ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 5 August 2011
ලක්ෂ්ය, චාප, ජාල සහ චක්කරේ - Nodes, Arcs, Networks and the Timestable
මං පොඩි කාලේ අපේ තාත්තා මට ගණං කරන්න උගන්වන්න මහන්සි වෙනවා මට තාම මතකයි. ඒ සඳහා තාත්තා කඩෙන් ගෙනා සීනිබෝල පාවිච්චි කළා ලු, මං හරියට ගණං කළොත් විතරක් ඒවා මට දුන්න ලු, ඒ අම්මා කියන හැටි.
ඒත් මට සීනිබෝල කනවා නං මතක නෑ. එක, දෙක, තුන ළඟට පහ, හත කියලා තාත්තා කණෙන් ඇදපු එක ගැන තියෙන මතකය මිස.
තුනේ පන්තියේ දී විතර තාත්තා නැවතත් කණෙන් ඇද ඇද මට චක්කරය ඉගැන්නුවා.
නමුත් මං හයේ පන්තියට ගිය දවසේ ඉඳලා, මුළු ජීවිතේටම ඒ විදියට දෙතුන් පාරක් විතරක් සිද්ධ වුණු, තාත්තා ගේ ගණිත පාඩම ඉවර වුණා.
ඒකට හේතුව තමයි මං හයේ පන්තියේ ඉඳලා ඉගෙන ගන්න පටන් ගත්තු ගණිතය, තාත්තා නොදන්න ගණිතයක් වීම.
හයේ පන්තියේ දී මං කාටිසියානු තලයේ ඛණ්ඩාංක මගින් ලක්‍ෂ්‍යයන් හඳුන්වන්න ඉගෙන ගත්තා.
මේ ලක්‍ෂ්‍යයන් යා කරන්නේ චාප මගින්.
එවැනි චාප ගොඩක් මගින් ජාලයක් හැදෙනවා.
ඕනෑම ජාලයක්, න්‍යාසයක් මගින් නිරූපණය කරන්න පුළුවන්.
ඒ හයවෙනි ශ්‍රේණියේ සිසුවෙකු ගේ ගණිත දැනුමෙන් කොටසක්.
ඒ දැනුමේ අදට වැදගත් කොරොලලි එක හෙවත් උප ප්‍රමේය තමයි, ලක්‍ෂ්‍යයන් යා කරන චාප නැත්තං අපිට ජාලයක් නැති බව. තියෙන්නේ ලක්‍ෂ්‍යයන් පමණයි.
මේ කතන්දරේ මතක් වුනේ ඇනෝවෙක් මට දුන්නු උපදෙසක් හින්දයි.
මං සමහර බ්ලොග් කියවන කොට, ඒවායේ තියෙන අන්තර්ගතය ගැන මගේ අදහසක් හෝ ඒ හා සමාන මගේ අත්දැකීමක් ගැන හෝ මං කතන්දරයක් ලියල තියෙනවනං මං කරන්නේ ඒ මුළු විස්තර ආපහු එතන කට් ඇන්ඩ් පේස්ට් කරන්නේ නැතුව, කෙළින්ම ලින්ක් එකක් දාන එකයි.
මං මේක වැඩියෙන් ම කරලා තියෙන්නේ W3Lanka ගේ බ්ලොග් එකේ මට මතක හැටියට. මේ ලඟදී මට මතක හැටියට නිහාල් ගේ කථාවක තිබුණු අල්ලපු කඩෙන් කාලා මේ කඩේ ටොයිලට් යෑම ගැන කියවෙන තැනක මං ලියපු කතන්දරයක ලින්ක් එකක් දැම්මා.
මගේ සඳුදා කතන්තරේ කියවපු ඇනෝවා මට කියනවා එහෙම කරන්න එපාලු! ලින්ක්ස් දාන්න එපාලු!!
මීට කලින් දවසක මං මගේ කතන්දර ඇතුළේ මගේ ම පෝස්ට්වලට ලින්ක්ස් දාන එක නතර කරන්නැයි කියලා කමෙන්ට් කරලා තිබුණෙත් මේ ඇනෝවා ම ද මන්දා?
මට මේ ඇනෝවා ට කියන්න තියෙන්නේ මේකයි.
අපි මේ රඟපාන කෙලිමඩල වෙන වෙබ් එක හෙවත් ජාලයේ මූලික පදනම තමයි එකිනෙකින් ස්වායත්ත ලක්‍ෂ්‍යයන් හෙවත් වෙබ් පිටු එකිනෙක යා කරන චාප නැත්තං ලින්ක්ස්. මේ ලින්ක්ස් නැත්තං අපිට ඉතුරු වෙන්නේ වෙබ් පිටු ටිකක් විතරයි. ජාලය බිඳ වැටෙනවා.
අපි හැමෝම නිකං ස්ථම්භ ප්‍රස්තාරයක කුළුණු ටිකක් වගේ ඔහේ ඉඳීවි වෙන් වෙන් වෙලා. (ඒ හයේ පන්තියෙන් තවත් පාඩමක්)
ඇනෝවා ලා මොනව කිව්වත් නිකං ජාලගත වෙලා ඉන්නව මිසක් නිකං කොනකට වෙලා ඉන්න නං මගේ කිසිම කැමැත්තක් නෑ.
මේ කතන්දරේ ලියන්න මුල් වුනේ ඇනෝවා ගේ කතාව වුණාට, මේ ලියන්නේ ඇනෝවා එක්ක වලියෙන් නෙමේ. ඇනෝවා දුන් උපදේශයට ස්තුතියි. මං අනවශ්‍ය පරිදි ලින්ක්ස් දාලා නං, ඒ,ඒ බ්ලොග්වල අයිතිකාරයෝ ඒවා මකලා දායි නොවැ.
කොහොමටත් මං වලියට බර පොරක් නෙමේ!
-කතන්දරකාරයා
ප/ලි:
ඒ එක්කම මං හයේ පන්තියේ දී ඉගෙන ගත්තු දෙයක් තමයි කුලක හෙවත් සෙට්.
අද පවතින ඔය සෙට් වෙමු කියන සංකල්පයේ උපත එතනයි.
ප/ප/ලි:
තව පොඩ්ඩෙන් මේ අද කතන්දරේ අවසාන කොටස අමතක වෙනවා.
ඒක තමයි චක්කරේ.
දන්නවද, චක්කරේ ට චක්කරේ කියන්නේ ඇයි ද කියලා?
ඇත්තටම පසුව ලියමි.
චක්කරේට චක්කරේ කියන්නේ ඇයි?
අපේ සීයා තාත්තා ට චක්කරේ ඉගැන්නුවා. සහමහර විට කණ මිරිකන්නත් ඇති!
තාත්තා මට චක්කරේ ඉගැන්නුවා. කණත් මිරිකුණා!
මං අපේ කොල්ලාට චක්කරේ ඉගැන්නුවා. මිරිකුවේ නෑ, අත තිබ්බා විතරයි.
පුතාත් ලොකු වෙලා තාත්තා කෙනෙක් වුණාම, එයාගේ පුතාට චක්කකරේ උගන්නයි!
පරම්මරාවෙන් පරම්පරාවට චක්කරේ අප හඹා එනවා.
ඒ නිසයි චක්කරේ කියන්නේ!
Subscribe to:
Post Comments (Atom)
එච්චර දුරට හිතන්න ඕනි නැති ඇනෝවෙක්ගෙ ජබර කතාවක් ...
ReplyDeleteඒත් ඒ කතාව හරහා ඔබ ඇදල ගත්ත කාරණය නම් මසුරන්..මට නම් ලින්ක් එකක් දැක්කහම.. මාර ත්‍රිල්.. මොකද ඒ හරහා මේ දැන් කියවන ලිපියට තියෙන අනිත් සම්බන්ධකම් හොයල බලල.. ලිපිය වඩාත් හොඳට තේරුම් ගත හැකි නිසා..
ඇතැම් අවස්ථාවල අප වගේ ආධුනිකයන්ට මේ ලින්ක්ස් වැදගත්.. අවශ්‍යනම් පමනක් ලින්ක් එක බලනවා...
ReplyDelete//හයේ පන්තියේ දී මං කාටිසියානු තලයේ ඛණ්ඩාංක මගින් ලක්‍ෂ්‍යයන් හඳුන්වන්න ඉගෙන ගත්තා.
ReplyDeleteමේ ලක්‍ෂ්‍යයන් යා කරන්නේ චාප මගින්.
එවැනි චාප ගොඩක් මගින් ජාලයක් හැදෙනවා.
ඕනෑම ජාලයක්, න්‍යාසයක් මගින් නිරූපණය කරන්න පුළුවන්.
ඒ හයවෙනි ශ්‍රේණියේ සිසුවෙකු ගේ ගණිත දැනුමෙන් කොටසක්.//
කතන්දර අංකල්ලගෙ කාලෙ 6වසරෙ ගණිතය බොහොම බරපතලයිනෙ!
ඛණ්ඩාංක තලය අපි දැක්කෙ 8වසරෙදි.. න්‍යාස නම් A/L syllabus එකෙත් තිබුණෙ නෑ.. අනේ මන්ද අලුත් අධ්‍යාපන ක්‍රම වෙන්නැතිනෙ.
කොහොම වුණත් ලින්ක්ස් කතන්දරේට ලින්ක් කරපු හැටි නම් අපුරුයි..
චක්කරේ....? අනේ මන්දා අයියම කියන්න බලන්න....
ReplyDeleteකතාව හැබෑව! හැබැයි චූටි අවුලක් තියෙනවා.
ReplyDeleteඅපි උපකල්පනය කළොත් ජාලයේ තියෙන ලක්ෂ්‍ය ගණන (එහෙම නැත්තං කතන්දරගෙ පෝස්ට් ගණන) වැඩි වෙද්දි, එක ලක්ෂ්‍යයකින් ඇරඹෙන චාප ගණනත් වැඩි වෙනවා කියලා. (එක කතන්දරයකින් පහුගිය කතන්දර වලට තියෙන ලින්ක් ගාණ වැඩි වෙනවා කියල)...
එතකොට වෙන්නෙ කාලයත් සමඟ චාප ගණන (එහෙම නැති නම් ලින්ක් ගණන) ඝාතීය ලෙස (Exponentially) වැඩි වෙන එක. එහෙම උනොත් අලුතින් කතන්දරයක් බලන්න එන කෙනෙක් ඒකට සම්බන්ධ කතාත්, ඒ අනෙක් කතා වලට සම්බන්ධ තව කතාත් යනාදී වශයෙන් බලන්න ගොහින් කතන්දර බ්ලොග් එක එපා වෙන්න පුලුවන්.
ඒත් අපි උපකල්පනය කරමු කසූ එක ලක්ෂ්‍යයකින් ඇරඹෙන්න පුලුවන් චාප ගණන සීමා කරනවා කියල n නම් වූ කිසියම් ධන නිඛිලයකට. (පෝස්ට් එකකට තියෙන්න පුලුවන් උපරිම ලින්ක් ගණන n). දැන් ලින්ක් ගාණ ඝාතීය ලෙස වැඩි වෙන්නෙ නෑ. දැන් එය වැඩි වෙන්නේ කාලයේ බහුපද ශ්‍රිතයක් ලෙස (Polynomial).
එහෙම උනොත් අනාගතයෙදි කතන්දර බලන කෙනෙකුට එපා වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙන්න පුලුවන් නේ?
ගනන් ගැන කියන්නට දැනීමක් නැත. එක දෙයක් දනිමි සමකෝනී ත්‍රිකෝනයකි ඔබත් මමත් ඇනොත් ඉන්න. අනවශ්‍ය කොමෙන්ට් සහ කුණුහබ්බ දාන නිසා මමත් දැන් කොමෙන්ට් පබ්ලිෂ් කොරන්නේ චෙක් කොරල. අනික ඔච්චර ගනන් දන්න නිසා ඕවා ගනන් ගත යුතුද නැත..
ReplyDeleteඅපේ ගමන අපි යමු බන් අපේ පාඩුවේ.....//
චක්කරේ නම් මුරලිය.. එය සොයාගත්තේ ඩැරල් හෙයාය.. එයා තව ඒවා සොයන්නට යාමේදී ගෙදර යන්නට සිඳුවීය.
ඔය චක්කරේ කියන එක ඒ කාලෙම අමතක කරල දැම්මනෙ.
ReplyDeleteමගේ ගනන් දැනීම නම් අන්තිම දුර්වලයි. හැබැයි චක්කරේ නම් මතකයි. ඇනෝලත් ඉන්න ඕනෙ. මම නම් උන්ට කැමතියි. කකා කියන දෙ මටත් හිටෙන්නේ හරි. ලින්ක් ඉතා වැදගත්. මට නම් ලින්ක් සාත්තරේ කියලා දුන්නේ අපේ චතුරංග මල්ලී. ඕවා ඔහොම තමයි.
ReplyDeleteනානාත්ත කායා - නාත්ත සංඥා
මාතලන් කීව දේම තමා මටත් කියන්ට තියෙන්නේ....:)
ReplyDeleteකතන්දර.. ඇනෝ හයවසරට වඩා ස්කෝලෙ ගිහිල්ලනම් (කතන්දරලගෙ කාලෙ) ආයෙ ඒවි කනෙන් ඇදල පාඩම කියල දෙන්න ඔන්න අපි දන්නෙ නෑ.. එතකොට ආයෙ ඒ ලෙවල් හරියෙන පාඩමක් දාල බලන්න එච්චර දුර ගිහිල්ලද කියල පොර...
ReplyDeleteචක්කරේට චක්කරේ කියන්නෙ චක්කරේ කියද්දි චක් කරොත් මුරලිට වගේ ලෙඩ යන නිසාද ?
ඇනෝලා ඔයවගේ පලප්ප කතා කියන එක සාධාරණයි. ඒකනේ උන්ට නමක් නැතුව ඇනෝලා කියන්නේ.ඔයවගේ ඇනෝලා හන්දා හොද අනෝලට තමයි කෙල වෙන්නේ.
ReplyDeleteකාලයක් වල් කමෙන්ට් දාපු ඇනෝ කෙනෙක් හන්දා සමහර බ්ලොග් වලින් අනෝ කමෙන්ට් අයින් කරගෙන ගියා. ඒකෙන් වෙන්නේ හොද ඇනෙක්ට එයාගේ අදහස ප්‍රකාශ කරන්නත් බැරි වෙන එක.
අයියා ගනන් ගැන මතක් කලාම මම් අම්මගෙන් කාපු ටොකු මතක් උනා !!!
මේක දැක්කම මට පුංචි සිද්ධියක් මතක් වුණා මේකට එච්චර අදාල නැතත් කියලා දාන්නම්, එකපාරක් අපේ ගමේ සංවිධානය කලා දක්ෂතම ළමා ගායන තරුව තෝරන සංගීත ප්‍රසංගයක්(රියැලිටි ෂෝ එන්න ගොඩක් කලින් 95 විතර)...
ReplyDeleteසංගීත ප්‍රසංගය යන අතරතුරේ කරටි කැඩෙන්න ගහපු බුවෙක් ස්ටේජ් එක ඉස්සරහා නටන්න තියා ගත්තා...ඉතින් මුගේ විකාර දකිද්දී සමහර ළමයිට සිංදුව කියාගන්න බෑ හිනායනවා...
මේක දැකපු සංවිධායක මණ්ඩලේ කෙනෙක් කරුණාකරලා මේ සංගීත ප්‍රසංගයේ නටන්න එපා කියලා නිවේදනය කලා... අම්බානකට මල පැනපු අර බුවා කෑගහලා මෙන්න මෙහෙම කියලා ගෙදර ගියා...
"නටන්න එපා නම් සංගීත වලට ඇවිල්ලා තොගේ අම්... හැමි.. න්නද යකෝ කියන්නේ..!"
කතන්දරටත් කියන්න තියෙන්නේ;
"ලින්ක් දාන්න එපා නම් ඉන්ටනෙට් එකේ තොගේ අම්... හැමි.. න්නද යකෝ කියන්නේ..!" :D :D
ගණන් ඔච්චරටම තිබ්බද 6 වසරේ.බුදු සන්තෝ..
ReplyDeleteමම සිංහල බ්ලොග් කියවන්න ගත්තෙ කොහේද තිබුනු ලින්ක් එකකින් දුමී ගෙ බ්ලොග් එකට වැටිල එතනින් දුමීගෙ ලින්ක්ස් වලින් අනිත් බ්ලොග් වලට ගිහින්.. නැත්නම් මෙහෙම තැනක් තියෙන බවක්වත් මම දන්නෙ නෑ...
ReplyDelete................
මොකක් හරි ගැන රිසර්ච් කරපු ඕනැ එකෙකුට තේරෙනව ලින්ක්ස් නැත්නම් ඉන්ටෙර්නෙට් එකෙයි පුස්තකාලෙට ගිහින් පොත් රාක්ක ගානෙ ගිහින් හොයන එකෙයි වෙනසක් නෑ කියල....
.................
අනික පෝස්ට් එකක ලින්ක්ස් තිබුණහම පාරෙ බොම්බයි මොටයි කාරය දැකපු බබාල වගේ කට කොයි කොයි ගාන්නෙ ඇයි... ලින්ක් එකක පොඩි පාටෙ වෙනසක් විතරනෙ තියෙන්නෙ... පෝස්ට් එක කියවගන්න තියෙන බාදාව මොකක්ද... පොලේ ගිහින් බඩු ගන්න ගමන් මොටයි කන්නත් ආස අය කයි...අනිත් අය බඩු අරන් ගෙදර යයි..
කෂ්ටිය ඔක්කොගෙන් ම තරහ අවසර,
ReplyDeleteමගේ නම් අදහස අර ඇනෝවා කියපු දේ කෂ්ටිය වැරදියට අරන් වගේ. ඇනෝවා කිව්වේ ලිනක්ස් දාන්න එපා කියල නෙවෙයි ලින්ක් පොර ටෝක් විදිහට පාවිච්චි කරන්න එපා කියලයි.
මම කියන්නේ නැහැ ක.කා. පොර ටෝක් කියල. මම කියන්නේ අර අනොව ලින්ක් දන්නා එපා කිව්වේ නැහැ කියලයි.
ඌට හෝල්සේල් එකේ බනින්න කලින් පොඩ්ඩක් හිතුව නම් නේද හොඳ?
ප.ලි.
මම කියන්නෙත් ලින්ක් තියෙන්න ඕනේ. මම කතන්දර බලන්න අවෙත් මාරයාගේ ලින්ක් එකක් හරහා.
@ Weni
ReplyDeleteමං උඩත් කියල තියෙනව වගේ ඇනෝට ස්තුතියි. ඒනිසානේ මේ කතන්දරේ ගෙතුනේ.
ලින්ක්ස් තමයි මේ වෙබ් ලෝකයේ උපත!
BTW ,
ReplyDeleteක.කා. කොයි කලේද ඉස්කෝලේ ගියේ. අවංකවම මට නම් මතක නැහැ 6-7 වසර වලදී අපි න්‍යාස (Metrices) ඉගෙන ගන්නවා. මම හිතන්නේ ඉස්සෙල්ලම ඒවා ඇහුවේ AL කාලේදී.
කෙසේ වෙතත් ඔබේ මතකය නම් පට්ටම පට්ට සිරා.
ක.කා. පේරා කම්මලේ බව මට මීට පෙර කොහොමත් දැනිල තිබුනේ. අන්තිම පොස්ට් එකෙන් තමයි එක අමුවෙන්ම දල තිබුනේ.
ක.කා. කම්මලේ හිටපු අවුරුදු ගැන පොඩි සටහනක් දාන්න බැරිද? සමකාලීනයෙක් ද දන්නේ නැහැ නේ.
@ Gimhani
ReplyDeleteලින්ක්ස්වල වැදගත්කම එවෙලේ විතරක් නෙමේ පස්සේ වුනත් බලන්න පුළුවන් එකයි.
යාහූ Yahoo හැදිච්ච විදිහ දන්නවද?
@ සකුස්
ReplyDeleteසකුස් ළමයාට පෙනිලා නැති වුණාට, මං ඉගෙන ගත්තෙත් අළුත් අධ්‍යාපන ක්‍රමේ තමයි. ඒකනේ තාත්තා ට මට උගන්වන එක කරන්න බැරිවුනේ හයේ පන්තියෙන් පස්සේ.
ජාන මගින් න්‍යාස - අපිට තිබුණා, සමහර විට හයේ නෙමේ හතේ වෙන්න ඇති.
අපි පාරේ යන කාර්, බස් ගණං කරලා ස්ථම්භ ප්‍රස්ථාර ඇන්ද බව නං හොඳට මතකයි!
@ pasanna86k
ReplyDeleteචක්කරේට චක්කරේ කියන්නේ ඇයි?
අපේ සීයා තාත්තා ට චක්කරේ ඉගැන්නුවා. සහමහර විට කණ මිරිකන්නත් ඇති!
තාත්තා මට චක්කරේ ඉගැන්නුවා. කණත් මිරිකුණා!
මං අපේ කොල්ලාට චක්කරේ ඉගැන්නුවා. මිරිකුවේ නෑ, අත තිබ්බා විතරයි.
පුතාත් ලොකු වෙලා තාත්තා කෙනෙක් වුණාම, එයාගේ පුතාට චක්කකරේ උගන්නයි!
පරම්මරාවෙන් පරම්පරාවට චක්කරේ අප හඹා එනවා.
ඒ නිසයි චක්කරේ කියන්නේ!
@ Sampath Sri Sitinamaluwa
ReplyDeleteමැත දන්නවා වැඩියි වගේ.
මෙහෙමයි, හැම නෝඩ් එකක්ම හැම නෝඩ් එකකට සම්බන්ධ වෙන්නේ නෑනේ හැම නෙට්වර්ක් එකකම. එක කතන්දරයක තියෙන්නේ සීමිත ලින්ක් ගණණනක්. එනිසා polinomialy bound.
ඊට අමතරව මුලින් ලියපු කතන්දරවලට ලින්ක්ස් ඇත්තේම නෑ. අනාගතයට ලින්ක්ස් දාන්න විදියක් නෑනේ. ඒ කියන්නේ ටයිම් ඩිමෙන්ෂන් එක අපි සලකලාම නෑ.
මට කාලෙකට කලින් හිතුණා පරණ පෝස්ට්එඩිට් කර කර ලින්ක් දාන්න.
වෙලාව තමා ප්‍රශ්ණය.
@ Maathalan
ReplyDeleteචක්කරේ නම් මුරලිය..
නියම කතාව බ්‍රදර්!
@ Praසන්ன
ReplyDeleteඇයි උර චක්කරමාලාවක් වත් කරේ එල්ල ගත්තද?
@ වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteඅපොයි ඔව්, ඇනෝවා ලා අපිට ඕනෑ නෙව!
ඒකනේ මං ලඟදී ඇනෝලාට ඉඩ දුන්නේ. මොඩරේට් නොකරම.
@ Podi Kumarihami
ReplyDeleteජ්‍යාමිතිය දන්නවා වගේ!
@ පොඩි මැන්
ReplyDeleteචක්කරේ කියන්නේ නැවත නැවත එන නිසා. ඔන්න කතාවේ අහට දැම්මා.
@ මධුරංග
ReplyDeleteඇනෝවා සමග වලියක් නැත. ඔහු/ඇයට ස්තුතියි.
@ Beetle
ReplyDeleteමධුරංග
ඇනෝවා සමග වලියක් නැත. ඔහු/ඇයට ස්තුතියි.
@ sithuwam
ReplyDeleteහය වසර තමයි හොඳම වසර!
බස් එකේ ඉස්කෝලේ යන්න, සල්ලි අත ගාන්න හෙම ඉඩ ලැබුණනේ!
@ සපතේරු උන්නැහේ
ReplyDeleteහරියට හරි!!!
@ මරුමුස්
ReplyDeleteඔබ හරි. ඇනෝට ස්තුතියි. අනේ එයා නැත්තං අද අපි කියුට් බේබි උම්මා කතන්දරේනේ කියවන්නේ!
දැන් ඒක සඳුදාට කල් ගියා.
පහුගිය කතා ආකයිව් එකේ වැලලිලා යන්න නොදී, පරන පෝස්ට් වලට අළුත් කතාවේ ලින්ක් දාන අයිඩියා එක මමත් ඉගෙන ගත්තේ කසූගෙන්. කසූ තරමට නොවුනත් මමත් මගේ අළුත් පෝස්ට් එකකින් පරණ පෝස්ට් එකකට හරි දෙකකට හරි ලින්ක් දානවා. එහෙම කිරීමෙන් අළුතෙන් බ්ලොග් එක කියවන්න එන කෙනෙකුව පහුගියා පෝස්ට් එකක් කියවන්න පොලඹවන්න පුළුවන් නිසා.බ්ලොග් කරුවන් විදිහට අපේ සන්තෝසය වන්නේ අපි මහන්සි වෙලා ලියන දෙයක් පුළුවන් තරමක් දෙනා කියවනවා බලන්නයි......
ReplyDeleteමාත් ඔය දෙකේ පන්තියේ හරි තුනේ පන්තියේ ඉඳන් හරි චක්කරේ පාඩම් කරන්න ෆුල්ම ට්‍රයි එකක් දුන්න. දෙවරක්, පස්වරක් සහ දහවරක් චක්කර ඇරෙන්න අනිත් එක චක්කරයක්වත් මට තාම බෑනේ........!
@ මරුමුස්
ReplyDeleteකම්මලේ ද හිටියේ. මට පස්සේ වෙන්න ඇති.
ඊ-මේල් එකක් එවන්න.
kathandara@gmail.com
yahoo කතාව දන්නේ නෑ. ඒකත් කියලම ඉවරයක් කරන්නකෝ.
ReplyDelete@ දුමී,
ReplyDeleteදෙව රක් දන්න එකත් ලොකු දෙයක් නේ.
ලගු දන්නව නං චක්කරේ ඕනෑ නෑ.
@ Gimhani
ReplyDeleteමං දන්න විදියට යාහු ඇරුඹුනේ වෙබ් එකේ තමන් කැමති තැන්වල ලින්ක්ස් තියාගන්න පුළුවන් විදියක් ළෙසටයි.
http://docs.yahoo.com/info/misc/history.html
චක්කරේ ගැන කිව්වම පොඩි කතාවක් මතක් උනා. පොර ටෝකක් සහ දුක හිතෙන කතාවක්.
ReplyDeleteමම 4 පන්තියේ ඉන්දැද්දී මමයි සාලිය කියල මගේ යලුවෙකුයි තමයි ඉස්සෙල්ලම 12x12 චක්කරේ පාඩම් දුන්නේ.
ටීචර් අපි දෙන්නට කිව්වා පන්තියේ අනෙක් ළමයින් ගෙන් චක්කරේ පාඩම් අරන් ඔක්කොම පාඩම් ළමයින් ව ටීචර් ගාවට එවන්න කියල. ඉතින් මමයි සාලිය යි ටෙම්පරි ගුරුවරු උනා ඒ දවස් ටිකේ.
පස්සේ කලෙක මට teaching වලට ලොකු ආසාවක් එන්නයි, private tutor කෙනෙක් වෙන්නයි, ඒ හරහා ජිවිතේ ලොකු පරිවර්තන කිහිපයක් වෙන්නයි හේතු උනේ අර ඉස්සෙල්ලම කරපු teaching වැඩේ කියලයි මට හිතෙන්නේ.
හරි, පොර ටෝක් ඉවරයි. කෝ දුක හිතෙන කතාව ??
එක තමයි මගේ අර යාළුවා සාලිය ගැන කතාව. අපි AL කරනකම් එකට ආවා. ඌ exam නොකරන army join උනා. ඌට ලොකු ආසාවක් තිබ්බ ඒ field එක ගැන.
අන්තිමට මට ඌව මුණ ගැහෙද්දි ඌ major කෙනෙක්.
එට පස්සේ මට ආරංචි උනා ඌ මෝටර් එකක් වැදිලා තුවාලවෙලා ඌව ටෙරා ල අල්ලගත්ත කියල. උගේ පවුලේ අය ඌ එනකම් බෝධි පූජා තිබ්බ. හැබැයි තාම ඌ නැහැ. යුද්දෙන් නැති වෙච්ච මගේ පලවෙනි පන්ති මිතුරා.
ලින්ක්ස් දැමීමේ වැදගත්කම තේරෙන්නනං යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවන්ගෙ වනකතා පොත් කියවලා තියෙන්න ඕනෑ.
ReplyDeleteඒ කතා මැද්දෙ තවත් කතා තියෙනවා. ඒ මැද කතාව මැද්දෙ තවත් කතාවක්.
මේක නිකං අර වීජගණිත සමීකරණයක වරහන් දානවා වගේ වැඩක්.
ඉතිං සමහර වෙලාවට අර මැද කතාවක් කියවද්දි මුල් කතාව අමතක වෙල යනවා. එක දිගට කියවගෙන යන්න බැරි වෙලා තේ එකක් බීල එන්න හරි ටොයිලට් එකට ගිහිල්ල එන්න හරි සිද්ද වුනාම ආපහු හිටපු තැන හොයාගන්න ටිකක් අමාරු වෙනවා.
අච්චු ගහපු කතා පොතේ ලින්ක් දාපුවහම ලින්ක් එකට පෙරළන්න වෙනවනෙ. සමහරවිට හාමුදුරුවො ඒ ගැන හිතල වෙන්න ඇති ලින්ක් එක නැතුව කෙළින්ම කතාවම මැද්දට දැම්මෙ.
හැබැයි අර ඇනෝ කියල තිබුනෙ පොර වගේ තමන් කරපු වැඩ පෙන්නල අනිත් අය අධෛර්යමත් කරන්න ලින්ක් දාන්න එපා කියල මට තේරුණු හැටියට. ඒ කෙසේ වුනත් ඒ කමෙන්ට් එකේ වැදගත්කමක් නැති බවයි මට හිතෙන්නෙ.
දෙවැනි කාරණාව චක්කරේ. ඇයි චක්කරේට චක්කරේ කියන්නෙ?
මේක අපේ ජාතික ලක්ෂණයක්. අපි දිග වචන කොට කරනවා. දැන් ලංකාවේ ජනප්‍රිය වෙලා තියන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලට ආර්ථිකේ කියනවා. මතකද 82 ජනමත විචාරණය, ඒකට කිව්වෙ ජනමතය කියල. මේ නම් කෑලි වලින් එන්නෙ වෙනමම තේරුමක්. ඒ වුනාට කවුරුත් ඒවට පුරුදු වෙනවනෙ. ගුණ කිරීමේ චක්කරය නිකම්ම චක්කරය වුනේ එහෙමයි.
මම ඇනෝ කොමෙන්ට් දාන්නෙ මගෙ ගූගල් ප්‍රොපයිල් එකෙන් ලොග් වෙලා දාන්න යන එක මළ කරදරයක් නිසයි. කොහොම වුනත් විවාදාත්මක අදහසක් දාන වෙලාවට මම අනන්‍යතාව සහිතවයි දාන්නෙ.
මම ට්‍රැපික් දෙයියන්ගෙ කපුරාළ (මේ නමට මං කැමති නැති උනත් කතන්දර බ්ලොග් එකේ පාඨකයො මාව අඳුරන්නෙ එහෙමනෙ)
බක වරක් චක්කරේ මතකද ???
ReplyDeleteහයේ පන්තිය මතක නෑ නෙව..
ReplyDeleteඇනොවා පොර ටෝක් දාන්න එපා කියා පොර පාට් දැම්ම දවසේ කතන්දර රෙට්‍රෝ-ලින්ක් ගොඩාආආආක් දාලා තිබ්බා. ඒක වෙන්ටැති කතන්දරගේ පොරත්වය මීටර් කරන්න ඉන්න මේ අනොවාගේ ෆයර් අලාම් වැදුනේ.
ReplyDeleteඑදාම මේක මාත් නෝටිස් කළා. කරලා කොමෙන්ටුවකුත් ටයිප් කළා. එතකොටයි දැක්කේ ඇනොවා ගේ උපදෙසේ. මට මගේ කොමෙන්ටුව මකන්න වුනේ හුදෙක් ජොලියට මෙව්වා ලියන මට බුවා/බුවී ගේ ගොඩට සෙට් වෙන්න වේවි කියලා.
ඉතින් එදා නොදැමූ කොමෙන්ටුව මෙන්න.
"කතන්දර බ්ලොග් එකේ කතන්දර ගණන වැඩි වෙනකොට එක කතාවක තියෙන ලින්ක් ගනන වැඩි වෙනවා. ඉතින් වැඩිපුර ලින්ක් පෙනෙනවා කියන්නේ කතන්දර බ්ලොග් එක තවත් වර්ධනය වෙනවා කියන එකයි. අලුත් කතන්දර පොස්ටුවේ හැම වචනයක් ම ඔහුගේ පරණ පෝස්ටුවකට ලින්ක් කල දවසත් වැඩි ඈතක නොවේ.
ටීම් බාන්ස් ලී මාමා මේ දිනවල කවුරුත් නැති පැත්තකට වී අන්තර්ජාලේ ඊළඟ ජෙනරේෂන් එක හදමින් ඉන්නවලු. බුවාට මට කියන්න පණිවුඩයක් තියේ. එනම් එක වචනයකට [රයිට් ක්ලික් හරහා] ලින්ක් තොගයක් දැමීමේ අසම සම බලය අපේ කතන්දරට ලබා දෙන්න කියාය. මෙය ළඟදීම ඔහුට අවශ්‍ය වනු ඇත."
ලින්ක් බෝ වේවා. ඔබට ජය.
ආ චක්කරේ කියන්නේ මැත හින්දා පටන් ගත්ත වචනයක් නෙමේ...ඕකේ මූලාශ්‍රය තියෙන්නේ ජීව විද්‍යාවේ...ඕන නම් වෑඩිවියට පත් උන චූටී කෙල්ලෙක්ගෙන් අහලා බලන්නකෝ..
ReplyDeleteබුදු අම්මෝ, කතන්දරලට හය වසරෙ උගන්නල තියෙන ඒව දැක්කම නං ඇත්තටම බය හිතුන.
ReplyDeleteමං මේ බ්ලොග් දකින්න වාසනාවන්ත වුනෙත් ලින්ක් හින්ද.
ඔය අනෝවට පිස්සු.. ජාලය කියන එකේ මුලික සිද්ධාන්ත නොදන්නා කම හෝ හොද දේකට මොකක් හරි වැරද්දක් කියන්න බලාගෙන ඉන්න (ටිපිකල් සිංහලයා) මිනිහෙක් වෙන්න ඕනේ ඔය... අයිය හරි අයියේ.. ඔයා සැලෙන්න එපා.. ලොල්ය...
ReplyDeleteක.කාට ඉතිං හූණු බිජ්ජක් තිබුනම ඇති ඒක කතාවක් කරන්න. අනේ වාසනාවන්. මයෙ ලඟත් හූණු බිජු එමට. ඒත් ඒවා කතාවක් කරගන්න තමයි අමාරු..
ReplyDeleteලින්ක් නැත්නං මං තාම කියවන්නෙ එක බ්ලොගයයි.
ප.ලි : මට නං තවමත් චක්කරේ බෑ
@ මරුමුස්
ReplyDeleteකතාවටත් ඊ-මේල් එකටත් ස්තුතියි.
යාළුවා ගැන අසා දුකයි. යුද්ධයේ තවත් එක බිල්ලක්.
"මරුමුස්" ලා ආමි එකට නොගිහින් කම්මලට ගිය එක හොඳයි.
@ Ano 1 = මම ට්‍රැපික් දෙයියන්ගෙ කපුරාළ
ReplyDeleteඔය කියන වන කතා පොත් ඇත්තටම ඒ හාමුදුරුවෝ ලියපු ඒවද, නැත්තං ඉන්දියන් එපික් එකේ පරිවර්තනයක් ද?
@ ඕනයා
ReplyDeleteබක වරක් චක්කරේ දන්නේ ඉතිං ගස් ගෙම්බෝ ම තමයි.
දන්නවනං කියන්නකෝ නිකං බක බක නොකියා!
@ චතුර
ReplyDeleteචතුර ට එච්චර වයසයි කියල මං හිතුවේ නෑ.
@ Sujeewa Kokawala
ReplyDeleteසුජීව, හැම බ්ලොග් එකක්ම අනිත් හැම එකකටම යා වෙන්නේ කතන්දර මුල් පිටුවෙන්. එක කතන්දරයක් ඇතුලේ එච්චර ලින්ක්ස් දාන්න විදියක් නෑ.
මේ දවස්වල මං ලියන බොහෝ කතන්දර පල වෙන්නේ මාසයකින් විතර පසුවයි (මේ ලක්‍ෂ්‍ය, චාප, ජාල, චක්කරේ කතාව එහෙම නෙමේ). ඉතිං ලින්ක්ස් දාන්නේ බොහෝ විට කතන්දරේ පලවෙන්න කලින් දවසේ හරි කතාව ඔටෝ පබ්ලිෂ් වුණාට පස්සේ හරි තමයි.
ටිම් අංකල් හින්දා අවුරුදු ගණනාවක් අපේ ගෙදර බත් ඉඳුණු බවත් අමතක නැහැ.
ඔබේ ප්‍රාර්ථනාව මගේත් ප්‍රාර්ථනාවමයි. එය එසේම වේවා!
@ මයියා
ReplyDeleteමයියා වගේ මටත් ගුටි කන්නද කියන්නේ?
@ ඔබ්සෝවර්
ReplyDeleteසමහරු බයංකාරයි කියලා ලියන්නේ හයංකාරයි කියලනේ.
ඉතිං භය හිතෙන එක අහන්න දෙයක්ද?
@ ADK කොලුවා
ReplyDeleteඇනෝ කිව්වේ ලින්ක් දාලා, පොරත්වය පෙන්නලා, මගේ තත්වේ බස්සගන්න එපාය කියලයි.
මං මේ හැදුවේ ඇනෝට වලියක් දාන්න නෙමේ, ඇනෝගේ පිහිටෙන් මගේ පොඩි කතාවක් කියලා දාන්නයි.
@ nwamamawatha
ReplyDeleteඅයියෝ හූණු බිජ්ජේ කතන්දරේ නං මං දන්නේ නෑ.
මැරිච්ච හූණෙකුගෙන් ඉස්සර මිනිහෙක් ලක්‍ෂපතියෙක් වුණු හැටි කතන්දරේ නං දන්නවා.
@ All
ReplyDeleteකාලෙකට පස්සේ හැමෝටම වගේ උතතර දෙන්න කාලය ඇති තරං ලැබුණා. හෙට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකෙන් මුණ ගැහෙමු!
සියළු දෙනාටම ස්තුතියි!
ක.කා මං හිතුවට වඩා කූල් පොරක් නෙව. මෙන්න මගේ ගානෙ ලින්ක් එකක්, බලන්න:
ReplyDeletehttp://www.youtube.com/watch?v=6gmP4nk0EOE
හෙට ස්පෙෂල් තියේ ය?
ReplyDeleteචක්කරේට චක්කරේ කියන්නේ ඇත්තටම ඒක කොහෙන් පටන් අර ගත්තත් ඉවරයක් නැහැ...අනික එකම දේ කිහිපතැනක විවිධ විදහට හමුවෙනවා...
ඒක නෙමෙයි කතන්දර මයෙත් එක්ක ඔරොප්පු වෙලාය... ??
මේ සොඳුරු සිත කතා කරන්නෙ සංසාර චක්කරේ ගැන මං හිතන්නේ
ReplyDeleteවන කතා පරිවර්තනයක් වුනත් නැති වුනත්, ඒකෙ තියෙන්නෙ මොඩිෆයි කරපු බෞද්ධ සාහිත්‍ය කතා. ඒව පනස් ගණන්වල ලියල තියෙන්නෙ. හැබැයි ආණ්ඩුවකින් ඒ පොත් කාලයක් තහනම් කරල හෙමත් තියනවා. ඒකට හේතුව කියන්නෙ ඒ පොතක කියන කවියක්.
ReplyDelete"අපායට යන්න ඕනෑ නම් නුඹට
කරපන් මහ ඇමති කම එක දවසකට"
(සේම් ඇනෝ)
ලින්ක් දැමිල්ලෙන් තව තව වාසි නැතුවාමත් නෙමෙයි....
ReplyDeleteback links කියල ජාතියකුත් තියෙනවා..
මටත් මතකයි 5 වසරෙදි 7වරක් චක්කරේ වරද්දගත්ත හැටි. හැබැයි අදටත් 12වරක් දක්වා හොදටම මතකයි.
ReplyDeleteමේක කයිවාරුවක්ද මන්දා....