
මං ටික දවසකට කලින් කියපු රෝස පාට තුවා හදාගන්නා ක්‍රමය කියෙව්ව මතක ඇතිනේ. නැතිනං මෙතනිං කියවන්න පුළුවන්.
ඔය විදියට රෝස පාට තුවා කෙසේ වෙතත්, වෙන වෙන පාට වෙන වෙන ඇඳුම් පැලඳුම් නිර්මාණය කරපු අය ගොඩ දෙනෙක් ඉන්න බව එදා ලැබිච්ච කමෙන්ට්ස් වලින් තේරුණා.
මේ තියෙන්නෙ, ඒ රෝස පාට තුවා ටිකේ ෆෝටෝ එක නැවතත් බලා කියාගන්න.
කතන්දරකාරය රෝස තුවා හදන්න අවශ්‍ය එක්ස්පීරියන්ස් එක ලබාගත්තෙ, ඊට කලින් දවස් දෙක තුනක දි නිල්පාට බ්ලවුස් හෙම හදල කරපු එක්ස්පෙරිමන්ට් වල උදව්වෙනුයි.
මේ තියෙන්නෙ, ඒ වගෙ දවසක ගත්තු ෆොටෝ එකකුත්.

ඉතිං අද මේ ලියන්නේ, එදා රෝස පාට තුවා හදපු සිද්ධියට අදාල සියළුම වලි ෂේප් බව කියන්නයි.
මෙන්න ඒකට හේතු භූත වුනු දේ.
අළුත්ම අළුත් තුවා දහයක්ම! තද දුඹුරු පාට ඒවා හතරයි. ඇත්දල පාට ඒවා හයයි!
වැඩි ගානක් නෑ. රුපියක් තුන්දාහක් විතර තමයි වුනේ තුවා පොට්ටනියම.
අද කතාව ඉවර කරන්නංකෝ වලි ෂේප් වුනු දවසෙ ගත්තු මේ ෆොටෝ එකෙන්.

මෙ කතන්දරේ බලන දුකා ල, බිඟුව ල, ඉන්දික ල වගේ අත්සන් කරපු කොලේ තියෙන අය දන්නවා ඔය උඩ තියෙන පින්තූරෙ වටිනාකම.
අනිත් තනිකඩ හාදයොත් කවද හරි දැනගනී නොවැ!
මහත්තැන්ලා ට යි, වෙන්ට මහතැතැන්ලා ට යි සියළු පිරිමි පරාණ වලට ජයවේවා!
ගෑණු පරාණ වලටත් එසේම වේවා!!
කතන්දරකාරයා
kathandara@blogspot.com
හි.හි ලියලා තියෙන දේ පැහැදි මදි වගේ මන්දා ??
ReplyDeleteඔන්න ඔය වගේ කතා කියද්දි තමයි ඉතිං මට තද වෙන්නේ? මම ඔය කොලේ දැකලා නැහැ නොවැ! ඉතිං තේරෙන්නෙ බාගෙට
ReplyDelete@ Nadun
ReplyDelete@ Buddhi
ළමයෝ ඔය කියන්නේ කසාද කොලේ ගැනයි!
sudhu paata thuwaayak hamba une nadda ,honeymoon ekata
ReplyDeleteඔය කතාව ඉදිරියේදීවෙන හෙඩ්න් එකකිං රිපීට්නොවෙයිද ?
ReplyDelete[said]
ReplyDeleteමෙ කතන්දරේ බලන දුකා ල, බිඟුව ල, ඉන්දික ල වගේ අත්සන් කරපු කොලේ තියෙන අය දන්නවා ඔය උඩ තියෙන පින්තූරෙ වටිනාකම.
[/said]
ඇයි බං කතා බාගෙට කියන්නෙ? සමස්ථ මිනිස් ප්‍රජාවටම තේරෙන්න කියහංකො. කස්ටියකට විතරක් තේරෙන කතා කියවන්න මීට පස්සෙ මේ බ්ලොග් එකට එනවද නැද්ද කියන එක ආපහු හිතන්න වෙනවා.
:S
@ Budhajeewa
ReplyDeleteමෙන්න පැහැදිලි කීරීම - දුකාල, බිඟුවල බැඳපු උං. මං ඒ බව දන්නේ උන්ගේ බ්ලොග් වල ලියන කතා නිසා.
මාත් බැඳපු එකෙක්නේ. ඔය අත්සන් කරපු කොලේ කියන්නේ කසාද සහතිකයටයි.
පින්තූරයේ ඉන්නේ ලව් බර්ඩ්ලා.
කතන්දරයක් කියන කොට ඒකෙ තියෙන හැම දෙයක්ම හැන්දෙන් පෙවෙන්න ලියන්න මගෙ අදහසක් නෑ.
තම තම ණැන පමණින් දැන ගත යුතු!
මේක කිව්වේ (නොබැඳපු) ඔබ වැනි තරුණ අයට පොඩි අසාධාරණයක් වුනා කියල තේරුණ නිසයි.
දැන් ඔය සිංහ ජෝඩුව ගෙ පින්තූරෙන් මං කියන්න හදල තියෙන දේ තේරුණා නේද? ෆොටෝ එකත් දාල ඒක විස්තර කරන්නත් උනොත් ඉතිං අපේ මොලේ පුස් කයි නේද?
තවත් පොඩි කාරණයක්. පික්සාර් ලගෙ, ඩිස්නි ලගෙ අළුත් කාටූන් චිතය පටි දැකල තියෙනව නේද, කාර්ස්, අප් වගේ. ඒව බලන පොඩි අයට නොතේරෙන, ලොකු අයට ලියල තියෙන කතා, විහිළු කොච්චර තියෙනවද?
කතන්දරකාරයා
අනේ මංද ඇත්තටම අපි බැඳලද ආ.. ;)
ReplyDeleteකතාවනම් සිරා ... හැබැයි මම නම් ඔය සුදු ටවල් සීන් වලට නම් කැමති නෑ ... ලොල් ... අර කිව්ව වගේ කතාව හැන්දෙන් පොවන්න ඕනෙත් නෑ
ReplyDeleteමට පේන ප්‍රශ්නය ඒක නෙමෙයි... කතන්දර ඇයි sofa එක උඩ තුවා තියන්නෙ කියන එක... ඕක දැක්කොත් ආයෙත් සිංහ ෆොටෝ එක වගේ වෙන්නත් බැරි නෑ හාමිනේ....
ReplyDeleteහිහි ජය වේවා කතන්දර අය්යටත්... :)
ReplyDeleteකොලේ නැතත් කතාව නං තෙරියමා...
ReplyDeleteඋපදෙසක් විදියට මතක තියාගන්නංකෝ..