ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 3 August 2011
ඉංජිනේරු මහත්තයෙක් වෙලා ආපහු එන්න! - Engineer and the Gentleman
ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ, කෙල්ලෝ, කාටත් කල්ලිය, ගැන්ග් එක, ගැන්සිය, ක්ලික් එක, සෙට් එක යනාදී මෙකී නොකී නම් වලින් හඳුන්වන යාළුවෝ සෙට් එකක් ඉන්නවානේ.
මං ඒ ලෙවල්ස් කරන කාලේත් හිටියා අපි හතර දෙනෙක් එකට සෙට් වෙලා. හැබැයි දෙන්නෙක් කලේ බයෝ, මායි තව එකෙකුයි මැත්ස්. එක ඉස්කෝලේ වුණාට අපි මුලින්ම සෙට් වුනේ කෙමිස්ට්‍රි ටියුෂන් එකක දී යි. පස්සේ පිසික්ස් ටියුෂන්වල දී ත් සමහර වෙලාවට සෙට් වුණා!
ඔහොම ඔහොම ගිහින් ඉතිං, ඒ ලෙවල් විභාගේ කරලා ඉවරවුණා ය කියමුකෝ. ඔන්න ඉතිං අපි විසිරිලා ගියා.
ගෙදර ඉඳන් වැඩි දුරක් නැති හින්දා මං නං ඉතිං ආපහු ඉස්කෝලේ එන්න පටන් ගත්තා මාසෙකින් විතර.
ඒ දවස්වල ඉතිං මොබයිල්, ෆේස්බුක්, ඊ-මේල්, ඉන්ටර්නෙට් චැට් නෑනේ. අපි එකිනෙකා එක්ක සම්බන්ධකම තියා ගත්තේ ලියුම් වලින්.
පුදුමයි නේද?
පුදුමයි, ඒත් ඇත්තයි!
ප්‍රථිපලත් ආවා. කාගේවත් හිතේ සන්තෝශයක් නං ඇතිවුනේ නෑ. මං විභාගෙට කලින් හිතන් හිටියේ ඒ හතරක් ගන්නවාය කියලනේ. විභාගෙට පස්සේ ඒ හීනේ පොඩ්ඩක් විතර හුලං ඇරල දාල තිබුණත්, අන්තිමේදී ආපු ප්‍රතිපලේ දැකලා දුකේ බැරිවුණා.
නමුත් ඉතිං කරුමයක් තියෙනවනං වලක්වන්න බැහැ! මං ඉල්ලපු විදියටම, මට පේරාදෙනියේ ඉංජිනියරිං ෆැකල්ටියට ඇතුලත් වෙන්න ලැබුණා.
මේ ආරංචිය ඇවිත් ටික දවසකින් ම අපි හැමෝටම ආරාධනයක් ලැබුණා, අපේ සෙට් එකේ එක යාළුවෙකු වුනු අමල් ගේ ගෙදර එන්න කියලා දවල් කෑමට.
ඔන්න ඉතිං, කලින් ලියුං වලින් කතාකර ගත්තු විදියට පානදුර ටවුමේ දී උදේ දහයට මුණ ගැහිලා, අපි තුන්දෙනා ගියා පොර ගේ ගෙදරට.
පැය දෙක තුනක් කයිවාරු ගහමින් ඉඳලා, දවල්ට කාලා, හවසට තේත් බීලා, ආපහු පිටත්වෙන්න වෙලාවත් ආවා දන්නෙම නැතුව.
ආ! මට කියන්න අමතක වුණා, අපේ පොර ගේ නංගී කෙනෙක් ඉන්නවා කියලා අහලා තිබුණට අපි ඒ කෙල්ලව ඇහැටවත් දැක්කේ නෑ. ටියුෂන් ගිහිල්ලා වෙන්න ඇති.. .!!!
දැන් ඉතිං එන්න ලැහැත්තිවෙලා අපේ පොර ගේ අම්මාට යන්නං ඇන්ටි කියලා කියන්න ගිය වෙලේ, ඒ අම්මා මට කියුවා මෙන්න මෙහෙම.
"හොඳයි පුතා ගිහින් එන්න. ඉංජිනේරු මහත්තයෙක් වෙලා එන්නකෝ ඊලඟට අපේ ගෙදර."
ඕ.එම්.ජී.! ඕක අහපු අනිත් උන් තුන්දෙනා බි.පෙ.සි.!
එකෙක් කියපි "ඇන්ටි මෙයාට ඉංජිනේරුවෙක් වෙලා නං ආපහු මෙහේ එන්න පුළුවන් වෙයි, හැබැයි මහත්තයෙක් වෙලා එන එකනං ෂුවර් නෑ!" කියලා.
ඊට පස්සේ ඇන්ටිත් බි.පෙ.සී.!
ඒ කිව්වත් වගේ එදායින් එදාමයි, මට නෙමේ ආපහු විහිළුවටවත් අමල් ගේ ගෙදර පැත්ත පලාතේ යන්න පුළුවන් වුනේ.
-කතන්දරකාරයා
ප/ලි
හ.දු.කා.කි.
(image: http://efacmemories.blogspot.com/2011/05/its-time-part-iv-life-after-e-fac.html)
Subscribe to:
Post Comments (Atom)
කොහොම හරි ඉංජිනේරුවෙක් කියලා කියාගත්තානේ. අපි අද ඉඳන් 'ඉංජිනේරු කතන්දර' කියලා කියන්නද?......:0
ReplyDelete"ඇන්ටි මෙයාට ඉංජිනේරුවෙක් වෙලා නං ආපහු මෙහේ එන්න පුළුවන් වෙයි, හැබැයි මහත්තයෙක් වෙලා එන එකනං ෂුවර් නෑ!"
ReplyDeleteවැඩි දෙනෙක් ඉතිං ඔහොම තමයි..ලොකු ලොකු තානාන්තර තියනවා.. හැබැයි මහත්තුරු නෙවේ.... :ඩී
ඒකනේ. ඉංජිනේරුවෙක් උනාට මහත්තයෙක් වෙන්න නේ බැරි !!! බි. පෙ. සි.
ReplyDeleteමහත්තයෙක් උනොත් හරි කරදරයි..හරි හමන් සෙට් එකක් එක්ක හොඳ ෆන් එකක් වත් ගන්නෙ කොහොමද????
ReplyDeleteඉතින් මහත්තයට දැන් යන්න පුළුවන්නේ කතීයි, කෙටි කතයි, අර සුරංගනා කතාත් (සීනී බෝලේ (ඇස් වහ කට වහ කප්පවගන්න.)) අරන් ඒ පැත්තේ.. පුදුම සන්තෝසයක් හිතෙයි.. මම කරනව ඔය වැඩේ.. ඒ අය වයසට ගිහින් දැන් පොඩි ළමයි වගේ, පුදුම සතුටක් විඳින්නේ.. පුළුවන්නම් යන්න.. පින්..
ReplyDeleteමහත්තයෙක් කිව්වෙ???????
ReplyDeleteඅමල්ගේ අම්මා ආයේ එන්න කිව්වේ මොකටද දන්නේ නෑ... නංගි හිටියෙත් නැති නිසා නංගිව බලලා යන්නත් එක්ක වෙන්න ඇති නේද...?
ReplyDeleteමටත් කියන්න තියන්නේ මාතලන් කියපු දේමයි. වෙලාවක යන්න. ඒ මිනිස්සු පුදුම සතුටක් ලබයි. ඒක හරි පිනක් තමයි.
ReplyDeleteපලිය තේරෙන්නෙ නැතෝ.... මොකක්හරි හොරයක් තියෙනව. හ.දු.කා.කි.? මේක හිතුවා හිතුවා පෙරලගන්න බැහැ නෙව!
ReplyDelete"හරි දුකෙන් -මොකක්හරි- කියන්නෙ" කියලද කියන්නෙ?
අපේ ලොකු තාත්තා ආමි එකේ ඉන්න කාලෙ එක පාරක් ආමි හොස්පිටිතාලෙ හිටියා. ඒක ඇතුළට ඔය බුලත් පුවක්, ෂොපින් බෑග්, තැඹිලි හෙම ගෙනියන්න තහනම්. එහෙමනේ ඉස්පිරිතාල. එක දවසක් අපේ තාත්තා බලන්න ගිහින් එන්න හදද්දි මෙහෙම කියනවලු:
"අනේ මල්ලි බුදුපුහු ටිකක් කන්න ආසයි. ඊළඟ පාර එද්දි ගෙනෙන්" කියලා ඇහැක් ගැහුවලු. කියන්න පුලුවන්ද බුදුපුහු කියන්නෙ මොනවද කියල?
@ Sampatha, BuDuPuHu = Bulath Dunkola Puwak Hunu
ReplyDeleteAIC?
Sanaatha
ක.සූ ට තියෙන්නෙ ඔය ටී.ශර්ට් හතර විතරමද?
ReplyDeleteමටත් ප/ලි වැටහුනේ නැත :(
බි.පෙ.සී. ටියුබ් ලයිට්..
ReplyDeleteමහත්තුරු කෙනෙක් වෙලා ගියානම් එහෙන්ම කරකාරෙකුත් ගේන්න තුබුනා නොවැ.
ReplyDeleteකතාවට මාත් බි. පෙ . සි
ReplyDeleteඔ . එම් .ජි ---- ප /ලි එක හදවත් දුක් කතා කියයිද ??
බුදුපුහු නං තේරුනා, ඒක නං ඉතින් කාටත් තේරෙන්න ඇති, ප.ලි. කෑල්ලට නං ටියුබ් ලයිට් නෙමේ ඝනඳුරේ.
ReplyDeleteමොනවා තේරුනත් නැතත් කතාව කවදත් වගේ එන්ජෝය් කලා.
ඔ . එම් .ජි, බි. පෙ . සි , බුදුපුහු ටික නම් ගොඩ ගියා...
ReplyDeleteටී ෂර්ට් හතරත් යාළුවෝ හතර දෙනෙක් නිසා වෙන්නැති..
හ.දු.කා.කි. තමයි ලයිට් පොල්ල...
'හදවතේ දුක කාට කියන්නද' ද..?
ඒ කියන්නේ කතාන්දර අයියා, " ඉංජිනේරුවෙක්" නොවැ.
ReplyDeleteකොච්චර ෂෝයි..ද
මට නං පේන විදියට Beetle ගෙ උත්තරේ තමයි යන්නේ. 'හදවතේ දුක කාට කියන්නද?' :D
ReplyDeleteහරි දුකයි කාට කියන්නද ?
ReplyDeleteපංති ගෙහුන් උන්න හින්ද බේරුනා ඕං.......
ReplyDeleteහයියෝ ...... ඔය කිච්චරවත් හින්නි මහත්තුරු, පොඩි මහත්තුරු, බේබි මහත්තුරු, කළු මහත්තුරු, පැටි මහත්තුරු ඉන්න රටේ ක.කාට මහත්තයෙක් වෙන්න බැරිවෙච්ච හැටි !
ReplyDeletePEFAA
ReplyDeleteහෙහ් හෙහ් ......... නයා යනවා කියල කියාවි ද දන්නෙ නැහැ...
ඉංජිනේරු මහත්තයෙක් වුනැයි ඉතින්.... මහත්තය කෙසේ වෙතත් ඉංජිනේරුවෙක් වුනැයි. අපරාදේ ?
කසූ මහත්තයෙක් වෙලා ගියා නම් ඇන්ටිගේ දුව දෙන්න වෙන්නැති කල්පනාව තියෙන්න ඇත්තේ. ඒව කොහෙද කසුත් එක්ක.... හොඳ වෙලාවට කසූ මහත්තයෙක් නොවුනේ....!
ReplyDeleteමේ කතාවෙ ටයිටල් එක කමිං කෑලි වලට පෙන්නනකොට මගේ හිතට ආවෙ වෙනස් සීන් එකක්.
ReplyDeleteඒකට හේතුව මේකයි.
අපේ එකෙක් ඔහොම ඉංජිනේරුවෙක් වෙන්ඩ හිතාගෙන ඉගෙනගත්තා. ඉගෙනගෙන ඉවරවුනු ගමන්ම ජොබ් එකක් හම්බවෙන්නෙ නෑනෙ ලංකාවෙ හුඟක් අයට. ඉතිං එක එක්කෙනා විවිධාකාර ස්වයං රැකියා පාරවල් එහෙම දාගන්නවනේ මොකක් හරි සෙට් වෙනකං.
මේ කියන පොර ඔහොම ඉංජිනේරු වැඩක් ලෑස්ති කරගෙන අවශ්‍ය බඩු ටික ගන්න කඩේකට ගියාම මුදලාලි එක එක ප්‍රශ්න අහලා. (මම කියන්නේ, දැන් අපි හාල් කිලෝවක් ඉල්ලුවොත් කෝර ද සම්බ ද කැකුළු ද රතු හාල්ද ආදී වශයෙන් කියන්න ඕනැනෙ.) ඉතිං වැඩ ගැන හරි එක්සිපීරියන්ස් එකක් නැති වුනහම සමහර ප්‍රායෝගික දේවල් ගැන දැනුම මදි නිසා අපේ මෑන්ට මුදලාලිගෙ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිවෙලා.
මුදලාලි කිව්වලු "ඔය මහත්තය ගිහින් ඉංජිනේරු මහත්තයෙක්ගෙන් ඕව හරියට අහගෙන එන්න" කියල.
(මේව ඉතින් ඇත්තම කියල කියන්න බෑ. කාඩ් වෙන්නත් පුළුවන්)
ඉන්ජිනේරුවෙකුත් වෙච්ච එකේ හොඳ මහත්තය වගේ අර යාලුවයි අර අවංකව සුබ පතපු ඇන්ටිවයි බලල එන්න ලංකාවට ගිය වෙලාවක..
ReplyDeleteමම එහෙමනම් ඉංජිනේරුවෙක් වෙන අතරතුරේ ඒ ගෙදරටත් ගොඩ වැදිලා එනවා ..
ReplyDeleteප.ලි එක මටත් තේරුන්නෑ
@ All
ReplyDeleteසියළු දෙනාටම
මේ කතන්දරය මං ලිව්වේ මීට මාස දෙකකටත් කලින් මගේ මතකය අනුව.
ඒ දවස්වල උඩින් දාල තිබුණු, දැන් පැත්තකින් තියෙන වෙන්ඩ කතන්දර ස්ක්‍රෝලින් බැනර් එකේ සෑහෙන කල් වේලි වේලි තිබිලා අදයි අයින් කෙරුවේ.
මං මේ කතන්දරය ඇතුලේ කියන්න හදපු අතුරු කතාව තමයි, අද කොල්ලෝ කුරුට්ටෝ කරනවා වගේ අපිට ඒ දවස්වල ඔය ඇස්ඇම්ඇස්, ඊමේල්, වත්-පොත් නොතිබුණු නිසා ඉස්කෝලෙන් පිටවුණාට පස්සේ මිතුරු කම තියාගන්න තිබුණු එකම මාර්ගය ලියුම් විතරක් බව.
අපේ කාගෙවත් ගෙවල්වල ටෙලිෆෝන් තිබුණෙත් නෑ.
අපේ සෙට් එක කොළඹ එක ඉස්කෝලෙට, එක ටියුෂන් එකට ගියාට ගෙවල් වලින් සෑහෙන්න දුර, පානදුර-ගම්පහ වගේ.
බිපෙසි, ඕඑම්ජී කෑලි කතන්දරේ ඇතුලට දැම්මේ ඒ කාලයත් සමග සිදුවූ වෙනස් කම ඉස්මතු කරන්නයි.
හදුකාකි කතාව මං ඇහැව්වේ එක්කෝ බස් එකක, බ්ලොග් එකක, නැත්තං චැට් එකක. වැඩිය පාවිච්චි වෙන එකක් නොවේ හින්දා මට ඔය කෑල්ල මාස ගාණකට කලින් ලියන කොට මතකයේ තිබුණට, ඊයේ වෙනකොට අමතක වෙලයි තිබුනේ.
ස්තුතියි, ඒක මතක් කර දුන්නාට.
තව අවුරුදු පාලහක් විස්සක් යන කොට මොන මොන වෙනස්කම් නො-වේවිද?
@ All
ReplyDeleteහදුකාකි = හරි දුකයි කාට කියන්නද?
@ All
ReplyDeleteහරි දුකයි, කාට කියන්නද?
දුක ඇයි කියලා කියන්න බැරි වුනා නේ. මගේ ඒ පාසල් මිතුරාව එදායින් පස්සේතාම දැකලා නෑ, දන්නේ පොර පානදුරේ තවදුරටත් නැති බව විතරයි.
අවුරුදු කීපයක් ලියුම් මගින් සම්බ්ධය තිබුණත්, අපේ ගෙදරත් මාරු වුණු නිසා ඒකත් ටිකෙන් ටික නැවතුණා.
වත්-පොත තමයි එකම විසඳුම, කවදා හරි පොරට වත්-පොත හමුවී පිටුවක් ඇරඹුවොත්.
@ All
ReplyDeleteදැන් ටික කාලෙකට කලින් තවත් පාසල් මිතුරෙකුව සිහිවී -ටෙලිෆෝන් පොත පෙරලුවා -ඒකෙන්වත් උපකාරයක් ගන්න.
පොර ගේ වාසගම පෙරේරා. මුලකුර P.
බුදු අම්මෝ. සිය ගානක් ඉන්නවා කොළඹ අවට විතරක්.
මට මතක් වුනේ Terminator මූවී එකේ Sarah Connor වයි.
හදුකාකි තමයි.
ReplyDeleteමගේ ක්ලාස් මේට් කෙනෙක් හිටියා. එයාට අපි කිව්වෙ බනානා කියල.
මෑන්ට මාර ගැඹුරු කටහඬක් තියෙනව. ඒ දවස්වල නිකං ඉන්න වෙලාවට සිංදු කියනවා. මිනිහගෙ කටහඬට නැගල යන්නෙ මොහිදීන් බෙග්.
අර කකා කිව්ව වගේ නෝ කොමියුනිකේෂන් ඉස්කෝලෙන් අයින් වුනාට පස්සෙ, දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න අනිත් එවුන් එක්ක.
ඉස්කෝලෙන් අයින් වෙල අවුරුදු පහනළොවකට විතර පස්සෙ, ඒ කියන්නෙ දැනට අවුරුදු පහළොවකට විතර ඉස්සෙල්ල, මම බදුල්ල නයිට් මේල් එකේ යනවා. ඒ දවස්වල රෑ අටයි කාලට කොටුවෙන් පිටත් වෙන්්නෙ. සිකුරාදා දවස්වලට ඇඟිල්ලක් ගහන්න බෑ සෙනග. ඒ අතරෙන් වඩේ විකුණන කොල්ලෙකුට ඇරෙන්න වෙන මෙලෝ මිනිහෙකුට එහෙට මෙහෙට යන්න එහෙම බෑ ඕං.
ඉතිං රෑ එකොළහ විතර වෙනකොට හිටගෙන නින්ද යනවා. එක පාරටම මට ඇහුනා බනානා සිංදුවක් කියනවා. හීනෙන් නෙවෙයි. කෝච්චි පෙට්ටියේ එහා කොනේ. මෑන් පේන්නෙ නෑ. කොල්ලො ටිකක් ඉන්නව. (දැනට අවුරුදු පහළොවකට ඉස්සර මමත් ටිකක් විතර ඉලන්දාරියා). එතෙන්ට යන්න බෑ. කෑ ගහල කතා කරත් ඇහෙන්නෙ නෑ, කොල්ලන්ගෙ සද්දෙ වැඩියි. අනිත් එක බැරිවෙලාවත් ඒ සිංදු කියන්නෙ වෙන කවුරුහරි වුනානං.
ටිකක් ඉවසගෙන හිටිය සෙනග අඩුවෙනකන්. අනේ උන් ටික කොහෙන්ද බැහැල ගිහිල්ල.
මේ බ්ලොග් ඔබ අඩවි දැක තිබේද?
ReplyDeleteඉහත වාක්‍යයේ වැරැද්දක් පේනවද?
බලන්න මේ පේජ් එකේ වම් පැත්තෙ තීරුව.
වෙන්න බෑ, අපේ කකාතුමාට වරදින්න විදිහක් නෑ. පන්තියේ පොර ලමයා, බැච් එකේ පොර
ReplyDeleteවෙච්චි කොට. එ "බ්ලොග්" නැමති කෙනෙකුගෙන් අහන්නේ "ඔබ 'සයිට්' දැකල තියනවද කියලනෙ. දැං 'වෙලේ කොකත්" එයි, තෝල්ක කං කරන්න.
[[දැං 'වෙලේ කොකත්" එයි, තෝල්ක කං කරන්න]]
ReplyDeleteතරහ ගිහින් වගේ. :)
@ Ano
ReplyDeleteතැන්කියු ඇනෝ. මට ටැපලිලා වචන.
මං හිතන්නේ කවුරුද් ඉංගිරිසි කෑල් විතරයි දකින්න ඇත්තේ මෙච්චර කල්.
@ Kokawala (Sujeewa)
ReplyDeleteකොකාත් මං වගේ ම වලියට බර නැති පොරක් වගේ!
සතුටුයි.
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි!
මං අද පලවෙන්න කලින් ඉඳලාම සෙට් කරලා තිබ්බ "කියුට් බේබි-උම්මා" තන්දරේ පෝස්පෝං කරලා ඇනෝවා ගේ කමෙන්ටුවකින් පැන නැගුණු දෙයක් ගැන කතන්දරයක් ලිව්වා.
අද (සිකුරාදා-අගෝස්තු 5) කියවන්න - ලක්‍ෂ්‍ය, චාප, ජාල සහ චක්කරේ.
මයියා නම් ඉතින් කකා ඉOජෙකක් බවත් පේරා කම්ම්ලේ බවත් දැනඔ හිටියා..මොකද කකා කාගේද මන්දා අරාධනයකින් පේරා බ්ලොග් එකක් කඩ්ඩේන් කොටලා තිබ්බනේ...ඒක කියෙව්වනම් කකා ගේ වයස පොජ්ජත් බලා ගන්න තිබ්බා කාට කාටත්..
ReplyDeleteඔය ලින්ක් කතාව මුලින්ම කිව්ව ඇනෝ මමයි.
ReplyDeleteඒක නෙමේ ,ඉංජිනේරුවෙක් කියල කිව්වට පස්සෙ ඇතිවෙන ප්‍රෙජුඩිසම් එක මේ කොමෙන්ට් වලින් පේනව.විශේෂයෙන්ම කාන්තා පාර්ශවයෙන්.
කතන්දර පිට රටක ඉන්න බව මම දැනගෙන හිටියෙ නැහැ මෙ වෙනකම්, නමුත් ටැබූ සර් හොඳම ඩයස්පොරා බ්ලොග් ලියන්නෙක් හැටියට සඳහන් කර තිබුනා මතකයි.
ප.ලි.---දිව්‍යලෝක සීරීස් එකෙන් පටන් අරන් හැමදාම කතන්දර කියවපු මට ඉහත කිවු ඔබේම යහපතට ලිවු කොමෙන්ට් එකට ලැබිල තිබුනු පිලිතුරෙන් පොඩ්ඩක් හිත රිදුනු බව විතරක් මතකයි.එකල මට කීමට ඕනෑ වුනෙ ඔබේ බ්ලොග් වල ගුනාත්මය පිරිහෙමින් තිබුනු බවයි. නමුත් ෂෙඩියුල් කර පෝස්ට් කරන්නට පටන් ගත් පසු (සමහර විට කාල වේලාව නැවත අවශ්ය ලෙස ලැබුනු නිසා) නැවත ගුනාත්මක බව රැකෙන බව මගේ අදහසයි.කෙසේ වෙතත් එකල අනවශ්ය ලෙස ලින්ක් දැමීමෙන් එවකට සීමිත පිරිසක් වූ සිංහල බ්ලොග් කියවන්නන් තමන්ට දිනාගැනීමට දැන හෝ නොදැන උත්සාහයක් ගත්තේදෝහෝ යි සිතේ.
කෙසේ නමුත් ටැබූ අතුරුදහන් වීමෙන් පසු ඔහු වටා දිනපතා සිටි විශාල පාඨක පිරිසක් කතන්දර,මාරයා වැනි අඩවි කරා යොමු වූ බව නොරහසකි.
@ WIG
ReplyDeleteමං කම්මලේ හිටිය බව කිව්වේ මුල කාලෙමනේ. පේරාදෙනිය ගැන කතන්දර නං කීයක් ලියල තියෙනවද? ඇයි පස්තාච්චි කතා.
මගේ ඇති ඩයස්පෝරික බම්බුවක් නෑ. ඒ ටැබුවට පිස්සු ගිහින් ලියපු ඒවා. මං ලියන්නේ අපේ කතන්දර මිස ඩයස් ලා ගැන නෙමේ!
හිත රිදුණා නං සමාවෙන්න.
ඔය ගුණාත්මකය කියන එක සාපේක්‍ෂ එකක් නේ. මං මේ කතන්දර ලියන්නේ ගුණ අගුණ මැනලා නං නෙමේ. සඟරාවකට, පත්තරේකට ලියන කොට නං ටිකක් පරිස්සං වෙනවා.
@ මයියා
ReplyDeleteකෝ මයියෝ ඒකට ලින්ක් එක?
මොකද්ද බි. පෙ . සි ?
ReplyDelete@ Ano - 10 Aug
ReplyDeleteබි.පෙ.සී. = බිම පෙරලී සිනාසීම
මහත්තයෙක් වෙලා ආපහු එන්න කියන්න ඇත්තේ ඒ දවස්වල ඔය පේරා කම්මලට ගිය බොහොම දෙනෙක් ඉංජිනේරු මහත්තයෙක් නොවීම ගෙදර ගිය නිසා වෙන්න බැරිද?
ReplyDelete//ඕ.එම්.ජී.! ඕක අහපු අනිත් උන් තුන්දෙනා බි.පෙ.සි.!//
ReplyDeleteමොකක්ද කසූ "ඕ.එම්.ජී" කියන්නෙ ?
ඕ.එම්.ජී = Oh My God
Deletewhat is බි.පෙ.සි. ?
ReplyDeleteබි.පෙ.සී. = බිම පෙරලී සිනාසීම
Delete