Sunday 19 June 2011

අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි - බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම :: I'll teach Aruni Shapiro a good lesson - making an omelette without breaking eggs


අද මේ ඉරිදා සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකෙන් මං මේ සැරසෙන්නේ අරුණී ෂැපීරෝ ට හොඳවැයින් පාඩමක් උගන්වන්නයි.

මහදැනමුත්තා ගේ වැඩිය ප්‍රසිද්ධ නැති ගෝලිච්චි ගේ නම දන්නවාද කියලා මං ලියපු කතන්දරේ මතක ඇතිනේ?

එතනදී මං කිව්වේ බ්ලොග් ලියන අරුණි ෂැපීරෝ නං මහදැණමුත්තා ගේ ගෝලියෙක් නෙමේ මහදැනමුත්තියක් ම ය කියලායි.

මං එහෙම කිව්වේ, අරුණී ඇමරිකාවේ ඉඳන් ලියන එයා ගේ බ්ලොග් එකෙන් අපිට දෙන දැනුම ගැන සලකලා යි. මං හිතන්නේ අරුණී ලියන බොහොමයක් කතන්දර, එයා ගේ සබ්මිට් නොකරපු පී.එච්.ඩී. තීසීස් එකේ තිබුණු ඒවා වෙන්න ඕනෑ.

මංතුමාත් ඔය තීසීස් සම්බන්ධයෙන් නම් ඉන්නේ අරුණී ගේ බෝට්ටුවේ ම තමයි. ඒත් මගේ තීසීස් එකේ බාගෙට ලියපු ඒවා මෙතන ලියන්න නං අදහසක් නෑ. මොකද මේක කතන්දර බ්ලොග් එකක් මිස බයිල බ්ලොග් එකක් නෙමේ නේ!

මේ දවස්වල අරුණී ලියාගෙන යනවා ධනවාදය ගැන ලිපි සීරීස් එකක්.

මේ ලිපි නිසා ඇති වෙලා තියෙන්නේ අර දෙබරෙට ගල් ගැහැව්වා වගේ සීන් කෝන් එකක්.

අරුණී එක පැත්තක. දශ මහා යෝධයෝ වගේ කෂ්ටියක් අනිත් පැත්තේ.

කතන්තර බලන අය දන්න සුජීව කොකාවල යි, ආවෝ-ගියෝ ආකාරයේ බ්ලොග් රචකයෙක් වූ චානුක වත්තේගම යි ඔය බැට්ල් ෆීල්ඩ් එකේ ඉදිරියෙන්ම ඉන්න දෙන්නෙක්.

අපරාදේ කියන්න බැහැ, අරුණී ත් අරින්නේ නෑ, ගේම ම යි ඉල්ලන්නේ. දශමහා යෝධයෝත් හිටු ගාලා බැටින් නිකං ටුවෙන්ටි ටුවෙන්ටියක් වගේ!

මං කලින් දවසක කියපු "හබරල ගාලේ විවාදය" වගේ අරුණී ගේ බ්ලොග් එකේ නැගලා යන ඔය වචන හරඹය දැකපු කවියෙක් මෙන්න මෙහෙමත් ලියලා තිබුණා.

ලූලන් හිඟයි ඇත නියඟය දරුණු වෙලා
පාළුයි නිවස නැත වළඳක් ඉතුරු වෙලා
අළුක්කාල් මැද රුපියල් කුමට හෙලා
කැකුණ නොරිසි සැවුලිඳු ලෙස හිඳිමි බලා


කාට හරි තේරෙනවද මොකක්ද ඒ කවිකාරයා මේ හරුපෙන් මොකක්ද අදහස් කර තියෙන්නේ කියලා?

මංතුමා නං ඔය දේශපාලන කතන්දර ගැන වැඩි උනන්දුවක් නෑනේ. නමුත් ඉතිං, ඉඳලා හිටලා දවසක අරුණි ෂැපිරෝ ගේ බ්ලොග් එක පැත්තේ ගිහින් පොඩි පහේ වන් ලයිනර් එකක් දාලා එනවා!

"අරුණි ගේ හැඳිමිට ෆ්රොරිඩා ඉඳලා ඇලස්කාවට විතර දිගයි" කියලා මං මේ ලඟදී ලියලා ආවා.

ඒ මොනවා වුණත්, කලින්ම කිව්වා වගේ, අද නං මං මේ සැරසෙන්නේ අරුණීට හොඳවැයින් පාඩමක් උගන්වන්නයි.

මේක එසේ මෙසේ පාඩමක් නෙමේ. කුකින් පාඩමක්. මගේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සීරීස් එකට යසට ගැලපෙනවා.

අරුණී ගේ ලිපියේ තියෙනවා බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැරිය කියලා තර්කයක්.

මේ ලියලා තිබුනේ කුකිං රෙසිපි ගැන නං නෙමේ. ඒ උදාහරණය අරුණී උපයෝගී කරගෙන තිබුනේ තමන් ගේ ධනවාදය ගැන ලියවුණු ලිපි සීරිස් එකේ තර්කයක් විදියටයි.

ඕක දැකලා මං මුලින්ම එතන ලිව්වේ, අබූ ග්‍රේ හරි, ගන්තනමෝ බේ හරි දැම්ම නං, බිත්තර කට්ට නොකඩා සාරු එලියට ගන්න පුළුවන් කියලයි. ඒ අරුණී ඉන්න ඇමරිකාවට අදාලවයි.

ලංකාවේ ඉතිහාසයට සාපේක්‍ෂකව කියනවා නං, බටලන්දේ හරි, හැව්ලොක් හරි දැම්ම වගේ කියන්න පුළුවන්. වර්තමානයේ ලංකා "ගන්තනමෝ බේ එක" තියෙන්නේ කොහේද කියන එක ගැන නං මං හරියට දන්නේ නෑ. පස්සේ ආරංචි වෙයි නේ!

ඒ දේශපාලන තර්ක කෙසේ කෙසේ වෙතත් මං දැන් මේ බලන්නේ ඇත්තටම බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැරිද කියල හොයලා බලන්නයි.

දන්න, නොදන්න, කීප දෙනෙක්ගෙන්ම අහලා, අන්තර්ජාලයේත් සැරිසරලා මං හොයා ගත්තා අරුණී ට දෙන්න ඕනෑ කුකින් ලෙසන් පාඩම.

මැතිව් පීට් ගේ බ්ලොග් එකේ (http://mathewpeet.org/howto/omelette/) තිබුණු ක්‍රම කිහිපයක් මෙන්න.
  • වෙනින් කෙනෙකුට කියලා බිඳවන්න
  • බිඳුණු බිත්තර පාවිච්චි කරන්න
  • බිත්තර පිටි පාවිච්චි කරන්න
  • ඔම්ලට් එකට අළුතින් අර්ථ කතනයක් දෙන්න
  • ලොකු බිත්තරයක් අරගෙන පොඩි සිදුරක් සාදා සිරින්ජයකින් සාරය ගන්න
මැතිව් ගේ එක ක්‍රමයක් මං අපිට ගැලපෙන විදියට මෙහෙම හදා ගත්තා.
  • බිත්තරය සමග වෙනත් බිත්තර හොයන්න යන්න. එතනදී සිදුවෙන බිත්තර ෆයිට් එකක දී බිත්තරය ඉබේම කැඩී යනවා අනිවාර්යෙන් ම. ඉන්පසු ඒ නිරවුල් සාරුවෙන් ඔම්ලට් එක හදන්න.
ඊලඟට මට හමුවුණා -බිත්තර කට්ට ඇතුලේම ඔම්ලට් එක හදන ක්‍රමයක්, ඊවල් මෑඩ් සයන්ස්ටිස්ට් ලා ගේ වෙබ් අඩවියේ තිබිලා.
ඒ විස්තරය මෙතනින් බලන්න.
http://www.evilmadscientist.com/article.php/omelette

සැමට සුභ ඉරිදාවක් වේවා. කාර් කතන්දර මෙගා සීරීස් එකේ තවත් ජන-අප්‍රිය එපිසෝඩ් එකකින් හෙට සඳුදා හමුවෙමු.

-කතන්දරකාරයා

ප/ලි:
මං නං බිත්තර කෑම නවත්තලා දැන් ටිකක් කල්. අපේ දෝණි නං වෙජිටේරියන් හින්දා ප්‍රාණ ඝාත නොවෙනවාය කියා අහපු දා ඉඳලා බිත්තර කනවා.

ප/ප/ලි:
අරුණී ගේ කලින් පෝස්ට් එකක තිබුණු කමෙන්ට් එකක් නිසා මට මතක් වුණු තවත් කතන්දරයක් - නොදන්න දෙමලේ - මෙතනින්න බලන්න.
http://kathandara.blogspot.com/2010/01/blog-post_25.html

(image: http://www.evilmadscientist.com/article.php/omelette)

59 comments:

  1. හ්ම්ම්. මාත් කැමති අර පලවෙනි ක්‍රමේට. අනිත් අයට කියලා
    බිත්තර බිඳවන්න. එතකොට පව යන්නෙත් අනිත් එක්කෙනාගෙ account එකෙටනේ...
    සුභ දවසක් අයියෙ!!!

    ReplyDelete
  2. උදේට කන්නෙ මොනවද කියල හිතමින් හිටියෙ, දැන් ආව අය්ඩිආස් එක.....

    ReplyDelete
  3. @Observer ayya,
    අය්යට කොලොස්ටරොල් කිව්ව නේද?

    නරකද බිත්තර නැති ඔම්ලට් එකක් හදා ගත්තොත්???

    ReplyDelete
  4. හෆොයි දෙයියනේ. ඔය අරුණි කෙලිට මොනවයෙන් මොනවා හිතෙනවද දන්නේ නෑ.

    කතන්දරගේ බිත්තර ෆයිට් ක්‍රමයට මමත් කැමති.

    Observer අයියට නම් "ඔම්ලට් එකට අළුතින් අර්ථ කතනයක් දෙන්න" ක්‍රමය හොදයි. මොකද ඔය කොලොස්ටරොල් කතාවක් මම දැක්ක උඩ ගිම්හනිගේ කොමෙන්ටුවේ.

    ReplyDelete
  5. :D :D මෙතන තව ටිකකින් වෙන දේට මටත් කියන්න වෙන්නේ අර කවියම තමයි!

    ReplyDelete
  6. දෙවෙනි ක්‍රමේ නම් නියමයි. එතකොට බිත්තර බිදින්න ඕනෙත් නෑනේ.පවකුත් නෑ.

    ReplyDelete
  7. //වෙනින් කෙනෙකුට කියලා බිඳවන්න// ඒත් කරන්නේ බිත්තරය බිඳීමකි.

    //බිඳුණු බිත්තර පාවිච්චි කරන්න// ඒත් බිත්තරය බිඳී ඇත.

    //බිත්තර පිටි පාවිච්චි කරන්න// ඒවා නියම බිත්තර නොවේ.

    //ඔම්ලට් එකට අළුතින් අර්ථ කතනයක් දෙන්න// එසේ කිරීමෙන් ඔම්ලට් සෑදෙන්නේ නැත.

    //ලොකු බිත්තරයක් අරගෙන පොඩි සිදුරක් සාදා සිරින්ජයකින් සාරය ගන්න//මෙහිදීද සිදුවන්නේ යම් ක්‍රමයකින් බිත්තරය බිඳීමකි.

    //බිත්තරය සමග වෙනත් බිත්තර හොයන්න යන්න. එතනදී සිදුවෙන බිත්තර ෆයිට් එකක දී බිත්තරය ඉබේම කැඩී යනවා අනිවාර්යෙන් ම. ඉන්පසු ඒ නිරවුල් සාරුවෙන් ඔම්ලට් එක හදන්න.// මෙහිදීද සිදුවන්නේ බිත්තරය බිඳීමකි.

    මේ අනුව බලන විට අරුනීගේ තර්කය නිවැරදිබව ඔප්පුවේ.

    අද නම් කතන්දරේ ඔම්ලට් එකක් වාගේ රසයි…:D

    ReplyDelete
  8. කෙටියෙන් කීවොත් කතන්දර අරුනීට පාඩමක් උගන්වා නැත...:DDD

    ReplyDelete
  9. ඕකත් හරියට දත් නැති ගෑණුන්ට කියපු "සිනා නොම වන් දසන් දක්වා" වගේ කතාවක් තමයි......

    ReplyDelete
  10. ඔන්න මගෙන් නෝ [අදර්] කොමෙන්ට් මෙතන. කතන්දර වල කොමෙන්ට් දැම්මට කතාවක චරිතයක් වෙන්න පුළුවන් වෙයි කියල කවුද හිතුවේ. ඒ ආතල් එකේ ඔන්න ඔහේ ඉන්නවා.

    ReplyDelete
  11. කතන්දර මෙගා සීරීස් එක මැද දාපු පොඩි ඇඩ්වට්ස්මන්ට් එකක් වගේ..හික් හික් මොනා උනත් ආතල් ඇඩ් බලන්න අපි කැමතිනේ..
    අර කවිය නං පට්ට ආ...

    ReplyDelete
  12. මට හිතෙන්නේ බිත්තරේ තමුන් බින්ඳත් වෙන කෙනෙකුට දීලා බිදව ගත්තත් පව පවම තමයි කියලා.....

    ReplyDelete
  13. @ Gimhani
    කොහොමටත් බිත්තර බිඳලා අහුවෙන්නේ පොඩ්ඩෝ. අණ දුන්නු ලොක්කෝ කවදත් බේරෙනවා.

    ReplyDelete
  14. @ Observer
    කාල තියෙනවද ෆ්‍රෙන්ච් ටෝස්ට්?
    කෝකටත් ගිම්හානී ගේ උපදේශය ගන්න.

    ReplyDelete
  15. @ ADK කොලුවා
    බිත්තර ෆයිට් වලින් පස්සේ ඉතුරු වෙන සාරු නිරවුල් මාංශයක් නිසා පව් නෑ. බිත්තර කොමිසං එන්නෙත් නෑ!

    ReplyDelete
  16. @ පූසා
    අපි නිකං පූසා, පූසා කිව්වට ඔයා කුකුළෙක් වගේ නේද?
    පූස් හමක් ඵොරවා ගත් කුකුළෙක් ද?

    ReplyDelete
  17. @මධුරංග
    මේක අහල තියෙනවද?
    අපිට මොකද අපි දසසිල් උපාසක
    ඉබ්බන් ගේ පුච්චන්නේ අනිත් පිට

    ReplyDelete
  18. @ Podi Kumarihami
    අනේ ඉන්න මෙයා විහිළු නොකර.
    ඔම්ලට් රහ වෙන්න නං ඔයා වගේ පොඩීම පොඩි ගම්මිරිස් ඇටයකුත් තලලා දාන්න ඕනෑ!

    ReplyDelete
  19. @ Jeew
    හෙම නැත්තං බුරිය නොතිබුණු ඒවා (Eve) ට බුරිය නොඵෙන්වා ඇඳුම් අඳින්නයි කිව්වා වගේ, නේද?

    ReplyDelete
  20. @ Sujeewa Kokawala
    කොහොමටත් ෆැටී ෆ්‍රොග්ස් ලා ට බිත්තර අරහං නේ. පිෂ්ඨය වැඩියි!

    ReplyDelete
  21. @ Sudheera
    ඉරිදා ට මෙගා නෑහැ ලෝකේ කොහේවත්.
    මේක මං ඉරිදාට දාන සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක්!

    ReplyDelete
  22. හි හි පොඩි කුමාරිහාමී
    //ලොකු බිත්තරයක් අරගෙන පොඩි සිදුරක් සාදා සිරින්ජයකින් සාරය ගන්න//මෙහිදීද සිදුවන්නේ යම් ක්‍රමයකින් බිත්තරය බිඳීමකි.

    ඔන්න හොදේ පොඩි කුමාරිහාමිගේ තියරිය අනුව අද සිට කිසිම රෝහලක (රෝහලක විතරක් නෙවේ මොනම තැනකවත්) මොකෙක්ටවත් ඉන්ජෙක්ෂන් විදීම, සේලයින් දීම, ලේ ගැනීම වැනි ඒකී නොකී සිටලු දේ කිරීමෙන් වැලකිය යුතුය.. මන්ද යත් පොඩි කුමාරිහාමිගේ තියරියට අනුව

    සිදුරු කිරීමක් = බිදීමක්
    ඉන්ජෙක්ෂන් විදීම, සේලයින් දීම.... = සිදුරු කිරීමක්
    එමනිසා, ඉන්ජෙක්ෂන් විදීම, සේලයින් දීම = බිදීමක්

    මල කෙලියකි ඒ අනුව ගත්විට ඉන්ජෙක්ෂන් විදීම, සේලයින් දීම යනු බිත්තර බිදීම වැනි වැඩය...

    ReplyDelete
  23. @ අපරාජිතයා
    පව පවම තමයි.
    ඒත් කාගේ පොතටද ගාණ වැටෙන්නේ කියන එකනේ ප්‍රශණය?

    ReplyDelete
  24. @ කිඩෝ
    කතන්දර ගේ සහයට කිඩෝ. තෑන්ක්ස් කොල්ලෝ.
    කැකුණ කන්න කැමතිද?

    ReplyDelete
  25. @කිඩෝ,

    කතා කර ඇත්තේ බිත්තර බිඳීම ගැන පමනකි. :D

    ReplyDelete
  26. කැකුන ගැන නං දන්නැත ඒත් මම හබන් කුකුලෙක් නොවන නිසා අර කවියේ මෙන් ඌරාට කැකුන තැලීමට ඉඩහැර පැත්තකට වී සිටිමි හි හි...

    ReplyDelete
  27. අනේ නෑ මම පූසෙක්! ඉතිං මට කියන්න වෙන්නේ මෙහෙම
    "
    කැකුණ නොරිසි පූසෙකු ලෙස හිඳිමි බලා" :D

    ReplyDelete
  28. @ පොඩි කුමාරිහාමී, මාත් ඉතින් කර ඇත්තේ බිත්තර බිදීම ගැන අක්කාගේ අදහස සුත්‍රයකට යෙදීමය. ඒ සුත්‍රයට අනුව අනු සූත්‍ර කිහිපයක් ද නිර්මානය කල හැක..

    කමෙන්ටුවට තැන්කූය. අක්කාගේ බ්ලොගිය පැත්තේත් ගියා.

    ReplyDelete
  29. බිත්තර ඔම්ලට් , ලේසිය , පහසුයි ,රසයි වාගෙම ගුණයි.
    බිත්තර කටු නොකඩා , ඔම්ලට් හදන්න බැරි ද?

    ඇයි බැරි පුලුවන්. කිකිළි බිත්තය දාන කොටම තාච්චිය ඇල්ලුවනම් හරි. එතකොට පිටත කැල්සියම් ඝන වෙලා කටුව හැදෙන්න කලින්ම බිත්තරය තාච්චියේ .

    ඔය බිත්තරය , වාතය එක්ක ගැටුනම තමයි කැල්සියම් ඝන වෙලා බිත්තර කටුව හැදෙන්නේ.

    දැකල තියද කැස්බෑ බිත්තර. හරිම මෙලෙකයි.කටුවක් නැහැ වගේ.


    කණයන් ගොඩයි, ඇත ලූලා මහළු වෙලා
    පාළු නිවස මහසෝනට බාර වෙලා
    අළුක්කාල්, රුපියල දැන් යුරෝ වෙලා
    කැකුණ කාට , බත් පත ආසනික් වෙලා

    ReplyDelete
  30. බිත්තර කන්න කවුද කියන්නෙ ඔම්ලට් හදන්න ඕනෙමයි කියල... බිත්තර තම්බල කන්න පුලුවන් විත්තිය කස්ටියටම අමතක උනාද ??

    ReplyDelete
  31. තප්පර 30න් බිත්තර තම්බන ක්‍රමේ දන්නවද ? ඒක හොයා ගත්තෙ මගේ යාළුවෙක්. හැබැයි එහෙම තම්බන්න පුළුවන් පිරිමි බිත්තර විතරයි..... ගෑණු බිත්තර එහෙම ලේසියෙන් තම්බන්න බෑ......!

    ඒ කතාව අනාගත කට කහන කතාවක්.....!

    ReplyDelete
  32. @ කතන්දර,
    ෆ්‍රෙන්ච් ටෝස්ට් කාල තියෙනව,ඒක තමා උදේ ආව අය්ඩියාස් එකත්, කතන්දරට වෙන වෙන දස්ස කොං එක්ක "පරචිත්ත වින්ඥානය" ත් තියෙනවද මන්ද?
    ප.ලි.
    බලාගෙන හැබය් ඔය මුරුංග ඇත්ත වැඩියම හය්ය නැහැ හොඳේ....

    @ Gimhani,
    ඔයා මොකද මට නැති ලෙඩ (වෙන්ඩ ලෙඩ) දාන්නෙ? අහිංසක මන් මොන වැරැද්දක් කොලාටද?

    ReplyDelete
  33. නටන විටදි කණයන් මඩ කලතවලා
    බිඳෙති වළන් හිස් ගෙයි කොයි එරෙහි වෙතා
    ලාබෙට ගන්න ලොකු කහවණු පල නැතුවා
    නුඹ තුටු වෙයන් කන්නට දේ හිඟ නැතුවා

    ReplyDelete
  34. ඌරො කැකුණ තලන කොට හබන් කුකුලන්ට රජ මගුල්ලු. ඉතුරු වෙන ඒවා විකුණන්න ඇඩ් දානවා කියන්නෙ.......හික්ස්

    ප.ලි.

    මේවා සීරියස් ගන්නව එහෙම නෙවෙයි

    ReplyDelete
  35. ඔන්න මේක කියෙව්වට පස්සේ කි දෙනෙක්ට ඔම්ලට් කන්න හිතුනද . ඕන නම් සංගණනයක් කරලා බලන්න කසු

    ReplyDelete
  36. මෙන්න කනවානම් බිත්තරේ .. පැස්බර බිත්තරේ ..

    http://www.blogjam.com/wp-content/halved.jpg

    ReplyDelete
  37. අනේ පව් බිත්තරේ

    ReplyDelete
  38. මටනම් පේන්නේ Podi Kumarihami හැඳි මිටෙන් කතන්දරට ටොක්කක් ඇනලා වගෙයි.
    මැණික්

    ReplyDelete
  39. දුර දිග විහිදුනු කුණු බිත්තර සටනක්. අරුණිගේ ධන වාදය හා කතන්දරගේ නිකං වාදය අතර.

    ReplyDelete
  40. @ සොඳුරු සිත
    බුදු අම්මෝ, ඔය කෙකර ගාන කිකිළියෝ බිත්තර දාන තැන්වල තාච්චි උස්සං යන්න පුළුවන්ද අපිට.
    කැතේ බෑ!

    ReplyDelete
  41. @ සොඳුරු සිත

    ලුලා මහළු නැත තවමත් තරුණ වියේ
    නිවසේ තිබු හැලි වලනුත් හොඳට තියේ
    යුරෝ කිමද කහවණු ඇත බෑන්කියේ
    බත් අහකට දමා කුරහන් කමුද ලියේ

    ReplyDelete
  42. අමාරුවෙන් හරි කෑවොත් කාටද ඉතිං.......

    ReplyDelete
  43. @ පොඩි මෑන්
    ඇයි බිත්තර කෙලින්ම ගිලින්නත් පුළුවන් අයත් ඉන්නවා නේ.
    ඒ අයගේ බඩේ බිත්තර!

    ReplyDelete
  44. @ දුමී
    සමහර දවසට උදේ ම ගෙදරින් ගිහින් හවස් වෙලා එන කොට කලිසම ඇඳගෙනම ඉඳලා බිත්තර තැම්බිලා වගේ තමයි තේරෙන්නේ!
    කියමුකෝ බලන්න.
    දැන් වෙන්ට කට කහන කතාත් සෑහෙන්න තියෙනවා නේද, එක එක තැන්වල සඳහන් කරලා?

    ReplyDelete
  45. @ Observer
    මට තියෙන්නේ පර රස්සා විජාණනය විතරයි කියදල හිතුවේ!
    Read this:
    http://kathandara.blogspot.com/2010/02/blog-post_15.html

    ReplyDelete
  46. @ ඉන්දික උපශාන්ත

    කණයෝ නටන්නේ ඇස් නොපෙනෙන හින්දයි
    වළදේ කකුටු රැල දිය රත්වෙන තුරුමයි
    කහවණු ඇති තැනට තව කහවණු බොහොමයි
    ක්‍රැබ් කරි උන්ට කණ මාළුව අප සැමටයි

    ReplyDelete
  47. @ Luckey
    අයියෝ ප/ලි යක් දාන්නත් වුනා නේ නේද?

    ReplyDelete
  48. @ Bindi
    වියට්-නෑම් වල හොඳ රහ ඔම්ලට් ජාති ඇති නේද? දාන්නකකෝ රෙසිපියක් නෙළුම් විලේ.

    ReplyDelete
  49. @ Indunil
    නිකං බිත්තර ආප්ප වගේ නේද?

    ReplyDelete
  50. @ prasanna86k
    බිත්තර තමයි හැමදාම බිඳෙන්නේ හම්ටි ඩම්ටි ලා ගේ කාලේ ඉඳලාම!

    ReplyDelete
  51. @ මැණික්
    පොඩ්ඩි ගේ හැඳිමිට එච්චර දිග මදි ළමයෝ!

    ReplyDelete
  52. @ Hishan Melanga
    අරුණිගේ ධන වාදය හා කතන්දරගේ රින (-ve) වාදය

    ReplyDelete
  53. @ Heeniyata

    අනේ ද කියන්නේ?

    ReplyDelete
  54. @ All
    ළමයි ඔන්න උදේ ඉඳන් බිත්තර කාලා කාලා මට දැන් නං ටිකක් මහන්සියි වගේ.

    සියළු දෙනාටම ස්තුතියි!

    හෙට උදේ කතන්දර මෙගා එකේ තවත් කොටසක් සෙට් කරලායි තියෙන්නේ.
    උසාවියේ ගෙවුණු දිනයක්!

    ReplyDelete
  55. බිත්තරේ තම්බලා ඊට පස්සේ ගැඹුරු තෙලේ බැදලා ගත්තනම් හරි එතකොට ඒක නිකම්ම බැදිලා !

    මම අහලා තියනවා ගම් බිත්තරයක් උණු අළු පල්ලේ ගහලා පැයක් විතර තියලා ඊටපස්සේ... නෑ නෑ ඕන නෑ .. ඔවුව කාලා කට්ටිය රටේ නැති ලෙඩ හදා ගත්තම මට වග කියන්න බෑ ..!

    ReplyDelete
  56. ගෑණු පරානෙකට අපි මීට වඩා ගරු කරන්න ඕන.ඒත් ඉතින් අර අලියා ගිලපු දිවුල් ගෙඩියෙ වගේ බිත්තරෙ නොකඩා සාරු එලියට ගන්න ක්‍රමයක් මං දන්නවා.එත් ඒක මෙතන කියන්න බෑ.ඒවා වටින දේවල්නෙ

    ReplyDelete
  57. මමත් ඔය කියපු වාදයේ එල්ලිලා හිටියා සෑහෙන කලක්, පස්සෙ හිතුණා ඇමෙරිකාන් කාරයෝ 'ලෝකෙන් උතුම් රට ඇමෙරිකාවයි' කියල හැම තැනම කියමින් යනකොට අපිට කට වහගෙන ඉන්න පුළුවන් නම් ඉතින් ඕකම කෙනෙක් සි0හලෙන් කියනකොට විතරක් මොකට ගහගන්න යනවද කියලා.

    බොහෝ කලක සිට කතන්දර කියවූවත් අද තමයි ප්‍රතිචාරයක් දැම්මේ.

    BTW, කතන්දරට මේ බ්ලොගය හැර තවත් බ්ලොග් තිබේද ?

    ReplyDelete
  58. ඔම්ලට් කියන්නේ අමු මිරිස්, රතු ලූණු එහෙම , බිත්තර සාරු වලට දාල ටිකක් තට්ටු කරල හදන රොටිය වගේ එක නේද ? මේක අළුත් සොයා ගැනීමක්. එකතු කරන්න බලන්න පතුරු ගැසූ උම්බලකඩ ටිකකුත්. හරිම රසයි.
    බිත්තර කඩන එක පවු තමා. ඒත් ෆාම් බිත්තර කැඩුවට පවු සිද්ධ වෙන්නෑ කියල මගේ හිතවත් උඩුඇන්දේ දන්තසාර හාමුදුරුවෝ කියනවා.
    ඒ හාමුදුරුවෝ බඩමැද බුරියානන්ද නායක හාමුදුරුවන්ගේ ගෝලයෙක්.

    ReplyDelete
  59. චැහ් ඔප්පු කරන්න බැරි තර්ක ටිකක්නෙ කතන්දර අයියා දාලා තියෙන්නෙ .....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.