ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday 11 June 2010
ලොකු කෑල්ල
මේ කතන්දර බ්ලොග් එකේ වැඩි හරියක් තියෙන්නෙ මගේම කතන්දර. ඒ කියන්නේ, ලව් ලෙටර් ලියපු හැටි, චූ කළ හැටි, සුද්දෙකුට පාර කිව්ව හැටි, පන්ති නායකයා වුනු හැටි, පන්තියේ පලමුවෙනියා වුනු හැටි, නපුරු ගුරුවරුන්ගෙන් නිරපරාදේ ගුටිකාපු හැටි වගේ මෙකී නකී කතන්දර.
මගේ කතන්දරවලට පිලිතුරු විදියට ආපු ඉන්දික ගේ කතන්දරත්, චූටි ටීචර් ගේ කතන්දරත්, ටැබූගේ කතන්දරත් මං වෙනම දාල තියෙනව.
ඔය අස්සෙ මං එක එක කාලවලදි, එක එක තැන්වලදී අහල තියෙන එක එක කතන්දරත් මං මේ බ්ලොග් එකේ පලකරල තියෙනව හුදෙක්ම හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස. මං පෙරේද දාපු කුණුහරුප සින්දු උරුහං බාන එකයි, යාළුවො දෙන්න දුවපු හේතුව ගැන කතාවයි දෙකම ඒ වගේ එව්ව.
හැබැයි, ඒ හැම තැනදිම මං කියල තියෙනව පැහැදිලිවම ඒ කතන්දර වෙනත් අයගේ ඒවය කියන එක.
අදත් මං කියන්න යන්නේ ඒ වගේ මං කලින් අහල තියෙන කතාවක්.
ඔන්න හොඳ යාළුවො දෙන්නෙක් ගියාලු කඩේකට උදේට කන්න. ගිහින් ඉල්ලුවලු පානුයි, මාලුයි ගේන්න කියල. (මගෙත් ප්‍රියතම කෑමක් තමයි පානුයි කිරට උයපු මාළුයි. හැබැයි මං පසුගිය දවසක පරිප්පු එක්කත් පාන් ගෙඩියක්ම කෑවා.)
ඔන්න වේටර් ළමය පාන් ගෙඩියක් හතරට කපල මාළු දීසියක් එක්ක ගෙනත් තිබ්බ මේසෙ උඩින්. බැලින්නං, මාළු කෑලි දෙකෙන් එකක් පැහැදිලිවම පුංචියි අනිත් එක ලොකුයි.
එක යාළුවෙක් කරපු දේ පැන්න, හැන්ද ගත්ත, කෙලින්ම ලොකු කෑල්ල තමන්ගෙ පිඟානට බෙදාගත්ත.
අනිත් යාළුවට ඇල්ලුවෙ නෑ ඒ කරපු වැඩේ.
ඉතිං, පොර කෙලින්ම කිව්ව ඒ බව.
"මචං උඹ මුලින්ම ලොකු මාළු කෑල්ල බෙදාගත්තු එක හරි නෑ නේද?"
එතකොට ලොකු කෑල්ල බෙදාගත්තු යාළුව අනිකගෙන් ඇහැව්ව මෙන්න මෙහෙම.
"හොඳයි, උඹ නං ඉස්සෙල්ලා මාළු දීසියෙන් බෙදා ගත්තෙ, උඹ ගන්නෙ මොන කෑල්ලද? ලොකු එකද, පොඩි එකද?"
"මං නං ගන්නේ පොඩි කෑල්ල!" උත්තරේ ලැබුණ.
"ඉතිං, එහෙනං කිසි ප්‍රශ්ණයක් නෑනෙ. ඔය තියෙන්නේ පොඩි කෑල්ල දැං බෙදා ගනිංකෝ!"
කට උත්තර නැතිවෙනව කියන්නෙ මෙන්න මේ වගේ අවස්ථාවලටයි.
කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
පළවෙනි එකා නියම ශ්‍රී ලංකිකයෙක්. අනිවාරියයෙන් ජාතිය සිංහලත් විය යුතුමයි..
ReplyDeleteමේ වගේ පුරුදු අපේ ලේ වල තියෙන දේවල්..මටත් කතාවක් මතක් උනා..
ලාසරස් කියල මගේ යාලුවෙක් හිටිය. සුද්දෙක් නෙමෙයි යකෝ. සිංහල ක්‍රිස්තියානී. මූයි මායි ශන්මුගමුයි (මුන් ජීවීතේට බ්ලොග් බලන්නෙ නෑ එකෙක් මළා.) ගියා චැතම් වීදීයේ ටාජ් හෝටලේට. තවම තියෙනවද දන්නෙ නෑ. ඒ පැත්තෙ ගියපු කාළයක් මතක නෑ. පට්ට රසයි කෑම විශේෂයෙන් බීෆ් කරි එක.
ඕනම පෝශන් එකක් ලොකු කෑලී දෙන්නෙ. බීෆ් කෑල්ල ප්ලේට් එකේ තියල කපල තමයි දෙන්නෙ ඒ තරම් ලොකුයි. ශන් බීෆ් කන්නෙ නැති නිසා අපි කිව්ව. බීෆ් සහ චිකන් දෙකම ගේන්න කියළ. ගෝනවල සුනිල් වේටර් මහත්තය ජාති දෙකෙන්ම පෝශන් 3 ගානේ ලොකු දීසී දෙකකට ගෙනාව.
මහත්වරු 3 දෙනා පවුලේ අයටත් එක්ක කාලා බිලත් ගෙවල. කොකා කෝල සහ දුම්වැටිය බොනව. ගෝනවල සුනිල් මේසේ අස් කළේ නෑ. ලාසරසය එක පාරටම අර අල්ලක් විතර ලොකු හරක් මස් කුට්ටිය කටේ දාගත්ත. ඒ විතරක් නෙමෙයි. 3-4 සැරයක් හපල ගිලල දැම්ම. ශනුයි මායි අයිත් නෙමෙයි ගියේ ඌත් එක්ක කෑම කන්න. ඉස්කෝලේ යන කාලේ නම් ගානක් නෑ. මේ වැදගත් විධායක නිළධාරීන්...
කතාව නම් කලිනුත් අහල තියනව ඒත් ආපසු ඇහුව කියල වැඩි නෑ. කලින් ඇහුවට වඩා හොඳට මේ පාර ඇහුව. දවල් වෙනකොට හොටල් ගොඩක් එලියට එයි වගේ...උදේම කතන්දර කියවන කොට ඇඟේ ලේ පිරිසිදු වෙනවා හිනාවෙලා. එතකොට ෆ්‍රෙෂ් එකේ දවස පටන් ගන්න පුළුවන්...
ReplyDeleteකව්රුත් ලොකුකකෑල්ල ගන්න තමයි කැමති. එත් ඒකට ගට නැති නිසා එක්කෝ පොඩිකෑල්ලක් ගන්නවා. නැත්තං කව්රුහරි ඉස්සර වෙනකං බලාගෙන ඉන්නවා.
ReplyDeleteතමුන්ට ලොකු කෑල්ල නොලැබුනා කියල සැලෙන්නෙ නැතිව කට පියාගෙන ඉන්න එක තමයි හොඳ. හැබැ ආයෙමත් ඌත් එක්ක කන්න යනවනම් සූදානම් ශරීරයෙන් යන්න වෙනවා.
ReplyDelete@ මාතලන් : ඉතින් අර බෝනස් මස් කුට්ටියට වෙනම් බිලක් ඇඩ් උනේ නැද්ද ?
ඕක තමයි ශ්රී ලාංකේය අනන්යතාවය කියන්නෙ.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම පොඩි කෑල්ල ගන්නව කියන්නෙ නැතුව මාලු කෑලි දෙක සමානව බෙදනව කිව්ව නම් සභාතොමෝලට සතුටින් විසිර යන්න තිබ්බ... :D
ReplyDeleteහිහ් හිහ් හිහ් ඕක කලින් අහල තිබ්බ උනාට තාම කතාවෙනම් රසේ අඩුවක් වෙලා නෑවගේ. අනික මරුවට ලියලත් තියෙනවනේ..... :)
ReplyDelete@මාතලන්:
ReplyDeleteඕක සිංහල ජාතියෙ අය අතරෙ විතරක් තියන පුරුද්දක් නෙවෙයි. දෙමළු ඔයිට එහා. දෙමළු ගැන දන්නෙ නැති හන්ද ඔහොම කිව්වට දෙමලෙක් එක්ක හෝටලේකට ගිහින් බලන්නකෝ. හෝටලේ නෙවෙයි කොහේ ගියත් එච්චරයි.
ඉස්පිරිතාලෙක (වෙන කොහෙවත් නෙවේ රත්නපුරේ) දිග පෝලිමක් තිබුනා. කොහේද ඉඳං දෙමලෙක් ආවා පැන්නා බෙහෙත් ටික ගත්තා ගියා. මමපැයක් විතර පෝලිමේ ඉඳලා කවුන්ටරේ ලඟට ආවා විතරයි. ජාතික සමගිය ඇති කරන්න යනකොට උන් කරන්නෙ ඔන්න ඕවා. දෙමළු කෙයිකත් එකයි. ලොකු කුට්ටිය කඩාගන්න තමයි බලං ඉන්නෙ. රටෙනුත් 2/3ක් ගන්නනෙ හැදුවෙ.
කලින් අහපු එකක් ඒත් කමක් නෑ සිරාවට ලියල තියෙන නිසා එල . .
ReplyDeleteමේක අ.ල එකේ ගියා (අපි නොදන්න Live)
ReplyDeleteසියළු දෙනාටම ස්තුති වේවා.
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ අපි නොදන්න ලයිව් කියලා තමයි. මොකද මං නං ඒ මොකක්ද කියා දන්නේ නැත. ජෝක්ස් කියන වැඩ සටහනක් යැයි අනුමාන කරමි.
මේ කතාව මං බැලුවේ 80 දශකයේ හෝ සමහරවිට ඊටත් පෙර මුදුණය කරන ලද සඟරාවක තිබී මං පොඩි ගැටයා කාලේය. තාමත් ඒවා මතක තිබේ.
අපේ ආච්චී ලාගේ ගෙදර ලොකු පෙට්ටියක දමා 1950 පමණ සිය රසවාහිනී, ශී්‍ර සඟරා යනාදිය තිබුණි. ඉස්සර නිවාඩුවට ගමේ ගිය විට මගේ කාලය ගතවෙන්නේ මේ පොත් පෙට්ටියේය.
මැරෙන තුරා කීමට කතන්දර දැන් මට තිබේ.
අපේ ආච්චීට නිවන් සුව පතමි.
මේවා කට් අන්ඩ් පේස්ට් (සයිකොලොගි නොට්ස් ටිකකින් )
ReplyDeleteඒත් මට හිතුනා අදාලයි කියලා
කතන්දරගේ කතාවට නෙවෙයි පස්සෙ වැටිලා තිබුන කොමෙන්ට්ස් 1- 2 කට (මාතලන් සහ විශේශයෙන් කුම්බකරන
මාතලන් බැනලා තිබුනේ තමන්ගේ ජාතියට, කුම්බකරන් නුන්ගේ ජාතියකට - තමන්ගේ අම්මා තාත්තට තමන් බැන්නට අනුනු බනිනවා අක්වුරුර්වත් ඉවසන්නේ නෑ නොවෑ - ඒකනිසා මම හිතන්නේ අනුන්ගේ ජාතියක්ට අපි බනිනන කොට ගොඩක් හොයලා බලලා බනින්න ඕන - සිදුවීම් ටිකක් මත විතරක් පදනම් නොවී )
'cognitive theories - stereotypes and prejudice
noticeably objective behaviour by even a few members (කොහේද ඉඳං දෙමලෙක් ආවා පැන්නා බෙහෙත් ටික ගත්තා ගියා ) of an easily identified ethnic group may lead people to see and illusory correlation between that behaviour and ethnicity (දෙමළු කෙයිකත් එකයි. ලොකු කුට්ටිය කඩාගන්න තමයි බලං ඉන්නෙ)
people may be more likely to recall negative stereotypes when they are in a negative mood (ඉස්පිරිතාලෙක් ගොඩක් වෙලාවට අපි ඉන්නේ නෙගටිව් මූඩ් එකකින්නේ ලෙඩ නිසා)'
@ අර්ජුන - හොඳ විශ්ලේෂණය. නියමයි.
ReplyDeleteමගේ එකම ප්‍රශ්ණය තමයි අර්ජුනගේ කමෙන්ට් එක මුලින් කතන්දරය කියවපු අය දකින්නේ නැති එක.
මට තව කතන්දරයක් සිහිවුනා!
@ මහසෙන්
ReplyDeleteමොන පිස්සුද...? එළියට එනකන් වචනයක් කතා කළේ නෑ. ශන්ට ඕව පෙන්න බෑ. උගේ සිංහළ කුණුහරුප මාර ලස්සනයි. දවස් ගානක් අරු ශන්ගෙන් බැනුම් ඇහුවා.
@ කුම්භකර්ණයා
කරුණාකර arjuna මහතාගේ අදහස කියවන්න මහත්තයෝ.. අපි අපේ වැරදි ඉස්සෙල්ල හදාගෙන ඉඳිමු. ඒ මිනිස්සුන්ට සලකන ආකාරය ගැන, දෙමළ ත්‍රස්තවාදය ගැන වෙනම කතා කරමු. මේ ඒකට තැන නොවේ.
@ අර්ජුන
වෙල් සෙඩ් මහත්තයෝ. ජාතිබේදයෙන් ඇස් අන්ධ වෙලා ජාතීන් දෙකේම. මේක විනය පිළිබඳ ප්‍රශ්නයක්. අද අවශ්‍ය ඔබ වැනි සාපේක්ෂව බලන මිනිසුන්....
පුංචි කාලේ අපේ ගෙදරට ගෙනාපු කේක්, පළතුරු වගේම චොකලට් එහෙම එක සමානව බෙදන්න ඒකමතික සම්මතයෙන් බාර වෙන්නෙ මට. අක්කා බෙදුවොත් තාත්තටයි මල්ලිටයි වැඩිය ලැබෙනවා. නංගි බෙදුවොත් එයාට වැඩියෙන් බෙදා ගන්නවා. අම්මා බෙදුවොත් තවත් දවසකටත් කොටසක් ඉතුරු වෙනවා!
ReplyDelete@කතන්දර ... අපි නොදන්න Live කියන්නෙත් ඔයාගෙ කතන්දර වගේ තමයි ... හොඳට රස විඳින්න පුළුවන් වැඩසටහනක් .. සිරස tv එකේ තමයි ගියේ ... ගොඩක් සිරස විරුද්ධවාදීන් පවා ඕක නම් මිස් කරන්නෙ නෑ
ReplyDelete@ දර්ශනඃ
ReplyDeleteදන්නෝ දනිති, නොදන්නෝ නොදනිති.
මොන්ටිසෝරි කාලෙ අහපු කථාවක්.
ReplyDeleteකමක් නෑ මතක් වෙන්නත් එක්ක හොඳයි
ReplyDelete@mathalan,arjuna
ReplyDeleteඑතකොට මේ රටේ අපි ජීවත් වෙන්න ඕන උන්ට ඕන විදිහටද? අනිත් අයට අදාල වෙන නීති රීති උන්ට අදාල නැද්ද? අඩුම ගානේ සාමාන්‍ය ජීවිතේදී සහයෝගයෙන් ඉන්නත්වත් බැරිද?
උන් දෙමළ කියලා අපට උන්ගෙ වැරැද්දක්වත් පෙන්නල දෙන්න අයිතියක් නැද්ද? අපි අපේ රටේම වහල්ලු වෙලානෙ. උන්ගෙ නෙවෙයි අපේ අයටයි අසාධාරණයක් වෙන්නෙ හැමතැනදිම. සුළු ජාතියෙන් මහ ජාතියට කෙනෙහිලිකම් කරන වෙන කිසිම රටක් නැතුව ඇති. මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාවෙත් ඇමරිකන් සුද්දට බෙදල තමයි අනිත් සුළු ජාතීන්ට බෙදන්නෙ. ඒකට ලංකාව...අනේ අනිච්චං