Friday 24 June 2011

උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ! Liar Kathandara locked up in courts


කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය ඉවරවෙන්න යන්නේ හිර කූඩුවෙන්. ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල අද ඔබ හමුවට.

අරගත්තු අළුත, හැප්පිලා, රෙපයාර් කරන්න වැඩ අරගෙන, බබා ව ගෙදර ගෙනල්ලා, දඩ කොල ගෙවන්න අමතක වෙලා උසාවි එන්න වුණු වෙලාවේ යාන්තං කාක්කන් ගෙන් බේරිලා ඉන්න අල්ල පනල්ලේ, මගේ කේස් එක ඉක්මනට උසාවියට දාලා දුන්නු ට්‍රැෆික් ඕඅයිසී එක්ක කතාකරන කොට, මට තේරුණා මුං වැරදි කාර් නොම්බරයක් තමයි නඩුවට දාලා තියෙන්නේ කියලා.

මගේ අයි නෝ ද ලෝ තියරියට අනුව මේ කේස් එක විසි කරන්න ඕනෑ වැරදියට ෆයිල් කරපු නිසා!

හැබැයි මංතුමා ලෝයර් කෙනෙක් නැතුව ඔය නීති තර්ක ගේන්න ගිහින් වැඩේ දෙල් වෙයිද කියලා හිතට ආපු සැකේ මහා දරුණුයි, නඩුව විසිවෙයි කියලා ලොජිකලි හිතුණු එකට වඩා.

කොහොමටත් ආපහු කාක්කෙක් ගාවට යන්න නං මට හිතුනේ ම නෑ.

උදේට හරියට කාලා හිටියේත් නැති මං, දවල් ට තියා තේකක්වත් නැතුව උසාවි සාවියේ දෙගිඩියාවෙන් ලත වෙවී ඔහොම හිටියා කියමුකෝ හවස තුනත් පහු වෙනකංම.

ඔන්න එතකොට තමයි මගේ නඩුව අඬ ගැහැව්වේ.

මං ඉස්සරහට ගිහින් විත්තිකරු ඉන්න කොටුවේ හිට ගත්තා.

ෂහ්, මං මගේ හොඳම කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන විත්තිකාර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ!(*)

"අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම ගැන වරදකරුද? නිවරදකරුද?"

ඇත්තටම කියනවා නං කට වැරදිලා මට නිවරදකරු කියලා කියවෙන්නම ගියා.

නමුත් හොර බොරු නොකරන මං එදා උසාවියේ දී බොරුවක් කිව්වා!

"වැරදිකරු!"

නඩුකාරයා මොනවද මිමුණුවා.

"රුපියල් පන්සීයක් දඩ!" තෝල්කයා කෑ ගැහැව්වා. දැම්මා ෆයිල් එක පැත්තකට. අනිත් ෆයිල් එක අතට ගත්තා.

මට තේරුණා නඩුව ඉවරයි කියලා.

මං එතනින් අයින් වෙලා පර්ස් එක අරගෙන පන්සීයක් ඇද්දා ගෙවන්න.

මෙන්න බොලේ එතකොටම එතන හිටිය පොලිස් මහත්තැන් වගේ කෙනෙක් ඇවිත් මාට කියපි:

"කරුණාකරල යන්න අර කූඩුවට" කියල.

මේක තමයි උසාවියේ වරදකාරයින් දාන කූඩුව.

දැන් ඉතිං මං නීතිය ඉදිරියේ වරද පිළිගත්තු, දඬුවම් ලබපු වරදකාරයෙක් නේ. මට හිමි තැන කූඩුවයි!

"නෑ, මට දඩයක් නේ ගැහැව්වවේ, මං ඒක ගෙවන්නම්!" මං කිව්වා.

"ඔව්, ගෙවන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා නඩු තීන්දුව පොතේ ලියලා, ඒකට නඩුකාරයා අත්සන් කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි දඩේ ගෙවන්න පුළුවන්".

අනේ ඉතිං ජීවිතේ පළමු වතාවට කතන්දරකාරයා උසාවියේ ලොක් අප් එකට වැටුණා.

අපරාදේ! කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, රතු ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ! (*)

කොහොම හරි, ඔය විදියට පැය භාගයක් විතර ගියාට පස්සේ යාන්තං පන්සීයේ දඩේ ගෙවලා නැවතත් නිදහස් මිනිහෙක් වෙන්න මට වරම් ලැබුණා.

උසාවියේ බොරු කියපු කතන්දරකාරයා ලොක් අප් එකේ වැටුනේ අන්න එහෙමයි!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං මේ කාර් වැඩේ මට ඇති වේගෙන එනවා.

ඇත්තටම කාර් එකක් නැති කාලේ කොච්චර ජොලියේ හිටියද, බස්වල හිර වෙලා ගියත්. අනික, කාර් එක තිබුණා කියලත් හිතුමතේ ගමන් යන්න පුළුවනි යෑ, පෙට්‍රල් ගහන්නත් ඕනැනේ.

"වෙලාවකට විකුණලා දාන්නත් හිතෙනවා මේ වෙඩිම!"

ඒ එදා රාත්‍රියේ මං හාමිනේ ට කිව්වේ එහෙමයි.

ප/ප/ලි:
කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න වෙලේ ෆොටෝ එකක් ගන්න බැරි වුණාය කියා මං දුක් වෙනවා අහං ඉන්න බැරුව විදෙස් සිත්තරෙක් විසින් ඔය උඩින්ම දාලා තියෙන සිත්තරේ මට එව්වා පැය කිහිපයක් ඇතුලත.

ඒ විදෙස් සිත්තරාට මගේ හිතාදර ස්තුතිය!

(image: විදෙස් සිත්තරා ගේ අඩවිය)

40 comments:

  1. ෆොටෝ ඕන නැහැ අපිට මැවිලා පේනවා . මොනවා වුනත් එකත් හොඳ අත්දැකීමක් නේද

    ReplyDelete
  2. මටත් ඔය සීන් එක වෙලා තියනවා, දඩයක් ගෙවනවා නම් තව කෙනෙක් එක්ක ඕන යන්න ඕන, නැත්නම් ඇතුලේ තමා, හැබැයි එතන ඉන්න උන්නට කීයක් හරි දුනනොත් එලියෙ බංකුවේ වාඩි වෙලා ඉන්න චාන්ස් එකක් ගන්න පුලුවන් .........

    ReplyDelete
  3. "වෙලාවකට විකුණලා දාන්නත් හිතෙනවා මේ වෙඩිම!"

    මෙහෙම කිව්වාම් හාමිනේ මොකෝ කිව්වේ ? උසාවියට එහා උනේ නැද්ද ?

    ReplyDelete
  4. ක.ශු. කොය් කාලේද මේක වුනේ?

    මං අලව්වෙ වැඩ කරන කාලෙ තුල්හිරියෙ උසාවියට ගියා නඩුවක සාක්ෂි දෙන්න. දවල් කෑමට උසාවියෙ වැඩ කටයුතු නවත්තපු වෙලාවෙ දැක්ක ලොකප් එකේ අර ක.ශු. කුඩුවෙ හිටිය වගෙ ටය් පොල්ලක් එහෙම දාපු, දැකල පුරුදු ඩයල් එකක්. බලනකොට ඥාති සොහොයුරෙකුත් වෙන අර රතු පාට " ස්කෝඩ ඩ්‍රය්වින්" ප්‍රින්සිපල්. පස්සේ මුරට හිටිය රාලහාමිගෙනුත් අවසර අරන් කතා කරලා බලනකොට, ඔයා වගෙ ස්පීඩින් දඩයකට නඩු වැටිලා, දඩේ ගෙවන්න අතේ සල්ලි තිබුනට කාරියාලෙට ගිහින් ගෙවන්න කෙනෙක් නැතුව. එයත් ලෝයර් කෙනෙක් එහෙම අල්ලල නැහැ, වැරදිකාරය කියන්න ආපු නිසා. මං තුමා ඉතින් පොරගෙ සල්ලි ඉල්ලන් ගිහින්, දඩේ ගෙවල මෑන්ස් ව එලියට ගත්ත.

    හවස තුන පහු වුනා නං, බෝගම්බර ලු රෑ නවාතැන වෙන්න තිබුනෙ.

    ReplyDelete
  5. @බුවා

    ඒ පාර ලොක් අප් නෙවෙයි. ෂට් අප්..


    @කසු

    සිරියාවන්ත මහත්මයා වගේ ඉන්න ඇති ලොක් අප් එකේ. :D

    ReplyDelete
  6. මෙගාව සමාප්තයි වගේ.. අපරාදේ කියන්න යන්න බෑ "මෙගා" ඩෙෆිනිෂියන් එකටම වැඩේ කරලා තියනවා.. අපි කට ඇරං බලං හිටියේ කතන්දර හිරේ (පැය බාගෙකට නෙමෙයි :D) වැටෙන හැටි බලන්න..කොහොමහරි සීසන් එක ඉවරයි නේ සීසන් දෙක එන්නේ කවද්ද..?

    ReplyDelete
  7. අයියෝ පැය බාගෙද කූඩුවෙ හිටියෙ.

    ReplyDelete
  8. මැවිලා පෙනේවි රූපේ .................

    ReplyDelete
  9. මීට පස්සෙ කොහොමත් ලෝයර් කෙනෙක් අල්ලගන්න වෙන එකක් නෑ. මොකද උන් දැන් දැනගනියි උන්ට කතන්දර කාක්කො කිව්ව කියල.

    ReplyDelete
  10. බොලේ මෙගා ලියනව නං ඉගෙනගන්න ඕනෙ කතන්දරගෙන් නොවැ . . . මගෙ මසියත් ලංකාවෙ සුප්‍රසිද්ද මෙගා ටෙලි තිර රචකයෙක් . . . බුවාට කියන්න ඕනෙ මොනව හරි ටෙක්නිකල් ඇඩ්වයිස් ඕනෙ නං කතන්දරව මුන ගැහෙන්න කියල.

    ප.ලි.
    ඔය මෙගා එකට ජෝකරයෙකුයි . . . . කතන්දරගෙ රතු කොරොල්ල එක අයිතිකරගන්න හදන දුෂ්ඨයෙකුයි . . . . කොමිටල් යාලුවෙකුයි හිටිය නං . . . . එල ද බ්‍රා . . . . තමයි

    ReplyDelete
  11. //"වෙලාවකට විකුණලා දාන්නත් හිතෙනවා මේ වෙඩිම!"

    ඒ එදා රාත්‍රියේ මං හාමිනේ ට කිව්වේ එහෙමයි.//

    අපරාදේ ඒ වෙලාවේ හාමිනේ මංතුමාට රවලා බලපු හැටි ෆොටෝ එකක් ගහන්ට විදියක් තිබුනේ නෑනේ. ..:)))

    ReplyDelete
  12. ඉදලා ඉදලා කතන්දර අයියටත් වෙන වැඩ. අපෝයි

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. උසාවි යනකොට... තව කෙනෙක් ඇන්න යන්න ඕන... කියන එක ඉගෙන ගත්තා මේ..කතන්දර අයියගේ මෙගා සිරිස් එකෙන්.

    ඒකත් මොන තරම් දෙයක්ද අප්පා.

    ReplyDelete
  15. චිකේ චිකේ.. මම හිතුවේ " නිවැරදි කරු ස්වාමිනි, අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය මාගේ නොවේ. මගේ මෝටර් රථයේ අංකය XX ශ්‍රී 4945 වේ" කියල පොර ටෝකක් දීල පස්චාත් බාගය බිම ඇනගනී කියල. එහෙම උනානම් පංකාදු පහයි..

    ReplyDelete
  16. වෙලාව හොඳයි වගේ... වාහනයක් නොගෙන සිටීමට හොඳ හේතුවක් මේක...

    ලංකාවෙත් දැන් , කාර් , ඉහල පැලැන්තියෙන් බිමට වැටිල , මධ්‍යම ප්‍රාන්තිකයන් ගොඩක් දෙනෙක්ට දැන් මරු “මරුටි“ තියනවා.

    ReplyDelete
  17. නඩු යාමෙන් දිනන්නේ පෙරකදෝරුව විතරයි කියල කියනවනේ.. අපේ රටේ නීතියේ හැටියට ඔයාට කිකන්ම එලියට එන්න තිබුන කර නොම්මරේ නිසා. නිවැරදි කරය.. සුවමිනි මේ රථය මම පදවලවත් නැහැ ! අනිත් අතට ඉතින් අපේ රටේ කුඩු වල වැටෙන්නේ වරදකාරයෝ විතරක්ය ?

    ReplyDelete
  18. කූඩුවට වැටිල, දඩ ගෙවල, නිදහස් වෙලා, ආපහු කූඩුවට යන්න වෙච්චි කතාවක් එහෙම අහල තියනවද? මං ඒක හෙට අනිද්දටම ලියල එවන්නං.

    ReplyDelete
  19. අපරාදේ.. කාර් එකේ අංකෙ වැරදියි කියල කියන්න නේ තිබුනේ ...

    ReplyDelete
  20. අපරාදේ! කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, රතු ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ!
    ...............

    දුක් වෙන්න එපා කතන්දර! දැං ලෝකෙ දියුණුයි නොවැ! ඔය සිද්ධිය තාක්ෂණය එක්ක එක්කහු කරලා නැවත ප්‍රතිනිර්මාණය කරගන්න බැරි කමක් නෑ! බලමුකො හවස් අතේ මොකක් හරි කරගන්න බැරි වෙයි ද කියලා

    ReplyDelete
  21. අපි ඉතිං ඒ දවස් වල අයියව දන්නෙත් නෑනේ..... නැත්තං කාගෙ හරි කැමරාවක් උස්සගෙන එනවා පොටෝ කෑල්ලක් ගන්න.

    ReplyDelete
  22. [[කොහොම හරි, ඔය විදියට පැය භාගයක් විතර ගියාට පස්සේ යාන්තං පන්සීයේ දඩේ ගෙවලා නැවතත් නිදහස් මිනිහෙක් වෙන්න මට වරම් ලැබුණා.]]

    මේක කරන්න පුළුවන් ද? ඔබ තුමා කුඩුවේ නේ. මොන තුමා ද දඩ තුමා ව ගෙව්වේ? හොරා වගේ එතන හැංගුවා නේද මෙගාවෙන්?

    විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වගේ නේ කතන්දර හිරේ ගිහින් තියෙන්නේ. ලෝයර් ලට මැරෙනකම් හිනා යන්න ඇති.

    මම තුමා නම ඉතින් උසාවියට ගියේ එක පාරයි. ඒ මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකකට දීපු අසයින්මන්ට් එකක් සඳහා නඩු කිහිපයක් බලන්න [නඩු බලවන්න අසයින්මන්ට් එකක් නොවේ]. එහෙම නැතුව ඉතින් මම තුමා කොහොමද උසාවි යන්නේ, හරි ප්‍රතිපත්තිගරුක ව වාහන එලවන්නෙත්. දන්නවනේ.

    ReplyDelete
  23. කාර් කතා ඉවරයි නේද? යන්තම් ඇති! :D

    ReplyDelete
  24. එකෙනුත් පාඩුවක් වුනේ නැහැ. දෙවෙනි පාර කූඩුවට නොගිහින් ඉන්න ඉගෙන ගන්න ඇති අයියා. :D

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. කතන්දර,
    මමත් කුරුලු හමුදාවේ ඉද්දි රම්බෝ වගේ උඩ කෑල්ල නිර්වස්තරෙන් t56 ක් දරාගෙන පොටෝ එකක් ගන්න මාර ට්‍රයි එකක් දුන්නෙ. කෝ ඒක ඇතුලට කැමරා ගෙනියන්න දුන්නැනේ අපිට.
    ................

    ඒ දුක මම දන්න හින්ද, ඔන්න කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, රතු ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න බැරිඋනා කියලා කතන්දරට අදින් පස්සෙ දුක් වෙන්න තියන්නැ මම.

    මේකට මට උදව් කලේ විදේශිය චිත්‍ර ශිල්පියා

    http://www.facebook.com/photo.php?fbid=233971799954712&set=a.169579949727231.37365.100000256806646&type=1&theater

    ReplyDelete
  27. ඔයින් ගියා මදෑ.....

    අපේ කාකා පින්තූරෙට වැඩ්යේ ඉස්මාට්..

    ReplyDelete
  28. අප්පා හිරේ විලංගුවේ සීන් නම් ඕනම නෑ . මම එක වතාවක් ඔය කූඩුවේ හිටියා මට දඩ ගෙවලා ආවේ . මගේ අම්මා . ඒක මහ චාටර් සිදුවීමක් . මම සංසාරේ එපා වෙලා හිටපු විනාඩි කීපයක් .

    පින්තූරේ ඉන්නේ ඔයාද ?

    ReplyDelete
  29. හැක් හැක් ඕකට නැග්ගහම කරන්න වැඩ තියනවා කූරු ගනන් කිරීම වගේ දේවල්... හි හි

    ReplyDelete
  30. බස් වල හිරවෙලා ගියත් ජොලියෙ ඉන්නව කියන්නෙ මොකද... හිරවෙලා යන එකනෙ ජොලිය... අන්න කතන්දර තව බොරුවක් කිවුවා... :P

    ReplyDelete
  31. දවස් ගානක් කෙකර ගාලා කෙකර ගාලා දැම්මේ නිකං හූනු බිජ්ජක් වගේ එකක්නේ...

    ReplyDelete
  32. ඬනේ අනිච්චන්... කාර් එකක් කල හදිය,,,

    ReplyDelete
  33. @ All
    සියළු දෙනාටම පොදු උත්තරයක් දෙන්නම්.

    ඔය විදියට එදා කූඩුවේ හිටියේ මං විතරයි. ලෝයර්ලා නේ අනිත් නඩුවල වරදකරු කියලා පිළිගත්තේ. ඒ ගොල්ලෝ සල්ලි ගෙවන්න ඇති.

    මගේ නඩුව අහලා පැය භාගෙකින් උසාවියේ වැඩ ඉවර වුණා.

    එතන හිටපු පොරට දුක හිතිලා මටම ගිහින් සල්ලි ගෙවන්න කීව හින්දා හොඳට ගියා.

    බයක් ඇතිවුනේ නැත්තෙමත් නෑ.

    ReplyDelete
  34. @ All
    මෙගා එක නං තාමත් ඉවර නෑ. මං මුලින් කිව්වේ කොටස් දෙලහක් තියෙනවාය කියලනේ.

    තව කොටස් හතරක් තියෙනවා දාන්න.

    හැබැයි උසාවි සාවියේ සීන් ඉවරයි.

    ReplyDelete
  35. @ All
    කතන්දරේ තිබුණු විස්තර අනුසාරයෙන් පැය කිහිපයක් ඇතුලත මේ කතන්දරය සඳහා සිත්තරේ ඇඳ බුද්ධි අතේ මට එවූ විදෙස් සිත්තරා ට මගේ ස්තුතිය.

    ReplyDelete
  36. අපරාදේ නඩුව අහන්න තිබුනේ උදේනේ....:D
    අර පොඩ්ඩි කීව ෆොටෝ එක ගැන තමා මමත් හිතුවේ. ශික් ඒක ඔය විදෙස් සිත්තරාට කියල ඇඳගන්න බැරි වෙයිද?

    ReplyDelete
  37. අයියෝ පැය 1/2 යි නේ

    ReplyDelete
  38. හුරේ කකාට දේසපාලනේට එන්න සුදුසු කමක් ලැබිලා.

    අපේ රටේ සමහර පොරවල් ගෑනියෙක් දූෂණය කරලා හිරේ ගියත් පස්සේ කාලෙක දේශපාලනය කරද්දී කියන්නේ මම මහජනතාව වෙනුවෙන් හිරේ හිටන් ගිය මිනිහෙක් කියලනේ බන් .. .

    එකයි මම කිව්වේ උබටත් දේශපාලනේට එන්න සුදුසු කමක් ලබිලා කියලා . . .

    ReplyDelete
  39. කොහොමහරි 500න් වැඩේ ගොඩ දාගත්ත එහෙනම්.......

    ReplyDelete
  40. රුපියල් 500 ගොඩ දා ගත්ත එක ලොකු දෙයක්,බාප්පලට ගානක් දෙන්න බෑලුවේ නෑත්ද,මම නම් 50%ක් බේර ගන්නවා 2500 දඩ කොලෙන්.මොනවා කරන්නද අපිට කොයින්ද ලංකාවේ ලයිසොම

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.