ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday 30 August 2010
මොන්ටිසෝරි අම්මාට සීට් එක දන් දීම
බස්වල යන එන කොට අපිට නොයෙකුත් ආකාරයේ අත්දැකීම් වලට මුහුණ පාන්න සිද්ද වෙනව. සමහර වෙලාවට අත්දැකීම් විතරක් නෙමේ, ඇයි කකුල් දැකීම් පවා ලැබෙනවනේ.
මට වෙලා තියෙන සංසිද්ධි නම් කියල නිමක් නෑ. කාලෝ ෆොන්සේකා ට සීට් එක දීම, චූටි ටීචර් ලා මුණ ගැසීම, බඩ දරු අම්මලා ගේ ආක්‍රමණය ඒවායින් කීපයක් විතරයි.
අද කියන්න යන්නේ තවත් ඒ වගේම මට වෙච්ච සන්තෑසියක් ගැණයි.
ඔන්න දවසක් මං බොරුල්ල ඉඳල කොට්ටාව පැත්තට බස් එකක එනව. මේ අර ටාටා, ලටෙක් වගේ හොඳ උස මහත හතර රියන් බස් මේ පාරේ දුවන්න පටන්ගන්න කලියෙන්. ෂූ ගාල සෙනග –-සැමන් ටින් දෙකක් වගේ. මං වාඩිවෙලා හිටියේ දොර ලඟමයි.
වෙලාව දොලහමාරට විතර ඇති. ඔන්න බස් එක එක තැනක නැවැත්තුව. දරුවෙක් වඩාගෙන අනිත් උරහිස්සෙන් බෑග් එකකුත් දාගත්තු ගෑනු කෙනෙක් නැග්ග බස් එකට.
මේ දෙන්නගේ පොඩි අප්සෙට් ගතියක් පෙනුණත්, කිසි කතාවක් නැතුව මං කෙලින්ම වාඩි වෙලා සීට් එක දීල එතනම පස්සෙන් අමාරුවෙන් හිටගත්ත බෙල්ල නමාගෙන.
අම්මයි, පුතයි වාඩි වුනාමයි වැඩේ තේරුණේ. වඩා ගෙන බස් එකට නැග්ගට මේ පුතා මොන්ටිසෝරි යන අවුරුදු පහක විතර දරුවෙක්. අම්මගෙ උරහිසේ තිබුනේ පුතා ගේ ස්කූල් බෑග් එකයි.
කොටින්ම පුතාව ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවත් බෑ අම්මට. කොහොම ළමයව වඩාගෙන බස් එකට නැග්ගද මන්ද?
ඉතිං අම්ම හරි බරි ගැහිල වාඩිවෙලා තමන්ගේ පොඩි හෑන්ඩ් බෑග් එකෙන් ගත්තු යුවති ද පතිනි ද මොකක්ද මන්දා පත්තරයක් කියවන්න පටන් ගත්ත. පුතා අම්මට ඉස්සරහින් හිටගෙන ගමන ගියා.
එතකොට තමයි මට තේරුනේ, තමන් ගේ මොන්ටිසෝරි පෙර පාසල් යන පුතාව අමාරුවෙන් වඩාගෙන මේ අම්ම බස් එකට නගින්න ඇත්තෙ ඇයි කියල.
බස් එක ඉස්සරහට ඇදුණ. අම්ම පත්තරේ බලනව. පුතා පාරෙ කඩ ගණං කරනව. මං දාඩිය නිවාගන්න කටෙන් ෆූ, ෆූ ගාල පිඹිණව.
කිඹුලො කනව ඉවසතෑකි, කොහිල කටු ඇණෙනව ඉවසන්න බෑ කිව්වලු.
අන්තිමේදි මොකක්ද දන්නවද වුනේ?
ටික වෙලාවකින් අම්ම පුතාවත් ඉස්සර කරගෙන බස් එකෙන් බැස්ස. නිකමටවත් මට කතා කරල සීට් එක ආපහු දුන්නෙ හෙම නෑ. කවුදෝ ග්‍රහයෙක් ඒකට සෙට් වුණා.
බස් එක කොට්ටාව පැත්තට ඇදෙන වෙලේ බෙල්ල නවාගෙන හිටිය මට ජනේලෙන් පේනව අම්මවයි පුතාවයි.
බෑග් එකත් කරේ එල්ල ගත්තු පොඩි එකා හොඳට ඇවිදගෙන යනව. අම්ම පස්සෙන් යනව.
දුක් වෙන්න එපා පොඩි එකෝ, හෙටත් දෙපාරක් ම අම්ම ඔයාව වඩා ගනී හොඳේ?
-කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
මොන්ටිසෝරි වැඩ කියන්නේ ඕව තමයි..අනේ අපේ කතන්දර...
ReplyDeleteඕක බොහොම ජනප්‍රිය මෙතඩ් එකක් නේ.......:)))
ReplyDeleteහපෝයි ඔවැනි දෑ නම් ඉතින් නිරන්තරයෙන්ම වෙනවා. දුර ගමන් බස් රථ වල කෙටි දුරකට නැගලා සීට් එක දුන්නම ආපහු සීට් එක නොදී යන වෙලාවට තමයි මලම පනින්නේ. සමහර වෙලාවට අඳුරන කෙනෙක් හිටියොත් එයාට අඬගහල සීට් එක දෙනවා.
ReplyDeleteවාඩිවෙලා යන අයත් ළඟ බහින්න හිටියත් නැගිටින්නේ නෑ. දුර යන කෙනෙක්ම තමයි නැගිටින්නේ. ඒ වෙලාවට එන තරහා. මතක් වුනත් මල පනිනවා.
ඇත් මමත් ඔය වගේ අවස්ථා දැකල තියනවා. සමහර කාන්තාවන් තමන්ගේ ඥාතීන්ගේ දරුවන් පවා අරන් බස් වල යනවලු සීට් එක ගන්න. අපොයි කතන්දරටත් වෙන දේවල්.
ReplyDeleteඔක මොකක්ද බං . . . සමහර වෙලාවට ගෑණු තමන්ගෙ මිනිහවත් වඩාගෙන බස් වලට නගිනවා සීට් එකක් අරගන්න. හැටහතර කියන්නෙ ඕවට තමා . . . !
ReplyDeleteමට වඩා දුබල කෙනකුට සීට් එක දීමේ කිසිම ගැටළුවක් නැහැ, සිටගෙන යෑම කොන්දොස්තර කොළුවාගේ ආධිපත්‍යයට යටත් වන ක්‍රියාවලියක් නොවේ නම්. වැඩි දෙනකු බස් එකක වාඩිවී යන්න කැමැති ඒ නිසා. කාගෙවත් විධානයකට යට නොවී අසුන්ගෙන යා හැකියි. සිටගත් ගමන්ම හැම මොහොතකම තමන්ගේ ඉහළ නිලධරයාගේ අණට කීකරු විය යුතු සාමාන්‍ය යුද භටයකුගේ තත්ත්වයට පත් වෙනවා. මේ ඉතාම අප්‍රසන්න ක්‍රියාවක්, කොට කොට යන බස් එකක.
ReplyDeleteමම නම් ඔය මොන්ටිසෝරි දූලා, පුතාලා වඩාගෙන ආවහම අහනවා අම්මලාගෙන් "බබාව මගේ ළඟින් තියා ගන්නද කියලා" හැබැයි මට යන්න තියෙන දුර ප්‍රමාණය අඩු නම් සීට් එක දෙනවා,
ReplyDeleteහරීගේ අදහස නම් හොඳයි... නරකද අම්මයි පුතයි දෙන්නම ලඟින් තියාගන්ට ඇහුවොත්...
ReplyDeleteකමක් නෑ... කාන්තා පාර්ශවයකට අාසනයක් දීලා අෙප් කතන්දරත් පිනක් දහමක් කර ගත්තා ෙනාවැ...
ReplyDeleteමටත් ඕක තනිකඩව ඉන්න කාලෙ හරි ප්‍රශ්නයක්...කොටින්ම මම හිතුවෙ සීට් එක දෙන්න වෙන්නෙ හරියට මගෙ &%%¤ වගේ කියලා..
ReplyDeleteදැන් මට අවු 5 ක ලමයෙක් ඉන්න නිසා මට තේරෙනවා එකෙ තියෙන අමාරුව... කතන්දර ටත් එහෙම වෙය් දවසක.. :-)
හරී කියලා තියෙන දෙයට මම එකග නැහැ. එහෙම පුලුවන්ද නාදුනන මිනිස්සුන්ගෙ උකුලෙ ලමය්න්ව වාඩි කරන්න.
ReplyDeleteලොකු ලමයෙක්ව වඩාගෙන බස් එකට නැගලා අනුන්ව රැවැට්ටීම නම් හොඳ මදි. ඒත් අවුරුදු 5 ක ලමයෙක් වුණත් සෙනඟ පිරිණු බස් එකක ගෙනියන එක ලේසි නෑ. සෙනඟ ගොඩේ පොඩි එව්වො තැලිලා පොඩිවෙලා කකුල් පෑගිලා හුස්ම ගන්නත් බැරුව යන හැටි මම දැකල තියෙනවා. වාහනයක් නැත්නම්, ත්‍රී වීල් එකකවත් හැමදාම යන්න තරම් ආර්ථික සවියක් නැති අම්මලනේ පොඩි දරුවො අරගෙන අමාරුවෙන් හරි බස් එකට නගින්නේ. ආසනය දෙන්න බැරි නම් එහෙම දරුවෙක් ලඟට හරි අරගෙන තියාගන්න එක පින්. ඒත් මේ අම්ම නම් ලමයගෙ මුවාවෙන් අම්මගෙ යහපත සලසගෙන වගේ නේ.. :)
ReplyDeleteහපොයි කතන්ද‍්රත් එහෙනම් ලනු කාල තියෙනව .
ReplyDeleteඒකාලෙ අර පර රක්‍ෂා විජාණන ඥානය වගෙ ඔයවගේ එකකට හරියන එකක් තිබුනෙ නැද්ද එහෙම නැත්නම් ඒක අත් කකුල් බලන්න යොදවලද තිබුනෙ.
මේ වගේ සිද්ධි නම් අනන්තවත් වෙනවා බස් වල යද්දි. හොඳම වැඩේ කෙටි දුර නම් හිටන් යන එක (හැබැයි එතකොට ජැක්සන් ලා එනව නේ බ්රෙක් ඩාන්ස් දාන්න)
ReplyDelete@All
ReplyDeleteසියළුම කොමෙන්ට්ස් ෆා ද බ්ලොගී ගේ ජැක්සන් කතාවෙන් ඉවර වුණා වගෙයි.
සියළු දෙනාටම ස්තුතියි. දැන් මං වැඩිය බස් වල ගමණක් නෑ. කෝච්චියේ තමයි ගමන.
තව එක බස් කතන්දරයක් ලියල තියෙනවා. ඒක දාන්නං සැප්තැම්බර් 2 දා.
බස් කතා තියේ නං අපිටත් කියන්න.
-කකා
මොනව වුනත් සීට් එක දීලා පිණක් කරගත්තා කියමුකො.. ඒත් බැහැලා යද්දි සීට් එක දුන්න මනුස්සයා හිටන් ඉන්නවානන් ඒක අපහු දීලා යන එක නන් වටිනව....
ReplyDeleteකතාව ඇත්ත අයියෙ...
ReplyDeleteනැගිටල සීට් එක දුන්නහම අඩුම තරමේ "තෑන්ක් යූ" කියලවත් කියන රටක්ද මේක...
අපිත් ඉඳගෙන හිටියේ ලොකු බෑග් එකක් එහෙම උකුළේ තියාගෙන නම්... ඉවරම තමා... නැගිටල සීට් එකත් දීල අර තඩි බෑග් එකත් කර ගහගෙන තමා ඉතිරි ටික යන්න වෙන්නෙ... ඉඳගන්න එකා නෙමෙයි ඇහැක් ඇරල බලන්නේ අර බෑග් එක දිහා ...
මෙහෙව් රටේ...
මේක හෙන පරණ මැතඩ් එකක්. ඒත් මේ කතන්දරත් මේකටම අහුවෙලානේ!
ReplyDelete