Friday 25 October 2013

ජනක මිලාන් ගේ ජී ඇස් කිව් මැතමැටික්ස් - Know your (A) level


මේක මං අර අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලේට යන කාලේ වෙච්ච පරණ කතාවක්.

අපේ දහයේ පන්තියේ කෂ්ටිය ඒ පන්තියෙන් එකොලහේ පන්තියට නිකම්ම වගේ පාස් වෙලා උසස් පෙළ කරන්න පටන් ගත්තා.

පොඩි අප්සැට් එකකට තිබුණේ එදා මා එක්ක එකට ඉස්කෝලේ දහයේ පන්තියට ජොයින් වුණු කොල්ලන්ගෙන් බාගයක් විතරක් මැත්ස් පන්තියට එද්දී ඉතුරු අය බයෝ පන්තිවලට ගිය එකයි.

මට අද වගේ මතකයි අපි තුන් මහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කෙලවරේ පන්තියේ ඉඳලා දෙකට බෙදිලා දෙමහල් ගොඩනැගිල්ලේ වෙනස් පන්ති දෙකකට ගිය හැටි.

මැත්ස් කරන්න පටන් ගත්තු ගමන්, දෛශික ද, සම්ප්‍රයුක්ත බල පද්ධති ද, වර්ගජ සමීකරණ ද, අරව ද, මේව ද යනාදී වශයෙන් කලින් අහලාවත් තිබුනේ නැති එක එක කෑලි ඇහෙද්දී මුළදී බයක් තමයි දැනුණේ.

ඒක හින්දා නිකමට වගේ මටත් හිතුණා ටියුෂන් පන්තියකට යන්න.

මං ගියේ ටියුෂන් ව්‍යාපාරයේ අගනුවර වෙන ගම්පහ තිබුණු ටියුෂන් ක්ලාස් එකකටයි.

මේ පන්තිය කෙරුවේ අපි ඉස්සර ඉඳලාම දන්නා ගුරුවරයෙක්. නමුත් පොර ඉස්කෝලෙක උසස් පෙළ පන්තිවලට උගන්වන ගුරුවරයෙක් නම් නොවෙයි. නමුත් ඉතිං ඒක මුළදී අපිට එච්චර ප්‍රශ්ණයක් වුනේ නෑ. හැබැයි මාස හය හතකින් විතර මං ඒ පන්තියෙන් හැලුණා!

මේ කාලේ වෙනකොට අපි අවකලනය සමතික්‍රමණය කරලා අනුකලනයටත් සම්ප්‍රාප්ත වෙලයි තිබුණේ.

ඔය අනුකලනය තියෙනවා නේද? ඕක එක විදියක බීස්ට් කෙනෙක්. ලේසියි කියලා පෙණුනට ලේසියෙන් ආම්බාං කරගන්න බෑ.

නමුත් අපේ පන්තියේ එක පොරක් හිටියා, නම ජනක මිලාන් කියමු, අයියෝ ඕවත් වැඩද කියන ආකරයෙන් හැසිරෙන. අපි මේ නිකං දෙකයි පනහේ අනුකලනය කරද්දී මූ පන්තියේ පස්සට වෙලා ඩබල් ඉන්ටිග්‍රේෂන් ද අරව ද මේව ද ගණං හදනවා ඕසෙට.

පස්සේ බැලින්නම් ඒ අමුතු ගණං මූ යන ටියුෂන් පන්තියේ සෑර් දුන්නු ඒවා.

"මේවා කොළඹ යුනිවසිටියේ ෆර්ස්ට් ඉයර් මැත්ස්වලට දෙන අනුකලනය ගණං!" ජනක මිලාන් අපිත් එක්ක ආඩම්බරෙන් කිව්වා. පොර ගේ ටියුෂන් ගුරා ඒ වෙන කොට කොළඹ විශ්ව විද්‍යාලයේ ෆයිනල් ඉයර් එකේ ශිෂයෙක්.

"උඹටත් ඔන්නම් ජොයින් වෙන්න පුළුවන්. සර් ඩබල් මැත්ස්, පිසික්ක්ස් විතරක් නෙමෙයි කෙමිස්ට්‍රිත් උගන්නනවා."

මටත් පොඩි ආසාවක් ඇති වුණා මේ පන්තියට යන්න. නමුත් සතියේ හැමදාම හවස තුනේ ඉඳලා හය වෙනකං පන්ති. ඒ මදිවට ගාණත් සැරයි. මොකද මේ ටියුෂන් පන්තියේ මේ වෙනකොට ඉන්නේ තුන් දෙනයි. මේක ගෲප් ක්ලාස් එකක්. ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන්.

ඉතිං ඒ හින්දා මං අර විස්ස විජ්ජාල අනුකලන ගණං ඉගෙන ගන්න තිබුණු ආසාව අතහැරියා.

කෙමිස්ට්‍රිවලට අවුරුදක් එක දිගට ක්ලාස් ගිහිං, ඒ මදිවාට තව මාස තුනක රිවිෂන් එකකට ගියත් මං අනිත් සබ්ජෙක්ට්ස්වලට එක දිගට ටියුෂන් ගියේ නෑ. ඔය තැනින් තැන එක එක ටොපික් එකක් අල්ල ගන්න ගියා මිසක.

ජනක මිලාන් දිගටම යුනිවසිටි ගණං හැදුවා. පියෝ මැත්ස්, ඇප්ලයිඩ් විතරක් නොවෙයි, පිසික්ස්, කෙමිස්ට්‍රි හෙමත් යුනිවසිටි ලෙවල් එකෙන් ඉගෙන ගන්න ඇති.

පොර හැමදාම පාසල් ආවත් පන්තියේ ගුරුවරු උගන්වන අතරේත් අර ටියුෂන් ක්ලාස් එකේ වැඩ තමයි වැඩියෙන් කෙරුවේ. ඔය අතරේ අපිටත් ඉඳලා හිටලා පොඩි කිණ්ඩියක් දානවා, අපි හිරවෙලා ඉන්න ගණං ගැන.

අපි හිතුවේ ජනක මිලාන් කෙලින්ම ඒ හතරක් අරගෙන කප් එක ගනියි කියලයි. නමුත් අන්තිමේදී විභාග ප්‍රතිපල ආවාම බැලින්නම් පොර යාන්තං ජාම් බේරාගෙන තිබුණා විතරයි.

මං හිතන්නේ වෙන්න ඇත්තේ මේකයි.

ජනක මිලාන් කැම්පස් ටියුට්ස් හදමින් හිටියා මිසක උසස් පෙළ විෂය නිර්දේශයට අඩංගු දේවල් ගැන වැඩි දැණුමක් තියෙන්න නැතුව ඇති.

කාර් එලවන්න පුළුවන් වුණු පළියට බයිසිකල් එකක් පදින්න බෑනේ.

පොරට විභාගෙන් වැලේ වැල් නැතිවෙන්න ඇත්තේ ඒකයි.

ඉස්කෝලෙන් පස්සේ අපි එහෙට මෙහෙට විසිරිලා ගියා නේ. එදායින් පස්සේ මං ජනක මිලාන් කොහේ ඉන්නවාද, මොනවා කරනවාද කියලා දන්නේ නෑ.

-කතන්දරකාරයා

(image: http://www.superbtutors.com/san-diego-math-tutoring.htm)

67 comments:

  1. ඒකත් එහෙමයි වුනේ එහෙනම්....

    ReplyDelete
    Replies
    1. බැංගලෝරේ යන්නේ නැතෙයි.................

      Delete
    2. අපි නොදන්න මැත් නේද කෙන්ජි අංකල්

      Delete
    3. # දවල්ට කාල ගිහිල්ල එනවා බං.ජෙට් එකේ මොකක්ද ට්‍රබල් එකක් කියල තාම චෙකින්.
      # යාන්තං පහේ පන්තියට ගිය මට මේ මැත් ගැන කියද්දී පිස්සු වගේ බං.

      Delete
    4. ඒක ඇත්ත කෙන්ජි වගේ අයට පොතක කොලයක් පේන්නෙත් පිදුරු ගොඩක් වගේනෙ....

      Delete
    5. Kenji @ JapanOctober 24, 2013 at 7:12 PM
      සිංහලෙන් කියවල කඩ්ඩෙන් ප්‍රතිචාර දැක්වීම ගැන නම් ටිකක් අපුලයි බුවා.
      Kenji, I'm bi-lingual with no real preference for one language in reading and writing but TYPING in English is easier for me. If I knew Japanese I'd be tri-lingual and maybe Japanese typing would be the easiest, who knows? :-)
      I'm not offended by your complaint but genuinely curious as to why English comments are "අපුලයි". Is the problem lingual, psychological, aesthetic or cultural? Or, is it against good blog manners? I have seen some other English comments in KK's posts but I seem to attract complaints. First from කසුජාස and now Kenji.
      Sorry about කතන්දරයට අදාල නැති කරුණු KK, I had some comments in mind because I did mathematics for A/L in the same school as you but these language related complaints fascinate me. My mother tongue is Sinhala but from the time I could read/write/speak English, both languages have been of equal importance/use/enjoyment to me and I have become bi-lingual in my speech and reading and use mostly English for writing. It that අපුලයි ?

      Delete
    6. being bilingual is not a critical problem PRA....... But you know, being bisexual... it is disgusting... specially when a bisexual try to pretend as a hetero..... such as... you know....

      Delete
    7. LOL but no comment, I have enough people disliking me here without getting in to that!

      Delete
    8. Please MR Pra jay you must understand your audiences before communication with them
      english is n't mother tongue of our country. so you mustn't use English in Ceylon for conference with us.

      Delete
    9. well, if you are getting more exposure to kaka through the comments, there is a great potential to get on board...... that's why it has very own benefits of being an anonymous here....

      Delete
    10. AnonymousOctober 25, 2013 at 2:36 PM
      Ceylon????????

      Delete
    11. meka sinhala JEE walak, mekata amuda gahahena bahapalla. tie coat dagena bahinna epa.

      Delete
    12. No thongs, G-strings and bikinis right?

      Delete
    13. definitely not Pra, only diya redda is accepted......

      Delete
    14. @ Pra Jay බුවා;
      උඹ JR ගෙ මුනුබුරා වෙන්න හදන්නෙ නැතිව ලියන වස්ත්‍රයක් සිංහලෙන් ලියපන්.
      කඩ්ඩ දැක්ක ගමන් මගෙ හිස මුදුනෙ පුෂ්පය විකසිත වෙනව.
      ලංකාවෙ හිටියනම් මරදානට හරි පුංචි බොරැල්ලට ගිහිල්ල හරි රු.150/=ක් විතර දීල පරිවර්තනය කොරෝගෙන උත්තර දෙන්න තිබ්බ.
      බොට සිංහල කියවන්න කිසි හෙනයක් නැහැ,ලියන්නයි හෙනේ..
      අනේ බං මමත් දැන් අවුරුදු 30 කට කිට්ටු වෙන්න එනව රට රාජ්‍ය වල යන්න අරන්.
      තාම සිංහලකම ශරීරයේ තියෙනව.දෙමුහුන්,තුන්මුහුන් වෙන්න ගියේ නැහැ.

      Delete
    15. සිංහල භාෂාවෙන් යමක් ලියා ඇති තැනක ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් ලියා ඇති දෙයක් කියවීමට මටද වැඩිපුර කැමැත්තක් නැත. බොහෝ කොට සිදු කරන්නේ එය මග හැර (skip ) යාමයි.

      නමුත් ඉංග්‍රීසියෙන් යමක් ලියන එක සින්ග්රිසියෙන් ලියනවාට වඩා සිය දහස් ගුණයක් හොඳය.

      කොහොම උනත් අපි බොහොමයක් ජිවත් වෙන්නේ ප්‍රාග් අයිතිහාසික ම්ලේච්ච පාලන ක්‍රම පවතී කාලයක හෝ ම්ලේච්ච පාලන තන්ත්‍ර පවතින මුසල්මානු රටක නොවේ.

      මනුෂ්‍යයන්ට යම්කිසි නිදහසක් ඇති , මනුෂ්‍ය නිදහසට ගරු කිරීම අගය කරන මිනිසුන් අතර සිටින අපි ඕනෑම භාෂාවකින් කරන අදහස් ප්‍රකාශ කිරීමක් අපගේ රුචියට නොගැලපුනත් එය මූලග්ගින්න නැගිමකින් තොරව ඉවසා මහත්මානුකුලව සිටීමට පුරුදු කර ගත යුතුය. මෙවැනි දේවල් සාමාන්‍යයෙන් වැදගත් පවුල් වල දරුවන්ට කුඩා කලදීම උගන්වන චාරිත්‍ර ධර්ම වේ.

      කොරියා වල , ශැන්ටි හට්‌ වල කුඩා කල ඇති දැඩි උන රස්තියාදු කාරයන්ට නම් පසුව පිට රටක මහත්මා ගුණ ඇති මිනිසුන් අතර දශක ගණනක් සිටියත් ඉංග්‍රීසියෙන් අදහස් කිරීම වැනි සුළු කරුණක් වුවද , ඇති දැඩි වීමේ දුර්වලතා නිසා ඉවසා සිටීමට අසීරුව "හිස මුදුනෙ පුෂ්පය විකසිත" වන්නට පුළුවන .

      ඔවුන්ට අපි අනුකම්පා කල යුතුය.

      Pra jay , write in any shit. there are many who are fine with it. Whats more important is you being able to contribute and convey . Not the f***ing language you use to do it.

      Delete
  2. ජනක මිලාන් ගැන තොරතුරු සොයා පණිවිඩයක් යැව්වා. විස්තර ලැබුණොත් මේ කතන්දරය අප්ඩේට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. නෑ අවශ්‍ය නෑ. අපි එන්නේ කොමෙන්ට් බලන්න මිසක් මෙලෝ රහක් නැති කකාගේ කයිකතා බලන්න නෙවේ.

      Delete
    2. හරි නම කියනවානම් අපිත් හොයල බලන්නම් . ක්‍රිස්තුවා

      Delete
    3. කවුද ජනක මිලාන් කියන්නේ?

      Delete
  3. වැඩියෙන් අමාරු බයිසිකල් පදින එකද කාර් එලවන එකද? :)

    ReplyDelete
    Replies
    1. නෑ පොඩ්ඩියේ
      ඩ්‍රයිවරයෙකුට වැඩියෙන්ම අමාරු වෙන එකෙක් එළවනකොට පාර දිහා බලාගෙන යන්න.

      Delete
    2. ඔය දෙකම නෙමේ.
      නයි අරින එක තමා ! අහු නොවෙන්න අරින්න එපෑ.

      Delete
    3. මම නං ආසයි බර වාහන එලවන්න. සැහැල්ලු වාහනත් අවුලක් නෑ.
      කකා කැමති මොනවටද?

      Delete
    4. ඔය කොයි එක එලෙවුවත් වැඩිපුරම අමාරු තමන්ට ඉස්සරහින් යන එකා හෙමින් යන එකයි, තමන්ට පස්සෙන් ගිය එකා ඉස්සර කරන එකයි බලන්න වෙන එක

      Delete
  4. ජනක මිලාන් එක්ක කතන්දරත් පන්ති යන්න සෙට් උනා නම කතන්දරගේ කතන්දරෙත් වෙනස් වෙන්න තිබ්බා නේද........ඒක හරියට අර සමනල ආචරණය වගේ.....

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද ජනක මිලාන්ගෙ අදහස්, රුචිකත්ව වගේ ඔක්කොම වෙනස් වෙන්නත් තිබ්බා.......

      Delete
  5. ithin apata paan da ooi

    ReplyDelete
  6. A/L නම් මතකත් නෑ දැන් !!!!

    ReplyDelete
  7. ඌ ඇත්තේ මිලාන් වල වෙන්න ඇති...

    දැන් නම් එහෙම පන්ති යන්න ඕන නෑ.. පේපර් එක දෙන එකෙක්ගේ පන්තියට අන්තිම කාලේ සෙට් උනා නම් ගොඩේ ගොඩ..

    ReplyDelete
    Replies
    1. මම මේ අහන්නම කියලා හිටියේ, ඔය මාතලන් කියන කෑල්ල ඔහේගේ නමේ තියෙනවද? නැත්තං එකේ තේරුම මොකක්ද?

      මොනා උනත් ඔහේගේ සින්ඩිය නං එල. පටස් ගාල අප්ඩේට් වෙනවා. ඩොමේන් එකක් ගත්තා නං එලම එල. මතක තියා ගන්නත් ලේසිනෙ

      Delete
    2. හෙහ්...හෙහ්...දවසේ කියමන.

      Delete
    3. ඇනෝ වහලා ඔබතුමා බලාපොරොත්තු වෙන්නෙ මොන ආකාරෙයේ විමුක්තියක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මාතලන්?

      Delete
    4. මගෙ කොමන්ට් එක මගෙ අතිජාත බොක්ක මාතලන් ලොක්කට හරිය...

      Delete
    5. මේ එන වසන්තය රනිල්ට අපලයි. ඒ හින්ද ඇනෝ ඇරියෝත් මාතලන්ටත් අපලයි.

      Delete
  8. ඔය විදිහේ එකෙක් දෙන්නෙක් හැම පන්තියකම ඉන්නවා. මොකද ගාන ලොකු වුනාම ,කටපාඩමින් වගේ හදන්න පුළුවන් වුනාම මාර සිරා කියලා හිතුවට එහෙම නෑ , ඔය ඔක්කොම හදලා ගිහින් පේරා ඊ ෆැක් එකේ මැත්ස් වලට තිබ්බ ප්ලේස්මන්ට් ටෙස්ට් එකේදී මුළු බැච් එකේම වැඩිම ලකුණු තිබ්බේ 16 .....ඒ ලෙවල් අමතක් වෙච්ච ඉක්මන !

    ReplyDelete
  9. කකා, සැහැල්ලු ලයිසෝන් ගන්න ප්‍රැක්ට්‍රිකල් ටෙස්ට් එක වෑන් කටුවකින් පාස් කරපුවාම, අත් ට්‍රැක්ටරත් පුළුවන් කියලා ලයිසොන් දෙන්නේ කොහොමද බං. මට සැහැල්ලු පුළුවන් උනාට ට්‍රැක්ටර් කොහොමත් බෑනේ.

    ReplyDelete
    Replies
    1. කකා එක්සැමිනර් කෙනෙක් නොවේ. හොට කපපු පැස්බරෙක්. කරුණාකරලා මෙම ප්‍රශ්නය වෙනින් තැනකට යොමු කරන්න.

      Delete
  10. කලනය කියන්නෙ මගේ ෆේවරිට් සබ්ජෙක්ට් එකක්.
    ඔය කේස් එකේම අනිත් පැත්ත මට සිද්ධවුනා. අපි විෂයන් හතරක් කරල කැම්පස් යනකොට විෂයන් තුන කරපු උදවියත් හිටිය. කලනයේ අන්තිම පාඩම වෙච්ච අවකල සමීකරණ විෂයන් තුනේ නිර්දේශයෙන් ඉවත් කරල තිබුනෙ. ඉතිං තුනේ උදවියත් එක්ක ආයෙත් සැරයක් ඒ ලෙවෙල් අවකල සමීකරණ ඉගනගත්ත

    ReplyDelete
    Replies
    1. ඕව මොකුත් නොකරපු ආචාර්ය්‍ය වරුත් අද හරි හරියට ඉන්නවා. උනුත් හොට කපපු පැස්බරෝ වගේමයි. මෙලෝ රහක් නෑ. කක්කා කතා, චූ කතා මයි කියන්නේ.

      Delete
    2. හලෝ රාජ් කොහොමද? ලඟදි පාටියකට එහෙම ගිහිං බිව්වේ එහෙම නැද්ද?

      Delete
    3. ලගදි වැඩ කරගන්න ආපු අසරණයෙක් මරා ගත්තෙ නැද්ද?

      Delete
    4. අද බොනව. පඩි දවසනේ!

      Delete
    5. පඩියෙන් බීලා ජරාවෙන් ජීවත් වෙනවා.... ඔන්න අපේ රාජ්‍ය සේවය....

      Delete
    6. AnonymousOctober 25, 2013 at 1:41 PM
      සංතෝසයිද ජෝනා සංතෝසයි බෝනා!

      Delete
    7. හරි ඉතින් පඩිය ප්‍රමාණවත් වෙන්නෙ බොන්න විතරයි..... ජරාව නොකා හාමතේ මැරෙන්නද කියන්නෙ?

      Delete
  11. ඒකාලේ S එකක් ගත්තත් ඉංජිනියරින් යන්න පුලුවන් නිසා හොඳයි.
    නැත්තන් ඉතින් කෑලි අහුලලා මේ කපේදි කැම්පස් යන්න වෙන්නේ නෑ... ඔය කියන්නේ අඩූව දශකයේ නේ. මේ විසි එක් වෙනි සතවාර්සේ !

    ReplyDelete
    Replies
    1. නැත්තන් ඉතින් පැරෂුට් පොරවල් කවදා ගිය ඉන්ජිනේරින්ද බන්.... අද කාලෙ නම් මේ වගේ එව්වො යාන්තම් ඕපන් යුනිවසිටි එකට යන්න පුලුවන් වෙන්න තමා රිසල්ස් ගොඩ දාගන්නෙ.....

      Delete
  12. O/L , ඩී අට ගත්ත එවුන් A/L නාගන්නවා .... A/L ඒ හතර ගත්ත එවුන් කැම්පස් එකේදී ඇන ගන්නවා..... ඔය දෙකම ගොඩ දාගත්තු එවුන්ගෙන් අට පාස් මන්තිරියෝ හරක්ගෙන් වගේ වැඩ ගන්නවා ...... හප්පා විපරිත ලෝකේ.....

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් ද, ඔය ඔක්කොම දාගෙන කොලේ අරගෙන පිටට පනින අයත් බොහෝ වෙලාවට ඇනගන්නවා මද පුහුණුව නිසා , එහෙම නේද කකා
      ක්‍රිස්තුවා

      Delete
    2. ඇයි ඔහොම ඉහලටම යන අයියලා තමන්ට හැම වැඩේම පුළුවන් කියලා හිතාගෙන අධිතක්සේරුවකින් කවි, කථා, සින්දු සහ පොත් ලියලා ඇනගන්න එක.....

      හප්පේ ඒකනෙ ඇනගැනිල්ල..... බලන්න අජූවයි......

      Delete
    3. ඇයි මේ අනෝ අයියට එහෙම කරදරක් වුණාවත්ද?
      ක්‍රිස්තුවා

      Delete
    4. @ ක්‍රිස්තුවා
      ලගදිද මේ බ්ලොග් එකට ආවෙ? අහල බලලා කියවලා නැද්ද අපේ පොර ලියපු සින්දු, කයි, කයි කතන්දර, කථා එහෙම....

      Delete
    5. ඉතින් ඔහෙ ලියපු දෙන්..... අපි කියවමු..... එහෙමවත් දෙයක් ලිව්‍වේ නැතිනම් අපි මොනව කියවන්නද ? ක්‍රිස්තුවා

      Delete
  13. ඔය ජනක මිලාන් ලා ඔහොම තමයි. අපි ආසන්න නගරයේ ඉස්කෝලෙට ඉගෙන ගන්න යද්දි අපේ ගමේ එකෙක් හිටිය නුවර ලොකු ඉස්කෝලෙකට ගිය. ඌට යන්න පැය දෙකහමාරයි එන්න පැය දෙකහමාරයි බස් එකේ කාලය ගත කරනවා. ඒ කාලෙ බස්වල ඉතින් දැන් තරම්වත් ඉඳගෙන යන්න චාන්ස් එකක් ලැබෙන්නෙ නෑනෙ. බස් එකේ යන ගමන් අධ්‍යාපන කටයුත්තක් කරනව කියන්නෙ බොරු. නිදාගන්න ලැබෙන්නෙත් නෑ. ඉතින් දවසට පැය පහක් අපතේ.
    මිනිහ ඉස්කෝලෙ ගියෙ පාන්දර හතරහමාරෙ බස් එකේ. අපි ගියෙ හය හමාරෙ. පාන්දර බස් එක නැති වුන දාට මෑන් අපට සෙට් වෙනවා. මිනිහත් කතා කළේ ඔය ජනක මිලාන් බාසාවෙන්ම තමයි.

    ඒ ලෙවල් වලින් පස්සෙ මෑන් ආගිය අතක් හොයාගන්න බැරි වුනා. කැම්පස් ගියෙ නම් නැද්ද කොහෙද?

    ReplyDelete
  14. ආනන්දේ වගේ වගේ හොඳ ඉස්කෝලෙකට ගියහම පංති යන්ඩ ඕන යෑ.. නේද කකා... :)

    ReplyDelete
  15. ඔය සයන්ස්කාරයන්ගෙ තියෙන ඔය ස්වභාවය නිසා තමයි අපි කොමස් කෙරුවෙ !
    මට මතක් උනේ අපේ ක්ලාස් එකෙත් හිටියා 1970 ගනන් වල ඉඳලා පහුගිය ප්‍රශ්න පත්තරවලට උත්තර ලියපු කෙල්ලො සෙට් එකක්..බැනුම් අහන එකෙන් ගැලවෙන්න අපිත් අවුරුදු 3කද කොහෙද ඒවා කලා..අන්තිමේ සිලබස් එකෙත් පාඩම් 12ක් තියේනම් හරියට කරලා තිබ්බෙ 6යි නැත්නම් 7යි. 89 භීෂණ සමයනෙ..හරියටම විභාගෙ 90 අගෝස්තු..ලක් එක කොහොමද කියනවා නම් ප්‍රශ්න පත්තර හතරටම අහලා තිබ්බෙ මම බලාගෙන ගිය කොටස් වලින්ම තමයි..වැඩේ ගොඩ !

    ReplyDelete
  16. කැම්පස් හීනෙ හැබෑ කරගන්න මේ වගේ නොමග යන අය අදටත් ඉන්නවා. අපේ පන්ති වලත් මේ වගේ අය හිටියා...

    ReplyDelete
  17. මැත්ස් අරහං හින්දා බයෝ කලා. ඒකත් බැරිඋනා. හෝටලයක වැඩට ගියා. එතනින් ගොඩ. මස් කපන්නේ සූලොජි මතක් කර කර. එලවලු කපනවා බොටනි මතක් කරකර.

    ReplyDelete
  18. අපේ‍ පන්තියෙත් හිටියා ප්‍රියංගිකා කියලා ගැහැනු ළමෙයක්. ගණන් පුලුවන් වතුර වගෙ. ගණන් සර්ටත් උගන්නනවා වැරදුනාම.

    ReplyDelete
  19. 4න් පස්සෙ කොමෙන්ට් පබ්ලිශ් කරලා නෑ.... ෂුවර් එකට අද කාලක් ගහලා කණමදයා වගේ බුදි ඇති......

    ReplyDelete
  20. කලනය නම් මමත් කැමති විෂයක්.මම නම් පන්ති ගියා විෂයක් හතරටම අවරුදු තුනක්ම.මොකද පලවෙනි පාර ඇන ගත්ත.ඔය වගේ ලොරි කතා කියා කියා උන්න කෙල්ලෝ ටිකක් හිටිය අපි ගිය එක ටියුෂන් පන්තියක.අපි පලවෙනි පාර උසස් පෙළ කරන්න පන්ති යනකොට.අපි නම් දන්නවා අපිට දෙවෙනි පාර තමා කියල ගොඩ යන්න වෙන්නේ.මුන් පන්තියේ අන්තිම දවසේ සර්ට වැදලා අඩලා ආයේ කවදාවත් හම්බවෙන්නේ නැති විදියට සමු ගත්තේ.අපි හිතුව මේ පාර නම් කොල්ලෙකුට පලවෙනි පහටවත් එන්න බැරි වෙයි කියල.අනේ මෙන්න අපි රිවිෂන් යනකොට මුල්ම පේලියේ ඉන්නවා සෙට් එක....

    ReplyDelete
  21. අපේ පන්තියෙත් හිටියා math වලට මාර මීටරයක්. සර් ගාන ලියනකොට මූ හදලත් ඉවරයි. හැබැයි අනිත් සබ්ජෙක්ට්ස් එච්චර බැහැ. A-1 යි C-3 යි ගත්ත. A එක මොකටද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. Colombo campus ගිහින් math ස්පෙෂල් කලා. ඇමරිකාවෙ ගිහින් ඩොක කලා. දැන් මහාචාර්ය වරයෙක්. ඔන්න පේරාදෙණිය පැත්තෙ කම්මලක ඉන්න මැට්ටන්ට ගණන් උගන්නනවලු.

    ReplyDelete
  22. මන් කලනය සහ අවකලනය ගැන විතරක් ක්ලාස් එකක් කළා A/L කරලා ගෙදර ඉද්දි ,, ආසාවෙන් කලොත් එතරම් අපහසු නැහැ ,,

    මේ කතාවේ කියපු කෙනා වගේ කෙනෙක් හිටියා අපේ ඉස්කෝලෙත් ,, එයා කලේ අනිත් විෂයන් දෙකම පැත්තක දාලා බයෝ ක්ලාස් එකේ සර්ට පෙන්නන්න ලස්සනට රූප සටහන් ඇදපු එක ,,,හොදට අදින්න පුළුවන් ,, ළමයි කීවා ආර්ට් ක්ලාස් එකකට යන්න කියලා අන්තිමට රිශල්ට් www ,, ඊට පස්සේ සෙකන්ඩ් ෂයි ආර්ට් කලාලු ,,ඒ ලේවල් මට්ටමට ආපුවාම මිනිස්සු ගොඩක් අමුතු වෙනවා මන් දැකල තියෙනවා

    ReplyDelete
  23. අයියෝ අවකලනය නෙමේ අයියෝ අනුකලනය දැන් දැක්කේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.