Monday 14 June 2010

ගුරු සේවයේ කතන්දරයක් - පාඨශාලා පරීක්‍ෂක කිරි බීපු හැටි


කතන්දර බ්ලොග් එකේ ගුරුවරු ගැන කතන්දර කීපයක්ම ගියා. ඒ නපුරු ගුරුවරු ගැනයි වැඩියෙන්ම. ගුරුවරුන් ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් කියවෙන කතන්දර, එහෙම නැත්තං ගුරු සේවයේ රසකතා කියන්නේ වෙනම ම Genre එකක්.

මේ අංශයේ කතන්දර මට ලියලා එව්වා චූටි ටීචර් කෙනෙක්. මතකනේ සාම්පූර් වලට බෝම්බ දාපු කතන්දරේ හෙම?

ඔය අතරේ, තවත් කතන්දර සැපයූ සහෘදයෙක් වන ඉන්දික උපශාන්ත පටන් ගත්තු සැහැල්ලුව බ්ලොග් එකේ ලඟදි දාල තිබුණ ගුරු සේවයේ රස කතාවක්.

ඕකට කොමෙන්ට් කරන්න ගිහින් තමයි මං ඉස්සර අහල තියෙන මෙන්න මේ කතාව මතක් වුනේ.

පාඨශාලා පරීක්‍ෂක කියන්නේ රජයේ අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරක් මගෙ හිතේ. ඒ ගොල්ලන්ගෙ රාජකාරිය තමයි ඉස්කෝලවල් වලට ගිහින් අධ්‍යාපන මට්ටම හෙම හොයල බලන එක. ඉස්සර නං මං හිතන්නේ වර්ෂාවසාන විභාග කරල තියෙන්නෙත් ඒ ගොල්ලො. මතකනේ, මඩොල්දූව කතාව?

බොහොමයක් පාඨශාලා පරීක්‍ෂකල කලින් ගුරුවරු ලු. ඒ හින්දද කොහෙද රාජකාරි වැඩවලදි ගුරුවරුන් ට සයිස් දානව ලු. (මේ ලූ, ලූ කියන්නෙ මං මේව කියවල තියෙන කතාවල තිබුණු විස්තර නිසයි. මගේ තාත්තත් ගුරුවරයෙක් වුණාට මේ ගුරුසේවයේ කතා නං අපි එක්ක කියල නෑ).

ඉතිං, මේ සයිස් දැමිල්ල, ගම්බද ප්‍රදේශවල දි හරිම වැඩියිලු. ඒ විතරක් නෙමේ, පාඨශාලා පරීක්‍ෂක පොරවල් ගමේ ඉස්කෝල පරීක්‍ෂා කරන්න ගියාම, යන වාහනේට ගමේ එලවළු, පලතුරු, හාල් හෙමත් යහමින් පුරවන්න ඕනැලු තුටු පඬුරු විදියට.

සමහර මුල් ගුරුවරු එහෙම කරල තියෙනව. සමහර අය ඒ ලොකුකං වලට යටවෙලා නෑ. ඒ විශේෂයෙන්ම දේශපාලන දඬුවම් විදියට ගම්වල පාසල්වලට යවපු අය.

ඉතිං අන්න ඒ වගේ පාසලක මුල් ගුරුතුමා රාජකාරී වැඩකට ප්‍රාදේශීය අධ්‍යාපන කන්තෝරුවට ගිය වෙලේ පාඨශාලා පරීක්‍ෂක හමුවෙලා තියෙනව.

තමන් ලබන සුමානේ පාසල බලන්න එන බව කියන ගමං පාඨශාලා පරීක්‍ෂක පොරට කියල තියෙනව, හොඳවයින් අල බතල ටිකකුයි, කුරක්කං ටිකකුයි ලැහැත්ති කරල තියන්න, ඒ එක්කම උදේටයි, දවල්ටයි දෙකටම කිරි බොන්නත් ඕනැයි කියල.

දෙන්නං කො උඹට කියල හිත හිතයි මේ මුල්ගුරුවරයා ගමට ගිහින් තියෙන්නෙ එදා.

දන්නපු විදියටම පාඨශාලා පරීක්‍ෂක ආව. උදේට කෑව. කිරිත් බිව්ව. පරීක්‍ෂණ කටයුතු කළා. දවල්ටත් කෑව. කිරි එක බොන්න කලින් පොර කිරි වීදුරුවත් අතේ තියාගෙන මුල් ගුරුවරයට පොඩි කම්ප්ලේන්ට් එකක්.

"අයිසෙ, මේ කිරි හරිම වෙනස් නෙ අයිසෙ රහ! මං හිතුව මේ පලාතෙ හොඳ පරිසරේ හොඳ හින්ද, හොඳ කිරි ඇතිය කියල."

මුල් ගුරුවරයා කිව්වෙ මෙච්චරයි.

"අනේ සර්, මේ ගම් පලාත්වල කුරක්කං, මෙනේරි කන අම්මණ්ඩිලගෙ කිරිවල මොන රහ ගුණ ද සර්!"

වීදුරුවත් අත ඇරල දුවල ගිහින් වාහනේ ට නැග්ග පාඨශාලා පරීක්‍ෂකකාරයා, ආයෙ ඒ පැත්ත පලාතෙ පස් පෑගුවෙ නැති ලු!

-කතන්දරකාරයා
අඟහරුවාදා (15) ඇඩ් කරන වග නම්ඃ
මගේ සීයා ජෝන් මහත්තයාට පාඩමක් උගන්නපු හැටි කතාවත්, සීයා ගේ කෝට් එකේ කතාවත් ගුරු සේවයේ රසකතා තමයි.

20 comments:

  1. හපොයි...!!! මදෑ කොලා

    ReplyDelete
  2. ඔය ජාතියේ පොර වෙන්න යන අයගේ පුස් පාට් බස්සන්නම ඕනේ :)

    ReplyDelete
  3. අද රැ නිදාගන්නව බොරු.. මේ කතාවයි දුකාගේ කතාවය් අහල මගේ විටෙත් එලියට පැනපි... හොහ් හොහ් හොහ්.....

    බන්ඩාරණායක මහ එක්කෙනා වීදුරූවටත් නොදා "ලු" බොන්නෙ...

    ReplyDelete
  4. එළ..එළ...එළම කිරි ....මං මේක අහලම තිබුනෙ නෑ..

    ReplyDelete
  5. අප්පොච්චියේ............
    එතකොට බීලා තියෙන්නෙ ..............

    මාතලන්ගෙ කතාවට මට හොඳටම හිනා....හික්ස්...

    ReplyDelete
  6. සියල්ල අද කියවීමි.එක දවසක් නං ඉස්​කෝලේ ඈරිලා ඈවිල්ල මහන්සියට, නංගී කිරී බිබි ඉද්දි එයාව පැත්තකට දාලා මම කිරි බිව්වා,අමිමටත් නින්ද ගිහිං තිබුනු හින්දා. කිරි වල අමුතු රහක් තියෙනවද කියලා මට හරියට මතක නැහැ හැබැයි!

    ReplyDelete
  7. අලේ මං දන්නෑ.....

    ReplyDelete
  8. හිකි හිකි හිකි මරු කතාව.... ලොලේ ලොල් කිව්වලු....... අරූටනම් හොඳවැඩේ හික්ස්.......

    ගෙදරගියාම මිනිහට පුංචිකාලෙ එහෙම මතක් උනාද දන්නෙනෑ ලොල්.....

    ReplyDelete
  9. මේ මං කිව්වේ බුන්ද්ධි ගැන එහෙම නෙමෙයි අලිද :D අර මෑන්ස් ගැන හරිය...............

    ReplyDelete
  10. හෙහ්හෙ,, හොද............ වෑඩේ,,,,, ඔහොම තමා ඉන්න ඔනා,, හ්ම්ම්

    ReplyDelete
  11. හ හා.. එළේ එළ!

    ReplyDelete
  12. ආපහු සැරයක් මවු කිරි බීල හරි මොළේ පෑදෙනව නම් එච්චරයි...

    ReplyDelete
  13. එලම එල කතාවක්

    ReplyDelete
  14. පට්ටම පට්ට කතාව....නියමයි...

    ඔයවගේ උන්ට ඔහොමකරලා මදි....නැද්ද?.....

    ReplyDelete
  15. හපොයි දෙය්යනේ... ලොකු මහත්තය කොහෙන්ද දන්නේ නැහ හොයා ගත්තේ ඒ කිරි හික් හික්

    ReplyDelete
  16. ඔය ලොකු මහත්තයා කොහෙද දන්නෑ ඉන්නෙ නේද. ගිහින් හමුවුනානම් තව හොඳ කතා තොගයක්ම අහන්න තිබුනා

    ReplyDelete
  17. ඔය කතාව මම මීට කලින් අහපු කතාවක්.මොකක් හරි පොතක තිබ්බෙ.(පොතේ නම මතක නැහැ ) ඔය ලොකු මහත්තයා කලින් දවසේ ළමයින්ට නියෝග දුන්නලු තමන්ගෙ පවුලේ හරි නැත්නම් ලඟ පාත කිරිදෙන අම්මලා ඉන්න අය ඊලඟ දවසේ පාසල් එද්දි මව්කිරි කෝප්ප භාග ගානේ ගේන්න කියලා.ඔන්න ඔහොමලු පාඨශාලා පරීක්‍ෂකට දෙන්න කිරි හෙව්වේ............

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.