Monday 6 June 2011

කතන්දරකාරයා කාර් කට්ටක් මිළ දී ගනී - Kathandara karaya buys a Car!

ඊයේ සන්ඩේ ස්පැෂල් එක්ස්ට්‍රා ලෙස නැවත කියවූ පොලිසිය එනු දැක දුවපු කොල්ලා කතාව මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html
එය නැවත කීයවීමක් නිසා බ්ලොග් රීඩර්ස් වල අප්ඩේට් වී නොමැති බව සැලයි.

මෙන්න අද සිට ඇරඹෙන කතන්දරකාරයා ගේ කාර් එක ගැන මෙගා සීරිස් එක.

මට මතකයි, අපි පොඩි කාලේ දවසක් තාත්තා අපේ ගමේ තිබුණු කාර් එක කුලියට කතා කරගෙන, කැලණිය පන්සලට ගියා. ඊට අමතරව ඉතිං, නැන්දලා ගේ, පුංචි අම්මලා ගේ මගුල් ගෙවල් වලට තමයි අපි කාර්වල ගියේ.

පාසල් ගුරුවරයෙකු වුණු මගේ තාත්තාටවත්, ඒ පවුලේ වෙන කාට හරි වත් කාර් තිබුනේ නෑ අපි පොඩි කාලේ. අම්මලා ගේ පවුලේත් එහෙමයි.

ඒකටත් එක්ක, මගෙයි කතන්දර හාමිනේ ගෙයි කොළු පැටියා නං උදේ අවදි වෙන්නෙත්, රෑට නිදාගන්නෙත් අත ලඟින් කාර් පෝලිමක් තියාගෙන. ලොකු වෙලා ලැම්බගීනි ජෙලාටෝ එකක් හරි, මසරාටි එකක් හරි, ෆෙරාරි එකක් හරි ගන්නයි කොල්ලා දැම්මම ප්ලෑන් කරන්නේ.

හැබැයි, අපේ ගෙදර කාර් එකක් නොතිබුණු හින්ද ද කොහෙද, මට නං පොඩි කාලේ තියා ලොකු වෙලාවත් කාර් පිස්සුවක් තිබුනේ නෑ කවදාකවත්.

හිරවෙලා බස්වල යද්දී වත්, බඩදරු අම්මලා ට, ළමයි වඩා ගත් අම්මලාට, සීට් පූජා කරද්දී වත්, අනේ මට කාර් එකක් තිබුණ නං කොච්චර හොඳ ඳෝ කියල මට හිතුනේ නෑ, අවංකවම.

අනික ඒ දවස්වල කාලෝ ෆොන්සේකා ලා පවා ගියේ බස් එකේ නේ.

නමුත් ඉතිං අවසානයේ කාර් එකක් ගන්න වුණා!

මේ කාලේ වෙනකොට මං, කතන්දර හාමිනේ ව බැඳලා, ඇනෙක්සි හොයලා, ඇන්ටි ගේ ගෙදර කාමරේ කුලියට ඉඳලා, අන්තිමේ දී අපේම කියලා ගෙදරක් දොරක් අරගෙන හෙම ටිකක් සැටල් ඩවුං වෙච්ච කාලේ.

ඔය අව් අස්සේ, අපි දෙන්න තුන්දෙනා වෙන්නත් කරුණු කාරණා යෙදුණා ය කියමුකෝ.

කතන්දර හාමිනේ කියපි දුව ඉපදෙන්න කලින් කාර් එකක් ගනිමු නේද කතී කියලා. (කතී කියන්නේ ආදරේට කියන කතන්දරකාරයා ගේ කෙටි නමයි!) මාත් ඉතිං ඒකට එකඟ වුණා.

ඒ වෙන මොකක්වත් ම හින්ද නෙමේ, අනාගතයේ බබාලා වඩාගෙන හාමිනේව බස් එකේ යවලා, ඒ බස්වල හොඳට ඉඳගෙන ඉන්න උන් ගේ සීට් ගන්නේ ඇයි කියලා හිතුන නිසා.

ඔය සීට් වැඩේට එයත් කැමති නැති නිසා, මේ වෙනකොට බඩ දරු අම්මා කෙනෙක් වුණු හාමිනේ උදේට කෝට්ටේ ඉඳලා ඇස්වාට්ටුව හරියේ තිබුණු එයා ගේ වැඩපොලට උදේ ට ගියේ ත්‍රී-වීලර් එකකයි. දවල් වැඩ ඇරිලා එන කොට නං ඉතිං, මිනිස්සුන් ව නැගිට්ටවන්නේ නැතුව සීට් එකක් ලැබෙනවා බස් එකට නගින තැනින්.

මං කාර් ගන්න හිතුවට කාර් එලවන්න ලයිසොන් තියෙනවයැ?

ඉතිං, ඉස්සෙල්ලාම කලේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් එකට ගිහින් ඒ සඳහා පුරුදු පුහුණු වෙන එකයි.

එතන උපදේශකයො කියන විදියට සපත්තු ගලවලා කාර් එලවන්න පුරුදු වෙලා, ආපහු සපත්තු දාගෙන එලවන්න පුරුදු වෙන්න තව අවුරුදු තුනක් විතර ගියා.

ගන්නවත් එකේ හොඳ කාර් එකක් ගන්න ඕනෑ කියලයි හාමිනේත් මාත් දෙන්නාම හිතුවේ.

එහෙම නැත්තං ඉතිං අද ලියන්න වෙන්නේ මේ කතන්දරේ නෙමෙයි, කට කහන කතා ලියන දුමී ලියපු එක වගේ කතාවක්.

ඕක හින්දම මං කලේ කාර් ගැන දන්න කියන යාළුවෙකුත් සෙට් කරගෙන ඉරිදා දවස් දෙකක් විතර ඔබ්සර්වර් පත්තරේ ඇඩ්ස් වල තියෙන කාර් බල බල වාත වෙච්ච එකයි.

අන්තිමේ දී ගත්තා ලස්සන රතු පාට කොරොල්ලා කාර් එකක්.

හැබැයි ඉතිං ඒ වෙනකොටත් මට ලයිසොන් එකක් ගන්න ට්‍රයල්ස් යන්න ඇවිත් තිබුනේ නැති හින්දා, ලයිසොම ලැබෙන කං, කාර් එක තවත් සති දෙකක් විතර වගේ ගෙදර වේලුණා.

ඒ රතු කොරොල්ලා කාර් එක හින්දා එදා දක්වා කරදර පිරිලා තිබුණු අපේ ජීවිත කොච්චර ලේසි පාසු වුණාද කියලා මං ඊලඟ දවසේ ලියන්නම්.

-කතන්දරකාරයා

ප/ලි:
කාර් එකක් ගන්නවා කියන්නේ අපි කාගෙ කාගේත් ලැයිස්තුවල ඉහලින් ම තියෙන 'සුළු ධනේෂ්වර සිහිනයක්' බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැ නේ.

අපේ පරම්පරාවෙන් ම ඉස් ඉස්සෙල්ලා කාර් එකක් අරගෙන ඒ 'සුළු ධනේෂ්වර සිහිනය' සැබෑ කරගත්තේ මංතුමා ය කියලා කියන්න පුළුවන් ආඩම්බරයෙන්.

හැබැයි, අපි හැමෝම මේ සිහිනය සැබෑ කරගන්නා දවස වෙන කොට, කොලඹ දිස්ත්‍රික්කයේ පාරවල් සේරම, පාරවල් නෙමේ කාර් පාක් වෙනවා සිකුරුයි. මොකද කියන්නේ?

image: http://www.imcdb.org/vehicle_13825-Toyota-Corolla-E80-1984.html

70 comments:

  1. ලොතරුයි දිනුමක් ලැබුනොත් උත්සාහ කරනවා කාරයක් ගන්න. ලයිසොන් ප්‍රශ්ණය නම් විසඳගෙන තියෙන්නේ...එහෙමයි අපි..
    වාහනේ නැතත් ලයිසොම තියනවා.....

    ReplyDelete
  2. කතන්දර අංකල් කොරොල්ල කිව්වට මොඩල් එක කිව්වෙ නෑ නේ.... :(

    @සොදුරු සිත - අලියා නැතත් හෙන්ඩුව තියනව වගෙයි නේ..

    ReplyDelete
  3. කාර් කිව්වහම මතක් උනේ..දැනට අවුරුදු දහයකට කලින්නං ඉතිං මාත් කාර් නැතත් වෑන් හිමියෙක් බවට පත් උනා..හැබැයි ඊට කලින් ත්‍රිරෝද හිමියෙක් වෙලා හිටියේ...පස්සේ මට පුට් සයිකලයක්වත් නැතිව හිටියා..දැන්නං යාන්තං මොටෝ බයිසිකොලයක් තියේ..
    ඒත් ඔය මොටෝ බයිසිකලේ අරගෙන මාස දෙක තුනකට පස්සේ මට කාර් එකක් අහු උනා නෙව බොහෝම අඩුගානකට..අර මොටෝ බයිසිකලේ අරගෙන අතේ තිබ්බ සල්ලි වලින් බාගෙකට කෙල වෙලා හිටියේ නැත්තං මං එදා ඒ කාර් එක ගේනවා ආයේ ඒකේ දෙකක් නැහැ..පරණ භාණ්ඩයක් වැඩ දාලා හදලා...නඩත්තුව අමාරු උනත් ඉතිං කාර් එකක්නේ...කෙස් ගහෙන් මිස් වෙච්ච මගේ කාර් ගැනිල්ල...

    හැබැයි කාර් වලටනං මම ඒ හැටිම ආසා නැහැ..ඔය බිම ඉඳගෙන වගේ ඕවා එළවිල්ල මහ එපා කරපු වැඩක්...ඒත් ඉතිං අර පරණ මොඩල් එකේ ඩබල් කැබ් එකක් දැක්කමනං ටිකක් මගේ ඔළුව ඒ අතට කැරකෙනවාම තමා..

    හැබැයි ඉතිං පරණ වාහනයක් ගන්නවානං ලැයිසොමට වඩා ඕන කාර්මික දැනුම..නැත්තං ගරාජ් බාස්ල ඒ අයගේ සුළු ධනේෂ්වර හීන සැබෑ කරගන්නවා කාකාලගේ කාර් සිහිනය හරහා...

    ReplyDelete
  4. අඩේ අර අන්තිම තුත්තනම් ඇත්තම ඇත්ත... අනිත්වා නම් ඉතිං මන්දා...

    ReplyDelete
  5. කාර් නේද..... හ්ම්ම්ම් දෑවැද්දට කාර් එකක් දෙන මාමා කෙනෙක්ගේ දුවක් බැන්ඳනම් හරි! :D

    ReplyDelete
  6. වෙල් ඩන් ලොක්කා, පවුලේ පළවෙනිය කියන්නේ ළොකු ඇචීව්මන්ට් එකක්. පුදුම සංතුෂ්ටියක් නේද තියෙන්නෙ…?පස්සෙ චාටර් හයර් එහෙම සෙට් වෙන්න ඇති නේ…? අරක කියෙව්ව. පට්ටම පට්ට..

    ReplyDelete
  7. කතන්දර කාර් එක තියාගෙන ලැයිසොම එනකං බලං හිටිය. මට උනේ ඕකෙ අනික් පැත්ත. ලැයිසම අරන් අවුරුදු පහක් විතර හිටිය ඩ්‍රැයිවින් සීට් එකක වාඩි වෙන්නෙවත් නැතිව.
    මාරය කියල තියෙනව වගේ මාත් කාර් වලටනං කැමති නෑ. බිම ඉදගෙන යනව වගේනෙ.

    ReplyDelete
  8. මේ වතාවෙ නිවාඩුවට ගියහම අපේ මහත්තයා කිව්වා කොහොම හරි ලයිසොම අරන්ම එන්න කියලා. බැරි පුළුවන් ගානෙන් ගත්තයි කියමුකො, ආසාවට දෙන්නෙ නැහැනෙ එයාගෙ මහලොකු කාර් එක පදින්න, මෙහෙ ලංකාව වගේ නැහැයි කියන්නෙ. එහෙට වඩා මෙහෙ රිය පදවන්න ලේසියි මං හිතන්නෙ, ප්‍රයිවට් බස් එළවන කට්ටිය මෙහෙ නැහැනෙ :P

    ReplyDelete
  9. මටත් ඔහොම හීනයක් තියෙනවා.
    ඊලග ටාර්ගට් එක ඒක තමයි.

    කතන්දරයාගේ හීනය සැබෑ විම ගැන ගොඩක් සතුටුයි.

    ReplyDelete
  10. @කතී,(hikz)(ඒක ඇහෙනකොට අර ගුත්තිලේ කවියකුත් මතක් වෙනවනේ.)

    ඔය උඩ තියෙන්නේ ඒ ගත්තු අලුත් කාරෙකද?

    @වත්,

    තවත් දෙයක් තියනවා කරනවා නම්. කාරෙකක් තියන කෙනෙක් බැඳ ගත්තා නම් හරි. ඉතින් හෙන්ඩුව අතේ. අලියාව එලවන එකයි ඇත්තේනේ හී..හී..

    @පූසා,

    ඒක නම් හොඳම හොඳ අදහසක්. ඉක්මනට අවශ්‍ය ලියකියවිලි ලෑස්ති කරගන්ට.

    ReplyDelete
  11. කතී ගේ කාර් කතන්දර ටිකත් ලියමුකෝ බලන්ඩ..

    අර ලර්නර්ස් කාරයෝ සපත්තු සෙරෙප්පු ගලවලා ඩ්‍රයිව් කරන්න කියන එක නම් මහාම මහා විහිළුවක්. සමහර විට ඒක කරන්නේ පැඩල් වලට වඩා සංවේදී වෙන්න.. එහෙම එක දවසක් දෙකක් කරානම් හොඳටම ඇති. නැත්නම් අර කිව්වා වගේ සපත්තු දාලා එලවන්න වෙනම කෝස් එකක් කරන්න වෙයි.

    ReplyDelete
  12. @ පොඩි
    ්කත් හොඳ අදහස. හැබැයි ඉතින් පිරිමි කෙනෙක් ඉන්නව නම් , රියදුරු වැඩෙත් යාටම කරන්න කියනවා... මහත්තරු ඉද්දි , නෝනලා රියදුරු වැඩේ කරන එක හරි අසෝබනයි වගේ...

    ReplyDelete
  13. කතීගෙ කාර් සිහිනය සැබෑ වීම ගැන බෝම සන්තෝසයි...සුබ පැතුම් කිව්වා ඔන්න... :D

    ReplyDelete
  14. අර උඩ තියන කුරුල්ලා ද ගත්තෙ...

    ඔය පරන කාර් එකක් ගන්න එකයි, කසාද බඳින එකයි දෙකම එක වගේලුනෙ..සමාන කම් බොහොමයක් තියනවා..නඩත්තු වියදම උපරිමයි.තව තව දේවල් තියනවා, ඒවා ඉතින් කැමති අයට කැමති විදියට හිතා ගන්න පුලුවන්.

    ඒ අතින් අලුත් කාර් එකක් අරගන කතන්දර කරලා තියෙන්නෙ නුවණක්කාර වැඩක්...

    ඔය ලයිසොන් ගන්න ගිය කාලෙත් හොඳ හොඳ වැඩ වෙන්න ඇති නේද?

    ReplyDelete
  15. @වත්,

    දුක, සැප දෙකම එකට බෙදාගන්නා මේ කාලේ හදිසියකටවත් කාරෙක නෝනා ගෙනියන්ට ඕනෑමයි. මහත්තයට අසනීපයක් උනා. ඒ වගේ වෙලාවකට ඉතින් අසෝබනයි කියලා හිටියොත් මාර වැඩේ වෙන්නේ. අනෙක එයාට එලවලා මහන්සි දවසක එලවන්ටත් පුලුවනි.

    ඇයි ගෑනු කාර් එලවනකොට කැතයිද? :D

    ලෝකේ හොඳම ඩ්‍රයිවර්ස්ලා ගෑනු කියලා තමයි දැන් හොයාගන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක අපේ අක්ක ඔප්පු කරලා තියෙන්නේ. හැබැයි බය නැති වෙන්න ඕනේ.

      Delete
  16. @ Podi Kumarihami,

    /ලෝකේ හොඳම ඩ්‍රයිවර්ස්ලා ගෑනු කියලා තමයි දැන් හොයාගන තියෙන්නේ/


    අනේ ඕක හොයා ගත්තෙ කවුද කියලා අපිටත් කිව්වනම්..........

    ReplyDelete
  17. මම නං ලැයිසොං ගත්තේ කාර් ගැන හීන මවන්ඩත් කලින් මීට අවුරුදු 10 කට උඩදි. ඊට අවුරුදු 9 1/2 කට පස්සේ වයිෆ් දැකපු හීනයක් හින්දා අල්ටෝ පැට්ටෙක් ගත්තා... දැන් ඉතින් ඔක්තෝබර් වෙනකල් බලලන් ඉන්නවා ඒක එලවන්ඩ....

    ReplyDelete
  18. පොඩ්ඩි අක්කා: අක්කා ලියකියවිලි ලෑස්ති කරගන්ට කිව්වේ... අක්කා මටත් නොකියා කාර් එකක් තියන මාමා කෙනෙක්ගේ දූ පොඩ්ඩක් මට බැලුවද? :)

    ReplyDelete
  19. හැක් හැක්... මෙවුව එක ගන්න වයස මදි... :/

    ReplyDelete
  20. @ සුළඟිල්ල ,

    මෙවුවා එක ගන්නම ඕන නැහැ මලේ ....

    ඔය ඕන තරම් කට්ටිය මෙවුවා එක නැතිව මෙවුවා කරන්නෙ..

    පරිස්සමින් මෙවුවා කරගන්නෙ නැතිව මෙවුවා කරනවනම් මෙවුවා එකක් නැහැ..

    (නැහැ මම කිව්වෙ පොලිසියට අහු වුනොත් ප්‍රශ්නනෙ.....)

    ReplyDelete
  21. මම හිතන්නේ මම ඉන්නෙත් උඹේ බෝට්ටුවේ . . වාහනයක් ගන්න හීන මැව්වේ නෑ ඒත් නොගෙන බැරි කමට ගන්න වුනා . . ඒකත් මෙහේදි . . ලංකාවෙදි වාහනයක් ගන්නවා කියන එක නම් හීනයක්ම වගේ හින්දා තාම හිතලවත් නෑ ඒ ගැන . .

    ReplyDelete
  22. සතුටුයි සතුටුයි. කාර් එකක් ගැනීම කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ලැයිසම ගන්න ගිහින් උන වැඩත් දාමුකෝ බලන්න

    ReplyDelete
  23. කොහොමහරි කතන්දර අයියත් කාර් එකක් ගත්ත එහෙනම්. නියමයි අයියේ. එහෙම තමා මිනිස්සු දියුනු වෙන්න ඕනේ. හැමදාම එකතැනටම වෙලා ඉන්න බෑනේ.

    ReplyDelete
  24. අනේ මන්දා නිකන් කතන්දරේ හැම තැනින්ම පටලවලා දැම්මද කියලා හිතෙනවා....
    ඇත්තට හැමෝම අර සිහිනය ඉටුකරගන්න දවසට නම් පාරවල් ඔක්කොම කාර් පාර්ක් වෙයි නම් තමා. දැනටත් බාගෙට ඒ වැඩේ වෙලානේ තියෙන්නේ. ටවුන් එකක් ලංවෙනකොට පාරක්ද පාර්ක් එකක්ද කියල හිතන්න බෑ තමා..
    අපරාදේ කියන්න බෑ මම නම් පළවෙනි පාරම උනේ ට්‍රයල් ෆේල් උන එක. හේතුව ගියර් එක හරියට නොවැටීම

    ReplyDelete
  25. මං මේ පැත්තේ නිතර ආවා ගියාට අද තමා කොමෙන්‍ටුවක් දාන්නේ.... ඔය හීනේ ඉතින් අපි හැමෝටම තියනවනේ....හැබැයි මට තාම අලියෙකුත් නෑ හෙන්ඩුවකුත් නෑ... AL කරලා ඉන්දැද්දි මට හෙන්ඩුවක් ගන්ට ඕනය කීවම ගෙදර ඔක්කොම හිනාඋනා නොවැ..... දැන් වත් එකක් ගන්ට ඕනා....

    ReplyDelete
  26. අමාරුවෙන් හරි කරගෙන තියෙන්නේ නම් අපූරු වැඩක් කසූ....
    ඊලඟ භවයෙදිවත් බලමු එකක් මගේම කියල කොරගන්න.....

    ReplyDelete
  27. ඇත්තම කතාව තියෙන්නේ මාතෘකාවෙවත්ද? කියලා මට නිකමට හිතුනා මේ දැන් :D

    ReplyDelete
  28. @ සොඳුරු සිත
    මගේ හිතවත් මිතුරා රත්නායක අඳුණන පොරක් ඉන්නවා එක ටයර් එකකට සල්ලි ලැබුණාම, ඉතුරු කැලි ටික ගන්න සල්ලි ඉතුරු කරපු.

    මං නං ලොතරැයියක් ඇඳුණොත් ලැම්බර්ගිනී ජෙලාටෝ එකක් හරි මසරාටි එකක් හරි තමයි ගන්නේ.

    ReplyDelete
  29. @ සුපර් මාරියෝ
    ඇයි නෙවිව් ළමයෝ ඔය පින්තූරයක්ම දාල තියෙන්නේ?

    ReplyDelete
  30. @ මාරයා ගේ හෝරාව
    මාරයා උපාසක තැනට කිව්වට මොකද, මට නං කවදාකවත් ඔය මොටෝසයිකලේ අල්ල ගන්න බැරි වුණා නොවැ. පොඩ්ඩ පොඩ්ඩ පදින්න පුරුදු වුණත් කවදාකවත් ගන්න ඕනැ කියල නං හිතුනේ නෑ.

    අපේ තාත්තණ්ඩිය නං කොල්ල කාලේ බැන්ටම් ද මොකක්ද තඩි බයික් එකක් පැද්දය කියල මං අහල තියෙනව.

    මගේ සිහිනෙට වුණු දේවල් ඉස්සරහට එයි මේ ඟෙගා සීරිස් එකේ!

    ReplyDelete
  31. @ prasanna86k
    මේ සිද්ධීන් වෙලා දැන් ටිකක් කල්!

    ReplyDelete
  32. @ පූසා
    උපදේසය හොඳයි, පරක්කු වැඩියි!

    ReplyDelete
  33. @ මාතලන්
    ලොක්ක මේ මොනවා කියනවද මන්දා, මේ දවස්වල සති අන්තයට නිකං කැබ් ඩ්‍රයිවර් වගේ තමයි.

    ReplyDelete
  34. @ Praසන්ன
    වාඩි වෙලා බලන්න එපායැ ඒකේ තියෙන උජාරුව. බයික් කාරයින් ළඟින් යන කොට ආසාවේ බෑ!

    ReplyDelete
  35. @ හරී - පිණිපළස
    අනේ පව්. ඒ හැර වෙන කිසිම දෙයක් නොකියමි.

    ReplyDelete
  36. @ - නිල් අහස -
    මේක නං මගේ සිහිනයකටත් වඩා හාමිනේ ගේ සිහිනයක්.

    ඒ කෙසේ වෙතත්, ඔබේ සිහිනය සැබෑ වේවා කියා පතනවා.

    ReplyDelete
  37. @ Podi Kumarihami
    කතී කියන්නේ ආදරේට. ගොඩාක් ආදරේට කියන්නේ කතියෝ කියලයි.

    ඒ වගේ කාර් එකක් තමයි ඔය. මේ කතාව පරණ කතාවක් නේ. දුව ඉපදෙන්නත් කලින්. දැන් පුතාටත් වයස 10ක් වුණා!

    ReplyDelete
  38. @ sameerausa
    මේක මෙගා සීරීස් එකක්. එපා කියනකං අදින්නයි යන්නේ!
    මට සපත්තු දාගෙන එළවන්න අවුරුදු දෙකකටත් වඩා ගියා!

    ReplyDelete
  39. @ මකුළු පැංචි
    ස්තුතියි මකුලිච්චියේ!

    ReplyDelete
  40. @ Luckey
    මේ සිද්ධිය වෙලා දැන් කලක් ගතවුණා. ගන්න කොට කාරෙක අවුරුදු හතක් විතර පරණයි මට මතක හැටියට.

    ReplyDelete
  41. @ Jeew
    මරුටි එකකට මාස හයක් ඉන්න ඕනෑ කියන්නේ ඇත්තද?

    ReplyDelete
  42. @ සුළැගිල්ල
    ඩ්‍රයිවින් පුරුදු වෙන්න වයස ඇති නේද?

    ReplyDelete
  43. @ දුකා
    මෙහෙමයි, දකින හීන විතරයි නේ සැබෑ වෙන්නේ. දකින්නේ නැතිනං කිසිම දෙයක් නෑ.

    ReplyDelete
  44. @ රොබින්
    එපා කියනකං දාන්නයි යන්නේ මේ මෙගා සීරීස් එක.

    ReplyDelete
  45. @ මධුරංග
    ගත්තා නේන්නං, ගත්තු දවසේ ඉඳලා ටැක්සි ඩ්‍රයිවර් වගේ තමා.

    ReplyDelete
  46. @ priyantha
    ප්‍රියන්ත, මේක පරණ කතාවක්. එහෙම වුණත්, දැනුත් ටවුන් එක ලංවෙන කොට කාර් පාක් එකක් නං පාර, හැමෝම කාර් ගත්තොත් ගමෙන් එලියට යන්නත් බැරි වෙයි.

    ReplyDelete
  47. @ Maneka
    දුර්මුඛ වෙන්න එපා, ගන්න ලයිසොමක්. ඊලඟට කාරෙකක්. ස්තුතියි මංගල කමෙන්ටුවට!

    ReplyDelete
  48. @ Heeniyata
    මේ භවයේදීම වැඩේ සෙට් වේවායැයි පතමි.

    ReplyDelete
  49. මට තාම බෑ සපත්තු දාං එලවන්න . . . හැබැයි මම ඩැයිවිං පුරුදු උනේ ලර්නර්ස් ගිහිං නං නෙමේ. මේ දවස් වල ලැයිසොමේ අදාල කාන්ඩෙ නැතුව ත්‍රී වීල් එකක් පදිනව.

    ReplyDelete
  50. කාර් කෙසේවෙතත් ඔන්න අද තමා කාර් පදින්න ලයිසමක් ගත්තෙ..ඒත් ටෙම්පරි කොලේ විතරයි

    ReplyDelete
  51. මටනම් කාර් එකක් ඕන නෑ මගේ බොසාට හයිබ්‍රිඩ් කාර් එකක් තියනවා . ඉතින් මම හැමදාම ඒ කාර් එක අතපතගාලා තමයි වැඩ පටන්ගන්නේ . අනේ දෙයියන්නේ මගේ ජීවිතේට මමනම් කාර් එකක් ගන්න තරම් ලොක්කෙක් වෙන එකක් නෑ . සුයිප් එකක් ඇදුනොත් මම කාර් එකක් ගන්නේ නෑ . වෙන මොනාහරි ගන්නවා . අපේ පලාතේ කාර් වලට යන්න පාරවල් හරි මදි .

    කාර් එක සීරීස් එක ආසවෙන් කියවමින් ...

    ReplyDelete
  52. @ ඕනයා
    ත්‍රි වීල් එක වුනත් ස්පයො වීල් එක එක්ක ගත්තහම ඉතිං රෝද හතරක් නොවැ!

    ReplyDelete
  53. @ රත්ගමයා
    ඔබ මහා ගමණක පළමු පියවර තබා ඇති බව සිතාගන්න. ජයවේවා!

    ReplyDelete
  54. @ හිස් අහස
    සඳරූ ට නං ඉතිං කාර් මොටෝ? අලිය පිටේ යන්න බැරියැ වැඩට!
    ආයෙ ගියේ නැත්ද හයිබ්‍රිඩ්ඩා ගේ රවුමක්?

    ReplyDelete
  55. මාත් ගත්තෙ මුලින් ලයිසන් එක. තාම කාර් එකක් නං නෑ. පහුගිය දවසක ගියා කාර් බලන්න. අර කතන්දර ජීව්ගෙන් ඇහැව්ව එක ඇත්ත. මරුටි කාර් විතරක් නෙමේ සුසුකි මරුටි ඉන්දියන් කාර් කෝකත් ඕඩර් කරලා මාස 6ක් ඉන්න ඕන අපේ අතට ගන්න.

    වාහන ගැන දන්න කස්ටිය නං කියන්නෙ ඔය ඉන්දියන් ඒවා ගන්ඩ එපා පාවිච්චි කරපු එකක් හරි ජපං කට්ටක් ගන්න කියලා. ආය හොඳ ගානකට දෙන්නත් පුලුවන් කියලා.

    ඔන්න වාහන ගැන වැඩිපුර දන්න කට්ටියයි ඉන්දියන් වාහන පාවිච්චි කරන කට්ටියයි ඉන්නවනං අපිව ටිකක් දැනුවත් කරන්න හොඳ වෙලාව.

    ReplyDelete
  56. @ බුද්ධි
    කාර් එකක් ගත්ත වගේ නෙමේ නඩත්තු කරන්න ගියාම.

    ReplyDelete
  57. පොඩි කුමාරිහාමිගේ දෙවෙනි කොමෙන්ට් එකට....
    ඇය් මහත්තය ටිකක් අනුමත වෙච්ච් වෙලාවට, ඒ වෙලාවට තමා නෝනගේ ඩ්‍රය්වින් වැදගත්ම වෙන්නෙ.

    ReplyDelete
  58. @ පොඩ්ඩි
    ලෝකේ නම් එහෙම ඇති. මම ඕවා ගැන දන්නේ නැති නිසා. ඒත් ලංකාවේ නම් තාම එහෙම නෑ. හේතුවක් කියන්න බෑ. ඒත් ක්‍ෂණිකව සිග්නල් නොකර හරවනවා. ඕනෑවට වඩා බ්රේක් කරනවා. ඕවර් ටේක් කරන විට උනත් හරිම අවදානම් විධියට යන්නේ. අනෙක් කාරණාව තමා ඉක්මනින් බය වෙනවා. ඉදිරියෙන් ලොකු වාහනයක් ආවොත් බයට පාරෙන් පිට පනිනවා.
    හැබැයි පොඩ්ඩිගේ නම් ඩ්‍රයිවින් හොඳ ඇති.

    ReplyDelete
  59. තනිකඩ අපිට මොන කාර්ද කිව්වලු... මගේ නම් ගමන සුපුරුදු බයිසිකලේ තමා... (ඉඳල හිටලා කාගෙ හරි කාර් එකක නැගල ගියොත් හැර )

    ReplyDelete
  60. මේක කියවද්දි මට මතක් උනේ අර මම කාර් එකක් හොයන්න කාපු කට්ට ගැන තමා. කොහොමත් මම නම් රස්සාව කරන්න පටන් අරගෙන අවුරුදු 3කින් කාර් එකක් ගන්න තරම් වාසනාවන්ත උනා. ඒ මම හදාපු සොෆ්ට්වෙයාර් එකක් එක්ලක්ෂ විසිපන්දාහකට විකුනලා. ඊට පස්සෙ ඒ අවුරුදු තුනේදි ඉතුරු කරපුවා මදි පාඩුවට දාලා අර කසු ලින්ක් එක දාල තියෙන කතාවෙ තිබුන 14 ශ්‍රී කාර් එක ගත්තෙ එක්ලක්ෂ හැට දාහකට 2000 අවුරුද්දේ අන්තිම කාලෙදි. ඊට පස්සෙ මෙහෙ එන්න උනහම ඒක විකුණුවෙ දෙලක්ෂ විසිපන්දාහකට 2002 අවුරුද්දෙ. එකෙන් පේන්නෙ වෙනින් රටවල වගේ නෙමෙයි, අපේ රටේදි පරණ කාර් එන්න එන්න වටිනාකම වැඩිවෙනවා කියලා.

    ReplyDelete
  61. @ දුමී
    කාර් මිල වැඩිවෙන්නේ යෙන් එක නැගලා රුපියල බහින නිසයි!

    කතන්දර හාමිනේව බබා හම්බ වෙන්න ගෙනියන හිටිත් මගේ මෙගා සීරීස් එකේ එනවා. මං හිතන්නේ පස්වෙනි කොටසද හොහෙද.

    ReplyDelete
  62. @ චමිල
    හැමදාමත් තනියම ඉන්න එකක් නෑ. කවදා හරි කරත්තෙක බැඳ ගැනේවි දන්නෙම නැතුව.

    ReplyDelete
  63. @ All
    සියළු දෙනාටම
    සැමගේ අදහස් වලට ස්තුතියි. මේ මෙගා සීරීස් එකේ ආරම්බය පමණයි.
    එපා වෙනකං කාර් කතා ලියන්නයි යන්නේ.
    සීට් බෙල්ට් දාගන්න.

    ReplyDelete
  64. මම හිතන විදියට නම් දැන් කාලේ මෝටර් බයිසිකල් එකක්වත් ගෙදරක තියෙන්න ඕන .......

    ReplyDelete
  65. මාත් හීනියට බ්ලොග් එකක් පටන් ගත්ත කට්ටිය කියවල උනන්දු කරනවා නේද
    http://sithuwilisundarai.blogspot.com/

    ReplyDelete
  66. කාර් කියන්නේ වැඩිහිටි පිරිමියාගේ සෙල්ලම් බඩුවය. ඕක ගත්තාට පසු උගේ ජීවිතය බොහෝ දේවල් වෙනස් වෙන්නට පුලුවන.
    ඔෆිස් එකේ වැඩ නිසා ලමයින්ව කොහේ වත් එක්ක යන්න බැරි තාත්තිලා කාර් සර්විස් කරන තැන් වල කොට කලිසම් පොඩ්ඩක් සමග කාර් එකේ වාරය එනතුරු ඕනතරම් වෙලා ඉන්නවාය. කාර් එක තනිකර දමා එන්නේ නෑමය.කාර් එක නාවනවාය, උපාංග සවිකරනවාය, සමහරු පොඩ්ඩක් ඈතට ගිහින් කාර් එකේ හැඩ බලනවාය.
    රිමෝට් එලාම් සෙට් කර පාරේ නවත්තලා යන කාර් වල ඒ එලාම් වැඩ කරන්නේ අපි වගේ පයින් යන එකෙකුගේ දාඩිය සිරුර ඒකේ ගෑවුනාමය.
    කාර් එකේ යන එකා හන්දියේ කඩේට පයින් ගියත් කට්ටිය අහන්නේ " කෝ අද කාර් එක? " කියාය.ඒ නිසා ඌ වැටකොලු කිලෝ එක ගේන්න යන්නෙත් කාර් එකෙන්ය.
    කාර් එකෙන් සැතපුම් ගනන් ගිහින් ග්‍රවුන්ඩ් එකක් වටේ දුවන කට්ටිය හරියට ඉන්නවාය.
    වයිෆ් ව පික් කිරන්න ඕන , පුතාව ඩ්‍රොප් කරල ආවේ , "මම ඔයාව ගේ ලඟින් ඩ්‍රොප් කරන්නම්" , "ලිෆ්ට් එකක් දෙන්න ඇහුවම ඒකි එපා කිව්වා මහ ආඩම්බර...", මේවා කාර් එක්ක බැඳිලා තියන වාක්කිය යි.
    කාර් එක ( 'කා' එක ) එකවරක් ගත්තු එකෙක් වැලේ වැල් නැති වුනත් කාර් එක අත හරින්නේ නැතිය. සමහරුන්ගේ ජීවිතේ වැඩිම වියදම දරන්නේ කාර් එක නඩත්තු කිරීමටය. කොච්චර ට්‍රැෆික් වලට අහු වුනත් හෙටත් කාර් එකේම යනවාය.
    කාර් එක එලවන එකාට පාරේ යන හැමෝම බූරුවෝය, පාර පනින මිනිස්සු වගේම එලවන අනිත් එවුනුත් බූරුවෝය. කාර් එලවන කිසිම එකෙකු කවදාවත් වැරදි කරලා නැත , සිද්ධියක් සිද්ධ වුනොත් වෙන්නේම අනිත් එකාගේ වැරැද්දෙන්ය. බීලා වමනේ දාපු එකා පහුවෙනි දාට කියන කතාව වගේ ය.
    කාර් කියන්නේ පිරිමියාගේ ජීව ධාතුවය, තව සල්ලි ලැබුනොත් කතන්දර කාරයත් "එස් යූ වී " එකක් ගනීය.
    හීන දකිමින් ඉන්න කාර් කාරයාට කෙල වෙන්නේ නෝනා ගේ අම්මව ඉස්පිරිතාලෙ අරන් යන්න වුනාමය, එතකොට කාර් කාරයට ත්‍රී වීල් මතක් වෙයි, ඒත් ඒවා හරියන්නේ නැත. තමන්ගේ අම්මා එක්ක දාන සෙල්ලම් වයිෆ් ගේ අම්මා එක්ක දාන්නට බැරිය.
    කොච්චර ෆිටෙක් වුනත් හැමදාම හැන්දෑවට පුරුද්දකට වගේ ලිෆ්ට් එකක් ගන්න සෙට් වුනාම කාර් කාරයාට මල පනියි. ඒ මල දෙගුණ තෙගුණ වෙන්නේ ලිෆ්ට් එක ගන්න එකා තක්කලි 250 ක් ගන්න මගදී නවත්තන්න ඉල්ලුවාමය.
    කාර් සමග රෑ ගමන් වැඩි වෙනවාය.වෙනත් වියදම් ද වැඩි වෙනවාය. කොත්තු කෑමද වැඩි වේ ( රෑට යන ගමන් මොනවා හරි අරන් යන් ). රෑ වෙලා ගෙදර එන නිසා රෑට ඇඳට වැටුන ගමන්ම අල්ලන වයිෆ් ගේ ඔලුව කැක්කුම භයානක විදියට වැඩි වෙනවාය ඒ වගේම වයිෆ් ගේ ඇඟේ හැඩයද නැතිවෙලා බැරල් හැඩයක් එනවාය.
    ලිඳේ වැටුන එකා ලිං කටෙන්ම.. කියන්නා සේ කාර් එකෙන් ලිෆ්ට් ඔෆර් කරන්න පටන් ගන්නේ, මොන්ටිසෝරි අසල කැරකෙන්න පටන් ගන්නේ එවිටය.
    කාර් එකත් තුන් වැනි සිල්පදයත් ( බුද්ධාගමේ අයට ), අසල්වැසියාට ප්‍රේම.. ( ක්‍රිස්තියානි අයට ) , අතර ඇත්තේ පුදුමාකාර සම්බන්ධතාවයක් තියනවාය. හිටිහැටියේ කාර් වීදුරු 'ටින්ට්' වෙන්නේ එතකොටය>

    ReplyDelete
  67. කාර් එකක් ගන්න නොකා සල්ලි එකතු කලා. අවුරුදු 96 ක්. දැන් මිනිහ ලෙඩ ඇඳේ. හෙට අනිද්ද පව් මිනිහ ......මැරෙයි.

    ReplyDelete
  68. කාර් ගැනීම හොදය. නඩත්තුවට යන වියදමද හොදය. තමන්ගෙ බොඩිඑක නඩත්තු නැත. දතක් ගැලවුනාම දත දා ගන්නේ නැත. හකු ඇකිලී වල පල්ලට ඹබ නම් යන්න එපා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.