Thursday 2 August 2012

සැක නොම කළෙමි මම රැවටුනෙමි - Politics in a parallel universe!


නේම් ඩ්‍රොපින් කියන්නේ සාමාන්‍ය විදියට කතා බහක යෙදිල ඉන්න ගමන ඒ මැද්දට ජනප්‍රිය පුද්ගලයෙකු ගේ නමක් ඇදලා ගන්න එකටයි.

ඒ විදියට ලොක්කන් අඳුණනවා වගේ හිතෙන්න කතා කළාම ඔහේලා අපි වගේ සොක්කන්ට පොඩි පහේ පොරත්වයක් ආරූඪ කරගන්න පුළුවනි.

හැබැයි, අරුණි ෂැපීරෝට හොඳ පාඩමක් උගන්වමි, පොඩි කුමාරිහාමිට ලොකු පිළිතුරක් තියා මහින්ද රාජපක්‍ෂට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය වගේ කතන්දර මං ලිව්වේ නං ඒ නේම් ඩ්‍රොපින් වලට නොවෙයි. වෙනත් හේතු නිසායි.

නේම් ඩ්‍රොපින් සඳහාම මං ලියපු කතන්දරේ තමයි සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න මෙසේ කියයි කියන එක.

ඒ කතන්දරේට නිමිත්ත වුනේ සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ එක සින්දුවක තියෙන

මම දැනගතිමි
මම සැක කළෙමි

කියන පද පේලියයි.

ඒ අනුසාරයෙන්, ඒ පද පේලියේ විරුද්ධාර්ථය එන්න තමයි මං අද කතන්දරේට මාත්‍යකාව දැම්මේ!

අපි හුඟ දෙනෙක් වගේ මං නවකතා කියවන්න කැමතියි. ඒත් නවකතාවක් තියෙන්න ඕනෑ එක දිගට කියවාඝෙන යන්න. සතියකට හරි මාසෙකට හරි එක කොටසක් ගානේ කියවන එක නං එච්චර රසාස්වාදයක් ලැබෙන ක්‍රමයක් නොවෙයි.

ඔය හේතුව හින්දාම මං මේ බ්ලොග් අවකාශයේ කොටස් වශයෙන් පලවෙන නවකතා කියෝලා තියෙන්නේ නං හරිම අඩුවෙන්. ඒවායින් බොහොමයක් කියෙව්වෙත් අන්තිම කොටස පළවුණාට පස්සේ එක හුස්මටයි. සමහරු පීඩීඑෆ් කරලාත් දානවානේ සේරම එකපාර කියවන්න.

නමුත් මේ ලඟදී මට අළුතින් ඇරඹුණු නවකතාවක් කියවන්නයි කියලා ආරාඵනයක් ආවාම මං එසැනින් ගියා ඒක බලන්න. ඒකට හේතු දෙකක් තිබුණා.

1. මේ නවකතාව අපේ ලෝකෙට සමාන්තර වෙනත් සක්වලක, ඒ කියන්නේ පැරලල් යුනිවර්ස් එකක සිද්ධීන් විස්තර වෙන එකක් කියලයි ඇරයුම එක්ක ආපු ඇරඹුම කෑල්ලේ තිබුණේ.

2. නවකතාවේ එන පසුබිම, චරිත, සිදුවීම් සේරම අපි දන්න කියන දේවල් වීම සහ විශාල වශයෙන් දේශපාලන චරිත සහ සිදුවීම් වීම

මේ නවකතාවේ නම : සමනළ විප්ලවය
ලියන්නේ අපි නොදන්න කෙනෙක්.

ඉතිං මං ඒ බ්ලොග් එක බලන්න ගියේ අර විදුසර පත්තරේ යන කෙටිකතාවක් වගේ විද්‍යා ප්‍රභන්ධයක් බලන්නයි. මේක දේශපාලන නවකතාවක් ය කියලා පැහැදිලිවම කියලා තිබුණත් මං හිතවේ මේ කියන සමාන්දර ලෝකයේ දේශපාලනය අපි දන්න මඩ ගොහොරුවට වඩා වෙනස් එකක් වේය කියලයි.

කොටස් දෙක තුනක් කියෝලත් මට මං හෙව්ව අර කියන විද්‍යා පුභන්ධ ගතිය දැනුනේ නෑ.

මං දාපු කමෙන්ට්වලට උත්තර එනකොට තමයි මට ටිකෙන් ටික කේස් එක තේරුණේ.

සැක නොම කළෙමි
මම රැවටුනෙමි

සමනළ විප්ළවය කියන්නේ දේශපාලන නවකතාවක්.

අපි දන්න කියන දේශපාලු චරිත ගැන මේ කතාවේ සඳහන් වෙනවා කෙලින්ම. හැබැයි පොඩ්ඩක් වයර් මාරු කරලායි තියෙන්නේ. ඇයි මේ කතාව දුවන්නේ අර සමාන්තර සක්වල අනන්ත සංඛ්‍යාවෙන් එකකනේ.

උදාහරණ විදියට කියනවා නං, චන්ද්‍රිකා තුන්වෙනි පාරට ජනාධිපති. මහින්ද තාම බුද්ධ සාසන ඇමති. සුනාමිය ඇවිල්ල නෑ වගේ. කදිරගාමර් තමයි අගමැති. ඔබාමා සහ ෆොන්සේකා මැරෙනවා. ප්‍රභාකරන් රිටයර් වෙලා දියවැඩියාව නිසා. හැබැයි චාල්ස් කුමාරයා ගේම් එක ගෙනියනවා.

අර පැරලල් යුනිවර්ස් ය කියලා ඇහැව්වාම මං බලාපොරොත්තු වුණු සංඛීර්ණත්වය අතහැරියාම මේක කියවන් යන්න පුළුවන් හොඳ ඉන්ටරෙස්ටින් නවකතාවක්.

හොඳම දේ තමයි, එක කොටසක් කියෝලා සතියක් ඉන්න ඕනෑ නෑ ඉරිදා පත්තරේ යන නවකතාව බලනවා වගේ. අපි නොදන්න ලේඛකයා දවසකට එක කොටසක් ගානේ වගේ පලකරනවා. දැනටමත් කොටස් හයක් ද කොහෙද දාලා!

කවුද කියලා අපි නොදන්නවා වුණාට මේ නවකතාවේ රචකයා නං දේශපාලනය ගැන ඉතාම හොඳ පරිචයක් තියෙන බූවෙක් බවයි පේන්නේ.

නවකතාවේ ආකෘතිය, ඉදිරිපත් කිරීම සහ භාෂාව හැසිරවීමත් පට්ට!

යන්න, කියවන්න, ඇරඹුමේ සිට ඉස්සරහට.

http://samanalaviplavaya.wordpress.com/2012/07/27/butterflyrevolution0/

-කතන්දරකාරයා

ප/ලි
මට මේකේ ඇල්ලුවේ නැති එක දෙයක් තියෙනවා.

සමනල විප්ලවය පලවෙන්නේ WordPress බ්ලොග් එකකයි.

අපේ හිතවත් ආචාර්ය මීවනපලානේ ජයරත්නාභිදාන වර්ගපූර්ණිකාවේ කියපු විදියට ටැබූ සබ්ජෙක්ට්ස් වගේ දේශපාලනය ගැන ලියපු බ්ලොග්කාරයින්ට කෙලවුනේ ඔය WordPress භාවිතා කල නිසයි.

මාරයා, සඳරූ, මංතුමා වගේ අය තාමත් නැගලා යන්නේ අපි ගූ-ගල් පාවිච්චි කරන නිසයි.

මේක අපි දන්නවා වුණාට, අපි නොදන්න මේ සමනල විප්ලවය ලේඛකයා දන්න බවක් පේන්නේ නෑ.

(image: http://samanalaviplavaya.wordpress.com/2012/07/27/butterflyrevolution0/)

66 comments:

  1. ඊයේ මටත් කෙනෙක් මේ බ්ලොග් එක ගැන කිවුවා. වර්ඩ් ප්‍රෙස් නිසා කමෙන්ට් කරන්න ගියාමත් පුංචි පුංචි ප්‍රශ්ණ තියෙනවා.හැබැයි අර කීවත් වගේ භාෂාව සහ ලියන ස්ටයිල් එක නම් නියමයි තමයි.විදුසර එක්ක සම්බන්ධයක් හෙම තියේ ද?

    ReplyDelete
    Replies
    1. විදුසර සමග සම්බන්ධයක් නෑ වගේ. මේක දේශපාලන කතාවක් නේ!

      Delete
  2. හපොයි...අරුණිගේ නම නම් ඔය අනික් එක්කෙනා එක්ක පේලියට තිබුනට කමක් නෑ පොඩ්ඩිගේ එක නැතුව.:D

    පොත කියවලා බලන්ට ඕනි. එක හුස්මට කියවන්ට පුලුවන් නම් වඩා හොඳයි. මොකද සමහර වෙලාවට හුස්ම ගන්ටත් කම්මැලී.:)))

    ReplyDelete
    Replies
    1. බුදු අම්මියෝ, හුස්ම ගන්න අමතක කරන්න නං එපා!

      Delete
    2. බුදු අම්මියෝ ඔයා පොෂ් වෙලා තියන තරම්...:D

      Delete
    3. මේ බුදු අම්මියෝ කියන කෑල්ල මං මුලින්ම දැක්කේ මලී ගේ බ්ලොග් එකේ.

      http://abnormalminds.blogspot.com/

      Delete
    4. බුදු අම්මියෝ! 'පොෂ්' නෙවෙයි මෙයා, 'පොස්', 'පොස්'.. වචන වරද්දගන්ට එපා.. ;)

      Delete
  3. ඒත් නවකතාවක් තියෙන්න ඕනෑ එක දිගට කියවාඝෙන යන්න. සතියකට හරි මාසෙකට හරි එක කොටසක් ගානේ කියවන එක නං එච්චර රසාස්වාදයක් ලැබෙන ක්‍රමයක් නොවෙයි.
    ඔය හේතුව හින්දාම මං මේ බ්ලොග් අවකාශයේ කොටස් වශයෙන් පලවෙන නවකතා කියෝලා තියෙන්නේ නං හරිම අඩුවෙන්. ඒවායින් බොහොමයක් කියෙව්වෙත් අන්තිම කොටස පළවුණාට පස්සේ එක හුස්මටයි.

    හරියට හරි. මාත් ඔයවිදියටයි කියවන්නෙ.

    ReplyDelete
    Replies
    1. That makes two of us!
      එක දිගට කියෝන කොට තමයි රසය උපරිම.

      Delete
  4. අපි හැමෝම දේශපාලන සත්ත්වයොනේ. මම නම් ඒවගේ කාතවලට හරි කැමති. ගිහින් කියවන්ඩ ඕන.

    ReplyDelete
    Replies
    1. මං දැක්ක කියෝල තියෙනවා!

      Delete
  5. මාත් කැමතියි ඒ වගේ කතාවලට.කියවන්න ඕනි.
    බොහොම ස්තුතියි කකා :)

    ReplyDelete
  6. වටේ තලලා තලලා අන්තිමට කිව්වේ වෙන කතාවක්නේ කකා

    ReplyDelete
    Replies
    1. කතා මැද කතාත් තියෙනව බව අමතක කරන්න එපා!

      Delete
  7. /සුනාමිය ඇවිල්ල නෑ වගේ./

    සුනාමිය ඇවිත්. හතරවන කොටසේ අග බලන්න.

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ "සුනාමිය" ගැන. මං ලියපු එක ආපහු කියෝලා බලන්න.

      Delete
    2. ආ, අර හම්බන්තොටට ආපු සුනාමිය. ඒක නම් ඇවිත් නෑ වගේ තමයි.

      Delete
  8. වස්සප් චරියා...! :)

    ReplyDelete
    Replies
    1. Wohooo..! Chariya is back. YaY..! :)

      Delete
    2. ඒ චරියාද මේ චරියාද හැර තවත් චරියෝද වෙති.

      Delete
    3. ලේඛකයා චරියා නොවේ, චරියා ගේ මිතුරෙකි!

      Delete
    4. ෆේස් බුක් වල Chari's Column දැකලම නැද්ද?

      Delete
    5. Chari's Column දැකලම නෑ!

      එවන්නකෝ ලින්ක් එකක්.

      Delete
    6. ෆේස් බුක් වල සර්ච් කරලා බලන්න.

      Delete
  9. මොනවා උනත් නවකයන්ට අත දීම හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. නවක, ප්‍රවීන වෙනසක් නෑ. අත නං අත, හිත නං හිත.

      Delete
  10. බ්ලොග් එකක් කියෙව්වට මේ කොපීතරේ තිරේ දිහා එක දිගට බලාගෙන නවකතාවක්ම කියවන එක මටනං එච්චර හුරු නෑ.කොහොම කළත් පොතක් දිග ඇරගෙන ඇඳේ වැටිලා කියවනවා වගේ නෑනෙ.බලමු මේකවත් කියවන්ඩ ට්‍රයි කරලා.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔයාට හරියන්නේ eReader එකක් හරි පෑඩ් එකක් හරි.

      Delete
  11. අනේ මන්දා ඔවා ලියන්න ගිහින් සුදු වැන් එකකින් උස්සයිද දන්නේ නැ.අපි නම් හරි බයයි දැන් දේශපාලනේ ගැන කතා කරන්නත්.
    අපිත් ඉතින් තමයි.මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. බයවෙන්නෙ ඇයි මේ කතාව සමාන්තර ලෝකෙක එකක්නේ?

      Delete
  12. මටත් මේ බ්ලොග් එක අහම්බෙන් හම්බ උනා. හැබැයි නවකතාවක් විදියටවත් කියවන්න අකමැති මාතෘකාවක් :)

    ReplyDelete
    Replies
    1. හැම කතාවෙම දේශපාලනය තියෙනවා. මෙතන අපි දන්න ජරා දේශපාලනයමයි කතා කෙරෙන්නේ. ඒකයි මටත් ඔක්කාරෙට වගේ ආවේ!

      Delete
  13. ඒක සැර බ්ලොගක්නේ.කාකා ට පින්

    ReplyDelete
    Replies
    1. චරියා ගේ කතාව ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ මගේ බ්ලොගේ විතරයි වගේ!
      මට මොකටද පින් දෙන්නේ? ලේඛක ගොයියාට ස්තුති කරන්න.

      Delete
  14. ආහ් මමත් ඒක කියවන්න පටන් ගත්තා

    ReplyDelete
    Replies
    1. තව අයටත් මේ ගැන කියන්න.

      Delete
  15. මේ පාරත් හැක් කලා කියලා නොදිව්වොත් ඒ ඇති :P

    ReplyDelete
    Replies
    1. බයවෙන්න දෙයක් නෑ, Wordpress නේ.

      Delete
  16. "තට්ට ගායිකාව" මොනව හිතයිද මංද මෙව්ව දැක්කම

    ReplyDelete
  17. පුනරාගමනය. :)

    ReplyDelete
  18. සමනල විප්ලවය පලවෙන්නේ WordPress බ්ලොග් එකකයි
    ටැබූ සබ්ජෙක්ට්ස් වගේ දේශපාලනය ගැන ලියපු බ්ලොග්කාරයින්ට කෙලවුනේ ඔය WordPress භාවිතා කල නිසයි

    සමනල විප්ලවය = WordPress
    ටැබූ සබ්ජෙක්ට්ස් = WordPress

    WordPress ට WordPress පටාස්...

    සමනල විප්ලවය = ටැබූ සබ්ජෙක්ට්ස් ?

    ReplyDelete
    Replies
    1. මාරයිනෙ ඔයාගෙ ලොජික්.

      කපුටා = කළුපාටයි
      අඟුරු = කළුපාටයි

      එනිසා අඟුරු = කපුටා

      පිනි බාන්න යන්න එපා ඔය මොළේ තෙමෙයි.

      Delete
    2. හී හී කකාද අර "I ❤" කියල ටීෂර්ට් එකක් ඇඳන් ඉන්නේ?

      Delete
    3. @ Anonymous August 3, 2012 9:34 AM

      ඒකේ තියෙන්නේ I love kathandara.blogspot.com කියලයි!

      Delete
  19. මේකනම් කතන්දරගේම ජිල්මර්ට් එකක් ද කොහේදෝ ... කතන්දරම ප්‍රශ්න අහල උ..ම උත්තර දීගන්නවා වගේ

    ReplyDelete
    Replies
    1. කවුරුත් නැති එකේ මං පාළු කපන්නයි ඒ කමෙන්ට්ස් දැම්මේ!

      Delete
  20. අඩුවෙන්ම තියෙන්නේ හොඳම දේනේ...

    ReplyDelete
  21. බොහෝ සිංහල පාඨකයන්ට සේම කතන්දර හා මෙහි කමෙන්ට් කළ යම් පිරිසකටද "කතන්දරයක් කියැවීම" හා "නිර්මාණයක් රසවිඳීම" අතර ඇති වෙනස වටහා ගැනීමට නොහැකි වී තිබෙන බැව් පෙනේ.

    ඇත්ත. කතාවක් කියවිය යුත්තේ බත් කන්නා වගේය. බත් කන ක්‍රමයක් තිබේ. පිළිවෙළක් තිබේ. (කිරි පැණි ඇතොත් කන්නේ බත් කාලාය. ඊට කලින් නොවේ. සුප් බොන්නේ බත් එකට කලිනි.) මේ ක්‍රමයෙන් බැහැර වුණාය කියා අමතර වාසියක් නැත. බත් කන කෙටි කාලය තුළ ඉන් රසයක් විඳිමු. කාලා අවසන් වී අත සෝදා ගත්තායින් පසු ඒ රසය අමතක කරමු. පසු දින වැසිකිළියේදී අහරට ගත් සියල්ල බැහැර කරමු.

    නිර්මාණයක් රසවිඳීම යනු බත් කන්නාක් වැනි සරල ක්‍රියාවක් නොව ලව් කරන්නාක් වැනි සංකීර්ණ ක්‍රියාවකි. ඊට නිශ්චිත වෙලාවක්, නිශ්චිත ක්‍රමවේදයක් නැත. ක්‍රියාවෙහි නිරත කාලය තුළ පාමණක් නොව ඉන් බැහැරවද අපි ඉන් වින්දනයක් ලබමු.

    මගේ පොත් රාක්කයේ (තවත් බොහෝ පොත් අතර) සරච්චන්ද්‍රගේ "මළගිය ඇත්තෝ" පොතක්ද කරුණාසේන ජයලත්ගේ "ලස්සන ඇස්" පොතක්ද ඇත. මුල් වර හැරුණු විට කවරදාක වත් මම මේ පොත් මුල සිට අගට එකවර කියවා නැත්තෙමි. නමුත් පොතේ කියැවූ පිටු/අකුරු ගණනින් මනිනේ නම් මේ පොත් දෙකම සිය සැරයකට වඩා කියවා ඇත්තෙමි. විවිධ අවස්ථාවන්හීදී විවිධ මනෝභාවයන් යටතේ මම මේ පොත් අතට ගනිමි. (උදා: හොඳටම කැම්මැලි වෙලාවක, ගමනක් යන්නට හැඳගෙන වාහනය එනතුරු, රෑට නින්ද නොයන වෙලාවක, ජීවිතය ගැන කළකිරුණු අවස්ථාවක, මිතුරකුගේ මරණයක් ඇසූ අවස්ථාවක, තරහ ගිය වෙලාවක...) සමහර විට මම තෝරාගත් කොටස් කියවමි. සමහරවිට අහඹු ලෙස පිටුවක් පෙරළාගෙන කියවමි. ඒ කියවන හැම අවස්ථාවකදීම (කොයි තරම් වාරයක් කලින් කියවා තිබුණද) මට අළුත් යමක් සොයා ගත හැකිය.

    සමහර විට මම පොත කියැවීම නවතා නෙත් වසා නොරිකො හා දෙවෙන්දොරා සං සමඟ ජපානයේ ජනාකීර්ණ වීථි ඔස්සේ ඇවිදින්නට යමි. නොරිකො ගේ පියාගේ සුසාන භූමියට යමි. සකුරා මල් පිපෙනු බලන්නට යමි. වික්ටර් හා සුජාතා සමඟ කැලේ ඇවිදින්නට යමි. රෑ නින්දේදී ඔවුහු මගේ සිහිනයන්ට ඇතුළු වෙති. ඒ රස විඳීමයි.

    "Some books are meant to be tasted, others to be swallowed, and some few to be chewed and digested; That is, some books are to be read only in parts; Others to be read, but not curiously; and some few to be read wholly, and with diligence and attention."

    -Francis Bacon, Of Studies

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවා මන්දා ?

      එහෙම කෑල්ල කෑල්ල කියවා රස විඳින්නේ කලින් වතාවල්වල මුළු කතාවම කියෝලා ඒකට හිත ගිය කතා විතරයිනේ.

      හැම එකක්ම එහෙමයැ?

      Delete
    2. මෙන්න කකා වරද්දා ගත් තැන. බිත්තරයක් නරක් වෙලාද නැද්ද දැන ගන්නට එය සම්පූර්ණයෙන්ම කෑ යුතු නොවේ. එහි විලෝමයද ඇත්තය.

      මා කතන්දර බ්ලොග් එක වරක් "කියැවීම" නතර කළ "රසවිඳීම" පටන් ගත්තේ සුසන්ත සිස්සස්සෙස ගිය දවසේය෴

      Delete
    3. @ Anonymous August 3, 2012 11:18 AM

      මාත් එකඟයි. නමුත් මේ අපි කතාවෙන්නේ සතියට පාරක් දිග "නවකතාවකින්" කොටසක් "මුල්වරට" කියවීම ගැනයි.

      චරියාගේ කතාව සෑහෙන්න වෙනස්, ඒකේ එක එක කොටස වෙනම කියවන්නත් පුළුවනි.

      බ්ලොග්වල යන කතන්දර නං ඉතිං එකකට එකක් වැඩි සම්බන්ධයක් නෑනේ?

      Delete
    4. නිර්මාණයක් රසවිඳින ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.. "මා මේ නිර්මාණය රසවින්දේ මෙහෙමය. එනිසා ඔබද එලෙසින් රසවිඳින්න" කියා පැවසීම විහිළුවකි.. එකම පොත වුව යමෙකුට මුල සිට අග දක්වා එකදිගටම කියවා රසවිඳිය හැකි අතර තවෙකෙකුට එය කොටස් වශයෙන් කියවා රසවිඳිය හැක.. වැදගත් වන්නේ රසවිඳීමයි..

      Delete
    5. @Buratheno,

      චිත්‍ර ඇඳීමේ හැකියාවද, රිය පැදවීමේ හැකියාවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. නමුත් චිත්‍ර ඇඳීම හෝ රිය පැදවීම දුර්වල කෙනෙකුට වෙනත් කෙනකුගේ ආධාර ලැබ තම හැකියාව දියුණු කර ගැත හැකිය. රස විඳීමේ හැකියාවද එසේය.

      Delete
  22. ඒක තමා...
    බ්ලොගර් වගේ හෙලයන්ගේ නිෂ්පාදනයක් පාවිච්චි කරන එක ගොඩක්ම හොදයි !

    ReplyDelete
    Replies
    1. ඇයි එතකොට ගූ+ගල් තක්‍ෂණය?

      Delete
  23. Me like :) Thanks for the tip

    ReplyDelete
  24. මොකද මේ තරු පේනේ ද? නැත්තං නිහඬ විරෝධතාවයක්ද?

    ReplyDelete
  25. අයියෝ නැ කම්මැලි කමෙන්ට්

    ReplyDelete
  26. සමනල විප්ලවය හොයාගන්න තැනක් තියනව ද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.