ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 20 June 2010
ආච්චී ගේ පෙට්ටගම
මේ කතාව මා එක්ක කිව්වේ මගේ ආච්චී.
ඔන්න එක පොලිස් කාරයෙක් රාජකාරි වැඩකට යනකොට පොඩි කොල්ලෙක් එනවලු ඉස්සරහට. කොල්ල අතේ පොඩි මල්ලක්. පොලිස් කාරයව දැක්ක ගමං කොල්ල දුවන්න වගේ සැරසුනාලු.
සැක හිතුන හින්න සැර කරල අල්ල ගෙන ඇහැව්වලු මොනවද ඔය මල්ලෙ කියල.
කොල්ල ගත් කටටම කිව්වලු "අම්මගෙ රෙද්ද" කියල.
පොලිස් කාරයට මල පැනල, කොල්ල ගෙ බෑග් එක පරීක්‍ෂා කරල බලල තියෙනව.
කොල්ල කියල තියෙන්නෙ බොරු නෙමේ. ඒකෙ තිබුනලු චීත්ත රෙද්දක්!
* * *
අම්මගෙ අම්ම තමයි ආච්චී. ඒත් "අම්මගෙ රෙද්ද" කිව්වට "ආච්චිගෙ රෙද්ද" කියල දෙයක් ජනවහරෙ නෑනෙ!
ඒ වෙනුවට තියෙන්නේ "ආච්චිට හාල් ගැරීම" තමයි.
සාමාන්‍යයෙන් ආච්චිල දෙන්නෙක් ඉන්නවනේ. අපි පොඩි කාලෙ හිටියෙ එක ආච්චි කෙනෙකෙුගෙ ගෙදර. අනිත් ආච්චිගෙ ගෙදර යනව නිවාඩුවට. ඒ යන ගමන නං කිසිම ජොලියක් නෑ. වමනේ යනවා, යනවාමයි. හැබැයි, ගිය වෙලේ ඉඳන් ආපහු එනකං එහේ ගත කරන කාලය නම් මාර ජොලි කාලයක් තමයි.
ඔය වගේ ගිය කාලෙ තමයි අර තාත්තා කෙනෙක් වෙන කතන්දරේට අදාල සිද්ධිය වුනෙත්.
අපේ සීය වගේම ආච්චිත් රජයේ ගුරු සේවයේ ඉඳල පැන්ෂන් ගත්තු කෙනෙක්. මට යාන්තමට වගේ මතකයි ආච්චි ඉස්කෝලේ වැඩ කරන කාලෙත්. ඒ කොහොම වුනත්, රැකියාව නිසා වුනත් නොවුනත් අපේ ආච්චි එක් රැස් කරල තිබුණ, පරණ සඟරා මහා ගොඩක්.
ආච්චිට හාල් ගැරීම වෙනුවට, ඒ සඟරා දාල තිබුණු පෙට්ටගමේ කිඳා බැසිම තමයි නිවාඩු කාලවල මගේ ප්‍රියතම විනෝදාංශය.
ඒ පෙට්ටගමේ තිබුණු පරණ සඟරා අතර ප්‍රධාන සඟරාව තමයි රසවාහිනී සඟරාව. ඒක ටයිම්ස්/ලංකාදීප කොම්පැනියෙන් ගහපු මාසික සඟරාවක්. දවස/සන් එකෙන් කරපු කාන්තාවන් සඳහා වූ ශ්‍රී සඟරාවත් තිබුණ වගෙයි මතකය.
මොන සඟරාව වුනත්, ඒ දවස්වල මං අතට අහුවුණු දෙයක් කියවල මිසක් අත හරින්නේ නෑ. අද මට මේ විදියට කතන්දර කියන්නත් සමහරවිට හැකිවෙලා තියෙන්නේ ඒ දවස්වල කියවපු කියවීම නිසා විය යුතුයි.
ඒකටත් එක්ක මගේ කොළු පැටිය. පොරට ඕනැ, ටෙලිවිෂන් එකේ කාර් රේස් බලන්නයි, ඉලෙක්ට්‍රොනික්ස් ගේම්ස් කරන්නයි විතරයි. කතන්දර පොත් අරහං.
එදා ආච්චිගෙ පෙට්ටගමේ තිබිල කියවපු දේවල් ගැනත් හොඳ කතන්දර දෙක තුනක් තියෙනව කියල දාන්න.
ඊට කලින් කියන්න ඕනැ නෙ, මුලින් කියපු කතාවෙ අම්මගෙ රෙද්ද බෑග් එකක දාන් හිටිය කොල්ල දිව්වෙ ඇයි කියල.
ඌව පොඩි කාලෙ ඉඳලම ගෙදරින් බය කරලයි තිබිල තියෙන්නෙ පොලිසිය ගැන කියල.
කොල්ල බත් කන්නෙ නැත්තං, "අන්න පුතේ පොලිසියෙන් එනව, ඊට කලින් බත් ටික කාපං".
කොල්ල දඟ වැඩක් කළොත්, "උඹව පොලිසියෙන් අල්ලං යයි, දඟ නොකර හිටපං".
ඉතිං ඇත්තටම පොලිස් කාරයෙක් දැක්ක ගමං කොල්ල දුවන්න ගත්තෙ ඒකයි!
මගෙ පොඩි එකාට පොත් කියවන්න කොහොම කියල පුරුදු කරවන්නද මන්ද. "පොලිසියෙන් එයි!" කියලවත් බය කරන්න ඕනැ.
නිදහස් ප්‍රේම කලාප වල ඉන්න කොල්ලො කෙල්ලො අල්ලන්න යන වෙලේ, පොඩි එකෙකුට කතන්දරයක් කියල දුන්න නං මොකද වෙන්නෙ නේද?
කතන්දරකාරයා
ප/ලි:
දැං ඉතිං ලියන්නං කො ඔය පෙට්ටගමේ පොත්වලට අදාල කතා පේලියක්.
Subscribe to:
Post Comments (Atom)
මාතෘකාවට ආදාල නැති වුනත් මේකතාව නං ගොඩක් කතාවල ආරම්භයක් වගේ මට හිතෙන්නේ.
ReplyDelete*ඔය පොලිස්කාරය ඉස්සරල කොල්ලගෙ කන එහෙම අත ගාන්න ඇති මල්ල බලන්න ඉස්සරල.
* පොඩි එවුන් බය කරල උන්ට කවන වට වඩා හොඳයි උන් බඩගින්නේ තියන එක .අඩුගානේ සමාජයට මූණ දෙන්න පුඵවන් එකෙක් හැදෙයි.
*කතංදරගෙ පුතත් නොට්ටිගේපුතෙක් එහෙනං. ඒ කොහොම වෙතත් ,මගේ එකා කියවන පොත් දැක්කම කතන්දර පැටිය පොත් නොකියවන එකම හොඳයි කියලයි මට හිතෙන්නෙ.
අපොයි ඔව්, දැන් ඉන්න එවුවොන්ට පොත් අරහං!
ReplyDelete'නිදහස් ප්‍රේම කලාප වල ඉන්න කොල්ලො කෙල්ලො අල්ලන්න යන වෙලේ, පොඩි එකෙකුට කතන්දරයක් කියල දුන්න නං මොකද වෙන්නෙ'
ReplyDeleteනියම කියමන.
කසුගේ "පෙට්ටගමෙන් ඇහෙන කතා"
ReplyDeleteපොඩිකාලේ එක එක කියලා පොඩීවුන්ව බය කරනවා....උන්ගේ හිත් ඇතුලට එවා කවදින්වානේ.....
පොලෝසිය ගැනත් කතන්දර බොහෝමයි.
ReplyDeleteහැම අණ්ඩුවෙ ආයතනයක වගේම පොලෝසියෙත් තියෙනවලු කාර්යක්ෂ්මතා කඩඉම නැත්නම් e-bar කියල මඟුලක්. (කරපු අය දන්නව ඇති මේ ගැන.)
ඔන්න ඉහළ නිලධරයෙක් ඒකෙදි කොස්තාපල් මහත්තැන් කෙනකුගෙන් (සිංහලෙන් කියනව නම් කොච්චියෙකුගෙන්) අහනවලු මෙහෙම.
"දැන් තමා රෑ නයිට් ඩියුටි යනකොට මිනී මැරුමක් වෙලා, ඩෙඩ් බොඩියක් හම්බ වෙනව කොම්පඤ්ඤවීදියෙදි. පේන තෙක් මානෙක කවුරුත් නැහැ. තමා විතරයි පාරෙ ඉන්නෙ. තමා මොකද කරන්නෙ මුලින්ම?"
"සර්, මම මුලින්ම ඒ බොඩි එක ඇදගෙන යනවා මැලේ වීදියට."
"මොකටද මිනිහො, කොම්පඤ්ඤවීදියෙ මැරිච්චි මිනිහා මැලේ වීදියට ඇදගෙන යන්නෙ?"
"සර් නං කියයි. ඕක පොතේ ලියන්ඩත් එපායැ. මැලේ වීදිය කියල ලියන්ඩ ලේසිනෙ. කාටද පුළුවන් කොම්පඤ්ඤවීදිය කියල ලියන්ඩ."
දවසක් අම්ම කෙනෙක් පොඩි එකාට බත් කවන්න වත්ත පුරාම පස්සෙන් දුවද්දි මේක ගිහින් නැග්ගලු ගහකට. දැන් කොල්ල ගහේ, අම්ම බිම ඉඳන් කතා කරනව, කතා කරනව එන්නෙ නෑලු. මේ අස්සෙ ගේ ගාවින් රාළහාමි කෙනෙක් යනව දැකල අර අම්ම කිව්වලු " අනේ රාළහාමි මේ පොඩි එක්කෙනාට පොඩ්ඩක් බයකරල හරි ගහෙන් බස්ස්වන්න මෙ බත් ටික් කන්න, මට බයයි මේක වැටුනොත් " කියල. එතකොට රාළහාමිය මහ රකුසු මූනක් දාගෙන, හෙන ගහන්නවගෙ සද්දෙන් " බැහැපිය පරය ගහෙන් මෙ බත් ටික කන්න, මං තොව අල්ල ගහන්න කලින් ගෙම්බ ගැහුව වගෙ පොලේ" කියනකොටම අර පොඩි එකා භය වෙලා මහ හඬින් හඬගෙන බිමට පැන්නම බයවෙච්චි අම්මත් "හරි හරි රාළහාමි, මං ඉතුරුටික කරගන්නං" කියල, දැං ඉතින් පොඩි එකා නලවගන්නෙ කොහොමද කියල හිත හිත පුතාගෙ පස්සෙම්ම ගෙට දිව්වලු. ඔන්න රාළහාමිල..
ReplyDeleteහික්ස්....
ReplyDeleteඔය පොඩි එවුන්ව බය කරන එක පොඩි උන්ගේ අනාගතයට හොඳ නෑ ඕං!!
ටැබූගේ කතාව පත්තඩුවනගේ පොතෙන් මම කියෙව්වේ මෙහෙම.
ReplyDeleteකොම්පඤ්ඤ වීදීයේ එළුවෙක් බස් එකක හැප්පිලා මැරිලා හිටියලු. රාළහාමි අයිතිකාරයාගේ නම අහපුවාම නම ජේමිස් සිංඤෝ ලු. හාමිනේ ගේ නම ඇහුවාලු එයාගේ නම ඤාණවතී. ඊට පස්සේ ඇහුවාලු අල්ලපු ගෙදර මෑන්ගේ නම මෑන්ගේ නම ප්‍රඥාරත්න. ඊටත් අල්ලපු ගෙදර මෑන්ගේ නම අහපුවාම මෑන්ගේ නම රත්නපාල ලු.
අන්තිමට රාළහාමි පොලිස් පොතේ සීන් එක ලිව්වේ මෙහෙමලු. මැලේ වීදිය ආසන්නයේදී බසයක හැපී එළුවෙක් මියගිය අතර එළුවාගේ අයිතිකරු පදිංචිව සිටින්නේ රත්නපාල නැමැත්තාගේ නිවෙසට ගෙවල් 2 ක් එහායින්ය කියලා. :)
බලාපොරොත්තු වන්න.... පැරණි රසංඟ...
ReplyDeleteඉදිරිපත් කොරන්නේ.. කසූ....
පොඩි උන්ව බය කරන එකට නම් මමත් විරුද්ධයි. මෑත කාලෙ බය වෙලා හිටපු දේවල් වලට තිබ්බ බය නැති කරගන්න පුලුවන් උනාට මාව පොඩි කාලෙ බය කරපු දේවල් වලට මම තාමත් බයයි :(
ReplyDeleteහික් හික් මරු කතාව....
ReplyDeleteඅපෝ දැන් ඉන්න පොඩි උන්ට ගේම් ගහන එකයි ටිවි බලන එකයි ඇරුනම කියවන වගේ ඒව අරහන්.
ප්‍රිය හිතවතුනි,
ReplyDeleteමේ කතාව ලිව්වේ සමාජ ප්‍රශ්ණ කීපයක් ගැන මගේ මෙතඩ් එකෙන් කතා කිරීමටයි.
මේවා ගැන දිගින් දිගටම ලියන්නටද හැකිය.
ඒත් ඒ සේරම මැද්දේ වෙනත් පරණ කතාවක් සිහිවී හිත කීරී ගැසි ගියේය.
හෙට උදේ හතට kathandara.blogspot.com බලන්න.
සියළු දෙනාටම ස්තුතියි.
කතන්දරකාරයා
එළ එළ ... ටැබූ .. හසිත ඇන්ඩ් ඉන්දිකගෙ කතා වලටත් ඉස්තූතියි
ReplyDeleteඇත්ත ඇත්ත ටැබූ .. හසිත . . ඉන්දික . . කකා හැමෝටම ස්තූති කරන්න ඕන මේ පෝස්ට් එක ගැන නම් . .
ReplyDeleteඒ රසවාහිණී සඟරා හරි මරු නේද..? අපේ ගෙදරත් තිබුනා රසවාහිණී, නවයුගය, ශ්‍රී සඟරා සෙට් එකක්ම අපේ තාත්තයි නැන්දල මාමලයි එකතු කරපුවා.. පුංචිකාලෙ අක්කටයි මටයි මාර ජොලි ඒ ටික ඇදගත්තම..
ReplyDeleteඑතකොට සීයාගේ රෙද්දට කියන්නේ " සීයාගේ සරම " කියලද ???:P
ReplyDeleteදැන් පොඩි එවුන් පොලිස්කාරයන්ට බයවෙන එකක්යැ , ඕං මොකක් හරි කාටුන් දුශ්ටයෙක්ගේ නමක් කියලා තමා බය කරන්න වෙන්නේ !!! ~
මේ පෙට්ටගම වගේම පරණ අල්මාරියක් තිබුණා අපේ ආච්චිලගෙ ගෙදර.
ReplyDeleteඒකෙ පුරවලා තිබුණෙත් ‘රසවාහිනි’, ‘ශ්‍රී’ තව ‘නවයුගය’ වගෙ සඟරාවල්. ඒව ගෙනල්ල ඒකෙ පිරෙව්වෙ නම් බැසිල් බාප්ප.
මාත් ‘අකුරු’ කියෙව්වෙ ඒ පොත් අල්මාරියෙන් තමයි.