
මේ ලඟදී දවසක අපේ ටැබූ සර් දාල තිබුණු ලියවිල්ලක් දැක්ම මට එක පාරටම හිතුනේ පොර ඒක ලියල තියෙන්නේ කේන්තියෙන්ය කියලයි.
"Take a deep breath mate, before you start writing!" කියල මං ටැබූට පොඩි ඇඩ්වයිස් පාරක් දුන්න.
පොර ඒකට උත්තර බඳින ගමං කියාපි, කේන්ති පිට ලියල ඒ ආවේගයත් එකතු කරගන්න ඕනෑ කියල ලියවිල්ලට.
එතකොටයි මට මතක් වුනේ බොලේ මාත් කේන්තියෙන් ලියපු දෙයක් තියෙනව නේද කියල.
මෙන්න ඒක.
අවසන් පැතුම
තෙත සිඳුණු නුඹ හදේ මට ඉඩක් නොදුන්නැයි
නැත මගේ තුන් හිතක නොහොඳ බිඳුවක් ලඳේ
කතර දිවි ගත කරන අතුරු සැණ ගෙවී ගොස්
මතකයෙන් සිහින සුව ගිලිහේවි හෙට උදේ
සිත සලිත වූ එදින මතක පොත ගිණි තබා
ගත පෙලන හිරු ලෙසින ඇයිද නුඹ හිනැහුනේ
ගිණි සිසිල අකැප කල මගෙ අඳුර මට හොඳයි
හද කොණෙන් පිට වෙයන් ඇණෙන කටු විස ගෙනේ
දිවි සයුර කෙලවරේ හිරු බසිණ මතු දිනේ
පව් නොකළ මගෙ සිතට වරද නැත කිසි කලේ
හැරමිටිය අතට ගත් දිනක යලි මුණ ගැසී
සසර මතු හමු නොවන ලෙස ගිවිස ගමු ළඳේ
කතන්දර බලන සමහරු නං කවිවලට කැමති නෑ. ඒත් කවියෙන්ම දිවි ගෙවන වත් (සොඳුරු සිත) සහ සචී (සිතුවිලි) වගේ අයත් ඉන්නවා.
කවි කැමති නැති අයට වුනත් මෙතන ලොකු කතන්දරයක් තියෙනව. මට තියෙන්නේ කවි පදවල ඉඳලා පරණ කතන්දර වලට ලින්ක්ස් දෙක තුනක් දාන්න විතරයි.
ඇහැක් අය ඔහෙලාම දාගන්නකෝ!
කතන්දරකාරයා
ප/ලි:
හෙට කතාව: පල්ලං පොල්ල. දුක හිතෙන එකක්.
හප්පා.. ෆුල් ගේම නේ!
ReplyDeleteඔය කොයි එක ගැනද කියන්නේ. අර පරරක්‍ෂ විජාණන ඥාණය ගැන එක වත්ද?
ReplyDeleteසැර වැඩිද මන්ද....
ReplyDeleteගුණදාස කපුගේ මතක් වුනා මට...
ReplyDeleteඒ ගීතය අහන කොට මට නම් හරිම බයක් හිතෙනව... හ් ගීතය ලියන්න ඇත්තෙත් ආවේගයෙන් වෙන්න ඇති....
මමත් ලිපි කිහිපයක්ම ආවේගයෙන් ලියල පෝස්ට් කරල තියනව... බ්ලොග් එකට පෝස්ට් කරල ඉවර වෙලා ආපහු කියවල බලල මකල තියෙනව...
මම නම් හිතන්නේ.. පිට කර ගන්න බැරි තරම් තරහක් ආවම කරන්න ඕනි හොදම දේ ලියන එක.. ඊට පස්සෙ කියවල තමන්ටම තමන් තේරුම් ගියහම මකල දාන්න එක්කො පුච්චල දාන්න. කාටවත් අහුවෙන්න නම් තියන්න එපා රජෝ......
තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
බලන්න බය හිතෙන්නෙ නැද්ද කියල....
ආහ් ... කතන්දර
ReplyDeleteබූට් එක නම් ලස්සනයි.....
ඔය බූට් සපත්තු ඇණ ඔක්කොම එකයි...කන්න කන්න ඕනෑ වෙනවා.....:D.
ReplyDeleteඅනේ... බූට් එකක් නේද?
ReplyDeleteකතන්දර සූරයෝ, මටනම් මේ කවියෙන් පේන්නෙ බූට් එකක් නෙවෙයි . . . අහල බෑ කියපු වගේ සීන් එකක් . . . . සමහර විට මම වැරදි වෙන්න පුළුවං ඕං, කොහොමත් මම ඔය කවි සම්භන්ධයෙන් ටිකක් අවුල් . . . මේ ටිකකට කලිනුත් රන්දිල් නගා දෝසෙ මුරයක් දැම්මා එයාගේ කවියක් වැරදි විදිහට තේරුම් අරගත්ත කියල . . . !
ReplyDeletehttp://ranrandil.blogspot.com/2010/07/61.html
මටත් පේන්නෙ බෑ කියලා වගේ,,,,,,,,
ReplyDeleteමටනම් හිතෙන්නෙ බූට් එකක් වගේ... එහෙම නේද?
ReplyDeleteමේකෙ වස් යන්න පස්සෙ සෙත් කවියක් ලියන්න සිදුවීමකුත් උනානෙ. කෝ ඒ කවිය?
ReplyDeleteමේ විරහව සහ බූට් අතර තීන සම්භන්දය ගැන මොනාහරි අදහසක් තීනවද?
නිකන් බැ(ග්) වගෙ උත්තරයකට දිපු රිටන් 1ක් ද කොහෙද..
ReplyDeleteහැබැයි බෙරුනා වගෙ පොඩි හැගිමකුත් මට අව....
තව සිංන්දු කැල්ලක් තියෙන්නෙ...
"මතු යලිත් ඔබ මනෙතු අබියස වැරදි හො හමුවනු එපා.." කියල..
පව් අනේ...........
කවි සෙට් 1ක නම් මරු...
මටත් මතක් වුණේ කපුගේ තමයි...හැබැයි වත් ට මතක් වූණු සින්දුව නෙමෙයි...
ReplyDelete'ඔබෙ හද මඬල කටු යහනකි පබාවතී..
මගෙ හද මඬල මල් යහනකි පබාවතී..
කටු යහනේ ඉන්නට බෑ පබාවතී...
මල් යහනෙන් බැස පලයන් පබාවතී...'
සුචරිත ගම්ලත් ඔය සින්දුවට විචාරයක් ලියලා තියෙනව "අපි නම් මොනව උනත් අහිමි පෙම්වතියට 'පලයන් පලයන් ' කියන්නෙ නෑ" කියල. ඒත් වණේ වේදනාව දන්නෙ කොටන කපුටා මිසක් තියෙන හරකයැ,;) නේද කතන්දර?
මගේ කවිය මංම නිර්වචනය කරන්න යන්නේ නැහැ.
ReplyDeleteඅදහස් වලට ස්තුතියි.
හෙට පල්ලං පොල්ලේ කතාව.