
මං වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුව ප්‍රසිද්ධ කලේ 2011 පෙබරවාරි 27 වෙනිදා. මාස හයක් ගතවුනා.
ඒකට හේතුව වුනේ ටිකක් හිනාවෙන්න සහ බ්ලොග් ගඩොල් කියන බ්ලොග් දෙකේ ශතක පුර්ණ ලිපි එකම දවසේ පලවීම සහ තවත් හේතුවක්.
ඒ සේරම විස්තරෙයි -මං කියන මේ වෙන් කතන්දර සීයේ ලයිස්තුවයි මෙන්න මෙතනින් බලන්න පුළුවනි.
http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html
ඉස්සරහට දාන්න හිතාගෙන ඒ වෙන්ඩ කතන්දර සීයක ලයිස්තුව දාලා මාස හයක් ගිය වෙලේ මට හිතුනා පොඩි ප්‍රගති වාර්තාවක් ලියන්න.
මේ මාස හය ඇතුලත මං කතන්දර 101 ක් පල කරලා තියෙනවා.
ඒත් ඒවායින් වෙන්ඩ ලයිස්තුවේ තිබුණු ඒවා තියෙන්නේ 13 යි.
ඒ කියන්නේ මාස හයකට කලින් "වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුව" දැන් "වෙන්ඩ කතන්දර 87 ක ලයිස්තුවක්".
නමුත් ඇත්තටම කියනවා නම් මගේ ඇත්තම වෙන්ඩ කතන්දර ලයිස්තුවේ දැන් කතන්දර 180 ක් තියෙනවා.
ඒ කියන්නේ එදාත් මගේ පොතේ සහ හිතේ දෙකේම කතන්දර 268 ක් තිබිලා තියෙනවා කියන එකයි.
මේවා කවදා ලියලා ඉවර කරන්නද මන්දා?
මේ 180 ලියලා දාන්න තව අවුරුද්දක් යයි.
එතකොට ඒ අතරේ හිතේ තිබිලා පොත ට එන කතන්දර?
බුදු අම්මෝ!
-කතන්දරකාරයා
ප/ලි:
මේ පොස්ට් එක මං මේ ආකාරයට පල කරන්නට සිටි එකක් නොවේ. නමුත් අතපසුවීමකින් අනාගත කතන්දරයක් වැරදීමකින් පසුගිය දිනයක් සහිතව පලවුණු නිසා ඒ වරද වසාගන්නට වෙනම ටැබ් එකක් දමා තිබු මේ පොස්ට් එක වැරදුණු එක වෙනුවට ආදේශ කරන්නට සිදුවිය.
එහෙනං, තව තියෙනව නැවකට කතන්දර. මරු.
ReplyDeleteඒකනෙ තව කතන්දර නැවක් තියෙනවා.... එතකොට කතන්දර ඔය අතරෙදි අර ජොකා ගන්න ගිහින් වගේ හදිස්ස්යේ වෙන කතන්දර ??
ReplyDeleteඅම්මට සිරි.. කතන්දර මෙන්න කමෙන්ට් මොඩරේට් කරන්න පටන් අරන්... ඒ මොකද.. වෙනදනම් මම කමෙන්ට් එකක් දැම්මාම පට ගලා වැටුනනෙ
ReplyDeleteමාස හය,මාස හැටක් වෙන්නත් වැඩි කලක් යන එකක් නැ. නියමයි,අපිත් දිගටම ඉන්නවා
ReplyDeleteඅපේ ජීවිතවල කතන්දර නම් කොච්චර තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඔක්කොම මතකෙට නගා ගන්න එකයි, බ්ලොග් සටහනකට සුදුසු විදියට ගොඩනගාගන්න එකයි තමයි...
ReplyDeleteකකාගෙ කතන්දර කියවනකොට නම් මටත් බොහොමයක් කතන්දර මතක් වෙනවා, ඉස්සරහට ලියලා දාමුකෝ...
අනිවා ඔය කියන්න තව කතන්දර ගමකට තිබෙන බව නොවේද ;)
ReplyDeleteමාස 6කට කලින් වෙන්ඩ ලිස්ට් එක 100යි දැන් 180යි මසෙකට 13යි දසම 3333ක් එකතු වෙනව.... බලන් යනකොට 13ත් හොදයිනෙ....
ReplyDeleteජීවිතේ කියන්නෙත් පොතක් නෙව .. ඒක ලියන්නේ මහා බ්‍රහ්මයා නෙව !!
ReplyDeleteඅදහස් පිරුනු හිතක් කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නෑ ඔය කතා හිතේ තියාන ඉන්නේ නැතුව ලියන එක නොවැ තියෙන්නේ ..මට ඔය වගේ කතන්දර සෙට් වෙන්නේ නෑ නේ ..! මට යාන්තමට ලියාගන්න පුලුවන් මාසෙට කතා 7ක් විතරමයි ..සමහර විට ඉස්සරහට ඒකත් අඩුවේවි .. මටත් රයිටර් බුග් හැදිලා
ඒ ඔක්කොම කතන්දර ඉක්මනට දාන්නෝ ............
ReplyDeleteලියන්න ලියන්න තව ලියන්න...
ReplyDeleteඅපිට තව කතන්දර ඕනී...
@ සඳරු
ReplyDelete"ඒක ලියන්නේ මහා බ්‍රහ්මයා නෙව"
ඒකාගේ නැණ විකළ වෙලා නෙව
ලියන එක කජ්ජක්ද .. අපි මේවා බලන්නත් එපාය. බොසාට හොරෙන් minimize කරගෙන.
ReplyDeleteවෙලාව අරගෙන දාමු . . . . . .
ReplyDeleteදැන් මේ හෙට දාන්ට තියන කතාවද? නැත්නම් වෙන එකක්ද?...:)
ReplyDeleteලියන්න ලියන්න.අපි ආසාවෙන් කියවන්න එන තැනක් මේක.ඔය ඔක්කොම කියවන්න එනවා.අනේ පල්ලම් පොලු දාන්නෙ නැතුව පුලුවන් තරම් ලියන්න දීර්ඝායු වේවා...
ReplyDeleteහප්පෙ දෙයියිම බැලුවා (මම දෙයියෝ අදහන්නේ නැත.) කාළයක් නවත්තන්න හිතන් හිටිය නේ.. මගේ හදවතත් නැවතුනා වගේ දැනුනා.. මොකෝ දැන් දුකා දාන්නෙත් අවාරෙට දෙල් වගේනේ..
ReplyDeleteකතන්දරේ...දැම්මෙ නැත්නම් තව කතන්දර හැදෙයි ඕං!
ReplyDeleteබය වෙන්න දෙයක් නැහැ, කවුරු නැතත් අපේ කතන්දර අයියා ඉන්නකං මොකක් හරි දෙයක් තියෙයි කියවන්න .......
ReplyDeleteඑක පෝස්ට් එකක චාර්මියා ලියල තිබුනා "මිනිස් ජීවිතයක් යනු කතන්දර දහසකි" කියල. (http://reargate.blogspot.com/2011/01/blog-post_379.html)
ReplyDeleteමෙතන ඒක වෙනස් වෙන්ඩයි යන්නෙ. තව බින්දුවක් දෙකක් අගට දාන්ඩ වෙයි මන් හිතන්නෙ..
යන්තම් ලින්ක් 2න් නවත්තලා මේක හික් හික්
ReplyDelete