Tuesday 1 October 2013

දවස් තිහක අමාරුව සුවකරමින් මාසේ මාරු වුණා! - Oh, what a feeling!


අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එම් එඩ්වඩ් ගයන ගීතයක එන නෑනා සහ මස්සිනා දෙබසක දී මස්සිනා මෙසේ කියයි.
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
මේ ගීතයේ කොල්ලන් අතර ගැයෙන නව නිර්මානයේ ඔය පද දෙක කියවෙන්නේ මේ ආකාරයටය.
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ මාරුවීමත් නවතිනවා නේ
වැඩි දුර විස්තර සඳහා මෙන්න මේ කතන්දරයේ මුල් කොටස බලන්න.
http://kathandara.blogspot.com/2011/05/blog-post_30.html

ඔය සේරම කතා මට මතක් වුනේ ඊයේ ඉඳලා අද වෙනකොට මාසේ මාරු වීමක් සිදුවුණු හින්දයි.

ඒක තමයි කැලැන්ඩරේ 2013 සැප්තැම්බර් මාසයේ ඉඳලා ඔක්තෝබර් මාසයට මාරුවීම.

සැප්තැම්බර් මාසය ලංකාවේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය මාසය සමරන්න කතන්දර බ්ලොග් එක මුලින්ම 2011 සැප්තැම්බරයේ දී කයි-කතන්දරවලින් සැරසුණා. ඊළඟට 2012 සැප්තැම්බරයේත් සෑහෙන්න දුරට ඒ කර්තව්‍යය සිදුකෙරුණා.

නමුත් 2013 සැප්තැම්බරයේ කියවන්නන් ගේ ඉල්ලීම් නිසාම පොඩ්ඩක් වෙනස් අතරකට හරෝලා කයි-කතන්දර වෙනුවට පොත්-කතන්දර පලකරන්න මං තීරණය කළා.

ඉතිං සැප්පතැම්බර් මාසයේ දවසක් ඇර දවසක් වගේ පොත්-කතන්දරත්, අනෙකුත් දවස්වල සාමාන්‍ය කතන්දරත් මං කතන්දර බ්ලොගයේ පල කෙරුවා.

දවස ගානේ බ්ලොග් එක අප්ඩේට් කරනවාය කියන එක ලේසි පාසු වැඩක් නොවෙයි. සෑහෙන්න කාලයක්, ශ්‍රමයක් මේ සඳහා වැය වෙනවා.

අන්න ඒ නිසයි මේ මාසේ මාරුවීම හිතට ටිකක් සැනසිල්ලක් ගෙන දෙන්නේ.

දැන් බලමු පසුගිය දවස් තිහේ සංඛ්‍යාලේඛන දිහා.
දින තිහයි
පෝස්ට් තිහයි
අර තම්බලා ලුනු ඉහලා කන්න පුළුවන් හිට්ස් කියන ජාතිය 75,104
කතන්දර බ්ලොග් එක පටන් ගත්තු 2009 ජූලි මාසයේ ඉඳලා මේවනතුරු එක කැලැන්ඩර් මාසයකට ලැබුණු ඉහලම හිට්ස් ප්‍රමාණය තමයි ඒ.

මෙන්න මං සැප්තැම්බරයේ පලකරපු පොත්-කතන්දර ලයිස්තුව
1.    කරල් ඇහිඳින්නෝ - The first shade of September
2.    හරක් මස් නොකති හෙවත් සුද්දී ගැන මගේ අදහස් - The second shade of Spring
3.    දූරුතු සිහිනයක් කියන්නේ හීතලට පේන හීනයක් ද? - A January Dream?
4.    පාර්ලිමේන්තු මන්තිරියෙක් ගාල්ලේ ටවුමේ පයින් ඇවිදියි (පුදුමයි, ඒත් ඇත්තයි) - Fourth shade of September
5.    ගෙම්බෙකුට අයිති පොඩි කුමාරිහාමි ගෙම්බෙක් ගේ අයිතිකාරයෙක් වෙන ගාමිණී සමරකෝන් ගේ පොතක් ගැන විචාරයක් ලියයි! - Its all frog business
6.    ආනන්දෙට ඇතුලත් වීමේ විභාගයට "ඩ්රැ කියුලා ගේ මනාලියෝ" පොත ගැන රචනයක් ලියූ කොල්ලා! - Dont judge a book by its cover!
7.    ජේ.වී.පී. කාලේ ඕස්ට්රේ!ලියාවට පැන්න ජෙප්පෙක්, පොලිස්කාරයෙක්, පිම්පියෙක්, කෙල්ලෙක් (සහ කොල්ලෙක්) ගේ කතාවක් - Asura Advaiya by Jagath J Edirisinghe
8.    ටින් ටින් ටොයියා සහ සමරිසි ටින් ටින් - Is Tin Tin Gay?
9.    දන් දුන්නොත් පින් ලැබේද? (බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ) - The power of giving, oh yeah!
10.   ඔහේලා පොත් කන්නේ උයලා ද? මලවලා ද? සම්බෝල හදලා ද? නැත්තං අච්චාරු දාලා ද? - In defence of the September Book fair
11.   ආහ්චර්යලන්තයේ සුදු වෑන්වලින් යන පොලිස්කාරයින්, බිළිඳුන් ජාවාරමේ යෙදෙන දුෂිත දේශපාලුවන් සහ මරා දැමෙන පුවත්පත් කලාවේදීන් ගැන - A story from "Marvel-land"
12.   සමන් දිසානායක ගේ සුරඟන කුමරිය - September book review series continues
13.   නිකං දුන්නත් මේ පොත නං නොදකින් - රෝහණ විජේවීර ප්‍රෝඩාව : Dont buy this book
14.   ජනප්‍රිය නළු අනුරාධ තම අනියම් පෙම්වතිය නිශාදි සමග සමග වාහනයේ යද්දී රිය අනතුරකට! So, what happened next?
15.   සංස්කෘතික උප ඇමති ගේ නවකතා පොතෙන් අමු අමුවේ කොපි කර කෙටිකතාවක් ලියවේ! Short story plagiarised from deputy minister's novel
16.   තාත්තලා කියවන කුණුහරුප නොහොත් sex පොත් - Books with photos of semi-naked women

සැප්තැම්බර් මාසය ඇතුලත වැඩියෙන්ම හිට් වුණු කතන්දර දහය අවරෝහණ පිළිවෙලට මෙන්න මේවායි.


ඒ ටොප් ටෙන් අතරේ පොත්-කතන්දර තුනකුත් තිබුණත් ඒවා හිට් වෙන්න හේතුව නම් සාහිත්‍යයට අදාලයි කියලා කියන්න බෑ කීයටවත්.

හැබැයි සැප්තැම්බරයේ වැඩිපුරම හිට්ස් ලැබුණු දවස් දහයේ මං පළකරපු කතන්දර දහය සලකලා බලනකොට නම් එයින් දවස් හතරකම (සැප්තැම්බර් 5, 12, 23 සහ 18) පොත්-කතන්දර තමයි පලවෙලා තියෙන්නේ.


මාසය තුල බ්ලොග් කියවන අය ගේ පැමිණීම ගැන සලකලා බලන කොට හොඳින් පේන දෙයක් තමයි සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඇති වෙනස. අපේ කෂ්ටිය ඔෆීසිවලදී බ්ලොග් කියවන්නේම නෑ වගේ නේද?

මාසයක් තුල කරපු මේ අභ්‍යාසයෙන් මං ඉගෙන ගත්තු පාඩම් කීපයක් බෙදා හදා ගන්නවා නම් මෙන්න මෙහෙමයි.

1. කවුරු මොනවා කිව්වත් පොතක් ගැන විනිශ්චය වෙන්නේ ඒකේ පිටකවරෙන්. හිට්වුණු පෝස්ට් ගැන බැලුවාම ඒක පේනවා.

2. අධිෂ්ඨාන ශක්තිය ඇති නම් සාමාන්‍යයෙන් අවශ්‍ය දෙයක් කරන්න පුළුවනි. තමන්ගේ කාලය බෙදා ගැනීම සහ ප්‍රමුඛතාවයන් තීරණය කළාම ඉතුරු ටික හිතනවාට වැඩිය ලේසියි. මං සැප්තැම්බරය තරණය කෙරුවේ එහෙමයි.

3. හිතේ සතුට තමයි ජීවිතයේ ඉතාම වැදගත් දේ. (ඒක දැනගන්න නම් බ්ලොග් එකක් කරන්න ඕනෑ නෑ!)

සාහීත්‍ය මාසයේ කතන්දර කියවූ, කමෙන්ට් කළ සැමට මගේ ස්තුතිය.

ඔක්තෝබරේ මොන මාසේ ද මන්දා? මොකක් උනත් වෑංජන් කතන්දර ටිකක් ලියන්න හිතයි!

-කතන්දරකාරයා

ප/ලි:
යලි හෙට හමුවෙමු.

91 comments:

  1. ස්වයං පිට කසා ගැනීම.
    මම අද 1ද මන්දා ?

    ReplyDelete
    Replies
    1. හුරේ.... මම අද එක උනෝ... !!
      තෑන්ක්ස් කෙන්ජි... ෆෝ නොට් බීන් හියර් විත් යෝ ඩර්ටි මවුත් !

      Delete
    2. ආපහු බ්ලොග් ලෝකයට ඇවිල්ලා නේද?

      Delete
    3. ගෞරවනීය ස්වාමින්වහන්ස.. පූජකතුමෙනි... කතන්දර පාඨක නෝනාවරුනි මහත්වරුනි..

      අද කාලෙකට පසුව මා කතන්දර බ්ලොගයේ අංක එකට කමෙන්ට් කල කමෙන්ට්කරු වීමේ භාග්‍යය උදාවී තිබෙනවා. මේ සතුටුදායක මොහොත එලැබුනේ සෑහෙන කාලයකට පසු ය. මා සෑහෙන කාලයක් තිස්සේ උත්සහ කල ද කුඩුකේඩු මුස්පේන්තු කෙන්ජි නම් මස්තයා කුණු කෙල බේරි බේරි ඇවිදින් කමෙන්ට් කරන නිසා මා හට එක වීමට අවස්ථාව අහිමි උනා.

      ඒත්...

      මා එයින් සැලුනේ නෑ. තලන්න තලන්න මුවහත් වන වානේ පන්නර ජීවිතයකට උපතින්ම උරුමකම් කියන අපි ඒ වගේ සුලු දේවල් වලින් සැලෙන්නේ නෑ... තව තවත් ධෛර්යමත් උනා. ඒ වගේම මා වටේ ඉදිමින් මාව දිරිමත් කල ඔබද මේ සතුටේ පංගුකාරයන් බව මා පවසන්නේ හදපිරි සතුටිනි.. ඔබද ඒ සතුටේ කොටස්කරුවන් ය/කොටස්කාරියන් ය.

      එන්න අපි සියළු දෙනාම අත්වැල් බැඳගෙන ඒ සතුට භුක්ති විඳිමු.

      මා තව තුරටත් කතා කරන්න බලාපොරොත්තු වන්නේ නෑ. කතන්දර බ්ලොගය සංවර්ධනය කරා ගෙන යන ගමනට මාහා කරට කර ගැටි වැඩ කිරීමට ඔබටද මා ඇරයුම් කරමි. එසේම මේ ගමනේදි මගෙන් සිදුවන අඩුපාඩු පෙන්වාදීමද මා ඔබෙන් අපේක්ෂා කරමි.

      ඔබ සියළු දෙනාට සුබ අනාගතයක් ! නාන් පුත්තන්ඩු වාත්තුකාලෙයි !

      ආයුබෝවන් ! වනක්කම් !


      සභාවෙන් - අත්පොලසන් නාදයක් ඇසේ !!!!

      Delete
    4. ළමා දිනයේ ළමා ජෝක්ස්!

      Delete
    5. සුභපැතුම් එක ඇනෝ!

      Delete
    6. සුභ අනාගතයක්......

      Delete
    7. අඩේ 1ට කොමෙන්ටුවක් දැන්මම මෙච්චර චුන් වෙන්න පුලුවන්ද බාන්ස්

      Delete
    8. උඹත් දාලා බලපන් මම එක දවසක් උදේ 5.45ට ඔෆිස් එකත් ඇරියා එක වෙන්න බලාගෙන...... අපි එහෙමයි වැඩ කරන්නෙ....

      Delete
    9. මාසෙ මාරු වෙලා කිව්ව නිසා කෙන්ජියා පැත්ත පලාතෙ එන්නෙ නෑ..... සුභ පැතුම් ඇනෝ........

      Delete
    10. මගේ සුබ පැතුම් පිළිගන්න ... ඉන්නකෝ වෙලාවක මමත් බහින්න වැඩේට.. පැය 10 ක් කලින් නැගිටින එක තමයි අවුල...

      Delete
    11. අනිවාර්යෙන්ම 'එක' වෙලාම බලන්න ඕන ඒක කොච්චර සතුටක්ද කියලා.
      මේ ටිකේම කෙන්ජියා එක වෙනවා. මම දත් බුරුසුවත් කටේ ගහගෙන මැසිම ඉස්සරහට එනකොට කෙන්ජියා කුණුකෙල පිටින්ම එක වෙලා ! මස්තයා !

      Delete
    12. එකවීමේ සතුට නිකම් ස්වයං වින්දනයකින් සුරතාන්තයට පත්වීමක් වැනිය....... බලා සිටින්නෙකුට එය යම් තාක් දුරකට ජුගුප්සාජනක ලෙස පෙනිය හැකිවුවද සිදුකරන්නා මහත් ප්‍රමෝදයකට පත්වෙයි......

      එම සතුට එය නොලැබූවෙකුට පැහැදිලි කර දැක්විය නොහැක......

      Delete
    13. AnonymousOctober 1, 2013 at 11:21 AM
      නියම පැහැදිලි කිරීමක්නෙ එහේ කරල තියෙන්නෙ. අතේ පාරක් ගැහුව වගේ නැද්ද හැක් හැක් හැක්.......

      Delete
    14. ඔය කෙන්ජියා වාගෙම, තවත් එක උන කාරයෙක් ඉන්නවා දේශකයා කියලා. උගෙන් බොට කරදරයක් නැද්ද ඇනෝ.
      ඔන්න කාලයකට පාස්සේ මාත් ආව, කකා බය උනාද?
      බය වෙන්න එපා, චූටි කුකු,
      මට දිරවන්නේ නැත්තේ පප්පා ලන්තේ විකාරද ජිල්මාට් පප්පව විතරයි.

      Delete
    15. මානසික රෝගියෙකුත් ඇවිල්ලා.... පව්.....

      Delete
    16. ඔබ කිසියම් හෝ කරුණකින් මානසිකව පීඩා විඳින්නෙක්ද? නොමිලේ උපදෙස් සඳහා... අමතන්න 1333

      Delete
    17. 1333 විචාරකගේ අංකයක්ද? එහෙනම් කාට සොරි තමයි.

      Delete
    18. මානසික රෝගියෙක් කියලා කියුවේ රාජ් ට.

      Delete
  2. මම අද 2 !

    කකා කෝ මායාවෝ කෘතිය, හස්තද්වාරය, ඉංජිනේරු පීඨ කලා කවයේ නිර්මාණ පුවරුව ?

    ReplyDelete
    Replies
    1. ඔබ එක ද, දෙක ද යන්න දන්නේ ද ඔබය!

      Delete
    2. අහන දේට නෙමේනේ මේකා උත්තර දෙන්නෙ.

      Delete
  3. සෙනසුරාද ඉරිද සංවාදාත්මක පෝස්ටු දානවට මං නං කැමතිම නෑ. කතන්දරයක් නං දැම්මට කමක් නෑ පස්සෙ හරි කියවන්න බැරිය.

    පේනව නේද පිට කවරෙ වටිනකම! පොත්ත පාටවුනාම ඉල්ලුම වැඩියි වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මගෙත් මෙතෙක් තම්බල කන එව්ව වැඩිම තියෙන්නෙ සැප්තැම්බර් මාසෙ!

      Delete
    2. සතුටුයි මිත්‍රයා!

      Delete
  4. කකා මම බ්ලෝග ලියන්න පටන්ගන්න අවුරුදු 2කක ට කලින් විතර ඉදන් බ්ලොග් කියවනවා... ඒ මුල් කලේ ඉදන්ම මේකට ආවේ හරි අසාවෙන් .... ඔයා ඔයතරමින් කැපවෙලා මේ කරන දේ සද්ද නැතුව අගයන, විඳින කට්ටිය ගොඩක් ඉන්නවා ඒ හැමෝම වෙනුවෙන් ඔයාට ජය හා සතුටත් හද පිරි ස්තුතියත් මෙසේ පුදමි......

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++

      මාත් කාකාගේ බ්ලොග් එක කියවන්න පටන් අරන් අවුරුද්දක් විතර වෙනවා!

      Delete
    2. ඉතාමත් ස්තුතියි.

      Delete
  5. කකා එක කවියක් හරි දැම්මොත් නරකද.... අපි හිතුවෙ මේ මාසෙ මුලටම කවි දාවි කියලා.....

    ReplyDelete
  6. Well done kaka!

    (http://mahasohon.blogspot.com/2012/04/blog-post.html -පහල සිට 3වෙනි ක්මෙන්ටුව)


    පහල සිට 3වෙනි ක්මෙන්ටුව

    ඔබ තුමාණන්ගේ ශ්‍රී මුඛයෙන් කතන්දර පිල්ලිය ලෙසින් අබිසෙස් ලද මා අද සිට නිල වශයෙන් රාජකාරි කටයුතු අරඹන වගට මෙයින් දන්වා සිටිමි!

    ආතල් සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මොකක්ද බං කතන්දර "පීල්ලිය " කියන්නේ .....පීල්ලියද පිල්ලියද ...?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හරි හරි බං.....! චුට්ටක් වැරදුනා තමයි! අපි තාම පුකදුන්.... සොරි පුහුදුන් පොරවල් නොවැ...!

      ("පුක" යනු කුණුහරුපයක් නොවේ!- කාකා, අර ලින්ක් එක පොඩ්ඩක් දාන්න!)

      Delete
    5. චැහ්....... උඹ කතන්දර කියන නමේ කෑල්ලක්වත් ගන්න වටින පුතයෙක් නෙවෙයි.... ඇයි බන් ලින්ක් එකක් වත් දාගන්න බැරුවද පිල්ලි දාන්න එන්නෙ......

      Delete
    6. පිල්ලිවලට අපි බයවෙයිද?
      අන්න පිල්ලෙට නං අපේ දේශපාලුවෝ බයයි!

      Delete
    7. සුබපැතුම්...
      (කකාට අලි මදිවට කොටි කිව්වලු )
      :)

      Delete
  7. මමත් ඔබේ බ්ලොගයට නිතර එනවා comment නොකරාට. මටනම් ඔබගේ පොත් කතන්දර නම් ඇල්ලුවේ නැහැ. සැප්තැම්බරයේ සාර්ථකත්වයට මගෙන් සුබපැතුම්.
    //අපේ කෂ්ටිය ඔෆීසිවලදී බ්ලොග් කියවන්නේම නෑ වගේ නේද? // ලංකාවේ අන්තර්ජාල පරිහරණය කරන්නන් බහුතරයක් ඔහොම තමයි. ලාංකිකයන් එන සියලු අඩවි වල සති අන්තයේ තත්වය ඕක තමයි. ඕකට කියන්න වෙන්නේ පිනට ඉන්ටෙර්නෙට් යන්නන් ගේ සහ පඩියට හොර කරන්නන් ගේ පරාදීසයකි ලංකාව.

    ReplyDelete
    Replies
    1. වැදගත් ම දේ තමයි මා ලියා පලකරන කතන්දරවලින් මට සතුටක් ලැබීම.

      කියවන අය කැමතිවීඟ බෝනස් එකක්. සමහර විට බෝනස් අඩුයි. කමක් නෑ. අපේ රුචි-අරුචි වෙනස්! එච්චරයි.

      Delete
  8. /දින තිහයි
    පෝස්ට් තිහයි
    අර තම්බලා ලුනු ඉහලා කන්න පුළුවන් හිට්ස් කියන ජාතිය 75,104/

    මේ වෙනුවට කකා මේ දින තිහ තුළ හොඳ පෝස්ට් පහක් දමා හිට්ස් 5,000 ක් ගත්තේ නම මම වඩා සතුටු වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබේ සතුට අපේ පුකයි....

      Delete
    2. ඉතිං එකපාරට පාළොස්පාරක් සතුටු වෙන්නකෝ!

      මා ලියන දෙයක් මං පළකරන්නේ එයින් මට සීඔටක් ලැබෙනවා නම් පමණි. එනයින් බලන කල මගේ කතන්දර මට හොඳ ඒවාය. ඔබට හොඳ කතන්දර පහක්වත් මේ කතන්දර තිහේ නැද්ද?

      Delete
    3. 'සීඔට' කියන්නේ මොනවාද?

      Delete
    4. Correction:

      මා ලියන දෙයක් මං පළකරන්නේ එයින් මට "සතුටක්" ලැබෙනවා නම් පමණි.

      Delete
  9. සාර්ථක සාහිත්‍ය මාසයක් අවසානයේදී කකාට මගේ සුබපැතුම්.

    ReplyDelete
  10. මගෙත් වැඩිම හිට් තියෙන්නේ අඟහරුවාදා සිට සිකුරාදා දක්වා.. ඉරිදට නම් අන්තිමයි... සැප්තැම්බර් මාසයේ සාර්ථකත්වය වෙනුවෙන් අපේ සුබ පැතුම් පිළිගන්න.. ( අර මගේ ඉල්ලීම ඉෂ්ඨ වෙන්නේ ලබන අවුරුද්දෙද ඒ කියන්නේ )

    ReplyDelete
  11. මාසේ මාරු උනාකියලා හෙඩිම කියවද්දී කෙන්ජි නොමඟ ගිහින්. එ හින්දා බොග පැත්ත පලාතේ ඇවිත් නෑ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ආවා කියන්නේ කෙන්ජි කමෙන්ට් කළා කියන එක නොවෙයිනේ!

      Delete
  12. කෝ අද කෙන්ජි?

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට මාස් අමාරු හැදිලා !

      Delete
    2. නැත්නම් මාසෙ මාරු නොවෙයි කියන බයට කෙන්ජි මාරු වුනා වුනාවත් ද?

      Delete
    3. උඩ ඇනෝ (3:49 PM) කොහොමද හරියටම ඒක දන්නේ.

      Delete
    4. මේ කොමෙන්ට් එක දාලා තියෙන්නේ කෙන්ජිගෙ ප්‍රයිවෙට් සෙකට්‍රි....

      Delete
    5. මොකද මෙතරම් කෙන්ජි ගැණ උනන්දුව.

      ඔහු අද කතන්දර බ්ලොගයට කිපවරක්ම ආවා සුපුරුදු පරිදි.

      Delete
  13. ඔක්තෝම්බරය කියන්නේ "කියවන" මාසෙ නොවැ !

    ReplyDelete
  14. පොත්ගැන නම් ගොඩක් දැන ගත්තා . එක නම් කියන්නම ඕන.මොකද මේ දවස් වල කකාගේ එක ලිපියට පොත් කීපයක්ම අවස්තාසම්බන්දේ ගලපලා තියනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවට ගියාම කියවන්න පොත් ගොඩක් ඇති නේද?

      Delete
    2. කීපයක් ගන්න කිව.... ගෙන්න ගන්න ඕන. ඉතිරිව හොයන්න ඕන ගිහින් ...

      Delete
  15. @කකා, ඔබ අවංකවම සතුටු වෙනවාද මේ පෝස්ට් එකට වැටෙනවා වගේ කමෙන්ට් දැකලා?

    ReplyDelete
    Replies
    1. බලපන් උඹේම කොමෙන්ට් එක..... පෝස්ට් එක හරියට නොකියවා දාන කොමෙන්ට් වලට හොදම උදාහරණෙ...

      කකා සතුටු වෙන්නෙ මොනවයින්ද කියලා උඩ පෝස්ට් එක කියෙව්වාම තේරෙන්නෙ නැද්ද මචන්.....

      Delete
    2. මා සතුටු වන්නේ මා ලියූ පොත්-කතන්දර වැඩි පිරිසක් කියවූවානම් ය.

      Delete
    3. කකා 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' උත්තරයක් දීලා තියෙන්නේ.

      Delete
  16. @කකා, මෙන්න ඔබ වසර හතරකට පෙර ඔක්තෝබර් මාසයේ ලියන පළමු පෝස්ට් එක.

    http://kathandara.blogspot.com/2009/10/smarter-than-fifth-grader.html

    කමෙන්ට් පහයි. හැබැයි හෘදයාංගවම වටින කමෙන්ට් පහක්. ඔබ අවංකව හිතනවද ඒ කමෙන්ට් පහ අද වෙන කොට කමෙන්ට් 40-50 කට, සමහරවිට ඊටත් වැඩි ගණනකට වැඩි වීම ප්‍රගතියක් කියලා?

    ReplyDelete
    Replies
    1. ඔබට ඇත්තේ අතීත කාමයයි.... අවුරුදු ගනනකට පෙර සිදුවූ දෙය නැවතත් සිදුවිය යුතු දැයි ඔබ සිතනවාද? කකා ලබා ඇති ප්‍රගතිය කොමෙන්ට් වලින් පමණක් නොව හිට්ස් වලින්ද මනාව පෙනෙනවා......

      මෙම මාසය ඇනෝ කොමෙන්ට් අඩුම මාසයක්..... පැහැදිලිවම නම ගිය ඇනෝවරුන් කිහිප දෙනෙක්ම මෙම මාසයේ ක්‍රියාකාරීව සිටියේ නෑ.... නමුත් කකාගේ පසු බැස්මක් එයින් පිළිඹිබු වන්නේ නෑ.......

      ඔබට කොමෙන්ට් කියවීම අපහසු නම් කොමෙන්ට් කියවන්න එපා.... පෝස්ට් එක කියවා ඔබගේ අදහස පවසා යන්න.....

      - කකා සුරැකීමේ ජාතික සංවිධානය -

      Delete
    2. @ AnonymousOctober 1, 2013 at 4:15 PM

      මේ බ්ලොගය ගැන ඔබේ ඉන්ටරෙස්ට් එක පිළිබඳව ඉතා ස්තුතියි.

      ඇයි මගෙන් මේ කමෙන්ටු ගැන ප්‍රශ්නයක් අහන්නේ?

      අද මේ අර්ධ-කතන්දරයක් වෙන මේ පෝස්ට් එකේවත් මං කමෙන්ටු ගැන කතා කරලා තියෙනවාද?

      මගේ අදහස නම්, මා කලින් කියා තියෙනවා විවිධ අවස්ථාවල, සමහර කමෙන්ට්ස් දාන අය එමගින් සතුටක් ලබන බව මට පේනවා. ඒ සතුට ඔවුන් ලැබුවාවේ.

      මා කමෙන්ට්ස් මොඩරේට් කරමින් දිගු කාලයක් ඉඳ ඉවත් කළේ මේ ලඟදී.

      Delete
    3. මේ කියලා තියෙන්නේ කමෙන්ට් ගැන!

      "සාහීත්‍ය මාසයේ කතන්දර කියවූ, කමෙන්ට් කළ සැමට මගේ ස්තුතිය".

      Delete
    4. /මගේ අදහස නම්, මා කලින් කියා තියෙනවා විවිධ අවස්ථාවල, සමහර කමෙන්ට්ස් දාන අය එමගින් සතුටක් ලබන බව මට පේනවා. ඒ සතුට ඔවුන් ලැබුවාවේ./

      ඔබ ඉඩ දෙනවා නම් ඔබේ ගෙමිදුළට ඇවිල්ලා මළ පහ කිරීමෙනුත් සමහරු සතුටක් ලබන්න පුළුවන්. නැමුත් ඔවුන්ගේ සතුටය කියලා ඔබ එයට ඉඩ දෙනවාද කියන එකයි ගැටළුව.

      Delete
    5. @ ඩියර් ඇනෝ

      මේ කතන්දර බ්ලොගය නිකම්ම නිකං ගෙමිදුලකටද ඔබ සමාන කරන්නේ?

      ලොකු වැරදීමක් මිත්‍රයා.

      කතන්දර බ්ලොග් එක මහා සාගරය හා සමානයි. ඇල දොල ගංගා බට හැරි සියළු කුණු කන්දල් මහා සාගරය වෙත ගෙනාවද, සාගර ජලය අපිරිසිදු නොවේ!

      ඒ සමගම විවිධ අවස්ථාවන් හි දී මෙහි දමා තිබූ විවිධ කනේටු මා විසින් ඉවත්කරන ලද බවද පවසමි.

      අදහස් වාරණය ගැන මා කලින් පලකල අදහස මෙසේය.
      http://kathandara.blogspot.com/2013/01/i-hate-censorship.html

      Delete
  17. අන් අයට කියවීම සඳහා ඔබ වැය කරපු කාලයට මගේ ස්තූතිය!

    ReplyDelete
  18. ඊයේ රාත්‍රියේ මගේ ආදරණිය කසාද බිරිදගේ ඉල්ලීම පිට අප දෙදන cruiser බෝට්ටුවක ආතල් රැයක් ගත කිරීමට සිදුවිය.
    කීප වරක් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ කලද සන්නිවේදන මාධ්‍ය යේ අවහිරතා නිසා නොහැකිවිය.
    මා බලාපොරොත්තුවෙන් සෝ තැවුලට පත් සියලු දෙනා ගෙන් සමාව අයැද සිටිමි.

    ReplyDelete
    Replies
    1. අම්මපා.................
      කෑ-කෝ පප්පා ඊයේ ආතල් එකක් ගත්ත නිසා අද නිවිලා.

      Delete
    2. මේ දිනවල ඇනෝලා මෙහි එන්නේ ඛෙන්ජිගේ කමෙන්ටු කියවීමට මිස මගේ කතන්දර කියවීමට නොවේ.

      අනේ කෙන්ජි බ්ලොග් එකක් හදන්න කෝ?

      Delete
    3. මුහුදු සර්පයා..... නයි විශේෂයක් ද මන්දා......

      Delete
    4. කකාට මතක නැද්ද කොල්ල (කලියුග කාලේ ඉස්සරලාම කොල්ල බලනවා) බලන්න කෙල්ලගේ පැත්තෙන් ආපු කෂ්ටිය ආව කාරනය අමතක වෙලා ටියාරා රෝල්ස් කේක් ගැන තලු මරනවා.

      Delete
    5. මම හදන්න ඉන්නෙ කසාද බැන්දයින් පසු.
      මගේ සියලු විස්තර දැන ගැනීමට දින කීපයකින් ගොඩ වදින්න "සමකය වටේ"ට.

      Delete
    6. කකා, කා(Ka) සහ සියලු ඇනෝවරුනේ බලහංකෝ කෙන්ජි තිරිහං වෙලා. ආයෙ බදින්න යනවලු. පුක්.

      Delete
  19. හිට්ස් ප්‍රමාණයට අපෙනුත් උනුසුම් සුභ පැතුම් කකා. මං කලින් ඔබේ කතන්දර කියෙවුවට අදයි මුලින්ම කමෙන්ට් කලේ නම්. දැන් ඉතිං දිගටම එන්න තමා බලා පොරොත්තුව.

    ReplyDelete
    Replies
    1. එන්න, කියවන්න, ප්‍රීතිවෙන්න!

      Delete
  20. කකා, වෑංජන අතරට හිට්ස් වලින් මැල්ලුමක් හදන අයුරුත් ලියන්න බැරිද? ලියූ සියල්ල කියවූවා. හිත් ගත් ඒවාට ප්‍රතිචාර දැම්මා.

    ReplyDelete
    Replies
    1. මං මේ හොයන්නේ හිට්ස් අතිරික්තය විජලනය කරලා කල් තබාගන්න ක්‍රමයක්.

      Delete
    2. විජලන කතාව ඇහෙද්දි මට මතක් උනේ. මෙන්න මේකෙන් පුළුවන්ද කියල ට්‍රයි එකක් දැම්මනම්.

      http://bitternight.blogspot.com/2013/04/blog-post_30.html

      Delete
  21. වෙනි කිව්වා වගේ ඔත්තෝබර් “ජාතික කයැවීමේ මාසය“ තමයි.

    ReplyDelete
  22. මේ පල හෑලි ලියන වෙලාවෙ ලියනවකො හලෝ පොතක් අනුන්ගෙ පොත් ගැන කයි දෙන්නෙ නැතුව.

    ReplyDelete
  23. ලිපි ටික නියමයි ඕන් .
    සුබ පැතුම් ජය !!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.