකම්ම නිකන් අවශේශ කුලකයක් මිසක් පසල නියොජනයක් නෙවේ. එහෙමනන් ඉතින් එක එක සෙට් එකක් එක ටී ගහයි ක්‍රෙස්ට් එක දාල. අනික තමන් යමක් ලබා ගත්ත තැන, අපි අද මේ තත්වයෙ ඉන්නෙ ඒ අදාල ආයතන වල උදවුවෙන්, එතනදි අපිට බැඳීමක් තියනවා ඒ ආයතන වෙනුවෙන්, ඒකට කියන්නෙ ගොට්ට අල්ලනව කියල නෙවෙයි මචන්ලා.
    අවසනයෙ, කතන්දරගෙ මේ කතාව වෙන සීන් එකක්, එතන ඒ ගුරුවරිය කරන්නෙ වැරද්දක්, ඒ ලමයට අසාධාරනක්, එතනදි කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  17. මන් අසංකගේ කතාවට එකග වෙමි .ඉස්කෝලේ යන කාලෙදිත් ශිෂ්‍ය නායකයෝ නොවුනට සමිති සමාගම් වල ද ඉස්කෝලේ වෙනුවෙන් තරග විබාග වලට ද ගිය ,අවසානයේ හොද ප්‍රතිපල ගත් අයට වඩා අනෙක් අයට අමුතු පාසල් ආලයක් පහලවේ .
    එවැනි අයට කතන්දරගේ මේ කතාව හොද කනේ පහරකි .
    *වසිලිස්සා*

    ReplyDelete
  18. ඔය ඉස්කෝල ප්‍රේමියෝ වැඩිදෙනෙක් කරන්නේ ඉස්කෝලේ නමින් හම්බකරන් කන එකයි. ඒකනේ කතන්දරටත් 'හම් සපත්තු ප්‍රොජෙක්ට්' එකක් පටන් ගන්න කිව්වේ.

    ReplyDelete
  19. ප්‍රසා said...:" අනික තමන් යමක් ලබා ගත්ත තැන, අපි අද මේ තත්වයෙ ඉන්නෙ ඒ අදාල ආයතන වල උදවුවෙන්, එතනදි අපිට බැඳීමක් තියනවා ඒ ආයතන වෙනුවෙන්, ඒකට කියන්නෙ ගොට්ට අල්ලනව කියල නෙවෙයි මචන්ලා."

    ස්කෝලෙ වෙනුවෙන් යුතුකම් ඉටුකරන එක ප්‍රශ්නයක් නෙමෙයි මචං.
    මම තාමත් මට පුළුවන් විදියට මගේ යුතුකම ඉටු කරනවා.
    ඔයා කැමති නම් මගේ බ්ලොග් එක බලන්න
    එතකොට සමහරවිට තේරේවි මං කොයි වගේ කෙනෙක්ද කියලා.

    මෙතන ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නය.
    ස්කෝලෙ තමන්ගේ බූදලයක් කරගෙන අනිත් අයට නීති දාන්න එන අය ගැනයි මම කිව්වේ.
    එක එක අය ස්කෝලෙ ටි ෂර්ට් අඳිනවා නම් වැරදි තමයි. නමුත් ස්කෝලෙ ළමයෙකුට ස්කෝලෙ ක්‍රෙස්ට් එක තියෙන ටි ෂර්ට් එකක් අඳින්න බැරි නම් මොකක්ද එකේ තේරුම?
    ස්කෝලෙ නීත්‍යනුකුලුව ලියාපදිංචි ළමයෙක් නම් එක ප්‍රශ්නයක් වෙන්න බෑ
    අනික අපි ඕක ඇඳගෙන හොර පොල් කඩන්න යන්නේ නැහැනේ.

    ReplyDelete
  20. මම නම් හිතන්නෙ අර ඉස්කෝලෙ යන කාලෙ තිබිච්ච බයටම වෙන්න ඇති තාමත් කට්ටිය ඉස්කෝලෙ ගාවගන්න බය...

    ක්‍රෙස්ට් එක කල්පනාවෙන් පාවිච්චි කරන එක යුතුකමක් .. ඒත් කලර්ස්මෙන් ලට විතරයි ක්‍රෙස්ට් එක අඳින්න පුලුවන් කියල නීතියක් නෑ... යූනියන් කවුන්ටරෙන් ඕනෙ කෙනෙකුට ක්‍රෙස්ට් එක තියන කමිස තොප්පි ගන්න පුළුවන්නෙ...

    ReplyDelete
  21. Asanka Udara මචන්, "ස්කෝලෙ තමන්ගේ බූදලයක් කරගෙන අනිත් අයට නීති දාන්න එන අය ගැනයි මම කිව්වේ." කියන කතාවට මම ඇග්‍රී, මොකෝ උන් විතරක් යෑ ඉස්කෝලේ ගියේ. මම උඹට කිව්වෙ මචන් අපි අපිම ටී-ශර්ට් ප්‍රින්ට් කරන එකට. මොකද එතන වගකීමක් නැහැනේ. ඒත් මචන් අර සපතේරු උන්නැහෙ කිව්ව වගෙ ඕන ලමයෙක්ට පුලුවන් එහෙම ඉෂූ කරන ටී-ශර්ට් අඳින්න, මොකද ඒව අවසර ඇතිව කරපුවා නිසා.

    සපතේරු උන්නැහෙ : උඹේ කතාවෙන් (...යුනියන්) මට පොඩි හින්ට් එකක් එනවා, උඹයි මායි එකම ඉස්කෝලෙ කියල, හරිද?

    ReplyDelete
  22. මේ කතන්දරයේ කියවෙන මා සඟරාවකට ලියූ ලිපිය ලබන ඉරිදා මෙහි පලකරන්නම්.

    අද අහස් දැක්වූ සැමට මගේ ස්තුතිය.

    ReplyDelete
  23. මල මඟුලයි! මොකක් කිව්වා? තව පොඩ්ඩෙන් මගේ පෝස්ට් එක නිසා නඩුවක් වැටෙන්නද ගියේ??? බි. පෙ. සි.
    කකා, ඔය නඩු අදහසට මම නම් ඇත්තටම එකඟ නෑ... ගුරුවරුන්ට අයිතියක් නෑ තමයි අමානුෂික විදියට ළමයින්ට දඬුවම් කරන්න.
    හැබැයි අපි ඉස්කෝලේ යන කාලේ සමහර ගුරුවරු තදින් දඬුවම් කලා වැරදි වලට. ඒ වගේම ඒ දඬුවම් නිසා ළමයි ගොඩක් දෙනා හැදුනා...
    දැන් තියෙන්නෙ අලුත් ට්‍රෙන්ඩ් එකක්! ගුරුවරයෙක් ළමයෙකුට පාරක් ගැහුවොත්, දෙමවුපියො යනවා පොලීසි... ළමයගෙ වැ‍රැද්ද හොයන්නෙ නෑ! අන්තිමට වෙන්නෙ ළමය වැ‍රැද්ද තේරුම් නොගන්න එක විතරයි!!

    ඔය ඉස්කෝල වල අයිතිකාරයො ගැන කිව්වොත්, ඔහොම අය ඉන්නෙ ඉතින් ගොඩක් කොළඹ රටේ ලොකු ඉස්කෝල වලට තමා... අපේ පුංචි ඉස්කෝල වලට ඒ කාලෙ නම් ඔහොම අයිතිකාරයො හිටියෙ නෑ!

    ReplyDelete
  24. @ප්‍රසා:මම කිව්වේ අපි අනුමැතිය ඇතුව ටි ෂර්ට් එකක් ප්‍රින්ට් කරපු වෙලාවක උන දෙයක්

    ReplyDelete
  25. මගේ නම් අදහස එහෙම ඉස්කෝලෙ අයිති කර ගැනීම වරදක් නෙමේයි. අදටත් මගේ ඉස්කෝලෙ නම පත්තරේ දැක්කහම මට පුදුම හැඟීම ක් දැනෙනවා. මන් හිතන්නේ ඒක වැඩිම දැනෙන්නේ එකම ඉස්කෝලෙක වැඩිම කාලයක් හිටපු කෙනෙකුට. පාසැල් කාලය එක එක ඉස්කෝල වල ගත කර අයට නම් ඉස්කෝලෙට හැඟීම ක් දැනෙන්නේ නැහැ තමයි.

    ReplyDelete
  26. ළමයි සරසවියකට තියෙන බැඳීමකට වඩා ඉස්කෝලෙට තියෙන බැඳීම වැඩියි. සරසවියේ තරම් අසීමිත නිදහසක් නැතිවුනත් ඉස්කෝලේ තියෙන සීමිත නිදහස යටතේ ළමයි ගන්න ෆන් එකක් තියෙනවා.

    පුද්ගලිකව මම ගැන ගත්තොත් මම කැම්පස් එකට වඩා ඉස්කෝලෙට ආදරෙයි. මම තාම අවුරුදු දෙකයි කැම්පස් එකේ හිටියේ. ඒත් තාමත් ඉස්කෝලෙත් එක්ක තියෙන බැඳීම නැතිවෙලා නැහ.

    කැම්පස් එක ඇතුලෙදී වුනත් ඉස්කෝලේ එකෙක්ව හම්බුනාම මාරම සතුරක් තියෙන්නේ. ඉස්කෝලේ එක්ක තියෙන බොන්ඩ් එක වැඩි නිසා ඒකේ කීර්ති නාමයට කැළලක් වෙන දේවල් කියන්න ලියන්නේ නැතිව ඉන්න එක කවුරුත් කරනවා ඇති....

    මට නම් හිතුණේ එහෙමයි

    ReplyDelete
  27. @ Dinesh_Silva :

    මම කියන්න හදන කතාවේ මේකේ තියෙනවා

    ReplyDelete
  28. කතන්දර ගිහිං තියෙන්නෙ මට පේන හැටියට ආනන්දෙටයි. මම හරි නේද කතන්දර?

    ReplyDelete
  29. @ All
    මගේ අදහස-I

    පාසලේ නිල ලාංඡනය දාලා ටීෂර්ට් ගැසීම වැරදි එයින් පාසලට ලබිය යුතු මුදල් නොලබී යන නිසයි.

    හැබැයි ටී ෂර්ට් අරගෙන අඳින්න හැමෝටම අයිතිය තියෙන්න ඕනෑ. විවිධ වර්ගයේ ෂර්ට් ගහන්න පුළුවනිනේ , ක්‍රීඩකයින්ට, ප්‍රිෆෙක්ට්ස්ලාට, සිසුන්ට, ආදී සිසුන්ට, දෙමව්වපියන්ට. දැන් ඔය ක්‍රිකට්වල අපි අඳින ශ්‍රී ලංකා ෂර්ට් එක ක්‍රිඩකයින් ගේ එකෙන් වෙනස් වගේ.

    ReplyDelete
  30. @ All
    මගේ අදහස-II

    පාසලට අපහාසයක් යැයි කියා ගුරුවරුනේ අමන ක්‍රියා ගැන කතා නොකර ඉන්න කියන එක තරම් මෝඩ කතාවක් තව තියෙනවා නම් ඒ රටේ නම කැතවෙනවාය කියා රටේ වුණු මීනී මැරුම් ගැන හංගනවා වගේ එකක්.

    මොකට කියනවාද ඒ ගැන නම්?

    ReplyDelete
  31. කකාගෙ "මගේ අදහස-II" ට නම් මම 100% ක්ම එකඟයි...
    කකාගෙ කටේ මසුරං දාන්ට හිතෙනවා!

    ReplyDelete
  32. Dinesh_Silva said...
    "මගේ නම් අදහස එහෙම ඉස්කෝලෙ අයිති කර ගැනීම වරදක් නෙමේයි. අදටත් මගේ ඉස්කෝලෙ නම පත්තරේ දැක්කහම මට පුදුම හැඟීම ක් දැනෙනවා. මන් හිතන්නේ ඒක වැඩිම දැනෙන්නේ එකම ඉස්කෝලෙක වැඩිම කාලයක් හිටපු කෙනෙකුට. පාසැල් කාලය එක එක ඉස්කෝල වල ගත කර අයට නම් ඉස්කෝලෙට හැඟීම ක් දැනෙන්නේ නැහැ තමයි."

    ස්කෝලෙට ආදරේ කරන එක නෙමෙයි මම කියන්නේ. ඒක හොඳ වැඩක්.
    සමහරු ඉන්නවා අපි තමයි ඩයල්, අපිට පිටින් ස්කොලේ මුකුත් වෙන්න බෑ කියල හිතන, අනිත් මිනිස්සු කරන වැඩ හෙලා දකින
    එහෙම ය ගැනයි මං "අයිතිකාරයෝ" කිව්වේ.
    එහෙම අය හිටියම ස්කෝලෙට ආදරේ කරන අනිත් මිනිස්සු පසුබහිනවා.

    ReplyDelete
  33. ස්කොලයේ වසර 13ක් පුරාවට හිටියත් , විශ්ව විද්‍යාලයේ ඉන්න වසර 3ට හෝ 4 අපිට අපේම වගේ දැනෙන බව ඇත්ත. පාසලේ දී , ළමා මනසට සිද්ද වෙන බැලපෑම අතිමහත්. විශ්ව විද්‍යාලයේ දී එහි පාලනයට යම් තරමට හෝ හවුල් වෙන්නට පුලුවන් හැකියාවක් එහි යන කාටත් තියෙනවා. (විශ්ව විද්‍යාල වලටත් සමහර වෙලාවට අයිතිකාරයන් ඉන්නවා. ඒත් ඒ දේවල් තාවකාලික වෙන්නේ අයිතිකාරයන්ගෙන් එය උදුරු ගන්නට හැකියාවක් එහි සෑම ශිෂ්‍යෙයක්ටම තියෙන නිසා වෙන්න ඇති )

    ReplyDelete
  34. අපි වගේ ගමේ පොඩි ඉස්කෝලෙක ඉගෙනගත්ත අයට නං ඔහොම ප්‍රශ්නයක් නෑ මම හිතන්නෙ.

    ReplyDelete
  35. මම ඉස්කෝල 3ක ඉගෙනගත්තා . . . . කවුරුහරි ඉස්කෝලෙ මොකද්ද කියල අහපුවාම වඩාම ලේසියට අන්තිමටම ඉගෙනගත්ත ඉස්කෝලෙ නම තමයි කියන්නෙ. හැබැයි අනිවා කියනව ඉස්කෝල 3ක ඉගෙනගත්ත කතාව . . .

    ReplyDelete
  36. ඉස්කෝල නම් මම දන්නෙ නෑ ඒත් මම ඔය පිංතූරෙ තියන ගොඩ්නැගිල්ලට නම් හරිම කැමතියි. සොඳුරු මතකයන් ගොඩක් තියෙනව්ව්.....................................

    ReplyDelete
  37. කතන්දර, ඊයෙ තමයි මට ඔයාගෙන් මේ බ්ලොග් එක ගැන දැන ගන්න හම්බ උනේ...
    මමත් ඔය ෆොටෝ එකෙ තියෙන බිල්ඩිමේ පන්ති කාමරේක මීට අවුරුදු 12කට විතර කලින් ඉගෙනගෙන තියෙනවා... ඉස්කෝලෙකට අයිතිකාරයො ඉන්නව කියල මමත් පිලි ගන්නවා... මොකද ඔය ඉස්කෝලෙටත් ඒකෙ අයිති කාරයන්ගෙන් සෑහෙන උදව් තියෙනවනෙ... ඒත් ඒ අයිතිය යොදවන්න ඕනෙ ඉස්කෝලෙ යහපතට... ඒවගේම මම එකඟයි ඉස්කෝලෙ ඉගෙන ගත්තු ඕනෙම කෙනෙක්ට ක්‍රෙස්ට් එක තියෙන ටී ෂර්ට් අඳින්න අයිතිය තියෙන්න ඕනෙ කියන එකට... ඒත් ඒක වගකීමකින් යුතුව කරන්න ඕනෙ...
    මං දවසක් කෝච්චියෙදි දැක්ක, ඔය ෆොටෝ එකේ තියෙන ඉස්කෝලෙත් එක්ක බිග් මැච් කාලෙට සෑහෙන වලි දාගෙන තියෙන තවත් ලොකුම ඉස්කෝලෙක ටී ෂර්ට් එකක් ඇඳගත්තු මනුස්සයෙක් හිඟා කනවා... අපිත් එක්ක හිටියා ඒ ඉස්කෝලෙම තව පොරක්... අපි ඌට අහවල් තැනෙනුත් හිනා උනා... ඌටත් හෙන අවුල් වෙච්ච වැඩේට... පස්සෙ මට හිතුන, ඔය ටිකම අපේ ඉස්කෝලෙටත් වෙන්න පුලුවන් නේද කියල... මෙතන හිඟන්නට කිසිම පාච්චල් කිරීමක් කරන්නෙ නැහැ... ඒත් ඒකෙන් ඒ ඉස්කෝලෙ ප්‍රතිරූපයට යහපතක් වෙනව කියල මං හිතන්නෙ නැහැ...

    ReplyDelete
  38. Macho,
    Me lipiyata Ananda College eke pinthoorayak dapu eka gana nam mata kenthie...oon kiwwa

    ReplyDelete
  39. @ Unbound knowledge for unfold opportunities

    හා, හා, ඔයා ඉස්කොලේ අයිතිකාරයෙක් වගෙයි පේන්නේ?

    ReplyDelete
  40. Canvas sapaththu dagena iskole enna be.eka nithiyak.thawa lamayek salli ne kiyala rubber sereppu dagana awoth.ekata uba mokada kiyanne?

    ReplyDelete
  41. Mama danui 4to eka dakke.anawashya than wala anande 4tos danna epa machan.apita hari dukai.ubath anandeda?mama hithanne ow.ube blog eka janapriya karaganna me wage andolanathmaka weda karanna epa.ubata ube blog ekata wada iskole watinne nadda?

    ReplyDelete
  42. @ Ano October 22 10:14PM

    මේ කතන්දරේ මුලින් කියද්දී මං කැන්වස් සපත්තු කියා දැම්මේ උදාහරණයක් ලෙසිනි.

    පසුව මේ ඔරිජිනල් ලිපියම පල කළා.

    මෙතනින් බලන්න.
    http://kathandara.blogspot.com/2011/09/self-appointed-owners-out-there-need.html

    ඒ ලිපිය කියවා බලා තව දුරටත් ප්‍රශ්ණයක් තිබේදැයි දැනුම් දෙන්න.

    ස්තුතියි!

    ReplyDelete
  43. Original lipiyeth meketh athara maha loku wenasak nam ne.anith eka oya kiyana shishyayath 100kma hoda kenek nemeine.naththam padam asse wikara kiyawanne ne ne.api athareth hitiya oya wage charitha.guruwarunwa apahasuthawayata lak karana.anik eka mekata iskole gawaganna ona ne ne.guruwarayekuth shishyayek athara prashnayak.ubata tibune ekthara pasalaka kiyala dannai.uba karala tiyenne kapu bathpathata paharanawa wage wedak.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.