Monday 29 August 2011

නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!


මං කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ හිටිය කාලේ දවසක් තවත් කොල්ලෝ දෙන්නෙක් එක්ක ගමණක් ගියා. අපි ගියේ ඒ දිනවල දුර පලාතක පටන් ගන්න ෆීසිබිලිටි ස්ටඩි එකක් කෙරෙමින් තිබුණු ව්‍යපෘතියක වැකේෂන් ජොබ් එකක් කරමින් හිටිය අපේ බැචාලා කීප දෙනෙක් මුණ ගැහෙන්නයි.

බස් එකේ පැය දෙකතුනක් නොනවත්වා ගිහින් උං කට්ටිය නතරවෙලා හිටිය බෝඩිං පොල හරියෙන් බහින කොට මට ඇවිද ගන්න බැරි තරමට චූ බරයි.

දන්නවනේ චූ බරෙත් හොඳ එක ආපුවාම කටට ලුනු රහකුත් එනවා. අන්න ඒ ගානට පම්ප් ටයිට් එකක් තමයි මට තිබුනේ.

බස් එකෙන් බැහැලා මග සලකුණු අනුව ඉස්සරහට ඇවිදින කොටම ආපු වංගුව ලඟදී මං කලේ පාර අයිනට අල්ලා පම්ප් එකක් දාන්න සෙට් වෙන එකයි.

"උඹට පිස්සුද බං? යකෝ මේ ගම!"

මා එක්ක ගිය විජේ කාරයා කෑ ගහන්න පටන් ගත්තා.

"ඔව් බං, මේ ගම තමයි. ඒක හින්දනේ මේ විදියට පාර අයිනේ පම්ප් එකක් දාන්න සෙට් වෙන්න පුළුවන්!" මං උත්තර දුන්නා. "ඇයි උඹ පාර අයිනේ පම්ප් දාන්නේ ටවුන් එකේද?"

විජේ සයිලන්ට්!

මට ඔය කතාව එක්කම මතක් වෙන්නේ දැන් අවුරුදු ගණනාවකට කලින් නුගේගොඩ දී චු බරක් හැදිලා වෙච්ච අකරතැබ්බයයි.

නුගේගොඩ යන අයට චූ කරන්න තැනක් සුපර්මාකට් එකේ තියෙන බව මං දන්නවා. මතකනේ මට ඒ ඔතන කාර් පාක් එකේදී තමයි මගේ රතු කොරොල්ලා කාර් එක ගත්තු බයර් හෙවත් මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ.

නමුත් මේ කියන දවසේ අප්සෙට් එක වුනේ මං හිටියේ හයිලෙවල් පාරේ සව්සිරි බිල්ඩිමේ වීමයි.

මේකත් ෂොපින් සෙන්ටර් එකක් නේ! ඉතිං මං කොහේ හරි කොනක ඇති නේද ටොයිලට් එකක් කියලා පොඩ්ඩක් හොයලා බැලුවා.

ඒ හිතුවා වගේම මට හම්බ වුණා උඩ තට්ටුවේ වම් පැත්තේ පස්සට වෙන්න තියෙනවා ටොයිලට් එකක්.

මං ඒකට යන්න හැදුවාම මෙන්න බොලේ සෙකුරිටිකාරයෙක් ඉඳලා කියනවා, ඒකට යන්න දෙන්න බැරිලු. යන්න පුළුවන් ඒ ගොල්ලන් ගේ කෂ්ටියට විතරලු. මට මතක විදියට ඒක මොකක් හරි කෝස් එකක ක්ලාසස් තියෙන තැනක්.

ඉවසං ඉන්න බැරිම හින්දා මං ගියා එතන රිසෙප්ෂන් එකට. ඒකේ නෝනාගෙන් ඇහැව්වාම ඒකිත් කිව්වා නේ යන්න දෙන්න බැරිමය කියලා.

මට අහන්නත් හිතුණා, "දැන් මට මෙතන චූ ගියොත් ඔයා මොනවාද කරන්නේ?" කියලා.

අද වුනා නං මං එහෙම අහනවා. නමුත් මේ මට මතක හැටියට 1999 කාලේ.

මං කලේ අමාරුවෙන් පහලට බැහැලා, හිමින් හිමින් සුපර්මාකට් එකට ගාටපු එකයි.

-කතන්දරකාරයා

ප/ලි:
රටක දියුණු බව මනින්න විවිධ නිර්ණායක තියෙනවා. ඒක පුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදනයේ ඒක පුද්ගල අගය, ළදරු මරණ අනුපාතිකය, ආයු අපේක්‍ෂාව, ජනගහන සහ වෛද්‍ය අනුපාතිකය වගේ ඒවා තමයි එයින් ප්‍රධාන.

මට හිතෙන විදියට ජනගහනය සහ ප්‍රසිද්ධ වැසිකිලි සංඛ්‍යාවේ අනුපාතිකයත් රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සලකන්න පුළුවන්.

කොටින්ම රට දියුණුවෙන් දියුණුවට යනකොට, යන යන තැන පබ්ලික් ටොයිලට් හැදෙන්න ඕනෑ!

ප/ප/ලි:
මෙන්න වෙනත් චූ කතා -කියවලා නැති අයට.

1. ඔන්ඩච්චිගෙ ආච්චිගෙ කතන්දරේ

2. අපි චමරියේ දි චූ කරපු හැටි

3. කැතීටර් ගැන කතන්දරේ

4. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය කතන්දරේ

5. ඔන්න බබා තෙමාගෙන (පාඨකයෙකුගෙන්)

6. සරමේ චූ ගිය කතන්දරේ හෙවත් පාප මිත්‍රයෝ - මෙන්න මගේ විශ්ලේෂණය

7. හන්දියේ හෝටලේ චූ කතාව

(image: http://upalijayasingha.com/Abacus/Centers.html)

42 comments:

  1. බොලේ, චූ බර තද වුනාම කටට ලුණු රහ දැනෙනව කියල ඇහැව්වමය්. තව කියන්න දේවල් තියෙනව පස්සෙ එන්නං...

    ReplyDelete
  2. කකාට තිබුනේ අර අහන්න හිතුනා කියලා කියපු එක එතනම කරලා එන්න... පස්සේ දවසක උනත් කාටවත් ආයේ මුකුත් කියන එකක් නැ එතකොටනම්

    ReplyDelete
  3. ඔබ කියන එක හරියට හරි, රටක දියුණුව කියන්නේ පුරවැසියාගේ සියලුම අවශ්‍යතා පිරිමහන එක. මම දැකලා තියනවා වෙන රටවල තියනවා ඔය ප්‍රසිද්ධ තැන්වල ඉතාම පිරිසිදු ඇදගෙන යන වැසිකිලි. මේ ජංගම වැසිකිලි හැම තැනම තියනවා. මම හිතන්නේ අපි වගේ නෙමේ ඒ මිනිස්සු දන්නේ නැහැ චූ බරේ හොඳම එකේ තියන අමාරුව. ඇයි ඒ තරමට මේ අවශ්‍යතාවයට වැසිකිලි තියනවා. ඔබා අයියටත් වෙලා ඇත්තේ ඕකයි. ටයිට් එකේ හොඳම එක කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  4. නුගේගොඩ නෙවෙයි ඉතින් කොළඹ කියලත් මහ වෙනසක් නැහැ..එහෙමට කියලා පොදු වැසිකිලි නැහැ නේ..ලිබර්ට් ප්ලාසා / යුනිටි එකේ තියෙන ඒවාට ගියත් රුපියල් 5ක් දෙන්න ඕන

    ReplyDelete
  5. මුදල් ගෙවලා යන්ට හරි හොඳ පොදු වැසිකිලි තියනවා නම් හොඳයි තමා. ලංකාවේ දැන් අර ඉදිවෙලා තියන අලුත් පාරවල් අයිනේ සමහර විට වැසිකිලි සහිත පහසුකම් ඇති rest areas එහෙමත් හැදෙයි නේද?

    රටක් දියුනු වෙනකොට ඒ පහසුකම් දියුනුවෙන්ට ඕන කියන කතාව සම්පූර්න ඇත්ත...:)

    ReplyDelete
  6. අර කේයෝස් තියරියද ( Chaos )මොකද්ද එක නිසාද මන්ද අපිට චූ බර හැදෙන්නෙ ටොයිලට් එකක්, කනුවක්, ගහක් , පඳුරක් අහල පහල නැති තැන් වලම තමයි

    ReplyDelete
  7. උඹට චූ බර. මට හැදුනේ කක්ක බරක්. ඒක මාර කතාවක් පස්සෙ දවසක කියන්නම්. දැන් නම් ඕනම තැනකට යන ක්‍රමේ දන්නව. ඉංග්‍රීසියේ වැදකත්කොම තියෙන්නෙ ඔන්න ඔයි වෙලාවට. උඹ අර රිශෙප්ශනිස්ට් ගෙන් කඩ්ඩෙන් ඇහුවනම් චූ දාන්න නෙමෙයි කක්කා දාලා නාලා එන්න උනත් දෙනවා...

    ReplyDelete
  8. වැසිකිලි සම්බන්ධවනම් දැන් කියලත් කිසිම වෙනස් කමක් වෙලා නෑ. තාමත් 1999 වගේම තමයි. මමනම් බස් එකක ගමනක් යනකොට පැය 10ට කලින් කිසිම දියර පානයක් ගන්නේ නෑ. වෙන ඉතින් මොනා කරන්නද නේද?

    හැබැයි දැන් කකා අය්යට නුගේගොඩ ප්‍රදේශයේදී ඕනැම අවශ්යතාවයක් උනොත් යන්න තැනක් මම කියන්නම්. බය නැතුව යන්න පුලුවන් .ගියපු කාරණෙත් ඉටුකරගෙන ටී එකක් එහෙමත් බීල එන්න පුලුවන්.

    ReplyDelete
  9. It seems that I have a small Bladder. Hence, I used to know all public toilets and places where I can empty my bladder in private in all areas where I went for private tuition.

    ReplyDelete
  10. කොලබ නගර සභා සීමාව තුල පබ්ලික් TOILET තියෙන්නේ 2ක් හො 3ක් මම දන්න තරමට, ඉතින් හදිස්සියක් හැදුනාම කොහෙට කියල යන්නද ?

    ReplyDelete
  11. දැං නං ඔය නුගේගොඩ ඇඳුම් සාප්පු කීපයකම වැසිකිළි තියෙනවා,,

    ReplyDelete
  12. මටත් නුගේගොඩ ක්ලාස් යන දවස්වල ඔහොම සීන් එකක් උනා, මම දෙපාරක් හිතුවෙ නැහැ, හයිලෙවල් එක අයිනෙ තාප්පෙකට ඇල්ලුවා .......

    ReplyDelete
  13. කස්ටියටම කියන්නං හොද ක්‍රමයක්. ඔය බස් ස්ටෑන්ඩ් එකකට ගිහිල්ලා කොනේම තියන බස් එකේ පිටිපස්සට ගියාම ලස්සනට වැඩේ කරගත්තැහැකි.
    අවවාදයයි. පිරිමින්ට පමණයි!

    ReplyDelete
  14. මේ ගැන නං කතා කරලා නම් වැඩක් නෑ අප්පා. කොලොම්පුරේ ඉතිං අවුරුදු කීයක් නං ඔය කට්ට කෑවා කියලද?

    සමහර රටවල ගොඩනැගිල්ලක වැසිකිලියක් කියන්නෙ පඩිපේලියක් ජනේලයක් වගේ සාමාන්‍ය දෙයක් උනාට අපේ රටේනම් එහෙම එකක් තියෙනවා කියන්නෙ සම්පතක්!

    ReplyDelete
  15. ගාල්ලේ නම් ඉතින් බයවෙන්න දෙයක් නෑ..........ඕන තරම් තැන් තියෙනවා......ටවුන් එකේ නම් P&J එකයි.....Love Lane එකයි තියෙනවා......කොටුව පැත්තේ නම් ඕන තැනක පුලුවන්......ගාල්ලේ ආවොතින් නම් බයවෙන්න දෙයක් නෑ..

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. කතන්දර අඩවියට දාන පළමු කමෙන්ටුව....
    ගිය සිකුරාදා තමයි පළමු වතාවට කතන්දර අඩවියට පය තිබ්බේ...
    සිකුරාදා දවසම වෙන වැඩක් කලේ නැති ගානයි... එක් හුස්මට වගේ කියවගෙන කියවගෙන ගිය එක තමයි කරේ...
    කතන්දර ටිකත් ඔක්කොම වගේ එළකිරි... විශේෂයෙන් "උගේ අම්මයි දුන්නේ" මතක හිටිනවා.. සමහරවිට මමත් "හපනෙක්" නිසා වෙන්න ඇති..

    චූ කතන්දර ගැන නම් මගෙත් ඇත්දැකීම් බොහෝමයි. පළවෙනි වතාවට කෙල්ලත් එක්කලා බස් එකේ යන්න හම්බ වුන චාන්ස් එකත් මහා චූබරක් හින්දා නැති වෙලා ගියා නේ.....

    ReplyDelete
  18. අපෝ පිරිමි අයට නම් පාලු පාරක් අයිනට ගියාම කිසි ප්‍රශ්නයක් නෑ. අපිට තමයි ප්‍රශ්නේ ටොයිලට් එකක් හොයා ගෙනම යන්න එපැයි...:((

    ReplyDelete
  19. ගිම්හාණී.
    මටත් ඔය තැන කියනවද මමත් නිතරම හක්කොලන් කොරනවා ඔය හරියේ.

    ReplyDelete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. කිසි ප්‍රශ්නයක් නැනේ නෙපිස් එකක් දාගත්තනම්.ඔය කෙල්ලොත් දාන්නේ නෙපිස් (ර්‍රවා,පේමස්,ආර්යා) :D :D :D :D

    ReplyDelete
  22. ඔය කාටත් යන්න පුලුවන් තැනක් තමයි පෙට්‍රොල් ශෙඩ් එක.
    අනික රටෙ පොදු වැසිකිලි හැදුවට මිනිස්සු ඒකේ බිත්තියට අල්ලනවනන් වැඩක් වෙයිද? ඒ කියන්නෙ මිනිස්සුත් හදන්න ඔනෙ...

    ReplyDelete
  23. @වෙද ගෙදර මහ වෙදනා

    හරි මම ඔබතුමාට කියන්නම්,
    හැබැයි මම කිව්ව කියලනම් කියන්න එපා. මගෙ නම කිව්ව ගමන් ඇතුට ගන්නේ නෑ ෂුවර් එකට. සමහරවිට කියන්න පුලුවන් එහෙම කෙනෙක් අදුරන්නෙත් නෑ කියලා.

    ReplyDelete
  24. "චූ බරක් හැදුනෙමි" කිව්වහම නිකම් ඇදයි වගේ නැද්ද? "හැදුනි" නෙමෙයිද? අනිත් බර වගේ නෙමෙයි ඔය බර නම් මොනවා කරත් ඉවසන්න බැරි බරක් නේද ? :)

    ReplyDelete
  25. අයියාට තිබුනේ බිම පොලිස් වෙලා යන්න කියලා ටැප් එක අරින්න...

    ReplyDelete
  26. කියවල ඉවර වෙනකොට චූ බරක් හැදුන.....

    @ගිම්හානි
    ඔය නුගේගොඩ තියනව කියන ඒවා හෙමොටම දැනගන්න කියල දාන්න...

    ReplyDelete
  27. ක.කා ට වෙච්ච් සීන් එකෙන් පස්සෙද දන්නෙ නෑ... දැන්නම් සවුසිරි බිල්ඩිමේ චූ පහසුකම තියෙනව.. [ දැන් කිව්වට අන්තිමට ලංකාවට ගිය 2010 ඔක්. වගේ කාලෙ දවසක තමා පාව්ච්චි කලේ... හැබැයි එදා එතන නොතිබුනානම් ක.කා හිතින් කියපු දේ මට හැබැහින්සිද්ද වෙනව... ඒ තරමට ටයිට් ඒ මදිවට ගිනි පූටක වැස්ස.. ]

    .....

    අර තාප්පෙට චූ කරන්න කැමැති අයට ඒ පහසුකම තියෙනව ලිබර්ටි ප්ලාසා එකේ පොදු වැසිකිලියෙ... [ ලෝකෙටම එකයිද දන්නෙ නෑ ] හැබැයි හරි පිරිසිදුයි නිතර ඉබේ වතුර ගලල පිරිසිදු වෙන ක්‍රමයක් සෙට් කරල තියෙනව..

    .......

    @ ගිම්හානි

    නුගේගොඩ ගහක් ගලක් ලයිට් කනුවක් තාප්ප කොටයක් ගානෙ ( නිශාචර )චූ කරල තියෙන අපි නොදන්න ඔය චූත් කරල තේත් බීල එන්න තියෙන පොට් එක මොකක්ද අප්ප..

    ReplyDelete
  28. මෙහෙනං මුස්ලිම් පල්ලියකට ගොඩ වැදුනනං වැඩේ හරි. ලංකාවෙ ඒකට පංසලකවත් හරියට තැනක් නෑනෙ!

    කකාට තිබ්බෙ අර රිසැප්ෂනිස්ට් ගෙන් " නංගි චූ කරන තැනක් තීනවද, තීනවනං මට පාවිච්චි කරන්න පුළුවන්ද" කියල අහන එක විතරයි. එක්කො යතුර නැත්තං කණට! (කකාගෙ ස්වීට් මූණ බලං කණට නං දෙන එකක් නෑ හැබැයි )

    ReplyDelete
  29. ඔව්ව තිබ්බත් යන්න පුලුවන්ද නහයක් තියාගෙන . ඒ අතින් නම් අපි තවම හරිම පිටිපස්සෙන් ඉන්නේ . දැන් ඔය KFC McDonalds ල හෙම ඉන්නවා නේද නුගේගොඩ. හින් සැරේ ගිහින් වැඩේ කරගෙන එන එකයි . . ඇත්තටම මේක කතාකල යුතු ජාතික ප්‍රශ්නයක් තමයි. සල්ලි කියක් හරි අරන් හරි කමක් නැහැ පිරිසිඳු වැසිකිලි පහසුකම් සපයනවා නම් ලොකු සේවයක් .

    ReplyDelete
  30. @ All
    කවුදෝ බාලයෙක් කුණුහරුපයක් ලියා තිබූ නිසා අද උදේ සිට කමෙන්ට් මොඩරේට් කරන්නට සිදුවිය.

    සමාවන්න.

    ReplyDelete
  31. චූ කතන්දරේ මැද්දට කක්ක කතාවක් දැම්මට කමක් නෑනෙ.
    1989 නොවැම්බර් මාසේ අපි නැවතිලා හිටිය බෝඩිමක. මෙතෙන්ට ඉඳලා හිටල සෙට් වෙන පොරක් හිටිය අපේම එකෙක්.
    ඔන්න එදා රෑ ටී වී එකේ යනව වැදගත්ම වැදගත් නිවුස් එකක්. රෝහණ විජේවීර අල්ලලා. දැන් ටී වී එකේ විවිධ කතන්දර යනවා.
    රෑ එකොළහ හමාරට විතර ආවා අපේ මිත්‍රයා. මේකා දැන් මේ සිද්ධිය ගැන මොකවත් දන්නෙ නෑ. අපි ඉතින් කතාව කටින් කිව්වට පින්තූර ටික ටී වී එකේ පෙන්නල ඉවරනෙ. ඒ දවස්වල රෑ දොළහට නිවුස් පෙන්නනවා. අපි මිත්‍රයට කිව්ව "කණගාටු‍ වෙන්න එපා දොළහට නිවුස් යද්දි පෙන්නයි" කියල.
    අනේ රෑ එකොළහයි පනස් පහට මිත්‍රයට හැදුන කක්ක බරක්. ඉවසගෙන හිටිය කොහොම හරි. අනේ රෑ එකොළහයි පනස් නමය වෙනකොට මේක ඉවසන්නම බැරි ගණනට ආවා. මිනිහ දිව්ව ටොයිලට් එකට.
    ආයෙත් දොළහෙ නිවුස් බැලුවෙත් අපි කට්ටිය තනියම.
    -ට්‍රැපික් ඇනෝ

    ReplyDelete
  32. කොලබදී නම් W.T.C එකේ තියනවා නවලෝක hospital එකේ තියනවා නොමිලේම යන්න පුළුවන් වැසිකිලි

    ReplyDelete
  33. යකෝ අර ටොයිලට් එකට යන උන් චූ කරන්නෙ අමුතු විදියකටද?
    උඹට අහන්න තිබුනෙ,ඇයි ඔයාල චූකරන්නෙ කටින්ද කියල..
    :මළ පැන්නෙමි:

    ReplyDelete
  34. මේ වගේ මානුෂික අවශ්‍යතාවයක් ආවමත් ඔය විදියට ක්‍රියාකරන අය තාමත් ඉන්නවා තමයි...
    හැබැයි ඔය වැඩේට බොහෝවිට ෂුවර් තැනක් තමා පෙට්‍රල් ෂෙඩ්!

    කකාගෙ මේ කතාව කියෙව්වම මටත් චූ කතාවක් මතක් වුනා. මෙතැනින් ගිහින් බලන්නකෝ වෙලාවක් තිබ්බොත්... :)

    ReplyDelete
  35. @ All
    සියළු දෙනාගේම කමෙන්ටුවලට ස්තුතියි.

    වැසිකිලි නම් අත්‍යවශ්‍යයි. ඔය සල්ලි හෙව යන ක්‍රමයට කලින් ඒතරම්වත් හොඳ ඒවා තිබුනේ නෑ.

    වැඩේ කියන්නේ මේ සේවාව සැපයිය යුතු අය වැඩේ මගහරින එකනේ.

    කාන්තා පක්‍ෂය නං අපා දුකක් විඳින්නේ!

    ReplyDelete
  36. @ All
    සඳුදාට දාන්න තිබුණු කතන්දරේ වැරදීමකින් ඊයේ පබ්ලිෂ් වුණා අගෝස්තු මුල දවසක් එක්ක.

    ඒක මකා ගන්ණ අමතර පෝස්ට් එකක් දාන්ණ වුනා කිසි කතන්දරයක් නැති.

    හෙට සිට නැවත සුපුරුදු ක්‍රමයට කතන්දර කියවමු.

    ReplyDelete
  37. ඔය සව්සිරි එකේදී මටත් ඔය වැඩේම සිද්ද වුනා මෑතක දී . මම නම් ලඟතියන ඩොනල් හාදයගේ තැනට ගිහිං වැඩේකරගත්තා. නුගේගොඩ සුපර් මාකට් එකේ තියෙන වැසිකිලියනං ගුහැලියක් මේවාට අපේ මිනිස්සුමයිවගකියන්න ඕනෑ. හරියට toilet එකක් පාව්ච්චි කරන්න දන්නැතිකමද නැත්නම් ජඩ කමද කියල කියන්න අමාරුයි

    ReplyDelete
  38. ඔය තැන්වල හුජ්ජ කරනවාට වැඩිය හොඳයි පාර අයිනේ දාන එක. හයි ෆයි තැන් වල තමා ජරාම ටොයිලට් තියෙන්නේ.
    ටයිටල් එක "නුගේගොඩ දී මට චූ බරක් හැදුනි" කියලා ආවනම් තමයි වැඩිය හොඳ. කතන්දරම තමා දන්නේ ඇයි එහෙම දැම්මේ කියලා.

    ReplyDelete
  39. @ All
    මේ කතන්දරයේ ටයිටල් එක සමහරුන් (ටියුබ් ලයිට් නොව) වරදවා වටහා ගෙන ඇති බව පෙනේ.

    නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි කියා මි යන්නෙන් අවසාන කර ටයිටලය දැම්මේ හිතාමතා ය.

    ඒ පොඩි එකා ගේ ලියුම නමැති කාළෙකට ඉස්සර සිට ප්‍රසිද්ධ රචනා රටාව සිහි ගැන්වීමටයි. ඒ ඇයි කියා නම් හිතාගන්න පුළුවන් නේද?

    මේ ආකාරයේ හදිසි චූ බරවල් හැදෙන්නේ සාමාන්‍යයෙන් පොඩි උන් ට නිසාය.

    ReplyDelete
  40. මම කැම්පස් ඉන්නකොට දවසක් මාතර සිට කොළඹට ටිකටුත් අරං තියෙද්දි පානදුරෙන් බැස්සා ඔය චූ බර නිසා. ආපහු වෙන බස් එකකින් ගමනෙ ඉතුරු ටික ඉවර කලා

    ReplyDelete
  41. ඇයි නුගෝගොඩ රොටරි එක

    ReplyDelete
  42. කකාටත් වෙලාතියෙන්නෙ ඔය. . .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.