ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 14 July 2010
මෙන්න මූ පල්ලං පොල්ල දානෝ
අපි පොඩි කාලේ හිටිය තාත්තලාගේ ගමෙන් ලඟම නගරයට යන පාරේ තිබුණ මහා කන්දක්. ඕක නැගල ඉවර වුණාම අපි වැටෙන්නෙ පස්සල කිට්ටුවටයි. ඒ හින්ද ඔය කන්දට කිව්වෙ පන්සල් කන්ද කියල. මේක මාර නැග්මක් තියෙන කන්දක්. බස් පවා මැද්දෙදි ගොරොද්දෙ අදිනව.
ඒ ලෙවල් කරල ගෙදර ඉන්න ගන්ධබ්බ කාලෙ ලයිබ්‍රියට යන්න මං උදේ හවා ඔය පන්සල් කන්ද පැද්ද. සාමාන්‍යයෙන් කන්දක් පදින්නෙ බයිසිකල් එකේ පොල්ලෙ වුනත්, මට ඒ දවස්වල පුළුවන් සීට් එකේ ඉඳලම ඒ කන්ද පාගන්න. අවුරුදු පහකට පස්සෙ මං ඔය දේම කරන්න ගිහින් නං අම්බානක ඇණ ගත්ත.
කන්දක් නගිනවට වැඩිය සාමාන්‍යයෙන් ලේසියි නේ පල්ලම බහින එක. බයිසිකලේක නං යන්නෙ තියෙන්නෙ හැන්ඩල් එක අල්ලගෙන ෆ්‍රී විල් එකේ සයිකලේ අරන් යන්න විතරයි.
හැබැයි පුතෝ බ්‍රේක් ඕනෑ!
කාරෙකක උනත් කන්ද නගින කොට නං ඇක්සලේටරේ උඩ නැගගෙන වගේ ගියාට, ආපු එනකොට නං බ්රේක් ඕනෑමයි.
ඔය බ්රේක් එකට සිංහලෙන් කියන්නෙ පල්ලම් පොල්ල කියලයි.
මං හිතව විදියට ඔය වචනේ ඔරිජින් එක ඇවිල්ලා අර කරත්ත වල රෝද වලට යටින් දම්වැල් දෙකකින් එල්ලිලා එන පොලු දෙකයි. මේ පොලු දෙක තමයි කරත්තේ බ්රේක්.
කරත්තේ කන්දක උඩට යනකොට මේ පොලු දෙක පස්සෙන් ඇදීගෙන එනවා. හැබැයි කරත්තෙ බැරිවෙලාවත් පස්සට යන්න ගියොත් රෝද නවත්ත ගන්න පුළුවන් මේ පල්ලම් පොලු වලට හරියට අර කූඤ්ඤයක් වගේ වැඩ කරලා.
ගොනා අමාරුවෙන් කරත්තෙ කන්ද උඩට ගෙනිච්චට, කන්දෙන් පහලට බහින කොට ඒකෙන් කිසිම වාසියක් නෑ. ගියාටත් වඩා හෙමින් එන්නයි වෙන්නේ. කරත්තේ ඇවිල්ලා ගොනාවත් යට කරගෙන යන්න පුළුවන්.
කන්ද උඩට යන කොට ෆුල් ඩම් එක දාගෙන අද්දලා, පල්ලම් බහින කොට ඒ විභව ශක්තියා චාලක ශක්තිය බවට පරිවර්තනය කර නොගෙන බ්රේක් මෝඩ් එකේ එන්න විමත් මහා ගොන් කමක් තමයි.
මේ සේරම කතා ඇද බෑවේ පොඩි කාරණයක් කියන්නයි.
අද පටන් කතන්දර බ්ලොග් එකට පල්ලං පොල්ලක් දමනු ලැබේ!
එනම්, පෙබරවාරි අග සිට කරගෙන ආ දිනකට එකක් කතන්දර පෝස්ට් දැමීමේ දේවකාරියට අද සිට පොඩි විවේකයක් දෙමි.
මගේ අදහස සතියකට එක කතන්දරයක් පමණක් දාන්නයි.
සතියේ මැද අතුරු කතාවක් කියන්නට කාලය හොයා ගන්න පුළුවන් වේවි.
මෙන්න මගේ මූලික අරමුණු.
1. මද විවේකයක් ලබා ගැනීම
2. පටන් ගෙන ඇති වෙනත් ව්‍යාපෘති සඳහා කාලය හොයා ගැනීම
3. "ටිකයි - හොඳයි" තියරිය හරිද කියා ටෙස්ට් කර බැලීම
4. ලැබෙන කමෙන්ට්ස් වලට පිලිතුරු දෙන්නට අදට වඩා කාලයක් හොයා ගැනීම
දුක හිතුන අය ඉන්නව නම් අත් ඔසවන්!
-කතන්දරකාරයා
ප/ලි:
හෙට අනිද්දා සිට මට ලැබී ඇති පාඨක කතන්දර දෙක තුනක් දැමීමට අදහස් කරමි.
Subscribe to:
Post Comments (Atom)
මෙන්න මම අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම ඉස්සුවා! :(
ReplyDeleteමමත් අත් ඉස්සුවා..
ReplyDeleteපාලුවක් දැනෙයි අපට.. කමක් නෑ හැබයි.. ඔයාගේ වැඩත් කරගන්න එපැයි.
ඉහි ඉහි ඉහි .....
ReplyDeleteමොනව කරන්නද? මයි බ්ලොග් යුව(ර්) කොමෙන්ට් කිව්වලු.
ඒ වුනාට නවත්තන්නේ නෑනේ
කමක් නෑ අපි බලමු ටිකයි හොඳයි තියරිය කොහොමද කියලා.
ඇත්ත දිගටම කතන්දර වල රසය පවත්වාගෙ යන්න නම් හොඳ සැලසුමක් ඇතිව ලියන්න ඕන. වැඩ වැඩි වෙනකොට හැමදාම ලියන්න ගිහින් රසය අඩුවෙන්න පුළුවන්.
අපෝ ඒ මොකදෑ ඒ....:(....
ReplyDeleteඅපිට අද බොරුවක් කිව්වද මන්දා
ReplyDeleteමම නම් කැමතියි ඒ වැඩේට....
ReplyDeleteඑතකොට තමයි ටිකක් අගේ වැඩි.... :D
එහෙනං දැම්ම නේද පල්ලම් පොල්ලක්
ReplyDeleteටිකයි , හොඳයි තියරිය හොඳ ඇති,, ඒත් ඉතින් අපි මොකද කරන්නේ? බ්ලොග් එක ක.සූ ගෙනෙ නේද?
ReplyDeleteමැරෝ කියපු එක ගැන හුඟක් හිතල වගේ නේ..
.මේ තරම් දුක හිතෙන කතාවක් ක.සූ දැම්මමයි
මේක අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණයක්....මම මාරාන්තික උපවාසයක් කරනවා.....
ReplyDeleteනෑ එක්කෝ කමක් නෑ......
හැබැයි ඔන්න මම නම් අත උස්සන්නෑ...වැඩේමයි...හැබැයි අත් දෙකම උස්සනවා......
හිහී හිහී
මට දැනුයි අර එක දවසක් දාපු අයිස් කැට වල තේරුම දැක්කේ. . . . කතන්දර සූරියා අයිස් පාරක් ගහන්න වගේ යන්නෙ . . . . මෙහෙ ළමයි අනාථ කරල . . !
ReplyDeleteටිකයි හොඳයි තියරිය නම් හොඳයි. ඒත් නවත්තන්නෙ නැතිව ඒ ටික දිගටම කරගෙන යන්න.
ReplyDeleteකලු වළාවෙ රිදී ඉරක් තින්න නිසා අත උස්සන්නෙ නෑ. කොහොමත් උලුවස්සක් හොයාගන්න, මැටි බෝල කරන්න වගේ ඔහේගෙ වැඩ කරල දෙන්න අපි එන්නෙ නෑනෙ නිකං මෙතන ඇවිත් කටින් බතල කොලයක් හිටෙව්වට.
ReplyDeleteඅර මං කිව්ව ඉර රිදී නොවෙ රන් වෙවා කියල පතල හිත හදා ගන්නං..
අලුත් ක්‍රමේට ජය වේවා..
එහෙනම් හැමදාම උදෙන්ම වැඩ අල්ලන්න වෙන ක්‍රමයක් මටත් සොයා ගන්න වෙයි වගේ... ඇයි ඉතින් උදේම කතන්දර බලන එක දැන් පුරුද්දක් වෙලා නේ....
ReplyDeleteදුක හිතෙන දේවල් වලට අත උස්සන්න ගියොත් එහෙම.. අත් දෙක උත්සන්ම තමයි ඉන්න වෙන්නේ..
ඇහැ දුකේ බැරුවා , මෙන්න මම මුලු සර්වාංගෙම ඉස්සුවා (//* පුටුවේ ඉදගෙන ඉඳලා හොඳේ .... *//)
ReplyDeleteඅයියෝ... උදේ පාන්දර කතන්දරයක් කියවන්න නැති උනාම නම් ටිකක් අප්සට් වගේ වෙයි... :(
ReplyDeleteඅර කන්ද උඩට යනකොට බයිසිකලේ රිවස් එකේ ගෙනිච්චානම් හරිනේ, හති දාගෙන පාගන්න ඕන නැහැ :P
සතියකට 2ක් වත් දාන්න.... පුලුවන්නම්. තමන්ගෙ වැඩත් කරගන්න එපැයි ඉතින්..
ReplyDeleteMr Kathandara
ReplyDeleteMata podi niweradikireemak karanna puluwanda? Oya kiyana damwel keli deken ellena ekata kiyanne karaththe ballo denna kiyala.ewain thamai karaththe kandak nagina kota apassata yana eka nawaththa ganne oya kiyala thiyana eka hari. Pallam polla kiyanne karaththe roda dekata pitipssen ellala thiyana pollak. Ekata amunala thiyana break palu dekak wage lee keli dekak rode ge wenawa.Break paluma thamai.Me pallam polla lanuwak dala karaththe axel ekata amunala thiyanawa. Pallamak bahinna patan ganna kalin me lanuwa harahata lee kellak dala karakawanakota pallam polla karaththe roda dekata break palu hira karanawa.Ethakota pallame karaththe roll wena eka aduwela gonata pahasu karanawa. Mamath karaththakarayek.
මෙකයි මම කියන්නෙ. සතියට එකක් දාන එක වෙනසකට හොඳයි. හැමදාටම නෙමෙයි මාස 3ක් තමා සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් කරන්නෙ. මාස 3කට පස්සෙ ආයිම පරණ ඒවා මතක් කරලා පිකප් කරලා, ගත්තු විවෙකෙන් ලැබිච්ච කික් එකත් එක්කම වැඩෙට බහින එක තමා හොඳ.
ReplyDeleteහැබැයි පාධක අපේ පැත්තෙන් තනි අවුල ඔය වැඩෙ! උදේ පාන්දර නිදිමතේ හැප්පි හැප්පි ඈවිල්ලා, තේ එක දෙනකං කියවන්නෙ මොකද්ද දැං? ඒකට විසඳුං කො!
වෙනසකට කලින් ඔය 2වැනි කාරනේට උත්තර දීලා කරන වෙනස් කමන් කරනවා හොදයි?
ඒක නම් හොඳ අදහස ... ගුණාත්මක නිර්මාණ බිහිවෙන්නෙ කාලයත් සමඟ කියනවනෙ
ReplyDeleteBslan giyahama Karaththa Drive karana akath lesi nehe ne '''''
ReplyDeleteසඳුදා උදේ කතන්දරයක් දාන්න. අගහරුවාදා ඉඳල ඉරිද වෙනකං අනෙක් බ්ලොග් කියවලා ඒවගේ තියෙන හොඳම කතන්දරේට ලින්ක් එකක් දාන්න.
ReplyDeleteමට හිතෙන විදිහට මේක කතන්දරත් කැමැත්තෙන් ගත්ත තීරණයක් නෙවෙයි වෙන්ට ඕන... මොකද ඊයෙ කතාව ඉවර කරන කොට දාලා තිබ්බා හෙට දුක හිතෙන කතාවක් කියලා.. මටත් දුකයි තමා...
ReplyDeleteහැබැයි එක අතකට හැමදාම එනවට වඩා සතියකට සැරයක් එන එක හොඳා... කතන්දර බ්ලොග් එක කියවන සෙට් එකෙන් ඇහුවොත් වැඩියෙන් කැමති පබා වගෙ මෙගා ටෙලියක් බලන්ටද? දඬුබස්ණාමානය වගෙ සතියට දවසක් තියෙන ටෙලියක් බලන්ටද කියලා ඇහුවොත් මොකක් වෙයිද උත්තරේ...
දඬුබස්ණාමානය දවසගානෙ පෙන්නුවා නම් කට්ටිය එපයි කියලම කියයි,,,
ReplyDeleteඔන්න මමත් අත ඉස්සුවා!
ReplyDeleteමේක පාඨක අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්.. බෑන් කී මූන්ට කියන්න ඕන මේ ගැන හොයන්න කමිටුවක් පත් කරන්න කියලා…
අත් උස්සලා....
ReplyDelete"ටිකයි - හොඳයි" තියරිය හරිද කියා ටෙස්ට් කර බැලීම
ReplyDeleteඅන්තගාමී වෙන්න එපා. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න
නැත්තන් කතන්දර නෑ කියලා කට්ටිය උපවාස කරන්න පටන් ගනී
සතියකට කතන්දර දෙකක්වත් දාමු???????????????????
ReplyDeleteඑකක් මදි නැද්ද?
සියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteකරත්තවල පල්ලම් පොල්ලේ හරි ක්‍රමය ලියූ ඇනෝට මගේ සුවිශේෂ ස්තුතිය.
ඉඩ ලැබෙන පරිදි කතා ලියන්නයි අදහස.
නමුත් හැමදාම නෙමේ. හෙට දාන්නං පාඨක කතන්දරයක්.
පාන්දරම කතන්දරයක් නැතුව කිසි ගතියක් නෑ බොල..
ReplyDeleteදවස් දෙක තුනකට පස්සෙ ආවෙ. අපේ තරහක් නෑ පල්ලම් පොල්ල ගැන. ඈනෝ ලියා තිබූ ටිකම තමයි ලියන්න ආවෙ. සමහර කරත්ත වල මේ පල්ලම් පොල්ලට අවුණපු ලණුවක් බෝං ලීයෙ ගැට ගහල තියෙනව. කරත්තකාරයට බෝං ලීය උඩ ඉඳගෙන ලණුව පා ගන්න වගෙම ලණුව උඩ මුළු බර දාල හිට ගන්නත් පුළුවනි, පල්ලම් බහින කොට.
ReplyDeleteබයිසිකලේ 'බල්ලෙං' අල්ලන්නෙ නෑ කියන කතාව අහල තියෙනවද? මම හිතන්නෙ ඒක කරත්තෙ බල්ලන්ට සම්බන්ධයි. මෙතන මේ බල්ලො කියන වචනෙ ආවෙ කොහොමද කියන්න කාට හරි පුළුවන්ද?
Break walata pallam polla kiyanawanam "thiringa" walata english walin kiyanne mokakkda ?
ReplyDelete