ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday, 22 October 2013
වෙඩින් ගොයින් බයි අනුන් ගේ කාර් - What I would do, if I were you?
ඔන්න අපි යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු පහ හයකින් විතර අපේ බැචෙක්ගේ වෙඩිමකට මට ආරාධනාවක් ආවා.
මේ වෙනකොට අපේ බැචාලා තවත් දහ දොළොස් දෙනෙක් ම කසාද බැඳලා, සමහරු තාත්තලා බවට පරිවර්තනය වෙලාත් ඉවරයි.
මං අර පස්තාච්චි කුපාඩි වැඩවලට එහේ මෙහේ ගිහින් හිටිය හින්දා ඔය වෙඩිං ගොඩකට යන්න ලැබුණේ නෑ.
ඒ හින්දා, මේ වෙඩිම තිබුණේ දුර බැහැර පලාතක (මාතර කියමු) වුනත්, මේකට නොවරදවා යන්න ඕනෑ ය කියලා මං හිතා ගත්තා.
දුර බැහැරය කිව්වාට කොහේ වුනත් ලංකාව ඇතුලේ නේ. අනික අපි කොළඹ අවට හිටිය අයට තමයි ඔය දුර. ඒ පලාතේ හිටිය නං වෙඩිම අත ලඟ!
ඉතිං මං ප්ලෑන් කළා උදේම කොළඹ ගිහින් බස් එකක නැගලා මාතර අහ යන්න. පෝරුවේ නැකත තිබුණේ දහයකුත් ගාණටද කොහෙද?
කවදා හරි ඔය පෝරුව කියන අට්ටලමේ නගින්න වෙන හින්දා ඒ පෝරුවේ කරුමාන්තේ වෙන හැටිත් බලා කියා ගන්න මට ඕනෑකම තිබුණා.
ඔන්න වෙඩිමට සතියක් විතර තියලා මගේ වැඩපොළට ආවා කෝල් එකක් මගේ හොඳ මිතුරෙක් වෙන සෙත්සිරි ගෙන්.
"මචං, කතන්දරකාරයා, උඹ ෂෙල්ටා ගේ වෙඩිමට මාතර යනවාද?"
"ඔව් මචං යන්නයි හිතන් ඉන්නේ, උඹ යනවාද?"
"ඔව්, ඔව්, මාත් යනවා. මචං මං මගේ කාරෙකේ යන්නයි ඉන්නේ. උඹටත් එන්න පුළුවන්. අපි පෙට්‍රල්වලට යන ගාණ බෙදා ගම්මු."
මේ කාලේ වෙනකොට සෙත්සිරියා පොඩි පහේ ෆැක්ටරි මැනේජර් කෙනෙක්.
මංතුමා 6% තියා හුලංවත් නැති නිකම්ම නිකං ආණ්ඩුවේ ආධාර සහිත වැඩපොළක කඹුරණ අසරණයෙක්.
ඔය දවස්වල ලිටරේ තිස් පහයිද කොහෙද, ඒත් ඉතිං අපේ පඩිත් ඒ වගේම අඩුයිනේ!
සෙත්සිරියාට පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තං, මා ලඟ කොහෙන්ද ඒකට සල්ලි?
"මචං මං බස් එකේ ගිහින් එන්නයි හිතන් ඉන්නේ!" මං ෂේප් එකේ ෂේප් වුණා එහෙම කියලා.
ඒ කොහොම වුණත්, පහුවදාම තවත් මේ වගේ ෆැක්ටරියක මැනිජර්කමක් කරපු අපේ බැචෙක් වුණු බණ්ඩාර පොරට කොම්පැනියෙන් දීලා තිබුණු කාර් එක මේ මාතර ගමන යන්න ඉල්ලාගෙන මටත් ජොයින් වෙන්න කතා කළා.
හැබැයි බණ්ඩාර ප්ලෑන් කරගෙන හිටියේ මගුල් ගෙදර ගිහින් එතනින්ම බණ්ඩාරවෙල පොරගේ මහ ගෙදරත් යන්නයි. ඉතිං මට ගමණේ මුල් බාගෙට නොමිලේ ප්‍රවාහන සේවාවක් ලැබුණා!
බණ්ඩාර ගේ කාර් එකේ ෆුට් බෝඩ් එකේ නැගිලා ඔන්න මං වෙඩිමට ගියා. අපි ගිහින් ටික වෙලාවකින් සෙත්සිරිත් තම කුඩා පවුල සමග එතනට සම්ප්‍රාප්ත වුණා.
ඉතිං, පෝරුවේ සෙරමනියත් දැක බලාගෙන, පොඩ්ඩක් විතර සප්පායම් වෙලා, බත්, වටලප්පං හෙමත් කාලා ඔන්න අපිට ගෙදර යන්න වෙලාවත් ආවාය කියමුකෝ.
සමහර විට මගේ හිතේ කොණක තියෙන්න ඇති සෙත්සිරියා පොරගේ කාරෙකේ කොළඹ යන්න මට කතා කරාවිය කියලා සිතුවිල්ලක්. කෙළඹ ඉඳන් ආපු කාරෙක කොහොමටත් ආපහු යන්න එපායැ. අනික සෙතා යි වයිෆරෙයි විතරයි කාරෙක් ආවේ.
නමුත් ඒ සිතුවිල්ල තිබුණේ ඉතිං මගේ හිතේ නේ.
සෙත්සිරි ගේ හිතේ එහෙම සිතුවිල්ලක් තිබුණු බවක් පෙණුනේ නෑ.
පොරයි වයිෆරෙයි කාර් එකේ නැගිලා යන්න ගියා.
මං හෝටලේ ඉඳලා පයින්ම බස් නැවතුමට ගිහින් කොලඹ බස් එකක නැගලා ගෙදර ආවා.
මේ කතන්දරේ මතක් වෙච්ච වෙලාවේ ඉඳලාම මං කල්පනා කරන්නේ මං සෙත්සිරි නම්, මං මාතර ඉඳලා ආපහු ගමනට එන්න කියලා කතන්දරකාරයාට කතා කරනවා ද, නැති ද කියලායි!
-කතන්දරකාරයා
(image: insert URL here)
Subscribe to:
Post Comments (Atom)
මං සෙත්සිරි නම් අනිවාර්යෙන් කතන්දරට කොළඹ යන්ට කතා කරනවා.
ReplyDeleteමම කතන්දර නම් මම එයාට බෑ කියලා, බණ්ඩාර එක්ක බන්ඩාරවෙල යනවා... :D
මම බණ්ඩාර නම් සෙත්සිරිට කියනවා කකාව කොළඹ එක්කන් යන්න කියලා
Deleteමම කකා නම් සෙත්සිරිට බණ්ඩාර එක්ක බන්ඩාරවෙල යන්න කියලා සෙත්සිරිගේ වාහනේ අරන් කොළඹ එනවා.
Deleteසෙත්සිරි එක්ක යන්න තිබුණේ සෙත්සිරිපායට!
Deleteසෙත්සිරිය මාර බුවෙක් නොවැ.
ReplyDeleteමොන මලපෙරේතයෙක්ද නේ ,, හරිනම් එයයි ලජ්ජා වෙන්න ඕනේ තමන් වයිෆ් එක්ක කොහොමත් යන එකේ යාළුවව එක්ක යන්න පෙට්‍රල් වලට බාගයක් දෙන්න කියන්න ,,
Deleteඒකනෙ මෙයා......
Deleteයාලුවො කියල හිටියට 99.9% ක්ම ඉන්නෙ කුහකයො අනේ....
මටත් දැන් ජිවිතේ එපා වෙලා අෆ්පා................
හි හි ඕවා ෆීමෙල් වර්ඩ්ස් ඈ මෙයා ,, කෙන්ජයියගේ හාමිනේද මේ කොමෙන්ට් එක දැම්මේ :)
Deleteලෝබකමට නොවෙයි, කාර් ගත්තට පෙට්‍රල් ගහන එකත් ලේසි වැඩක්යැ?
Deleteඊයේ මා හිතවත් බ්ලොග් කරුවන්/කාරිනියන් කීප දෙනකුගේ අඩවි වල සහන් මල්ලිට දැමු පණිවිඩය නිසා,එතුමන්/එතුමියන් ලාට ඇතිවූ අපහසුතාවයට සමාව අයැද සිටිමි.
ReplyDeleteඑක් තැනකදී සහන් මල්ලිට පුෂ්පය විකසිත වී ඇති බව දුටු මා ඉමහත් අමන්දානන්දයට පත් වුනෙමි.
ඔහුගේ නියම සයිලන්ට් කම මා දුටිමි.
එහෙනම් සහන් මල්ලි සයොනාරා...!!
(පුෂ්පය විකසිත වචනය අපේ කෝරලේ මහත්තැන් විසින් හදුන්වා දුන් වචනයකි.)
නිකං ගූ කෑලි පුම්බන්නේ නැතිව ඉදපන් කෙන්ජියෝ. ඔය වගේ අයව නොසලකා හැරීම තමයි කරන්න පුළුවන් හොදම දේ. කකා අරුණිට කල දේ වගේ, මාරයට කල දේ වගේ.
DeleteKK, your blog is a dual- purpose vehicle:
Delete1. conveys information and provides amusement
2. serves as an arena for visitors with grudges against each other
There are occasions when 2 is better than 1.
//ඔහුගේ නියම සයිලන්ට් කම මා දුටිමි.//සහන් දෙනකොට රිදෙන්නම දෙනව. සයිලන්ට් කියල හිතල අනින්න ගිහින් බැනුම් ඇහුවද ? හොදවැඩේ කෙන්ජිට
Delete@AnonymousOctober 22, 2013 at 10:54 AM
Deleteඑකෙන්ම!!! දාපන් ඇනෝ 5ක්!!!!!!
මෙන්න ප.......හායි !!!!!!
Deleteමම අනින බුවෙක් මිසක්,
Deleteඇනගන්න බුවෙක් නෙමේ මචනස් ල..
සහන්ට ඉක්මන් සුවය පතමි.
Deleteඒකත් එහෙමද
ReplyDeleteකෙන්ජි නො ඔකාසන්@Japan
අරිගතෝ
Deletekatada me pal haeli kiyawanna oone. ape kale kanawa.
ReplyDeleteසමහරවිට කකා ඒ සෙත්සිරි කියන කෙනා හිතුවද දන්නෑ කකා කොළඹ ඉදන් ගිය වාහනෙම ආපහු යයි කියලා.
ReplyDeleteහිතන්න ඇති, ඇහැව්වේ නම් නෑ!
Deleteමම සෙත්සිරි නම්, ආවෙත් මගෙ වයිෆරේ එක්ක විතරක් නම්, ඔච්චර දුරක් ආපු එකේ, එකපාරටම කොළඹ යන්නේ නැහැ...
ReplyDeleteහි හි
Deleteවිශේෂයෙන්ම බැඳපු අළුත!
Deleteකකා ගැන දන්න එකෙක් නං කතා කරන්න තියා මූන බලන එකක් නැතෙයි කියල ඇනෝ මිත්තරායෝ නං කියාවි. ඒ උනාට අවුරුදු ගානක් එකම බැචේ හිටිය එකෙක් විදියට තරහකාරයෙක් උනත් අපි නං දාගෙන යනවා.
ReplyDeleteඔහේ ඒ උනාට මාතර පැත්තේ ගියාම ඩිංගක් සප්පයාම් වෙලා මක්කටෙයි අනිත් පැත්තට අවේ ආ...
සෙත්සිරි අදත් මගේ හොඳ යාළුවෙක්!
Deleteසෙත්සිරි දෙන මහ ගුණ..........
Deleteලෝවැඩ සඟරාව මතක් වුනා.
ඔයත් හරි සෙත්සිරියත් හරි හැම දෙකටම මිලක් තියෙනවනේ. නිකන්ම ලැබුනොත් අගයක් නැති වෙලා යනවා.... එදා ඔය සෙත්සිරි එක්ක අවනම් අද මෙතන මේ කතාව නැනේ
ReplyDeleteඒක නං ඇත්ත!
Deleteඑහෙම වුණා නම් අද මේ කතන්දරේ නම් නෑ, වෙනිං කතන්දර ගෝණියක් තියෙන්න ඉඩ තියෙනවා!
දැන් දැන් එක පිළිවෙතක් වත් නැති මෙහේදී, හිමිකම් තියාගෙන හීන මානයෙන් දුක් විදින මෙහේදී, ඉංගිරිසිය පිටට නොව ඇතුළේ ලොකු කතාවක් බව පෙන්නන්නට තුත්තිරි කරගන්නා මෙහේදී, සාමූහිකව නොවූවත් පුද්ගලබද්ධව වුව හිත ඇත්නම් පත කුඩාද කියා බලන්නට හිතෙන්නක්. ඒ මිනිසුන්ගේ ගුණාගුණ බිදක් වත් නොදන්නා මුත් එක හිත ගොඩනැගීමකට මුල් වෙන බව මෙයින් නොපෙනේද? ප්‍රතිපදාවේ සාර අසාර බව අනුව ඔවුන් විපාක විදින්නට සූදානම් නම් එතැන බොරුකාරයින් හෝ කපටින් සිටීවිද? සපුරා නිදොස් බවක් නොව පිළිවෙලක්, පිළිවෙතක් එහි නැතිද?
ReplyDelete???????????
Deletemokak da me kunuharupe ????????
Deleteඔය ඉන්නේ [October 22, 2013 at 8:22 AM] ආනන්දයෙන් ප්‍රඥාවට ගිය ඇනෝවෙක්.
Deleteමේ ඉන්නෙ ආනන්දෙන් මුග්ධ බවට ගිය ප්‍රොෆයිල් කාරයෙකුත්....
Deleteකතාකරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ සප්පායම් වෙච්ච මාත්‍රාව අනුව .
ReplyDeleteකතා නොකරන මාත්‍රාවෙන් සප්පායම් වෙලා ඩ්‍රයිව් කළොත් මළා තමයි!
Deleteඔය වගේ සෙත්සිරියෝ අනත්තවත් ඉන්නවා... මුලින්ම සෙත්සිරිය කතා කල වෙලාවේම කතන්දර ප්‍රතිෂේප කල ගමන ආපහු සෙත්සිරිය යමු කිවත් නොයන එකයි කරන්න ඕන ...මොකද යාලුවෙක් එක්ක වෙදිමකට යනකොට පෙට්රෝල් වියදම දෙන එක යන ඇය තීරණය කොරන්න ඕන මිසක් ඉල්ලන සිරිතක් නැති නිසා...
ReplyDeleteකකා සෙත්සිරිය උනා නම් කතා කරන එකක් නැහැ කියලයි හිතෙන්නේ ..මොකද මුලින්ම කකා එක්ක සෙත්සිරිය යන්න කතා කලේ මිත්‍ර කමකට නොවන නිසා ..
සමහරු සල්ලි නැති වුනත් මගුල් ගෙවල්වලට කාර්වලින් යන්නයි කැමැත්ත. කාන්තාවන්ට විශේෂ ඇඳුම් ඇඳගෙන යන්නත් තියෙනවා නේ!
DeleteThat's the point Kaka.
Deletewho cares this shits !!!
ReplyDeleteබාගද මිනිහට ආපහු යන ගමං වෙන වෙන රාජකාරිත් තිබුණද දන්නෑනෙ. කතන්දර දාගෙන ගිහිල්ල මිනිහ ඒ වැඩ කරගන්නෙ කොහොමෙයි.
ReplyDeleteහැබැයි ඒ බවක් කීවේ නෑ මට කතා කරපු වෙලේ. අළුතින් ඬැඩක් සැට් වුණාද කවුද දන්නේ නේද?
Deleteඔරිජිනල් කතන්දරයක්! තැන්ක්‍යු කකා.
ReplyDeleteමම කල්පනා කලේ සෙත්සිරිගෙ ඔලුවෙ වැඩකලේ මොකද්ද කියල. කකා බස් එකේ යන්න නියම හේතුව මෑන්ට අනුමාන කරල තිබුනද? නැත්තං කකා බස්එකේ යාම වඩා හොඳයි කියල හිතල කාර් එක ප්‍රතික්ෂේප කලා කියල එයා හිතුවද? නැත්තං ඇත්තම කේස් එක දැනගෙන, මූ මොකටද පිනට එක්ක යන්නෙ කියල හිතුවද? නැත්තං නෝන එක්ක වෙනත් ගමනකුත් යෙදිල තිබුනද? ඕන එකක් වෙන්න පුළුවන්.
කොහොම උනත් වාක්‍යක් නාස්ති කරන්න බලාගෙන හරි කකා ගැන ඇහුවෙ නෑ කියන්නෙ මෑන් ලෝභ කුහකයෙක් වීමේ වැඩි ඉඩක් තියනව.
a#w~wtm amwk @vl` @vn~nw~ id wQ@ynv`.
Deleteඑළ රිප්ලයි එක! :-)
DeleteKaputa: a#w~wtm amwk @vl` @vn~nw~ id wQ@ynv`.
DeleteUnicode: ඇත්තටම අමතක වෙලා වෙන්නත් ඉඩ තියෙනවා.
"අප්පමාදෝ අමත පදං "
ReplyDeleteඉස්කෝලේ ආනන්දේ උනාට වෙලාවට කමෙන්ට් පබ්ලිශ් කරන්නේ නෑ. අපි එන්නේ පෝස්ට් එක කටපාඩම් කරන්න නෙමේ. කමෙන්ට් බලන්න. ඒ නිසා කමෙන්ට් ටික වෙලාවට පබ්ලිශ් කරන්න.
ඒ බැරි නම් යූසර් නේම් පාස්වර්ඩ් අපිට දෙන්න. අපි වෙලාවට කමෙන්ට් පබ්ලිශ් කරන්න. කකාට තියෙන්නේ ඉඩක් ලැබුනම ඇවිත් අපි වැරදි කමෙන්ට් එකක් පබ්ලිශ් කරලා තියෙනවා නම් ඒක කපලා දාන එක..
කකා තව අවුරුදු 4කින් කූරියා ගැහුවම මේ බ්ලොග් එක පාලුවට යයි.. ඒක වලක්ක ගන්න අපට පාස්වර්ඩ් දෙන්න.
ReplyDeleteදෙකහාමරයි!
Deleteදෙන්න දෙන්න. ඇනෝලාගේ කකා සුරැකීමේ ජාතික ව්‍යාපාරෙන් කක්ක බ්ලොග් එක maintain කරගමු. ඒසදහා ඔබේ password එක අපිට ලබාදෙන්න
Deleteඔයා කතා කරනවා යන්න එන්න කියලා ඒ ආදරේකට නෙමේ ,,, සෙත් සිරියට රිද්දන්න ,, හි හි
ReplyDeleteKakka Iya ada shoak kathawak liyala. Harima rasawath.
Deleteඇත්තටම මේ කෙස් එක මගේ හිතේ මෙච්චර කල් තිබුණේ ඇයිද මන්දා?
Deletebloody fool.
Deleteමම හිතන්නෙත් සෙත්සිරි හිතන්න ඇති ආව විදියටම කතනදරකාරයා යාවිය කියලා අනික එක පාරක් කතා කරලා නාපු එකේ තව පාරක් මොකට කතා කරනවද
ReplyDeleteඅප කවදාකවත් එය දැන නොම ගනු ඇත! සිරාට මේක අමතකත් ඇති.
Deleteකොට්ටෝරුවා හැම ගහකටම කොට කොට ගිහින් කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියන්නා වගේ අපේ කැපිටල් ඇනෝ තුමා හැම බ්ලොගේම මෝඩ කමෙන්ට් කොට කොටා ගිහින් ගොසිප් සයිට් එකක කමෙන්ට් කොටලා ලුනු ඇබුල් ඇතුව හොදටම අහගෙන... !!!
ReplyDeleteමෙන්න උන්දෑගේ කමෙන්ට් එක....
ANE MANDA OYA KATTIYA MONA PASALATADA GIYE KIYALA.....GANA HADANNE MEHEMAI.....COLOMBOWALA IDALA GALLATA YANNA NORMAL ROAD EKE PEYA 4 K YANAWYAKA,,,KATUNAYAKATA PEYA 3 K TRAFIC EKATA AHU UNAWA BALANNA PEYAKATA RS 100 K UNAMA GANA HARIYANNE NEDDA KIYALA
//දුර බැහැරය කිව්වාට කොහේ වුනත් ලංකාව ඇතුලේ නේ. අනික අපි කොළඹ අවට හිටිය අයට තමයි ඔය දුර. ඒ පලාතේ හිටිය නං වෙඩිම අත ලඟ!//
ReplyDeleteඕනෙ දිහාවකට තියෙන්නෙ පයින් යන දුරක් කියලා කවුද මන්දා කිව්වා වෙලාව තියෙනවානං.ඒකත් ඇත්ත.
ලංකාවෙ ඇතුලේ!
Deleteමොකද මුදේ උඩ පයින් ඇවිදින්න බෑ නේ.
THIS IS NOT ME. DO NOT MISUNDERSTAND.
ReplyDeletesorry buddy !
Deletei do not want to insult you.
මෙහෙම් පැත්තක් තියෙනව නෙ.කතා කලාම බස් එකෙ යනව කිවුවෙ මොනවහරි උවමනාවකටද දන්නෙ නැති නිසා සෙත්සිරය කතා නොකල වෙන්න පුලුවන් නෙ.හැබැයි තෙල් ගහගෙන යන්න කතා කල එක නම් හිගන වැඩක්.එක නොකිය එක්ක ගියානම් ගොඩාක් වෙලාවට තෙල් ගහන්න සල්ලි දෙනව නෙ.(මම නම්)
ReplyDeleteමට නං තෙල්වලට දෙන්න සල්ලි තිබුනේම නෑ.
Deleteවෙඩිමට ගිහින් ලියුම් කවරේ දාලා කීයත් විතර දුන්නද.....................
Deleteඅර කිව්වා වගේ, කවුද දන්නෙ සෙත්සිරි උන්ගේ මහ ගෙදර ගියාද කියලා. එහෙම නැත්නම් ජෝඩුව එක්ක ගෙස්ට් එකකට ගියාද කියලා පොඩි චේන්ජ් එකකටත් එක්ක. හොඳම වැඩේ තමයි අනුන්ගේ ඒවල එල්ලෙන්නේ නැතුව ඉන්න එක.
ReplyDeleteදැන් එතකොට ඌ කතා කලා නම්, කතා යනවද....?
අනිවා යනවා. ඇයි බං බස් ගාස්තුවත් ඉතුරුයි, ඒකෙන් මෝනිස් විස්කෝතු කන්න තිබුණා!
Deleteස්කුබි ඩූබි ඩූ විස්කෝතු.........?
Deleteසෙත්සිරියා රිදෙන්නන රිටන් එක දුන්නා නේද? කකා.
ReplyDeleteඑහෙම නොවුනා නම් අද මේ වගේ පෝස්ට් එකක් වැටෙයි යෑ.
:-D
එහෙම නොවුණා නම් මීට හාත් පසින්ම වෙනස් කතන්දර කියන්න අත්දැකීම් ලැබෙන්න ඉඩ තිබුණා!
DeleteAno @ 12.48 p.m. is kaka himself. no other ano.
ReplyDeletebuh....
ReplyDeleteballekda buranne, nathnam kaka da?
Deleteකකා බුහ් ගාන්නෙ නෑ.... උම්බෑ කියලා තමයි කියන්නෙ...
Deleteඅනුන්ගෙ පානින් එළිය බලන්න බලන් ඉන්න කකා වගේ අපතයෙක්ට ඔහොම වෙලා මදී.... මගදි බස් එකත් කැඩිලා මග තැපලා එන්න සෙට් වෙන්න තිබුනෙ.....
ReplyDeleteතමන්ගෙ බ්ලොග් එකේ කොමෙන්ට් එකකට රිප්ලයි දාන්න අකමැති එකා අනුන්ගෙ කාර් වල එල්ලෙන්න බලන් ඉදල තියෙන උජාරුව දැක්කාම පුකෙනුත් හිනා......
මට අනුව නම් සෙත්සිරිට මෙතන දොස් කියන්න බෑ නේ. ඒ මනුස්සයාත් කැමති ඇතිනේ තනියම තම්න්ගේ බිරිඳත් එක්ක ගමනක් බිමනක් යන්න. ( අර මුලින් සල්ලි බෙදාගන්න අහපු කතාව නම් මා අනුමත කරන්නේ නෑ. එක්කෝ සද්ද නැතිව ඉන්න ඕනේ) ඒත් මේක පොඩ්ඩක් විතර අවුල් නේ.
ReplyDeleteරංගි මේක සෑහෙන්න පරණ කතාවක්. අපි දෙන්නාටම සල්ලි නෑ! මට මගේ ස්කේල් එකෙන්, සෙත්සිරිට පොර ගේ ස්කේල් එකෙන්.
Deleteɐppɐu ǝƃɐɐʞɐʞ ɐɯıpǝʌ ɐuɐƃ ɐpoɥ ɐɹɐpuɐɥʇɐʞ ɥʇnʞnɯ ?? uooɯʎǝuoɥ ɐʇɐsɐʍɐp ǝssɐd ɐsɐʌɐp ɐuɐƃ ǝuɐɹɐɥʇıʌ ǝʌʌıʞ.
ReplyDeletehow did you do this ??
Delete˙ɐuuɐןɐq ɐuɐɥʇǝɯ ɐuuǝɯ
Deletehttp://textmechanic.com/Reverse-Text-Generator.html
ıɐɹɐɥʇıʍ ɐʍnpɐɥ ɐuuɐƃɐʇıɥ uǝʍnןo
Deleteංපඳඉ ාලිල්ලඑ ්මනායිග රදෙග ්ලුඟම ෙගාලුවව
Delete(වවුලාගෙ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා ඉඳපං)
ඒ ක්‍රමේ සිංහල කොටන්න හරියන්නේ නෑ බොලන් කකා.
වෙන ්ලවේද මුදුප ේන්නග ායොහ ්තලෝනඇ ේපඅ
Deleteකකා මේ ක්‍රමේට දිගටම පෝස්ට් දායිද මන්දා.. කක්කා පෝස්ට් වලට අමතරව චූ ඉහපු කක්කා පෝස්ට් එකක් වෙයි එතකොට !!!
Deleteඋඩ ඇනෝ
Deleteඅපේ ඇනෝලත් හොයා ගන්නේ පුදුම දේවල් නෙව
ɥʇʇd://ʍʍʍ˙ndsᴉpǝpoʍuʇǝxʇ˙ɔoɯ/
ReplyDeleteකකා තෙල්වලට දෙන්න සල්ලි තුබුණේ නැතත්, මඟුල් ගෙදර ගොහින් බඩ-කට පුරවාගෙන එනකොට ජෝඩුවට දෙන්න කීයක්වත් තිබුනේත් නැද්ද...........?
ReplyDeleteකැම්පස් එකේ හිටිය අයට සෙත්සිරිගේ ඉල්ලීම සාමාන්‍ය දෙයක් (යාලු කම වැඩි නිසා හෝ 100% විවෘත්ත නිසා )
ReplyDeleteකකාට තිබුනා කොලේ වහන්නේ නෙතිව අත්ත කියන්න (යාලු කම වැඩි නිසා හෝ 100% විවෘත්ත වෙන්න තිනුනා )
කකා කොලේ වහලා නිසා සෙත්සිරිට පොඩි උප්සට් එකක යන්නෙති ඒ උනාට උට තුබුණා අපහු යන්න කතාකරන්න (යාලු කම නිසා
"කකා වරෙනං මචන් යන්න මම තෙල් ගහගත" ?????
සෙත්සිරි වැඩ කල හැටි වැරදියි කියලා කියන්නම බැහැ. කාර් එකක් ගත්තා උනත් මෑන්ට උනත් ඕකට තෙල් ගහං මාතර ගිහින් එනවා කියන එක තරමක වියදමක් යන වැඩක්. අනික තෙල් විතරක් නෙවෙයිනේ, ගෑණිට ඇදුං ආයිත්තං, නව යුවළට තෑගි, ඕවා මේවා ආවම මෑන් කලේ හොදම විසදුම උන තෙල් වියදම බෙදා ගැනීමේ පදනමට කාකාට කතා කල එක.
ReplyDeleteකකා මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් බස් එකේ යන්න ගත්ත තීරනෙත් හරි, අහම්බයකින් චාන්ස් එකක් වැදිලා කාර් එහෙක යන්න පුළුවන් උනත් ආපහු එද්දි සෙත්සිරි තමන්ව දාගෙන යයි කියලා හිතපු එකයි මං හිතන්නේ වැරදි. තෙල් වියදම බෙදා ගන්න අකමැතිනං කාර් එකේ ඉඩ තිබුනත් තව කෙනෙක්ව දාගෙන යා යුතුමයි කියලා නීතියක් නැහැනේ. අනික කලින් තෙල් වියදම බෙදාගෙන එන්න හිතපු වෙලාවේ මෑන් කෙලින්ම මාතර ගිහින් එන්න හිතුවට පස්සේ අතින් තෙල් ගහං යන්න වෙද්දි තව ඒ ගමනට මොන මොනවා එකතු උනාද කවුද දන්නේ. මංනං කියන්නේ කාකා අනියම් වාසියක් බලාපොරොත්තු විමයි මෙතනදී වරද. ඒත් ඉතිං එක අතකින් කාකාට උනත් දොසක් කියන්න බැහැ. මොකද කාකාත් නැති බැරිකමට කරපු දෙයක් නිසා.හැබැයි ඉතිං නැති බැරිකම කියන්නෙත් කාගෙන්වත් පිනා චාන්ස් වැදීමට හේතුවකුත් නෙවෙයි.
මං සෙත්සිරි නම් අනිවාර්යෙන් කතන්දරට කොළඹ යන්ට කතා කරනවා.
ReplyDeleteමං සෙත්සිරි නම් අනිවාර්යෙන් කතන්දරට කොළඹ යන්ට කතා කරනවා.....
ReplyDeleteමේ විදියට ලොකු දුරකට පෙට්‍රල් බෙදාගන්න කතා කරපු එක මොකක්ද... මං දන්න ගොබිලියක් පේරාදෙණියෙ ඉඳල කෑගල්ලෙ වෙඩිමකට යන්නත් ඔය ආරාධනේම කළාලු යාළුවන්ට..!!! එයත් වාහනේ ගන්නෙ සල්ලි තියෙන හින්දනෙ... අනිත් අයට වාහන නැත්තෙ සල්ලි නැති හින්දනෙ... ඒ කතාව වෙනකොට නං පැට්ටෝල් රුපියල් සීය පැනල!
ReplyDeleteකාර් එකකට තනියම තෙල් ගහන්න බැරිනම් කාර් එකක් ගත්තෙ මොකෑ.
ReplyDeleteඅපිනම් සිකුරාදා ගෙදර එනකොට කාගෙහරි වාහනයක් හම්බුනොතින් ඒසී බස්එකේ ටිකට් එකේ ගාන එකතු කරලා දෙනවා. මොකද අපි බස් එකේ ආවත් ඒ ගාන වියදම් වෙනවා. ඒ මුදල අපේ කෙනෙකුට දෙන එක ගැන අපිට දුක නෑ. එ්ත් බැංකුවේ වාහනයක් හම්බුනොත් සල්ලි දෙන් නෑ. මොකද ඒ වාහනේ ට කොහොමත් යන ගමන යන්න ඕන තරම් තෙල් ගහගන්න බැංකුව වියදම් කරන නිසා කාටවත් වැඩි වියදමක් දරන්න වෙන් නෑ.
උන්ට කාර් ගන්න සල්ලි තියෙනවා පෙට්රල් ගහන්න සල්ලි නෑ . අපිට කාර් ගන්න සල්ලි නැ පෙට්රල් ගන්න සල්ලි තියෙනවා !! ඒකයි වෙනස.
ReplyDelete