ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 2 January 2011
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්
ඔන්න කතන්දර කුමාරයි, කතන්දර කුමාරියි බඳින්න කලින් කතා වෙච්ච එක දෙයක් තමයි බැන්දයින් පස්සේ ජෝඩුව කොහෙද පදිංචි වෙන්නෙ කියන එක.
මොකද ඒ දවස්වල මංතුමා හිටියේ තාත්ත යි, අම්ම යි, මල්ලිල යි එක්ක අපේ පවුලේ නිවසේ. ගෙදර ඉඳලා, වැඩට යන්න බස් තුනක ගමනට දවසකට පැය හතරක් විතර යනවා.
වෙන්ඩ කතන්දර හාමිනේ නං හිටියේ ගෙදරින් පිට. මොකද එයා ල ගේ මහගෙදර ඉඳලා එයා වැඩ කරපු තැනට එන්නම පැය පහකට වඩා යාවි. ඉතිං එයා හිටියේ කැම්පස් යාළුවෙකු ගේ අම්ම ගේ යාළුවෙකු වෙන ඇන්ටි කෙනෙකු ගේ ගෙදර බෝඩ් වෙලයි. ඒ ගෙදර තිබුනේ වෙන්ඩ කතන්දර හාමිනේ ගේ වැඩපොල කිට්ටුවෙන් ටවුන් එකේම වගේ.
මගේ මහගෙදර ඉඳලා හාමිනේ ගේ වැඩපොලට යන්න තියෙන්නේ මගේ වැඩපොලත් පාස් කරලා. ඉතිං, බැන්දයින් පස්සේ අපි දෙන්නා මගේ මහගෙදර නතර වීම කියන්නේ හාමිනේ කබලෙන් ලිපට වැටීමක්. බස් තුනක ගමනට පැය පහකටත් වඩා යාවි දවසකට.
මැත්ස් වලට ඔප්ටිමයිශේෂන් ඉගෙන ගෙන තියෙන අය දන්නව ඇති ඕනෑම කන්වෙක්ස් සෙට් එකක මැක්සිමම් වැලියුව්ස් තියෙන්නේ වර්ටිසස් වල බව.
තේරෙන භාෂාවෙන් මේ කියන්නේ අපි දෙන්නා ගේ එදිනෙදා රැකියාව සඳහා කරන මුළු ගමන් කාලය අවම කරගන්න නම් එක්කෝ දෙන්නාම මංතුමා ගේ වැඩපොළ ලඟ නැත්නම් හාමිනේ ගේ වැඩපොළ ලඟ දෙකෙන් එකක පදිංචි වෙන්න ඕනෑ.
අපි දෙන්නා මුලින්ම හිතුවා මගේ සේවාස්ථානය ලඟ තැනක් හොයා ගන්න.
මේ සඳහා ඒ දවස්වල තිබුණු සාමාන්‍ය ක්‍රමය තමයි ඉරිදා පත්තරයක් අරගෙන ඒකේ ලුහුඬු දැන්වීම් බලලා ඒ අනුව හොයා බලන එක.
හැබැයි ඊට වඩා හොඳ ක්‍රමයක් මං අනුගමනය කලේ. ඒ තමයි ගෙවල් තියෙන අය දැන්වීම් දානකං ඉන්නේ නැතුව අපි සල්ලි ගෙවලා අපේ ම දැන්වීමක් දැමීම.
රැකියාවැති තරුණ යුවලක් අහවල් ප්‍රදේශයෙන් ඇනෙක්සියයක් සොයයි - කියල සිළුමිණ පත්තරේ මං දැම්ම දැන්වීමක්. ඒක හරියටම පලවුනේ කතන්දර ජෝඩුව බැන්ද සතියේ අග ඉරිදාමයි.
දැන්වීමට ප්‍රතිචාර විදියට ආපු උත්තර කිහිපයෙන් මගේ හිත ගත්තු හොඳම ලිපිය එවල තිබුනේ මෙන්න මෙයා.
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්
හොඳ උගත් මහත්තයෙක් ගේ ඇනෙක්සියක් නේ කියල ඔන්න ඒ සතියේම ගියා මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් හමුවෙන්න.
"මං මේ හොයන්නේ හොඳම කපල් එකක් මේ ඇනෙක්සිය දෙන්න". මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් කිව්ව.
"ඒක හින්දම තමයි අපි මේ ආවෙ". මාත් අත හැරියේ නෑ.
ඉතිං ඔන්න ගේ පෙන්නන්නත් කලින් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්, අපි දෙන්නගේ නම්, ජොබ්ස්, වැඩ කරන තැන් සේරම විස්තර ඇහැව්ව. මං අහවල් තිප්පොලේ ඉගෙන ගෙන දැන් අහවල් තිප්පොලේ වැඩ කරන බව, හාමිනේ අහවල් වැඩපොලේ සේවය කරන බව වගේ දේවල්. පොර ඒ කරුණු වලින් සෑහීමකට පත්වුණා වාගෙයි මට පෙනුනේ.
"ඉතිං ඩොක්ටර් කතන්දර ගේ ගම කොහේද?" මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් මගෙන් ඊ ලඟට ඇහැව්ව.
හැබැයි ඇහැව්ව සැනෙකින් ම ඒක නිවරැදි කළා. "ඕහ්, අයෑම් සොරි, යූ හැවන්ට් ගොට් යුවර් ඩොක්ටරෙට් යෙට් නෝ? ඉතිං මිස්ටර් කතන්දර ගේ ගම කොහේද?"
"මං කොළඹ පැත්තේ."
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ඔන්න කතන්දර හාමිනේ පැත්තර හැරුණා.
"ඩොක්ටර් මිසිස් කතන්දර කොයි පලාතෙද?"
මේ ආකාරයෙන් ප්‍රශ්ණ අහල අහල මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් තාමත් මේ බලන්නේ අපි දෙන්නා මේ ඇනෙක්සිය කුලියට දෙන්න තරම් වටිනා ජෝඩුවක් ද කියලයි.
මට නං ඒ වෙනකෙටත් හිතිල තිබුනේ බුදු අම්මෝ මේ මනුස්සය ගේ බිත්තියෙන් එහා පැත්තේ, එකම වහල යට, එකම මිදුල ෂෙයාර් කරගෙන මං කොහොම ඉන්නද කියල.
හොඳ වෙලාවට කතන්දර හාමිනේ ඒ ඇනෙක්සිය නොගන්න තීරණය කළා.
ඒකට හේතුව මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්ගේ ප්‍රශ්ණ කිරීම් මාලාව නං නෙමේ. මෙන්න මේකයි.
මේ ඇනෙක්සියේ සාලෙන් නිදන කාමරේටයි, කුස්සි කෑල්ලටයි දොරවල් දෙකක් තිබුණා. අනිත් පැත්තෙන්, නිදන කාමරේ ට මූණ දාලා තව දොරක්. මං ඒ ඇරල බැලුව. මෙන්න බොලේ කක්කුස්සියක් සාලෙ මැද්දේ!
පස්සෙ බැලින්නං වෙලා තියෙන්නේ මේකයි. මේ කක්කුස්සිය මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්ගේ ප්‍රධාන ගෙදර පිටතින් තිබුණු වැසිකිලිය. ගෙට අල්ලල මේ ඇනෙක්සිය හදන කොට ඒක අළුත් කෑල්ලේ සාලේ මැද්දට ඇවිත්.
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ වැඩ ගැන හිනා වෙවී ගෙදර ආපු අපිට තව සති දෙකක් විතර ඇතුලත වෙන තැනක් සෙට් වුණා.
ඒ විස්තර වෙනිං කතන්දරයකින් කියන්නම්.
-කතන්දරකාරයා
ප/ලි
හෝව්, හෝව් වැරදුණා!
කතන්දරකාරයා, බී.එස්.සී.ඉන්ජිනියරින් ඔනර්ස්, එම්. ඉන්ජිනියරින්, එම්. ඒ.
Labels:
ඇනෙක්සිය,
කතන්දර හාමිනේ
Subscribe to:
Post Comments (Atom)
ඒත් අර ඩොක්ටරේට් කෑල්ලත් පස්සෙන් දාගත්ත නම් තමා වැඩියෙන් ලස්සන. නගුටත් දික් වෙනවානේ!
ReplyDeleteඔව්. පොඩි කුමාරිහාමිගෙ කතාව ඇත්ත. ඩොක්ටර් කතන්දර කියන නම මරුනෙ.
ReplyDelete@Podi Kumarihami
ReplyDeleteකුමාරිහාමිගේ හිත යන්නේ ඩොක්ටරේට් තියෙන අයට වගේ. එහෙනං අපි වගේ අයට හුලං.
කමක් නෑ, ඔය වලව්කාරයෝ කෙසේ වෙතත් සාමාන්‍ය මැණිකේ ලා අපිට හොඳා!
@කිරිපුතා
ReplyDeleteමට තියෙන නං ඇති ළමයෝ.
කතන්දරකාරයා,
කතන්දර ශූරීන්,
කතන්දරවාලා,
කතන්දර රාජ්.
හික්zzz සාලේ මැද්දි කක්කුස්සියක් තියෙන්නේ හදිස්සි වෙලාවට පහසු නිසා වෙන්ටැ
ReplyDeleteකිව්වත් වගේ උපරිම පහසුවට සාලේ මැද්දෙම තියල තියෙන්නේ....හික්
ReplyDeletemama nam ethi kamathi kathandara kumaara kiyanna .kathandara waalath narakama naha . hikz
ReplyDeleteඅලුත බැඳපු ජෝඩු වලට සාලේ මැද්දේ කක්කුස්සියක් තියන එක හොඳයි නේන්නම්.. හරියටම සාලේ එතනම තමයි කෑම කාමරය තියන්න ඕන. අලුත බැඳපු ගමන් ඔය කොයි නෝනත් කෑම ඉවිල්ල ඉගෙනගන්න එක්ස්පෙරිමන්ට් එකට සම්මාදන් වෙන්න වෙන අසරණ සැමියෙක් ගැන හිතලා වෙන්ටැ ඔය කක්කුස්සිය එතන හදලා තියෙන්ට ඇත්තේ.
ReplyDeleteඅපූරු ගේ පොඩිත්ත නෙව.......
ReplyDeleteහදිසි අවශ්‍යතා ගැන හිතල වෙන්න ඇති මිස්ට සෝමපාල බ්.ඒ ඔනර්ස් ඕක හදන්න ඇත්තේ..
බී.ඒ ඔනර්ස් මට්ටමින් හිතල කරපු අපූරු නිර්මාණයක් වෙන්ට ඇති..
අද කතන්දරය නම් තනිකර නයෙක්...නිකම් නයෙක් නෙමෙයි හොඳට ඉගෙන ගත්ත නයෙක්...
ReplyDelete@පුසා
ReplyDelete@Heeniyata
@sameerausa
@කැන්ඩි
මට හිතුනේ ඕක මහ ගෙදරටයි, ඇනෙක්සියටයි දෙකටම පොදු එකක්වත් ද කියලායි.
@TG
ReplyDeleteඇයි කතන්දරරාජ් කියන නම හොඳ නැද්ද? ඒක රාජස්ථාන් නමක්.
@සොඳුරු සිත
ReplyDeleteනයෙක් කිව්වේ ඒ බී.ඒ., ඇම්.ඒ. ලින්ක් දිගේ කලින් දාපු කතන්දර වලට ඇදිල යන්න ඇහැකි හින්ද වෙන්නැති නේද?
කතන්දර ගේ කතා එදා ඉඳලා කියෙව්වට අද තමා මුලින්ම කොමෙන්ටුවක් දැම්මේ....
ReplyDeleteමේ කතවේ පොඩි අවුලක් තියනවා...
//හොඳ වෙලාවට කතන්දර හාමිනේ ඒ ඇනෙක්සිය නොගන්න තීරණය කළා.//
ඒ කියන්නේ ගේ මැද කක්කුස්සිය, කතන්දරට නම් ඒ හැටි අවුලක් නෑ වගේ...හිකිස්
@බූටා
ReplyDeleteඔය වගේ දේවල් ගැණ තීරණ ගැනීම කරන්නේ හාමිනේ නේ.
මං ගන්නේ ලෝක සාමය පිළිබඳ තීරණ විතරයි.
සාලෙ මැද්දේ නයෙක් !
ReplyDelete@ඇනෝ
ReplyDeleteඅනේ මිස්ට සෝමපාල බී.ඒ. ඔනර්ස් ට එහෙම කියන්න එපා.
"මට තියෙන නං ඇති ළමයෝ.
ReplyDeleteකතන්දරකාරයා,
කතන්දර ශූරීන්,
කතන්දරවාලා,
කතන්දර රාජ්..."
කකා, අපි ඕකට කතන්දරනාථ කියන නමත් එකතු කරමුද..?? එතකොට අපට ගරුසරුවට ආමන්ත්‍රණය කරන්න පුළුවන් "කතන්දරයට අධිපති වූ කතන්දරනාථයෙනි.." කියලා, මොකද කියන්නෙ..??
පලී: හැබැයි ඉතිං කතන්දරකාරයා- කකා වුනා වගේ, කතන්දරශූරීන්-කශූ වුනා වගේ, කතන්දරනාථ-කනා වෙයිද දන්නෙ නෑ..
ඊළඟ ඈන්ක්ස් කතාවත් ඉක්මනට දාමුද අයියේ? මොකද මාත් මේ දවස් වල ඔය වගේ වැඩකට අතගහලා ඉන්නේ.
ReplyDeleteපුදුම වෙන්න දෙයක් නෑනේ කරන්දර. බී.ඒ ඔනර්ස් ඔනර්ස් කරල තියෙන වැඩේ ගැන. ඔන්න මටනම් ඔය මොනවත් නෑ. නිකම්ම ප්‍රියන්ත. හැබැයි වැඩක්ක කරද්දි බී.ඒ ඔනර්ස් වගේ අනාගෙන නම් නෑ තවම.
ReplyDelete@ Buratheno,
ReplyDeleteT.G.W.De Silva මයාගෙ පොත් පිළිබදව හෙව්වා.තවම සාර්ථක පිලිතුරක් නැහැ.ප්රකාසකයො කීප දෙනෙක්ම ඊමේල් එව්වා දැනට එයාල ළග නැති වුනත් ලැබුන වහාම දන්නන්නම් කියා.හැබැයි ඒක නැති සෑම පොතක් ගැනම යවන standard මේල් එකක්ද දන් නෑ.
ඇයි කතන්දර කුමාර.ඒකත් කකා පාවිච්චි කරනවානේ.
ReplyDeleteතව කතන්දරසිංහ, කතන්දරබාහු වගේ රජවරුන්ගෙ නමුත් හොඳට ගැලපෙනවනෙ.
පට්ට් නයෙක් නොවැ කතන්දර ඇරල තියෙන්නෙ. සෝමපාල උන්නැහේගෙ පිටිං දාල. මාත් අරින්න ඕන නයෙක් :)
ReplyDeleteකතන්දරකාරයට කතන්දර ලිවීම ගැන ආචාර්ය පට්ටමක් දෙන්න පුලුවන්.ඒක නිසා ඩොක්ටර් කතන්දර කියන නම අවුලක් නැහැනේ කතන්දර අයියේ.(ඩොක්ටර් කතන්දර ).................
ReplyDelete