ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 17 July 2013
ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia
අප හුඟ දෙනෙක් සිතින්වත් ඉස්කෝලෙ ගිය කාලෙට ආපහු යන්න කැමතියි.
ඒකට විවිධාකාර හේතු තියෙන්න පුළුවනි. එදාට වඩා හොඳට ඉස්කෝලේ වැඩ කරන්න, අර කියා ගන්න බැරි වුණු ඒවා කියා ගන්න, නපුරු ටීචර් ලා ගෙන් බේරිලා ඉන්න. ලයිස්තුව තව දිගයි!
මාත් විටින් විට ඉස්කෝලේ ගිය කාලේ ගැන කතන්දර ලියලා තියෙනවා.
ඒත් අද මං මේ කියන්න යන්නේ ඉස්කෝලේ කාලේ ගැන ලියවුනු පොතක් ගැනයි. මේක මං සඟරාවකට ලියපු පොත් විචාරයක්.
ඉස්කෝලෙ කාලේ
සුන්දර ළමා වියට අප යළි ගෙනයන ජගත් ජේ. එදිරිසිංහ සෑදූ මැජික් දොරටුව
කුඩා දරුවන් මල් මෙන් යැයි අපි නිතර කියමු. ඔවුන් ගේ දසුන සුන්දරය. වර්ණවත්ය. අහිංසකත්වයේ, අවංකත්වයේ සහ අව්යානජත්වයේගුණ සුවඳ ඔවුන්ගෙන් විසිරේ. ඔවුන් ගේ බස් අප සවනට පිය තෙපුල් ය. ඔවුන් ගේ චර්යාව, හැසිරීම, ගති පැවතුම සුසිනිදු මල් පෙත්තකමටසිලිටු බව සිහි ගන්වයි.
නමුත් මේ මල් වැනි කුඩා දරුවන් හැදෙන්නේ, වැඩෙන්නේ ඕජස් ගලන ගුජුප්සාජනක කුණු කන්දලින් පිරී ගිය මේ අශීලාචාර සමාජයේ බවඅපට අමතක කළ නොහැක.
පොහොට්ටුවෙන් සුපිපි කැකුලට පෙරළෙන මේ සුන්දර, පියකරු, මටසිලිටු, සුවඳ විහිදුවන මල් සමූහය චණ්ඩ හිරු රැස් මැද පීඩා විඳිති. සැඩ සුළඟට හසුව සැලෙති. බඹර පහරට අසුව කිලිටි වෙති. නැඩ වර්ෂාවෙන් පීඩා විඳිති. අවසානයේ ඒ සුපිපි පුෂ්පයෝ මුකුලිතව මිලානව ගොස්තමන් සිටින පෙරකී පරිසරයටම එකතු වෙති.
මේ ලෝක ස්වභාවය මිනිස් සමාජයද පොදුය. තමා වෙසෙන සමාජය විසින් මිනිසා හදනු ලබන බව කියවෙන්නේ නිකමට නොවේ.සමාජයේ ගොදුරක් වීමෙන් ගැලවී සදහටම වර්ණවත්ව බබළමින් ගුණ සුවඳ විහිදන්නෝ ඉතා අල්පය.
මේ හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, සුන්දර ළමා විය පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ චිත්ත සන්ථානයන් හි යට ස්ථරවල ස්ථිරව තැන්පත් වී ඇති මිහිරි මතක නිධානයන් කිරිමුහුද කළඹවා කල්ප වෘක්ෂතය මතුකරගත්තාක් සේ පාදාගන්නට ඉවහල්වෙන, තත්වයෙන් මහාමේරු පර්වතයක් සේ සැලකිය හැකි නමුදු ප්‍රමානයෙන් කුඩා, නවකථා පොතක් පිළිබඳව ඔබට පවසන්නටයි.
කුඩා පාසලක, කුඩා පන්තියක ඉගෙනුම ලබන කුඩා කොලු ගැටයෙකුගේ ජීවිත කථාවේ රසබර, දුක්බර, ප්‍රීතිජනක, ශෝක ජනක කතාන්දරය අපට කියන මේ කුඩා නවකතාව "ඉස්කෝලෙ කාලේ"
නම් වේ. එය ලියා ඇත්තේ ජගත් ජේ එදිරිසිංහ නම් කෘතහස්ත ලේඛකයාය.
ජගත් ජේ. එදිරිසිංහ ගේ අසුර අඩවිය, ගිම්හාන සුළඟ, තාරුකා විජිතය සහ අදිසි යන නවකථා අප කියවූයේ දයාවංශ ජයකොඩි ප්‍රකාශන ලෙසිනි. ඉස්කෝලෙ කාලේ නවකතාව අප අතරට එන්නේ ගොඩගේ සමාගමේ යොවුන් නවකතාවක් ලෙසටය. යොවුන් නවකතා යනු සිංහල ප්‍රභන්ධ කලාවේ එක් ප්‍රධාන උප අංගයක් විය යුතු නමුදු තරමක් නොසලකා හරින ලද අංශයකි.
මඩොල්දූව, අඹ යහළුවෝ, වනගත දරුවෝ සහ තුන් යහළු වික්‍රමය වැනි නවකථාවලින් මග සලකුණු තැබූ සිංහල යොවුන් සාහිත්‍යය යනු සිංහල නවකතාවේ උපත සහ පෝෂණය සිදුවූ පසුගිය සියවසක පමණ කාලය තුළ එතරම් දියුණුවට පත් නොවූ අංශයකි. අප දන්නා බටහිර ඉංගිරිසි යොවුන් සාහිත්‍යය හා සසඳා බලන කල මෙය ඉතා හොඳින් කැපී පෙනේ. මෙයට හේතුව විශ්ලේෂණය කිරීම වෙනමම මාතෘකාවක් නිසා ඉතා සරලව පැවසිය හැක්කේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණයත්, සිංහල යොවුන් සාහිත්‍යයේ මන්දපෝෂණයත් එකම කාසියේම දෙපැත්ත බවයි. ශාරීරික මන්දපෝෂණයට අඩු තරමේ ත්‍රිපෝෂවත් ලැබේ.
මෙවන් පසුබිමක් යටතේ ජගත් ජේ. එදිරිසිංහ, ඉස්කෝලෙ කාලේ රචනා කිරීමෙන් පොදුවේ සිංහල සාහිත්‍යයටත්, සුවිශේෂීව බටහිරයොවුන් සාහිත්‍යය කෘතිවල සරල පරිවර්තන කියවීම වෙනුවට වෙනත් විකල්ප හිඟයෙන් පෙළෙන යොවුන් නවකථා පාඨකයින් ට කරඇත්තේ කාලීන මෙන්ම අගනා සේවාවක් බව නොබියව කිව හැක.
මා එලෙස යොවුන් නවකතාවක් ලෙස ඉස්කෝලෙ කාලේ කෘතිය හඳුන්වා දුන්නද, මේ නවකතාවේ රසය උපරිම වශයෙන් විඳින්නටලැබෙන්නේ තම ළමා කාලය කලකට ඉහත ගත කළ අප වැන්නන්ට යැයි මම සිතමි.
ඒ එසේ වන්නේ, ඉස්කෝලෙ කාලේ නවකතාවේ පිටු අතරින්, පරිච්ඡේද අතරින්, ඡේද අතරින්, වාක්යං අතරින්, අකුරු අතරින් අපට දැන්දැන් මතකාබාද වැලි තලාවෙන් වැසීයන අපේ සුන්දර ළමා කාලයට යළි පිවිසෙන්නට, යළිත් සුදු අත් කොට කමිසයකින් සහ කොටකලිසමකින් හෝ සුදු රැළි ගවුමකින් සැරසී පාසල් යන්නට අපට මානසිකව ඉඩ ලැබෙන බැවිනි.
ඉස්කෝලෙ කාලේ නවකතාව ගෙතී ඇත්තේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන කුඩා දරුවෙකු වන සමන් ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ඇසුරිනි. මෙහිදී සමන් ගේ පාසලේ කතා මෙන්ම, ඔහුගේ පවුලේ කතා ද, ඔහු වසන ගම්මානය පසුබිම් කරගත් කතා ද, එකිනෙකසම සමව මුසුකරමින්, වරෙක හාස්‍යය ද, වරෙක අනුකම්පාව ද, වරෙක සංවේගය ද, වරෙක කෝපය ද, වරෙක සතුට ද පාඨක සිත් සතන් තුල ජනිත කරමින් නිදහසේ ගලායන නවකතාවක් රචනා කීරීමට ජගත් ජේ. එදිරිසිංහ සමත්වී ඇත.
සම වයසේ යහළු යෙහෙළියන් සමග සමන් සිසුවා පාසලේ ඉගෙන ගන්නා හැටි, කොල්ලන් සමග ගම පුරා කරක් ගහනා හැටි මෙන්ම සමාජ අසාධාරණයන් සහ නපුරු ගුරුවරුන් නිසා තබ්ලාව වැයීම ඉගෙන ගන්නට, විවිධ ප්‍රසංගයන් හි නාට්‍ය , ගායනා යනාදිය ඉදිරිපත් කිරීමට, දිස්ත්‍රික් ගායනා තරග සඳහා සහභාගීවන්නට සමන්ට ඉඩ ඇහිරෙන අයුරු ජගත් ජේ. එදිරිසිංහ සරල සිංහල බසින් විස්තර කරන්නේ පාඨක සිත නවකතාවේ අවසානය දක්වාම බැඳ තබා ගනිමිනි.
සමස්ත කතා වස්තුව සලකා බලන කල, මා මේ ලිපිය ආරම්භයේ භාවිතා කළ මල් සහ පරිසරය පිළිබද උපමාව මෙහිදී තරමක් නොගැලපෙතැයි මට සිතේ. එසේ වන්නේ, ළමුන්ට අසාධාරණකම් කරන ගුරුවරුන් අතර තම යුතුකම් සහ වගකීම් නිසි අයුරින් ඉටු කරන හොඳ ගුරුවරුන්ද, තබ්ලා ඉගෙනුම අහිමි වු පුතුට ඩෝලැක්කියක් හෝ ගෙනැවිත් දෙන දෙමව්පියන් ද ඉස්කෝලෙ කාලේ නවකතාවේ සිටින බැවිනි.
එය එසේ වුවද, ජගත් ජේ. එදිරිදිසිංහ මේ නවකතාව අවසානයේ නපුරු සමන්මලී ගුරුතුමිය ක්ෂගණිකවම හොඳ චරිතයකට පරිවර්තනයකරමින් ද, සමන් ට කවි ගායනා තරගයේ ජය ලබා දෙමින් ද කර ඇත්තේ පැවති සහ පවතින සමාජීය යථාර්ථයෙන් ඉවත්ව යෑමක් බව නම් මම ඉඳුරාම පවසමි.
”අවසානයේ යුක්තිය, සත්යභය සැමවිටම ජය ගනී” යන ලොව පිළිගත් මිත්යා විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මෙමගින් නවකතාකරුවා අනියම්ව සහය දෙන බව මගේ විචාරක ඇසට පෙනේ. කෙසේ නමුත් එලෙස සුඛාන්තයක් සහිතව නවකතාව අවසාන කිරීමමගේ පාඨක සිතට නම් මහත් වූ අස්වැසිල්ලක් ම විය.
හැත්තෑව දශකය පමණ නුදුරු අතීතයක් මත පදනම් වූ ඉස්කෝලෙ කාලේ නවකතාවේ කතානායක සමන් දිවි ගෙවන්නේ මිරිහාන, මාදිවෙල, ඇඹුල්දෙණිය වැනි මුළුමනින්ම නොවූවද බොහෝ දුරට සම්ප්‍රදායානුකූල ග්‍රාමීය පරිසරයකයි. අද හතළිස් වසරක් ලබන විට ඒ ප්‍රදේශ කෙතරම් දුරට නාගරීකරණය වී ඇතිද, දුෂණය වී ඇතිද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.
කෝට්ටේ කලාලේ කිසිල්ලේ ද?
ප්‍රධාන කතා පුවතෙන් බාහිරව නවකතාවේ වාක්‍යය පේළි අතර සැකෙවින් ලියවී ඇති ඒ ගම්පෙරළියේ කතාව ද මා මෙහිදී පාඨකයින්ගේ විශේෂ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.
අවසාන වශයෙන් කිව යුත්තේ, ජගත් ජේ. එදිරිසිංහ රචනා කරන ලද ඉස්කෝලෙ කාලේ නවකතාව සුන්දර ළමා වියට අප යළි කැටුව යන මැජික් දොරටුවක් ම බවයි. ඒ දොරටුවෙන් ඔබ්බට ගොස් රිසි පරිදි අතීතකාමයේ ගැලෙන්නට මම ඔබට ආරාධනා කරමි.
-කතන්දරකාරයා
ප/ලි: (12:30pm)
සියළු දොනටම ආදරයෙනි.
අද උදේ සිට ඔෆීසියේ වැඩ රාජකාරි අධික දිනයකි. තේ බිව්වේ ද දවල් කැම කන අතරය. කමෙන්ට්ස් කියවා අනුමත කිරීමට වේලාවක් නොතිබුණි.
මේ ගැන විරෝධය පාමින් ඇනෝනිමස් පාඨකයෙකු (හෝ දෙන්නෙකු) දිගින් දිගටම ප්‍රතිචාර දක්වා ඇති බව දැක්කෙමි. එවැන් ප්‍රතිචාරවලින් ඇති ප්‍රයෝජනයක් නැත. මට කමෙන්ට්ස් කියවා අනුමත කළ හැක්කේ විවේකයක් ලද විටදී පමණි!
Labels:
ජගත් ජේ. එදිරිසිංහ,
පොත්-කතන්දර
Subscribe to:
Post Comments (Atom)
කකා....
ReplyDeleteමම සදුදා වැඩට ආවෙ ඔෆිස් වාහනේටත් එන්න එපා කියලා මගේ වාහනෙන්. එක වෙන්න බලාගෙන.... නමුත් එදා අලුත් පෝස්ට් එකක් නෑ....
එදා උදේම පහුවදා යන්න සයිට් වර්ක් එකක් ඇරේන්ජ් කරා පහුවදා එක වෙන්න හිතලා... නමුත් සදුදා රෑම කියලා තිබ්බා පහුවදා පෝස්ට් නෑ කියලා... හිත හදාගෙන සයිට් ගියා නමුත් වැස්සක් ඇවිත් පැය 2න් වැඩේ නවත්තලා ආවා....
ප්‍රෝග්‍රෙස් නැති නිසා අද වැඩ 7ට පටන් ගමු කිව්වාම ඔක්කොම කැමති උනා.... ආඩම්බර වෙන්න කකා ඔබේ බ්ලොග් එක නිසා අද ඔෆිස් එකත් උදේ 6ට කලින් ඇරියා....
අද වත් මම එක වෙලා ඇති කියලා හිතෙනවා....
අද ඔබ එක වෙලා.. මගේ සුබ පැතුම්
Deleteමාත් දවසක් එක උනා.
මෙන්න ඒ මතකය.
චාටර් පෝස්ට් එකකට තමයි එක උනේ. ඒත් ඉතින් කකා හොඳ පෝස්ට් එකක් ලියලා ඒකේ එක වෙන්න හිටියොත් ඊට කලින් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකියි.
AnonymousJuly 17, 2013 at 6:00 AM
Deleteසුභපැතුම් මචෝ! උඹල නැත්තං කිසි ගතියක් නෑ.
අතිතකාමයේ?
ReplyDeleteකකා මට මාර වැඩක් උනානේ.
ReplyDeleteඑක් වතාවක් මම යුනෙස්කෝ ආයතනයේ ප්‍රබන්ධ නො වන සාහිත්‍යය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වුණා. නතර වුණේ ෆෙයාමන්ට් හෝටලේ. කාමර පුංචියි. බාත්රූම් එකත් පුංචියි. ඒකෙත් සෝදා ගැනීම පිණිස වතුර නැහැ. ලෝකෙ අනෙක් එවුන් කරන විධියට මට බැරි මොක ද කියලා ඉතින් මාත් ඒ පවිත්‍රා කඩදාසි පාවිච්චි කළා.
ඒ වුණාට බුදු අම්මෝ සම්මන්ත්‍රණේට ගියාට පස්සේ මට ඇට්ටිම්බෙන් ඉන්නවා කියලමයි හිතුණේ. ඇට්ටිම්බෙන් ඉන්නවා කියලා ගමේ ගොඩේ ඉස්සර කිව්වේ කොල්ලෝ කක්ක දාලා, නො සෝදා හෙළුවැල්ලෙන් සෙල්ලං කරනවාට. යුනෙස්කෝ කාර්යාලයේ වැසිකිලිත් ඒ වගේ ම තමයි. එදා ඉඳන් මමත් ඔය බටහිර පන්නය අතෑරලා බාත්රූම් එකේ තිබුණු පුංචි කෝප්පයකට සිය වතාවක් විතර සින්ක් එකෙන් වතුර පුරෝ පුරෝ වැඩේ කර ගත්තා.
කකාටත් එහෙම වෙලා තියෙනවද කකා?
කකාට වෙනසක් නැහැ.පොර කවදත් ඇට්ටිම්බෙන් තමයි ඉන්නේ.
Deleteඇයි මනුස්සයෝ ටොයිලට් එකේ කර්තව්‍යයෙන් පස්සේ කෙලින්ම ගිහින් බාත් රූම් එකෙන් ඇඟ හෝදා ගන්න බැරිද?
Deleteමං නං දවසට දෙපාරක් නානවා හෝ ඇඟ හෝදනවා!
පොත් ගන්ඩ සල්ලි නෑ කකා.ඔන්න ඕක ස්කෑන් කරලා දාන්ඩ.අපි බාලා බලන්නං.
ReplyDeleteanna hari..
Deleteකකා,
Deleteමේත් එක්කම ආනන්දේ තමා ඉස්කෝලේ පොතෙත් ස්කෑන් කොපියක් දාන්න. මොකද ඉතින් අස්ප ගානක් දීලා පොත කියවන්න ඕන යෑ. බාගෙන බලතෑකි නේ.
බ්ලොග් එකේම තියෙන කතා ටිකම නම් ඒ පොතෙත් තියෙන්නේ ස්කෑන් කරන්න එපා. අපරාදෙනෙ කරන්ට් බිල !
>>නමුත් මේ මල් වැනි කුඩා දරුවන් හැදෙන්නේ, වැඩෙන්නේ ඕජස් ගලන ගුජුප්සාජනක කුණු කන්දලින් පිරී ගිය මේ අශීලාචාර සමාජයේ බවඅපට අමතක කළ නොහැක.<<
ReplyDeleteමල් මසුරං වචන සැට් එකක් නොවැ.
හොඳ පොතක් වගේ. අරගෙන කියවන්න ඕන කකා. කකා ආනන්දේ තමයි ඉස්කෝලේ ඇරෙන්න කතා පොත් ලියලා නැද්ද ?
ReplyDeleteමම අද 1ද මන්දා ?
මම එක ඇනෝ
ඔන්න කකා අද වෙලාවට කමෙන්ට් ටික පබ්ලිශ් කලේ නැත්නම් ඇට තලනවා !
ReplyDeleteඇට කිව්වේ මී ඇට හොඳේ... බේතට ගන්නවා නේ. :)
කකා මතක් කරමුද ගලහිටියාවේ සැන්ට්‍රල් එකේ හිටපු මතකය ?
ReplyDeleteකියවන්න ආසාවක් ඇති වුණා.
ReplyDeleteකොහොම හිටිය කෙනෙක්ද අද මෙහෙම කමෙන්ට් තකා නුන්ගේ බ්ලොග් ගානේ දුවන්නේ. පවු
Deleteපටාචාරාවටත් අබ හොයාගෙන ඔහොම ගෙයක් ගෙයක් ගානේ යන්න උනා නේ.. දුකයි දුකයි.. මේ සංසාරේ දුකයි... බුදුන් දෙසූ අමා දහමේ සරණ ගිහින් මේ දුකෙන් පිරුනු සසරෙන් එතෙර වෙමු !!!
බොසා එහාට්ට මෙහාට්ට වෙනකන් ඉදලා කමෙන්ට් කොටන නිසා පටාචාරාවයි කිසා ගෝතමියයි පැටලුනා.
Deleteපටාචාරාව නෙවේ කිසා ගෝතමිය විය යුතු ය.
නිවැරදි කමෙන්ටුව පහත දක්වා ඇත.
කොහොම හිටිය කෙනෙක්ද අද මෙහෙම කමෙන්ට් තකා අනුන්ගේ බ්ලොග් ගානේ දුවන්නේ. පවු
කිසා ගෝතමියටත් අබ හොයාගෙන ඔහොම ගෙයක් ගෙයක් ගානේ යන්න උනා නේ.. දුකයි දුකයි.. මේ සංසාරේ දුකයි... බුදුන් දෙසූ අමා දහමේ සරණ ගිහින් මේ දුකෙන් පිරුනු සසරෙන් එතෙර වෙමු !!!
කකා, යතාර්ථවාදියා බ්ලොග් එක ලියු නිහාල් ගුරුගේ මහතා ගැන ආරන්චියක් දන්නවද? එතුමා මියගොස් කියලා ආරන්චියක් තියනවා... එය ඇත්තක්ද?
ReplyDeleteආනන්දෙ තමයි ඉස්කෝලෙ.... වෙලාවට කොමෙන්ට් ටික පබ්ලිශ් කරන්න බෑ.... අපි කිව්වා පාස්වර්ඩ් දීපන් කියලා... ඒක අහන්නෙත් නෑ..... ගෝණගෙ අං දික් උනාමත් ඔහොම තමයි ඔලුව උදුම්මගෙන තමයි ඉන්නෙ...
ReplyDeleteකකා දැන් දහයාමාරයි වෙලාව. තාම කමෙන්ට් ටික පබ්ලිශ් කරලා නෑ.
ReplyDeleteඅපේ ඉල්ලීම් වලට ඇහුන්කන් දීලා පාස්වර්ඩ් දෙන්ඩ කැමතිත් නෑ. කමෙන්ට් ටික වෙලාවට දාන්නෙත් නෑ.
එක්කෝ කමෙන්ට් මොඩරේශන් අයින් කරන්න කකා. පස්සේ වෙලාවක කුණුහරුප තිබ්බොත් මකලා දාදෑකි නේ.
මේ බ්ලොග් ලිවිල්ලේ වැඩිම බරක් අදින්නේ ඇනෝ අපි කියලා කකා දන්නවද ? කකාට තියෙන්නේ දවස් දෙකකට සැරයක් පෝස්ට් එකක් දාලා යන්න විතරයි. අපි තමා පැයෙන් පැයට ඇවිල්ලා කමෙන්ට් තියෙනවද කියලා බලන්නේ. කමෙන්ට් කරන්නේ. ඒවට උත්තර ලියන්නේ.
ReplyDeleteකකා අඩුම ගානේ එක රිප්ලයි විස්සක්වත් දානවා කියලා යෑ. ප්‍රොෆයිල් එවුන්ට රිප්ලයි කරලා යනවා. අපේ කමෙන්ට් කකාට බලු වටින්නේ නෑ නෙ. :(
හොට හැලිච්ච පැස්බරා... අපේ කොමෙන්ට් ටික බිත්තර රකිනවා වගේ රැකගෙන ඉන්නෙ මොකද? හැමදාම වැඩ වැඩ වැඩ.... මොකක්ද බන් ඔය රස්සාව..... නිවනක් නැද්ද?
ReplyDeleteඅපි උදේ හිටන් කී ගමනක් මේ හොට කපපු පැස්බරාට කිව්වද කමෙන්ට් ටික පබ්ලිශ් කරහන් කිව්වද ? ඒත් කොයි... අහන එකක් යෑ
Deleteඅං තට්ටුව දිග ගෝනා වගේ ඉන්නවා !
හොට කපපු පැස්බරා !! හොට කපපු පැස්බරා !! හොට කපපු පැස්බරා !!
කකා දැන් වෙලාව කීයද කියලා දන්නවද ?
ReplyDeleteදැන් 11:30 යි !
කෝ කමෙන්ට් ටික තාම පබ්ලිශ් කරලා නෑ නේ. මගේ දාහකුත් එකක් වැඩ පාඩු කරගෙන ආවට තාම කමෙන්ට් ටික දාලත් නෑ.
කෝට්ටේ කලාලේ කිසිල්ලේ ද?
ReplyDeleteඒ වගේම තමා.
කකාගේ පවුල රැකේද ?
කියන එකත්.
I dont have words to explain this shitty thing.
ReplyDeleteWhy dont you listen to us ?
we just asking for publication of comments ! Not asking about your Wallet !
Please Stop this nonsense arrogance !
To be a good Old Anandian, Try to publish comments ontime !!
//ඔබේ ප්‍රතිචාරය හැකි ඉක්මණින් මෙහි පලකෙරෙනු ඇත. //
ReplyDeleteඔබේ නොහැකියාව ඔප්පු වී ඇත.... විශ්‍රාම ගැනීමට සුදුසු කාලය මෙය යයි සිතමි...
වෙලාව දොලහයි..... කකා... මොකද මේ වෙන්නෙ? දෙයියනේ කකා මළාවත්ද?
ReplyDeleteදෙයි හාන්දුරුවනේ.. අපිට පාස්වර්ඩ් නොදී නම් මැරෙන්න එපා කකෝ.
Deleteමැරෙන්න කලින් අන්තිම කැමැත්තේ පාස්වර්ඩ් එක ලියලා මැරෙන්න.
ඊට කලින් නම් යන්න එපා.අ පි අනාත වෙයි. කකාගේ වලටත් හෙන ගහයි !
කකා, වෙලාව දවල් දොලහයි.
ReplyDeleteකන්න යනගමන් හරි කමෙන්ට් ටික පබ්ලිශ් කලොත් නරක ද ?
කකා... උඹ අපිට පාස්වර්ඩ් දීලා තිබුනනම් උඹ මළත් අපිට බ්ලොග් එක ඇදන් යන්න තිබුනා..... දැන් ඉතින් ඒ චෑන්ස් එක නෑ....
ReplyDeleteඇත්ත.. වෙන බ්ලොග් වල ඇනෝලා ඒ චෑන්ස් එක ඉල්ලන්නේ නෑ.
Deleteඇනෝලා කකාට ආදරේ නිසයි එහෙම ආදරනීය ඉල්ලීම් කරන්නේ.
ReplyDeleteකකා කවදා හෝ මෙන්න මෙයාටත් අත හිත දෙන්න..
higanno pirilaa... paw...
Deleteමගේ බ්ලොග් එක නෙවේ ඒ..
DeleteI like memoir type of books about bygone school days. I forget the name but Lanerolle's book about his school days in early part of 20th century is lovely. There are quite a few of those, mostly dealing with 30s, 40s and 50s. Bit before our days. BTW I'd like to read more about your early reading matter bcoz I think it might be quite similar to mine.
ReplyDeleteI apologize for writing in English in a Sinhala blog. The reason is nothing other than my laziness - English typing being infinitely easier than Sinhala.
ප/ලි (at 1230 Hrs)
ReplyDeleteසියළු දොනටම ආදරයෙනි.
අද උදේ සිට ඔෆීසියේ වැඩ රාජකාරි අධික දිනයකි. තේ බිව්වේ ද දවල් කැම කන අතරය. කමෙන්ට්ස් කියවා අනුමත කිරීමට වේලාවක් නොතිබුණි.
මේ ගැන විරෝධය පාමින් ඇනෝනිමස් පාඨකයෙකු (හෝ දෙන්නෙකු) දිගින් දිගටම ප්‍රතිචාර දක්වා ඇති බව දැක්කෙමි. එවැන් ප්‍රතිචාරවලින් ඇති ප්‍රයෝජනයක් නැත. මට කමෙන්ට්ස් කියවා අනුමත කළ හැක්කේ විවේකයක් ලද විටදී පමණි!
තමන්ගෙ තියන සියළුම වැඩ එකට මැනේජ් කරගන්න එක තමයි නියම මැනේජ්මන්ට් කියන්නෙ.... එහෙම නැතුව " වැඩ! වැඩ! වැඩ!" කියකිය බොරු බිසි මවාපාන එක නෙවෙයි..... අපිට පාස්වර්ඩ් දුන්නනම් ඔය කිසි අවුලක් නෑ....
Deleteකොහොම උනත් කකා මැරිලා නෑ කියලා දැන ගත්ත එක සතුටුයි...
අපි හැමෝම ආයෙම ඉස්කෝලෙ කාලෙට යන්න කැමති බව නම් ඇත්තම ඇත්තක්... පාසල් වියේ සුන්දරත්වය වගේම කිසි බරක් පතළක් නැති සැහැල්ලුව, නිදහස නැවත ළං කර ගැනීමත් යටි හිතේ හැංගුණු ආශාවක් වෙන්න ඇති.
Deleteළමයින් ගැන ලියා තියෙන අදහස් ටිකට මං එකගයි.. කැමතියි..
පොතත් කියවා බලන්න ඕන...සාමාන්‍යයෙන් ලියැවෙන කතන්දරවලට වඩා වෙනස් ශෛලියක් මේ ලිපිය තුළ දකිනවා.. මම එයට වඩාත් කැමති බවත් කියන්නම ඕන...
ඉතින් මේ මඟුල ලියන වෙලාවේ කමෙන්ට් ටික පබ්ලිශ් කලා නම් ඉවරයිනේ කකා.
Deleteපාස්වර්ඩ් නොදී නම් මැරෙන්න එපා මයේ දෙයියෝ...
Deleteමැරෙන්න කලින් පස්වර්ඩ් එක දීලා ඉන්න. ඊට පස්සේ දෙයියනේ කියලා ඇස් පියා ගන්න කකා.
අනිවා ලොක්ක විවේකිව පිළිතුරු දෙන්න,ඇනොල ගෙ උනත් ඔය උම්බැ ගාන්නෙ පොඩි වහු පැටව් දෙතුන් දෙනෙක් තමයි.
ReplyDeleteජගත් ජේ එදිරිසිංහගේ පොත් තුනක් එළිදැක්වීමක් ගැන කාලෙකට කලින් දැක්කා. පොත් ටික ගෙන්න ගන්න ඕනේ යැයි හිතා හිටියාට කරගන්න බැරි උනා. පත්තරේ පළවූ ජගත්ගේ නවකතා නම් එතරම්ම රසවත් කියා කියන්නට බැහැ.
ReplyDeleteතිසර පොතක් ලියුවොත් කොහොමට තියෙයිද?
Deleteආයෙම සිංහල ඉගෙන ගෙන එන්න වෙයි ඒක කියවලා තේරුම් ගන්න.
Deleteතිසර පොතක් ලිව්වොත් ඒ පොතේ ගැටපද විවරණයයි විචාරයයි වෙනම පොතක ලියන්න.... ප්ලීස්.
අපේ කොමෙන්ට් කෑවද?
ReplyDeleteඒක නේන්නම්.
Deleteමුට කමෙන්ට් කරන්න ගිය වෙලාවක් !!
අපිට නම් පෝස්ට් පහලොවක කමෙන්ට් දාන්න පුලුවන් ඒ වෙලාවට !
හොඳ විචාරයක්. ඉඳහිට මේ විදියට කතන්දරත් ලියන්න.
ReplyDeleteවිචාරය ඉතාම හොඳයි . පොතත් හොඳ ඇති . හොයාගෙන කියවන්න ඕන .
ReplyDeleteකකා පොතක් අරගෙන ඒකෙ තියන දේවල්... අන්තර්ගතය ගැන විචාර ලියනවට වඩා නැගල යන වැඩේ තමයි යූ ටියුබ් එකෙන් මොකක් හරි ගාම්භීර, සම්භාව්‍ය වීඩියෝ එකක් අරන් ඒකෙ විස්තර ලියන එක....
ReplyDeleteඔය පොත් කියන්නෙ යල් පැන ගිය දේවල්... කොහොමත් ලංකාව වගේ රටවල සාහිත්‍ය නටබුන් ගොඩක් විතරයි......
ඒකට බලන්න එපායැ අයින් රෑන්ඩ් ගෙ ඇට්ලස් හැකිලුනි කියන පොතනෙ පොත.....
ඉස්කෝලේ කාලේ ගැන නම් කොහොමත් ආසයි. කියවන්න තිබබා නම් හොදයි තමා
ReplyDeleteජගත් ඔහේට විචාර ලියනව ඔහේ ජගත්ට විචාර ලියනව!
ReplyDeleteහ්ම්ම්.. හ්ම්.. දෙන්නට දෙන්නා මාරුවෙන් මාරුවට පිට කහ ගන්නවා.
Deleteකකාගේ විචාරයට මං කැමතියි. පොත කියවලා නෑ. කියෙවු දාට වෙනත් අදහසක් තියෙන්නත් හැකියි. ඒ අප එකිනෙකා සතු අනන්‍යතාව
ReplyDeleteඇස්වලට කඳුලු උනන නවකතාවක්!!!
ReplyDeleteඒ වගේම හිතට වදින විවරණයක්!!! :)
ඇයි උනන්න පරක්කු උනේ.. කලින් ආවා නම් ඉවරයි නේ
Deleteඅප්පෝ පොඩ්ඩි ගත්ත නිවාඩුව.
Deleteටිකක් මහත් වෙලා වගෙ.
පව් අප්පා...ඔයා නම් මේ ටිකේ ටිකක් කෙට්ටු වෙලා...:)
Deleteඅදත් ඉතින් දෙයියනේ කියලා කමෙන්ට් හතරක් පහක් දාලා වැඩ පටන් ගන්න එපැයි.
ReplyDeleteඅපිම හින්දා හොඳයි කකාට. වෙන එකෙක් නම් මේ මොන මල කරදරයක්ද කියලා දමලා ගහලා ගිහින් ගොඩක් කල් !
අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 52
ReplyDeleteමා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 21
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 14
කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 16
විශේෂ සටහන් - කකා, ඇනෝවරුන්ව තබ සතේකට මායිම් නොකර කමෙන්ට් පබ්ලිශ් කිරීමට ප්‍රමාද වූ ඇනෝවරු උරණ වූ දවසක්.
අද නම් බොසාගේ ප්‍රශ්න කෝටියක මේල් එකකට උත්තර දෙන්න සිද්ධ වෙච්ච සෑහෙන බිසී දවසක්.
ReplyDeleteමේ ටික කොටන්නෙත් කෑම පැයට යන්න ඔන්න මෙන්න තියෙද්දි. අද කෑමට පැයක් ගන්න බෑ. පැය බාගෙන් එන්න කියලා බොසා තර්ජනය කරලා තියෙන්නේ.
සොරි කකා. මට මීට වැඩිය කොටන්න බෑ.
උදේ පාන්දර 4.00ට නැගිට්ටෙ.... 6ට සයිට් එකේ... බලහන් කකා අද වැස්සනෙ... ඒත් ඇරියෙ නෑ.... ඔන්න මම ආවා... ඒත් වැඩි වෙලාවක් නෑ...දැන් ගෙදර යනවා.... බායි....
ReplyDeleteතමනුත් වැඩ අධික වෙලාවට ඔටුවා වගේ පැද්දි පැද්දි ඉන්නෙ නැතුව... රෑ දවල් අවු වැසි නොතකා අපි වගේ වැඩ කරලා ඉක්මනින් චැප්ටර් ක්ලෝස් කරා නම් ආතල් එකේ වෙලාවට කලාවට කොමෙන්ට් ටිකක් දාගෙන ඉන්නවනෙ....
කමෙන්ට් පළ කිරීම ගැන ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ කවුදැයි සොයාගන්න එක තමයි තමන්ගේ වගකීම. කකා විසින් කමෙන්ට් මේ තරම් ඉක්මණින් පළ කරනවා යැයි පාරට්ටු බෑවාට ඒක කරන්න සත්‍යයෙන් හැකියාවක් කකාට නැහැ. කකා කරන වැරදි වසන් කිරීම සහ කකාට සහාය දෙන අයගේ මඩි තර කරන එක ලෝකයේ හැම බ්ලොග් එකකම දකින්න පුළුවන්. බොරු කියන බ්ලොක්කරුවෙක්ව නඩුමගට ගෙනියත හැකියාව සහ ඒ බ්ලොග් එකේ කමෙන්ට් නොකර මේ බ්ලොග් එකේ කමෙන්ට් කිරීම තීරණය කිරීම ඇනෝලා අත තබාගත යුතු බලයක් මිසෙක එය කකාට බාර දිය නොයුත්තක්.
ReplyDeleteසටහන Dr. Joseph A. Schwarcz විසින් ලියන ලද The Genie in the Bottle (2001) ඇසුරිනි.
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
මේ පොතේ කතාවටත් වඩා මා කැමති එය කියවීමෙන් ලැබෙන අතීතකාමයටයි. කොටින්ම සමහර තැනවලදී අතීතය සිහිවී නෙත් තෙත් වේ!
පුස්තකාලයකින් සොයාගෙන කියවා බලන්න. නැතිනම් පුස්තකාලයට මේ පොත ගන්න යැයි ලිපියක් ලියන්න.