බ්ලොග් අවකාශයේ කතන්දර සගයෙක් වන දුකා, මේ ඊයෙ පෙරේදා ලියල තිබුන පොර ගෙ පරණ ලව් කතාවක්. ලව් කිව්වට පැහැදිලිවම කියනව නං බූට් කතාවක්.
දුකාට උනා වගේම, අවුරුදු දොලහෙ දහතුනේ කාලෙදි මට මතකයි, අපේ පන්තිවල හිටපු හොඳ ලස්සන කෙල්ලන්ව අපි බල බලා ඉන්දැද්දිම ලොකු පන්තිවල කොල්ලො ඇවිත් සෙට් කරගන්න හැටි. අපි නිකං හූල්ල හූල්ල හිටිය විතරයි.
ඒ අතින් නම් දුකා මට වැඩිය ගව් ගානක් ඉස්සරහින්. පොර ඒ කාලෙම කිස් එකකුත් ස්කෝර් කරල නේ.
දුකා ගෙ කතාව බැලුව වෙලේ මටත් කතා කීපයක් ම මතක් වුනා. මෙන්න එයින් එකක්. හැබැයි මේක ලියන්නෙ කතන්දර කාරයා වන මං නිසා ඔය සෙන්සිටිව් ෆීලින්ග්ස් අයිං කරලයි ලියන්නේ. ඒ එක්කම, යම් හේතුවක් නිසා කතාවෙ පොඩි කොටසකුත් අයිං කලා.
ඔන්න කතන්දර කාරයා හයේ පන්තියේ ඉන්න කාලෙ, අවුරුද්ද අන්තිමේ විභාග හෙම ඉවර වෙලා රිපෝට් කාඩ් එන්න කලින් අර ජොලියෙ ඉන්න දවස් දෙක තුනෙන් අන්තිම දවසෙ, පිට්ටනියෙ බෝල ගහ ගහ හිටපු මා ලඟට ආව අපේ පන්තියෙ කුමුදුනී කියන කෙල්ල.
කතරන්දර කාරයා ට විජේසිංහ ටීචර් එන්න කිව්ව ස්ටාෆ් රූම් එකට කුමුදුණී කිව්ව.
බුදු අම්මෝ, විජේසිංහ ටීචර් කියන්නේ ඉස්කෝලෙ විනය භාර ගුරුවරියයි. මට දෙලෝ රත්වුනා. ඒත් එයාට බාර කෙල්ලන්ගෙ විනයනේ. ඇයි මට එන්න කියන්නෙ? කොල්ලන් ගෙ විනය බාරව හිටියෙ අර දැක්ක දැක් තැන කොල්ලන් ට ටොකු අණින විල්සන් කාරයායි.
මං හෙමින් හෙමින් ගියා ස්ටාෆ් රුම් එකට. විජේසිංහ ටීචරුයි, ජයසෝම ටීචරුයි ඉන්නව මේසයක් අල්ලං වාඩිවෙලා. ජයසෝම ටීචර් කියන්නේ 6 බී පන්තිය බාර ටීචර්. මං හිටියෙ 6 ඒ පන්තියෙ.
මං ටීචර් ල ලඟට ගියා.
කතන්දර ගෙ නෑයො වෙන නංගි කෙනෙක් ඉන්නවද මේ ඉස්කෝලෙ?
නෑ ටීචර්.
පවුලෙ හිතවත් පවුලක කෙනෙක්?
නෑ ටීචර්.
එහෙනං, 6 බී පන්තියෙ පබසරා ව අඳුණනවද?
නෑ ටීචර්.
හොඳයි කතන්දර, එහෙනං මේ ළමය දැන් යන්න.
මං නිදහස් වෙලා කෙලින් ම ගියා අපේ පන්තිය පැත්තෙ. ඔළුව අඤ්ඤකොරොස් වෙලයි හිටියෙ ඒ ප්‍රශ්ණ ටිකෙන්.
අපේ පන්තියෙ කුමුදුණී දැන ගෙන හිටිය බිහයින්ඩ් ද සීන් ස්ටෝරිය.
අල්ලපු පන්තියෙ හිටපු පබසරා ගෙ පොතක් ඇතුලෙ තිබිල කොල්ලෙකුට ලියපු ලියුමක් අහුවෙලා ඒ පන්තියෙ පන්ති නායිකා කෙල්ලට. ඒ මෝඩ හැතිරි ඒක කියවල බලල, පස්සෙ පන්ති බාර ජයසෝම ටීචර් ට දිල. වැඩේ විනය බාර විජේසිංහ ටිචර් දක්වා දුර දිග ගිහින් තියෙන්නේ ඊට පස්සෙයි.
පන්ති නායිකා කෙල්ල ගේ එක හොඳක් තියෙන්නේ මේ මුළු විස්තරේම අපේ පන්තියේ කුමුදුණී එක්ක කියපු එකයි.
කුමුදුනී මට කියපු විදියට මෙන්න මෙහෙමයි ඒ ලියුමෙ තිබිල තියෙන්නෙ.
දයාබර කතන්දර,
ඔයා මේ පාර විභාගෙන් ගණං වලට හොඳට ලකුණු ගත්තු බව දැනගත්තා. මට හරි ආසයි ඔයා එක්ක හමුවෙලා කතාකරන්න. අද හවසට ඉස්කෝලෙ ඇරුනයින් පස්සේ හන්දියේ ගීතා ස්ටෝර්ස් එක ලඟට එන්න පුළුවනි ද?
මේ
පබසරා
අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ. පබසරා ඊට පස්සෙ අපේ ඉස්කෝලෙට ආවෙ නෑ. කොල්ලෙකුට ලියුමක් ලියපු ආනන්තර්ය පාප කර්මෙ එදාම පල දීල, අස්වීමෙ සහතිකේ එක්ක තාත්ත අතේ කෙල්ලව ගෙදර යවල තිබුණ.
මේ කතාව කියවන බ්ලොග් අවකාශයේ කෂ්ටිය දැං හිතනව ඇති මේ කතන්දර කාරයාගෙ පංපෝරි කතාවක් කියල. ඇත්තටම කියනව නං, මං අවුරුදු ගණනාවක් ම ඔය සිද්ධිය මතක් කර කර සිතින් ආඩම්බර වුනා.
අවුරුදු නමයකට පස්සෙ තමයි නියම ඇත්ත පැහැදිලි වුනේ.
පබසරා මට හොර ලියුමක් ලියන්න හේතුව ඇත්තටම මට ගණං හොඳට පුළුවන් වීම නිසයි. එයා ට ගණිතය අමාරු විෂයක් වෙන්න ඇති. ඒ දවස් වල ගණං බැරි නං කරන්නෙ මොකක්ද කියල දන්නවනෙ? බයෝ සයන්ස් කරනවා.
ඉතිං අවුරුදු නමයකට පස්සෙ, මං පබසරාව දැක්කෙ යාළුවෙක් මුණ ගැහෙන්න කොළඹ විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටියට ගිය වෙලෙයි. මැත්ස් බැරිව, බයෝ කරපු පබසරා ඒ වෙන කොට පළමු වසරෙ වෛද්‍ය ශිෂ්‍යාවක්.
එදා හයේ පන්තියෙ ඉන්න කාලෙ මාව ගීතා ස්ටෝර්ස් එක ලඟදි හමුවෙන්න එයාට ඕනැ වෙලා තිබුනෙ මගෙං ඇත්තටම ගණිතය විෂයය හොඳට ඉගෙන ගන්නෙ කොහොමද කියල අහන්නයි.
එහෙම නැතුව වෙන මොකකට වත් නෙමේ!
හෆොයි....
ReplyDeleteඔය ඉතින් සෙට් කරගන්න බැරි වුන දුකට කියන කතා....... :P හික් හික්........... :D
ReplyDeleteඅපරාදේ...!
ReplyDeleteහැබැයි බලන්න ඒ කාලේ ළමයි කොයි තරම් බුද්ධිමත් ද කියලා.. අද කාලේ එහෙම උනා නම් කෙලින්ම සිය දිවියෙන් චුත වෙනවා.!
"හැබැයි බලන්න ඒ කාලේ ළමයි කොයි තරම් බුද්ධිමත් ද කියලා.. අද කාලේ එහෙම උනා නම් කෙලින්ම සිය දිවියෙන් චුත වෙනවා.!"
ReplyDeleteබිත්ති හතරේ තියලා බැන්නේ නෑනේ? අනිත් ඒක එ ළමයාගේ දෙමව්පියන් සැර නැතුවත් ඇතිනේ?
hafoi thama !!
ReplyDeleteමෙයාගෙ නම වැරදිල ලියල වෙන්න ඇති
ReplyDeleteපවු දෙයියනේ . . . කොහොම උනත් . . .කොයි දේ වෙන්නෙත් හොඳටයි කියන තියරිය දැම්මොත් . . . සමහර විට ඒ සිදුවුනු සිදුවීම වෙන්න ඇති පබසරාට වුනු හොඳම දෙය . . . නැතිනම් . . අපිට මෙහෙම (අවුරුදු 7කට පසු ) අනුමාන කරන්න පුලුවන් . . .
ReplyDeleteලියුම උඹට ලැබුනා . . උඹ ගනන් කියල දෙන්න ගිහින් උඹල දෙන්න ලව් කලා . . . ඉස්කෝලෙට . . ගෙවල් වලට මාට්ටු උනා . . පොඩිවයසෙන්ම පැනල ගිහින් . . බොරු වයසක් දාලා . . . කසාද බැන්දා . . . මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න එක කෙසේ වෙතත් . . . උපත් පාලනය ගැන නොදන්න කමින් . . . 6 වෙනි ලමය හම්බුවෙන්න මහරෝහලට යන්න උනා . . . හික්ස් . .
හැම කලු වලාවකම රිදී ඉරක් තියෙනව . . .
නරියෙකුත් කීවාලු ඔහොම මිදි කන්න බැරි උනාම
ReplyDeleteහික්, මටත් ඔහොම වැඩක් වුණා :-)
ReplyDelete:D
ReplyDeleteමේ අර ළඟදි ආයෙ හම්බුනා කිව්වෙ.. එතකොටවත් ඇහුවෙ නැද්ද දැන් කොල්ලෙක් ඉන්නවද කියලා? තාමත් කොල්ලෙක් නැත්තං දැන්වත් ට්‍රයි එකක් දාලා බලපං මචං... :D
ReplyDelete@-බිன்ku-
ReplyDeleteඑහෙනම් ඉස්කෝලෙන් අස් වෙලා තියෙන්නෙ කහනවටද?
මෙතන අබ මල් රේනුවක "වරදක්" සිදු වෙලත් නෑ නෙ! පොඩි SMS එකක් විතරයි නෙ.
බ්ණින එකද, කෙලින්ම අස්වීම් සහතිකය දෙන එකද හොඳ??
අකිල,
ReplyDeleteඕකට වග කියන්න ඕනේ කවුද?
ළමයද? කියෝපු කෙනාද? ටීචර්ද? නැත්තං විදුහල්පතිද?
ළමයගේ තාත්තා වෙන්න බැරි මෙහෙම කියන නිසා "කොල්ලෙකුට ලියුමක් ලියපු ආනන්තර්ය පාප කර්මෙ එදාම පල දීල, අස්වීමෙ සහතිකේ එක්ක තාත්ත අතේ කෙල්ලව ගෙදර යවල තිබුණ."
නිකං හොයලා බලලා නැතුව තමාට පේන කොණයට අනුව වැඩ කරපු දෙයක් නෙව?
බණිනවා නම් කමක් නෑ ඒත් විදිහක්ට.
අස් කරනවා නම් කමක් නෑ එහෙම නැත්තං.
අස්වෙලා තියෙනවා කියන සීන් එකක් නැති නිසා ඒක ඉල්ලා අස් කොර ගනිමු නේද?