Friday 27 September 2013

දයාසිරි ජයසේකර ගොයියා ලංකාවේ මීලඟ ජනාධිපතිකමට සුදුසු ද හොයන ක්‍රමය - The Peter Principle


අපේ ගම් පැත්තේ ඉඳලා තියෙනවා ඇස්. කේ. කේ. සුරියආරච්චි කියලා මනුස්සයෙක්.

පොර කොල්ලා කාලේම වගේ දේශපාලනයට බැහැලා මුලින්ම පලාතේ ගම් සභාවේ මැම්බර් කෙනෙක් වුණා ලු. පස්සේ පාර්ලිමේන්තුවට සිරිලංකා එකෙන් ඉල්ලලා පලාතේ මන්තිරි වුණා ලු. පස්සේ උප ඇමති කෙනෙක් විදියට ප්‍රමෝෂන් එකක් ලැබුණා ලු. මං හිතන්නේ කර්මාන්ත උප ඇමතිකම ද කොහෙද කෙරුවේ.

අන්තිමේ දී මේ පුද්ගලයා නතර වුණේ සිරිලංකා එකේ මහ ලේකම් වෙලායි!

රණසිංහ ප්‍රේමදාස කියන්නේත් ළමා සමාජයෙන් පටන් අරගෙන, අමධ්‍යප ව්‍යාපාරය, කම්කරු සංගමය, නගර සභාව හරහා පාර්ලිමේන්තුව ඇවිත්, උප ඇමති, අගමැති සහ ඊලඟට ජනාධිපති වුණු පොරක්.

ඔය වගේ පොඩි තැන්වලින් පටන් අරගෙන තම තමන් ගේ දක්‍ෂතා හින්දා ම උඩට ම නැගපු අය ගැන කේස් ස්ටඩීස් රාශියක් ම තියෙනවා ලිට්රේචර්වල.

ඕක සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි.

ඔන්න මුලින්ම අපි කරන්න පටන්ගන්න වැඩේ, අපේ දක්‍ෂතාවය, හැකියාව, උනන්දුව සහ කැපවීම නිසා ඉතා හොඳින් කරනවා. කොටින්ම ඒ තනතුර නිසා අපි බබලනවාට වැඩිය අපි නිසා ඒ තනතුර බබලනවා. ඒ නිසාම අපිට ඊලඟ ඉහල තනතුරට උසස් වීමක් ලැබෙනවා.

එතනත් අපි අපිට බාර වැඩේ, අපේ දක්‍ෂතාවය, හැකියාව, උනන්දුව සහ කැපවීම නිසා හොඳින් කරනවා. ඉතිං එතනිනුත් අපිට තවත් පඩි වැඩි, වගකීම් වැඩි තත්වයෙන් ඉහල තනතුරකට උසස්වීමක් ලැබෙනවා.

ඔන්න ඔහොම අපි උසස්වීම් එකක් පස්සේ එකක් ලබා ගෙන ඉහලට ගියත් කවදා හරි ඔන්න එක තැනක අපි හිර වෙනවා.

ඒ කියන්නේ අපි එදාට ඉන්න ඒ තැනින් ඉහලට අපිට උසස්වීමක් ලැබෙන්නේ නෑ කියන එකයි. මුලින් උසස්වීම් ලැබෙන එක විස්තර කරන්න යොදා ගත්තු තර්කයේ විලෝමය මෙතනට ආදේශ කරන්න පුළුවනි.

ඒ අනුව අපිට මීට වඩා උසස්වීමක් නොලැබෙනවාය කියන්නේ අපේ දක්‍ෂතාවය, හැකියාව, උනන්දුව සහ කැපවීම මේ තනතුරේ දී හොඳින් කැපිලා පේන්නේ නෑ කියන එකයි.

වෙනත් වචනවලින් කියනවා නම් ඒ කියන්නේ අපි මේ දැන් ඉන්න තනතුරේ අසාර්ථකයි. අපේ දක්‍ෂතාවය, හැකියාව, උනන්දුව සහ කැපවීම මේ ඉන්නා තනතුරේ හැටියට මදි! අපේ උසස්වීම් මෙතනින් හමාරයි!

මෙන්න මේකට තමයි පීටර් නියමය කියන්නේ.

ඉතා සරලව කියනවා නම් පීටර් නියමය මෙන්න මෙහෙමයි.

ඔබ ඔබේ රැකියාවේ අදක්‍ෂයෙක් වෙනතුරු ඔබට උසස්වීම් ලැබෙනු ඇත.

අර මුලින් කියපු ඇස්. කේ. කේ. සුරියආරච්චිට මොකද දන්නවද වුනේ?

පොර සිරිලංකා එකෙන් කඩාගෙන අනුර බණ්ඩාරණායකයි, මෛත්‍රීපාල සේනානායකයි එක්ක යුඇම්පීයට ගියා. එතන වාතවෙලා, වාතවෙලා, ආපහු සිරිලංකා එකටම ආවා.

ඒ ඇවිත් පොර මුලින්ම පටන් දේශාපාලය පටන් ගත්තු ගම් සභා වෙනුවට ඒ වෙනකොට තිබුණු ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී කෙනෙක් වුණා.

අර කාලෙකට ඉස්සර සිරිලංකා එකේ මහ ලේකම් වෙලා හිටපු පොර අන්තිමේ දී එතනයි නතර වුණේ!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් දයාසිරි ජයසේකර ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

පොර ඔය අළුත් ජොබ් එකේ දක්‍ෂතා පෙන්නුවොත් ඔතනින් උඩට යයි.

ඊලඟට තියෙන්නේ ජනාධිපතිවෙන එකනේ.

පොර ඔතනින් උඩට නොගියොත් අපේ පීටරයියාට අනුව එයින් අදහස් වෙන්නේ අළුත් ජොබ් එකේ අදක්‍ෂයෙක් කියන එකයි.

ටයිම් විල් ටෙල්!

(image: http://www.souvenirpress.co.uk/tag/dr-laurence-j-peter-raymond-hull/)

45 comments:

  1. මයි බෝයිස්ලාට සහ ගර්ල්ස්ලාට පින්බර උදෑසනක් වේවා..!!

    ReplyDelete
  2. හරි බිසි. කියවන්ට පස්සේ එන්නම්. :D

    ReplyDelete
    Replies
    1. රහස හොයාගෙන වගේ පොඩ්ඩි :).
      ඒත් තප්පර 240 න් මිසිස් ට මිස් වෙලා එක වෙන්න.
      කසාද බැන්දයින් පස්සෙ කවුරුත් බිසි අප්පා....

      Delete
  3. දයාසිරිට යු ඇම් පියේ හිටියා නම් එතෙන්ට යන්න තිබුන.
    දැන් ඉතින් ඔතනම තමයි.

    ReplyDelete
    Replies
    1. එවුවා කියන්ට බැහැ මිනිහට හොද හඩක් තියෙනවා එයා ඉස්සරහටම යනවා

      Delete
  4. ලේට්ස් සී...ලේට්ස් සී...

    ReplyDelete
  5. වැඩ ඇහක්නම් නොහැක්කක් නොමැත.
    මෙහි ඇහැක්නම් යන්න "ඇහැක්නම් කන්න බැරිනම් වහදාන්න" වර්ගයේ ඇහැ බව දත යුතුය.

    ReplyDelete
    Replies
    1. ++++

      ඇහක් විදියට තේරුන් ගත්ත!

      Delete
  6. එකත් හොදයි ඉතින් මෙච්චර කල් හිටියේ බයිලා කියන ජනාධිපතිලානේ..... එතකොට දයාසිරි ආවොත් සින්දු කියන ජනපතියෙක් .........

    ReplyDelete
  7. කොහොමත් දයාසිරිට ඔතනින් ඉහලට යන්න දක්ෂතා පෙන්නන්න නම් රජපවුල අවස්ථා දෙන්නේ නෑ, ආපහු යූ.එන්.පී. එකට එන්න වෙයි මිනිහට. මොකද මිනිහා අර පැනපු අනිත් එවුන් වගේ දෙනදේ කාලා වෙනදේ බලාගෙන ඉන්න ඩයල් එකක් නෙවෙයිනේ.

    ReplyDelete
  8. දක්ෂතාවය විතරක් මදි. යන්න ඕන පාර තමුන්ම කපාගන්න ඕන. (සමහර විට කිහිප දෙනෙකුගෙ බෙලිත් කපාගෙන) දැං බලන්න දිමු ජයරත්න, දැනට ඉන්න පැරණිම මනුස්සය, නමුත් යාහැකි උපරිම දුර උනේ අගමැතිකම. ඉහලටම එන මනුස්සය කවුද කියල හරියටම කියන්න බෑ. ඔය මොකුත් "දේශපාලන ගමනක්" නැතිවයි සැටලයිට් නෝන ආවෙ.

    දයාසිරි මට පේන්නෙ මේවගේ,
    යූඇන්පීයේ ඉන්නකොට දයාසිරි කියන්නෙ පුංචි නගරයක ඉන්න ලොකු මිනිහෙක් වගේ. දැං ලොකු නගරයක ඉන්න පොඩි මිනිහෙක් වගේ. සෑහෙන්න මහන්සි ‍වුනොත් ගමනක් තියෙයි!

    ReplyDelete
    Replies
    1. //"යූඇන්පීයේ ඉන්නකොට දයාසිරි කියන්නෙ පුංචි නගරයක ඉන්න ලොකු මිනිහෙක් වගේ. දැං ලොකු නගරයක ඉන්න පොඩි මිනිහෙක් වගේ. සෑහෙන්න මහන්සි ‍වුනොත් ගමනක් තියෙයි!"//
      ++++++++++++++++++++++++++++++

      Delete
    2. /යූඇන්පීයේ ඉන්නකොට දයාසිරි කියන්නෙ පුංචි නගරයක ඉන්න ලොකු මිනිහෙක් වගේ. දැං ලොකු නගරයක ඉන්න පොඩි මිනිහෙක් වගේ./

      හරියට අපේ මාරයියා වතුපිටිවල ඉඳලා කොළඹ ආවා වගේමයි!

      Delete
    3. ඇරුණි කෙල්ල ඩෙලවේයාර් ගියා වගේ

      Delete
  9. කකා ඇයි ආයේ වාරනේ? ඇනෝල අරියාදු කලාද?

    ReplyDelete
  10. ඔය පීටර් ප්‍රින්සිපල් එකත් බොරු වෙනවා සමහර තැන් වල. උදාහරණයක් තමයි ලංකාවේ රජයේ දෙපාර්තමේන්තු. පීටර් ප්‍රින්සිපල් එක වැඩ කිරීම සඳහා අනිවාර්ය අවශ්‍ය තාවයක් තමයි කළමණාකාරිත්වය සේවකයින්ගේ හැකියාවන් හඳුනා ගැනීම හා ඒවාට නිවැරදි ප්‍රතිචාර දැක්වීම. රජයේ දෙපාර්තමේන්තුවල එහෙම දෙයක් නැහැ. උඩට යන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුව. ඉතින් වැඩ බැරි එකෙක් තමන්ගේ වැඩ බැරි ලෙවල් එක ඉක්මවා ඉහළට යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් එහෙම යන්නෙත් විශ්‍රාම ගන්න වසර කිහිපයක් තිබිලා නිසා අනෙක් අය ලොකු ලෙඩක් අදින්නෙත් නැහැ. තමන්ටත් කවදා හරි ලැබෙන්න තියෙන චාන්ස් එක කියලා. ප්‍රතිඵලය තමයි සමස්ත ආයතනයේ කාර්යක්ෂ්මතාව, ඵලදායීතාව පිරිහීම.

    ReplyDelete
  11. රනිල් ගොයියා නං දැනටමත් පීටර්ගෙ නියමෙට අහුවෙලා ඉන්නෙ මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. රනිල් ලොක්ක ගෙ වැඩ තියෙන්නෙ මේ අවුරුද්ද අවසානයෙ...

      Delete
    2. ai aurudda anthimata oyala denna hambawenawada???

      Delete
  12. සූරිආරච්චිලා ඔහොමමයි :D
    (විහිළුවක් පමණි)

    ReplyDelete
  13. කකා කෝ අපේ කොමෙන්ට්

    ReplyDelete
  14. ආනන්දෙ තමයි ඉස්කෝලෙ..... පව්... වෙලාවට කොමෙන්ට් ටික පබ්ලිශ් කර ගන්න බෑ... අප්පමාදෝ අමත පදං

    ReplyDelete
  15. හොද විග්‍රහයක්. . .

    ReplyDelete
  16. මට නම් හිතෙන් විදිහට දයාසිරි මහත්තයා ජනාධිපති කමට සුදුසු ද නැද්ද යන්න දැන්මම තීරනය කරන්න යන එක මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහනවා වගේ වැඩක්...අනිත් එක ජනාධිපතිකමක් වගේ තනතුරක්ට දක්ෂතාවයම විතරක් නෙවෙයි තව ගොඩක් සාධක තියෙනවා.....ඒවා සාමාන්‍ය ජොබ්ස් වලට වඩා වෙනස් සාධක....පීටර් නියමය සාමානය ජොබ්ස් වලට හරි ගියත් දේශපාලනයේදී ඕක කොයි තරම ගැලපෙනව්ද කියන එක ප්‍රශ්ණ කිරීමකින් තොරව පිලිගන්න බෑ...

    ReplyDelete
  17. කකා ගිය අවුරුද්දේ අපි මහා බ්ලොග් මෝඩයා තේරීමේ මහා තරගයක් පැවැත්වුවා..... කකාගෙ බ්ල්ලොග් එකේ පූර්ණ කාලීන පාඨකයෙක් හැටියට තවත් එවැනි තරගයක් අපිට සංවිධානය කරලා දෙන්න කියලා මම ඉල්ලා සිටින්න කැමතියි....

    ReplyDelete
  18. https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/1148973_10151767608716999_1802307374_n.jpg

    ReplyDelete
  19. කකා පීටර් ගොයියා ගැන කතා කරද්දි ඔහුගෙ Gay Friendly quote එක ගැන කථා නොකරපු නිසා මම ඒක පල කරන්නම්........ කකා කොහෙන් කොහොම ලියුවත් කොහොම හරි ඔතනට ගෑවෙනවනෙ....

    "Equal opportunity means everyone will have a chance at being incompetent."

    ReplyDelete
  20. @කකා, දැන් බ්ලොග් අවකාශයටත් ඔය පීටර් ප්‍රින්සිපල් එක අදාළද?

    ReplyDelete
    Replies
    1. නැහැ බං.,.,ඒකට මාටියගෙ එක තිබුනම හොදටම ඇති.

      Delete
  21. සහොදර සමාගම්,පුත්‍ර සමාගම් එක්ක පොරට ඔයිට වැඩිය උඩට එන එකනම් ලෙහෙසි වෙන එකනම් නැහැ....

    ReplyDelete
  22. මුදලට විකුණුන බොහෝ දේශපාලකයන්ගේ ගමන නිමාවෙන්නේ ඇවිල්ලා නතර උන තැනින් හෝ හිටියාටත් වඩා පහලට වැටිලා.... බයර් දන්නවා අවස්ථාව ලැබුණොත් ආයෙමත් තව කෙනෙකුට විකිණෙන්ට තියෙන චාන්ස් එක වැඩියි කියලා. ඒ හින්දා එතනම තියලා තියන එක බයර්ගේ අනාගතයට හොඳයි.

    ReplyDelete
  23. Long term prospects for DJ:-
    1. in UNP - The presidential candidate and probably President of the country
    2. in UPFA - A senior minister in MR's next cabinet and probably NR's prime minister.

    ReplyDelete
    Replies
    1. රජාගෙ එක පුරස්නයක් ඉවරවෙලා. කිරිබර්ටි මහත්තය නැතුව දිමි දැන් තනියෙන් මොනා කරන්නද.

      බර්ටි ප්‍රේමලාල් ට පරලොව පැතූ සම්පත් ලැබේවා..!

      Delete
    2. දිමි තනියෙන් මොනවා කරන්නද....නාමලට සෙට් වෙනවා ඇරෙන්න. මේ මරණය ලොක්කාට ලොකු සහනයක් වෙයි. තිතට මත් වෙයි.

      Delete
    3. දැන් ටිකකට කලින් දුවටයි,පුතාටයි පෙන්නුව එයයි,මමයි ඉන්න පිංතුරයක්.

      Delete
    4. අනිද්දා දි..මු..ද..??

      Delete
    5. podi unta pennuwada ban uba a photo eka apoo ubanam

      Delete
  24. වැඩ කරලා ජනප්‍රිය වෙන එක විවේචනය කරලා ජනප්‍රිය වෙන එක තරම් ලේසි නැහැ.

    ReplyDelete
  25. නියම උදාහරණය තමයි සූරීය ආරච්චි.අන්තිමට ස්වාධීනත් උනාද කොහෙද.

    රජතුමා ලිංගික අතවරයක් නොකරන තාක් ජහ -මහ ඇමති හැටියට වයඹ කුඹුර මඩවයි දයාසිරි.

    ReplyDelete
  26. මමත් හිතන්නේ.. දයාගේ අවසානය කියලා.. මේ මනාප ටික් පොරට පරහට හිටිනවා.. ඒත් පේන කියන්න අපිට බෑ.. හැබයි එයයි ජනාධිපති උනාය කියලා.. රටට වෙන සෙතක් නම් නෑ.. කිසිම දැක්මක් නැති පොරක්..

    ReplyDelete
    Replies
    1. දයාසිරිගෙ සීයට තිබුන බක් ෆියට් එකක් මෑන් මුල්ම කාලේ කැන්වසින් ගියේ ඒකේ. දවසක් බක් ෆියට් එකට යටවෙලා ලොකූ නයෙක් මැරිල හිටිය කියල දයා කිව්ව.

      Delete
  27. මමනම් හිතන්නෙ දයාසිරි පිටමන් කීරීමත් රනිල් ලොක්කගෙම වැඩක්.

    දැන් චන්ද තියන්නෙම නැතිව ආන්ඩුව කොල පාට වෙලානෙ. නිල් පාට පොඩ්ඩයි තියෙන්නෙ.

    තව ටික කාලෙකින් ආන්ඩුව තියෙන්නෙ රනිල්ගෙ අතේ.

    ReplyDelete
  28. අපෝ දයාසිරි ජනාධිපති වෙලා නම් බැහැ කකා..

    ReplyDelete
  29. මේ නියමය මමත් තේරුම් අරන් හිටියේ .තමන්ගේ නොහැකියාව පෙන්වන තුර්ම ඕනම කෙනෙක් ජනප්‍රියයි කියලයි.ජෙප්පොන් ඔවින්ගෙ නොහැකියාව පෙන්වූවා.සභාග වලට යන්න වගකීම් ගන්න එපා කියන්නෙ එතකොට නොහකියාව අතේ කයිතන් වෙන නිසයි.දයාගෙ නොහැකියාව ඉදිරියෙදි පෙනෙයි.දැන් ඔහු අරුම පුදුම රැකියා උත්පාදකයා.මහා ප්‍රශ්න විසදන මැජික් කාරයා .ටික ටික මිනිස්සු තරහ වෙන්න ගත්තම නිකම්ම නිකම්ම ජොනියෙක් වෙයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.