
මෙන්න කතන්දර බ්ලොග් එකේ නිර්ණාමික පාඨකයා ලියල එවපු තවත් කතාවක්.
මෙයාම තමයි කලින් ලියල එව්වේ:
1. පාප මිත්‍ර චූ කතන්දරය
2. ඇවරිය එලියේ කතන්දරය
ඉස්සෙල්ලා මේක කියවලා බලමුකෝ.
===============================================
කතන්දර බ්ලොග් එකේ ගිය පාඨශාලා පරීක්‍ෂක කිරි බීපු කතන්දරය බැලුවාට පස්සේ මට මේ කතාව ලියා එවන්න හිතුණා.
මීට අවුරුදු ගාණකට කලින් පත්තරයක තිබුණා එක මනුස්සයෙක් තමන් ගේ ළමයාට බොන්න දෙන්න තියෙන කිරි ටික බීලා උදේ වැඩට යනවා කියලා. ඉතිං මේ ළමයාගේ අම්මා අන්තිමට පොලීසියට ගිහිල්ලා. පත්තරේ වැටුනේ ඒ නිසයි.
ඉතිං ඒ නිවුස් එක පත්තරේ තිබ්බ දවසේ හවස මගේ යාළුවෝ කට්ටියක් පොඩි අඩියක් ගහන්න හොටේල් එකකට සෙට් වෙලා.
මෙතන බොස් ලා, ගෝලයෝ, ඩ්‍රැයිවර් ලා, පියන් ලා, එකී මෙකී නොකී හැමදෙනාව ඉඳලා තියෙනවා.
දැන් ඔන්න හැමෝටම හොඳ පදමට වැදිලා.
මේ අස්සේ එකෙක් මතක් කරලා තියෙනවා අර පත්තරේ තිබ්බ කතාව. එතකොට හොඳටම වැඩි වෙලා හිටපු පොරක් (සුනිල් කියල කියමු) කිව්වලු:
"අයියො බොස් ඕක මොකක්ද මාත් බීල තියෙනවා!"
දැන් අනිත් අය කට අතින් වහගෙන හිනාවෙනවා.
එතකොට බොස් අහනවා:
"ඕව මොන රහද බං?"
එතකොට සුනිල් කට අරින්නත් කලින් එතන හිටපු වෙන පොරක් (නිමල් කියල කියමුකෝ) කිව්වලුඃ
"අනේ මෙලෝ රහක් නෑ බොස්!"
වෙරි පිටම සුනිල් ගෙයි නිමල් ගෙයි දෙන්නගෙම වැඩ අතේ මාට්ටු වුනේ එහෙමයි.
සති ගාණක් යනකං පොරවල් දෙක ඔෆිස් එකේ අයට මූණ දුන්නෙම නෑ. ඔෆිස් එකත් මෙලෝ රහක් නැතිව ඇති.
=======================================
මේ කතාව දැකලා මට ආවා පොඩි ප්‍රශ්ණයක්.
නිමල් කතා කලෙත් සුනිල් සුනිල් බීපු කිරි ගැනම නේද? නැත්තං පොර කොහොමද දන්නේ ඒ කිරි මෙලෝ රහක් නෑ කියලා?
කතන්දරකාරයා
ප/ලි:
කැලණි පාලම වේදිකා නාට්‍යය බලපු අය ඉන්නවා නං මතක ඇති නේද අර බර කීයද කියල ප්‍රශ්ණයක් අහන තැන. මට පේන්නේ මේකත් ඒ ජාතියේ සීන් එකක්!
ඔය අහුවෙන්නේ කතන්දරත් මෙලෝරහක් නැති කිරි බීලා කියලා. අහෝ අපේ කසූ :)
ReplyDeleteකතන්දර කතා කලෙත් සුනිල් බීපු කිරි ගැනම නේද? නැත්තං කතන්දර කොහොමද දන්නේ ඒ කිරි මෙලෝ රහක් නෑ කියලා?
ReplyDeleteනියම කතාව! නිමල් ගෙන් අහන්න නේ තිබ්බේ එක ගැන!
ReplyDeleteඅවුරුදු 2ක් O/L වලට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නකොට කතා කලාට, මම නම් කවදාවත් කැළණි පාලම නාට්‍ය බලලා නෑ! කියන්ඩත් ලැජ්ජයි!
mekada
ReplyDeletehttp://www.youtube.com/watch?v=kMdaiQG9HME
මම නම් කතන්දර පිටුවට ආවේ ඊයේ, පෙරේදා. තවම පරණ කතන්දර කියවනවා. ම්.....ම් ....නරක නැහැ. යමක් කමක් තේරෙන, පොතක් පතක් කියවල තියෙන ( Catch 22 ගැනත් සඳහනක් තිබුනානේ ), ලිවීමේ පරිචයකුත් තියෙන කතන්දරකාරයෙක් බව පේනවා. comments ඉස්සරහට . ( O/L කරන දුවටත් කියවන්න දෙන්න හොඳද ? )
ReplyDeleteඔය කැළණි පාලම නාට්‍යය එක පාරක් පෙන්නන්න ගෙනාවලු කොළඹ බෞද්ධ පාසලකට (පිරිමි ). නාට්‍යය පටන්ගත්තට පස්සෙ ශාලාවෙ තිබුනු ඝෝශාව නතර කරන්නම බැරි උනු තැන විදුහල්පතිතුමාට සිද්ධ උනාලු නාට්‍යය පෙන්වීම නවත්තන්න.
ReplyDeleteඅපෙ අප්පේ... :s
ReplyDeleteහික් හික් එල කතාවක්. ඇත්තටම ඕක කවුරුහරි එවපු එකක්මද?
ReplyDeleteහෆොයි......:)))
ReplyDeleteඅපොයි... දෙන්නම බීල තියෙන්නේ එකම කිරිබෝතලෙන් ද..?
ReplyDeleteඑහෙම එකක් පැහැදිලිවම කියන්නේ නෑ කතාවෙ..
මට පේන්නේ කතන්දරගේ වල් හිතද කොහෙද.. :P
නිලධාරියා: "තමුසෙගෙ බර කීයද?"
ReplyDeleteමිනිසා ඔළුව කසමින් කල්පනා කරයි.
පෝලිමේ පසුපස සිටි කෙසඟ ගැහැණියක්: "එකසි..ය පන..හයි කිය..ල ලියා.. ග..න්ඩ."
නිලධාරියා: "තමුසෙ කොහොමද ඒක දන්නෙ?"
ගැහැණිය: "එ...යා.. ඉ..න්නෙ අ..පේ... ගෙ.වල්.. ගා...ව."
මේ සිරාවටම අහන්නේ... ඇත්තටම ඔය කිරිවල මෙලෝ රහක් නැද්ද?
ReplyDeleteහික් හික් උන් දෙන්නට ඇපත් නැහනේ... ඇත්තටම මෙලෝ රහක නැද්ද ?? හික් හික්
ReplyDeleteනිමල් කතා කලෙත් සුනිල් සුනිල් බීපු කිරි ගැනම නේද?
ReplyDelete;-)
හෆොයි...
ReplyDeleteමමත් දන්න කෙනෙක් ඉන්නවා ඔයවගේ උදේට කිරිබීල යන කෙනෙක්.
ReplyDelete(මොන්ටිසෝරි)
කේ ජයතිලකගේ කෙයිකතාවකත් මේ වගේ කතාවක් තියෙනවා මට මතක හැටියට. අර නුවරදී ගෑනු කෙනෙක් එක්ක යන කතාව.
ReplyDeleteප්‍රතිචාරවලට ස්තුතියි. හෙට අළුත් කතාවක් දාන්නයි ඉන්නේ!