Sunday 23 October 2011

බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)


කාලෙකට ඉස්සර මං පෙම් කිරීමට උපදෙස් මාලාවක් ලියන්න ගත්තා. ඒකේ කොටස් තුනක් ලිව්වා මට මතක විදියට.

1. මං හොඳ වෙන්න බලන කෙනෙක්

2. කොල්ලන්ට පොඩි උපදෙසක්

3. පෙම් කිරීමට උපදෙස්

ඉන් පස්සේ බැඳපු අයට මල් කඩන්න උපදෙස් දෙන ලිපියක් ලිව්වා. ඒක නං නොබැඳපු අයත් කියෙව්වා ද කොහෙද?

අද මේ ලිපිය ලියන්න හේතුව මේකයි. දැන් ඔය විටින් විට ඔය ඊ-මේල්වලින් අපිට එනවානේ විවිධ උපදෙස්? අපේ සමහරු ඉන්නවා උං, තමන් කියවන්නත් කලින් අනිත් අයට ඒක ෆෝවර්ඩ් කරලා ඉවරයි.

මට එන බොහොමයක් ඒ වගේ චේන් ඊ-මේල්වල මං තමයි අවසාන පුරුක.

නමුත් මේ ලඟදී ආපු එකක තිබුණු සමහර කරුණු මගේ හිතට අල්ලලා ගියා. මොකද ඒ සමහර ඒවා අත් දුටුවයි සත්තකයි නිසා.

ඉතිං, ඒ ඊ-මේල් එකේ කොටස් මට ඕනෑ විදියට කපලා කොටලා, වෙනස්කරලා, මගේ අනුවර්තිත සංස්කරණයක් තමයි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට දාන්නේ.

මෙන්න බැඳපු උන්ට උපදෙස්. පිරිමි ඇසකින් ලියන්නේ. කාන්තා පක්‍ෂය ඇය වෙනුවට ඔහු යොදා කියවන්න.

1. ඇය ලස්සනයි කියා ඔබට හිතේ නම් ඒ බව ඇයට පවසන්න.
(මම මේක නිතරම කරනවා!)

2. මං ඔයාට ආදරෙයි කියා දවසකට එක් වරක් වත් කියන්න.
(එවිට එවැනිම ප්‍රතිචාර ලැබෙනු ඇත!)

3. උයන්න පිහන්න, අස්-පස් කරන්න උදව් වෙන්න.
(කතන්දරකාරයාට මේ සම්බන්ධයෙන් දියුණු වීමට අවකාශ බොහෝය!)

4. ඇයව වෙනස් කරන්නට යෑමට වඩා ඔබ තවත් හොඳ විමට කාලය වැය කරන්න.
(මං තවත් හොඳ වෙන්නයි නිතරම බලන්නේ කියා ද කියන්න.)

5. උදේ පාන්දර නැගිට, ඇයට තේ කෝප්පයක් සාදා ඇඳ ලඟටම ගෙනත් දෙන්න.
(සතියේ දින පහම කරමි. හැකි සෑම දිනකම රාත්‍රියේ ද තේ සාදා කොම්පීටරය අසලටම ගෙනැවිත් දෙමි!)

6. සමහර දේවල් එකට කරන්න. සමහර දේවල් තනියෙන් කරන්න.
(මේ කියන්නේ බැන්දා වුනත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු බවයි. හැම දේටම ඇඟිලි ගහන්න යන්න එපා! ලියුං, ඊ-මේල් බලන්න යන්න එපා. දෙන්නාට ඊ-මේල් ලිපින දෙකක් තිබිය යුතුයි. අපේ යාළු කපල් එකක් ඉන්නවා දෙන්නාටම එක ඊ-මේල් ලිපිනය, මල වාතයක් ඒක!)

7. රැකියාව, වෟත්තිමය ජීවිතය වැදගත්, නමුත් පවුල තමයි ප්‍රධාන.
(මේ ගැන මං වෙනම කතන්දරයක් ලියන්නම්.)

8. ඇය ගේ ඉගෙනීමේ, රැකියාවේ, විනෝදාංශ, ගෙදරදොර වැඩ, ඉවුම් පිහුම් නිතරම අගය කරන්න, ප්‍රසංශා කරන්න.
(කතන්දර හාමිනේ හදන කෑම නම් ඇත්තටම සුපිරිය!)

9. ඇයව විනෝදෙන් තබන්න. විහිළු කරන්න.
(විහිළු සපයන්න!)

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න හොඳම එක.

10. රණ්ඩු වෙන කොට නිරුවතින් රණ්ඩු වෙන්න. ටික වෙලාවකින් රණ්ඩුව අවසාන වෙනු ඇත.
(නෝ කමෙන්ට්ස්!)

(image: http://www.hat.net/album/asia/india/10_temples_and_gods/20_ranakpur/detail039.htm)

62 comments:

  1. හුරේ මම එක.
    සිරා අදහස් ටික :)

    ReplyDelete
  2. කකා මහත්තයත් අර හුචක්කු මහත්තයා වගේ වෙන්ටද යන්නෙ..!!?? :D

    // මට එන බොහොමයක් ඒ වගේ චේන් ඊ-මේල්වල මං තමයි අවසාන පුරුක. //

    ඇයි මමත් එහෙමයි, ඒ විතරක් නෙවෙයි වෙලාව තියෙනවනං අනිත් පැත්තට එවපු එකාට reply එකකුත් දානවා මේ වගේ මගුල් ආයමත් එවන්න එපා කියලා.. :))

    ReplyDelete
  3. මරු අදහස් ටික.. ඔක්කොමත් හරි 10 වන එක තමයි කරන්න අමාරු වෙන්නෙ. ගෙදර තව අය නැත්නම් පුලුවන් වෙයි. නැත්නම් අප්සෙට්...

    ReplyDelete
  4. පොතේ හැටියට වැඩ කරනව ට වඩා ,හිතේ හැටියට වැඩ කරොත් මොක ද?

    ReplyDelete
  5. චේන් මේල්.. fw හරි fwd හරි subject විදියට තියෙන මේල් ගොඩක් වෙලාවට මම open කරන්නෙවත් නෑ. නිකන්ම කුණුකූඩෙට.
    උපදෙස්ටික පොඩ්ඩක් විතර වෙනස් කරලා අපිටත් පාවිච්චියට ගතහැකි වේවි නේද? හික්ස්

    ReplyDelete
  6. අන්තිම එක :-P !

    ReplyDelete
  7. අන්තිම එකද මන්දා හොදම එක :P

    ReplyDelete
  8. 10. රණ්ඩු වෙන කොට නිරුවතින් රණ්ඩු වෙන්න. ටික වෙලාවකින් රණ්ඩුව අවසාන වෙනු ඇත.
    (නෝ කමෙන්ට්ස්!)

    නෝ කමෙන්ට්ස් නෙමෙයි කසූ.. "අත් දුටුවයි සත්තයි" කියන්න......

    ReplyDelete
  9. අන්තිම එක 100% ඇත්ත කතන්දර. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

    ReplyDelete
  10. 10 අත් හදා බලන්නට පෙර රණ්ඩු වීමට හේතුව සලකා බලන්න..
    බිරිඳ -" මන් කිව්වෙ.. ඔහේගෙ ඕක නිසා තමයි මේ ප්‍රශ්න සේරම.."

    ReplyDelete
  11. ඔක්කොමත් හරි අන්තිම එක කරන්න ගියොත් තමයි රන්ඩුව නවත්ත ගන්න බැරිවෙන්නේ !!!

    ReplyDelete
  12. ඉදිරියේදි ට්‍රයි කරලා බලන්න ඕනේ...!

    ReplyDelete
  13. අන්තිම එක තමයි මරු...
    විනාඩී පහෙන් ඔක්කොම ඉවරයි..
    වයිෆ්ගෙයි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙයි අතර බරෙහි වෙනස 45 Kg
    වයිෆ්ගෙයි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙයි අතර කාළයෙහි වෙනස 45 mnts

    තවත් අගය කළ හැකි දෙයක් තමයි පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන කියන දේ..

    ReplyDelete
  14. වටිනා උපදේස් මලාවක් - විවාහෝපදේශය කියල පොතක් ගහමු .

    ReplyDelete
  15. කකා අය්ය 10 වන එක වහාම අස් කරගන්න වෙනවා. මට පේන්නෙ දැන් ඔක්කොම බලන්නෙ රන්ඩු වෙන්න වගේ

    ReplyDelete
  16. මේක ගෑණු ඇසකින් ලිව්වනං ඉවරයිනෙ.එහෙම උනානං මංතුමා‍ට තිබුන මේක "එතුමිය"ට පෙන්නන්න.මේ විදියට පෙන්නල අහක යන නයි දාගන්නෙ මොකටද!

    ReplyDelete
  17. මෙන්න මගේ කමෙන්ට්ස් (අනිත් ඒවා පිළිගතිමි)
    1. ඇය ලස්සනයි කියා ඔබට හිතේ නම් ඒ බව ඇයට පවසන්න.
    (නොහිතුනත් හිතුන වගේ කරන්න!)

    4. ඇයව වෙනස් කරන්නට යෑමට වඩා ඔබ තවත් හොඳ විමට කාලය වැය කරන්න.
    (වෙනස් නොකරම බැරි තැන් ඇත.)

    5. උදේ පාන්දර නැගිට, ඇයට තේ කෝප්පයක් සාදා ඇඳ ලඟටම ගෙනත් දෙන්න.
    (පාන්දර නැගිටින්නට නං බැරිය!)

    9. ඇයව විනෝදෙන් තබන්න. විහිළු කරන්න.
    (එයාට මාව විහිළුවක්ද මන්දා!)
    Traffic Ano

    ReplyDelete
  18. @උපදෙස් අංක 6

    මම කාලෙකට පෙර උනන්දු වෙච්ච ගෑනු ලමයා මට කිව්ව එයාට ඊමේල් එවන්න එපා මොකද ඒකෙ පාස්වර්ඩ් එක එයා බඳින්න ඉන්න එක්කෙනා දන්නව සහ හැම තිස්සෙම චෙක් කරනව, ඒක නිසා එයාගෙ අලුත් යාහූ එකවුන්ට් එකට විතරක් මේල් එවන්න කියල. ඉතින් අපි එහෙමයි පෙම්වතුන් උනේ....ඇය ඇත්තටම හොඳ පෙම්වතියක්.
    උපදේශය: පෞද්ගලිකත්වය ශෙයාර් කරගැනීම කියන්නෙ කවුරුවත් කැමති දෙයක් නෙමයි. විශේශයෙන් සම්බන්ධයකදී ඒක කරන්නෙ සැකය නිසා මිසක් ආදරය නිසා නෙමයි. ඔබේ පෙම්වතා/වතී එහෙම ඉල්ලනවනම් එකඟ වෙන්න. අලුතින් යාහූ එකවුන්ට් එකක් ඔබට පටන් ගන්න පහසුවෙන්ම පුලුවන්නෙ!
    සැඟවුන උපදේශය: ආදරය ඇත්තේ පෞද්ගලිකත්වය ආරක්ශා වුන තරමටයි

    - සනාත

    ReplyDelete
    Replies
    1. මට නිකන් කවලම් උනා වගේ

      එතකොට ඇය බැන්දේ අර බඳින්න හිටපු කෙනාද? නැත්තම් ඔයාව ද? නැත්තම් නොබැඳ හිටිය ද?

      Delete
  19. අන්තිම එක නම් පට්ටය !!
    ඒක තමයි අත්හදා බලන්නම වටින එක.

    ReplyDelete
  20. මම කතන්දරගේ කියවපු හොඳම උපදෙස් මාලාව මේක වෙන්න ඇති. ඇයගේ පැත්තෙන් බලනවාට වඩා නම් මේක බර ඔහුගේ පැත්තෙන් බලන්න. මොනවා උනත් මම කතන්දරගේ පළවෙනි උපදෙස් නවයම එලෙසින්ම පිළිගන්නවා.
    10 වෙනි එක නේද?...:DDD
    ඒක ඉතින් දෙන්න කැමතිනම් අනික් අයට වැඩක් නෑනේ.
    ප/ලි
    රන්ඩු වෙන්න වෙනම තැනක් ගෙදර හදාගන්න වෙයිද?

    ReplyDelete
  21. (Traffic Ano)
    රාජ් said...
    "මේක ගෑණු ඇසකින් ....................දාගන්නෙ මොකටද!"
    ඒ කමෙන්ට් එක දැකල ආපු අදහසක් මේක. සමහර මිනිස්සු සහ ගැහැණු චිත්රපටියක් හරි නවකතාවක් හරි (බ්ලොග් එකක් හරි) දැකපුවහම ඒකෙ තියෙන චරිතයක් තමන්ට ආරෝපණය කරගන්නව. දැන් මේ උපදෙස් මාලාව සියයට සීයක්ම හැම හස්බන්ඩ් / වයිෆ් කෙනෙකුටම අනුගමනය කරන්න බෑනෙ. සතියකට වතාවක් ගෙදර එන අය, මාස තුනකට වතාවක් ගෙදර එන අය, නයිටි ෂිෆ්ට් කරන අය යනාදී වශයෙන්. ඒ නිසා මේවා තමන්ට ගලප්පවාගැනීමට තමන්ට හැකි වෙන්න ඕනෑ. කලා නිර්මාණයකින් උපදේශයක් ගන්නව කියන්නෙ චරිතයක් ආරෝපණය කරගන්න එන නෙවි.
    අනිත් එක, මේක ගෑණු ඇසකට ට්රාන්ස්ලේට් කරල පෙන්නලා ඔය කියන සත්කාර ටික තමන් බලාපොරොත්තු වෙන හස්බන්ඩ්ල කරන්නෙ බරපතල වැරැද්දක්.

    ReplyDelete
  22. හිතෙන දෙය කියන්නට බැරිය

    ReplyDelete
  23. @Anonymous said(Traffic Ano)
    හැමදාමත් වගේ කතන්දර වලට ඇවිල්ල මම දාන්නෙ විහිළු කමෙන්ටුවක්. මෙතනදීත් එහෙමමයි. මම කවදාවත් කිසිම චරිතෙකට ආරෝපනය වෙන කෙනෙක් නෙවේ.
    //ඔය කියන සත්කාර ටික තමන් බලාපොරොත්තු වෙන හස්බන්ඩ්ල කරන්නෙ බරපතල වැරැද්දක්// නෑ නෑ මම බ්ලොග් බලබල ලව් කරන්නවත් ජීවත් වෙන්නවත් පුරුදු වෙච්ච කෙනෙක් නෙවේ.මම සීරියස් කියන තැන් වලදී සීරියස් කියනවා එහෙම නැති තැන් වලදී මේවගේ.ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

    ReplyDelete
  24. මගේත් හිතේ හොඳම උපදෙස 10 තමයි. හෙට බ්ලොග් පෝස්ට් එකක් මගෙන් නැති වුනොත් හෙතුව මේක අත්හදා බලන නිසයි. මොකද මම් හෙට උදේට නිවාඩු. දුව පාසැල්. හාමිනේත් ගෙදර.

    ReplyDelete
  25. @වෙද ගෙදර මහ වෙදනා
    පරිස්සමින්!
    සියල්ලන්ටම දැනුම්දීමයි!
    තව දින කිහිපයක් යනතුරු වෙදගෙදර පැත්තේ ගියාට ලිපි බලාගත නොහැක!

    ReplyDelete
  26. @වෙද ගෙදර මහ වෙදනා,

    හාමිනේට මේක කලින් කියන්ට ඕනේ නැද්ද?...:D

    ReplyDelete
  27. 10 වෙනි එක වගේ ඒවට කියන්නේ ටොප් ගියර් එකේ රණ්ඩු වෙන්වා කියලා! :D

    ReplyDelete
  28. ඉතාම ප්‍රයෝජනවත් ලිපියක්. එක්ස්ට්‍රා ස්පැසල් වල හොඳම එක (මට)

    මේවායින් ගොඩක් දේවල් නම් දැනටම වෙනවා.

    9. ඇයව විනෝදෙන් තබන්න. විහිළු කරන්න.
    (විහිළු සපයන්න!) මේක ගැන නං කතා කරලා වැඩක් නෑ. උන්දැ හිනාවෙනවා බලන්න මම කොච්චර කැමතිද? ඒ හින්දා මම විහිලු කරනවා.

    අගය කිරීම ගැන තමා පොඩි අවුලක් තියන්නෙ. එයා අතින් මං සතුටු දේවල් වෙද්දි මට හිතෙනවා එයා ලැබුනු එක මගේ පුර්ව කුසලයක් කියලා. ඒත් මට එයා අගය කරන්න අමතක වෙනවා. ඒකනං දැං ටිකක් හදාගෙන තියෙන්නෙ.... හැබැයි තව තියෙනවා.

    ReplyDelete
  29. @ වෙද මහතා....
    මැච් එකට ජයවේවා.....ටෙස් ද එක් දිනදො...

    @ කතන්දරේ
    මල් පහයි මචො

    ReplyDelete
  30. මාතලංගෙ අදහස නං සිරාම සිරා . . .

    @වෙද ගෙදර මහ වෙදනා:
    මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව

    ReplyDelete
  31. ඔන්න හෙට උදේට මම පේන්න නැති උනොත් කට්ටිය මාව සොය සොය පස්සෙන් එනව හෙම නෙවේ...

    මධුරංග මලයො යමන් හෙට පොඩි නිවාඩුවක් දාලා .පැපරාසි කැමරාවයි. ඉනිමගකුයි අරන් වර කොහෙන් හරි වෙදනාගේ ගේ පිලිකන්නට යන්ට.අපි දෙන්නට මූණු පොතට දාන්න නියම කවි ටිකක් සමග විඩියෝ එකකුත් දාන්න පුලුවන්..

    අනේ වෙදමහත්තයට බොහොම පිං කල්තියා දැනුම් දුන්නට ...
    ගේට්ටුව ඇරල තියන්න ඩින්ගිත්තක්. බල්ලො හේම නෑ නෙව?

    ReplyDelete
  32. ගිම්හාණී,
    හාමිනේ රංඩුවට ආවේ නැත්නම් මොකද කරන්නේ කියලා මම මේ හිතුව විතරයි. දැන් හරි. ගේට්ටුව ඇරලා. දොරත් ලොක් කරලා නැහැ.

    ReplyDelete
  33. අර අන්තිම උපදේසේ නියමයිනේ...

    මාතලන්ගේ අදහස මරු..

    ReplyDelete
  34. @Gimhani ,

    ගිම්හානී දැක්ක හැටියේ වෙද හාමිනේ, මහ වෙදනා එක්ක කොහොමවෙතත්, ඔයා එක්ක රන්ඩුවට එයි. ඔයාට නම් දැන් යන්ටම වෙනවා. අපටත් හොඳ විඩියෝ එකක් බලන්ට පුලුවන් වෙයි. ඇඳුම් නැති කට්ටියයි, ඇඳුම් ඇඳපු කට්ටියයි ගහගන්න හැටි...:D

    අනේ අර දුප්පත් මධුරංග. අලුත් ජොබ් එකක් හම්බ උනා විතරයි...:D

    @මහ වෙදනා,

    මොකද උනේ කියලා මතක ඇතිව පෝස්ට් එකකුත් දාන්ට...:D

    ReplyDelete
  35. @ ඕනය..
    // @වෙද ගෙදර මහ වෙදනා:
    මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව //


    ඒ මදිවට යුරේකා ස්ටයිල් එකේ...!!!

    ReplyDelete
  36. (Traffic Ano)
    @රාජ්.
    සිත රිදුනි නම් සමාවෙන්න.
    මා කීවේ ඔබට (@Raj) නොවෙයි. ඔබ විහිළු කමෙන්ට් ලියන බව ඇත්ත. ඒත් මට ඒ කමෙන්ට් එක දැක මතකයට නැගුණු දෙයක් ගැනයි ලිව්වෙ. ඔබ එවැන්නකුයැයි මා අදහස් කළේ නෑ.
    මේ බ්ලොග් බලන වැඩි දෙනෙක් එය කියවා රස විඳිනවා විනා කමෙන්ට් දාන්නෙ නෑ නේද?.
    මගේ කමෙන්ට් එක කෙටි වැඩි නිසාද කොහෙද කියවන අයට ඒක වරදවා වැටහෙනව වගේ.
    ඔය ආරෝපණ කතාව මට කිව්වෙ මගේ ඥාති සහෝදරයෙක් එක් මළගෙදරකදි. (එතුමා රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය ගියා) ඔහු කියා සිටියේ මිනිසුන් මළ ගෙදරකදී හඬා වැලපෙන්නේ තමන් ඒ තත්වය ආරෝපණය කරගෙන කියලයි. එ්හත් මා එය පිළිගත්තේ නෑ. පිළිගන්නෙත් නෑ. කාලකන්නි බල්ලො රංචුවක් අපේ ගෙදර හිටපු සුරතල් පූසි මරල දාල ගිහින් තිබුනු වෙලාවෙ මට ඇඬුම් ආවෙ පුසීගෙ ජීවිතේ මට ආරෝපණය වෙලායැ.
    ඒ වුනාට මම දැකල තියනව සමහර අය. විශේෂයෙන් කාන්තා පක්ෂය. අර විදිහට වෙනත් චරිතයකට ආරෝපණය වෙනව. එහෙම නැත්නම් තවත් කෙනෙක්ව වෙනත් චරිතයකට ආරෝපනය කරනව.
    දැන් මේ කතන්දරගෙ උපදේශ මාලාව මගේ හාමිනේ කියවලා, එයා කතන්දරහා‍මිනේ ආරෝපණය කරගෙන කතන්දර කාරයා එක්ක මාව සන්සන්දනය කරන්න ගියොත් මල ජූලියයි නේද?

    ReplyDelete
  37. නියම පොස්ට් එකක් කතන්දර .ගොඩාක් වටිනා කතා ටිකක් තියෙන්නේ.
    *වසිලිස්සා*

    ReplyDelete
  38. අපේ ගෙදර ඇත්තො මොනවා නැතත් විහිලු නම් සපයනව මදියි නොකියන්න....

    ඉස්සිසෙල්ලා අද තමයි මේ පැත්තෙ ආවෙ.... බැලුවහම ගොඩක් දේවල් තියෙනවනෙ කියවන්න...

    ReplyDelete
  39. පංකාදු උප්දෙස් ටික. 10 නම් අවසාන වෙන්නේ වෙන විධියේ රංඩුවකින්!

    @ ඕනය..
    // @වෙද ගෙදර මහ වෙදනා:
    මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව //

    ඊට පිටිපස්සෙන් 'ගිම්හානි යි එයාගේ පැපරාසියයි' ඉනිමග කරේ තියාන දුවනවා. ඒ පස්සෙන් වෙද හාමිනේ පන්නනවා....etc etc..

    ReplyDelete
  40. //ගිම්හාණී,
    හාමිනේ රංඩුවට ආවේ නැත්නම් මොකද කරන්නේ කියලා මම මේ හිතුව විතරයි. දැන් හරි. ගේට්ටුව ඇරලා. දොරත් ලොක් කරලා නැහැ.//

    හික් හික් . . වෙදමහත්තය තමයි දවසකටවත් "වෙදා"

    ReplyDelete
  41. @ ඕනයා,
    ඒ කියන්නෙ ගිම්හානිත් ඇඳුම් නැතුවද වෙද ගෙදර යන්න ඕනෙ?

    P.S.
    අනේ මන්ද බොලා අනුන්ගෙ බ්ලොග් වල කුණුහරප කියනව, අපි වගේ අහිංසකයො "අන්තිම පේලිය" ට චුටි කතාවක් එව්වම පබ්ලිස් කොරන්න බෑ කියනවා... දෙපිට කාට්ටුවො....

    ReplyDelete
  42. අම්මෝ... මං කියවපු හොඳම හාස්‍යජනක කොමෙන්ට් තියන ලිපියද මන්ද...
    @ Kandiyan
    [ // @වෙද ගෙදර මහ වෙදනා:
    මට මැවිල පේනව වෙද මහත්තය ගෙදර වලියක් දාගෙන . . . කරේ වලං ගැට්ට පිටිං පාර දිගේ දුවනව //

    ඊට පිටිපස්සෙන් 'ගිම්හානි යි එයාගේ පැපරාසියයි' ඉනිමග කරේ තියාන දුවනවා. ඒ පස්සෙන් වෙද හාමිනේ පන්නනවා....etc etc.. ]

    මට දැන් ෆුල් සීන් එකම මවාගත්ත හැකි..

    ReplyDelete
  43. හික් හික් මටත් සිදුවීම් පෙළ හිතේ මැවුනා...අෆ්ෆො මම් නම් බැන්දට පස්සෙ රන්ඩුවෙන්න නම් යන්නෙ නෑ. :))

    ReplyDelete
  44. බඳින්න අකමැති උනත් මේ උපදෙස් වලට එකඟය! :)

    ReplyDelete
  45. 2500 ta baduwak gahala nidaganin badin nathuwa

    ReplyDelete
  46. ආ......ශයි... ඒත් බයයි....... :Q සියල්ල අත හැර 10ට පණිමි...

    ReplyDelete
  47. ෂෝක් උපදෙස් ටික .....

    ReplyDelete
  48. අන්තිම අදහස නම් සුපිරි .. දැන්මම බැඳලා වලියක් දාගන්න හිතයි ..

    කතන්දරගේ පෙම් කිරීමට දුන් උපදෙස් නිසා මම ගොඩ ගියා ඉතින් මට නම් කතන්දරගේ පිහිටයි ..

    ReplyDelete
  49. 10 නම් පට්ටය !
    ඒක තමයි අත්හදා බලන්නම වටින එකය.
    ඒත් පොඩි කොස්සක් ඇත්තේය... තවම තනිකඩ චූටි කොල්ලෙක්ය.

    ReplyDelete
  50. නියම උපදෙස් මාලාව කකා . . .

    ReplyDelete
  51. මලපැනල ඉන්න වෙලාවකට ඔය 10 විදියට කරන්න ගිහින්! මොකකින් හරි දමල ඇරියොත් සෙට්එකටවත්! එදාට තමා කෙලවෙන්නේ....

    ReplyDelete
  52. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    නැවතත් කියනවානං ඔය ලයිස්තුව මං නිෂ්පාදනය කරපු එකත් නෙමේ, මට ආපු ලයිස්තුවකින් මට ඕනෑ පරිදි වෙනස් කරලා හදාගත්තු එකක්.

    මෙන්න ඔරිජිනල් ලිපිය. අමාරුවෙන් හොයා ගත්තා. ඒක වෙබ් පිටුවකින් ගත්තු එකක්.

    http://www.smh.com.au/lifestyle/life/45-steps-to-a-happy-marriage-20110708-1h68q.html#ixzz1RVFuZfsT

    ReplyDelete
  53. @ගිම්හානි :
    ගිම්හානි අක්කා කියනවනම් අපායට උනත් යමු !!! කැමරාවකුත් හොයා ගන්න තියෙන්නේ !!!

    ReplyDelete
  54. තවම බැදල නැති උනත් ඔය උපදෙස් ටිකනම් සහතික ඇත්තය... 10 නම් ඉතින් බැදලම තමයි ට්‍රයි කරන්න වෙන්නෙ...

    වෙද මහත්තය සන්ඩු කලාද හාමිනේ එක්ක ??

    ReplyDelete
  55. 10 අත්හදා බලන්නනම් පුලුවන් ඒත් පොලිසියේන අල්ලයිද කියලා බයයි

    ReplyDelete
  56. හික් හික්...
    මරු උපදෙස් ටික, මොනවා උනත් කාට කාටත් අත්හදා බලන්න වැඩි කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ අංක 10 නේද
    නරකම නැහැ වගේ... බලමු බලමු
    ඒත් ඉතින් රණ්ඩු වෙන එකනම් හරි කරදර වැඩක් තමයි

    ReplyDelete
  57. නෝ කමෙන්ට්ස් කියපූ දහවෙනි එක නම් හරිම අපූරුයි.... හි හික්ස්

    ReplyDelete
  58. නිරැවතින් රන්ඩු කිරිමට නොහැක. කෙල්ල දකිනවාය. අපිට කොහෙද කාමර හත අටක් .අපිට එකනේ තියෙන්නේ

    ReplyDelete
  59. එල නිරැවතින් රන්ඩු වෙලා බලන්න ඕන එහෙනම් .. :P

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.