Friday 17 June 2011

කතන්දරකාරයා උසාවි සාවියේ - Kathandarakaraya goes to the Courts


රතු කොරොල්ලා කාරෙකෙන් ගෙදර ගෙනාපු රෝස බබා බලාගන්න මැටනිටි ලීව් දාල හිටපු කතන්දර හාමිනේව මාසේ පඩිය ගන්න වැඩපොළට එක්ක යන්න ගිහින් කතන්දරකාරයා ට වැදුණනේ දඩ කොළයක්.

ගාන පොඩි උණාට ගෙවන්න අමතක වුණු නිසා වැඩේ කේස් වෙලා උසාවියෙන් පිට බේරගන්න බැහැයි කියලයි ට්‍රැෆික් ඕඅයිසී කිව්වේ. උදව්වක් හැටියට හැකි ඉක්මනින්ම උසාවියට දාල දෙන්නං කියල කිව්වවහම බෑ ය කියන්න හේතුවක් නෑනේ.

ඔන්න ඉතිං සිතාසි හෙම ඇවිල්ලා මට සැට් වුණා උසාවියකට යන්න ජීවිතේ මුල් වතාවට. නඩුව තිබුනේ මරදාන හරියේ ට්‍රැෆික් කෝට් එකේයි. උදේ නමේට වගේ වෙලාවකට.

කළු කලිසමයි, සුදු නිල් ඉරි කමිසෙකුයි ඇඳල කෝකටත් කියල රතු ටයි පොල්ලකුත් එල්ලගෙන මං ගිහින් කාර් එක අලුත්කඩේ හරියේ ගාල් කරලා, හරියට උදේ නමේට කලින් ට්‍රැෆික් කෝට් එකට කිට්ටු වුණා.

සූ ගාලා සෙනග!

මං දොරෙන් ඇතුළට යන කොටම මෙන්න බොලේ මා ළඟට ආවා කළු කෝට් දා ගත්තු පොරවල් දෙන්නෙක් විතර.

"ආ යූ අ විත්නස් ඕ අ ඩිෆෙන්ඩන්ට්?" (උඹ සාක්කිකාරයෙක්ද නැත්තං වග උත්තරකාරයෙක් ද) එකෙක් අහපි මගෙන්?

මං හිතුවෙ මුං දෙන්නා උසාවියේ ඔෆිසර්ලයි කියලයි, ඒත් එහෙනං ඇයි මේ කඩ්ඩ?

"ඩිෆෙන්ඩන්ට්!" මං කිව්ව.

"වටීස් දි ඔෆෙන්ස්?" (මොකක්ද කරපු වරද)

"ඕ, ජස්ට්, අයි වෝස් කෝට් ස්පීඩින් ඇන්ඩ් වෝස් ගිවන් එ ටිකට්. අයි ෆොගොට් ටු පේ ද ෆයින් ඔන් ටයිම් ඇන්ඩ් ද පොලිස් සෙඩ් දැට් ඉට් හැස් ටු බී සෙට්ල්ඩ් ඇට් ද කෝට්ස්."

"සෝ, ආ යූ ගොයිං ටු ප්ලීඩ් ගිල්ටි?" (ඉතිං උඹ වරද පිළිගන්නද යන්නේ)

"යර්ස්, අයෑම්!"

"ලෙට් මී ඇපියර් ෆෝ යූ දෙන්. අයි ඈම් අ ලෝයර්. අයි විල් රිප්‍රසන්ට් යූ ඇන්ඩ් ප්ලීඩ් ගිල්ටි. මයි ෆී ඉස් ඔන්ලි ෆයිව් හන්ඩ්රඩ් රුපීස්. දිස් ජජ් ඉස් ගුඩ්. හී විල් ෆයින් යූ මේ බී ෆයිව් හන්ඩ්රඩ් රුපීස්!" (එහෙනං මං උඹ වෙනුවෙන් පෙනී ඉන්නං. මං ලෝයර් කෙනෙක්. මගේ ගාස්තුව රුපියල් පන්සීයයි. මේ නඩුකාරය හොඳ පොරක්. උඹට ඔන්නං රුපියල් පන්සීයක් දඩ ගහයි)!

"ඉෆ් අයෑම් ගොයින් ටු ප්ලීඩ් ගිල්ටි වයි ෂුඩ් අයි නීඩ් අ ලෝයර් ?"(මං වරද පිළිගන්න යන එකේ මොකටද මට ලෝයර් කෙනෙක්)

"ඊෆ් යූ ගෝ දෙයා විතවුට් අ ලෝයර්, ද ජජ් විල් ෆයින් යූ මේ බී වන් තවුසන්ඩ් ෆයිව් හන්ඩ්‍රඩ් රුපීස්!" (උඹ ලෝයර් කෙනෙක් නැතුව නිකංම නඩුවට ගියොත් නඩුකාරයා උඹට රුපියල් එක්දාස් පන්සීයක් වුණත් දඩ ගහන්න ඉඩ තියෙනවා).

මට ඒ කතාව ඇල්ලුවේ නෑ! ඒ මොන විකාරයක් ද?

"දැට්ස් වෙරි ස්ට්‍රේන්ජ්!" කියාගෙන මං උසාවියේ ඇතුළට ගිහින් වාඩි වුණා.

-කතන්දරකාරයා

ප/ලි:
එහෙම කියල ඒ ලෝයර් කාක්කෝ නෙමේ වැඩේ අත හැරියේ.

ඒ විස්තර මේ කාර් කතන්දර මෙගා සීරීස් එකේ ඊලඟ ජන-අප්‍රිය කොටසින් (හපොයි මදෑ කාර් එකක් ගත්තා - උසාවියක ගෙවුණු දවසක්) බලාපොරොත්තුවන්න!

ප/ප/ලි:
මේ කතන්දර මෙගා එකේ අද කොටසේ මාතෘකාව ගැන වචනයක් කියන්න ඕනෑ.

උසාවි සාවිය කියන්නේ උසාවිය පරිශ්‍රය (කෝට් ප්‍රෙමිසස්) කියන අදහස දෙන ගරු ගාම්භීර වචනයක්. මං මේ වචනය ඉගෙන ගත්තේ මිණිවන් පී තිලකරත්න ලියු "උසාවි සාවිය" කියන නවකතාවෙන්.

අන්න බලනව නං හොයාගෙන බලන්න වටින පොතක්. ලංකාවේ උසාවි වල නඩු තියෙන කාලකණ්ණි ප්‍රමාදය ගැන මේ පොතේ අපූරුවට විස්තර කරල තියෙනවා.

මිණිවන් පී තිලකරත්න කියන්නේ සිංහල මහාචාර්යවරයා කැලණිය විශ්ව විද්‍යාලයේ 90 ගණං දක්වා. දැන් නම් මිය පරලොව ගිහින්.

මිණිවන් පී තිලකරත්න උපහාස කතා කලාවට උපන් හපනෙක්. පොර ගේ "මගෙ ගම සරිගම" කියන කෙටිකතා පොත උපහාසයේ උපත කියලා කියන්න පුළුවන්. පොර ලියපු අනිත් පොත් තමයි, පුංචි එක්නැලිගොඩ, කන්දෙන් ලන්දට වගේ ඒවා.

කන්දෙන් ලන්දට මරු නවල් එක. මට හිනා කාලා පණ යන්න ගියා කන්දෙන් ලන්දට කියවන වෙලේ!

නාථ දෙයියෝ එක්ක පරීක්‍ෂණ කිරීම වගේ වැඩ වලිනුත් අනුන්ව හිනස්සන පුළුවන්. නමුත් දන්නෙම නැතුව තමනුත්රටටම විහිළුවක් වෙනවා ඒසමගම.

කැලණිය විශ්ච විද්‍යාලයේ හිටපු මහාචාර්ය මිණිවන් පී තිලකරත්න උපහාසාත්මක කතා ලිව්ව විතරයි.

(image: http://psmc.wordpress.com/2007/08/)

48 comments:

  1. ඔය "ඇම්බියුලන්ස් චේසර්" වර්ගයේ පෙරකදෝරුවො ගැන අහල තිබුනත් පුද්ගලික අත්දැකීමක් නං තිබුන් නැහැ, ක.ශු. එහෙනං වාසනාවන්ත වුනා ඒ අත් දැකීමත් ලබා ගන්න කාර් කට්ට නිසා.

    ප. ලි. කොටසෙන් කියවුන කතාව පිළිබඳව උනන්දුවක් ඇති වුනා, මිණිවන් පී. තිලකරත්න මහත්මයාගේ පොත් කියවලම නැහැනේ මං, පොත් වල නම් ලියා ගත්ත, හොයල කියවල බලන්න.

    ReplyDelete
  2. තමන් විහිලුවක් වෙන එක නම් දැන් දැන් ගොඩක් දකින්න තියෙයිනේ , අවංකව උපහාසය මතුවෙන විදිහෙ දෙයක් නිර්මානය කරන එක තමා අමාරු . ඔය පොත් හොයා ගෙන කියවන්න ඕනි . කතුවර තුමාගෙ නම ඇහුවෙත් අදමයි . ඔන්න අපෙ දැනුමේ තරම

    ReplyDelete
  3. ඉතිං කතන්දර 1500 ක්ම දීල එන්න ඇති නේද?

    ReplyDelete
  4. උසාවියේ ලෝයර් කාක්කෝ ඔහොමම තමා.. ඉතින් ඊට පස්සේ මක්කැයි උනේ.

    ReplyDelete
  5. කසූ, කාගෙ කාගෙත් (සහ මගෙත්) දැනගැනීම පිනිස බැරිද ඔය පොත් පබ්ලිෂ් කරපු කට්ටිය පොඩ්ඩක් හොයල කියන්න.

    ReplyDelete
  6. ඔය කාක්කෝ දෙන්නා කියලා තියෙන කතාව (500 සහ 1500 වෙනස) හරි බරපතලයිනේ.

    ReplyDelete
  7. කැළණිය නං මතක් කරන්න එපා...ඒ පැත්තේ වරඳක්ද කොහෙද,ඉන්න තරමක් ඉන්නේ ජෝකර්ලා..තා කාලෙකින් අර නාවල අන්නාසි,කෝට්ටෙ දොඩං වගේ මහාචාර්ය ආචාර්ය ජෝක් වලට කැළණිය ප්‍රසිද්ද වෙයි මගෙ හිතේ... කතාව ගැන කියනවනම් අද කතාව හොදටම මදි මට නං.. රූපවාහිනියේ මැච් එකක් බැලුවා වගෙ :) ඕවරේ මුල බෝලෙයි අන්තිම එකයි නෑ... කතාවේ ඉතුරු ටික බලන්න තා දවස් දෙකක් ඉවසන්න බෑ නේ... මට හරිම ආසයි කතන්දර ලෝයරුත් නැතුව ගිහින් 1500 දඩ කනවා බලන්න... හ හා....
    (එහෙම නෙමෙයිද දන්නේ නෑ උනේ.)

    ReplyDelete
  8. ඉතින් කතන්දර අයියා 1500ක් ගෙව්වැයි ? අද කතාවේ ඉංග්‍රිසි පාඩම අතෑරලා සිංහල කොටස විතරයි කියෙව්වේ. මට ඉංග්‍රිසි ඇලජික්.

    ReplyDelete
  9. මම කියන්නම් එන්ඩ තියෙන කොටස...

    කතන්දර වැරදිකරු සුවාමිනි කියලා කිව්වට පස්සේ නඩුකාර උන්නාන්සේ රුපියල් පන්සීයක් දඩ ගහනවා...

    කතන්දර විත්ති කූඩුවේ ඉඳන්ම ලෝයර්ට දිව දික්කරන්න ගිහිල්ලා, උසාවියට අපහාස කලා කියලා දෙදාහක් අලුතෙන් දඩ කනවා... :)

    ReplyDelete
  10. සිල් වාලා කැළ ණියක ති‍.

    ReplyDelete
  11. ඇත්තමයි....මුං නම් මාර ලෝයර්ස්ලා නේ.
    තමන්ගේ තත්වයට වටින වැඩද මේවා...

    අර පොත් ටික නම් කොහොම හරි හොයාගෙන කියවන්න ඕන...කතන්දර අයියා.

    ReplyDelete
  12. 'නාථ දෙයියෝ එක්ක පරීක්‍ෂණ කිරීම වගේ වැඩ වලිනුත් අනුන්ව හිනස්සන පුළුවන්' - හික් . කතන්දරටත් තියෙන්නේ උපහාස සාහිත්‍යට අතගහන්න.

    ReplyDelete
  13. ඔය කතන්දරත් ලාවට බෙල්ල කපල තියෙන්නෙ ලෝයර්ස්ලගෙ... ඇත්තටම ඔය වැදගත් කියල හිතන් ඉන්න රස්සාවකට යන කල නේද ?
    ගල් බාගෙට නඩු කතා කරන ලෝයස්ල ඉන්නවා ඒ වගේම ගාස්තුව විසිදාහෙන් ඉහල අයකරන අයත් ඉන්නවා... හැබෑට මොකක්ද ඔය දෙගොල්ලන්ගෙ වෙනස ??

    ReplyDelete
  14. මම දන්න තරමින් නම් ඔය වගෙ වැඩකට තනියම ගිහින් බැහැ, කවුද දඩ ගෙවලා එලියට ගත්තෙ
    ප.ලි.
    පබා වුනොත් නම් ජන අප්‍රිය වෙයි
    ප.ප.ලි.
    මිණිවන් පී තිලකරත්න පොරගේ පොත් කියවන්න වටින්නේය.

    ReplyDelete
  15. අහල තීනවද මිණිවන් ගැන මේ කවිය.

    අනේ මිණිවන්
    ඔබේ දෙසුමන්
    අපේ දෙනුවන්
    කරයි අඩවන්

    ReplyDelete
  16. ඔය උසාවි වල කාලේ කන එක ගැන නම් මටත් හොද අත්දැකීමක් තියෙනවා.. ලංකාවේ නෙවෙයි එංගලන්තේ.. සුද්දෝ ටිකක් එක්ක ගහගෙන. වෙලාවක ඒක ගැනත් ලියන්න ඕනේ.

    ReplyDelete
  17. සුයුම් උපහාසය කතා තුලින් මතු කරන්න මිනිවන් පී. තිලකරත්න මහතා තරමේ දක්ෂයෙක් ලංකාවෙ තවත් හිටියදෝ කියල සැකයි. ඇත්තෙන්ම ලස්සන කතා ටිකක් ලියපු ලේඛකයෙක් තමයි මිනිවන් පී. තිලකරත්න මහතා. එතුමගෙ කතාවලින් මම ගොඩක්ම කැමති කතාවක් තමයි "එක්නැලිගොඩ"ගෙ කතාව. එතුම මහාචාර්යවරයෙක් කියල මම අදයි දන්නෙ.

    ප.ලි.
    ගෝල්ඩ් ලීෆ් පැකට් එකටත් නඩු වලට පෙනී හිටින නීතීඥයො ඉන්නව අලුත්කඩේ.

    ප.ප.ලි.
    නඩුව බැලෙවුවද ඉතිං ????

    ReplyDelete
  18. ඉතිං ඉතිං මක්කයි වුනේ?

    ReplyDelete
  19. @ Observer
    @ Buwa

    මං මුලින්ම ගමේ ලයිබ්‍රියෙන් තමයි 'මගෙ ගහ සරිගම' කෙටිකතා පොත කියෙව්වේ. කන්දෙන් ලන්දට නං මං ගත්තා.
    කියවන්න වටින පොත්.

    ReplyDelete
  20. @ Praසන්ன

    මට වුනු වැඩේ රුපියල් 1500 ට වඩා වටිනවා. වැඩි විස්තර ලබන සතියේ!

    ReplyDelete
  21. @ චතූ
    වැඩි විස්තර ලබන සතියේ!

    ReplyDelete
  22. @ Sampath Sri Sitinamaluwa

    මිණිවන් පී තිලකරත්න ගේ පොත් සේරම ගැහැව්වේ ගොඩගේ.
    මං මිණිවන් පී තිලකරත්නව දැකලා තියෙනවා එක දවසක්. එදා කතෘ සහ ප්‍රකාශක ඩබල එකටයි හිටියේත්.

    ReplyDelete
  23. @ Indunil
    බරපතලදත් අහනවා.

    මේක පොඩි උන් පවා බය වෙන කතාවක්!

    ReplyDelete
  24. @ sudheera
    මේක මෙගා එකක් බව අමතක කරන්න එපා.

    ReplyDelete
  25. @ මධුරංග
    අන්න බලන්න, මං මහන්සි වෙලා සිංග්ලිෂ් වලින් ටයිප් කරල දාලත් කියෝල නෑනේ.

    ReplyDelete
  26. @ Beetle
    මුල් කෑල්ල හරි!

    ReplyDelete
  27. @ budajeewa

    වල් සීලේ තමයි!

    ReplyDelete
  28. @ නිල් අහස
    හැම ලෝයර් ම ඔහොම නෑ මලේ!

    ReplyDelete
  29. @ මුහුදු කොල්ලකාරයා said...
    කතන්දරටත් තියෙන්නේ උපහාස සාහිත්‍යට අතගහන්න.
    */

    අපරාදේ, මං හිතං හිටියේ මං දැනටමත් කරන්නේ ඒකය කියලායි!

    ReplyDelete
  30. @ පොඩි මෑන්
    ජනාධිපති නීතිඥ වුණාම ගාන වැඩියි.

    ReplyDelete
  31. @ Luckey

    කතාවේ ඉතුරු කොටස් තව බර ගානක් තියෙනවා.
    එක පාරකට අළුක්කාලයි රිලීස් කරන්නේ!

    ReplyDelete
  32. @ ඉන්දික උපශාන්ත
    අනේ පනේ තනේ වැනේ වගේ එකක් නේද?
    මං අහල තියෙනවා, ලෙක්චර් රූම් එකක පුටුවක ලියලා තිබුණාය කියලා!

    ReplyDelete
  33. @ Grey
    සුද්ද මට ගහනව, මට සුද්ද ගහනව ආකාරයේ සීන් එකක් ද?

    ReplyDelete
  34. @ ඕනයා

    තිලකරත්න ගේ පොත්වල තිබුණු තවත් සුවිශේෂී ලඳණයක් තමයි චැප්ටර් හරිම කෙටි වීම. ඔය එක්නැලිගොඩ පොත ඒකට සුවිශේෂයි.

    ReplyDelete
  35. @ පූසා
    ඔන්න ඕක තමයි මෙගා කතන්දරයක කොටසක් ඉවර වුණාම පේක්‍ෂකයින් ගේ හිතට නැගෙන්න ඕනෑ ප්‍රශ්ණය.
    එහෙම වුනොත් වැඩේ සාර්ථකයි.

    ReplyDelete
  36. මට මේලෝකේ පෙන්නන්නම බැරි දෙකොට්ටාසයයි ඉන්නේ

    1) පොලිස් කාරයෝ
    2) ලෝයස්ල

    දෙගොල්ලොම(+95%) බලන්නේ කොයි වෙලාවේ අහිංසක මිනිහෙක්ගෙන් කීයක් හරි කඩාගන්නද කියල තමා. නොදකින්, නොදෝමකින් කිව්වලු.

    ReplyDelete
  37. මම හිතන්නේ කතන්දර අයියා වැඩේ අල කරගෙන වගේ ලෝයර්ලා කියන අය ලේසියෙන් කිසිම දෙයක් අත හරින අය නෙවේ . නඩුවක් උනත් එහෙමයි ලේසියෙන් ඉවර කරන්න කැමති නෑ !..

    මේක නම් මෙගාවක් නෙවේ ඔමෙගාවක් වේගෙන එන්නේ . අවුලක් නෑ කතාව ලියනවා එලනේ ඉතින් ආසයි කියවන්න ..

    මමත් තුන් වතාවක් උසවි බඩගලා තියනවා එක පාරක් සාක්කි දෙන්න අනිත් දෙපාරම නිවැරදිකරු ලෙස ..

    ReplyDelete
  38. මමත් මේ ලොකේ වැඩියෙන්ම බය පොලිසියට.

    උත්සව කාලේ ලං වෙද්දි වම බැලුවත් වමෙං ඉස්සර කලා කියලා නවත්තන සයිස්.......

    ReplyDelete
  39. හපොයි මං මාට්ටු වෙලා තියෙන තරමට දාපු ශේප්මන්ට්. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි ක්‍රමයට. අද වෙනකම් නෝ උසාවි.

    ඔන්න එකපාරක් ඇල්ලුවා හෙඩ් ලයිට් එකක් ගහල ගිහින්. එදා මා රඟපෑවේ වැදගත් පවුලක සමාජාශ්‍රය අඩු උගත් වැදගත් රැකියාවති කොල්ලා ගේ චරිතය. පොරවල් මට දඩේ නොලියා කිව්වා ඔන්න මහත්තයෝ අපට තේ බොන්න කියක් හරි දෙන්න කියල. එතන හුන් අට දෙනාට ම මං රුපියල් සියක් දීලා ආවා. මෝඩ වැදගත් කොල්ලට තේරුනේ එහෙමනේ [තේ එකක් 10 12 විතර කාලේ].

    තව පාරක් මොබයිල් එකේ උන් අල්ලලා මට අමතක වෙලා නඩු දිනත් පැනල මං ගියේ. කිව්වට දාලා නැහැ තාම ලයිසොම පොලිසියේ. මං එදානම් අර තේ බොන දවසේ වගේ හතර ගුණයක් දුන්න. ෆිට් එකට පොලිස් සාජනුයි මායි දෙන්න එකටයි ලාච්චු චෙක් කලේ ඔන්න. [අපෙන් එකෙක් නේ ඌත්].

    තව දවසක්, පොඩිත්ති අමමගේ අතේ එන්න ඕනේ කියල ආපු දවසක රෙඩ් ලයිට් එකේ යාන්තමින් වැටෙද්දී ඉර පැන්නට නැවැත්තුවේ නැහැ. මං එදා ඔප්පු කලේ හදිසි බ්රේක් පාරකින් දුවට හානි වීම වලක්වා ගන්න පියා ගේ චරිතය. ඔයාලා කැමති නම දඩ ගහන්න කියලා මට කරන්න දෙයක් නැහැනේ වගේ කතා වලින් පස්සේ ඔන්න ඔහේ කියක් හරි ඉල්ලුවම දෙසීයක් දුන්න.

    තව පාරක් මං කෝල් එක ගනිමින් අයින් කළා. ඒ පොඩ්ඩට දඩ. ස්පෝට් ෆයින්. උසාවියෙන් ම ලු ගෙවන්නේ. ඉතින් අනේ මං අඬන්න ගත්තා අනේ මේක බේරලා දෙන්න මං කවදාවත් උසාවි ගියේ නැහැ කියලා. ට්‍රැෆික් ලොක්ක මගේ රස්සාව ඇහුවා. මං කිව්වා කොම්පියුටර් ජොබ් එකක් කියලා. බුවා මට ලිව්වේ සීට් එකේ හරියට ඉඳගෙන හිටියේ නැති දඩේ. රුපියල් සීයයි. හේතුව බැලින්නම් පුතාට කොම්පියුටරයක් ගන්න. මට කියලා එකක් නිකම් ගන්න. ඉතින් මගේ වැඩෙත් කරගෙන සොට්ටෙයාර් කොම්පැනි වල කොම්පියුටර් විකුනන් නැති බව තේරුම් කරලා මුව නොසෑහෙන ස්තුතියක් දීලා මං මාරු උනා. නො පාගා එදා. ප්‍රොමිස් උනා උඋට ඕනනං යුනිටියේ ඌත් එක්ක ගිහින් පට්ට මැසිමක් සෙට් කොරන්න. අපෙන් එකෙක් නේ.

    තව නම් කතා එමටයි. මං දඩ ගෙවනවාට වඩා පගා දෙන්න මනාපයි. දඩ සල්ලි රටේ යහපතට නොවේ යෙදෙන්නේ. මර්වින් වගේ හාල් පාරුවන්ට ජෝගි නටන්ට. ඊට නරකද මායි ඌයි දුප්පතුන් දෙන්න ඒක දෙකට බෙදා ගන්න එක [ඒ කිව්වේ මං දඩේන් සුළු ප්‍රතිශතයක් පොරට දෙනවා].

    අපි වගේ ඩයල් නිසා පගාව තවත් වැඩි වෙනවලු. ඇයි හත් දෙයියනේ මං නොදුන්නොත් උන් නවත්තයි වගේ.

    ReplyDelete
  40. වෛශ්‍යාවල්ලි භාෂාද්වාර = whore-friendly mouths??

    ReplyDelete
  41. @සුජීව,

    උඹ මාර පට්ට හොරගෙඩියෙක් නෙ බං.. :D

    ReplyDelete
  42. බුරෝ;

    හොරුන්ට හැමදාමත් පට්ට සාධාරණ තර්ක තිබේ.

    මං ඇත්තටම මේකෙන් ෆන් එකකුත් ගන්නවා. මොකද ඕකුං දඩ ගහන තැන ඉඳල ම මහා අසාධාරණයක් වෙන්නේ. ඔය ඉරි එහෙම මැකිලා, ස්පීඩ් ලිමිට් බෝඩ් නැහැ. උන්ගේ අම්මලාගේ නීති තමයි ගේන්නේ.

    කොටින්ම උනුත් දඩ ගහන්නේ ගේමටනේ. ගේම් නම අපිත් ගේම්. මං හැමදාම දෙන්න බලන්නේ මිනිමම් පොසිබල්.

    නලිනි මැඩමුත් මෙහෙම ලිව්වා.

    ගොදුර

    ඌත් මා වගේ බුවෙක්. මටත් වඩා බුවෙක්.

    ReplyDelete
  43. ලෝයර්ස් ලා බොහොම හොඳ වැදගත් මිනිස්සු..
    සද් භාවයෙන් උදව්වක් කරන්න ආවමත් කතන්දර අයියා එක වැරදියට නොවැ තෙරුම් අරන් තියෙන්නෙ..

    ReplyDelete
  44. ක. කා. ඔන්න උසාවියට බැනලා හිරේ ලගින්න වුනොත් බ්ලොග් ලියලා ඉවරයි :P

    ReplyDelete
  45. ඔහෙත් එහෙමද මෙහෙ ත් එහෙමයි. [ සුජීව කරන වැඩේ ගැන මන් කිව්වේ] . කසු ..මතකද උසාවියේ රස කතා කියල කොලමක් තිබුන මොකක් හරි පත්තරේක . .අර ලොයර්ට කියන්න තිබ්බේ ''අයි නෝ ද ලෝ පුතා '' කියලනේ

    ReplyDelete
  46. මට නම් ලෝයර් ලා එක්ක වැඩි ගනුදෙනුවක් වෙලා නැහැ. ඔය සහතිකයක් ඇසර්ටිෆයි කරන්න වගේ ගියානම් මිසක. යාළුවන් අතර ඉන්නෙත් එක ලෝයර් කෙනෙක් විතරයි [අපි කවුරුත් දන්න]. කොහෙද ඒ ගෑනිත් ලෝයර් රස්සාව අත ඇරලා ගොඩක් කල්.

    අපේ නෝනත් කෙල්ල කාලේ ඔන්න ලෝ කොලේජ් යන්න කියලා [ඉස්කෝලේ ඉවර උන ගමන්] සෙට් උනා. "පුද්ගලික අයිතිය" ගරු කරන නිසා මං එපා කිව්වේ නැහැ. හැබැයි පළමු දවසේ එක්සසයිස් එක තමයි ඇත්ත නොවන දෙයක් ඇත්ත බවට‍ තර්ක කරන්න. මෙයා තර්ක කරලා තියෙන්නේ කිව්ව පැත්තට නොවේ හරි පැත්තට. තද වෙලා ආපු පාර ආයිත් පැත්තේ ගියේ නැහැ. දැන් කරන ප්රෝෆෙෂන් එක හොඳා.

    ReplyDelete
  47. හා හා කතනදරත් අහු වෙලා වගේ හීනියට......

    සුජීව තමයි බොල දවසකටවත් මිනිහ.....හික්

    ReplyDelete
  48. හොඳ පොත් ටිකක් ගැන කියලා තියනවා .....
    හොයලා බලන්න ඕන .......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.