Monday 22 August 2011

ඩේසි වේසි - පොඩි ළමයින්ට නං මේ කතන්දරේ හොඳද මන්දා? :: Dharmaraja Vs Maharaja


අප මහා බෝසතාණෝ බුදුවෙන්නට දස මහා පාරමිතා පෙරුම් පුරන කාලයේ එක් පෙර ආත්මයක ක්‍ෂාන්තිවාදී නම් වූ තාපසයෙක් ව ඉපිද සිටියහ. එකල රජ කළ දුෂ්ඨ රජෙකුගේ අණින් තම අත්, පා, කන්, නාසා කැපෙද්දීත් තාපසතුමාණෝ ක්‍ෂාන්තිවාදීවම වැඩ සිටියහ.

සාදු, සාදු!

ඔය කියන ක්‍ෂාන්තිවාදී ජාතක කතාව ගැන කියවෙන සින්දුවක් තමයි:
"ලෝනා ශ්‍රී ධර්මරාජා ක්‍ෂාන්තිවාදී තාපස කාලේ... ...."
කියන එක.

අහල නැති අයට මෙන්න ලින්ක් එකක්.
http://123ravindra.blogspot.com/2011/05/lona-sri-darma-raja.html

මෙතන "ධර්මරාජා" කියන්නේ බුදු හාමුදුරුවන්ට කියන තව නමක්.

අර තව සින්දුවක, "නාමෙ නොදිරනා කුණු කය දිරණා, ධර්මෙකි සෝබා සංසාරේ... ..." කියන එකේ, තියෙන්නේ මෙන්න මෙහෙම.

"මුණි රාජා, ධර්ම රාජා, බුදු රාජා, අග්ග රාජා... ..."

මං සුදාලගෙ කඩේ ප්‍රේමේ කියන සින්දුව කියපු කාලේ ඔය "ලෝනා ශ්‍රී ධර්මරාජා" පැරණි රසාංගය කිව්වේ මෙන්න මෙහෙමයි

"ලෝනා ශ්‍රී ධර්මරාජා ගම්පහ පොලිසියෙ ඉන්නා කාලේ... ..."

මේකට හේතුව තමයි, අපි ඒ දවස්වල දැනගෙන හිටිය විදියට "ධර්මරාජා" කියන්නේ මිනිහෙකු ගේ නමක්. පොර පොලිස්කාරයෙක්, මං හිතන්නේ ඒ දවස්වල එස්අයි කාරයෙක් ද කොහෙද මගෙ හිතේ.

ඉතිං ඇස්.අයි. ධර්මරාජා දෙමල මනුස්සයෙක්. මිහිහට හොඳට සිංහල කතාකරන්න පුළුවන් වුණාට, පොඩි ඇක්සන්ට් එකක් තියෙනවා.

අනික පොර ගේ සිංහල කෝෂ්ඨාගාරය, ඒ කියන්නේ වොකැබියුලරි එක, එච්චරම පෝසත් නෑ. වචන අඩුයි. නමුත් ඒ කියල පොර ටවුමෙ චණ්ඩින්ට බණින්ණ ගියාම අතහරින්නේ නෑ. දෙනවා නිකං සකස්කඩෙත් මස්තබාල්දු වෙලා යන්න.

ඔය කාලේ ඒ පැත්තේ කඩ මණ්ඩියක හිටියා ඩේසි කියල ගෑණු කෙනෙක්.

දවසක් මොකක් හරි කේස් එකක් වෙලා මේ පැත්තේ. ඇස්.අයි. ධර්මරාජා ආවා වීරය සේ පොර ගේ මෝටර් බයික් එකේ.

ගියා ඩේසි ගේ කඩේට. මොනවද ප්‍රශ්ණ වැලක් අහලා අන්තිමේදී ඩේසි ගේ ප්‍රතිචාර ගැන හෝ ප්‍රතිචාර නැතිකම ගැන අම්බානක මල පැනලා ධර්මරාජා ඩේසි ට බණින්න පටන් ගත්තා.

"ඩේසි වේසි, ඩේසි වේසි"

කේන්තිය වැඩිකමටද කොහෙද ඇස්.අයි. ධර්මරාජා ට වෙනිං ඩේසිට බණින්න වෙනිං සිංහල වචන මතක් වුනේ නෑ.

පොර දිගටම බැණ ගෙන බැණගෙන ගියා!

"ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි... ...."

දෙමල මනුස්සයෙක් වෙච්ච ධර්මරාජා ඔය අමුම අමු කුණුහබ්බේ ඉගෙන ගෙන තිබුනේ පොර ගේ ලොකු අයියා, මහාරාජා ගෙන්.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ඇස්.අයි. ධර්මරාජා ගේ අයියා මහාරාජා අර දොස්තර ක්‍රොස් එක කාර් එකේ ගහං ගිය මිස්ටර් මහරාජා නෙමේ.

ප/ප/ලි:
සමහර වචන අපි කුණුහරුප කියලා හිතාගෙන හිටියාට, බලාගෙන ගියාම එහෙම නොවෙයි.

පුක කියන්නේ කුණුහරුපයක් නොවෙන බව කියලා මං කතන්දරයකුත් ලිව්වා නේ.

මේ ලඟදී දවසක මං දැක්කා බදුල්ල පැත්තේ උසස් පෙළ කරණ පාසල් සිසුවෙකු ගේ බ්ලොග් එකක් තියෙනවා මීහරක් පිඩියා කියලා.

මට එකපාරටම හිතුනේ මේ පිඩිය කියන්නේ අති දරුණු කුණුහරුපයක් නේද බොලේ කියලයි.

හැබැයි පස්සේ මධුර ඩික්ෂනරි එකේ චෙක් කරලා බලද්දී "පිඩිය" කියන්නේ ෆික්ෂර් (fixture), ජිග් (jig) හෝ නොබ් (knob) කියන තේරුමටයි.

හරියට වොලට්, මඩිස්සලේ, පසුම්බිය තේරුම දෙන්න "පයිය" කියලා කියනවා වගේ.

(image: http://en.wikipedia.org/wiki/File:MTV_Logo_2010.png)

39 comments:

  1. එස්. අය්. ධර්මරාජා තවමත් ගම්පහ යක්කල පාරේ ඉඳිගොල්ල හන්දිය අසල තම බිරිඳත් එක්ක වාසය කරනවා. ඒ කාලේ රජයේ සේවකයන්ට අනිවාර්යෙන්ම සමත් වෙන්න සිද්ද වුන සිංහල ප්‍රවීණතා විභාගෙකින් සමත් වෙන්න බැරි වුන නිසා රැකියාව අහිමි වෙලා හිටියත්, පසුව හිඟ පඩිත් එක්ක රැකියාව ආපසු ලැබුන කාලෙකට පස්සෙ. නුමුත් මිනිහ සල්ලි විතරය් බාර ගත්තෙ රැකියාව බාර ගත්තෙ නැහැ, මොකද ඒ වෙනකොට දැනටත් සාර්ථකව කරගෙන යන බිස්නස් එකකට පොර බැහැල හිටපු නිසා. පොර කරන්නේ ගම්පහ පදික වෙළෙන්දන්ට විශේෂෙන්ම පාරේ මාළු විකුණන මාළු කාරයන්ට උදේට බඩු ගන්න සල්ලි දීල, හවසට 10% පොලියක් එක්ක ආපසු එකතු කර ගන්න එක. නිකමට හිතල බලන්නකො අවරුද්දකට % කීයක් පොලී වැටෙනවද කියල.
    දැන් නම් සිංහල මිනිස්සු අතරෙම ඉඳල පොරගෙ ඇක්සන්ට් එකක් තියා දෙමල ගතියක් වත් දැන ගන්න නැහැ. මන් හිතන විදියට හුඟක් අය දන්නෙවත් නැහැ ධර්මරාජ දෙමල කියල. බැඳල ඉන්න නෝනත් සිංහල.

    ReplyDelete
  2. හික් හික්... වේසි කියන්නේ කුනුහරුපයක් නෙවෙයි නේන්නම්. මම හිතන්නේ වෛශ්‍යා කියන වචනයෙන් බිඳුණු එකක්.

    අතුරු කතාවක් තියෙනවා , රටක් සංස්කෘතියක් (විකුණන්) කෑමට වඩා තමන්ගේම ඇඟ විකුණාගෙන කෑම සාපේක්ෂව සභ්‍යයි හා සාධාරණයි නේද ? :)

    ReplyDelete
  3. මටනම් අදත් හෙටත් හැමදාමත් ඔය ත්‍රිකෝණ වාහිනිය පට්ට වෙසියක් ම තමයි. ශ්‍රී ලංකාවේ ජාතික හතුරු පිරිසක්.

    හුටා මාධ්‍ය නිදහසට මං කෙලියා නේද?

    ReplyDelete
  4. ඔය ජාතික ලැයිස්තු මංත්‍රීකම දුන්නනම් ඉවරනෙ. ඊලඟ චන්දෙට හොඳ සපොර්ට් එකක් ගන්න තිබුන.

    ReplyDelete
  5. ඒ කාලේ මහරාජල වගෙ නෙවෙයි දැන් කාලේ අය "වේසි " කියන අමු තිත්ත කුණු හබ්බෙට පරාණ බයයි . අපේ රටේ අහිංසක , ලඳ බොලඳ ජනතාවත් එහෙමමයි (දැක්කනෙ අදහස් ප්‍රකාශ කරපු හැටි )

    ReplyDelete
  6. අනේ කකා, ඔය මහරාජා අයිය ඔහොමමයි, සත් ගුනවත් කුනුහරපයක් තියා හොඳ සින්හල වචනයක් අහලාත් නැහැ. වේසි කියන එක අර ඉඳුනිල් කියන්නැහේ එන්නේ වෛශ්‍යාව කියන එකෙන් තමයි. එතකොට
    සම් පයිය-පර්ස් එක
    තේ පයිය- තේ ගොට්ට
    ඔබ දන්නවද මට රසායන විද්‍යාව උපෙ ඉගැන්නුවේ අපේ දෙවුරුවන් සර්. සර්ගේ තාත්තා හොඳ හෙලයෙක්. හෙල හවුලෙ පොරක් (අලවිසි සැබිහෙල ). දවසක් මෑන් බස් එකක යනවලු. එතකොට මෑන්ගේ පර්ස් එක නැතිවෙලා. කොන්දගෙන් අහනවාලු.
    "එම්බා බස් පරුව මාගේ සම් පයිය කි- බක දුටද්ද කියලා" ( ඔය හිස් තැනට කැමති නම් "ම්" දාගෙන කියවන්න )
    කලබල වෙන්න එපා මේකෙ තේරුම මගේ පර්ස් එක කොහේහරි දැක්කද කියන එක. අද අපි නරක වචන කියලා අයින් කරන සමහර් වචන ඇත්තටම අපිට නියම භාෂාව කථා කරත්ට්දි ඕනෙ වෙනවා. ඔය මහරාජ අයියා වගේ අය තමයි ඒ වචනවලට මෙහෙම කෙලියේ අපි බලමු බ්ලොග් අවකාශෙවත් හරි සින්හල වචනවල තේරුම් ගැන කථා කරන්න.

    ReplyDelete
  7. දැන් ඉතිං තේරුම් දන්න නිසා ඕනෙ තැනක බය නැතුව සමහරක් වචන කියන්න පුළුවන්....!

    පස්සේ කව්ද කියලා ඈහුවොත් තේරුම කිව්වේ... කතන්දරගේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන එක විතරනේ තියෙන්නේ...

    ReplyDelete
  8. ඹව් පයිය කියන්නෙ නරක වචනයක් නෙමේ තමා.... ඹය පයියාගල නෙවැ පසුකිලීනව පයාගල වුනේ.... (ඉස්සර කාලෙ බුලත් විට කන්න හුනු දින් ගිහින් තියෙන්නෙ පයියකගග ඹ්ක අමතක වෙලා දාල ආපු ගලනෙ “පයියාගල“ )

    ReplyDelete
  9. රංබණ්ඩා සෙනෙවිරත්න මහත්තය "අඳුරේ පවු කරන දනා එළියෙ රවන ලඳුනේ" කියල කිව්වෙ වෛශාව කියන වචනයටත් "සුදන දනා" ප්‍රසිද්ධියේ දක්වන ඔය බය නිසා වෙන්න ඇති. ;-)

    නිවැරදිව බස නොදැන සිටීම නිසාත් සමහර දේවල් අපිට කුණුහරුප විදිහට පේනව කියල කවුරුහරි විද්වතෙක් කිව්වලු. උදාහරනයක් විදිහට එතුමා කියල තියනව...

    "පකට පුඟුවෝ හෙලුවෙන් වනති" කියල.

    මේ වාක්‍යයේ සැබෑ තේරුම "ප්‍රකට පණ්ඩිතයේ හෙළයෙන් (හෙළ බසින්) වර්ණනා කරති" කියන එකලු.

    මම හිතන්නේ පහුගිය කාලේ අපේ ගොඩක් විද්වත්තු, කලාකාරයෝ එහෙමනම් රූපවාහිනී හා දේශපාලන වේදිකා වලදි හෙලුවෙන්ම තමයි වැනුවේ. ;-)

    ReplyDelete
  10. උන්නැහේ කුණුහබ්බේ කිව්වේ සීයකට, සිරසෙන් ලංකාව්ටම, ඕක කුණුහරුපයක් නම් දාන්න දෙයි අපේ සංස්කෘතික ඇමතිතුමා..

    කොහොමත් ඒකේ බහින කලාව.. සුපරිස්ටාර් එකත් මේ සැරේ චොර. ෆයිනල් එක ස්ටූඩියෝ එකේමයි..

    මාධ්‍ය කළාව වේස කමේ යොදවන ජඩ මාධ්‍ය...

    ReplyDelete
  11. MTV එකේ සම්බන්ධයත් මොකක්ද කීවනං

    ReplyDelete
  12. අපි පොඩි ලමයි අපි එන්නේ නෑ මේ පැත්තේ....

    ReplyDelete
  13. හිකිස්....
    ඔව්වා මොනවද මම අද බ්ලොග් එකකින් කියෙව්වා ඒලෙවල් ප්‍රශ්න පත්තරේක "චෙක් පත" කියන එකට "චෙක් පක" කියලා ප්‍රින්ට් වෙලා තිබ්බයි කියලා :D

    ReplyDelete
  14. ධර්ම රාජාගේ අයියා, මහා රාජා ද ? එයාට ටී.වී චැනල් එකකුත් තියනවද ?

    ReplyDelete
  15. කට්ටිය ටපලවගෙනද මංද?
    ධර්මරාජාගෙ අයියා මහරාජා. එතකොට මහරාජ තමයි ධර්මරාජාට කුනුහරප ඉගැන්නුවේ.
    ඒ කියන්නේ මහරාජා තමයි කුනුහරුප උගන්නන්නෙ.
    මහරාජට තමයි සිරස අයිති.
    එහෙනං අපිට කුනුහරුප උගන්නන්නෙත් ධර්මරාජාට කුනුහරුප උගන්නපු ඒ මහරාජම තමයි.
    ට්රැෆික් ඇනෝ

    ReplyDelete
  16. මේ දවස්වල නැගිලා යන වචනයක් ......
    කොහොම හරි ඒ දෙමල පොලිස් හාදයා බැනපු විදිය නම් එල, පොර වැරදිලාවත් තව සිංහල ශුද්ධ වචන දැනං හිටියනං තමා වැඩේ .......

    ReplyDelete
  17. මහාරාජල කොරන කුණු වැඩ හොඳයි, මහාරාණිලගේ වෙසකමුත් හොඳයි, දැං මෙතන මේ පොන්නයෙක් වේසකං ගැන කතාකරනකොරපු එකයි අවුල. හාලි පොල් නැතුව අම්මගෙ කැවුත්තකන්නද කිව්ව වගේ පොන්නයො වේසකං නැතුව උංගෙ අහවල් එක ගැන ගැන කියවන්නෙයි?

    වේස කියන වචනෙ මුල වෛශ්‍යා කියන සංස්කෘතික වචනෙ වෙන්ටැ! ඒත් ඕකත් මලයාලම් බසින් සිංහලයට එකතුවෙච්චි තව එකක් විතරයි (පුදුමයක් නෑ, මොකද සිංහල මලයාලම් දෙකේම මුල ස්ංස්කෘතියම නිසා ).

    මහවෙදනා,
    දෙය්යගෙ තාත්තගෙ මුල නම "සුරබියෙල් අල්විස්" ලු. පස්සෙ හවුලට ගියාම "අලවු ඉසි සැබිහෙල" කියල වෙනස් කරන් තියෙන්නෙ. ගොරකාණ සහ මොරටු ගඟ පසුබිම් කරල බොහොම ලස්සන ළමා කතා කීපයක්ම ලියල තීනව.
    යුනිකෝඩ් කන්වර්ටරෙන් "සිංහල" කියල මේ විදියට හරියටම ලියන්න පුලුවන්. "සි\nහල"

    ReplyDelete
  18. ඉන්දික උපශාන්ත,
    බොහෝම ස්තුතියි. ඉතාම හදිසියෙන් ටයිප් කලේ. සමාවෙන්න. දෙයියාව දන්නවද? හරිම සුන්දර මිනිසෙක්. මගේ පාසලේ අපේ පංතිභාර සර් දෙයියා. මරු කථා තියනවා. දෙයිආ ගැන. දවසක් දෙයියාගේ තාත්තා පුතාව හම්බු වෙන්න පාසැලට ඇවිත්. ඒ කාලේ අපේ හිටිය උප විදුහල්පති දෙමල සහෝදරවරයෙක්. එයාට සිංහල බැහැ. සර්ගේ තාත්තා මෙයා ගාවට ගිහින් අහලා "එම්බා විදුහල්පත මා පුත් දෙව් රුවන කිම්බකදෑ" කියලා. බ්‍රදර් නැගිටලා දුවලා එලියට ගිහින් පස්සේ වෙනින් බ්‍රදර් කෙනෙක් තමයි මෙයාව පුතා ලඟට ගෙනිහින් තියන්නේ.

    ReplyDelete
  19. @මහවෙදනා,

    හික් හික්.. අපිත් A/L chemistry ක්ලාස් ගියේ දෙයියා ගාවට තමා.. ෆට්ට බුවා.. :D

    ReplyDelete
  20. මහවෙදනා,

    ජවහල්ලාල් නේරුයි, දෙය්යයි, අර නිවන් ගිය රාජ උත්තමයයි තමයි ඉතින් අපිව ගොඩ දැම්මෙ.

    ReplyDelete
  21. ඔය මහරජාගේ රූප පෙට්ටියේ ලඟදී ගියා මෙහෙම නිවේදනයක් "මීලඟට විපක්‍ෂනායක රනිල් වික්‍රම සිංහ මහාතා කරන කතාවක් . මෙහි අසභ්‍ය වචන ඇති බැවින් කුඩා ළමයින් ඉවත්කර ගන්න." ඉන්පස්සේ රනිල් කියපු කතාවේ කිව්වේ අද මාද්‍ය වේසගෑනුන්ගෙ කාර්ය්‍ය කරන කතාවක්.

    ReplyDelete
  22. මමත් මේ අහන්නමයි හිටියේ එම්ටීවී ඉන්ඩියා මෙහේ මොකක් කොරනවද කියලා ..

    ReplyDelete
  23. ග්‍රීස් යකා23 August 2011 at 00:58

    මෙන්න තවත් සිංහල "එම්බා යුවතිය තිගේ පැහැන තෙල පෙනෙන පැහැන බහනට ලව !!!! ඒ කියන්නේ නුඹගේ ලියුම අර පෙනෙන ලියුම් පෙට්ටියට දාන්න කියන එකය් . ඒ වගේම තවත් එකක් තමය් "ඇත්තෝ කති බොති . නැත්තෝ සුත්ත පට ඇරලා බලති !! එකේ තේරුම දන්නා කෙනෙක් කියන්න.

    ReplyDelete
  24. @ ග්‍රීස් යකා..

    ඕක මම අහල තියෙන්නෙ මෙහෙමයි...

    ඇත්තෝ කති බොති සුඛති.. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති..

    ඒ කිව්වෙ ඇති හැකි අය කාල බීල සැපයෙන් කල් ගෙවන අතර නැති බැරි අය කේන්දරය ( සුත්ත = සූත්‍රය = කේන්දරය )බලල බලල දැන් තවත් බලන්න දෙයක් නෑ කේන්දරය පිට පැත්ත හරවලත් බලනවලු ඒ පැත්තෙවත් ගන්න දෙයක් තියද කියල...

    අපේ කට්ටිය ඉතින් ඕකෙ "සු" යන්න මාරු කරලනෙ කියන්නෙ..

    @ උපශාන්ත

    මමනම් අහල තියෙන්නෙ දෙයියගෙ තාත්තගෙ නම "අල්විස් ආරියසිංහ" කියන එක හෙලුවෙන් වනපු හැටි "අලවුඉසි සැබිහෙල" වුණාය කියලයි...
    ............
    දෙයිය ක්ලාස් එකට ඇවිල්ල හැමදාම එකම ස්ටයිල් එකට ඩස්ටර් එක ගසල ගසල.. එකපාරටම මයික් එකට තියල චෝක් කෑල්ල " ටොක් " ගාල කඩල ක්ලාස් එක පටන් ගන්න හැටි මතක් වුණා..

    ReplyDelete
  25. @සපතේරු උන්නැහේ,

    ඕක මෙහෙම නේද..?? ඉස්සෙල්ලම බෝඩ් එක දිහා බලලා ඒක පිහිනවා.. ඊගාවට මයික් එක සෙට් කරනවා.. ඊට පස්සෙ ලේන්සුවක් අරන් මයික් එකයි තට්ටෙයි පිහිනවා.. ඊට පස්සෙ චෝක් කෑල්ල දෙකට කඩලා, මයික් එකට දෙතුන් පාරක් පිඹලා ටෙස්ට් කරලා 'හරි' කියනවා... :)

    ReplyDelete
  26. මමනම් ආසම අදට පාඩම මෙතනින් නිමයි ස්තූතියි ආයුබෝවන් කියන කෑල්ලට.

    ReplyDelete
  27. ඔය කතන්දර උඩින් දාලා තියෙන එම්ටීවී එක මියුසික් ටෙලිවිෂන් එකෙන් ගත්තු එකක් නේද?

    ReplyDelete
  28. @ All
    පොදුවේ පිළිතුරු දෙක තුනක් දෙන්න වෙලාවක් හොයා ගත්තා!

    මුලින්ම ඔය උඩින් තියෙන ඇම්ටීවී ලාංඡනය ගැන.

    මට මතක විදියට 1991 විතර අළුත් රූපවාහිනී සේවයක් පටන් ගත්තා. එකේ නම MTV.

    මේ ගොල්ලෝ විකාශය කලේ UHF චැනල් එකක නිසා "අපිට MTV අල්ල ගන්න" තරමක් අමාරු වුනා. වෙනම ඇන්ටෙනාත් ඕනෑ වුනා.

    ඔහොම අවුරුදු ගානක් ගියාට පස්සේ මේ කෂ්ටිය තමන් ගේ නම වෙනස් කළා එතකොටත් කරගෙන ගිය රේඩියෝ එකේ නමින් - සිරස කියලා.

    හැබැයි තාමත් කොම්පැනියේ නම MTV.
    http://www.sirasatv.lk/contact_us.asp

    ReplyDelete
  29. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    මේ කතාව අපේ කාන්තා පක්‍ෂයේ අය මග හැරලා වගෙයි කමෙන්ටුවලින් පේන්නේ.

    හොඳයි දෙන්නං කෝ වැඩක්.

    එහෙනං හෙට එක කාන්තාවන්ට කියවීම තහනම් කියලා දානවා!

    ReplyDelete
  30. මං දන්න විදිහට ඔය ලාංඡනය මියුසික් ටෙලි විෂන් කියන එකේ. ටීඑන්එල් එක තමා මුලින්ම ඒකේ සිංදු වැඩසටහන් සල්ලි වලට අරං ලංකාවේ දැම්මෙ.

    ඔය ලාංඡනේට ඉන්දියාවෙදි කේස් එකක් ගියා මතකද? ඒගොල්ල ඉන්දියාවේ කොඩියේ පාට 3 ඒකට දැම්මා කියලා මියුසික් ටෙලිවිෂන් එකට නඩු දැම්මා. එයාලා පැරදුනා. ඒත් ඒගොල්ල කලේ ඒ ලගින් යන පාට 3ක් දාලා පුරුදු විදිහට වැඩේ කරගෙන ගිය එකයි.

    මහාරජාගෙ ලාංඡනේ ඔයිට වෙනස්. ඒක හරියට මේ වගේ එකක්


    http://www.google.com/imgres?q=sri+lanka+mtv+logo&hl=en&safe=off&gbv=2&biw=1024&bih=601&tbm=isch&tbnid=24DsmERbAJxy3M:&imgrefurl=http://www.lankanettv.com/&docid=RzygnyXXD2LMFM&w=132&h=99&ei=x4NTTvw7zcutB-v5mKkO&zoom=1&iact=hc&vpx=353&vpy=162&dur=3557&hovh=79&hovw=105&tx=109&ty=38&page=1&tbnh=79&tbnw=105&start=0&ndsp=12&ved=1t:429,r:1,s:0



    ඉන්දිවේ තහනම් උනේ මේ වගේ එකක්
    http://www.google.com/imgres?q=mtv-music+television&hl=en&safe=off&sa=X&pwst=1&biw=1024&bih=601&tbm=isch&tbnid=n3uwVPHdAuvdGM:&imgrefurl=http://index.hu/kultur/media/mtv2379/&docid=NpwhTFoeD4pDRM&w=259&h=208&ei=F4VTTum4IYXsrAfoobnYDg&zoom=1&iact=hc&vpx=273&vpy=216&dur=2538&hovh=166&hovw=207&tx=141&ty=73&page=4&tbnh=123&tbnw=153&start=39&ndsp=15&ved=1t:429,r:6,s:39

    ReplyDelete
  31. @ බුද්ධි..

    ඒ කියන්නෙ කොඩියෙ පාටම කොපි නොකර ලඟින් යන විදිහට කොපි කලා... ඒකත් හොඳා..

    - ඩෙනිස්

    ReplyDelete
  32. බුද්ධි කොළුවා හරි නෙවැ.. උඩින් තියෙන්නෙ Musical Television එකේ logo එක තමා, මහාරාජාගෙ එක නෙවෙයි..

    @කකා,

    මහරාජාකාරයා කලේ එයාලගේ චැනල් එක දෙකට කඩපු එක.. MTV channel එක සිරස චැනල් එක විදියට නම වෙනස් කලාට අලුතෙන්ම තව English channel එකක් පටන්ගත්තා MTV නමින්.. තවම ඒක තියෙනවා නේද..??

    ReplyDelete
  33. ග්‍රීස් යකා23 August 2011 at 23:51

    @ මහවේදනා , ඇත්තටම ඔය කිම්බක් කියන්නේ මොකද්ද? (නෑ මම කිව්වේ සැබිහෙලා ට අනුව )

    ReplyDelete
  34. @____; [භයානක තහනම් වචනය]

    කිම් = කිම = කිනම් = කොයි ---> කිම්-බක = කොයිබක.

    [මේකත් ඉතින් සැබිහෙලා ට අනුව තමා]

    ReplyDelete
  35. කතන්දර ලෝගෝව වැරදියි. එහෙ ඇම් ටීවී මෙහෙ ඇම් ටීවී එකම නොවේ.

    ReplyDelete
  36. මා උඩින් දමා ඇති පින්තූරය ගැන ඇසූ සැමට සහ කරුණු දැක්වූ සැමට ස්තුතියි.

    මං ලියූ කතන්දරයේ කිසිම තැනක ටීවී එකක් ගැන සඳහනක් නෑ. මං කියා ඇත්තේ ධර්මරාජා සහ ඔහුගේ අයියා ගැන විතරයි නේද?

    ඔය ටීවී කතාව මේ කතන්දරය කියවූ අය ඈදූ දෙයක්.

    මං කතන්දරය පෝස්ට් කරන වෙලේ ඔය රූපය දැම්මේ උවමනාවෙන්මයි. ඒ ඉඟියක් දෙන්න මිස -ටොක්කක් ඇනලා පෙන්නන්න නෙමේ.

    නැවතත් සියළු දෙනාටම ස්තුතියි.

    ප/ලි- මට මතක විදියට මං මුලින්ම මියුසික් ටීවී () චැනලය දැක්කේ ඉන්දියාවේ දී තමයි. ඒ එකදාස් නමසිය බර ගනං වල!

    ReplyDelete
  37. ඔන්න මාත් පටාන් ගත්තා. ෂෝට් කිව්වට දිග කතාවක්. අපි ඉන්න හදන්නේ ක්ලැසික් සම්මත කෙටිකතාව සමග.
    ------------

    පාලු කඩේ

    ReplyDelete
  38. නැහැ එක මෙහෙමය් උනේ ගුවන් විදුලියේ හිටියා තාවකාලික relief ennouncer කෙනෙක්.
    මල් කැප්ටන්. හැබය් වැඩකාරයා.
    ඒ කාලේ සතේ අතේ නොතිබුනාට පස්සේ ලක්ෂපති ආරච්චි කෙනෙක් උනා.
    ඔය සිරස ගුවන් විදුලිය හදන්න ප්ලෑන් කරෙත් මල් සමග සුදර්ශියේ ප්ලේන් ටී ( වැඩි සීනි ) ගහමින්.
    ඔය කියන කාලේ පිස්සෙක් විතරය් ගුවන් විදුලියක් ගැන කතාකරන්නේ.
    අහන් හිටපු අපිත් හිනා උනා.
    මේ කාටවත් radio කරන්න සල්ලි තිබුනේ නැහැ .
    කොහොම හරි මේ concept එක මහාරාජලට දෙන්න පුළුවන් උනා.
    අපේ එකෙක් වත් හිටියේ නැහැ මේකට කර ගහන්න.
    ඒ විතරක් නොවේ ඇස් පනාපිට මේක ජනප්‍රිය කරන්නත් අපේ මිනිහට පුළුවන් උනා.
    පස්සේ එකෝමත් එක කාලෙක රුපවාහිනියත් ගුවන් විදුලියත් ජනප්‍රිය මාද්‍ය කරන්න මේ අයත් ලියන අපිත් කැප උනා.
    අපි නැතුව කරගත්ත දේට අපිටත් කනගාටුය් හැබය් හිටියනම් අපෙත් කට කපලා.
    සමාවෙන්න ඕන මේ ගැන දන්නා හුඟක් උදවියට පරිගණක ඥානය නැහැ හරි මේ බ්ලොග් බලන්න වෙලාවක් නැහැ හරි.
    ඉතින් දන්නා දේ ලියල දැම්ම.
    මේ කරන වැඩේට සුබ පැතුම්.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.