ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 8 August 2011
හරි හුරතල් කොලු පැටියා-තාත්තා වගේමයි-උම්මා : Like father like son, xoxoxo!
දරු නැලවිලි ගීත තුනක් එක්ක, අපේ පුතා ගැන පොඩි සඳහනක් කරමින් මං ලියපු උගෙ අම්මයි දුන්නේ කතන්දරෙන් ඉපදුණු දෙවෙනි පසු කතාව මේක. මුල් කතන්දරේ -බබා ගේ තාත්තා හපනා.
දැන් ඔය පොඩ්ඩක් විතර තුනී වෙලා, ඇඳල පැදිලා, උස ගිහිල්ලා හිටියට, පුංචි කාලේ අපේ කොලු පැටියා නිකං බෝල ගෙඩිය වගේ.
ඉතිං අහල පහල, දන්න අඳුණන ආන්ටි ලා ගේ, ඒ කියන්නේ බබා ගේ අම්මී ගේ මිතුරියන් ගේ නොමද ආදරයට පාත්‍ර වෙන්න ඌට සිදුවෙනවා.
ඉතිං මේ ලේඩීස් කෂ්ටිය ගෙදර ආපුවාම මටත් හරි ජොලි මොකද දන්නවද? බබෙක් දැක්ක ගමන් කරන කාන්තාවන් ගේ ප්‍රියතම දේ තමයි බබා තාත්තා වගේ ද, අම්මා වගේ ද කියලා හොයන එක.
ඉතිං ඔන්න මේ ලේඩීස් ලා බබාව වඩා ගන්නවා.
"බලමු, බලමු කවුරු වගේද මේ හුරතල් ලස්සන පැටියා කියලා!"
"තාත්ත වගේද? අම්ම වගේද?"
"අනේ හරීම කියුට් අනේ. බලන්නකෝ පොඩි කමට හිටියට හිනාවෙන ලස්සන!"
"මං නං හිතන්නේ තාත්තා වගේමයි කියලා. උම්මා, උම්මා, උම්මා!"
"ඔව් අනේ, තාත්තා වගේමයි, ලොකු වුණාම හරිම හැන්ඩියෙක් වෙයි, උම්මා, උම්මා, උම්මා!"
අනේ පව්, තාත්තා වගේ කියුට් වුණු වරදට කොලු පැටියාට මේ ඇන්ටිලාගේ උම්මා වරුසාවලට ලක් වෙන්නත් වෙලා.
මං ඉතිං ඕව බලාගෙන කරන්නේ අර උන්මාද චිත්‍රසේන කාලේ ගැන සිහිකරලා තනියෙන්ම හිනා වෙන එකයි.
-කතන්දරකාරයා
ප/ලි:
ඔන්න පස්සෙන් පහු කොලු පැටියාට අවුරුදු තුනක් හතරක් විතර කාලේ අපි පුතා හාෆ් ෂීට් එකක ඇඳපු චිත්‍රයක් අපි කෑම කන කෑල්ලේ බිත්තියේ ගහලා තිබ්බා.
දවසක් අපේ ගෙදර පාටියක් වෙලේ ඒකට ආපු මිතුරියක් කොලු පැටියාව වඩාගෙන ඔය චිත්‍රය බලනවා මං දැක්කා.
මේ වෙන කොට පුතාට හොඳට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.
ඉතිං පහුවදා පුතා මගෙන් ඉල්ලනවා තාත්තේ සුදු කොල ගොඩාක් දෙන්න කියලා.
මං ඇහැව්වා:
"ඇයි?"
"චිත්‍ර අඳින්න."
"මොකටද ඉතිං කොල ගොඩාරියක්?"
"ගොඩාරියක් චිත්‍ර අඳින්න."
"ඇයි ඉතිං ගොඩාරියක් චිත්‍ර අඳින්නේ?"
මොකද දන්නවද කොල්ලා කිව්වේ?
"ගොඩාරියක් චිත්‍ර ඇඳලා බිත්තියේ එල්ලනවා. එතකොට ගෙදරට එන ආන්ටිලා ඊයේ කළා වගේ මාව වඩාගෙන මට උම්බ එකක් නෙමේ ගොඩාරියක් දේවි!"
එදා තමයි මට හිතුනේ ඇත්තටම පුතා නම් තාත්තා වගේමයි කියලා! Like father like son.
Subscribe to:
Post Comments (Atom)
Why don't you post the kid's drawing?
ReplyDelete@ Ano
ReplyDeleteThat was about six years ago. Those drawings are somewhere there in a file in storage now.
My son is 10 now.
http://kathandara.blogspot.com/2011/05/blog-post.html
පිරිමි උදවිය ඉදිරියේ දී , අනුන්ගේ දරුවකු සුරතල් කිරීම. හාදු දීම , ගැහැණු මායම් 64න් එකක් ලු....
ReplyDeleteපුතාට නේද හාදු දුන්නේ ?
@ සොඳුරු සිත
ReplyDeleteඅනේ මන්දා? ගෑනුන් ගේ සිත් ඇතුලේ තියෙන සොඳුරු මායම් ඉති අපි යැ දන්නේ?
"ගොඩාරියක් චිත්‍ර ඇඳලා බිත්තියේ එල්ලනවා. එතකොට ගෙදරට එන ආන්ටිලා ඊයේ කළා වගේ මාව වඩාගෙන මට උම්බ එකක් නෙමේ ගොඩාරියක් දේවි!" හිකිස්.. ආයේ ඉතින් තාත්තා වගේම නැතෑ පුතත්..
ReplyDeleteඅපිටත් ඔය **** වරුසාවක් ලබා ගන්න ක්‍රමේකුත් සඳහන් කළා නම් වටී..
"මං නං හිතන්නේ තාත්තා වගේමයි කියලා. උම්මා, උම්මා, උම්මා!"
ReplyDelete"ඔව් අනේ, තාත්තා වගේමයි, ලොකු වුණාම හරිම හැන්ඩියෙක් වෙයි, උම්මා, උම්මා, උම්මා!"
ඉතින් ඊට පස්සෙ කතන්දර ඒ ආන්ටිව මුනගැහුනෙ නැතෙයි?
තාත්තා කියුට් වුන වරදට පුතාට උම්මා නොදී තාත්තටම දුන්නනම් හරිනේ :D
ReplyDeleteපුතා දැක්කාම නම් උම්මා දෙන්ටම හිතෙනවා. පුතා තාත්තාට වඩා කියුට්නේ. තාත්තා දැක්කාම නම් අනේ මන්දා. ඒ උම්මා දුන්නු ඇන්ටිලාගෙන්ම තමා අහන්ට ඕනි......:D
ReplyDeleteඔවු ඔවු උම්මා ගොඩාරියක් දෙයි.
ReplyDeleteහික්ස් :) මරු පුතෙක් !!!!!
පුතානම් තාත්තා වගේද මන්දා?? හැබැයි පොඩි එකා දැක්කමනම් උම්මා දෙන්න හිතෙනවා තමා.. කොන්ඩේ අවුල් කරන්නත් හිතෙනවා....
ReplyDeleteහනේ හනේ,, පුතා අහක බලං ඉන්න වෙලේ තාත්තා ඉටිපන්දම නිවලා,,,
ReplyDeleteඒ ඇන්ටිලාත් දැන ගන්න ඕනි..පොඩ්ඩට උම්මා ගොඩාක් දෙනකොට පොඩ්ඩගෙ තාත්තටත් එකක් වත් දෙන්න.. ඒකටනෙ කාර්ය ඵල ඇගයීම (Perfomanace Evaluation )කියන්නෙ...
ReplyDelete@ චතුර
ReplyDeleteඇයි, මං ලියන පෙම් කිරීමට උපදෙස් තන්දර කියවලා නැද්ද?
@ radicaladahas
ReplyDeleteඑක්කෙනෙක් නෙමේ කීප දෙනෙක්ම.
මොකද නැත්තේ, යන යන තැන ඇන්ටිලා!
@ පූසා
ReplyDeleteඅනේද කියන්නේ. බලමු, දැන් මේ කතන්දරේ කිේරාලවත් ක්්ටිය ඒඛ තේරුම් ගනීවිද කියලා
පුතාට දුන්න උම්මා තාත්ත බාර ගත්තෙ මොකද කියලයි මට හිතුනේ.
ReplyDeleteමැණික්
@ podi kumarihami
ReplyDeleteපුතා කියුට් නං ඒ මදෑ, ඒ සේරම අම්මීගේ ජීන්ස්.
@ මධුරංග
ReplyDeleteතාත්තා වගේමයි කියලා ඇන්ටිලා කියන්නේ ඒකනේ!
@ Gimhani
ReplyDeleteපුතා ඉපදෙච්ච දවසේ නර්ස් කෙනෙකුත් කිව්වා ලොකුවෙලා කෙල්ලන්ව වශී කරාවි කියලා.
අනේ බබා ශෝයි.
ReplyDelete@ හරී-පිණිපලස
ReplyDeleteමේ තාත්තා ගේ උපන් දිනයක් දවසේ. ඒකනේ චාම් කේක් එකක් විතරක්.
පුතා අහන්නේ ඇයි එක ඉටිපන්දමක් විතරක් කියලායි.
මෙන්න පුතාගේ උපන් දිනය දා.
http://kathandara.blogspot.com/2011/05/blog-post.html
@ Weni
ReplyDeleteඒකනේ කියන්නේ, බෝනස් පවා දෙන්න වටිනවා.
@ මැණික්
ReplyDeleteඇයි මම නේ කොල්ලා ගෙන් සීයට පණහක අයිතිකාරයා.
@ නදී
ReplyDeleteබබා ෂේයි, තාත්තා වගේමයි නේද?
කෝ උම්මා?
හැම තාත්තෙක්ගේම පැතුම පුතා තාත්තාවාගේ වෙන්න නේ. පුතාටයි තාත්තාටයි දෙන්නාටම සුබ පැතුම්!
ReplyDeleteආ ,, ඒක මිසක් !! හැබෑට වයස කීයෙන් බෙදලද ඔය එක ඉටිපන්දමක් විතරක් හිටෙව්වෙ??
ReplyDelete@ Chandi
ReplyDeleteස්තුතියි. කොල්ලා නං මං වගේ කෙසේ වෙතත් කාර් පිස්සෙක් වෙන විදියයි දැන් නං පේන්නේ.
@ හරී-පිණිපලස
ReplyDeleteමෙහෙමයි, මගේ වයස, මගේ වයසෙන්ම බෙදුවා.
උත්තරය එකයි. ඉතිං එක ඉටිපන්දමක් පත්තු කළා!
ශෝක් කොලූ. මගේ කෙල්ලගේ වයසමයි.
ReplyDeleteඔය උම්මා දෙන ඇන්ටිලා නම් මම හිතන්නේ ව්‍යංගයෙන් කියන්නේ වෙන දෙයක්. ඇයි යකෝ ඕක කෙලින් කිව්වනම් මක්කා වෙනවද?
//එදා තමයි මට හිතුනේ ඇත්තටම පුතා නම් තාත්තා වගේමයි කියලා! Life father like son.//
ReplyDeleteඉඳල හිටල ඇත්තත් කියනවා වගේ.......
ඇන්ටිල නිවුවේ නැතිද පුතත් තාත්තා වගේම ඳඟකාරයෙක් වෙයි කියල
ReplyDelete@ මහ වෙදනා
ReplyDeleteඅනේ මන්දා, අර සොඳුරු සිත කියන්න්නේ ඒ හටහරෙන් එකක් ය කියලා. දාන්නකෝ ඔය හැට හතර හොයලා ලිපියක් වෙද ගෙදර බ්ලොගේ.
@ netha
ReplyDeleteපැත්තක් ගියත් ඇත්ත කියන කෙනෙක් මම.
ඔයා ත් ඇත්ත කියන්න කෝ. ඔයා විනීතා ද, සුනීතාද, ප්‍රනීතා ද, ජනීතාද?
@ ඇනෝ
ReplyDeleteපුතා ගේ අම්ම නං කියන්නේ කතන්දරකාරයෙක් වෙයි කියලයි.
මට නං හිතිලා තියෙන්නේ කාර් රේස් කාරෙයෙක් වෙයිද කියලයි.
අන්න ඒකනෙ කියන්නෙ හැම තැනම වැඩේට නියම පැසසිය යුත්තට ගරු නම්බුනාම ප්‍රථිලාභ මුකුත් නෑ... ...
ReplyDeleteඔව් ඔව්, තාත්තලාට දෙන්න බැරි උම්මා, බබාලට දෙනවා තමයි ලේඩීස්ලා.... මමත් ඕක අත්දැකලා තියෙන සත්‍යයක්....!
ReplyDelete@ පොඩි මෑන්
ReplyDeleteඅසාධාරණේ, අසාධාරණේ. කාට කියන්නද මේ අවනඩු?
@ දුමී
ReplyDeleteතවත් තාත්තා කෙනෙකුම තමයි ඕක දන්නේ.
මේ ලේඩීස් කට්ටිය නොදන්නවා වගේ ඉන්නවා.
[[අනේ පව්, තාත්තා වගේ කියුට් වුණු වරදට කොලු පැටියාට මේ ඇන්ටිලාගේ උම්මා වරුසාවලට ලක් වෙන්නත් වෙලා.
ReplyDeleteමං ඉතිං ඕව බලාගෙන කරන්නේ අර උන්මාද චිත්‍රසේන කාලේ ගැන සිහිකරලා තනියෙන්ම හිනා වෙන එකයි.]]
සිනහව අතරින් කඳුලක් උපන්නා... ඒ බැව් "නොකියම" සිනහවක් ම පෑවා...
මට බැඳපු වයසේ - බැරිය වෙණ ගායනා පෙර සේ කිව්වලු.
පුතු තාම බාල වයසෙ හින්ද පුතාලට දෙන්න ඕන වටිනා දේවල් තාත්තලට දෙන එක නොවැ හරි විදිහ...
ReplyDeleteපොඩ්ඩක් තුනී වෙලා, ඇදිල, පැදිල, ඉන්න එක හොඳය හැබය් බෝල ගෙඩිය වගෙ ඉන්නවට වඩා.....කාන්තා පක්ෂෙන් උම්ම හම්බු වුනාට.
ReplyDeleteකොල්ලට සුභ අනාගතයක්.....
අම්මපා ! කපාපූ පලුව !
ReplyDeletegamini
@ Sujeewa Kokawala
ReplyDeleteඕව නෙමේ මෙන්න මේවයි සින්දු
1. කොලොම් තොට නැත මහළු වී
2. පොද වැස්සක පෙර නිමිති පේනවා...
අනේ නැහැ මම නිකම්ම නීතා විතරයි .
ReplyDeleteමට කලින් ලියන්න බැරි උනා පුතා නම් හරිම ලස්සනයි.
@ සපතේරු උන්නැහේ
ReplyDeleteඒකනේ, මට දුන්න නං පරිස්සමෙන් තියා ගන්නවනේ, කාටවත් නොකියා.
@ Observer
ReplyDeleteඋස ගියොත් බාස්කට් බෝල්වත් ගහන්න බැරියැ, නේද?
@ Gamini
ReplyDeleteමගේ නං එක පළුවයි පේන්න තියෙන්නේ, ඒ පළුවවත්ද?
@ Netha
ReplyDeleteමොකද නිකං "නම්" කියලා අනියමාර්ථයෙන් කතා කරන්නේ?
ඇයි තාත්තා කළු ද?
[[පොද වැස්සක පෙර නිමිති පේනවා...]]
ReplyDeleteඅමරේ ගොයියට නම් පෙර නිමිති පෙනුනේ මහ වැස්සක.
දැන් ඔය නොලැබෙන උම්මා වලට අඬන්නේ නැතුව, "සැරයටියෙන් අපි යනෙන තුරා" කියාගෙන ගෙදර ආණ්ඩුවට යටත් ව උන්නා නම්.
මොකද කොල්ලට කොහොමත් තව ලොකු වෙද්දී උම්මා ලැබෙයි. තාත්ත එව්වට ජෙල නොවී බණක් දහමක් කොරගෙන ඉන්න එපාය.
කොල්ලට්ස් සුබ පැතුම්. උගේ රේස් සිහිනයට අපෙනුත් තල්ලුවක්.
කවුද අර ලස්සනම ලස්සන නිළියක් විරූපී මහාචාරය කෙනෙක්ගෙන් ඇහුවෙ "අපි බඳිමුද" කියල, පොඩි එකාගේ රූපය අම්ම වගේ ලස්සන වෙලා මොලේ තාත්තගෙ වගේ වෙයි කියලා. එතකොට මහාචාර්ය තුමා කිව්වලු බැරිවෙලාවත් ඒක අනිත්පැත්තට වුනොත් කොහොමද?" කියල. මට හරියට කතාව මතක නෑනෙ.
ReplyDeleteරූපෙ කවුරු වගේ ද කියන එක නෙමෙයි වැඩේ. ගතිගුණ ගැන බලන්න.
පොඩි එකාගෙ හොඳ ගතිගුණ ඔක්කොම එන්නෙ අම්මාගෙන්ය. නරක ගතිගුණ තිබුනොත් ඒවා එන්නේ තාත්තාගෙන් ය.
-ට්‍රැපික් ඇනෝ
අප්පච්චි කලබල නොවී උන්න නම් තම්යි හොඳ කොලුවගෙ දෑවැදි වලට....කොලූට සුබ අනාගතයක් කිව්ව ඕං.....
ReplyDeleteදන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
ReplyDeleteගුරු හරුකම හොඬ්හ් නොහොදත් කියලා දුන්න
මහළුව බැරි උනහම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න..
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න..
පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී..
ඔය උම්ම දෙන ඇන්ටිලට දෙන බේතක් මගේ ගාව තියෙනව.. ප්‍රසිද්ද කොරන්න බැරි.. හැම එකාම මේක බලනවනේ...
මට හිතේන්නේ දැන් බෙහෙත දෙන්න ඕන කකා අය්යට.
ReplyDeleteපොඩි වුන්ට විතරයි ඔය චාන්ස් එක . ලොකු වුනහම ඉතින් මුණ දික් කරන හිටියත් ලැබුනේ නැහැනේ නේද . අපේ චුටි දුටත් ඔය කලම තමයි. සමහර ඇන්ටිලා ලඟදි කෙල්ල පැනල දුවනවා .
ReplyDeleteතාත්තා වගේමයි කිය කියා උම්මා දෙන එක නම් ඉතින් ආයේ සුපිරිම මායමක් තමා . තාත්තව ඉඹින්න බැරි නිසා පොඩි එකාව ඉඹලා යනවා .
ReplyDeleteඒක නෙවේ කතන්දර අයියේ ..! දැන් පිරිමි උදවිය ආවේ නැද්ද පුතාව බලන්න ? පිරිමි අය කීවේ පුතා තාත්තා වගේ කියලද , නැත්තම් අම්මා වගේ කියලද ..?
පවුලේ වැඩිමලා වෙච්ච මට උම්මා හම්ඹ උනේම නැහැ කිවොත් නිවැරදියි, කියුට් මලයට තමයි ඔක්කොම ආදරේ, ලොකු වෙලා කියල එහෙම වාසනාවක් තිබුනෙත් නෑ ඒ නිස උම්ම හමබ වෙන අය එක්ක ලොකු ඉරිසියාවක් තමයි මට තිබුනේ, ඉතින් උම්ම ලැබෙන්නත් වාසනාවක් තියෙන්න ඕන කියල හිතෙනව.
ReplyDeleteමේ ලඟදී වැඩ ඇරිලා ගෙදර යනකොට කෝච්චියේදී, බීපු කෙල්ලෙක්ද කොහෙද මට කිස් එකක් දුන්න!( වාසනාව පෑදීගෙන එනවද පව් අපේ සීයත් මේ වගේ කියල හිතුනද?)
//@ Gamini
ReplyDeleteමගේ නං එක පළුවයි පේන්න තියෙන්නේ, ඒ පළුවවත්ද?//
කතන්දර . . . ."එක පළුවයි" කීවෙ . . . ."කොයි පළුව"ද ???
ප.ලි.
කොළුවාගේ රේස් සිහිනය සැබෑවෙන සුභ අනාගතයක් . . . . .
කතන්දර,
ReplyDeleteදුමියත් කියනවනං කතාව ඇත්ත වෙන්ඩැති,
හරි දැං බලමු ඔක්කොමට කලින් අපේ හාමිනේගේ යාලුවො කව්ද කියලා
අඩ්ඩඩ්ඩා..... අපේ හාමිනේගේ යාළු රොත්තක් හෙට එනවලු පොඩි එකා බලන්න. මං දැම්ම පටන්ගන්න ඕනෙ චිත්‍ර අඳින්න.
ReplyDeleteඅපෙ තාත්තා ඉතා සුදුයි
ReplyDeleteලොකු අක්කත් ඉතා සුදුයි
පොඩි අක්කත් ඉතා සුදුයි
මං විතරක් තල එළලුයි
( තාලය = උඹෙ අප්පත් ඉතා කලුයි )
තාත්තට දෙන්න බැරි උම්ම ටික ඔකකොම පොඩ්ඩට....
ReplyDeleteඅනේ මේ දැන් ඉතින් කියන්ටකෝ ආපු අංකල්ලා පුතාව වඩාගන එයා අම්මි වගේමයි කියලා උම්මා දුන්නු හැටි....:)
ReplyDelete@ Sujeewa Kokawala
ReplyDeleteබාල ලියන් මල් නටුවෙන් හබල් ගහන වෙලේ නේ ඔය පොද වැස්ස ආවේ!
පින් දහම් කරන වෙලාව තමයි මේ බ්ලොග් කෙරුවාවට වැය කරන්නේ.
ස්තුතියි සුබ පැතුමට.
@ ට්‍රැෆික් ඇනෝ
ReplyDeleteඔය කතාව කියල තියෙන්නේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ.
@ හීනියට
ReplyDeleteස්තුතියි අවවාදයටත්, සුබ පැතුමටත්!
@ මාතලන්
ReplyDeleteමොකක්ද හලෝ ඒ බේත?
යකඩ චෙරි රස පිරී ඩියුරෝල් ද?
@ Gimhani
ReplyDeleteබේත් කිව්වහම මේ ජීන්ගල් එක මතක් වුනා.
දිනෙක ආවා මගේ සුපෙම්වතා
වේදනාවෙනි නැතිය කතා
ඇහුවහම විමසල මොකද කියා
ඔහු කිව්වා,
කම්මැලියි, ඇඟට පණ නෑ කියා
මා කීවා ගන්න...
ඇඟ පතට පන එන්න - ඩියුරොල්
කඩිසරව ගැවසෙන්න - ඩියුරොල්
යකඩ චෙරි රස ඇතී - ඩියුරොල්
මිහිරි විටමින් ටොනික් - ඩියුරොල්
@ Bindi
ReplyDeleteමං හිතුවේ ඇන්ටිලා උම්මා දෙන්නේ පුතාලට විතරයි කියලා!
@ හිස් අහස (සඳරූ)
ReplyDeleteඅංකල් ලා කවදද ළමයෝ බබාලා වඩාගෙන හුරතල් කළේ?
ඒ කළත් මං නං අහල නෑ, මිනිස්සු බබා කා වගේද, කිය කිය කතා වෙනවා නං.
@ දයල් බතී
ReplyDeleteපෝය දවසක නේද? ඔහොම වෙනවා හඳ පායන කාලෙට!
@ ඕනයා
ReplyDeleteඑක පළුවයි කිව්වේ ඔය උඩ ෆොටෝ එකේ තියෙන මගේ ඇඟෙන් අඩ ගැනයි!
@ බුද්ධි
ReplyDeleteමැරියන් ගේ යාළුවොත් හිටියද ෂර්වුඩ් එකේ?
@ nawammawatha
ReplyDeleteනවම්, උත්සාහවන්තයා ජය ගනී කියනවනේ. වැඩේ වරදින එකක් නෑ.
@ Netha
ReplyDeleteපුතේ නීත නුඹෙ නැන්දා
පුතේ නීත නුඹෙ නැන්දා
පුතේ නීත නුඹෙ නැන්දා
අතේ වළල්ලක් දැම්මා
@ prasanna86k
ReplyDeleteඑසේ සිතා මම තුටු වුනෙමි. නිමි.
@ Podi Kumarihami
ReplyDeleteඅනේ පොඩ්ඩියේ, අංකල්ලා කවදද බබා ල හුරතල් කලේ.
ඒ නැති වුනත් මං නං ජීවිතේට දැකලා නෑ, මිනිස්සු බබා ලා කා වගේද කිය කිය ඔට්ටු අල්ලනවා.
@ All
ReplyDeleteසියළු දෙනාටම
මාර ප්‍රතිචාරයක් ලැබුනේ. ඒ හැම එකකටම පිළිතුරු දෙන්නත් ඉඩ ලැබුණා.
සරදමකට වගේ එහෙම ඉඩ ලැබුනේ, පුතා අසනීප වුණු නිසා මං ගෙදරට වී සිටි නිසයි. දැන් කොල්ලාට සනීපයි.
සියළු දෙනාටම ස්තුතියි.
හෙට මහරාජා ගේ දොස්තර ක්රොස් කතාවෙන් හමුවෙමු.
"එදා තමයි මට හිතුනේ ඇත්තටම පුතා නම් තාත්තා වගේමයි කියලා!"
ReplyDelete= මම නම් බඩු කාරයෙක්නේ.
(යල් පැනගිය අහිංසක පොර ටෝක් එකක් )
- සනාථ
දවසක් අපෙ නෝනනගෙ යාළු බර්ගර් ආන්ටියෙක් මගේ අතේ උන්න කොලුපැටියට දුන්න උම්ම එකක් "මාව හීතල වෙලා ගියා අප්පා"
ReplyDelete|බාල ලියන් මල් නටුවෙන් හබල් ගහන වෙලේ නේ ඔය පොද වැස්ස ආවේ!|
ReplyDeleteහපොයි මෙහෙමත් මතකයක්!
කතන්දර හාමිනේගෙන් ඇහුවොත් කියාවි ඒ යාළුවෝ පස්සෙ එයත් එක්ක හොරෙන් මෙහෙම කියපු බව. " පුතා ඔයා වගෙමයි අනේ. ඒත් ඉතින් කතන්දර එතන බලාගෙන හිටපු නිසා එයාට දුක හිතෙයි කියලා හිතලා අපි බබා තාත්තා වගෙමයි කිව්වා!"