
කතන්දර දෙ-සීයකටත් වැඩිය ලියල මං කතන්දර සීයෙක් වෙලා ඉන්න නිසා මං ලියපු කතන්දර වලින් හොඳම එක මොකක්ද, ජොලිම එක මොකක්ද, අලම එක මොකක්ද, වාතම එක මොකක්ද යනාදී වශයෙන් මං කල්පනා කළා, අද නාන කාමරේ ඉන්දැද්දී.
මට හිතෙන විදියට නං මෙන්න මෙහෙමයි.
හොඳම කතන්දරය - ලෝ කට් බ්ලවුස්
ජොලිම කතන්දරය - කතන්දරකාරයා ගේ මහන දිවිය
අලම කතන්දරය - යුධ බිමේ අත්දැකීම් - මේක බහුතරයකට තේරුණේ නෑ. අඩු වශයෙන් කතාවට උඩින් තියෙන පින්තූරය වත්!
වාතම කතන්දරය - මාස දෙකෙන් වැඩේ පබා වෙයිද? වුනේ නෑනේ තාම.
කතන්දරකාරයා
ප/ලිඃ අද අලුතින් කතන්දර ලියන්න වෙලාවක් නෑ. අර බෝල බෝල මැටි වැඩේ පොඩි රාජකාරියක් තියෙනවා!
බෝල බෝල මැටි වැඩේ ඉක්මනින් ගොඩ දා ගන්න.
ReplyDeleteකසූගේ තේරීම ටික නම් අම්මපා අමූලික ඇත්ත........
ReplyDelete@Praසන්ள
ReplyDeleteමෙන්න මෙයා බණ ටෝකිං. තාම මේ උලුවස්සක් හොයනවා. මැටි බෝල කරන කාළෙ වෙන කොට හොඳ පණ යයි.
@Hasitha
අල කතාව (යුධ බිමේ අත්දැකීම්) විතරක් නෙමේ, මං ලියපු "මල්ටි ලේයර්" කතන්දර හැම එකක්ම පාහේ බහුතරයකට ටියුබ් ලයිට් වුනා.
එක්කෙනෙක් බෝරිo කියනව, තව කෙනෙක් පට්ට කියනව එකම කතාවට.
අලම කතන්දරේ මේකලු ඉතින්.
ReplyDeleteනම නං දාන්න බැහැ, කතන්දරතුමා සුදුපාට කතන්දර වෑන් එකක් එව්වොත් කතන්දර විවේචනය කරනවා කියල... හික් හික්
කතන්දරයට අධිපති වූ කකා තුමෙනි, කතන්දරයක් ''අල'' වීමට හා ''එල'' වීමට මූලික වන හේතු කාරණා පැහැදිලි කර දෙනු මැනවි - මීට, ඔබේ පාඨක බුද්ධි පෝතක
ReplyDeleteමැටි බෝල කරන්නත් කලිංම උළුවස්සක් හොයනවද..?? කකා ඔයා මාර පොරක්නෙ.. :)
ReplyDeleteපලි: ඒක ඇහුවම මට පරණ කතාවක් මතක්වුනා. අපි හැමෝම ඉතිං කොල්ලො කාලෙ ෆන් එකේ ඉන්න කස්ටියනෙ වැඩිය ජීවිතේ ගැන බරක් පතලක් නැතුව. ඉතිං ඔහොම ඉන්නකොට වයසක අංකල් කෙනෙක් දවසක් කියනවා (පැහැදිලි ඉරිසියාවට) "දරුවො ඔහොම හැමදාම ඉන්න බෑනෙ ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලක් වෙන්න කල්පනා කරන්න ඕනෙ නේද" කියලා. එතකොට අපේ බුවෙක් කියනවා "දොරක් නං හදලා තියෙන්නෙ අංකල් දැං ඉතිං ගෙයක් තමයි හදන්න ඕනෙ" කියලා..
@Buddhi
ReplyDeleteලෝ කට් බ්ලවුස් එල වුනේ -වැඩි දෙනෙක් බලා සතුටු වූ නිසාය.
යුධ බිමේ අත්දැකීම් අල වුනේ -බැලූ බහුතරයට කතාව තේරුණේ නැති නිසාය.
@ Buratheno
ReplyDeleteඋලුවස්ස තමයි ඉඩම, මැටිබෝල තමයි ගඩොල්!
මට නම් හැමදාම උදේට කතන්දරේ බැලුවෙ නැත්තම් මගේ දවසෙම කතන්දර ඔක්කම අප්සෙට්...
ReplyDeleteකතන්දර කියන සමහර කතා තේරේන්නෙ නැහැ තමයි. තේරේන්නේ නැහැ නෙමෙයි . තම තමන්නේ තරම අනුව තමයි තේරුම් ගන්නේ.
තමන්ගේ මට්ටම් තම්මට්ටම් ලු....
ලෝ කට් බ්ලවුස් එල... ඔය වගේම කතාවක් මම හිරේ ඉන්නකොට ඇතුලෙ එකෙක් කිව්වා.මම අද තමයි කතාව කියෙව්වේ..
ReplyDeleteකුඩුම්බියයි රැකියාවයි අතර තුරේ
ReplyDeleteඉලෙක්ට්‍රොනික් ලියවිල්ලත් ගොතන රඟේ
තවත් තව තවත් ලියනට කතන්දරේ
හැකිවේවා ඔබ තුම හට නිරන්තරේ
//බැලූ බහුතරයට කතාව තේරුණේ නැති නිසාය//
ReplyDeleteතේරෙන්නේ නැද්ද එහෙම නැත්තම් තේරුම් ගන්න කැමති නැද්ද
සමහර කතන්දර නොතේරෙන එක වාසියි - මොකද එවා තේරුනොත් හීන බිඳෙනවා
තම තම නැණ පමණින් වටහා ගත යුතු.
ReplyDeleteහොදම දේ කට්ටිය අදුරගන්න ලැබිම කියලයි මම හිතන්නෙ...
ReplyDeleteඇයි මම සින්හලෙන් ටයිප් කරන 1ක...
ප්‍රියන්තව අදුරගත නිසානේ ...
කතන්දර කියනවා:
ReplyDelete'ලෝ කට් බ්ලවුස් එල වුනේ -වැඩි දෙනෙක් බලා සතුටු වූ නිසාය.'
කවුරු මොනව බලල සතුටු උනාද මන්ද?
කඩේකට ගියත් ලක්ස්ප්‍රේ නෙස්ප්‍රේ රත්ති පෙට්ටි දිහා බලන්න වෙලා තියෙන්නෙත් ටිකක් පරිස්සමින් දැන්
මම නම් හිතන්නේ මේකෙ සාර්ථකත්වය හොඳටම දැනුනේ අර අජරාමර කමෙන්ට් එක නිසා වෙන්නත් පුළුවන්.
ඒ කතාවෙ කතා නායිකාව වූ ගීතිකා කියෙව්වද දන්නෙ නෑ මේ කතන්දරේ.