Saturday 24 July 2010

ටිකක් නෝටි කතන්දරයක්


අපේ ගෙදර ටෙලිෆෝන් එකට වයර් නැති හෑන්ඩ් සෙට් තුනක් තියෙනවා. මේවායේ වෙනම එලාම් වදින්න සෙට් කරන්න පුළුවනි. කුරුල්ලෝ කෑ ගහන ලස්සන රිංග්-ටෝන් එකක් දාලා මම ඒ එලාම් තුනම උදේට වදින්න හදලයි තියෙන්නේ.

හැබැයි ඉතිං එලාම් එකක් වැදිච්ච ගමන් කරන්නේ හෑන්ඩ් සෙට් එකේ තියෙන කැන්සල් බට්න් එක ඔබන එකයි. ඊලඟ එක වදින කොටත් ඒකමයි කරන්නේ. ඔළුවවත් උස්සන්නේ නෑ අඩුතරමින්. මේ හින්දම අත දිග හරියෙන් මේ හෑන්ඩ් සෙට් තියාගන්න වෙනවා.

කතන්දර හාමිනේ නං කියන්නේ ඒ එලාම් තියලා තියෙන්නේ, මට නැගිටින්න නෙමේ ඒවා ඕෆ් කරන්න මතක් කරගන්නයි කියලයි.

ඔන්න තුන්වෙනි එලාම් එකට තමයි මං තුමා දනි පනි ගාලා ඇහැරෙන්නේ. පෙම්බර දේවි නං තාමත් නිදි.

එතන ඉඳන් බාත් රූම් වන්දනාව කරලා, කාලා, බීලා කෝච්චියට පැන ගන්න කං ඉතිං මාර යුද්දේ තමයි. හොඳ වෙලාවට හාමිනේ මේ වෙන කොට නැගිටලා, මට තේ හදලා, ලන්ච් එක පැක් කරලා තියෙන හින්දා හොඳයි.

උදේට නැගිටින එක මට විතරක් නෙමේ හුඟ දෙනෙකුට අමාරු දෙයක්. කලින් නිදාගන්න එක මේකට එක පිළියමක්. කොල්ලො කාලේ නං ඉතිං සමහරු උදේ නැගිටින්න හදනවානේ පාඩම් කරන්නත්.

ඉතිං අද කතන්දරේ මේකයි.

මං අර මහනුවර පැත්තේ තිප්පොලකට සෙට් වෙලා හිටිය කාලේ අපිට අවුරුද්දකට විතර පස්සේ ඔතනටම සෙට් වුනා එක විදියක "ළමා පොරක්".

මෑන්ස් පොඩි සූට් කේස් එකක් අරං තමයි ගමං බිමං ගියේ. වීක් එන්ඩ් එකට තාත්තා එනවා මට මතක විදියට හැතැප්ම එකසිය හතලිස් ගාණක් ගෙවා ගෙන පොරව බලල යන්න. සමහර සති අන්තවල ගෙදර එක්කරං යනවා මං හිතන්නේ. හැබැයි ආපහු ගෙනත් බස්සනවා.

අපේ "ළමා පොර" හරිම උනන්දුයි අධ්‍යාපන වැඩ වලට. උදේ පාන්දර නැගිටලා පාඩම් කරන ජාතියේ හොඳ කකුලක් මං හිතන්නේ.

ඔය තිප්පොලේ අපේ මහැදුරු කෙනෙක් හිටියා මාර වාත පොරක්. එයාගෙ වගතුග ගැන අතුරු කතාවලට යන්නේ නැතිව මේ කතන්දරේ ඉතා කෙටියෙන් කියනව නං මෙහෙමයි. මේ මහැදුරු පොර දවසක් කොල්ලන්ට ටෝක් එකක් දෙන්න ආවා ඉගෙනීමේ ආදිනව ගැන හරි භාවනාව ගැන හරි. පොර ඔය වගේ බයිල කියන වැඩ වලට කූප්‍රසිද්ධයි.

ඔය අතරේ අපේ ළමා පොර ඇහැව්වා මහැදුරුගෙන් පොඩි ප්‍රශ්ණයක්. මෙන්න ඒකෙ සාරාංශය සිංහලෙන්.

"සෑර්, දැන් ඔය ටයිම් මැනේජ්මන්ට්, මෙඩිටේෂන් වගේ එක එක විධික්‍රම මගින් අපිට පාඩම් වැඩ කරන්න උදව් ගන්න පුළුවන්ද? විශේෂයෙන්ම උදේට නැගිටලා පාඩම් කරන්න මට ඕනෑ. මේකට මොකක්ද හොඳම ක්‍රමය හිත පාලනය කරන්න?"

මෙන්න බයිල චක්‍රචර්තී මහැදුරු දුන්නු පිළිතුර.

"උදේට නැගිටින්න ඕනැ නං, රෑ නිදාගන්න කලින් වතුර වීදුරු තුන හතරක් බීල නිදාගන්නවා!"

ඔය එලාම් සෙට් කරනවාට වඩා මේ වතුර මෙතඩ් එක හොඳ ක්‍රමයක් වගෙයි නේද?

අන්න බලන්න, මහැදුරුලා කියන්නේ නිකං අපි වගේ සූදුරුලා නෙමේ නේ. දන්න කියන ඇත්තෝ නේ.

කතන්දරකාරයා

ප/ලි
මං මේක නෝටි කතන්දරයක් කියල වර්ගීකරණය කළාට ඇත්තටම මේක මගේ එක්තරා කතන්දර මිනි සීරිස් එකට දාන්න පුළුවන්.

මෙන්න ඒ කතන්දර මිනි සීරීස් එක සහමුලින්ම.
1. පලමුවෙනි කතන්දරය

2. දෙවෙනි කතන්දරය

3. තුන්වෙනි කතන්දරය

4. හතරවෙනි කතන්දරය

5. පස්වෙනි කතන්දරය

6. හයවෙනි කතන්දරය

30 comments:

  1. ෂිහ් ඕක අපි ඉස්කෝලෙ යන කාලේ දැනගත්තනම් මොනා හරි කරන්න තිබ්බා...
    එහෙනම් වතුර වීදුරු තුන හතරක් නෙමේ බෝතලයක් වුනත් බොන්න තිබ්බා..

    ReplyDelete
  2. වීදුරු හතර පහක් බීවාම රෑට දෙතුන් සැරයක්ම අවදිවෙන්න බැරියෑ......පට්ට එලාර්ම් එක....ඇත්තට මහදැනමුත්තගෙන් වත් පැවත එන පොරක්ද?....:)))....

    ReplyDelete
  3. @සිරකරුවා
    ඔයා සයන්ස් කාරයෙක් වගෙයි පේන්නේ.
    වතුර වීදුරුවක් මිලි ලිටර් 240 යි. වීදුරු හතරක් කියන්නේ ලීටරයක් විතර (මිලි ලීටර් 960).
    බෝතලයක මිලි ලීටර් 750 යි.
    බොහොම ස්තුතියි. මට හොදඳ කතන්දරයක් මතක් වුනා සයන්ස් ටීචර් කෙනෙක් ගැන. වහාම ලියන්න ඕනෑ.

    ReplyDelete
  4. කරුමෙට හරි ඇහෙරුනේම නැත්නම් තමයි වැඩේ(අර පොඩි එවුන්ට වෙනවා වගේ).....උදේ වෙනකොට පීන පීන තමයි ඉන්න වෙනනේ....

    ReplyDelete
  5. @හේමලයා
    මාත් රෑට වතුර නොබොන්නේ ඒ හින්දම තමයි. මේ කතාවේ දෙවෙනි කොටස පටන් ගන්නේ එතනින්. ඒක අළුත් ටේ‍රන්ඩ් එකක් වේවි වූ සීරීස් එක වගේ.
    මහදුරු තුමා ඇත්තටම වැඩ අතින් කළුදුරු කෙනෙක්. පැවතෙන්නේ ආලවක ගෙන් විය යුතුයි.

    ReplyDelete
  6. ආර කිව්වත් වගේ වතුර බීලා නිදාගෙන වතුර නාගෙන ඇහැරෙන්න වෙයිද දන්නෑ

    ReplyDelete
  7. හොහෝ.. මෙන්න චූ සීරීස් එක නැවතත්! :).. මමත් ඔය ක්‍රමේ පාවිච්චි කරල තියෙනව. හැබැයි කන්සිස්ටන්ට් ගතියක් නැති එක තමයි අවුල..

    ReplyDelete
  8. @කතන්දරකාරයා -
    මම කිව්වෙ ලීටර් 2 බෝතලයක් ගැන.. හී හී ලොල්

    ReplyDelete
  9. ඔය වැඩේ හෙණම කචල් නේ. හරියට නිදාගන්න වෙන්නේ නැහැනේ. සැරින් සැරේ නැගිට නැගිට හා දඩයමේ යන්න ඕනෙ නේ එතකොට :) :) :)

    ReplyDelete
  10. මේ කතාව දැක්කම මගේ අතීතය මතක් වුනා. මම හිටපු බාලක සිසු පියසේ(Hostel) එලාම් එක ගැන. උදේ 4.50 ට බෙල් එකක් ගහනවා . හරියට එලාම් වල තියනන Soonze එක වගේ.ඒක ගහන්නේ ඇහැරෙන්න විතරයි. 5හේ බෙල් එකට ඇඳෙන් බහින්න ඕනෑ . තව විනාඩි දහයක් විතර ගියහම වෝඩ්න් තුමා එනවා වේවැලක් අරගෙන එතකොට නිදාගෙන හිටියොත් වේවැල් පාර වදිනවා ෂුවර්. ලස්සන වැඩේ ඒක නෙවෙයි. එක පොරක් හිටියා හැමදාම වේවැල් පාර කන.පළවෙනිපාර වදිනකොට පොර ඇඳේ අනිත්පැත්තට පනිනවා. පැනලා බෙඩ්ශීට් එක එස්සරහට අල්ලනවා වේවැලට පලිහක්වගේ.සර්කාරයත් තව එකක් දෙකක්බෙඩ්ශීට් එකට ගහලා ආපහු යනවා. පොර කවදාවත් හැදුනේ නැහැ. අව්රුදු හතක් ඔය එලාම් බෙල්එකට නැගිටපු මට දැන්ඒක හරිලේසියි. මොකද සෙල්ෆෝන්එකේ sooZe එක තියන නිසා. පොඩ් කාලේ මේ පුරුද්ද අපිට ඇති කරපු අපේ ගුරුවරුන්ට මම නං සදා නය ගැතියි. මොකද වෙලාවට වැඩකරන්න ඕනෑකමක්ඇතිකරපු එක මගේජීවිතයට ලොකු ආශිර්වාදයක්වුන නිසා.

    ReplyDelete
  11. ෂහ්.. වතුර වීදුරු හතරෙ එලාම් එකනම් ෂෝක් අදහස... හැබැයි ඕක වැදෙනකොට ඇහැරෙන්නැතුව ගියොත් දෙවෙනි එලාම් එකටනම් අනිවාර්යෙන් තෙමීගෙන ඇහැරෙන්ට වෙනවමයි..
    ආහ්... අල්ලපු රටෙ එවුන් එලාම් ශබ්ද කරන්නේ එලා..රම් කියලා.. ඕක අහපු මුල් දවස්වල මම හෙන ගේමක් දුන්නා මොකක් ගැනද මුන් මේ කියන්නෙ කියලා... ඉල නෑ උන් ඔය වචනෙ කියන වෙලාවට...

    ReplyDelete
  12. @සිරකරුවා
    ඔබ දිනුම්!
    ඔයා මෙගා යුගයේ කෙනෙක් නේ. අපේ කාලේ මෙගා නෑ. අපි පොඩි කාලේ බිව්වේ ඔරෙන්ජං බාර්ලි, ක්‍රීම් සෝඩා බෝතල්. ඒවායේ මි.ලි. 375 යි.

    ReplyDelete
  13. @හසියා,
    @හෙලයා,
    @වැම්පයර්,
    @හසිත,
    @පුතා
    ඔය නිසාම තමයි මාත් ඔය වතුර ක්‍රමය නැතුව එලාම් තුනක් තියන්නේ. ඇත්තටම කියනවා නං හතරයි. මගේ මොබයිල් ෆෝන් එකත් සෙට් කරලයි තියෙන්නේ උදේට වදින්න.

    මං මේකේ දෙවන කොටස ලියලා ඉවරයි. සඳුදාට විතර දාන්නම්.

    හැබැයි ඒක බලලා නරක දේවල් ලියනවා කියලා කෂ්ටිය බනී ද මන්දා?

    ReplyDelete
  14. @ඇනෝ

    ලියූ දිග ප්‍රතිචාරට ගොඩක් ස්තුතියි!

    කණගාටුයි අහන්නත්, අවුරුදු හතක් බයේ හිටිය බව.

    මාත් උදේ 5 ට ඇහෙරෙනවා ඉස්කෝලේ යන්න. හැබැයි අපේ තාත්තා කාමරේ දොරට පොඩි තට්ටුවක් විතරයි දාන්නේ.

    ඔයා දැන් බයේ ඉන්නේ කාටද?

    අර ඇහැරෙන්නේ නැතුව සිටි යාළුවා - ඇයි එයාට මොකද වුනේ?

    ReplyDelete
  15. චූ සීරිස් එකක් වගේ....

    අපෝ ඔය මෙතඩ් එක නම් හරියන්නෙ නැහ. ඔය හොඳට බීල බීල ( බීර ) ආව දාට එපා වෙනවා හික් හික්.

    මටත් ඔය එලාම් සීන් එක තියෙනවා. එක් තියෙනවා...

    අන්තිමට 3 නම පෝලිමට වදිනකොට තමා අමාරුවෙන් ඇහරෙන්නෙ. හපොයි...

    ReplyDelete
  16. අද උදේම ගිය ගමන දැනුයි ආවේ ..ගෙදර ආව ගමන් තමයි මේ බලන්නේ. ඇයි අද උදේ 8ට නෙව කතන්දරේ පබිලිෂ් කරනව කීවේ...

    දැන් කලින් දැනුම් දීලම පිබිලිස් කරන එක හොදා.. දැන් ඉතින් අපිට හැමදාම කතන්දර නැහැනේ....

    මගේ ක්‍රමයට හිනා වෙයි ද දන්නේ නැහැ..හැබැයි ඉතින් හරියටම හරි... හැබැයි දිනපතා අහැරින්න නම් යොදා ගන්න එපා...
    මෙන්න මගේ ක්‍ර‍මය...

    රෑට නිදා ගන්න යන කොට සියල්ල අමතක කරල.. හෙට මට උදේ 3ට ඇහැරින්න ඕන කියල හිතල එකයි.. දෙකයි ...තුනයි කියල හොවයින් ටොකු තුනක් තමන්ගේම ඔලුවට තමන්ගෙම අතින් ඇන ගන්න..

    ෴අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි෴

    ReplyDelete
  17. 4 නම් ටොකු හතරයි..
    5ට නම් ටොකු පහයි හරිද ළමයි....

    කරුණාකර අත්හදා බලල හරිගියොත් එහෙම දිනපතා නමි යොදා ගන්න එපා.. අතුරු ආබාධ සහිතයි....

    ReplyDelete
  18. පුර්ණ සංඛ්‍යා වලට පමණක් යොදා ගත හැකි වීම අවාසියකි ...

    ReplyDelete
  19. බැරිවෙලාවත් 12 ට එහෙම ඇහැරින්න මේ ක්‍රමය යොදා ගන්නාවා නම් දෙවරක් සිතන්න...

    ReplyDelete
  20. @Wath
    ඕක තමයි මගේ අම්මා මට කියා දුන්නු ක්‍රමය. ඒක අපේ ආච්චී ගෙන් අම්මාට ආපු එකක්.

    ඕක හරියටම වැඩ කරනවා. ඇත්තටම කිව්වොත් මට නං ටොකු ඕනැත් නෑ. නිකං හිතලා වෙලාවට ඇහරෙන්න පුළුවන්.

    අවදිවෙන එකයි, නැගිටින එකයි දෙකක් නේ. හයට ඇහැ ඇරුනට ඇදෙන් බහින්නේ කීයටද ක්‍රින එකනේ ප්‍රශ්ණය.

    අද සෙනසුරාදා නිසා ටිකක් නිදාගන්න හිටියා. කොහෙද මේ හාමිනේ දාගෙන සම්මන්ත්‍රණයකට යන්න. ඉතිං, උදේම උන්දැව කෝච්චියට ගිහින් දැම්මා. ආපහු ඇවිල්ලා ඇඳට ගියා කෙලින්ම දහයට ඇහැ ඇරියේ...!!!

    හෙටත් දෙන්නං දහය වෙන කං ගේම.

    ReplyDelete
  21. සත්තකින්ම ඒක අවදිවෙන බේතක් විතරයි.. නැගිටින එකක් නෙමෙයි....

    මම නම් ඉතින් නැගිටින්න ඕන 5ට නම්..ටොකු 4යි අනින්නේ.. එතකොට හතරට අවදිවෙලා පෙරලි පෙරලි ඉදල 5ට නැගිටිනවා...

    නැත්තම් අම්ම ඇවිත් ටොකු අනිනකම් ඉන්නව ..

    ReplyDelete
  22. @Wath

    දෙන්න හිතෙනවා ටොක්කක්....

    මං නං පහමාරට, කතරහාමරට ඇහැරිලා තියෙනවා ටොකු බාගයකුත් අන්තිමට ඇණ ගෙන.

    ReplyDelete
  23. පොඩි ටියුබ් ලයිට් ප්‍රශ්නයක්... මේක නෝටි කතාවක් වෙන්නේ කෝමද???

    ReplyDelete
  24. @ වත් අක්කී.....

    මාත් ඔය කතාව අහල තියේ....ඒත් කරලනම් නෑ....අක්කි කියපු නිසාම කරල බලන්න ඕනි.වැඩේ අවුල් වෙලා වයර් මාරුවුනොත් අක්කිලා ඉන්න දිහාවට(අංගොඩ ;-) ) නිකන්ම එන්න පුළුවන්.එතකොට කෂ්ටියටම එකතුවෙලා බ්ලොග් ලියන්න බැරියැ....

    ම්ම්ම්....ටොක්ක නැතුව කරල බලල නැද්ද...මම ඒ ක්‍රමෙත් අහල තියේ.රෑට ඇදට යද්දි හැමදෙම අමතක කරලා මම 4ට(නැගිටින්න ඕනි වෙලාව) නැගිටිමි කියලා නිදාගත්තාම ඒ වෙලාවට ඇහැරෙනවලු...මම මෙකත් කරල බලන්න ඕනි..

    මම සියල්ල අමතක කලෙමි.හෙට උදේ 10 ඇහැරේවා..... ;)

    ReplyDelete
  25. මටත් මේ උදෙන්ම ඇඳෙන් බැසීම තමයි එකම ගැටළුව. මම ඉතාම කුඩා නින්දවල් [ඩෙල්ටා නින්දවල්] දාන්න පටන් ගන්නවා පාන්දර හතරෙන් පස්සේ. ඒවා අතිශය ක්ෂුද්‍රයි. සමහර දවසට උදේ හතරට නැගිටලා ඔ‍රලෝසුව බලලා , මහ විසාල නින්දක් හීන සමගින් ආයෙම ලබලා, ඇහැරිලා ඔරලෝසුව බලද්දී හතරයි දහයයි. මට මළ පනින්නේ එතකොට.

    ආයෙම ඩෙල්ටා නින්දක් දාලා නැගිටින කොට හයයි තිහයි. අන්න එතකොට තමයි නියම මළ පනින්නේ!!!

    ReplyDelete
  26. @කොඩී
    ඒකමනේ මටත් තේරුනේ කතන්දරේ අන්තිමේදී, මේක ඇත්තටම චූ කතාවක්.

    නෝටි කතන්දරේ තමයි මේකේ දෙවෙනි කොටස. සඳුදා උදේ අටට බලන්න.

    ReplyDelete
  27. @ගණිතයා
    ඔන්න ඔය ඩෙල්ට ටී එක ශූන්‍යට සීමා කරල දාන්න මෙයා.

    ReplyDelete
  28. ඔන්න මම නම් අද ආවේ. මම ඔය මෙතඩ් එක හොඳට විඳල තියනවා. ඒ නිසා වැරදිලාවත් රෑට නම් වැඩිය වතුර බොන්නේ නෑ. ඒවා උදේට බොන්න බැරිය. ඒවගේද නිදාගන්න එක. ආයෙ එක දවසක් හරියට කිදා ගන්න බැරි වුනොත් කොහෙන් ඒක ගන්නද?

    ReplyDelete
  29. ඇත්තටම වත්ගේ ක්‍රමය මාත් අනුගමනය කරනවා. හැබැයි මම නෙවේ ටොකු ඇණ ගන්නේ. සාමාන්‍යයෙන් වෙලාවක් හිතාගෙන නිදා ගත්තම හරියටම ඒ වෙලාවට ඇහැරෙනවා. හැබැයි නිදාගන්න වෙලාව හරියට ප්ලෑන් කර ගන්න ඕන. කලින් නැගිටින්න කලින් නිදාගන්න ඕන.

    ReplyDelete
  30. කට්ටියම හොදට නිදාගන්න දන්නව වගේ.....
    කලින් නිදාගෙන පරක්කු වෙලා නගිටින්නෙ ඉතින් නිවඩු දවසට තමා....
    ටොකු සින් 1ක මට කියල දුන්නෙ අපෙ ආච්චි..
    උදෙ තියන වැඩෙට තියන චන්දුවත් බලපනව නකිටින්න...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.