
ඔන්න මං දෙකේ පන්තියෙ ඉගෙන ගනිද්දි අපේ පන්ති බාර ගුරුතුමිය වුනේ මාලවතී ටීචර්. ලාබාල කෙල්ලෙක් දැන් හිතල බලන කොට. ඒත්, ඒ දවස්වල නම් අපිට කොයි ටීචරුත් ලොකුම ලොකුයි. දෙකේ පන්ති දෙකෙන් අනිත් පන්තිය බාරව උන්නු ටීචර් නම් ටිකක් වයසක කොණ්ඩෙ සුදු සැර කෙනෙක් බවයි මට මතක.
අපේ මාලවතී ටීචර් නම් හරිම ශාන්ත දාන්ත පාටයි.
ඒ දවස්වල අපේ පන්තියෙ කොල්ලො ටීචර්ට හොරෙන් කියපු කවියක් තමයි මෙන්න මේක.
සීලවතී සිල් අරගෙන,
මාලවතී මල් අරගෙන,
කට්ට කුමංජල් අරගෙන,
පන්සල් යනවා!
ඉස්කෝලෙ හෝඩියෙ පන්තියයි, දෙකේ පන්තියයි අනිත් පන්තිවලට ඉස්සෙල්ල ඇරෙනවා. පන්තිය ඉවර වෙලා අපි "යෝවද තම්පව" කියන අතරේ මාලවතී ටීචර් හැමදාම කරන්නෙ, ඉක්මන් ගමණින් මහ පාරට යන එකයි. අපේ පාරෙ බස් වැඩ කරන්නෙ පැයකට එක පාරයි එක පැත්තකට. ටීචර් මේ යන්නෙ ඒ බස් එක අල්ල ගන්නයි. ඇයි බස් එක වැරදුනොත් එක්කෝ පැයක් ම ඉන්න ඕනැ, නැත්නම් හැතැප්මකටත් වැඩිය පයින් යන්න ඕනැ.
දවසක් පන්තියෙ හිටපු මං දැක්ක මාලවතී ටීචර් ඉස්කෝලෙ ඉඳල, ගුරු පාර දිගේ, මහපාර දිහාවට දුවනව. බස් එක එන සද්දෙ ඇහෙන්න ඇති. අනේ, එක පාරටම ටීචර් ඇදගෙන වැටුණ. අර සාරියකුත් පටලවගෙන කොහොම දුවන්නද? ගෑණි නැගිට්ට, ලැජ්ජාවෙන් වගෙ වටපිට බැළුව, පොත් පත් බෑග් ටික ඇහිඳගත්ත, ආයෙත් දිව්වෙ නැතිවුනත් හයියෙන් හයියෙන් පාර පැත්තට ගියා.
මාලවතී ටීචර් වැටෙනව දැක්කහම මට ඇතිවුනේ තරමක විනෝදාත්මක හැඟීමක් කියල කියන්න ඕනැ නෑනෙ.
මීට පසු කාලෙක අනූව දශකයේ දි මම දැක්ක ලංකාවෙ ටෙලිවිෂන් එකේ පෙන්නනව "ඇමෙරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" කියල වැඩ සටහනක්. ඒ ප්‍රෝග්‍රැම් එක පුරාම තිබුනෙ මිනිස්සු වැටෙන ඒවට හිනා වෙන එක තමයි.
මං පස්සෙ දවසක තමයි දැනගත්තෙ, මාලවතී ටීචර් ඒ දවස් වල කලබලෙන් දුවල ගිහින් තියෙන්නෙ යුනිවසිටි එකට යන්නයි කියල. අනේ පව්. උදේ වරුව උගන්නල, හවසට විතරක් යුනිවසිටි ගිහින් ඒ මනුස්සය කොච්චර මහන්සි වෙන්න ඇද්ද ඒ දවස් වල.
හැබැයි මාලවතී ටීචර් එදා වැටෙන්න ප්‍රධානම හේතුව තමයි ඇඳන් හිටපු සාරිය. ගවුමක් හරි, කලිසමක් හරි ඇඳල හිටිය නම්, වැටෙන්නෙ නැතිව දුවන්න විතරක් නොවෙයි, එදා බස් එක අල්ලගන්නත් තිබුණ.
ඒත් ටීචර් ල කොහොමද ගවුම් හරි, කලිසම් හරි අඳින්නෙ වැඩට. එක්කො සාරිය, නැත්නම් ඔසරිය. ඒක පත්වීමෙ ලිපියෙ තියෙන කොන්දේසියක් ද නැතිනම් ගෑනුන්ම හදාගත්ත එකක් ද කං දන්නෙ නෑ. සමහර විට නීතිගත කරල ඇති අර පාර්ලිමේන්තුවෙ ඇඳුම වගේ.
පිරිමි ගුරුවරුන් ට නම් කලිසම්, සරං, වේට්ටි, රෙදි එක්ක කොලර් ඇති, කොලර් නැති කමිස ඕනෑම සංයෝජනයකින් අඳින්න පුළුවනි. ඇයි සිවුරු, බුෂ් කෝට්, සෆාරි සූට්. බුදු අම්මෝ මිනිස්සුන් ට තියෙන චොයිසස්.
හරිම අසාධාරණයක් නේද ගුරු සේවයෙ ගෑනුන් ගෙ ඇඳුම සාරියටයි ඔසරියටයි විතරක් සීමා කරල තියෙනව නම්. ගවුමක්, කලිසමක් ඇන්දහම මොකද වෙන්නෙ? ඇයි සල්වාර් කමීස්!
දැන් කියන්නම් හොඳම කතාව. පස්සෙ කාලෙ මං ගිය ඉස්කෝලෙක හිටිය ඉංගිරිසි උගන්වන බර්ගර් ජාතික ටීචර් කෙනෙක්. නම ටානියා වෑන් ඩයික් වගෙයි මතක.
එයත් වැඩට ආවෙ සාරි ඇඳගෙන.
මහ ජාතියෙ ඇඳුම් සුළු ජාතියකට පැටවීමක් ද, ඒ?
මේ කතන්දරේ කියවන කෙනෙකුට පුළුවන් මෙන්න මේ කරුණු ටික හොයල කියන්න.
1. කාන්තා ගුරුවරියන් ට පත්වීමෙ ලිපියෙම කියල තියෙනවද වැඩට අඳින්න ඕනැ ඇඳුම?
2. ගවුම්, ස්කර්ට් සහ බ්ලවුස්, සල්වාර් කමීස් ඇන්දොත් මොකද වෙන්නෙ?
3. අර ඉන්ටර්නැෂනල් ඉස්කොල වල තත්වෙ මෙයිට වෙනස්ද?
තව දින කිහිපයකින් ආයෙත් ලියන්නම්.
- කතන්දරකාරයා
ප/ලි:
මෙන්න ඇත්තටම පස්සේ ලියපු කතාවක්.
මං මාලවතී ටිචර් ගේ දෙකේ පන්තියේ ඉඳලා තුනේ පාන්තියට පාස් වුණු හැටි.
(image: http://lankapura.com/)
teacher paw ..................... teacher la denim dahuwama sir lata habak
ReplyDeleteඇත්ත තමයි කියන කතාව
ReplyDeleteපත්වීම් ලිපි ගැන නම් දන්නේ නැහැ... ඒත් ගුරු විද්‍යා පීඨ වල ඉගන ගන්න අයට සාරිය අනිවාර්යයි.. එයාලගේ අර අවුරුද්දක ප්‍රායෝගික පුහුණුවෙ පාසැල් වල උගන්නන්න යද්දි සාරි ඇදලා කොණ්ඩේ ගෙඩියක් වෙන්න බැදලා යන එක අනිවාර්යයි.. ඒක මම දන්නේ අපේ ගෙදර අදුරණ අක්කලා දෙන්නෙක් අවුරුද්දක් හිටිය නිසයි.. ඒ දෙන්නා හැමදාම සාරි ඇන්දා...හැබැයි කොණ්ඩේ බැදගෙන ගියේ එයාලගේ මැඩම් එන දවසට විතරයි.
ReplyDeleteසාරිය විනීත, ලස්සන ඇදුමක්. නමුත් බස් වලට දුවන්න නම් ප්‍රායෝගික නෑ. කලිසම තමයි ඒ අතින් සුදුසු. පාසැල්සිසුනට විසෙස ඇදුමක් අදින්න කියන පාසලක, ගුරුවර ගුරුවරියන් ද යම් සම්ප්‍රදායක් පිලිපැදිය යුතුයි. නැතිනම් කොහෙ ද ආදර්ශය?
ReplyDeleteමන් මේ ගැන වැඩිය දන්නේ නැහැ හැබැයි බබාලා හම්බ වෙන්න ඉන්න අයටත් සාරි අඳින්න වෙන එක ගැන නම් මොකද්දෝ කතාබහක් තිබ්බා
ReplyDeletemata nam me katawe eka deyak gena maara kesillak tibba....
ReplyDeleteissellama legally blonde hoyagena giya IMDB eke. eeta passe robert luketic wa hoyagatta. eelagata miniha hadapu short films. antimata titsiyana booberini hoyaganna una. antimata TANIA LACY wa hoyagatta. name eka hoyagattata itin madine... eeta passe google kala...
pissu hadenawa. seelawathi hoyaganna mama giyapu durak...
අංජන!
ReplyDeleteහොයා ගත්තද?
ඊ මේල් එකක් එවන්න මං කියන්නම්.
කලින් කතන්දර කියෙව්වට අද තමා මේ පොස්ට් එක දැක්කේ.
ReplyDeleteමන් නම් කැමති නෑ ටිචර්ලට සාරි ඇඳීම අනිවාර්ය වීම ගැන. එහෙම එකක් පත්වීම් ලිපියේ කියන්නේ නැ. ටිචර්ලගේ ඇඳුම වෙනස් කරන්න පුළුවන් විදිහක් තියනවනම් ඒක ලොකු දෙයක්. කලිසමයි කුර්ත වගේ ඇඳුමකුයි ඇන්දට කිසිම වැරද්දක් නැ. එත් එක කරගන්නේ කොහොමද කියල තම තේරෙන්නේ නැත්තේ.
@ZIGzag
ReplyDeleteවෙනස් කරන්න තියෙන්නේ එකම විදියයි නේ.
ගවුමක් හරි, කුර්තාවක් හරි, ජීන්ස් හරි ඇඳගෙන යන්න වැඩට. ගිහින් බලන්න මොකද වෙන්නේ කියලා.
කිසි දෙයක් වෙන්නේ නෑ. ඔන්නං නාකි ටීචර් ලා ටික කුණු කුණු ගායි.
මේවා ගෑනුන්ම, ගෑනුන්ට විරුද්දව හදාගෙන තියෙන දේවල්.
පාසල් පද්ධතිය විතරක් නෙමෙයි , දැන් රජයේ කාර්යාල බොහෝමයක සාරිය/ ඔසරිය අනිවාරය වෙලා.ඒක නීතියක් නෙමෙයි රීතියක් වෙලා.
ReplyDeleteමමත් විශ්ව විද්‍යාලයට ගියේ රැකියාව කරන අතර තුර නිසාත්, ප්‍රායෝගික පරීක්ෂණ වලට යෑම අනිවාර්ය වුන නිසාත්, මා හැදෑරු විෂයන් 3ටම , ප්‍රාෙයා්ගික පරීක්ෂන තිබුන නිසාත් මට විශ්ව විද්‍යාලයට යෑම අනිවාර්ය වුනා... ඒ දවස් වල නම් මේ රීතිය වැඩිය ක්‍රියාත්මක නූනේ මගේම වාසනාවට වෙන්න ඇති. ඒ ආයතන ප්‍රධානියාට මගේ ප්‍රණාමය..
ඒකට දැන්... වැසි දවසට හරි, ප්‍රමාද වෙන දවසක හරි බැරි වෙලාවත් ස්කට් බ්ලවුස් ඇඳන් ගියොත් දැන් ඉන්න ආයතනයේ ආයතන ප්‍රධානියාගේ මුහුණ දෙක වෙනවා.
“ මිස් ඕව පුරුද්දට තියා ගන්න එපා“
“ මිස් මොකද අද ගං වතුර ද? “
“ මොකද මේ කොටට කොටේ ඇඳන්“
හ්ම්...අනේ මන්ද ඉතින් ඕව...
හැබැයි ඉතින් මම ආසම ඇඳුමත් සාරිය තමයි. කොට ඇත් දාපු සාරි හැට්ටයට, මල් මල් සාරිය ඇන්දම හරි , බෝරිච්චි අත් දාපු සාරි හැට්ටයට ඍසරිය ඇන්දම හරි , පිරිමි අය මා දිහා බලන විදිහට මම කැමති හිහි“
hirsute upper lip eka nisada Malawathi teacher mathak une.
ReplyDelete