ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday 28 January 2011
කලින් කන්නේ ඇයි? කලින් යන්නද?
ලෝකෙ හුඟක් වැඩ ඉතිං වෙන්නේ අපිට ඕනැ විදියට නෙමේ නේ!
ඒක කමක් නෑ කියමු. ඊලඟට වෙන දෙයයි ඉවසන්න බැරි. ඒ කියන්නේ, එකම හේතුව මත අපිට පිට පිටම කෙලවෙන එක!
මේක පොඩි සරල උදාහරණයකින් විස්තර කරනවා නං මෙන්න මෙහෙමයි.
හිතන්න අපිට බස් එකේ යන්න සල්ලි නැතුව පයින් යනවා කියලා. ඉතිං, පයිං ගිහින් සෙරෙප්පු දෙක ගෙවිල කැඩෙනවා. ඊට පස්සේ පතුලේ කර ගැට, ගල් තැළුම් එනවා. දැං ඉතිං පයින් යන්නත් බෑ. බස් එකේ යන්නත් බෑ. බස් එකේ යන්න සල්ලි නැතුව සෙරෙප්පු ගන්න සල්ලි කොහෙන්ද?
ඇත්තටම මං මේ ලඟදි ලියපු මැදපු කමිස මොකුත් නෑ කතන්දරේත් තියෙන්නේ ඒ වගේ තියරියක් තමයි. කමිස මදින්න මදින්න හේදුවාම පොඩි වෙනවා වැඩියි. තව තව මදින්නම වෙනවා. මහ විෂම චක්‍රයක්.
අද කතන්දරේ පොඩ්ඩක් විතර මේ ලයින් එකේ.
ඔන්න අපි, ඒ කියන්නේ වී.කේ. විරාජ් ලා, රත්නායක ලා හෙම තායිලන්තේ පස්තාච්චි කුපාඩි කරන කාලේ කට්ටියම දවසක් ගියා පිරිත් ගෙදරක. මේ පිරිත තිබුනේ ලංකාණ්ඩුවේ තැනකයි. අපි සිස්සයෝ වගේම තව තව ලොකු ලොක්කොත් ඇවිල්ලා හිටියා. ඒ අය ටවුමේ විවිධ රැකියා, බිස්නස් කරන මහත්තුරු, නෝනලා.
පිරිතක් කියන්නේ ඉතිං, ගිහියන්ට රාත්‍රී ආහාරය දෙන තැනක් නේ. අපි සිස්සයෝ කට්ටිය ගියෙත් අල, පරිප්පු හදාගෙනයි.
ඔන්න හාමුදුරුවරු පිරිත පටන්ගත්තා. සාමාන්‍යයෙන් වෙන්නේ පැයක් විතර, පන්සිල්, ගාථා, මහ පිරිත හෙම කියලා, හාමුදුරුවරු පොඩි ඉන්ටවල් එකක් ගන්න එකනේ. ඒ වෙලාවේ තමයි අපි කන්න ප්ලෑන් කරගෙන හිටියේ.
සියම් නිකායෙ වුණාට තායිලන්තෙ හාමුදුරුවරුන් ගේ වැඩ පිළිවෙළ වෙනස් වගේ. පිරිත් කියනවා, කියනවා, කියනවා නවත්තන පාටක් නෑ.
දැන් ඉතිං, රෑ දහයටත් කිට්ටුයි. වෙනද හත හමාර වෙන්න කලින් කන අපිට හොඳ ගණං.
ඔය අව් අස්සෙ හොරෙන් හොරෙන් කන බොන දේ තිබුණු පැත්ත බලන් හිටපු අපි දැක්ක අර ටවුමෙ මහත්තුරු කීප පොළක් අරහෙන් හාමුදුරු ගොල්ල ආටානාටිය කියන අල්ල-පනල්ලෙ කෑම මේසෙට කිට්ටු කරල වැඩ අල්ලනව.
අපේ පොරක් ගිටිය චානක කියල. පොරත් බය නැතුව ගියා නැගිටල කන්න. ටිකක් වෙලා යන කොට අපිත් ලැජ්ජාව අතහැරල දාල කන්න සෙට් වුණා.
මේ කතන්දරේ ජොලිම කෑල්ල එන්නෙ මෙතනදියි. අර ටවුමෙ මහත්තයෙක් අපෙන් අහනව මෙන්න මෙහෙම.
"මේ අර පස්තාච්චි කුපාඩි සිස්සයෝ නේද? ඇයි ඕගොල්ලොත් ඉක්මනින්ම යනවද පිරිත් අහන්නෙ නැතුව මේ ඉක්මනින්ම කන්නේ?"
මේ මහත්තයගේ තියරිය අනුව, ඒ ගොල්ලෝ රෑ තිස්සේ පිරිත් අහන්න ඉන්නේ නැතුව කලින්ම ගෙදර යන නිසා, ඒ ගොල්ලන් ට කලින් කෑම කැපයි.
අපි ඉතිං සිස්සයෝ කට්ටිය නේ. අපි පහුවදා එලිවෙනතුරු මෙතන ඉන්නත් ඕනෑ. ඒ වරද නිසා කලින් ගෙදර යන්න ඉන්න මහත්තුරු කාල ඉවර වෙනකං කන්නත් බෑ.
-කතන්දරකාරයා
ප/ලි
ලංකාවේ විස්ස විජ්ජාල සිස්සයොත් රටට බරක් නොවී ඉන්න ඕනිය කියල ඔය කියල කියන්නේ!
රටට බරක් වෙලා ජීවත් වෙන්න දේශපාළුවො හැට-හුටහමාරක් ම ඉන්න නිසා ඒ සර්විස් ජොබ් එක කරන්න නම් විස්ස විජ්ජාල සිස්සයින් ට තියා මේ රටේ කාටවත් නෝ වේකන්සීස්.
Labels:
පිරිත්,
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ,
හාමුදුරුවරු
Subscribe to:
Post Comments (Atom)
මේ ලඟදි යාලුවෙකුටය් මටය් ඔය වගේ වැඩක් වුණා අපේ පන්සලේ දානයක් වෙලාවේ.අපේ පැත්තේ ඉන්නවා මාතලේ පැත්තෙන් මෙහාට ඇවිල්ල කාලෙක ඉඳල පදිංචි වෙලා ඉන්න ජෝඩුවක්.වලව් කෂ්ටිය නිසා ටිකක් ආඩම්බර කමකුත් තියෙන බව පේනවා.කව්රු හරි අලුතින් හම්බ වුනාම surname අහනවමය් ,හේතුව කුලේ දැනගන්න.ඉතින් තවම හමුදුරුගොල්ල වළඳලා ඉවරත් නැහැ මේ දෙන්න හොඳට බෙදාගෙන අඹරනවා හිටු කියල.යාලුවය් මමය් ටිකක් කෑම ඇරලා තියෙන මේසෙ දිහාව බැලුව,දැන් වැඩේ පටන් ගන්න වෙලාව හරිද කියල.ඇත්තමය් බැලුව විතරමය් ඒ පැත්තට අඩියක් වත් තිබ්බේ එහෙම නැහැ,සංවිධායක නෝනා කෙනෙක් එක පාරටම කියපි, ටිකක් කලබල නැතුව ඉන්න තව ටිකකින් ඔක්කොමලට කන්න පුළුවන් කියල.අපි දෙන්නට එක පාරටම බැලුනේ අර ජෝඩුව දිහාව.අර මාතලේ මහත්තය ඒ පාර කිව්වා "මට නෝනව වැඩට ගිහින් බස්සන්න තියෙනවා"කියල.
ReplyDeleteඕව ඔහොම තමය් කතන්දර අපි වගේ පීඩිත පන්තිය ගිය ගිය තැන පෑගෙනවා.
අඩු ගනනේ තායිලන්ත හාමුදුරුවරු ටික හොඳට පිරිත් කියලා තියනවා. ඉතින් කතන්දර පස්සෙවත් හොඳට 'පරිප්පු' කෑවද?
ReplyDelete@ Observer,
හැම වලව්කාර ඇත්තොම ඔහොම නෑ අනේ. පෙරාපු රත්තරන් වගේ අයත් ඉන්නවා.
මේක ටිකක් වෙනස් කතාවක් . අපි ඉස්සර මල ගෙවල් වල යද්දි කොල්ලො ඉස්සරවෙලාම දෙන අවවාදය..[ඇත්තටම තර්ජනයක්] "කන්න බැරි උන් කට වහන් හිටු..පැනලා බෑ නොකියා."
ReplyDeleteමොකද උන් බයයි කෙල්ලො කට වරද්ද ගෙන කන්න නැති වෙයි කියලා.
'සිස්සයෝ' අන්තිමට කෑ යුතුයි, තියරියේ වරදකුත් නෑ..මොකද අපි කවුරුත් සිස්සයෝ කාලේ හොඳට කන්නත් පුලුවන්.. කිසිම ලැජ්ජාවක් හෙමත් නෑ.... ඉතින් උන් මුලදිම සෙට් වුනොත් කෑම මේසයට දෙයියන්ගේම පිහිටයි.
මැරුනේ ආච්චිද....සීයද..අල්ලපු ගෙදර කෙනෙක්ද වගේ වගක් නෑ..බස් එකක් අරගෙන ට්‍රිප් එකක් යන්නනේ සිස්සයො සැදී පැහදී ඉන්නෙ. තාමත් එහෙම ඇති
මේ අයියේ... අපිත් ඔය වැඩේ නම් කරනවා බං. හැබැයි කාලා කොහොවත් යන්නේ නෑ, අහුවෙච්ච තැනක නිදියනවා මිසක්. ඊට පස්සේ කට්ටිය එනවා තේ කෝපි, පොල් කේක් එහෙම අරගෙන අපිව හොයාගෙන.
ReplyDelete@ පොඩි කුමාරිහාමි,
ReplyDeleteඔව් ඔව් අපිට හිත්ගත්තහැකි , අර අන්තපුර කතා වලදී වලව්වේ ලොකු ළමාතැනී ගැන එහෙමත් කියවුනේ.
මේ ලගදි අපේ ගෙවල් පැත්තෙ ගෙදරක පිරිතක් තිබුන . . . . මමයි, මගෙ මායියයි දත කට මැදගෙන ගියා ටිකක් රෑ වෙලා එහෙම . . . රෑ 11 විතර උනා . . . මොකුත්ම නෑ . . . ටිකකින් සැන්විච් වගයක් බෙදන්න පටන් ගත්තා . . . . ඒකත් අපි ලගට එන්න කලින් ඉවර උනා . . . . ඊට පස්සෙ මොකුත්ම නෑ . . . . බැරිම තැන පාන්දර ගෙදර ඇවිත් කිරි එකක් හදාගෙන බීල නිදා ගත්ත.
ReplyDeleteපස්සෙ දන්නෙ සිද්දිය . . . . මුලු පිරිත් ගෙදරටම බෙදන්න ගෙදර ඇත්තො ගෙනත් තියෙන්නෙ පාං ගෙඩි 2යි, පොඩි සැමන් ටිං එකයි. පාන්දර 3ට විතර පස්සෙ තේ දීලත් නෑ . . .
එලි වෙනකොට හාමුදුරුවන්ට අමතරව වෙන කවුරුවත් ඉතුරු වෙලා හිටියද දන්නෙ නෑ . . .
අපි සැරයක් බණ ගේක රැ කෑමට සෙට් වෙලා බෙදාගන්නව අහින්සක විදිහට.....කොල්ලො 12ක් විතර. එක සැරේම ලයිට් ගියා කියහන්කෝ....විනාඩියකින් විතර සනීපෙට ලයිට් එනකොට....හනේ හපොයි එකෙක්ගෙ අත මාලු හට්ටියෙ. ඒ මදිවට කටෙත් පුරෝල.... හිනාව නවත්තන්න ඉතින් සක්කරයටවත් පුලුවන්ද?
ReplyDeleteඅනික ඒ කාලෙ යාලුවෙක්ගේ ගෙදර මොන දේට ගියත් වෙනම බත් උයවනව ගෙදර පොර විසින්. ඇයි ඉතින් මහා සOඝරත්නයට දුන්න වගේද...මේ පින...හික්
ඕවට යන්නෙත් මල් වතු එහෙම පහු කොරගෙනනේ හීනියට....
කතන්දර ශුරීන් වෙත,
ReplyDeleteපාඨකයෝ කතන්දර වගේම,එක එක්කෙනා දාන කොමෙන්ට්ස් කියවන්නත් බලාගෙන ඉන්නෙ.අපි ඊයේ ඉඳන් බලන් ඉන්නවා,ක.ශු.ට වැඩ ඇති. ඒවා ඉතින් approve කරන්න එහෙම වෙලා යන බවත්,වීක් එන්ඩ් එකේ බ්ලොග් එක ඇරෙන්න වෙන වැඩ තියෙන බවත් අපි දන්නවා.
@All
ReplyDeleteකමෙන්ට්ස් දාපු අය හොඳට දානේ කාල තියෙන අය බව පේනවා.
සියළු දෙනාටම ස්තූතියි.
ඒක නෙමේ මට පොඩි රයිටර්ස් බ්ලොක් එකක් ආවා නොවැ ගිය සතියේ. දැන් නං ටික ටික සනීප වී ගෙන හැදුවා. ඒ කතාව 30 දා උදේ හයට කියවන්න.
මදෑ කොලා කිව්වාලු. ලොකු ලොකු මිනිස්සු හැමතැනම පොඩි මනුස්සයටා බැටේ දෙන්න තමා යන්නේ.................
ReplyDelete