Sunday 16 January 2011

ඇන්ටි ගේ ටී.වී. එක සහ මගේ රිමෝට් කොන්ට්‍රොල් එක


මං මීට කලින් ඇන්ටි ල කීප දෙනෙක් ම ගැන කතන්දර කීපයක්ම කියල තියෙනව.

කෘවෙලා ඇන්ටි ගේ කතන්දරේ,

"ඇන්ටි ටින් එකක් දාල පුතේ" කතන්දරේ,

ඇන්ටිගේ ණුවන හෙවත් පිටරට සිට ටෙලි නාට්‍ය බැලීම කතන්දරේ,

පෙට්‍රල් ලීටරේ රුපියල් විස්සට ගන්න හිටිය කතන්දරේ,

ඒ එක්කම, මිසිස් දාබරේ ගේ කතන්දරේ කියන්නෙත් ඉතිං ඇන්ටි කෙනෙකු ගේ දුක්බර කතන්දරයක් තමයි.

හැබැයි අද මේ කතාව නම් අළුත් ම අළුත් ඇන්ටි කෙනෙක් ගැනයි.

කතන්දර ජෝඩුව බැන්දයින් පස්සේ ඇනෙක්සියක් හොයල හොයල, අන්තිමේදී මේ ඇන්ටි ගේ ගෙදර තමයි පදිංචි වුනේ.

මේක හැබැයි ටිපිකල් ඇනෙක්සියක් නෙමෙයි. අපි දෙන්නට තිබුණ සෙපරේට් එන්ට්‍රන්ස් එකක් එක්ක සාලෙකුයි, නිදන කාමරේකුයි. කුස්සියයි, බාත්රූම් එකයි පාවිච්චි කලේ පොදුවේ.

මේ ඇන්ටි තනියම ජීවත් වුනේ. හබියා නෑ. පුතාල ඇමරිකාවේ. ඇන්ටිත් එහේ ගිහින් ඉඳලා ආපු කෙනෙක්. ඕන වෙලාවක ආයෙ එහෙ යන්න පුළුවන් කියලයි එයා පම්පෝරි ගහන්නේ.

මුල් දවස්වල කෙසේ වෙතත් පස්සෙ පස්සෙ අපි ඇන්ටිගෙ සාලෙ තිබුණ ටී.වී. එකත් බලන්න පටන් ගත්ත. හැබැයි එතන පොඩි අප්සෙට් එකක් තිබුණ.

බඳින්න කලින් කතන්දර කුමාර මහගෙදර ඉන්න කාලේ බැලුවේ අපේ අම්ම ගේ ටී.වී. එක නේ. ඒ දවස්වල රූපවාහිනී චැනල් එකේ සිංහල ප්‍රවෟත්ති යන්නේ රෑ අටට. ඊලඟට යනවා ටෙලි ඩ්‍රාමා එකක් හුඟක් දවස්වලට. ඉංගිරිසි ප්‍රවෘත්ති යන්නේ රෑ නමය හමාරට.

අයි.ටී.එන් එකේ තමයි ඉංගිරිසි වැඩ සටහන් යන්නේ වැඩි පුරම. මේවායින් මං හුඟක් බලන්නේ කොමඩි ප්‍රෝග්‍රෑම්ස්. ඔය උඩ ෆොටෝ එකේ තියෙන පර්ෆෙක්ට් ස්ට්‍රේන්ජර්ස් කියන එක ඒවයින් හොඳම එකක්.

ඒ සේරම කොමඩි ප්‍රෝග්‍රෑම්ස් අයි.ටී.එන් එකේ ගියේ රෑ අටට. හරියටම රූපවාහිනියේ සිංහල ප්‍රවෘත්ති යන වෙලාවටමයි. අපේ ගෙදරදී ඒක මට ප්‍රශ්ණයක් වුනේ නෑ. මොකද, ටී.වී. එක අම්ම ගේ වුණාට රිමෝට් එක මා ලඟ නේ!

නමුත් ඇනෙක්සියේ ජීවිතේ පටන් ගත්තට පස්සේ මට ඇතිවුණු ප්‍රශ්ණේ තමයි ඇනෙක්සිය අයිතිකාර ඇන්ටි නොවරදවා ම සිංහල ප්‍රවෘත්ති නරඹන කෙනෙක් වීම. ඉතිං, අයි.ටී.එන්. එකේ ඔය වෙලාවට යන ප්‍රෝග්‍රෑම්ස් බලන්න විදියක් තිබුනේ නෑ ඇනෙක්සියට ආවට පස්සේ. කසාද බඳින්න කලින් ඉල්ලපු ආපදා ණය වත් හම්බ වුණා නම් අපිටම කියලා අළුතින් ටී.වී. එකක් ගන්න තිබුණා.

හැබැයි ඉතිං, දවසක් දෙකක් යනකොට මේ ප්‍රශ්ණය විසඳුණා.

ඔන්න එදා අපි හතහමාරේ වගේ ඉඳලා අයි.ටී.එන් එක බල බල ඉන්නවා. අටට පටන් ගත්තා පර්ෆෙක්ට් ස්ට්‍රේන්ජර්ස්, මට මතක හැටියට. ඔන්න ඇන්ටිත් ඉතින් ඒක බලන්න පටන් ගත්තා. එයා කවදාකවත් බලල නොතිබුණු එකක්. ඒකේ විහිළු ඇන්ටිටත් අල්ලලා ගියා. පොඩි කමෙන්ට් දෙක තුනකුත් කළා.

හැබැයි ඔන්න, ටික වෙලාවකට පස්සේ එයාට මතක් වුණා රූපවාහිනියේ සිංහල නිවුස් යන බව.

"කතන්දර අපි දාමු නේද රූපවාහිනී චැනල් එකට. දැන් නිවුස් යන වෙලාව".

ඇන්ටි මට කිව්ව, එයා අතේ තිබුණ රිමෝට් කොන්ට්‍රොල් එක ඔබන්න කලින්.

"නෑ ඇන්ටි අපි ඔන්න ඔහේ මේක බලමු. මේක යූ.එස්.ඒ. වල ටොප් ෂෝ එකක්. මං නම් හැමදාම මේ වෙලාවට අයි.ටී.එන් එකේ යන වැඩසටහන් තමයි බලන්නේ".

"ඒත් ඉතිං, එතකොට රූපවාහිනී නිවුස් බලන්න වෙන්නේ නෑනේ".

"මෙහෙමයි ඇන්ටි. අයි.ටී.එන් එක බලන කට්ටිය බලන්නේ 9:30 ට යන ඉන්ග්ලිෂ් නිවුස් නේ".

ඇන්ටි සරෙන්ඩර්.

ඔච්චර ඇමරිකාවෙ පවා ගිහින් ආපු ඇන්ටි ඇයි ඉංග්ලිෂ් නිවුස් නොබලා, සිංහල නිවුස් බලන්නේ.

එදා ඉඳල ටී.වී. එක ඇන්ටි ගේ වුණාට රිමෝට් කොන්ට්‍රොල් එක මගේ.

-කතන්දරකාරයා

ප/ලි
මේ වැඩෙන් ඇන්ටි ට කිසි පාඩුවක් වුනේ නෑ. කොමඩි ප්‍රෝගෑම් බලලා, ටිකක් හිනාවෙලා, ලේ පිරිසිදු වුණා මිස!

27 comments:

  1. කාටද අයියේ ආඩම්බර. හාමිනේට නේ..

    ReplyDelete
  2. කතන්දරත් මාර වැඩනොවැ කරලා තියෙන්නේ. පව් ඇන්ටි :DDD

    ReplyDelete
  3. අපි ඉස්සර හිටපු බෝඩිමේ අන්කල් බැලුවෙ මහගෙදර. අපිට ඕන උනා අයි. ටී. එන්. බලන්න. අපි කරේ අන්කල් නැති වෙලාවක ටී.වී එකේ ටියුනින් ටිකක් වෙනස් කරපු එක. අන්කල්ට එදා ඒක හදා ගන්න බැරි උනා. අපි කිව්වා අදට අයි. ටී. එන්. බලමු කියලා. එදා එදාමයි අන්කල් තාමත් බලන්නෙ අයි. ටී. එන් වෙන්නැති.
    හැබැයි ඉතින් අපේ කාලෙ තිබුණෙ "පබාලගෙ, මර්වින් ගෙ" ජෝක්ස් තමා. බෝඩිම් වලට වෙලා දවස ගෙවෙනකම් බලා ඉන්නකොට වෙන මොනවා බලන්නද?

    ReplyDelete
  4. අර කවුද කිව්වා වගේ "මෙන්න තවත් ජෙප්පෙක්..." හික් හික්...!

    ReplyDelete
  5. මාර වැඩ තමා අයියා ඔයත් කරන්නේ...

    ReplyDelete
  6. ඉස්සර නං චැනල් මරු කරන එක ලොකු ගැටලුවක් තමා. දැං ප්‍රශ්ණයක් නැනේ. හැම චැනල් එකේම ඉන්නේ එකම නලු නිළියො, එකම කතා!
    කෝක බැලුවත් එකම මෙගා නාට්ටියක කොටස් වගේ....

    ReplyDelete
  7. කතන්දර තමයි කතන්දර ඉස්සර මගේ පරන බෝඩිමෙත් ටීවී එක ඇන්ටිගෙ උනාට රිමෝට් එක මගේ තමා...............

    ReplyDelete
  8. කතන්දර තමයි දවසකටවත් පොර....

    ReplyDelete
  9. /* කසාද බඳින්න කලින් ඉල්ලපු ආපදා ණය වත් හම්බ වුණා නම් අපිටම කියලා අළුතින් ටී.වී. එකක් ගන්න තිබුණා. */

    කසාද බඳින හැමෝටම කොහෙන් හරි ආපදා ණයක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. මොකද කසාද බඳින එකත් සැහෙන ආපදාවක් තමයි.

    ReplyDelete
  10. ඇන්ටි ඇමරිකාවේ ගිහින් ඇවිල්ලත් සිංහල නිව්ස් බැලුවේ එයා සිංහල නිසා වෙන්ටැති. හැබෑට කතන්දර, බැන්දට පස්සේ ආපදා ණය හම්බ උනේ නැද්ද?

    ReplyDelete
  11. ක.සු ඒ බෝඩිමේ කොච්චර කල් හිටියද?

    ReplyDelete
  12. ඒ කාලෙ ඉංග්රීසි නිව්ස් කිව්වෙ රිචඩ් සොයිස ද?

    ReplyDelete
  13. @ Observver

    රිචඩ් ද සොයිසා පුවත්පත් නිදහස බුක්ති වින්දේ ඔය කාලෙට කලින්.
    මයුරී අබේසිංහ සිංහල ප්‍රවෘත්ති කියෙව්වා මතකයි.

    ReplyDelete
  14. @නිර්මල

    ගෙයක් අරගෙන ඒකේ පදිංචියට යනකම්ම හිටියේ ඔය "ඇනෙක්සියේ" තමයි. ඒක බෝඩිමක් නෙමෙයි.

    ReplyDelete
  15. @Podi Kumarihami
    @Ano

    ආපදා ණය ගැන ලියපු කතන්දරේ දැන් ලින්ක් කරලායි තියෙන්නේ. මෙන්න ඒක නැවතත්.

    http://kathandara.blogspot.com/2010/11/blog-post_30.html

    ReplyDelete
  16. @ප්‍රියන්ත
    ඔය වාක්‍යය කොපි ඇන්ඩ් පේස්ට් නේද?

    ReplyDelete
  17. @නිශ්
    අනුන් ගේ ටීවී බලන්න අපි කවුරුත් දක්‍ෂයි වගේ.
    මේ මං කියන කාලේ ටීවී වලට ලයිෂොන් ගන්න ඕනෑ!

    ReplyDelete
  18. @බුද්ධි

    ඉස්සරත් ප්‍රවෘත්ති වල හිටියේ එකම නළුවෝ සැට් එක තමයි. අදත් එහෙමනේ?

    ReplyDelete
  19. @ prasanna86k

    මාර වැඩ කරන්නේ මාරයා නේද, මං යැ?

    ReplyDelete
  20. @දුමී
    මං අහලා නෑ, ඒ හින්දා තේරෙන්නේ නෑ. මේ කියන්නේ කොයි කාලේ ජෙප්පෝ ගැනද?

    ReplyDelete
  21. @හරී-පිණිපලස
    ඇයි ඉතිං පොතක් පතක් බැලුවනං නරකද ඔය පබා බලනවාට වඩා?

    ReplyDelete
  22. @පූසා
    ප්‍රසන්න86k ට දුන් පිළිතුර බලන්න.

    ReplyDelete
  23. ඇන්ටි දිගටම "පර්ෆෙක්ට් ස්ට්‍රේන්ජර්" තනතුරේම හිටියද මහත්තයෝ...?

    ReplyDelete
  24. "එදා ඉඳල ටී.වී. එක ඇන්ටි ගේ වුණාට රිමෝට් කොන්ට්‍රොල් එක මගේ."

    මගේ කැත හිත වෙන්නැති මට මේ කතාව ගැන හිතෙන්නෙම අමුතුවටනෙ!

    ReplyDelete
  25. @ කතන්දර
    හපෝ නරක නෑ. හොඳ අදහස. අපි පොත් බැලුවෙ හවසට. ඇන්ටිගේ ගෙදර කරන්ට් මීටරේ වේගෙන් කරකැවෙනවයි කියලා එයා අපේ කාමරේට දාලා තියෙන්නෙ 40W බල්බ් එකක්. ඒ එළියෙන් පොත් කියවලා ඇස් අමාරු හදාගන්නවාට වඩා හොඳා පබා :D

    ReplyDelete
  26. මට නම් ගෙදර ටී.වී එකේ රෙමෝට් එක දකිද්දිත් මතක් වෙන්නෙ ජෙප්පන්ව.... හික් හික්....!

    ජෙප්පො ඉතින් ජෙප්පොමනේ, කාලේ මොකක්ද කියලා ප්‍රශ්නයක් නෑනෙ .. . . . . !

    රිමෝට් නම් ජෙප්පෝ, ජෙප්පෝ නම් රිමෝට්...!

    ReplyDelete
  27. කතන්දරේට හොඳ මොලයක් නොවැ තියෙන්නෙ,

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.