Sunday 22 April 2012

අපූරු බිත්තර තැම්බිල්ලක් - How to make a spicy boiled egg


අද සුවිශේෂී දවසක් හින්දා බිත්තරයක් තම්බන්න හිතුණා!

මේක සුවිශේෂී බිත්තර තැම්බිල්ලක්. නිකං බිත්තරයක් නෙමේ ස්පයිසී, කුළුබඩු රස සහිත බිත්තරයක්.

ඒ බිත්තර රෙසිපියට කලින් කියන්න දෙයක් තියෙනවා. අද සුවිශේෂී දවසක්ය කියලා මං මුලින් කිව්වේ මං මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දර දාන්න පටන් අරං අවුරුද්දක් ගතවීමයි. අද මේ පලවෙන්නේ 52 වෙනි සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයයි.

මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මට නිමිත්ත දුන් සංජුගේ සයිබර් සමාගමට මගේ ස්තුතිය.

දැන් මෙන්න බිත්තරේ තම්බන හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය

1. බිත්තරයක්
2. බත් ඔතන කොලයක්
3. වීදුරුවක්
4. ලුනු, ගම්බිරිස්, මිරිස්, කහ කුඩු, තුනපහ කුඩු යනාදිය
5. බිත්තරය තැම්මීමට භාජනයක්

සාදන ක්‍රමය

බත් කොලය විදුරුව ඇතුලට දමා එහි හැඩයට ඇතුලට ඔබන්න. බත් කොලය දෙකට නවා ගත්විට වඩා හොඳයි.



බිත්තර කඩා ඒ තුලට සාරය දමන්න. කොලයේ තෙල් ටිකක් ගා ගත්තොත් පසුව බිත්තරය ගැලවීම පහසු වෙනු ඇත.



අවශ්‍ය ප්‍රමාණයට ලුනු, ගම්බිරිස්, මිරිස්, කහ කුඩු, තුනපහ කුඩු යනාදිය බිත්තර සාරුවලට දමා පරිස්සමින් කවලම්කර ගන්න (කොලේ ඉරා ගන්න එපා!). දැන් මිශ්‍රණය සහිත බත් කොලය රවුම් හැඩයට සකතා උඩින් නුලක් ආදාරයෙන් හොඳින් බැද ගන්න.



ඉන්පසු, බිත්තර පොදිය සාස්පානේ දමා පරිසමින් තම්බා ගන්න.



බිත්තරය තැම්බුණු පසු මෙලෙස දිස්වේ.



බත් කොලය ඉවත් කර ගත්විට එය මෙලෙසය.



අපේ පුතු පැටියා සඳහා මා සැකසූ කෑම පිඟාන තමයි ඔය කතන්දරේ උඩින්ම දාලා තියෙන්නේ.

මේ මං හිතන විදියට "පෝච්ඩ් එග් (poached egg)" එකක් හදා ගන්න එක ක්‍රමයක්. මේකේ වෙනස අපට අවශ්‍ය පරිදි මිරිස් තුනපහ දාලා රහකර ගන්න පුළුවන් වීමයි. මෙය ජේමී ඔලිවර් නමැති ඉංගිරිසි ජාතික සූපවේදියා ගේ රෙසිපියක් අවුව කතන්දර හාමිනේ විසින් මිරිස්, තුනපහ යොදා වෙනස් කළ ක්‍රමයකි. ගම්මිරිස් කුඩු වගේද ළමයි රතු මිරිස් කුඩු?

මං අරුණී ෂැපිරෝට උගන්නන්න ගිය පාඩමේ තිබුණු ක්‍රමවලට වඩා මේ ක්‍රමයෙන් රසට බිත්තර කන්න පුළුවන් බවත් කියන්න ඕනෑ.

-කතන්දරකාරයා

මෙන්න තවත් කෑම හදන හැටි ගැන ලියවුණු කතන්දර.
1. රමණී නෝනා ගේ කෑම

2. පරිප්පු තෙම්පරාදු

3. බීන්ස් විත් පීනට්ස්

4. බීෆ් විත් සෝයි සෝස්

5. බොම්මිලි නොහැදිය යුතු ආකාරය

(images: kathandarakaraya - Nokia E63)

51 comments:

  1. Replies
    1. Congratulations!

      This is because I published it at 5am SL time.

      Delete
    2. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි පොඩි දරුවෙකුට දෙනවා කිව්වා නිසා විශේෂයෙන්ම අදහසක් ලියන්න හිතුවේ...
      ලන්ච් ෂිට් වල දාලා තම්බනකොට ලන්ච් ෂිට් වල තියෙන රසායනික රත් වීමෙන් දරුවාට අහිතකර වගේම පිළිකා කාරක සංයෝග වුනත් හැදෙන්න පුළුවන්.. ඒ නිසා ඒ ගැනත් හිතන්න...

      Delete
  2. කරලා නම් නැහැ.. නමුත් හිතෙනවා ප්‍රායෝගිකයි කියල.. මමත් නිකම්ම තම්බපු බිත්තර කන්න කැමති නැහැ..

    ReplyDelete
  3. කොරලාම බලමුකෝ.....:P

    ReplyDelete
    Replies
    1. හදලා, කාලා, කියලා එවන්නකෝ!

      Delete
  4. අප්පේ දැන් ෂොපිං බෑග් වල ප්ලේන්ටීවත් දාන‍්නෙ නැහැ නොවැ. සෞඛ්‍යයට හිතකර වෙයිද ?

    :)

    ReplyDelete
    Replies
    1. මා ලියා ඇති පරිදි මෙය ජේමි ඔලිවර් ගේ රෙසිපයියක් ආශ්‍රයෙනි.

      බත් කොල යනු දේශීය ආදේශකයකි. ක්ලින්ග් රුප් යනුවෙන් හැඳින්වෙන පොලිතීන් කොල වර්ගයක් පාවිච්චී කරති. ආහාර එතීමට, සැකසීමට ගන්නා වර්ගයක කොලයක් විය යුතුයි.

      බය නං කුඩා කෝපි කෝප්පයක දමා තම්බා බලන්න.

      Delete
    2. සෑම් උඔට අවුල් නං කෙහෙල්කොලයක් ගනින් දේශිය ක්‍රෙම්ට :P

      Delete
  5. බත් ඔතන කොළවලිනුත් කට්ටිය මාර ප්‍රයෝජනනේ ගන්නෙ.

    මාරයා ඒක කොන්ඩෝම් වෙනුවට පාවිච්චි කරනවා. කතන්දර ඒකෙන් බිත්තර තම්බනවා.

    වෙන වැඩ නැද්ද ගන්න?

    ReplyDelete
    Replies
    1. ඇයි බත් එතීම!

      ඒක අමතක කරන්න එපා!

      Delete
  6. මරු බිත්ත්‍ර තැම්බීමක් නොවැ... කොරලම බලන්ඩ ඕනෑ... :P

    ReplyDelete
    Replies
    1. හදලා, කාලා, කියලා එවන්නකෝ!

      Delete
  7. මරුනෙ. ට්‍රයි එකක් දෙන්නෝන බලන්න.

    ReplyDelete
    Replies
    1. හදලා, කාලා, කියලා එවන්නකෝ!

      Delete
  8. මම හදල බැළුවා ඇත්තටම හරිම රසයි පොඩි අයත් ආසාවෙන් කෑවා ඉදිරියටත් මෙවැනි ආහාර සැකසීම් ලපි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  9. මේ බත් කොළේ කරන කැම්බිල්ල සෞඛ්‍යයට හොඳ ද

    ReplyDelete
    Replies
    1. මා ලියා ඇති පරිදි මෙය ජේමි ඔලිවර් ගේ රෙසිපයියක් ආශ්‍රයෙනි.

      බත් කොල යනු දේශීය ආදේශකයකි. ක්ලින්ග් රුප් යනුවෙන් හැඳින්වෙන පොලිතීන් කොල වර්ගයක් පාවිච්චී කරති. ආහාර එතීමට, සැකසීමට ගන්නා වර්ගයක කොලයක් විය යුතුයි.

      බය නං කුඩා කෝපි කෝප්පයක දමා තම්බා බලන්න.

      Delete
    2. Cling Wrap/ food wrap, සුපර් මර්කට් වල ඇත. එලවලු පලතුරු ඔතලා තියෙන්නේ.. දිග, එක් පැත්තක කැපෙන තලයක් සහිත පෙට්ටි වල අසුරා ඇත.. :D :D බත් ඔතන කොල වලට වඩා හොඳයි ලූ...!

      Delete
  10. Bankuwe polima wage nova biththaraya nam hondata rasata ethi. 3/5 th kawalam wela nisa. Hadala balanawa.thanks UNCLE

    ReplyDelete
    Replies
    1. හදලා, කාලා, කියලා එවන්නකෝ!

      Delete
  11. කරලාම බලන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. හදලා, කාලා, කියලා එවන්නකෝ!

      Delete
  12. ගෙදර බිත්තර ඉවරයි. ඒත් ඉක්මන්ට ගෙනත් හදන්ට ඕනි. :(

    හරිම රහ පාටයි බිත්තරේ. ඒ වගේම පහසු ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. මොනාද මිස් ගෙදර ඹිත්තරයක්වත් නැද්ද?

      Delete
  13. "දැන් මිශ්‍රණය සහිත බත් කොලය රවුම් හැඩයට සකතා උඩින් නුලක් ආඳාරයෙන් හොඳින් තම්බා ගන්න." ???????

    හොඳින් බැඳ ගන්න. නේද?

    ReplyDelete
  14. අම්මේ ඔය ක්‍රමේට මම දවසක් බිත්තර කාලා කවදාවත් නැති තරම් ටොයිලට් ගියා.ඊට පස්සෙනම් එහෙම කන්නෙම නෑ. එහෙම හැදුවහම රසයි. කෝ ඒත් රස වගේද විදින දුක.

    ReplyDelete
    Replies
    1. බඩ යාමට හේතුව බිත්තර හැදූ ක්‍රමය යැයි තීරණය කළේ කොහොමද? තවත් කොච්චර හේතු තියෙන්ණ පුළුවන්ද?

      1. නරක් වූ බිත්තරයක් වීම
      2. ඔබ අත නොසෝදා බිත්තරය සැකසීම
      3. ඔබ භාවිතා කල දුරු මිරිස්වල විභබීජ තිබීම
      4. භාජනයේ, හැන්දේ, පිඟානේ විසබීජ තිබීම
      5. බිත්තරය හරි හැටි තැම්බේනට පෙර කෑම
      6. බිත්තරය කෑමට පෙර හෝ පසු ඔබ කෑ වෙනත් ද්‍රව්‍යයක් නිසා අජීර්ණයක් සෑදීම
      7. ඔබට බිත්තර ඇලර්ජියක් තිබීම
      8. පරණ පවක් පලදීම
      9. පෙරේතයෙක් බැල්ම හෙලීම
      10. කවුරු හෝ බලා සිට කෙල ගිලීම

      Delete
    2. "කවුරු හෝ බලා සිට කෙල ගිලීම"

      මේකෙන් බඩේ අමාරු හැදෙන්නෙ කොහොමද?

      "බිත්තරය හරි හැටි තැම්බේනට පෙර කෑම"

      half-boil කරනවා කියන්නෙ??

      Delete
  15. අළුත් අදහසක්, කරලම බලමු...!

    කසූ, කතන්දර බ්ලොග් එක ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වල ලෝඩ් වෙන්න විනාඩියකට වඩා යනවා. ඊට පස්සෙත් ස්ක්‍රොල් බාර්ස් ටික වැඩ කරන්න තවත් වෙලා යනවා... මම හිතන්නෙ සයිට් එකේ සුන් බුන්, ජාවා ස්ක්‍රිප්ට් කෑලි එහෙම වැඩියි වගේ....! පොඩි ක්ලීනප් පාරක් දාන්න වෙයි....!

    ReplyDelete
    Replies
    1. වැඩිම කමෙන්ට් විජට්ටුව අයින් කලා. අනිත් ඒවා නං බ්ලොගර් ඒවා. බ්ලොගර් ඇනලිටික්ස් තාම තියෙනවා. ඒ හින්දාද මන්දා.

      ස්තුතිය කමෙන්ටුවට.

      ක්‍රෝම්වල ඔය අවුල නෑ.

      Delete
    2. මම නරියයි, ක්‍රෝමුයි දෙකම පාවිච්චි කරනවා. කොහොමත් කකා මුල්ම ටැම්ප්ලේට් එක වෙනස් කල දා ඉඳලා වගේ ලොඩ් වෙන්න යන කාලය එන්න එන්න වැඩි උනා. සාමාන්‍යෙයක් බ්ලොග් එකක් ලොඩ් වෙන්ඩ යනවට වඩා වැඩි කාලයක් කොහොමත් මේක ලෝඩ් වෙන්ඩ යනවා.

      Delete
    3. කසු, සයිට් එකේ පෙර්ෆෝමන්ස් මෙශර් කරන්න ගොඩක් ඔන්ලයින් ටූල්ස් තියෙනවා... පොඩි ගුගුල් පාරක් දාලා බලලා ටූල් දෙක තුනකින් චෙක් කරලා බලන්න පුළුවන්. ඒවායින් රිපෝර්ට් එකක් දෙනවා මොන මොන ලින්ක්ස්ද, කම්පෝනන්ට්ද ටයිම් කන්සියුම් කරන්නෙ කියලා අයිඩෙන්ටිෆයි කරන්න....! (සිංහලෙන් ඉංග්‍රීසි ලිව්වාට සමාවෙන්න :) )

      මම පාවිච්චි කරපු ටූල් එකක් - http://site-perf.com

      Delete
    4. දුමී,

      ස්තුතියි.

      මං ඔබ දුන් සයිට් එකෙන් ටෙස්ට් කර බැලුව, මගේ බ්ලොග් එකත් ඔබේ එකත්, බැඩි වෙනසක් නෑනේ දෙකේම කිලෝ බයිට් ප්‍රමාණය නම්. මගේ එකෙන් ලෝගෝ කීපයක් අයින් කළා.

      ෆලෝවර්ස් ලා ටික හෙඩර් එකේ ඉන්ණ එකට අමතරව මගේ බ්ලොගයේ අමුතු දෙයක් නෑ.

      Delete
    5. ඔව්, කසූ කියන විදිහහට ටූල් එකෙන් ලොකු ප්‍රශ්නයක් පෙන්නන්නෙ නෑ. ඒත් ඇත්තටම එක්ස්ප්ලෝරර් වලින් කතන්දර බ්ලොග් එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. සමහර වෙලාවට ක්‍රෑෂ් වෙනවා. අපේ ඔෆිස් එකේ ස්ටෑන්ඩර්ඩ් එකක් විදිහට එක්ප්ලෝරර් තමයි පාවිච්චි කරන්න ඕනෙ. ගෙදරදි නම් අවුලක් නෑ, ක්‍රෝම් වලින් නම් අවුලක් නෑ.

      සමහර විට කසු කිව්වා වගේ ගුග්ල් ඇනලිටික්ස් වලින් කේස් එකක් වෙනවද දන්නෙ නෑ. ඒත් ඒකෙන් කරන්නෙ පික්සල් ට්‍රැකින් හින්දා ලොකු ලෝඩ් එකක් එන්නෙ නෑ.

      කස්ටම් ජාවා ස්ක්‍රිප්ට් එකින් එක කමෙන්ට් කර කර ටෙස්ට් කරලා බලන්න වෙයි මොකක්ද කේස් වෙන්නෙ කියලා.

      Delete
  16. රෙසිපිය හොඳයි වගේ, කරලම බලමුකෝ !!!

    ReplyDelete
    Replies
    1. හදලා, කාලා, කියලා එවන්නකෝ!

      Delete
  17. මෙන්න හැදුවා....කෝ පොටෝ එකක් මෙතන දාන්න බැහැනෙ....නිකම්ම තම්බල ගන්නවට,,බැදල ගන්නවට වඩා රසයි.....තැන්කූ වේවා..!!

    ReplyDelete
    Replies
    1. දුරු මිරිස් අනුවයි රස!

      Delete
  18. ඕඕ, වෙනස් විදිහක්. තැම්බිල්ලයි බැදිල්ලයි අතර ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. මේ පෝච්ඩ් බිත්තර හදන අළුත් ක්‍රමයක්.
      http://en.wikipedia.org/wiki/Poached_egg

      Delete
  19. නිකම්ම නිකන් තම්බපු බිත්තරේට වඩා මේ ක්‍රමේ හොදයි වගේ.. මොකද මමත් කැමති හොදට ගම්මිරිස් ටිකක් වැඩියෙන් වැටෙන කොට තමයි..

    ReplyDelete
  20. කරන්ට ලේසී, රසවත්, ලකුණු ලබා ගත හැකි රෙසපියකි. කිරිපිටි පරිප්පුව හදපු මට මේක ගේමක් නෑ. හදලා කියන්නං. මැනි තැන්ක්ස්!

    ReplyDelete
  21. කරලා බලන්න ඔන.

    ReplyDelete
  22. ඇයි කතන්දර කුමාරිහාමිට බිත්තර ලෝඩ් එකක් යවන්න වද්ද.. ? හැබැයි ඉතින් අදුනන අය වෙච්චි.ඒව යුතුකම්.

    ReplyDelete
  23. ඇයි කතන්දර කුමාරිහාමිට බිත්තර ලෝඩ් එකක් යවන්න වද්ද.. ? හැබැයි ඉතින් අදුනන අය වෙච්චි.ඒව යුතුකම්.

    ReplyDelete
  24. ගම්බිරිස් නෙමෙයි කතන්දර... ගම්මිරිස්.... :D
    රෙසිපි එකට ස්තුතියි...!

    ReplyDelete
  25. කටන්දර,

    ඹන්න මම නම් ටැස් කොලා. පොඩි ගැටලු දෙකක් තියෙනවා.

    01. බිත්තර තම්බද්දි වගේ නෙමේයි ලන්ච් ෂිට් එක උඩ පාවෙනවා. එහෙම කමක් නැද්ද? මම හැන්දක පටලෝලා ඇතුලට ඔබලයි කලේ. එතකොට බලශක්තිය අපතේ යනවා.
    02. ඔය කන්දර දාලා තියෙන පළවෙනි පින්තුරේ වගේ හරි රවුමක් ආ‍වෙ නෑ. පොඩ්ඩක් හැඩේ මෙව්වා උනා.

    ඊට අමතරව වැ‍ඩේ නියමයි. පුඩිං පෙනුමයි, හපද්දි පුඩින් ගතියයි ආවා. ස්තුතියි දැනුමට!!

    ReplyDelete
  26. කකා, මාත් මේක ජිමි ඔලිවර් හදනවා දැකල තියනවා. මිනිහා අපට "හෙල්දි" කෑම කන්න ඉගැන්නුවට, පොර නම් මහත් වෙන්නේ එක වැඩසටහනකින් තව එකකට යද්දී. එක අතකට ඒකෙත් වරදක් නැහැ.මොකද කෙට්ටු කෝකියා විශ්වාස කරන්න එපා කියනවනේ. ක්ලින්ග් ෆිල්ම්ස් මා දන්නා හැටියට විෂ නැති පොලිඑතිලින් වලින් හදල තියෙන්නේ. රත් කලත් ප්‍රශ්නයක් නැහැ. ඔබගේ බ්ලොගය "ලෝඩ්" වෙන්න වෙලාව යන එක ප්‍රශ්නයක් තමා.

    ReplyDelete
  27. නියමයි! මේක මට මිස්වෙලානෙ. අද අදම හදල කියන්නම්.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.