
කතන්දර බ්ලොග් එක පටන් අරං තාම අවුරුද්දයි ගිහින් තියෙන්නේ. මිනිස් පරිමානයෙන් ගත්තොත් තාම අත-දරු වයස. නමුත් ජංජාල මිණුම් දංඩෙන් නම් මේක කල්පයක් විතර කාලයක්.
මං මේ බ්ලොග් එක පටන් ගත්තේ, සැහැල්ලු භාෂාවකින් සරල කතන්දර ටිකක් හැමෝම එක්ක බෙදාගන්නයි.
මං මගේ ඇත්ත නමින් වෙනත් විවිධ නිර්මාණ කලාට, ඒවා මේකට ගෙඩිය පිටින් අතහරින්න මගේ අදහසක් නෑ. මේ ලියන කතා, මේ භාෂා ශෛලියෙන් ලියන්නත් පොඩි වෙහෙසක් ගන්න ඕනෑ. නමුත් වියරණ ගැන අවුලක් නැති හින්ද වැඩේ සම්ප්‍රදායික රචනා ශෛලියට වඩා පහසුයි.
මේ සේරම කිව්වෙ මං මේ ලඟදි කියවපු හොඳ බ්ලොග් එකක් දැනට ඒක දැකලා නැති අයට අඳුන්වා දෙන්නයි.
මෙන්න ඒක: http://reargate.blogspot.com/
බය නැතුව බලාපොරොත්තු තබාගත හැකි බ්ලොග් එකක් කියල කියන්න පුළුවන්, මේකෙ අඩංගු සටහන් ලියවිලා තියෙන භාෂා ශෛලිය සහ ඒවායේ අන්තර්ගතය විශ්ලේෂණය කලහම. ටොප් ක්ලාස්.
කෙටි, සරල නිර්මාණ තුලින් උසස් ගැඹුරු රසවින්දනයක් ලබාගන්න කැමති අය අනිවා මේක බුක්මාක් කරගන්න. නැත්තං රීඩර් එකට දාගන්න.
යූ වොන්ට් ගෙට් ඩිසපොයින්ටඩ් ඇට් ඕල්. (හැබැයි ඒ මෙයා දිගටම ලිව්වොත් තමයි!)
කතන්දරකාරයා
අපේ කසූ විවරණ දුන්නොත් ආයි අහන්න දෙයක් නැහැ ඉතින් :) මාත් එක දවසක් ඔය බ්ලොග් එක පැත්තේ ගියා කියලා මතක් වුණා ඒ බ්ලොග් එකට ගියාට පස්සේ
ReplyDeleteඔත්තුවට ස්තුතියි.. ඔන්න මමත් පස්සෙන් වැටුනා..
ReplyDeleteඒක පස්සෙනුත් දුවන්න ඕනෙ
ReplyDeleteඅපිනමි කොහොමත් ඒක පස්සෙ
ReplyDeleteමමත් යන්න කියලා.....
ReplyDeleteඇත්තටම් ඔව් ඒ ලියන ශෛල්‍ය...මේ ටික දවසට උනත් ලියපු දේත්..සිත් ඇද ගන්නා සුළුයි..!!
ReplyDeleteඅපි නම් දැනටමත් පස්සෙං ඕං.....:D
ReplyDeleteමං කැමතිම අර පිස්සු චිත්‍ර ශිල්පියා ගැණ සටහනටයි.
ReplyDeleteබලමු අපේ රචකයා දිගටම ලියයිද කියලා.
මමත් ක.සූ කියන්න කලින් එහෙට ගොඩ වැදිල තියෙනවා, දැං ඉතිං ඕං පස්සෙන්ම වැටුනා.
ReplyDelete