මේ ලඟදී මං සහභාගී වුණා එක්තරා පුහුණු පාඨමාලාවකට.
දන්නවනේ ඔය තියෙන්නේ මැනේජ්මන්ට් ට්‍රේනිං කියලා. ඕවගේ වැඩිපුර තියෙන්නේ මැනේජ්මන්ට් ගුරු ලා, කන්සල්ටන්ට්ස් ලා ඇවිත් ටෝක්ස් දෙනවා, සහභාගී වෙන අයට පොඩි පොඩි ඇසයින්මන්ට් දෙනවා වගේ වැඩ තමයි.
මාස හයක් තිස්සේ තුන් පාරකට, එක පාරකට දවස් තුන ගානේ තිබුණු මේ කෝස් එකේදී අහපු, කරපු, හිතට වැදුණු දේවල් දෙක තුනක්ම තියෙනවා.
අද ඒවායින් එකක් කියන්නයි මේ සෙට් වෙන්නේ.
මේකේ ලොකු කතාවක් නං නෑ. හැබැයි කියවන කොට ඔහේලට නං කතා එකක් නෙමේ පහ හයක් වුනත් මතක් වෙන්න ඉඩ තියෙනවා.
ඔන්න ඉතිං අන්තිම දවසේ අපේ කණ්ඩායම් ව්‍යාපෘතිවල ප්‍රසන්ටේෂන් ඉවර වෙලා අපිට කිව්වා අනිත් කණ්ඩායම් ඉදිරිපත් කරපු දේවල් ගැන අපිට කියන්න තියෙන හොඳ පොසිටිව් දේවල් ගැන කතා කරන්න කියලා අපේ කණ්ඩායම් ඇතුලේ.
මේ කතාව අපිට උදේ පාන්දරමත් කියපු හින්දාත්, අපේ පාඨමාලාවේ පොතේ ඒවා ලියන්න පිටුවක්මත් වෙන්වෙලා තිබුණු හින්දාත් මං ඒ ඒ ප්‍රසන්ටේෂන් යන වෙලාවේ හිතට ආපු ඒවා කුරුටු ගෑවා, එවෙලේම.
අන්තිමේදී අපේ ගෲප් එකේ උං එක්ක මගේ නිරීක්‍ෂණ ගැන කතාකරන්න ගියාම මොකක්ද දන්නවද මට තේරුණේ?
මං නිරීක්‍ෂණය කරළා තියෙන්නේ, සටහන් පොතේ ලියාගෙන තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්.
- අරුං ගේ කණ්ඩායමේ ප්‍රසන්ටේෂන් එකේ වැඩි කාලයක් ගියේ යූ ටියුබ් එකෙන් වීඩියෝවක් පෙන්නන්නයි
- මුං ගේ කණ්ඩායමේ එකෙක් විතරයි කතා කලේ. අනිත් උං නිකං ට්‍රැෆික් ලයිට් කණු වගේ හිටගෙන හිටියා
- අර අනිත් උං ගේ ස්ලයිඩ්ස් වල අකුරු පොඩි වැඩියි
- අන්තිමට හිටිය කණ්ඩායමේ එකෙක් කියපු එකට හාත්පසින්ම විරුද්ධ දෙයක් අනිත් එකෙක් කිව්වා
එතකොට තමයි මට තේරුණේ, අපි පොඩි කාලේ ඉඳලාම පුරුදු වෙලා තියෙන්නේ අනුන් ගේ වැරදි හොයන්න නේද කියලා.
මංතුමා නං අවුරුදු ගාණක් ඔය කොල්ලෝ කුරුට්ටන් ගේ ප්‍රසන්ටේෂන් අහගෙන ඉඳලා ඒවට ලකුණු දෙන වැඩේ බඩ-රස්සාවට කරපු කෙනෙක් නිසා මේ තත්වය තවත් දරුණුයි.
මේ ලඟදී මං කියවපු ලිපියක තිබුණා මෙන්න මෙහෙම කතාවක්.
අසූවේ දශකය අවසාන වෙනතුරුම වාගේ බටහිර රටවල පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ළමයින්ට ලැබී තියෙන ප්‍රතිචාරවලින් 95% ක් ම, සෘණාත්මක ඒවා ලු.
අද පවා ළමයින්ට නිකරුනේ ගුටි බැට දෙන අපේ ලංකාව වගේ රටවල මේ තත්වය තවත් දරුණුව තියෙන්න ඇති.
කෙසේ නමුත් ඒ තත්වය දැන් ඊට වඩා හොඳ අතට වෙනස් වෙමින් තියෙනවාය කියලයි කියන්නේ ඒ වාර්තාවේ.
නමුත් සෘණාත්මක ප්‍රතිචාර මැද ඉගෙන ගත්තු අයට ඒ රාමුවෙන් ගැලවෙන එක ලේසි වැඩක් නෙමේ.
-කතන්දරකාරයා
ප/ලි:
අද කතන්දරය සම්පූර්ණ වෙන්නේ ඔහෙලා ගේ සම්මාදමින් විතරයි.
කරුණාකර සෘණාත්මක උදාහරණ මෙන්ම ධනාත්මක උදාහරණ ද දෙන්න!
(image: http://wendymills.hubpages.com/)
අම්මපා බලාගෙන ගියාහම අපේ ගම හාමිනේටත් තියෙන්නේ මේ ප්‍රශ්නයමනේ.....!
ReplyDeleteතමන්ගෙ වැරදි (පහුවෙලා හරි) තේරුං ගන්න එකත් ලොකු දෙයක්
ReplyDeleteබොහොම හිතන්න හැකි කතාවක් කතන්දර අද ලියල තියෙන්නේ . දැන් නම් බටහිර අධ්‍යාපන ක්‍රමය බොහෝ දුරට මේ තත්වයෙන් මිදිලා . ඒත් ආසියාවට තවම මේක අමාරුයි . මොකද තරඟ කාරී බව නිසා . තරඟෙට දිව්වේ නැත්නම් ඉවරයිනේ . රැකියාවක්..හොඳ ජිවන තත්වයක් [ අපි මනින මිනුම් වලින්] ලබාගන්න හැමෝටම මේ තරඟෙට දිවීම කරන්න වෙනවා . ළමය කැමති නැත්නම් අම්මල හරි පස්සෙන් පන්නල එලවනවා . අනේ මන්දා . මක් කරන්නද කියල . මේ තර්න්ගේදී ඉතින් අනිකා ගේ වැරදි සොයාගෙන උන්ව කපාගෙන උඩට යාම නේද කොහෙත් වෙන්නේ . අනික් ඉස්කෝල මන්දා අපේ දෙන්නගේ ඉස්කෝලේ නම් ගුරුවරු අනේ අපරාදේ කියන්න බැහැ. කිසිම වරදක් කියන්නේ නැහැ ළමයින්ගේ . ළමයින්ටත් වගේ වගක් නැහැ . 4 ශ්‍රේණියේ ඉන්න ළමයාගේ ගුරුතුමී කිව්වා තව දුරටත් ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ වලට අම්මල ඇඟිලි ගහන්න එපාය . ගුරුවරයයි ලමයි අතර තියෙන ගනුදෙනුවක් . ළමයට ප්‍රශ්නයක් නම් එයා පහුවදාට ගුරුතුමා එක්ක ඒ ගැන කතා කරන්න ඕන කියලයි. ළමයි 40 ක් 50 ක් ඉන්න පාසලක ඕව කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ . ඒ හින්දා අනුන්ගේ වැරදි සොයන පරම්පරාවල් ඉස්සරහටත් බිහිවෙයි.
ReplyDeleteඇත්ත තමයි කතන්දර අයියේ ඔය සීන් එක..ලංකාවේ ඉස්කෝලවල / කැම්පස්වල තනිකරම ලකුණු දෙන ක්‍රම වැරදි. සමහර වෙලාවට බලන්නේ ඉතින් අපෝ අනිත් ගෘප් එකට ඔයාලට වඩා හොදට කරා, ඔයාලානම් හරි නැහැ , අන්න ඒ වගේ කතා..
ReplyDeleteඔව්ව ඉතින් වෙනස් වෙන්න නම් ඉන්න ගුරුවරු වෙනස් කල යුතුයි ( එයාලා හිතන විදිය වෙනස් කරන්න ඕන )
මට නම් පේන විදියට ඔය කියලා තියන කතාවේ ධනාත්මක පැත්තක් තමයි මම නම් දකින්නේ. දැන් දොස්තරලා ලෙඩක් හරියට හොයාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්ට. ඉස්සල්ලාම හැදෙන්ට හිතන්නේ නැති, ඇඟේ ගෑවිලාවත් නැති ලෙඩ ගැන ටෙස්ට් කරනවා. කරලා, කරලා, (අර අනුන්ගේ වැරදි හොයනවා වගේ) අන්තිමට තමා ලෙඩේ හොයාගන්නේ.
ReplyDeleteඉතින් වැරදි හොයලා ඒවා අයින් කරපුවාම ඉතුරුවෙලා තියන හොඳ ටික පෙනෙයි. ඒ ක්‍රමය වඩා ලේසී...:D:D:D
ඔය වැඩේ තවත් නරක් වෙනවා අනිත් එවුන් එක්ක පොඩි හරි තරහක් තිබ්බ නම්... ජීවිතේට හොඳක් පේන්නෙම නෑ..
ReplyDeleteඋන් අපිට හොඳක් කරන්න ආවත් ඒකත් අපිට පේන්නේ වැරදියටම තමයි
(හරියට විපක්ෂය වගේ.....හික්)
Attatama apita deyak karanawata wada karapu deyaka waradi balanna tamai purudu wela tiyenne..ape office wala kattiyat purudu wela inne me wage wardi allagene game denna ehema nattnam blackmail karanna..
ReplyDeleteToday post is excellent !
ReplyDeleteඅද ලිපිය අනර්ඝයි !
උදවුවක් කළාම ස්තූතියි කියන්න... වැඩක් කළාම අගය කරන්න... වැරැද්දක් කළාම නිකරැනේ බනින්නේ නැතිව වැරැද්ද පෙන්නල දීලා ඒක හදාගන්න කියලදෙන... පාසලක, ආයතනයක, සමාජයක මිණිසුන් කොහොමත් ධනාත්මක සිතුවිලි වලින් පිරිපුන් අය කියලයි මට හිතෙන්නේ...
ReplyDeleteවැදගත් මාතෘකාවක්, ලඟදී අරුණිත් මේගැන ලියා තිබුනා. මම හිතන්නේ කකාගේ අද කථාවේ තියන්නේ මේ ගැන කථාවක් කියලා. කොහොම හරි මම කැමතියි මේ ගැන කථා කරනවට. මොකද මම කැමතිම නැහැ ලමයින්ට දඩුවම් කරන එකට ඒක මහ වැරදි වැඩක්. ඕනෙම දෙයක් ලමයින්ගෙන් ඉතාමත් සූක්ෂමව කල්පනාවෙන් කරවා ගන්න පුළුවන්. මම ඒක අත්හදා බලා තියනවා. ලමයින්ට දඬුවම් කිරීමේදී අපි හිතන්න ඕනෙ සමහර විට ඒ දඩුවම ලමයාගේ ජීවිතයම වෙනස් කරන්න ඉඩ තියනවා. ඒ වගේම ඒක රටට වටිනා පුරවැසියෙක් අහිමි කිරීමක් වෙන්නත් ඉඩ තියනවා. මගේ නම් පුද්ගලික අදහස දඬුවම් නොකර ලමයින් හදන්න පුළුවන්.
ReplyDeleteඔබේ ඊලඟ කථාව මට තේරුණු හැටියට අපි එහෙම තමයි මේ වරද අපි හැමෝටම තියනවා. අපි කරන්නේත් නැහැ. කරන මිනිහෙක්ට කරන්න දෙන්නෙත් නැහැ. හැබැයි සාධාරණ විවේචනත් ඕනෙ, ඒ මුවාවෙන් කරන කඩාකප්පල් කිරීම තමයි වැඩියෙන් මම දකින්නේ. මේකට නම් කියන්න තියන්නේ, මේවා අපේ ජාතික ලක්ෂණ වෙන්න ඇති. වෙන මොනවද?
මටනම් මේ අනුන්ගේ වැරදි සොයනවා වගේ පේන්න බැරි වැඩක් තවත් නෑ. කෙනෙක් දෙයක් කලාම ඇයි අගය කරන්න බැරි. සුළු අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවා කාරුණිකව පෙන්නලා දෙන්න පුළුවන්. නැත්නම් අපිට පුලුවන් පොඩි විහිලුවකින් උනත් ඒව පෙන්නලා දෙන්න හිත නොරිද්දා.
ReplyDeleteනිතරම සෘණාත්මක ආකල්ප වලින් පෙලෙන අය වෙන්න ඕන මෙහෙම කරන්නේ...මම දැකලා තියනවා සමහර අය විවේචනය කලාට ඒ වැඩේ එයාලට කරන්න දුන්නම තමා තරු විසිවෙන්නේ...
සමහරු මුළු ජීවිතේම කරල තියෙන්නේ අනුන්ගේ වැරදි සොය සොයා හිටපු එක. එයාලට වැඩකුත් නෑ . රටට වැඩකුත් නෑ....
කකා ගේ මේ පොස්ට් එකට විතරක් නෙමේ බ්ලොග් ලියන අයගෙන් ඔය දෙතුන් දෙනෙක් හැරුනහම ගොඩාක් උනු කරන්නේ පොස්ට් එකක් අගය කරන එක නේද?? ඒ කියන්නේ අපි ඔය ගොඩේ නැ. සමහර විට ඔය ගුරුවරුන්ගෙන් එක එක උපදෙස් දෙන අයගෙන් ඒ වගේ ඒවා අහලම අහලා ඒක කොහොමද කියලා තේරෙන නිසා වෙන්න ඇති
ReplyDeleteමගේ අත්දැකීමක් කියනවා නං,
ReplyDeleteමම එතකොට දෙක වසරේ ඉංග්‍රීසි පොතේ තිබුන පින්තූරයක් ගෙදරදි ඇඳගෙන එන්න කිව්වා ඉංග්‍රීසි ටිචර්. මම ගෙදරදි සෑහෙන්න මහන්සි වෙලා ඒක ඇඳගෙන ගියා අනිත් දවසේ, මේ ටීචර් ගෑනි කියපි ඒක මම නෙමේ ඇඳලා තියෙන්නෙ ඇන්දෙ කවුද කියලා කියනවා කියලා. මම ඉතිං පොඩි එකානෙ බය වෙච්ච පාර මම කිව්වා ගෙදර ඉන්න අයියා කියලා. අනිත් දවසේ අපේ පුංචි අම්මා ගිහිං ඒ ගෑනිට කතා කරලා තිබුනා. ඇත්තටම ලංකාවේ පාසල්වල වගේම හැමතැනම තියන ලොකු අඩු පාඩුවක් තමා ධනාත්මකව හිතන්නෙ නැති එක .....
හොඳ ලිපියක් .....
ගුරුවරුන්ගෙන් පමණක් නොව මගේ අත්දැකීමනම් ගෙදරදීත් එසේමය. නරකක් වරදක් නම් බොහොම ඉක්මනින් බොහෝ බැරෑරුම්ව සාකච්ඡාවට ගත්තද, ඔවුන් අතින් අපේ හොඳක් වැනුනේ කලාතුරකිනි. එයද බොහෝ විට තවකෙකු විවේචනය හෝ සංසන්දනය කිරීමේ අරමුනෙනි. ( රස්තියාදු ගහන්නැතුව පොතක් බලනවකො! අක්ක වගේ)
ReplyDeleteමට නම් ඕන දෙයක් පේන්නේ ධනාත්මකව. දැන් බලන්න ළමයිනේ ඔය බාල පෙට්‍රල් සිද්දිය. ඇන්ජින් කීයක් කැඩුනද. ඒකෙන් ගරාජ් කාරයෝ ස්පෙයා පාට්ස් කාරයෝ මිකැනික් ලා ලෝයර්ස්ලා ජර්නිස්ලා කී දෙනෙක් ගොඩ ගියාද. හොද පෙට්‍රල්ම දුන්නනම් ඔය හැමෝම ජීවත් වෙන්නේ කොහොමද. බලන්න ළමයි එතකොට බාල සිමෙන්ති. සවි ශක්තිය තියෙන ගෙවල් හැදුවොත් සෑහෙන කාළයක් තියෙනව. ජනගහනයත් අඩු වෙන්ව. එතකොට ඊළඟ පරම්පරාවේ මෙසන්ලට කොරන්න දෙයක් නෑ. බාල සිමෙන්ති වලින් හැදුවම වැඩිකල් යන්න ඉස්සෙල්ල ගෙවල් කඩන් වැටෙනව. එතකොට ආයෙත් ගෙවල් හදනව. බඩු උකස් තියනව. අලුත් නිවාස ණයක් ගන්නව. මේක දිගටම යනව. හැමෝම මම වගේ ධ්නාත්මකව හිතනවනම් ළෝකය කොච්චර ලස්සනද.
ReplyDeleteමාතලන් අය්යාගේ ආකල්පනම් මරු.. හික්ස්..
ReplyDeleteඔව් කල්හාර මතකනේ අපි හැමෝටටම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබා වාර්ථාවක් තබපු භාසුර සිසුවාට කල දේ. පිලිගන්න බෑ කියල නැවත ඒ ප්‍රශ්න පත්‍රයම කෙරෙව්වානේ .කොහොමද අපෙ රටේ ධනාත්මක ආකල්ප.
හිතාගන්න පුලුවන් නේද අර දරුවාගේ මානසික තත්වය.
පිටරට වල මෙහෙම දෙවල් කරනවද දන්නේ නෑ...
ඇත්තටම වටිනවා කාකා අද පෝස්ට් එක නම්.
ReplyDeleteබුදුහාමුදුරුවොත් වදාලේ, ඉස්සෙල්ලම තමන්ව දකින්න කියලයි.
උන් වහන්සේ දැනගෙන හිටියා, ඒහෙම ෙනාවුෙනාත්, අපට අපව නොපෙනී ගොස්, අනුන් විතරක් පේන්න ගන්න බව හා ඉන් ඇතිවන අයහපත් පුථිපල.
ඒ හන්දායි, අපි අනුන්ගේ දොස් දැක්මට පෙර, අපේ දොස් දැක ඒවා හදා ගත යුතු වන්නේ.
මම අවුරුදු පහළවකට ආසන්න කාලයක් තිස්සෙ වෘත්තීමය වශයෙන් පුහුණුකරපු වැරදි සොයන්නෙක් සහ ඒව නොවෙන ක්‍රම සම්පාදකයෙක් නිසා ම්ට ඕනම දේක මුලින් පේන්නෙ වැරැදි ටික විතරයි. ඒක සමහර වෙලාවට කරදරයක් අවාසියක් උනත් මෙහෙමම තීන එක මම ආසාවෙන් කරන රස්සාවට අවශ්‍යම නිසා වෙනස් වෙන්න හරි වෙනස් කරගන්න හරි අදහසක් නැහැ!
ReplyDeleteඅනික ඕනවට වඩා පොසිටිව් වෙන එක දීර්ඝකාලීනව නෙගටිව් ප්‍රථිඵල ඇතිවෙන්න හේතුවක් කියලයි මට හිතෙන්නෙ! ( බහුතර ස්ටාර් තරඟ දෙස බලන්න. තරඟකරුවන්ට නිසි ලෙස වැරදි නොපෙන්වා "ඔයා නං මාරයි" යනුවෙන් සියළු ගොබ්බයන්ට කීමේ අවසානය සමහරවිට ගල් වරුසා, කුණු කතාවලින් සිදුවීම )
අද කතන්දරේ කිසිම ගතියක් නෑ.වෙනද වගේ සරල කතාවක් කිව්වා නම් හොඳය. දාල තියන comments උනත් කිසිම වැදගැම්මකට නැහැ .හොඳ comments ලියන්න කව්රුත් උත්සාහ කරන්න !!!
ReplyDeleteඅපිට ගැටෙන්න තියෙන තියෙන සමාජය බහුතරයක් ඉන්නෙ තව කාගෙවත් වැරැද්දක් අල්ල ගත්ත ගමන්මයි.. ඕක කියව කියව යනව.. සහ ගහන්න ඕනි පදන් ගහනව ඒක අල්ල ගෙන..එහෙම කාපු එකත් කරන්නෙ දෙන්නම් සබ්බුව කියල ඇස් කන් ඇරගෙන ඉන්නව ආපිට ගහන්න..මගෙත් ස්වභාවය ඕකම තමයි. කියවීම, අතීතාවර්ජනය සහ දුකක් වේදනාවක් දැනුනහම ඒකට හේතුව හොයා ගෙනයාම කියන ක්‍රියාවලිය තුලින් මම දැන් අවුරුදු 15ක් තිස්සෙ ඉඳන්ම හැම තත්පරයෙම කරන්න හදන්නෙ අනුන්ගෙ වැරැද්දක් දැක්කොත් ඒක කියන්න ඉස්සෙල්ල මමත් ඒ වැරැද්ද කරනවද කියල පොඩ්ඩක් හිතල බලන්නයි. මේකෙන් වෙන්නෙ මම ගහන්න ගලක් අතට ගන්නෙවත් නැති වෙනවා බොහෝ අවස්ථාවල..මොකද මුලින්ම මම මටම ගහ ගන්න ඕනි ඒ ගලෙන් මුලින්ම.. වෙන කෙනෙකුට ගහන්න ඉස්සෙල්ල..60%ක් සහ 70% ක් අතර මම සාර්ථකයි කියල හිතෙනව..හැබැයි මම වැරැද්දක් දැක්කොත් කට පියා ගෙන ඉන්නෙත් නැහැ.. මමත් මේ වැරැද්ද කලා තේරෙන්න ඉස්සර..පස්සෙ මට තේරුන නිසා ඒක නැවැත්තුවා.. මෙහෙම කලොත් මෙහෙම වෙයි නේද කියල වැරැද්ද කරපු කෙනාට කියනව..පිලි ගන්න සුලුතරයක් ඉන්නව..ඒත් තව 30%ක්...මමත් එහෙමමයි..
ReplyDeleteමටත් නං ඔය අනුන්ගෙ වැරදි හොයන එක පේන්ඩ බෑ. මං හොඳට බලල තියෙනවා. හැමෝම හොයන්නෙ අනුන්ගෙ වැරදි.........
ReplyDeleteමටනම් අනුන්ගෙ ධනාත්මක පැත්ත ගැන හොයන්න වෙලාවක් නෑ.
ReplyDelete@charmi... හක් හක් හා...
ReplyDeleteමුළු පෝස්ට් එකම වචන ගානකින්...
අගනා කතන්දරයක්. මේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් නම් අපි හැමෝටම real life උදාහරණ සෑහෙන්ට දෙන්න පුළුවන්. මමත් අවුරුදු දෙකකට විතර කළින් ලංකාවේ දුර බැහැර තියෙන සරසවියක අන්තර්ජාතික සම්මන්ත්‍රණයක සහභාගී වෙන්ට අවස්ථාව ලැබුනා. ඒක දවස් පහක එකක්. මගේ පේපර් එකට කල් තිබුන හින්දා මමත් ඔය අතරේ අනික් sessions වලටත් සහභාගී වුනා. එතෙන්දි මම දැක්ක එකක් තමයි හැම presentation එකක් අවසානයේ Q&A time එකෙදී බොහෝ දෙනා අහන්නෙම paper එකේ තියෙන අඩුපාඩු, methodology එකේ අඩුපාඩු, ඉතින් අන්තිමට presenterව කිච කරන දානවා. එකේ contents, results / findings, මේ paper එකේ තියන වැදගත් දේවල්, inputs for further improvements වගේ දේවල් ඇත්තෙම නෑ වගේ. discussion එකක් සිද්ධ වෙන්වා හරි අඩුයි. මම දැක්ක කාරණයක් තමයි, මේ විවේචනය කරන අයගෙන් වැඩි හරියක් ඒ සරසවියේ junior සහ middle levelඑකේ academics ලා. මේ අය බොහෝ වෙලාවට එහෙම කිච කරන්නේ එක්කෝ students ලාව, එහෙම නැත්නම් වෙනත් සරසවි වලඉන් එන junior academics ලාව, එහෙම නැත්නම් වෙනත් ආයතනවලින් එන අයව. undergraduates ලාව කිච කරන්නේ වෙන undergraduates ලා. ටිකක් matured, experienced අයගෙන් ප්‍රශ්න අහන්නේ නැති ගානයි. මට ඇත්තටම විශාල කළකිරීමක් ඇතිඋනා ඒ අවස්ථාවලදී. පුදුම අනුකම්පාවක් ඇතිඋනා සමහර presentersලා ගැන. තමා පොරවීමට තැත් කිරීම තමයි මම එතනින් දැක්කේ. මට එහෙම අකරතැබ්බයකට මුහුණ දෙන්න උනේ නැ. උනේ කිසිම කෙනෙක් මගෙන් ප්‍රශ්න අහපු නැතීකෙ විතරයි. ඒ මම විදේශ රටක සරසවියකින් ආපු හින්දද එහෙම නැත්නම් මගේ පේපර් එක වැඩක් නැත්ද කියන එකද මන්දා. එතකොට මට හිතුනා අපරාදේ ආවේ කියළා. ඉතින් මේ සම්මන්ත්‍රනය ඉවර වෙලා තව ඒ වගේ අගනුවර සරසවියක අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට (නාථ දෙයියොන්ට සම්බන්ධකම් තියන එකකට). එතන කළින් එක තරම් දරුණු නැතත් 'කතන්දර' කියන ලක්ෂණ නොතිබුනාම නෙවේ. මම හිතන්නේ ඒක අපේ රටේ සමාජයේ මුල් බැහැගත්ත දෙයක් කියලයි ඒ නැති එක මම කියන්නේ නෑ ඔක්කොම නෙගටිවෙ දේවල් තමයි සිද්ධ උනේ කියල - ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම negative 80%, positive 20% වගේ තමයි මට හිතුනේ. මේවා වෙනස් කරගන්න නම් කාලේ හරි කියලායි මට හිතෙන්නේ.
ReplyDeletekandyman -
කිසි දවසක ධනාත්මක පැත්තක් දකින්නෙ නැති වැරදිම දකින ජාතියක් ඉන්නව ... ඔඩිටර්ස් ල..!
ReplyDelete@ දුමී
ReplyDeleteහික්ස්. ගමරාලටත් බෝවෙලා තියෙන්නේ!
@ Observer
ReplyDeleteඑහෙනං බලමුකෝ ඔබ්සෝවර් ගේ බ්ලොග් යන පාපෝච්චාරණ ලඟදීම!
@ Bindi
ReplyDeleteමෙහෙමයි, වැරදි පෙන්නල දීලා නිවරදි කරන්න ඕනෑ.
හොඳක් දැක්කාම ප්‍රසංශා කරන්නත් ඕනෑ!
@ ChammA
ReplyDeleteසමහරුන්ව නං මකලා හදවන්න ඕනෑ!
@ Podi Kumarihami
ReplyDeleteදොස්තරලත් ඕනෑ. මිකැනික්ලත් ඕනෑ. ඩීටේලින් කරන අයත් ඕනෑ. පොලිෂ් එකත් තියෙන්න ඕනැනේ.
@ තාරක
ReplyDeleteකාලෙකට කලින් විපක්‍ෂයට කිව්වේ ප්‍රතිපක්‍ෂය කියලයි.
ඒ තමන්ගේම පොරක් විපක්‍ෂයේ ඉන්න කාලේ!
@ ඇනෝ
ReplyDeleteඔෆිස්වල වෙන නරක වැඩ උඩට පැමිණිලි කරන්න.
@ ජය ශ්‍රී
ReplyDeleteThanks, at least something positive from my training program!
@ සංජු
ReplyDeleteස්තුතියි, කරුණාකර වගේ වචන වල ආගන්තුක ගතියක් තියෙනවා නේද?
@ මහ වෙදනා
ReplyDeleteජන්මෙ ද පුරුද්දද? මං හිතන්නේ පුරුද්ද කියලයි!
@ Gimhani
ReplyDeleteඔය කලාව වැඩි දෙනෙක් දන්නේ නෑ. අපිට වුනත් වරදිනවා!
@ දේවා
ReplyDeleteවැරදි පෙන්නල දීලා නිවරදි කරන්න ඕනෑ.
හොඳක් දැක්කාම ප්‍රසංශා කරන්නත් ඕනෑ!
@ පන්සල් හන්දිය
ReplyDeleteපුදුම ගුරුවරු!
@ කලිකාල
ReplyDeleteමං හිතුවේ කලිකාල කරන්නේ පොත් බලන එකම විතරය කියලා.
ඔය මල්ලිට කියන කතාවක් නේද?
@ මාතලන්
ReplyDeleteනියම කතාව. ඔයාට විතරයි වැඩේ තේරෙන්නේ.
අම්මපා ජනා ගේ උපදේශක කමක් දෙන්න වටිනවා.
තෑන්ක්ස් මෙයා!
@ Gimhani
ReplyDeleteහැබැයි මට හොයාගන්න බැරි වුනා මේ ළමයා ආපහු විභාගේ කළාය කියලා නම්!
@ නිල් අහස
ReplyDeleteමේ මොනවා කියනවාද? අපේ කොයින්ද වැරදි?
අනිත් උන් තමයි සේරටෝම මුල!
@ ඉන්දික
ReplyDeleteනමුත් ඉතිං, සතියෙන් සතිය උන්ව හලලා අන්තිමට ඉතුරුවෙන්නේ එකයිනේ!
@ ග්‍රීස් යකා
ReplyDeleteනියම උත්තරේ!
ඔයා නං යකෙක්.
@ Weni
ReplyDeleteහරිම සතුටුයි ඒ කතාව අහලා.
ඔහොම තත්වයක් ඇතිකරගන්න සෑහෙන්න කල් යනවා!
@ charmi
ReplyDeleteමාත් නෑනේ ඔය අනුන්ගේ වැරදි හොයන්නේ. ඒකටත් එක්ක මේ අනිත් යක්කු!
@ Outsider
ReplyDeleteමං නං ඔයා වගේ නරක නෑ. අනුං වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. ඔයාගේ කතාව නං අන්තිම නරකයි. මං වගේ අනුන්ගේ හොඳ විතරක් දකින්න ඉගෙන ගන්න ඔය වගේ මෝඩ කතා නොකියා!
@ මාරයා
ReplyDeleteහික්, හික්, හූ!
@ Ano - kandian
ReplyDeleteමේක නං විශ්ව විද්‍යාලවල පුරුද්දට යන දෙයක් නේ.
වැරදි මතයි අගැයීම් (assessments) කරන්නේ!
මාත් ඔය තැන් තැන්වල කරක් ගහලා තියෙන නිසයි දන්නේ.
@ සපතේරු උන්නැහේ
ReplyDeleteමං නං කැමතිම ඔඩිට් ෆර්ම්ස්වල එකවුන්ට්ස් ඔඩිට් කරන්නයි!
මුලින්ම ලකුණු 100ක් දීලා පස්සෙ වැරදි හොයල ලකුණු කපනවද?
ReplyDeleteමුලින්ම ලකුණු 0න් පටන් අරන් හොඳ හොයල ලකුණු දෙනවද?
කතන්දර බොස් මේ තමයි මම එන වෙලාව .. මේයාලා කතාව කියලා මෙයාලම අදහස් දීගෙනත් ඉවරයි ..මම එන්න පමා වුණා නෙව ..
ReplyDeleteඅප්පා මම ඉස්කෝලේ ගිය කාලේ නම් හොඳ නම ගත්තේ සල්ලිකාර කොල්ලෝ සහ ගුරුවරුන්ගේ කොල්ලෝ කෙල්ලෝ බව නොකියාම බෑ සාමාන්‍ය උන් හිටියේ හැමදාමත් අන්තිමේටම .. ගුරුවරු ප්‍රශ්නයක් අහලා මුලින්ම බලන්නේ අර යමක් කමක් තියන ළමයා දිහා විතරයි ..
අපේ පන්තියේ හිටිය විද්‍යාව ටීචර්ට මම මොනදේ කීවත් වැරදි .. මම ප්‍රශ්නයක් ඇහැවුවොත් "තමුසෙට ඉතින් අහන්න තියෙන්නේ ඔය වගේ ගොං ප්‍රශ්න්‍ක් තමා " අප්පා ඉතින් මම එයාව ප්‍රශ්නයක් කරගන්නැතුව .. පන්තියේ පාඩුවේ හිටියා ..ඕලෙවල් රිසාල්ට් වලදී මට ඇඬුනා ..අන්තිමේදී
කතන්දර මල්ලි, අනේ මටත් තියෙන ලොකුම ප්‍රශ්ණේ මේ. මම ගෙදර වැඩිමලා නිසාද මන්දා මේ අයගේ මොනව හරිම වැරැද්දක් මට පේනවා. හැබැයි ගොඩක් වෙලාවට කියන්නෙ නෑ හිත රිද්දන්න බැරි නිසා. බලා ඉන්නවා වැරදුන තැනදි තමයි ඔන්න කියා පාන්නෙ. අපේ ගෙදර උන්දැත් මෙහෙමයි. කොහොම හරි වැරැද්දක්ම තමයි පේන්නෙ. ඒක නම් කෙලින්ම කියා පානවා. ඒකට නම් මම කැමතිම නෑ. ඒත් ඉතින් ඉවසීම පුරුදුකරල ඉන්න නිසා ගැටුම් නෑ
ReplyDeleteඅපේ ක්‍රමය, එහෙම නැත්නම් අපි මෙච්චර කල් භාවිතා කරපු ක්‍රමය වැරදී කියන එකත් සෘණාත්මක සංකල්පයක්නේ. ඇයි ඉතින් ඒකත් වැරදි හෙවත් සෘණාත්මක දේවල් සෙවීමක් නේද?
ReplyDeleteඅධ්‍යාපනික කටයුකු වලදි නම් මේ කියන කථාව බොහොම ඇත්ත! නමුතු සාමාන්‍ය ජීවිතයේදී මගෙ අතින් වන වැරදි/අඩුපාඩු පෙන්වා දෙයි කියල මං අනිත් අයගෙන් නිතරම බලා පොරොත්තු වුණත් එහෙමත් කෙනෙක් වැරැද්දක්/අඩුපාඩුවක් පෙන්වා දෙන්නෙ බොහොමත්ම කලාතුරකින්!
ReplyDeleteතමන් දකින හරි/වැරදි තැනට සුදුසු පරිදි පෙන්නල දෙන එක විශිෂඨ මිතුරෙකු ගේ ගුණාංගයක් කියලයි මං නම් හිතන්නෙ. එහෙම නැතුව වැරදි/අඩුපාඩු සහිත දේට “මිතුරු ෆිට්“ එකට “එල!එල!!“ කියන අයට නම් මගෙ වැඩි මනාපයක් නැහැ!
Kathandara machan kiyanne sahathika eththa.
ReplyDeleteWeradhi soyana minisa athin kisima nawa
nirmanayak bihiwenne nehe. ungen wanne copy and paste wargeye nirmana pamanamai.
Denata ape Uni walin karanne theories ugannana eka withramane. Aye api theory bawithawena applications gena saha kohomada theory pawichchi karanne kisiyam real time prasnawalata kiyana eka gena wedipura ape think tankslage oluwalata enne neththe.
Wenarataka geewath wenna giyata pasuthamai ape kathandara machan kiyanade wediyenna agata denenne
කෙනෙක් අඩු පාඩු පෙන්නල දෙන එක හොඳ දෙයක් මට පේන විදිහට. වැරදි හදාගන්න හොඳම ක්‍රමය තමා අනිකුත් අයගෙන් සෘණාත්මක විවේචන ගන්න එක සහ ඒව අඩු කරගන්න උත්සාහ කරන එක.
ReplyDeleteආ අමතක උණා අපි ඒවට සෘණාත්මක විවේචන කියන්නෙ ඒ විවේචන උණත් අපි සෘණ විදිහට බාර ගන්න නිසා නෙමෙයිද? අපි ඉන්නෙ රාමුවක් ඇතුලෙ කොටු වෙලා ඒ කණ්නාඩියෙන්ම බලල ක.සුත් ලිව්ව පෝස්ට් එකක්. සික් අන්තිමයි ඈ
ReplyDelete