Wednesday 29 June 2011

කාර් එකට බයර් කෙනෙක් - Someone wants to buy my car!


පවුල් පන්සල් වෙලා, දරු මල්ලො ලැබෙන්න යනකොට හිතෙනවා කාර් කට්ටක් ගන්න. ගත්ත වගේ නෙමේ ඊට පස්සේ කරන්න තියෙන වැඩ කන්දරාව සහ ඒ ගමන් බිමන් යන්න පෙට්‍රෝල් ගහන එක. කොරොල්ලා එකට වඩා පොඩි කාර් එකක් අරං පෙට්‍රල් පිච්චීම අඩු කරගන්න මට හිතුනත්, කාර් එක විකුණන්නේ නැතුව කොහොමද වෙන කාර් එකක් ගන්න සල්ලි.

ඔහොම ඉන්න අතරතුරේ දී තමයි මට මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ!

මේ කියන දවසේත්, සෙනසුරාදාවක් ද කොහෙද, මං නුගේගොඩ ගියා එලෝළු, කුළුබඩු ගන්න. මං සාමාන්‍යයෙන් කරන්නේ සුපර් මාකට් එක ඇතුලේ කාර් කට්ට දාලා, පයින් ගිහින් බඩු අරගෙන එනවා පොලෙන්. ඊට පස්සේ නාවල පාරේ තියෙ සතොසෙට ගිහින් ඉතුරු අඩුම කුඩුම ටික ගන්නවා.

එදා මං එලෝළු මළු අතේ කටේ එල්ලගෙන කාරෙක ලඟට එද්දී, කවුදෝ සුදු සරමක් සහ කමිසයක් ඇඳගත්තු පොරක් හිනා වී ගෙන මා ලඟට ආවා.

"සර්, මං මේ බැලුවේ සර් ගේ කාරෙක දිහා. විකුණන්නෙ හෙම අදහසක් නැද්ද සර්?"

"විකුණන්න නං අදහසක් තියෙනවා. ඇයි අහන්නේ?"

"නෑ සර්, විකුණනව නං, මං අඳුණන මහත්තයෙක් ඉන්නවා මේ ජාතියේ ම ටොයොටා එකක් හොයන."

ඒ කියනවාත් එක්කම කළු කලිසමකුයි, අත් කොට ෂර්ට් එකකුයි ඇඳපු මහත්තයෙක් එතනට ආවා.

"හලෝ අයෑම් පෙරේරා. අයි වර්ක් ඇට් සේවින්ග්ස් බෑන්ක්. ආ යූ සෙලින් දිස් කාර්?"

පොර මට අත දික් කරන ගමන් කියපි.

මාත් ඉතිං ෂේක් හෑන්ඩ් කළා.

"හලෝ, අයෑම් කතන්දර. යර්ස්, අයෑම් ප්ලෑනින් ටු සෙල් දිස් කා. බට් නොට් රයිට් නව්."

මං ඩිකියට එලෝළු බෑග් ටික දාන්න පටන් ගත්තා.

"මං කැමතියි මේ මොඩල් එකට. කීයටද විකුණන්නේ?" පොර අහපි සිංහලෙන් ම.

"දැන්ම විකුණන්නේ නෑ. වෙන කාරෙකක් හොයනවා. ඊට පස්සෙයි දෙන්නේ." මං කලින් ටිකම කිව්වා.

ඔන්න අර සුදු සරම් කාරයා ආපහු ආවා සීන් එකට.

"මහත්තයා ගානක් කියන්න එහෙනං."

"මං දන්නේ නෑ මේකෙ මේ දවස්වල මාකට් එක. කීයක් දෙනවාද ඕගොල්ලෝ?" මං ඇහුවා.

පොර කාර් එක වටේම ගිහින් අතපත ගාලා බැලුවා. මට කියලා බොනට් එක ඇරවා ගෙන, ඇන්ජිම ස්ටාර්ට් කරලා බැලුවා.

මේ සේරම වැඩ යන්නේ නුගේගොඩ සුපර්මාකට් එකේ කාර් පාර්ක් එකේ මැද!

"මෙච්චරක් දෙන්නං!"

පොර කියපු ගාන මං මාස හතරකට විතර කලින් කාර් එක ගත්තු ගාණට වඩා 10% ක් ම වැඩියි. නරක නෑ.

ඔන්න ඉතිං අපේ මිස්ටර් පෙරේරා මා එක්ක කතාවට වැටුණා.

"මිස්ට කතන්දර කොහෙද වර්ක් කරන්නේ."

"අහවල් තිප්පොලේ. එතකොට මිස්ට පෙරේරා බැංකුවේ කීවා නේද? කොයි බ්‍රාන්ච් එකේද?"

"මේ දවස්වල හෙඩ් ඔෆිස්. වැඩි කාලයක් හිටියේ දෙහිවල. මගේ නෝනා නං තාමත් දෙහිවලමයි වැඩ."

"ආ ඇත්තද, මගේ ආන්ටි ඉන්නෙත් එතනනේ!"

"මොකක්ද නම?"

පස්සේ බැලින්නං මිනිහා අපේ ඇන්ටිව ඇත්තටම හොඳට අඳුණනවා.

"හොඳයි, හොඳයි, අඳුණාගත්තු එක. එහෙනං මං කාර් එක විකුණන කාලෙට දන්වන්නං කෝ."

මං පොර ගේ ගෙදර ෆෝන් නම්බර් එකත් අරගෙනයි එදා ගෙදර ගියේ.

ඇත්තටම කියනවා නං, මට හිතුණා මේ විදියට කාර් එක විකුණන එක හොඳ ක්‍රමයක් නේද කියලා. ඇඩ්වටයිස් කරන්නේත් නැතුව, තියෙන එක විකුණලා වෙන එකක් ගන්න කං කල් මරන්නේත් නැතුව, මට කරන්න තියෙන්නේ වෙන හොඳ කාර් එකක් හම්බ වුණාම ඉස්සෙල්ලා ඒකට ඇඩ්වාන්ස් එකක් දීලා, මේ පෙරේරා කියන පොරට මගේ ටොයොටා එක විකුණලා, ඒ සල්ලි වලින් අනික ගන්නයි.

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි ඉතිං, මං ප්ලෑන් කරන විදියට ම එහෙම සරලව වැඩ සිද්ධව වුනා නං මොකටද මේච්චර මහන්සි වෙලා මේ කතන්දරේ ලියන්නේ, නේද?

ඉතුරු හරිය මේ මෙගා එකේ එකලොස්වෙනි කොටසින්.

(image: http://www.elakiri.com/)

29 comments:

  1. එහෙනං ඉතින් මහන්සි නොබලා ලියන්නකො.

    ප.ලි.
    අර සුපර් මාකට් එකේ පාර්ක් කරල, පොලෙන්, සතොසෙන් බඩු ගේන වැඩේ නං පන්කාදුය්, සුපර් මාර්කට් කාර් පාර්ක් එකේ සෙකියුරිටි කාරයෙක් එහෙමත් ඇති මගේ හිතේ කාර් බලා ගන්න.

    ReplyDelete
  2. හ්ම්ම් බලමු බලමු මිස්ටර් පෙරේරාත් මම හිතපු තරම්
    හොඳ කෙනෙක් නෙවේ වගේ...
    ඉන්නෙනම් හෙමිජ්ජා වගේ.

    ReplyDelete
  3. @ඔබා අය්යා,,
    ඉස්සර සුපර් මාර්කට් එක ලග පාර්ක් කරලා පොලට ගියාට
    දැන් ඒ සෙල්ලම් බෑ . සෙකුරිටි කාරයා කාර් එක පාක් කරපු ගමන්ම ලගට අවිත් වඩ්ම්මගෙන ඇතුලට ගෙනියනවා.

    ReplyDelete
  4. පෙරේරා නම් මම කියපු කෙනා නෙමේ තමා... බට් නොමලි බැන්ක් එකක හස්බන්ඩ් & වයිෆ් ට එකම බ්‍රාන්ච් එකේ වැඩ කරන්න බැ.. එත් මේ පෙරේරා වැඩ කරාලුනේ එහෙම ...... පොඩ්ඩක් බලන්න තියෙන්නේ හොයලා වැඩ කරන්නේ බැන්ක් එකකමද කියලා...

    ReplyDelete
  5. නුගේ ගොඩ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වාහනයක් නවත්තන්න තැනක් නැති එක . ඉතින් ඉතින් ඊට පස්සේ......

    ReplyDelete
  6. මේ කාර් සීන් එක ඇත්තටම මෙගාවක් වෙන හැඩයි.

    ReplyDelete
  7. @ ගිම්හානි,
    සුපර් මාකට් වල වෙන දොරවල් නැද්ද ශේප් එකේ එලියට එන්න? ගම්පහ තියෙන දෙකක නං නැහැ,ඉස්පිටිතාලෙ කිට්ටුව තියෙන එකට නං කාර් පාර්ක් එකෙන් ඇතුල් වෙලා පාර පැත්තෙන් එලියට බහින්න ඇහැකි.

    @ දේවා,
    "බට් නොමලි" බැංකුව ලඟදි ඇරපු එකක්ද? හිකිස්...

    ReplyDelete
  8. මොකක්හරි අලයක් වෙලා තියෙනවා වගේ.

    ReplyDelete
  9. කතන්දර කාර් එකක් හොයාගන්නකොට පෙරේරත් වෙන කාර් එකක් හොයාගන්න ඇති.

    ReplyDelete
  10. සුපර් මාර්කට් කාර් පාර්ක් එකේ නෑවෑත්තුවහම පාකින් ටිකට් යන්නෙත් නෑහෑනේ.අපේ රටේ එක වාහනේට ටිකට් 2ක් කඩන රටක් නේ.

    ReplyDelete
  11. පෙරේරා කාරය කතන්දරව සුපර් මාකෙට් අරලාදෝ කියා මට හිතෙනවා... අනේ මන්ද මගේ ටිකිරි මොලේට ඕව බරපතල වැඩියි වගේ. ඉතුරු ටිකත් බලමුකෝ එහෙනම්...

    ReplyDelete
  12. මට පේන්නේ..කතන්දර අයියා, අපට කාර් එකක් ගන්න තියෙන ආසාවත් නැති කොරන්නද කොහේද හදන්නේ.

    ReplyDelete
  13. අයියේ කාර් එක ගන්න ගිය කාලෙටයි විකුණන්න ගිය කාලෙටයි වඩා හෙන කාලයක් යනවනෙව කතාව ලියන්න.... මෙගා එක ඉක්මනට ඉවර කරහන්කෝ...

    ReplyDelete
  14. දැන් ඊට පස්සෙ මොකද වුනේ ......

    ReplyDelete
  15. මටනම් පෙරේරා මාමා වැඩිය ඇල්ලුවේ නෑ ආන්ටිගෙනුත් අහලා බලන්නයි තිබුනේ "ආන්ටි මේ පෙරේරා කියලා කෙනෙක්ව අඳුරනවද ?" කියලා .

    මට හිතෙන විදිහට ටෙස් ඩ්‍රයිව් එකක් යන්න කියලා කතන්දරගෙන් වාහනේ අරගත්ත පෙරේරා අද වෙන තුරු දැක්කේ නෑ ..

    මම හරි නේද ?

    දන් ඉතින් තැපගෙන හිටපල්ලකෝ අනික ලියනකම් ..

    ReplyDelete
  16. කතාව කියෝගෙන මගක් එද්දිම මට හිතුනෙ කතන්දර "පලියෙ" ලියපු ටිකමයි.

    සුවර්! වෙලා තියෙන්නෙ ප්‍රසන්නයා කියපු දේම තමා.

    ReplyDelete
  17. අමාරුවෙන් වැඩේ දෙල් කරගෙන වගේ.....

    පුරස්නයක්: අර මුලින් කථා කරපු ගොබිලත් එක්කමද මිට්ට පෙරේ-රාත් ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
  18. @ ඕබ්සවර් අය්යා : මම කියපු මේ බැංකුවටනම් අවුරුදු 70 කට එහා අතිතයක් තියනවා....

    ReplyDelete
  19. දැන් දැන් මට කාර් අප්පිරියා වේගෙන එනවා වගේ :D

    ReplyDelete
  20. @ දේවා
    බොලේ මට වඩා චුට්ටය් බාල බැංකුව, ඒත් "බට් නොමලි" කියන නමින් බැංකුවක් ගැන මන් අහලම නැහැ.......

    ReplyDelete
  21. කතන්දරටත් තිබ්බෙ අර ෆයිසර් මුස්තාෆා ඇමති තුමාගේ කාර් විකිණීම අත්හදා බලන්න. ඒක ඒ කාලෙම පටන් ගත්තනම් මෙලහට කතන්දරගෙ ගාණ ඇවිල්ලා

    ෆයිසර් මුස්තාෆා ඇමති තුමාගේ කාර් විකිණීමේ තාක්ෂණය:
    http://www.lankanewsweb.com/Sinhala/news/2011_06_28_009.html

    ReplyDelete
  22. @ ගිම්හානි , ඔබ්සවර් , මේ ඔයාලා විහිලුවක් නෙමේ නේද කරන්නේ මම බට් නෝමලි කියලා කිව්වේ බැංකුවක නම් නෙමේ.... නමුත් සාමානයෙන් කියලානේ..
    හිකිස්...

    අය්යෝ බැන්ක් එකක එහෙම වැඩ කරන්න ඉඩ දෙනවා අඩුයි

    කතන්දරේ ඒක පෙරේරා ගේන්ම අහලා කියන්නකෝ...
    මම වැරදිද දන්නේ නැනේ

    ReplyDelete
  23. @ දේවා,
    එහෙම කියන්න එපායෑ, නැතුව කොහොමෙය් මේ ටියුබ් ලයිට් පත්තු කොර ගන්නෙ?

    ReplyDelete
  24. @ All
    ප්‍රතිචාර සියල්ලටම එක පිළිතුරක් දෙන්නම්.

    මං සුපර්මාකට් එක ලඟ නවත්තලා පොලෙන් බඩු ගේනවා ඒ කාලේ අවුලක් නෑ. කාර් පාක් එකට ටිකට් කඩන්නේ නගර සභාවෙන්නේ.

    ඒ විතරක් ද, මං මහරගම ගෙදර යන ගමං එකේ නවත්තලා, එතන මාකට් එකටත් යනවා.

    මිසිස් පෙරේරායි, මිස්ටර් පෙරේරායි දෙන්නම එකට වැඩ කලේ බඳින්න කලින් වෙන්න පුළුවන් නේ. අනික පෙරේරාකාරයා ඇත්ත කියනවා කියලා විස්වාස කරන්නේ ඇයි.

    මගේ ඇන්ටි මේ දවස්වල ලඟ පාත නෙමේ හිටියේ.

    -කකා

    ReplyDelete
  25. @ All
    මේ කතාව ඇදෙන්නේ මගේ වරදකින් නෙමේ. මෙතන වෙන දේවල් බොහොමයක් මගේ කැමැත්තට වෙන දේවල් නෙමේ නේ.

    මට එහෙම කොන්ට්‍රෝල් එකක් තිබුණා නම්, පරමිට් එකට ජපානෙන් ටොයියෙක් අරගෙන කිසි අවුලක් නැතුව ඉන්නවා නේ.

    හැබැයි එහෙම වුණා නං මේ කතන්දර කෑලි නෑ.

    ReplyDelete
  26. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    මෙගා කාර් කතන්දර සීරීස් එකේ ජන-අප්‍රිය දොලොස් වෙනි කොටසින් හෙට (ජූලි 1) උදේ හයට හමුවෙමු.

    ReplyDelete
  27. කතන්දර ..කොහොමෙයි ඉතින්...

    පිරිමි ළමයි , පුංචි කාලේ ඉඳලම වාහන පිස්සෝ. දැන් ඉතින් කියන්න එපා , පුංචි ගැහැණු ළමයි බෝණික්කො පිස්සියො කියලා.

    අනේ කවදා මේ මෙගාව ඉවර වෙයි ද.....

    ReplyDelete
  28. @ සොඳුරු සිත,
    පොඩි කාලෙ පිරිමි ළමය් සොල්දාදුවන්ට ආසය්, ලොකු වෙනකොට බෝනික්කියන්ට ආසය්.
    පොඩි කාලේ ගෑනු ළමය් බෝනික්කන්ට ආසය්, ලොකු වෙනකොට සොල්දාදුවන්ට ආසය්.

    ReplyDelete
  29. මමනං කරන්නෙ නුගේගොඩ සුපර් මාකට් එකේ වාහනේ දාල එතනම දොරෙං ඇතුලට ගිහිල්ල මස්කඩ තියන පැත්තෙන් එලියට ඇවිල්ල බස්ටෑන්ඩ් එකට යන පාරට ගොඩවෙලා එතනින් යන දිහාවක යන එකයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.