Thursday, 11 March 2010

කතන්දරකාරයා මහණ වී සිටි තායිලන්තයේ විස්තර සහ ෆොටෝ ටිකක්


මේ කියා ගෙන යන්නෙ කතන්දරකාරයා මහණ වුන, උපැවිදි වුනු එක ගැන කතන්දරේ.

මුල් කොටස් කියවපු නැති අය ඉස්සෙල්ල ඒව කියවල එන්නකෝ.
1. කතන්තරකාරයා මහන වී සිටි බව එලිදරව්වේ!
2. මහන දමට මුල පිරුණු හැටි

මේ එලිදරව්ව ගැන නොයෙකුත් අදහස් දක්වල තියෙනව බ්ලොග් බලන අපේ රසික ජනතාව. සමහරු හිතල මේ ෆොටෝෂොප් වැඩක් ද කියල.

එකක් කියන්නම්. මෙතන එහෙම හොරයක් බොරුවක් නෑ. ඒ ෆොටෝවල ඉන්නෙ මේ කතන්දරකාරයා ම තමයි. ඒ තායිලන්තෙදි ගත්ත ෆොටෝ. ඒ මං පොරවල ඉන්නෙ හොඳ තායි සිවුරක්. අර මාරයාගේ හෝරාව ලියන කුමාරත් කියල තියෙන්නෙ හොඳ සැප සනීප සිවුරු ජාතියක් කියල ඒව. මගේ කෙටි මතකයට අනුව ඒ කතාව ඇත්ත.

හැබැයි ඉතිං මං මේ කියන්නෙ ඇත්ත උනත් මේක කතන්දරයක් බව අමතක කරන්න එපා.

විවිධ කතන්දර ජාති තියෙනවනේ. සුන්දර ආදර කතන්දර, විරහ වේදනාව ගැන කතන්දර, ඒ එක්කම දුක මැදින් පොඩි හිනාවකුත් ගෙන එන කතන්දර.

මං මෙච්චර කල් කිව්වෙ ජීවිතේට හිනාවක් එකතුකර ගන්න පුළුවන් කතන්දර තමා වැඩිපුරම. එකක් දෙකක් විතර දුක්බර ඒව තිබුණ තමයි.

මේ මහණ වෙච්ච කතන්දරේ නං කුතුහලය දනවන එකක්. අපේ තරිඳු උපාසකතුමා ගේ ශෛලියෙන් ටික ටික කියන්නෙ ඒකයි. උන්නැහැ ට යි, කුමාර ට යි දැන් මේ කතන්දරේ පොට දෙපොට ටිකක් තේරිලා තියෙන්නෙ.

අද මට හිතුන වෙනසකටත් එක්ක තායිලන්තෙ ඉඳිද්දි ගත්තු ෆොටෝ ටිකක් දාන්න. මේව කලකට ඉස්සර ඩිජිටල් යුගයට කලින් වකවානුවක ගත්තු ඒව.

තායිලන්තය කියන්නෙ බෞද්ධ රටක්. ඉතා පැරණි ශිෂ්ඨාචාරයක් තියෙනව. මේ කලාපයේ තියෙන අනෙක් රටවල් වගේ කවදාවත් බටහිර රටකට යටත් වෙලා ඉඳල නෑ. හැබැයි සියවස් ගණනාවකට ඉස්සට කාලෙන් කාලෙට උතුරු බටහිරෙන් බුරුම ආක්‍රමණවලටයි, දෙවන ලෝක යුද්දෙ කාලෙ ජපන් බලයටයි රටේ එක එක ප්‍රදේශ යටත් වෙලා තියෙනව. තාමත් රජ කෙනෙක් ඉන්නව. නමුත් පාර්ලිමේන්තු, ඡන්ද, අගමැතිවරු ක්‍රමයෙන් තමයි රට පාලනේ වෙන්නෙ. මිලිටරියත් හරිම බලගතුයි.

රටේ හැම තැනම පන්සල් පිරිල. සමහර පුරාණ නගර තියෙනව, ලොප්බුරි, සාරාබුරි, කන්චනාබුරි, චියන්මායි, චියන්රායි වගේ හරියට අපේ රටේ අනුරාධපුරේ ගියා වගේ තමයි. ඒ තරමට ගඩොල්, වෙහෙර, නටඹුන්.
ඔය උඩින්ම දාල තියෙන ෆොටෝ එක දැවැන්ත බුදු පිළිමෙක එකක්. ඒකෙ සයිස් එක පේනවා නේද සිවුර අන්දවන්න උඩට නැගල ඉන්න පොර දිහා බැළුවහම?

මේ තියෙන්නෙ අගනුවර බැංකොක් වලට කිට්ටුව තියෙන ධම්මකාය විහාරයේ පෝය දිනක භාවනා පූජාවක්. හාමුදූරුවරු 500 ක් විතර අර ඉස්සරහ තියෙන වේදිකාවෙ එරමිණිය ගොතාගෙන, උපාසක උපාසිකාවො ඉස්සරහ තණකොළ ගොල්ලෙ.



රෑ වෙන කොට හැමෝම ඉටිපන්දම් ලාම්පුවක් පත්තුකර ගන්නව. හරිම ලස්සන දර්ශණයක් නේද?



මේ බැංකොක් නගරයේ තියෙන එමරල්ඩ් බුද්ධා පන්සල ඉස්සරහ හිටගෙන ඉන්න කතන්දරකාරයා.



මේ පන්සල ලොප්බුරි වල එකක්.



ඔය ඉස්සරහ ඉන්න හැන්ඩ්සම් පොර කවුද කියල දන්නව නේද?

අදට ඔය ඇතිනෙ. මීලඟ කොටසින් මේ මහණ වෙච්ච කතන්දරේ ඉවර කරනව. අනිව ඩෙෆා!

කතන්දරකාරයා

ප/ලි
මගේ මහණ දිවියට අවසාන වුණු හැටි මෙන්න.
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_12.html

10 comments:

  1. ෆොටෝ ටිකක් පෙන්නලා අදත් අපිව රැවැට්ටුව ...හපොයි මෙහෙමත් කරැමයක් ... බලන් ගිහාම තරඳුවා හොඳයි

    ReplyDelete
  2. මම කොහොමද ආජීවක උනේ ? කසූගෙ තායිලන්තේ කතන්දරේ ඉවර උනාම මම කියන්නම් තායිලන්තේ වර්තමාන තත්වය ;-)

    ReplyDelete
  3. කියන්න අමතක උනා. මටත් තියෙනව ඔය තායි සිවුරු. තාමත් තියෙනව පෙට්ටගමක දාල. ඒව ටිකක් ප්‍රමාණයෙන් වැඩී. ඒත් කිව්වත් වගේ හරිම සුව පහසුයි. තායි සිවුර කියන්නෙ සියම් නිකායෙ පොෂ් dress code එක.

    ReplyDelete
  4. සාදූ..
    සාදූ..
    සාදූ..!

    ReplyDelete
  5. ආව් අප්පා...!!

    ආ නෑ සොරි..

    සාදූ... සාදූ..!!!

    ReplyDelete
  6. ආසාවෙන් කියෙවුවා කොටස් තුනම...

    ඉක්මනට ඉතුරු ටිකත් දාන්නො....

    - සොරො

    ReplyDelete
  7. තරිඳු, සමාවන්න ආජීවක වචනේ වැරදීමක්. ඉවත් කළා. උපාසක කියා යෙදුවා.
    කතන්දරකාරයා

    ReplyDelete
  8. @All
    මීලඟ කොටසින් මේ මහණ වෙච්ච කතන්දරේ ඉවර කරනව. අනිව ඩෙෆා!

    කතන්දරකාරයා

    ReplyDelete
  9. ඒකත් එනකං බලං ඉන්නං.​ අනේ මන්දා මේවා කොහෙං කෙලවර වෙයිද කියලා

    ReplyDelete
  10. කතන්දර අයිය තායිලන්තෙ හිටියෙ කොයි කාලෙද ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.