Friday 7 October 2011

හන්දියෙන් හැරිලා හරියටම කිලෝමීටරයක් එන්න - I am always right!

ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් මගේ පැත්තය, අනික වැරදි පැත්තය.

ඒ වගේ තමන්ගේ මතය සහ තමන් ගේ මතය විතරක්ම හරිය කියලා හිතන අය අපිට විටින් විට හමු වෙනවා. මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ වෙච්ච කතන්දරයක් මේ ඊයේ පෙරේදා පල කළා මතකයි නේද?

ඒ වගේ අවූරුදු විස්සේ කොල්ලෙක් ගේ කතාවක් නෙමේ මේ අද කියන්න යන්නේ. ඒ වගේ දෙගුණයක් වයස කාන්තාවක ගේ එකක්.

ඔන්න දවසක් අපිට ආරාධනාවක් ලැබුණා හිතවතියක ගේ ගෙදරට රාත්‍රී භෝහනය සඳහා. අපි මේ ගොල්ලන් ගේ මේ අළුත් ගෙදරට ගිගින් තිබුනේ නෑ ඊට කලින්. ඒ හින්දා මං හොඳට මාර්ග විස්තරේ අහගත්තා.

"හරි ලේසියි අපේ ගෙදර හොයා ගන්න. ඕ ගොල්ලෝ මහරගම පැත්තේ ඉඳලා නේ එන්නේ. තලවතුගොඩ හන්දියේ ඉඳලා හරියට කිලෝ මීටරයයි. හන්දියෙන් වමට දාලා කොට්ටාව පැත්තට කිලෝමීටරයක් ආවාම වෙළක් තියෙනවා. වෙල පහු කරපු ගමන් දකුණු අත පැත්තට තියෙන ගුරුපාරේ එන්න. ඒ පාරේ මුල් වංගුවේ තමයි අපේ ගෙදර. නොම්මරේ 122/475 A කියලා ලොකුවට ගහලා තියෙන හින්දා හොයා ගන්න හරි ලේසියි!"

අපේ මිතුරිය විස්තර සහිතව කිව්වා.

ඔන්න ඉතිං දරු දෙන්නයි, අපි දෙන්නයි හවස හයාමාරට විතර ගෙදරින් පිටත් වෙලා, අතරමග කඩේකින් කේක් ගෙඩියකුත් අරගෙන හතයි කාල විතර වෙන කොට තලවතුගොඩ හන්දියට සේන්දු වුණා. එතනින් කොට්ටාව පැත්තට දාන කොටම මං කාර් එකේ ට්‍රිප් මීටර් එක බින්දුවට සෙට් කළා.

ඔහොම හිමින් හිමින් කිලෝ මිටරයක් ම ගියාය කියමුකෝ. කෝ වෙළක් පැත්ත පළාතක නෑ. මං කලේ තව මීටර් දෙතුන් සීයක් විතර ඉස්සරහට යන එකයි. වැඩේ හරියන පාටක් නැති හින්දා, කාර් එක පාර අයිනේ නවත්තලා මිතුරියට කතා කළා.

"අපි හන්දියේ ඉඳලා කිලෝමීටරයකටත් වඩා ආවා දැන් කොට්ටාව පැත්තට. ඒත් තාම වෙළ නං හම්බ වුනේ නෑ. අපිට පාර වැරදිලාවත්ද කියලා හිතුන නිසයි මේ කෝල් කරන්නේ." මං මිතුරියට කිව්වා.

"අපොයි, කිලෝමීටර් එක හමාරක් ගියා නං අපේ ගෙවල් පාස් කරලා ගිහින්නේ. යන්න ආපහු. හන්දියේ ඉඳලා අපේ ගෙදරට හැරෙන පාරට කලින් තියෙන කුඹුරු යාය ලඟට තියෙන්නේ හරියටම කිලෝමීටරයයි." මිතුරිය ගෙන් පිළිතුර ලැබුණා.

ඔන්න ඉතිං මං කාරෙක ආපහු හරවගෙන හෙමින් හෙමින් තලවතුගොඩ හන්දිය පැත්තට ගියා.

අනේ කුඹුරු යායක් තියා එක ළියදි කෑල්ලක්වත් පාර දෙපැත්තේ දැක්කේ නං නෑ.

තලවතුගොඩ හන්දිය පාස් කරනවාත් එක්කම මට තේරුණා අපිට වැරදිච්ච තැන.

මේ වැරදි හන්දයේ ඉඳලානේ මං කිලෝමීටරයක් දුර මැනලා තියෙන්නේ!

මං කෙරුවේ කෙලින්ම බත්තරමුල්ල පැත්තට යන එකයි. එතන හන්දියේ ඉඳලා කිලෝමිටරයක් ඇවිත් බැලුවා කුඹුරක් තිබුනේ නෑ. දිගටම එන කොට කුඹුරු වගේ තැන් තිබුණත්, ඒ අද්දරින් යන ගුරුපාරවල් තිබුනේ නෑ.

මං කෙරුවේ ආයේත් කාර් එක පාර අයිනේ නවත්තලා මිතුරියට කෝල් එකක් දීපු එකයි.

"අපෝ නෑ. ඇයි අනේ බත්තරමුල්ලේ ගියේ. මං කිව්වේ තලවතුගොඩ හන්දිය කියලානේ. අපරාදේ. දැන් ඉතිං ආපහු තවලතුගොඩ හන්දියට ගිහින් එතන ඉඳලා කිලෝමීටරයක් එන්න කොට්ටාව පැත්තට" මිතුරිය කීවා.

කෝකටත් කියලා මං අහ ගත්තා, ඔය කියන කුඹුරට කලින්, කුඹුරට පස්සේ මුණ ගැහෙන වෙනිං මග සලකුණු ගැන හෙම විස්තර ටිකක්. ලොකු දැන්වීම් පුවරුවක්, ඉඩම් විකුණන තැනක බැනර් එකක් යනාදී විස්තර රැසක් ඒකෙන් ලැබුණා.

ඊලඟට මං කලේ පාර අයිනේ තිබුණු කඩේකින් මාර්ග විස්තර තව ටිකක් අහගන්න එකයි.

අන්තිමේදී තලවතුගොඩ හන්දියේ ඉඳලා කොට්ටාව පැත්තට ගියා අර අනෙකුත් මඟ සලකුණු සේරම බලාගෙන.

මෙන්න බොලේ මීටර් එක්දාස් අටසීයක් ගියාම (corrected @ 6:21 am) මේ තියෙන්නේ කිරි කිරි කුඹුරු රාජයා බැබලි, බැබලී!

අර කියාපු විදියටම කුඹුර පාස් කරපු ගමන් ගුරු පාර, ගුරු පාරේ වංගුවේ මිතුරු නිවස.

හතහමාරට එන්න හිටපු ගෙදරට, අට හමාරට ගොඩ වෙන ගමන් මං අනිවාර්යෙන්ම කළ යුතු පැමිණිල්ක කළා.

"මොකක්ද හලෝ, අපිව ආපහුත් හරෝලා යැව්වානේ මේ කිලෝ මීටරයක කතාවක් කියලා මෙතනට හන්දයේ ඉඳලා හරියටම මීටර් එක්දාස් අටසීයක් (corrected @ 7:27 am) තියෙනවා නේ."

"නෑ, නෑ, නෑ, ඒක නං වෙන්නම බෑ. මං මේ හැමදාම වැඩට යන එන එකනේ. හන්දියේ ඉදලා මේ ගුරු පාර ලඟට තියෙන්නේ හරියටම කිලෝ මීටරයයි!"

ආපහු හරෝලා යවලා අපිව රස්තියාදු කළාට සමාව ඉල්ලයි කියල මං හිතුවත්, ඒව කොහෙද? මගේ මතය හරි මතය නේ!

මං ඉතිං කට පියා ගත්තා.

-කතන්දරකාරයා

ප/ලි:
හිතන්න එපා මෙතන කිලෝමීටර් සහ හැතැප්ම අතර ටැපලීමක් කියලා.

දිව්‍යලෝක වල කිරුම් මිණුම් සේරම වෙනස් නේ. මං හිතන්නේ මේක මෙලොව සියක් අවුරුදු එහි එක දවස වගේ කේස් එකක්.

ඇත්තටම පසුව ලියමි
මේ කතන්දරේ ලියාල දැම්මේ සති ගණනාවකට කලින්.

අමතර උත්තර ලියන්න සිදුවුණු නිසා මේක එඩිට් කරලා ලින්ක්ස් දාලා, ෆොටෝ එකක් දාන්න අමතක වුනා. මීටර් කිලෝ මීටර් විදියට වැරදිලා තිබුනේ ඒ නිසයි.

දැන් ඒ වැඩ හරි. වැරැද්ද පෙන්නා දුන් Manu, මරුමුස්, Buwa, Podi Kumarihami සහ Weni ට මගේ ස්තුතිය.

38 comments:

  1. කිලෝමීටර් එක්දාස් අටසීයක් ?????

    කොහොමද කතන්දර කිලෝමීටර් එක්දාස් අටසීයක් ගියේ !! ආලෝකයේ වේගයෙන්ද ?

    ReplyDelete
  2. 1800 km ?? I doubt it..
    Is it a typo?? 1800 m instead ??

    ReplyDelete
  3. කිලෝමීටර් 1800 ක් කියන්නේ තලවතුගොඩ ඉඳන් ඉන්දියාවේ බැංගලෝර් හරියට විතර ගියාද :P

    ReplyDelete
  4. කට්ටියට පැටලිලා. කතන්දර කියලා තියෙන්නේ මීටර් 1800ක් කියලා. ලංකාවේ ඉතින් තැනක් ගැන අහනකොට ගොඩාක් දෙනා උත්තර දෙන්නේ ඔහොමයි. 'ඔතනින් හැරෙන්ට ඔය ලඟම ගේ' කීවට අන්තිමට රස්තියදු වෙලා , වෙලා තමා තැන හොයා ගන්නේ.

    ReplyDelete
  5. ලිපියෙ අන්තිම ඉඳන් 11 වෙනි පේලියෙ තියෙන්නෙ කිමී 1800 ක් කියලා. කශු කියනවනම් හරි ඇති .. එහෙමම වෙන්න ඇති කියන්න ඇත්තෙ.. මගේ මතය හරි..ඒ වගේම එයාගෙ මතයත් හරි..

    ReplyDelete
  6. කතන්දර ටත් හොඳ වැඩේ. ලංකාවේ මිනිස්සු කියන දේ කියන විදියටම පිළිගන්න එකට

    ReplyDelete
  7. මයිලක දුර කිවුවා නම් ඉවරයිනේ රජ කාලේ දුර මැන්නා වාගේ කිසිම පැටලීමකින් තොරව තමන්ට යායුතු දුරප්‍රමාණය ටක්කෙටම දැන ගන්න තිබුණා කොහෙද අපේ එවුන්ට සුද්දගේ දේවල් නේ වටින්නේ

    අපේ ගෙදර ඉඳලා අපේ ගමේ ඉස්කෝලට තිබුනේ මයිලක දුරක් !

    අපේ ඉස්කෝලේ ඉඳලා බේකරියට තිබුනේ හූවක දුරක් !

    ReplyDelete
  8. /* හන්දියෙන් වමට දාලා කොට්ටාව පැත්තට කිලෝමීටරයක් ආවාම වෙළක් තියෙනවා */

    මහරගම ඉඳල එනවනම් කොට්ටාවට යන්න තලවතුගොඩින් හරවන්නෙ දකුණටනෙ? :S

    ReplyDelete
  9. ගැහැණු අය දුර මනින මිම්ම වෙනස් ඇති.( මීටර් කිලෝමීටර් කියලා අගට දැම්මට , හිතේ මිම්ම තමයි ගැහැණු අයට ෂුවර් ඇත්තේ )

    සමහර විටක ගැහැණු අයට දුර ගමනක් උනත් දුර දැනෙන්නෙ නැත්තේ ඒක වෙන්න ඇති.

    ඉතින් ඒක නෙමෙයි , කෑම රසට තිබ්බැයි....

    ReplyDelete
  10. මටත් ඔය දුරවල් කියන්න ගියාම හරියට ටැපලෙනවා...:D

    ReplyDelete
  11. මමත් අහන්න හිටපු එක ඔන්න ඇනොනිමස් අහල තියනව

    ReplyDelete
  12. CAR EKE SPEEDO METER EKA CHECK KARA GANNA

    ReplyDelete
  13. ඔය හරියේ චැක් පොයින්ට් එකක් එහෙම තියෙනවද?

    ReplyDelete
  14. මොකද්ද දන්නවද ඕකට හේතුව? මුලින්ම කිලෝමිටරයක් විතර දුරක් තියනව කියල හිතාගෙන ඉන්නව. පස්සෙ `විතර` කෑල්ල හැලෙනව. `කිලෝමීටරයක් තියනව අනේ...` කියල තමයි කියන්නෙ. තවත් කල් ගියාට පස්සෙ ඕක ගලේ කෙටුව වගේ මොලේ කෙටෙනව. ඊට පස්සෙ ඉතින් කසූ මොනව කිව්වත් වැඩක් නෑ. හරියටම කිලෝමීටරයම තමයි !!

    ReplyDelete
  15. නවික සැතපුම් වලින්ද දන්නේ නැහැ කිව්වේ. නැත්නම් කතන්දරගේ Car එක Boat එකක්ද දන්නේ නෙහැ. එ මොකද හරියටම meter 1800 ක් නවික සැතපුම් 1 ය්.

    ReplyDelete
  16. ඉස්සර අනුරාධපුරේ පැත්තෙ ට්‍රිප් යනකොට, පාරේ යන මනුස්සයෙකුගෙන් පාරක් ඇහුවම කියන්නෙ " අපෝ මෙතන ඉඳන් හූවක විතර දුර" කියල. මොන? යනවා යනවා ඉවරයක් නෑ. එච්චර දුරට හූව ඇහෙන්ඩ ඉතින් කෝල් එකක් දීල හූ කියන්ඩ ඕනෙ.

    ReplyDelete
  17. කොහොමත් එයා හරි. එයා හැමදාම යන එක්කෙනානේ. හැන්දැවේ පාටි වලට යන කොට ඔහොම වෙනවා. මොකෝ කළබලේ නේ යන්නේ. හේතුව දන්නවනේ. ඔයා ගෙනිච්චේ අර මුදුරස්පලම් දාපූ ටියාරා කේක් එකක්ද. හරිම රසයි. නම අමතක උනත් රස අමතක වෙන්නේ නෑ. හොඳ වෙලාවට අයිස්ක්‍රීම් එකක් නොගෙනිච්චේ.

    ReplyDelete
  18. [[මයිලක දුර කිවුවා නම් ඉවරයිනේ රජ කාලේ දුර මැන්නා වාගේ]]

    සඳරුවෝ ඔය මයිල කියන්නේ ඉන්ගිරිසියා ගෙනා mile හෙවත් හැතැප්ම නේද? එව්වත් ඉතින් වෙනසක් නැහැනේ බං. මට වැරදිලාවත් ද?

    මෙන්න කතන්දර ගියාට පස්සේ කියන කතා.

    "කිලෝ මීටරයයි අනේ හරියටම. ඒ ගොල්ලෝ රට ගිහිල්ලා එහෙ විදිහට ද කොහෙද මනින්නේ"

    "මේ යකාට වෙල හොයාගෙන එන්න කිව්වම එනවා පාරවල් මනින්න. මාත් අතඇරියෙම නැහැ"

    ගෙවල් ගන්න ගිහින් පහුගිය කාලේ මට නම මීට වඩා ගොඩක් බරපතලේට I know the road කස්ටිය හමු විය. ගෙයි අප්සෙට් නිසා එන ගමන ගෙයත් සමගම ඒ කතා ද විසි කර දමා ආ නිසා දැන් අමතකයි.

    ReplyDelete
  19. මගේ යාළුවෙක් සුද්දෙකුට පාර කිවුව එක සැරයක්. ඌට ඉංග්‍රීසි බෑ මෙලෝදෙයක්. පාර කියල තියෙන්නෙ "(අතින් පිලිවෙලට විවිධ දිශා දක්වමින්)go go go go go.

    ReplyDelete
  20. මගෙ ගෙදර ඉඳල IDH හදියට හරියටම කිලෝමීටරයයි . . . වල්පොල හංදියට මීටර් 730යි

    ReplyDelete
  21. කාර් එකේ මීටර් කේබල් එක ඔයිල් කරේ නෑ නේද කාලෙකින්.....

    ReplyDelete
  22. [[කාර් එකේ මීටර් කේබල් එක ඔයිල් කරේ නෑ නේද කාලෙකින්.....]]

    එහෙම කලොත් කිමි 1 පෙන්නන්න ඕනේ අඩු දුරක් හැටියට නේද? මෙතන 1.8 පෙන්නනවා.

    ReplyDelete
  23. මේ මාර්ග විස්තරය බලල පාඨකයෙක් කකා ගේ හිතවතිය අඳුනගයි ද දන්නේ නෑ? ගෙදර නොම්මරේත් දීලානේ!

    ReplyDelete
  24. ඔය සිද්ධිය ඔය විදියටම වුනා ඔබීටය් මටය්, පසුගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ. තැන විතරය් වෙනස්, කැලණිය දිහාවෙ. අපිටත් ලැබුනෙ ගෙදර නෝනගෙන්, ඔය උත්තරෙමය්.

    ReplyDelete
  25. සුජීව කිව්ව වගේ ගියාට පස්සේ කියන කතා නං අපිලටත් ෂුවර් එකටම කියන්න ඇති. අපි ගියේ ලෙඩෙක් බලන්න වුනාට.

    ReplyDelete
  26. මේකනම් කාට කාටත් හොඳ පාඩමක්. මම නම් කවදාවත් දුර අහන්නේ නෑ යන තැනක. landmarks විතරමයි අහන්නේ. මොකද ලංකාවේ තියෙන්නේ 'රබර් ' හැතැක්මනේ. සමාවෙන්න මෙට්‍රික් ක්‍රමයටනම් 'රබර් කිලෝමීටර්'.

    කතන්දරත් වෙල හම්බවෙනකම් drive කරා නම් ඉවරයිනේ.

    ReplyDelete
  27. නියම පාර කීමක් තමයි!

    ReplyDelete
  28. මම හිතන්නෙ එයාට තියෙන්නෙ HERO Stream වර්ගයෙ මොටර් බයිසිකලයක් මොකද එකෙ කිලො මීටර් 1.5 ගියාම මීටරෙ පෙන්නන්නෙ කිලො මීටර් 1 කියලා මෙක අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. මටත් තිබුනා ඔය විදිහෙ බයිසිකලයක් ෂහ් නියමෙට පෙට්‍රල් කරනවා කියලා පැද්දා පස්ස්සෙයි දැනුනෙ ඒකෙ ඔය ලෙඩේ තිබුනා.

    ReplyDelete
  29. මරු කථාව. ඒකත් හරියට දකුණු පැත්තට හරවන්න කියල වැරදුනාම ඒ දකුණ නෙමේ අනෙක් දකුණ කීව වගේ.

    ReplyDelete
  30. අපරාදේ අයියට තිබුනේ මිතුරියව වාහනේ දං ගිහින් දුර හරියටම පෙන්නන්න...

    ReplyDelete
  31. //ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් මගේ පැත්තය, අනික වැරදි පැත්තය.//

    සමහර වෙලාවට පැති 3 කුත් තියනවා.
    1.මගේ පැත්ත
    2. අනෙකාගේ පැත්ත හා
    3. නිවැරදි පැත්ත කියලා!

    ReplyDelete
  32. මම වයසකම අත්තම්ම කෙනෙකුගෙන් ගෙදරට දුර ඇහුවම කිව්වනේ වී මලු තුනක විතර දුර කියලා . ටැපලිලා වෙන්න ඇති.

    ReplyDelete
  33. බැසිල්7 October 2011 at 18:57

    ඔය ලොකු ජෝන් ගේ කතාවේ වෙන්න ඕන ඕකේ අනිත් පැත්ත නේද? කිලෝමීටරයක් ගියාම එකහමාරක් පෙන්නනවා කිව්වනම් තමයි හරි.

    ReplyDelete
  34. හාපෝයි... ඔහොම අය නම් එමටයි අපේ රටේ!

    ගම ඇහුවම ගාල්ලේ... ගිහින් බැලුවම ගාල්ලේදී තමයි ගමන පටන් ගන්න තියෙන්නේ... ලොල්

    ReplyDelete
  35. මගේ යාළුවෙක් ඉන්නවා එයාට හැමදාම යන එන පාරත් මතක නෑ හරියට. ඔය ඇන්ටිත් එහෙම වෙන්න ඇති මගෙ හිතේ.

    ReplyDelete
  36. On the other day

    "අන්තිමේ දී මං මෙන්න මෙහෙම කිව්වා.

    "මචං මං දැන් පහුගිය අවුරුද්දම හිටියේ පේරාදෙනියේ. සිකුරාදාට ගෙදර යන්න කෝච්චියට නැග්ගේ පේරාදෙනිය හන්දියේ ස්ටේෂන් එකෙන්. නමුත් ඉතිං උඹනේ මට වඩා මං කරන කියන දේවල් දන්නේ! උඹ කියනව නං මං පිළිගන්නම් කෝ මං නැග්ගේ සරසවි උයනෙන් කියලා!"

    Today
    ""නෑ, නෑ, නෑ, ඒක නං වෙන්නම බෑ. මං මේ හැමදාම වැඩට යන එන එකනේ. හන්දියේ ඉදලා මේ ගුරු පාර ලඟට තියෙන්නේ හරියටම කිලෝ මීටරයයි!"

    ආපහු හරෝලා යවලා අපිව රස්තියාදු කළාට සමාව ඉල්ලයි කියල මං හිතුවත්, ඒව කොහෙද? මගේ මතය හරි මතය නේ!"

    Only this narcissist can assert from the experience...

    ReplyDelete
  37. "සමහර වෙලාවට පැති 3 කුත් තියනවා.
    1.මගේ පැත්ත
    2. අනෙකාගේ පැත්ත හා
    3. නිවැරදි පැත්ත කියලා!
    "

    Not sometimes, ALWAYS!

    ReplyDelete
  38. @ All
    හරිම කාර්ය බහුල කාලයක්. මේ පෝස්ට් එක ඔටෝ පබ්ලිෂ් වුනේ ලින්ක්, ෆෝටෝ නැතුව, පොඩි වරදකුත් එක්ක. දැන් ඔන්න සේරම හරි ගැස්සුවා.

    සියළු දෙනාටම ස්තුතියි ප්‍රතිචාරවලට.

    මේ කතාවේ පාර හොයා ගෙන යන්න එපා අතරමං වෙයි. ඔය කියන මග සලකුණු ෆික්ෂනල් ඒවා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.