
මේ කතාව ලියලා එව්වේ නම කියන්න කැමති නැති පාඨකයෙක්. ගමේ පොරක් කියලා විතරක් කියන්නම් කෝ.
පොරම තමයි අර මං ලියපු චූ කතාවක් දැකලා පොරගේ චූ කතාවක් මට ලියලා එවලා, ඒකෙන් පාප මිත්‍රයෝ හතර වර්ගය ගැන අපි බණ දහම් කතා බහකට පෙලඹුනේ.
එහෙම බලන කොට මෙයා අපේ කල්‍යාණ මිත්‍රයෙක්!
මෙන්න කතාව.
========================================
ඔය අපේ ගම්වල ගොයම් කපලා ඉවරවෙලා කමතට ගේනවනේ ගොයම් මඩවන්න. ගොයම් මැඩෙව්වාට පස්සේ වී හුලං කරන්න ඕනෑ. ඒ කියන්නේ තියෙන බොල් වී අයිං කරලා හොඳ වී ටික පැත්තකට ගන්න එකයි.
මේ වැඩේ කමතේම කරගන්න අපේ ගම්වල හදනවා අවෙරිය කියලා එකක් උණ ගස්වලින්, කණු තුනක් බිමට තියලා. මනුස්සයෙක් ඒක උඩට නැගලා හුලඟ එන වෙලාවට චූටි කුල්ලකින් වී ටික බිමට හලන කොට බොල් වී හුලඟේ ඈතට යනවා.

අර අමරදේවගේ සින්දුවකුත් තියෙන්නේ අජන්තා රණසිංහ ලියපු.
බොල් වී අහුරු වී හුලඟේ ගිය සේම
දීගෙක ගිහින් උඹ මටවත් නොකියාම
කියල.
දවසක් ගමේ කමතක ඔහොම වී හුලං කරනවා. මෙතනට පොඩ්ඩක් විතර ෂොට් එකක් දාපු ගමේ කෙනෙක් ඇවිත් කිව්වා මිනිහා වී ටික හුළං කරලා දෙන්නම් කියලා.
ඉතිං මිනිහා අවෙරිය උඩට නැග්ගා. මේ අවෙරිය අඩි හතක් විතර උසයි.
මිනිහා ඔන්න ඉතිං උඩ. දැන් හුලඟක් එනවා ටිකක් හයියෙං. මිහිහා කිව්වා "ඔන්න කොල්ලෝ හුලඟක් එනවා" කියලා.
හුලඟ ආවා. මිනිහා හුලඟේ සැරට බිම. අවෙරියා එහෙමමයි. අවෙරියා උඩ කොඩියක් දාලා වගේ මිනිහගේ සරම එල්ලෙනවා.
ඉතිං අවෙරිය වැහිලා හැබැයි ඇවරිය එලියේ.
========================================
-කතන්දරකාරයා
(ලබන සතියේ නැවත හමුවෙමු.)
(image - sent in by නම කියන්න කැමති නැති පාඨකයා on 27 Aug 2011)
හෆොයි.........:)))
ReplyDeleteඅපේ පැත්තේ ඉස්සරනම් අති කරකවන ෆෑන් එකකින් ඕක කලේ, නිකන් හුලඟෙන් වී හුලං කරන්වා මන් නම් දැකලම නැහැ. දැන් නම් අත් ට්‍රැක්ටරේ ෆෑන් එකෙන් කරන්නේ. දැන අළුත්ම මැෂින් නම් කපලා හුලං කරලා ගෝනියටත් දාලා දෙන්නේ එක පාරම
ReplyDeleteෙම්කට අහුවුනාෙත් අැවරිය කැපිලම යයි ගොයිය
Deleteමම ඔය වචනේ අද තමා දැනගත්තේ. ඕක දැකල නම් තිබුනා TV එකේ එහෙම. අපේ පැත්තේ ඉස්සර ඕක කලේ වී ටික බිම විසිරුවා කුල්ලකින් හුලං ගහනවා. මදැයි වී හුලං කරන්න ගිහින් වත්කම් හෙලි වෙලානේද?.
ReplyDeleteහැමදාම ලියනවට වඩා,ඉඳල හිටල ලියන එකෙත් නියම අගයක් තියෙනව.
ReplyDeleteමාත් දැකල නම් නැහැ අඩි හතක් උස ඉඳන් ස්වභාවික සුළඟෙන් වී හුළං කරනව.සමහර විට මේවා ගමෙන් ගමටත් වෙනස් නිසා වෙන්න ඇති.
දැන් නම් ඉතින් ඇග්‍රොමෙට් තියෙනව නේ....පැල සිටවන්න,තෙල් ඉහින්න, ගොයම් කපන්න,හුළං කරන්න හැමදේටම..
අනික දැන් මොන ගොවියද අමුඩ ගහන්නේ, සරම් අදින්නේ....
කොහොම වුනත් අද දවසම හොද වෙයි වගේ....
හපොයි වෙලා තියෙන දෙයක්.
ReplyDeleteඅද නම් කතාවට පින්තූරෙ නියමෙට යනවා. හික් හික්...
ReplyDeleteහිකිස්
ReplyDeleteහෆ්ෆා....එලම තමා :DDDDDDDD
ReplyDeleteවිලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ නෙව! :D
ReplyDeleteහෆොයි..!!
ReplyDelete:D
හික් හික්.. ඇවරිය.. එළටම තියෙන්න ඇති
ReplyDeleteඅනේ මන්දා... බොල් වී ටිකක් වත් අරං ඇවරිය වහල දැම්මනං හරි, නැත්නන් පොරට වස ලැජ්ජාවයි.
ReplyDeleteහික් හික් හික්... ඇවරියම එලියෙ...
ReplyDeleteමමත් දැකල නැහ ඔය විදියට වී හුලං කරනවා.. දැන් නම් කොහෙත්ම දැක ගන්න නැතුව ඇති... ඔක්කොම වෙනස් නෙ දැන්.
හපෝයි......එක පුලියේ :/
ReplyDeleteසිරා සින් එක නේ ඇවරිය එලියේ..හේ ..හේ..
ReplyDeleteඅර හොර පොල් කඩන්න රෑ ගහට ගිය මිනිහව මතක් උනා. අර පල්ලෙහා ඉන්න එකාට ටෝච් එක දීල වල්ලට ටෝච් එක ගහන්න කියපු කතාව.
ReplyDeleteතවම අපේ පැත්තෙ සමහර තැන්වල මේවා දැක ගන්න පුලුවන්. හැබැයි පණ්ඩිතයන්ටනන් මේක උඩ ඉන්න බෑ. මාත් ඔය ඩැඩේ කරල තියෙනව.
ReplyDeleteබිපෙසි :) :) :)
ReplyDeleteඅද Sociology lecture එකේදී සර්ත් මේ වගේ කතාවක් කිව්වා. ඒක දාන්නම්කෝ බලන්න.
හොද වැඩේ යටට අදින්නෙ නැති උන්ට හිකිස් :D :D :D :D :D :D
ReplyDeleteමේ කියන පළාතෙ හැම දේම වෙනස්නෙ බලං යනකොට. අපේ ගම් වල නං වී හුළං කරන ක්‍රෙමෙත් වෙනස්, ඇවරියට ඇති කෙසෙල් ගෙඩි ගානත් එකට වැඩියි,අනික ගෙඩියක් මිස ඇවරියක්ම තීන මිනිස්සුත් නෑ.
ReplyDeleteමේකනං මාර පැත්තක්නෙ යකඩෝ..
මේ කතන්දරේ ගැන පොඩි පැහැදිලි කීරීඟක් කරන්න අවශ්‍යයි.
ReplyDeleteනම නොකියන ගමේ පොර මට ලියා එවූ කතාව මං ආපහු සිංහල අකුරෙන් ලියන කොට කෑල්ලක් දෙකක් අතින් වැටුණා.
ඔය අමරදේවගේ සින්දුව එකක්.
ඇවරිය එලියේ කියන කට කැඩිච්ච කතාව අනික.
ඉතිං අදහස් දැඛ්වූ සැඟටම වෙනදා වගේම ස්තුතියි.
ලබන සතියේ හමුවෙමු.
chike wal kathawak neda :D
ReplyDeleteඅහා! මගේ "විංශෝත්තරී ගණිතෙට" දාපු කොමෙන්ට් එකට ස්තුති කරන්නයි ආවේ නමුත් රවිගේ කතාව පට්ට පරණ වෙලා නේද? ග්‍රහමාරු ගැනත් එහෙමයි. එවුවට කොමෙන්ට් දාලා වැඩක් නැති නිසා ස්තුති කතාවක් කරල මම මාරු වෙන්නම්.
ReplyDeleteගණිතයා බලන්ට ආවාට ස්තුති වේවා!